ජිවිතේ ❤️
හැමෝටම තියෙන හැබැයි කවුරුත් වටිනාකමක් දෙන්න වැඩිය උත්සාහ කරන්නේ නැති ආත්මයක් 😞. මොකෝ මෙයා පටන්ගත්ත ගමන් මෙහෙම දෙයක් කිව්වේ 🤔🤔. ජීවිතේට වටිනාකමක් දෙන්න උත්සාහ කරන අය හැම තැනම ඉන්නවා , ඔව් ඒක ඇත්ත . ඒ උනාට ජිවිතේට හරි වටිනාකම දෙන්නේ බොහොම පොඩි පිරිසක් විතරයි . අන්න එයාලට තමයි ඊට පස්සේ වාසනාවන්තයෝ කියලා අපි කියන්නේ .
ලෝකේ වෙනස් , ඒ ලෝකේ ඇතුලේ ජීවත් වෙන අපි ඊටත් වඩා වෙනස් . එක්කෙනෙක්ට එක්කෙනෙක් වෙනස් , එහෙම උන අපි මේ ලෝකෙට ඇවිල්ලා ඉන්නේ මොකක් හරි දෙයක් ඉවර කරන්න. ඒ දේට සමහරු කියනවා දෛවය කියලා , තවත් සමහරු කියනෝ ලැබීම කියලා , හැබැයි වැරදි පාරක ගිහින් තමන්ට ගැලපෙන්නේ නැති තැනක නැවතුන අය කියනවා කරුමෙ කියලා 😕😕😕.
ඇයි තමන්ට ගැලපෙන්නේ නැති දේ කරලා අන්තිමට මේක මගේ කරුමෙ කියලා හිත හදාගන්න මිනිස්සු කාණ්ඩයක් අපිත් එක්ක ජීවත් වෙන්නේ , ඒ වෙන දෙයක් නිසා නෙවෙයි , ඒගොල්ලෝ කරන්න ගියේ ලෝකෙට ඕන දේ මිසක් තමන්ට ඕන දේ නෙවෙයි 😕😕😕. අන්න ඒක නිසා ඒගොල්ලෝ අද විඳවනවා . ජිවිතේ ඇතුලෙනුත් පිටතිනුත් .
සමහරවිට ඒගොල්ලෝ එපා කියලා අතැරපු අවස්ථාව අපිට දැන් ලැබිලා ඇති , එක්කෝ අපි ඒ අවස්ථාවට ලංවෙලා ඇති . ජිවිතේ හැරවුම් ලක්ෂය ඉස්සරහ වෙන්න ඇති මේ වෙද්දි මන් ඒ වගේම මේක කියවන ඔයා මේ වෙලාවේ ඉන්නේ 😃😃😃.
Exam කියද්දී එපා වෙනෝ ඔව් මන් එක පිළිගන්නෝ 😔, එක පාරක් නැත්තටම නැති වෙලා යන්න ඇති 😭, හරි කමක් නෑ තව පාරක් උත්සාහ කරන්න පුළුවන් 💐, සමහර විට අවසන් අවස්ථාව වෙන්න ඇති මේක ඔයාට තියෙන , ඇයි එක මගරින්නේ 👀, ඒ ඔයාගේ අවස්ථාව , ඔයාගේ අනාගත ජිවිතේ තීරණේ වෙන තැන . එහෙනම් තවත් ඇයි බල බල ඉන්නේ 🌝🌝🌝.
මේ අවස්ථාව මගඇරල ඇයි ඊට පස්සේ අනිත් අය දිහා බලල හූල්ලන්නේ , ඒ ගොල්ලෝ ඒගොල්ලෝන්ගේ අවස්ථාව ගත්තා , ඒ වෙලාවේ ඔයා කරේ ඔයාගේ අවස්ථාව තව කෙනෙක්ට දීලා අයින් වෙලා බලන් හිටපු එක විතරයි😞😞😞.
ඇයි එහෙනම් දැන් කට්ට කාපු උන් දිහා බලලා ඔයා, ඒගොල්ලො වාසනාවන්තයෝ කියලා කියන්නේ 👀 , ඔයත් එතන ඉන්න ඕන කෙනෙක් නේද ? ඔයා නේද ඔයාගේ අවස්ථාව වෙන කෙනෙක්ට දීලා අයින් උනේ 🤭🤭. ඇයි එහෙනම් දැන් අර විදිහට කතා කරන්නේ 😏😏😏 . ඔයාට එහෙම කතා කරන්න අවස්ථාවක් නෑ , ඒ වගේමයි අයිතියකුත් නෑ 😏😏😏.
