දකුණු කොරියාවේ Seoul නගරයේ පිහිටි Hanyang University හි පර්යේෂකයන් පිරිසක් විසින් කුහුඹු රංචුවල ආභාසය ලබා ගනිමින් චුම්භක ක්ෂුද්‍ර රොබෝවරු පිරිසක් නිපදවීමට සමත් ව ඇත.
පෙර පරීක්ෂණ වලදී මෙන් ගෝලාකාරව නොව ඝනක හැඩතිව නිර්මාණය කර ඇති අතර මෙම කුඩා රොබෝවරු බාධක තරණය කිරීමට, තම ශරීර ප්‍රමාණයට වඩා සාපේක්ෂ විශාල භාණ්ඩ ගෙනයාමට සහ අවහිර වූ නළ නැවත යථා තත්වයට ගැනීමට එක්ව ක‍්‍රියා කරන බව පර්යේෂකයන් පවසයි.
අවහිර වූ ධමනි රුධිර නාළිකා පිරිසිදු කිරීම වැනි වෛද්‍ය යෙදුම් සඳහාද මොවුන් විශාල වශයෙන් යොදා ගැනීමට අපේක්ෂා කරන බවද, භ්‍රමණය වන චුම්භක ක්ෂේත්‍ර මඟින් බල ගැන්වෙන මෙම කුඩා රොබෝවරු විවිධ හැඩයන්ට ස්වයංව එකලස් වන අතර, ඒ මඟින් සංකීර්ණ අභියෝගවලට මුහුණ දීමට හැකියාව ලබා ගන්න බවත්ද පර්යේෂකයන් පවසයි.
©Nayanajith Rathnayaka
𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