කතා මන්දිරය_Official_™🖤 @kathamandiraya Channel on Telegram

කතා මන්දිරය_Official_🖤

@kathamandiraya


✯කතා 🍁
✯චිත්‍ර🍁
✯නිසදැස්🍁
✯කවි,සිංදු 🍁
ඔබේ රස වින්දනයට...☘️☘️☘️
ඔයාලගෙ නිර්මාණ අප වෙත එවන්න🖤❤️
Owner❤️ @A_T_Dew
Admin🖤 @Pabasaraaaaa_N
Admin🖤 @Oshianz

❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥
@kathamandiraya_discussion

කතා මන්දිරය_Official_™💫🖤 (Sinhala)

කතා මන්දිරය_Official_™💫🖤 සමූහයේ සිංහල භාෂාවේ පිළිබඳ කතා ගැටළු සහ දේවල් අවශ්‍ය වෙනස අන්තර්ගතයන් දක්වයි. ඔබට කතා, කුමුද, පත්වල, හිසකෙස හෝ වෙනත් විශේෂයන් භාවිතා කරගත් කතාන්දිරයේ සමඟ එක්වන්න. මෙම සබ්ල් සහාශිතය සහමුහය ලබාගැනීම සදහාත් කියවන්න.

කතා මන්දිරය_Official_🖤

23 Oct, 14:39


හායි ළමයි....
කොහොමද කට්ටියට.. ගොඩ කාලෙකට පස්සේ.. ♥️💗
කෝ මතක අය හායි කියන් යමූ....🥲♥️

@kathamandiraya

කතා මන්දිරය_Official_🖤

29 Sep, 17:57


Aluth yaluwo aduna ganna kamathinam join wenna lamaii🥰♥️

කතා මන්දිරය_Official_🖤

29 Sep, 17:56


Follow this link to join my WhatsApp group: https://chat.whatsapp.com/CdQYvwxSpIQ7kl4DFYgpk9

කතා මන්දිරය_Official_🖤

24 Sep, 00:59


🤍🍃





@kathamandiraya

කතා මන්දිරය_Official_🖤

15 Sep, 15:17


පැනලා දිව්වලු හදේ හාවත්

රෑට දිලිසෙන
සද කිරණ යට
දෙඅත අල්ලන් දෙඩූ කවියක්

පහුවදා ගග මතින් පාවී
යනවා දුටුවලු
හදේ හාවත්

දරා ගන්නට බැරිම තැනකදී
පුරහදක් පායපු රැයකදි
බිදුණු හදවත ගගට වැටි හඩ
අසාසිටි පුරහදේ හාවත්
පැනලා දිව්වලු යලි නොඑන්නම
ගුලි කරන් පෙම් කවි සියල්ලත්


SH❤️

කතා මන්දිරය_Official_🖤

15 Sep, 15:16


Northern lights (short story) – Telegraph
https://telegra.ph/Northern-lights-short-story-09-15

කතා මන්දිරය_Official_🖤

17 Aug, 12:44


අලුත්ම විදියට හැඩ වෙන්න ආසද 😍.......

දැන් කාලෙ හැටියට අපිත් වෙනස් වෙමු 😝

ලස්සනට හැඩ වෙන්න අපිත් එක්ක join වෙන්න.❤️😛🛍️

කතා මන්දිරය_Official_🖤

14 Jun, 05:59


අනේ ළමයි මේ පොත ඔයාලට PDF එක දෙන්න බයයිනේ 🥲💔 මන් ප්‍රින්ට් කරන්නත් එක්ක මේක ලිව්වේ ඔයාලට PDF එක කවුරු හරි රයිටර් නේම් වෙස් කරලා පොත ප්‍රින්ට් කලාම මගේ මහන්සියට මොකද වෙන්නේ 🙂💔 ඔයාලම කියන්නකො හොඳ ඔ්ප්ෂන් එකක් 🥲💔 pdf එක නම් දෙන්න බෑ පොත ගන්න කැමති අය ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න.



✍️ ᴡʀɪᴛᴛᴇɴ ʙʏ: @thiraa131

කතා මන්දිරය_Official_🖤

14 Jun, 05:59


හී ළමයි මාව මතකද,,🥺

මන් කරපු අලුත් වැඩක් ඔයාලා වෙනුවෙන් කරපු නිසදැස් පද පොතක්....🥺

ආදරය නිසා විදවන , විදෙව්ව , මතක එක්ක ජීවත් වෙන ඒක පාර්ශ්වික ප්‍රේමකරුවන්ට සහ අනිත් ප්‍රේේමකරුවන්ට මොහොතකට සැනසෙන්න....🙂💗

පොත ඕනි කියවන්න ගන්න අය මට මැසේජ් එකක් දාන්න
....🥰



✍️ ᴡʀɪᴛᴛᴇɴ ʙʏ: @thiraa131

කතා මන්දිරය_Official_🖤

10 May, 08:02


ඇහි පිල්ලම් අස්සෙන් කරකවන ඒ දෙනෙත,,
වසඟයට උපන් කියූ ඒ මායා ඇස්
කෙලින් බැලු විට හදවතම කීරි ගැහෙන
මායාවකාරියෙකි නුඹේ දෑස,,
කෙසේ බලන්ද ඔය දෑස
බැලුවොත් නුඹේ ඉත්තෙකි මමද,,
කම් නැත සොඳුරියේ මා හට
ආත්මයම ගිල්නව මම නුඹේ
ඉත්තෙක් විලස,,
ඉන්නම් හැමදාම සෙබලෙක් විලසින......👀💗🥀


#216

✍️ ᴡʀɪᴛᴛᴇɴ ʙʏ: @thiraa131



ඔන්න ඔයාලගේ තිරා ආයෙත් ආවා.....😌🙂 ඉස්සර වගේම ආයේත් නිසදැස් වලින් ඔයාලගේ හිත් නිවන්නට......කෝ මගේ ළමයි ටිකට මාව මතකද 😌

කතා මන්දිරය_Official_🖤

04 May, 08:28


ඇස් ඇරන් රැය මැදියමත් අලුයමත් තුළ
අඳුර ජීවන සහකරුවකු විලසකට,,

ලොව කරන් කඳුලින් දිදුලවන්නට
කල්යම ගෙවන්නට හැකිය
අත් එලෙසටමය මේ මම,,

වින්දේ පෙම දහවල වුවත් පණ
විදවන්නේ රැය මැදියමේ මම,,

පුලුවනිද වරකට හෝ මැදියමකට පැමිණ
මගේ හිත බර දරන්ට නුඹට,,

සත්තමයි පණ මට තරම්වත් නුඹට බෑ මේ දුක දරන්නට,,

මෙයයි හරි අයුරින් බැලුව තැන
සත්‍ය ප්‍රේමයේ අවසාන අදියරය..........🙂❤️‍🩹🥀


#215

2024/04/29
3.45 A.M


✍️ ᴡʀɪᴛᴛᴇɴ ʙʏ: @thiraa131

කතා මන්දිරය_Official_🖤

04 May, 08:28


+ මට උබව ඕන්නෑ මාව අමතක කරලා දාන්න....

– ඒත් මට ඔයාව අමතක කරන්න බෑ මැණික....

+ මට පුලුවන් කිව්වම අහලා මගෙන් ඈතට පලයන් ඕයි මට උබව එපා....

– ම්ම්ම්....🙂💔 කමක් නෑ මන් යන්නම් පරිස්සමින් ඉන්න රත්තරන් ඔයා......මහා ගොඩක් මතක කන්දක් දීලා මාව මෙහෙම අතෑරියට ඔයාට පින්......


ඉතිම් මන් අහන්නේ ළමයෝ මන් වැරදිද,,


උබේ ඔය හිත අස්සෙන් උතුරන්න ආදරේ හොයලා හොයලා,,
අවසානෙට ආදරේත් එක්ක පණ පිටින් මැරෙන තරමට
මතක ගොන්නක් දීලා,,
ඔයා නැතිව ජීවත් වෙන්න බැරි තරමට මගේ හිත හොරකම් කරගෙන,,
මාව දාලා ගියපු නුඹට මාව දැනුනේ නැතිද මැණික......😔💔🥀



#214


✍️ ᴡʀɪᴛᴛᴇɴ ʙʏ: @thiraa131

කතා මන්දිරය_Official_🖤

04 May, 08:28


දරාගැනීම මට පිහිටලා නැති බව දැන දැනම
"කමක් නෑ අමාරුවෙන් හරි මන් දරාගන්නවා
හැමදේම වසන්තය එනකම් නේ..එතකොට මේ දුක් මුකුත් නෑ "
මන් මාවම රවට්ට ගෙන දරාගතපු තැන් අනන්තයි,,
පුංචිම දේටත් හිත රිදෙන තරමට සංවේදී හදවතක් පිහිටද්දි
ජීවිතයේ අන්තිම පඩියට වැටුණු මොහොතවලුත් දරාගත්තේ
මන් මගෙන්ම පළිගනිමින්,,
මට බෑ මන් ශක්තිමත් නෑ කියලා හිතපු තැනුත් මන් අල්ලන් හිටියේ කමක් නෑ මොනදේත් අනාගතේ දවසක මගේ ජීවිතේ සාර්තකත්වයටනේ කියලා,,
ජීවිතය අතෑරලා දාන්නෝනි කියලා හිතුනු තැනුත්
ධෛර්්‍ය ගෙන මන් අල්ලගත්තට
හැමෝටම බැරිව ඇති මට වගේ දරාගන්න....
හැමෝගෙම දරාගැනීම එක වගේ නෑ
ඒ නිසා හිත් එක්ක සෙල්ලම් කරද්දි හරි පරිස්සමින් ළමයෝ..........☺️❤️‍🩹🥀


#213

✍️ ᴡʀɪᴛᴛᴇɴ ʙʏ: @thiraa131

කතා මන්දිරය_Official_🖤

04 May, 08:28


https://telegra.ph/%E0%B7%80%E0%B6%AF-%E0%B6%9C%E0%B6%AB%E0%B6%9A%E0%B7%80%E0%B6%BA%E0%B6%BA-%E0%B6%88-Part-02-04-24

කතා මන්දිරය_Official_🖤

04 May, 08:28


https://telegra.ph/%E0%B7%80%E0%B6%AF-%E0%B6%9C%E0%B6%AB%E0%B6%9A%E0%B7%80%E0%B6%BA%E0%B6%BA-%E0%B6%88-04-23

කතා මන්දිරය_Official_🖤

04 May, 08:28


කාලයත් එක්ක යාලුවොත් වෙනස් වෙනවලු
ආසම කාලේ ජීවිතේ
පිස්සු නටලා කෑ ගහලා
තැන තැන ජල්ලි පිටින් කරක් ගහලා
උබලා එක්ක ගත කරපු ඒ කාලේ
තමා බන් ලස්සනම,,
ජීවිතේ අමතක නොවෙන ලස්සනම නවාතැනක්
සමහර යාලුකම් දුර දිග ගියා ආදරය තෙක්ම
සමහර යාලුවො කතාවක් නැති වෙන්නම වෙන්වුනා
කාලයත් එක්ක හැමෝම වැඩ වලට බිසී වුනා,,
ඉස්සර තිබුණ යාලුකම එකමුතුව කෝ දැන්
ගෙවිච්ච අවුරුද්ද දුක සතුට එකතු වෙච්ච
මතකයන් ගොඩකින් බිලිගත් අවුරුද්දක්,,
ආයේ ඕනි පරණ විදියටම උබලා එක්ක කාලේ ගත කරන්න
ඉස්සර වගේ බැරි වුනත් පුලුවන් හැම වෙලාවකම,,
උබලව ගොඩක් මතක් වෙනවා බන්
පුලුවන් ඉක්මනටම හම්බෙමු
ආදරෙයි කට්ටියටම..........🥺💗

#212
#request


✍️ ᴡʀɪᴛᴛᴇɴ ʙʏ: @thiraa131

කතා මන්දිරය_Official_🖤

04 May, 08:28


" කටු මතින් යන ජීවිතේ මල් වලින් අපි සරසමූ...."

දන්නවද මැණික,,

බාධක නැති බැඳීම් කොහිවත් නැතිලු
ගල් බොරලු වල පැටලි පැටලි තුවාල වෙවී
නැගිටමින් යන බැදීම්ලු ලස්සනම,,
කවුදෝ කාටදෝ කියනවා මටත් ඇහුනා
අපිටත් ප්‍රශ්න බාධක නම් එමටක් ඒවි
ඇත්තටම ආදරේ නම් ප්‍රශ්න වලින් පැනලා
මගින් හැරෙන්නේ නෑ මගේ ළමයෝ,,
හෙන ගැහුවත් එකටම ඉන්නවලු
මොන ප්‍රශ්නය ආවත් දාලා යන්න නම්
හිතන්නවත් එපා සුදූ
හැමදේටම එකටම ඉදන් මුහුණ දෙමු
ප්‍රශ්න විසදන් ඉස්සරහට යමු,,
මට ඉන්නේ ඔයා විතරයිනේ මැණික..........🙂❤️‍🩹


#211
#request

✍️ ᴡʀɪᴛᴛᴇɴ ʙʏ: @thiraa131

කතා මන්දිරය_Official_🖤

04 May, 08:28


සතුට විතරක් හොයන හිත් වලට ආදරය කරපු මිනිස්සු
ආදරේ කියන්නේ සතුට විතරමයි කියලා හිතුවේ,,
හිත් රිඳීම් නැති බැඳීමක් කොහිද මෙලොව
සතුට විතරක්ම හොයපු බැඳීම් ලග සතුට සදාකාලිකද,,

දන්නවද,,

ඒ බැඳීම් හරි තාවකාලිකයි
සතුට හොයපු තැන්වල මිනිස්සුන්ට වැඩියෙන්ම දැනුනේ දුක,,
ආදරේ කරන්න ඒත් සතුට හොයාගෙන නෙමී
බැඳීම් වලට දුක , හිත් රිදීම් අයිතියි බව දැන ගෙනම
එවිට ජීවිතය ලස්සන වේවි..........🥺❤️‍🩹🌸💯

#210


✍️ ᴡʀɪᴛᴛᴇɴ ʙʏ: @thiraa131

1,561

subscribers

8,554

photos

1,662

videos