දැන් ඔයා කරුමෙ කියලා කියන තැනට ආවේ ඔයාමයි , ඔව් නේද?. කම්මැලිකම නිසා ඔක්කොම අයින් කරා නේද ?. යාළුවෝ මචං ඕක නෙවෙයි මචං ජිවිතේ වරෙන් මචං ජිවිතේ විඳින්න කියලා කියද්දී ඔයත් ගියා නේද ?😔😔. ඒ උනාට ඒ යාළුවොන්ට ඒගොල්ලො අම්මලා තාත්තලා හම්බකරපු දේවල් තියෙන්න ඇති , සල්ලිකාරයෝ වෙන්න ඇති ඒ යාළුවොන්ගේ දෙමාපියෝ 😐😐. ඒත් ඔයා? ඔයාගේ දෙමාපියොත් එහෙමද ? සල්ලිකාරයෝද ? නෑ නේද ?😔😔💔.
තමන් මුලින්ම තමන්ව හොයාගන්න 😍, ඔයා මේ ලෝකෙට ආවේ ඇයි කියලා හොයන්න , ඔයාගේ නියම වටිනාකම තියෙන තැන හොයාගන්න , අන්න එතනට යන්න පාර කපන්න ❤️❤️. වටේ පිටේ ඉන්න අයව ඔයාට අදාල නෑ , ඔයාට අදාල ඔයාව විතරයි 😍. ඔයාව පරිස්සම් කරන්න ඔයාගේ දෙපැත්තේ හැමදාම දෙවියෝ දෙන්නෙක් ඉන්නවා 😘😘 වෙන කවුරුත් නෙවෙයි ඒ ඔයාගේ අම්මයි තාත්තායි 😍, දැකපු නැති දෙවියන්ව හොයන්න එපා, ඒ අය එන්නේ නෑ ඔයාට කරදරයක් උනාම බේරන්න 😢😢. ( ඒ දෙවියෝ හිටියනං ලංකාවට අද මෙහෙම වෙන්නේ නෑ 😂😂😂 ) .
ඔයා ඔයාව විශ්වාස කරන්න 💐💐. ඔයාට පුළුවන්, බැරි නෑ . පුංචි කාලේ වැටී වැටී ඇවිද්දේ , ඒක දිහා බලන් කට්ටිය හිනා වෙන්න ඇති , ( දැනුත් ඉන්න ගමන් ඒ දේවල් කියව කියව විහිළු කරනවා ඇති 😒). ඒත් ඔයා ඒක ගණන් ගත්තේ නෑ , කොහොමහරි කකුල් දෙකෙන් හිටගත්තා 😃😃😃. ඒ කාලේයි දැනුයි තැන් දෙකේම ඉන්නේ ඔයා තමයි , ඒ ඔයාම තමයි , හැබැයි දැන් ඔයා හිතන විදිහ වෙනස් වෙලා තියෙන්නේ , අරයා මොනා කියයිද දන්නේ නෑ ? මෙයා මොනා හිතයිද දන්නේ නෑ ? අනේ එයා නැතුව මට මේක කරන්න බෑ . බ්ලා බ්ලා බ්ලා.................. 😒😒😒😒.
අයින් කරන්න එහෙම හිතන එක , වැඩක් නෑ ඔයා එහෙම හිතලා , ඔයාට ඉන්නේ ඔයා විතරයි ☺️☺️☺️☺️ ඒක නිසා තමන්ට ලැබෙන අවස්ථා වලට ලේසියෙන් තමන්ගෙන් අයින් වෙලා යන්න ඉඩ දෙන්න එපා , ඒක ඔයාගේ ජිවිතේම වෙනස් කරන එක වෙලාව වෙන්න පුළුවන් 😉😉 .
නිවාඩු පාඩුවේ උණු උණු තේ කෝප්පයක් බොන ගමන් තමන්ගේ කෙනෙක්ට කියන්න පුළුවන් ලස්සන ජීවිත ගමනක් තමන් හදාගන්න 😍😍 . විඳින්න ලැබුණ ජිවිතේ විඳවන තැනට වැඩ කරන්නේ නැතුව 😔😔😔. වාසනාවන්තයෙක් වෙන්න බලන්න 😍. එතකොට තමන් තමන්ගේ ජිවිතේ කියන ආත්මෙට හොදම වටිනාකම දුන්න කෙනා වෙයි 😍😍😍❤️.
මම W. T. ප්‍රමෝධ්‍යා
2022 A/L 2shy
°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial™