ගෝත්‍රිකයෝ @tribesmenarticles Channel on Telegram

ගෝත්‍රිකයෝ

@tribesmenarticles


♻️කාලීන දැනුමින් සන්නද්ධ ☢️
♾️විසංවාද මන්ඩපය🇱🇰🇰🇼
Founder - @Abeysinghe2K

ගෝත්‍රිකයෝ (Sinhala)

ගෝත්‍රිකයෝ චැනල් එක හරහ සහිතයෙහි සන්නද්ධ, රංචියෙහි අධ්‍යක්ෂණය, දැනුමෙහි එහි නාතිවර්තනයෙහි විලිකයෙන් නිර්භාවේදී දායකින්න වන සිංහල චැනල් වලින් එක් හා ස්වරස්කන කාලීන ලේඛයක්. විශේෂ සාධාරණ, කැපවිටිය, සන්නද්ධ හා පුද්ගලිකතාව පිළිබඳ නිර්භාෂණය සදහිදීමේ සන්නද්ධ බලන්න. මෙ චැනල් එකේ හෝ අවසාන පිළිබඳ පටන්ගනීව පිළිබඳ සිංහල පුවඤ්ඝතාව සම්බන්ධයෙහි ඔබට හොසමාලා නිශ්පසිදුත් වේ. චැනල් එකේ හදුනාගැනීම - @Abeysinghe2K, පරිපාලනී - @optimustele5.

ගෝත්‍රිකයෝ

17 Feb, 05:48


🇳🇵️ෂර්පා යනු නේපාලයේ කඳුකර ප්‍රදේශයේ, විශේෂයෙන් හිමාලය කඳුකරයේ ජීවත් වන අයට ලබා දී ඇති නමයි.මේ මිනිසුන් තමයි එවරස්ට් මුදුනට නගින කඳු නගින්නන්ගේ බර ගෙනියන අය. මේ නිර්භීත මිනිසුන් නොවන්නට කඳු නගින්නන් ඉතාම සුළු පිරිසකට තමයි එවරස්ට් කඳු මුදුන දකින්න ලැබෙන්නේ.🏔️❤️

ගෝත්‍රිකයෝ

16 Feb, 10:53


පකිස්ථානයේ ෂටියාල් සහ රයිකොට් පාලම අතර කිලෝමීටර් 100 ක් පුරා විහිදී ඇති විස්මිත සංකීර්ණ කැටයම් 50,000 කට අධික ප්‍රමාණයක් සහ සෙල්ලිපි 5,000 කට අධික ප්‍රමාණයක් නැරඹීමට සූදානම් වන්න. මෙය එකතුවක් පමණක් නොවේ; එය ක්‍රි.පූ. 9 වන සියවසේ සිට ක්‍රි.ව. 16 වන සියවස දක්වා දිවෙන කලාත්මක බව සහ විශ්වාසයන් පිළිබඳ පුපුරන සුලු හෙළිදරව්වකි. සෑම පාෂාණ කැටයමක්ම සියවස් ගණනාවක මානව පැවැත්ම පිළිබඳ හොල්මන් සාක්ෂියක් ලෙස සේවය කරන අතර, අපගේ ඉතිහාසය හැඩගස්වා ඇති දැවැන්ත සංස්කෘතික ගැඹුරට මුහුණ දීමට අපව එඩිතර කරයි. කෞතුකාගාර අමතක කරන්න - මෙම විශාල එළිමහන් ගැලරිය, පුරාණ ලෝකයට ගැඹුරට යාමට නූතන ඇස්වලට ආරාධනා කරයි, එහිදී සංකේත සහ දෙවිවරුන් අතීතය පිළිබඳ අපගේ අවබෝධය නැවත අර්ථ දැක්වීමට අපට අභියෝග කරයි.

Google translate

Prepare to be amazed by the staggering over 50,000 intricate carvings and 5,000 inscriptions stretching across a jaw-dropping 100 kilometers in Pakistan, between Shatial and Raikot Bridge. This isn't just a collection; it’s an explosive revelation of artistry and beliefs that date back from the 9th century BC to the 16th century AD. Each rock carving serves as a haunting testament to centuries of human existence, daring us to confront the immense cultural depth that has shaped our history. Forget museums—this vast open-air gallery invites modern eyes to delve into the ancient world, where symbols and deities challenge us to redefine our understanding of the past.

ගෝත්‍රිකයෝ

13 Feb, 16:08


අයින්ස්ටයින්ටත් නොහැකි වූ ගැටලුවක් විසදූ විශ්වවිද්‍යාල නිදිමතයා, George Dantzig.

කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ගණිත දේශනයක් අතරතුර මේ Dantzig නම් ශිෂ්‍යයා තදින්ම නින්දට වැටී සිටි අතර ඔහු අවදි වූයේ දේශනය අවසානයේ තම යහළුවන් කතා කරන ශබ්දයටයි.
දේශනය අවසන් වූ පසු, මහාචාර්යවරයා පුවරුවේ ප්‍රශ්න දෙකක් ලියා ඇති බව ඔහු දැක්කා.

ඒවා ගෙදර වැඩ ගැටළු යැයි සිතූ ඔහු, පසුව විසඳීම සඳහා ඔහුගේ සටහන් පොතට පිටපත් කරගත්තා. පළමු වරට ඒවා විසඳීමට උත්සාහ කළ විට, ඔහුට ඒවා අතිශයින් දුෂ්කර බව පෙනී ගියා.

කෙසේ වෙතත්, ඔහු උත්සාහය අත්හැරියේ නැහැ. පුස්තකාලය තුළ අධ්‍යයනය කිරීමට පැය ගණනක් ගත කළ අතර, බොහෝ උත්සාහ කිරීමෙන් පසු ඉන් එක් ගැටලුවක් සාර්ථකව විසඳීමට ඔහුට හැකි වුණා.

ඊළඟ පන්තියේදී, මහාචාර්යවරයා ගෙදර වැඩ ගැන කිසිවක් සඳහන් නොකිරීම, ශිෂ්‍යයාට ප්‍රහේලිකාවක් වුණා.
කුතුහලය නිසා, ඔහු නැඟිට, "මහාචාර්යතුමා! ඔබ පසුගිය දේශනයේ පැවරුම ගැන ඇසුවේ නැත්තේ ඇයි?" යනුවෙන් ඇසුවා.

සිනාසෙමින්, මහාචාර්යවරයා පිළිතුරු දුන්නේ, "ඒ පැවරුමක් නොවේ. විද්‍යාඥයින්ට කිසිදා විසඳා ගත නොහැකි වූ ගැටළු දෙකක් මම ලියා තිබුණෙ!"

මෙය ඇසූ ශිෂ්‍යයා කම්පනයට පත් වී, "නමුත් මම ඒවායින් එකක් විසඳුවා, මම එහි පිටු හතරක් ලියා තිබෙනවා!" යැයි පැවසුවා.

ඇත්තටම ඔහු ගෙදර වැඩක් සේ සිතා විසදා තිබුණේ වසර සිය ගණනක් තිස්සේ විද්‍යාඥයන්ට විසදීමට නොහැකි වූ ගැටළුවක්.

අවසානයේ, ඔහුගේ සොයාගැනීම විශ්ව විද්‍යාලය විසින් පිළිගනු ලැබූ අතර, ඔහුගේ විසඳුම කොලොම්බියා විශ්ව විද්‍යාලයේ වාර්තාවලට එකතු කරගත්තා.

අද දක්වාම, එම පිටු හතර විශ්ව විද්‍යාලයේ සංරක්ෂණය කර තිබෙනවා.

පසු කලෙක George Dantzig විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු බවටද පත් වුණා.

ශිෂ්‍යයාගේ සාර්ථකත්වයට ලොකුම හේතුව වූයේ මහාචාර්යවරයා "මෙම ගැටළු විසඳිය නොහැකි" බව පැවසීම ඔහුට නොඇසීමයි 🧠

ඔහු ඒවා සරලව දුටුවේ විසඳිය යුතු ගෙදර වැඩ ගැටළු ලෙස වන අතර, කිසිදු අධෛර්යමත් වීමකින් තොරව, අධිෂ්ඨානයෙන් ගැටලුව විසදාගත්තා.

මෙම කතාව අපට වටිනා පාඩමක් උගන්වනවා:

ඔබට යමක් සාක්ෂාත් කරගත නොහැකි බව පවසන අයට කිසි විටෙකත් සවන් නොදෙන්න.
ඇතැම් අය හිතාමතාම අසාර්ථකත්වයේ සහ බලාපොරොත්තු සුන්වීමේ බීජ වපුරති.

නමුත් මතක තබා ගන්න, ඔබේ ඉලක්ක කරා ළඟා වීමට, බාධක ජය ගැනීමට සහ ඔබේ සිහින සැබෑ කර ගැනීමට ඔබට බලය ඇති බව.

තොරතුරු අන්තර්ජාලයෙනි…

ගෝත්‍රිකයෝ

04 Feb, 11:57


ඕනෑම අතිදක්ෂ රියදුරකු පවා තැති ගන්වන නැග්මක් සහිත පාලමක් තමයි මේ.

ජපානයේ එෂීමා ඔහාසි පාලම ලෝකයේ තුන්වැනියට භයානකම පාලම ලෙසින් හදුන්වන අතර එහි උස කෙතරම්ද කියනවානම් ඕනෑම විශාල නැවකට වුනත් මේ පාලමට යටින් ගමන්කළ හැකි බවයි සදහන් වෙන්නෙ.

නකායුම් ජලාශය හරහා ඉදිකර තිබෙන මේ පාලම දිගින් කිලෝ මීටර් 1.7 සහ පළල මීටර් 11.4 ක් වන අතර මේ පාලමේ නැග්ම සියයට 6.1 ක් සහ බෑවුම සියයට 5.1 ක් වෙනවා.

ගෝත්‍රිකයෝ

28 Jan, 06:33


ට්‍රම්පච්චි AirForce One ගුවන් යානයේ ඉඳන් අද ආයෙත් ග්‍රීන්ලන්තයට බෝම්බයක් දැම්මා. ග්‍රීන්ලන්ත වලිය දැන් නැඟලම යනවා. අලියෙක් ඇතිකරන ඇත්ගොව්වෙක් වගේ මෙච්චර කල් ඩෙන්මාර්ක්ලා ලෝකයේ ලොකුම දූපතේ අයිතියට හිමිකම් පෑවා. ග්‍රීන්ලන්තය ඩෙන්මාර්කයේ අයිතිය යටතේ තිබුණ බව ඇත්ත. ඒත් ඒක නිවිහැනහිල්ලේ ස්වාධීනව පාලනය වෙච්ච රටක්.

දැන් ට්‍රම්පච්චි බට කැළේට ගිනි තියල ඉවරයි. යුරෝපය හා ඇමෙරිකාව අතර පිහිටි මේ මහාද්වීපයක් වගේ වූ දුපත ධන ආකරයක්. අයිස් කඳුවලින් වැහිච්ච මහා භුමියේ තියෙන ස්වාභාවික සම්පත් මෙතැකැයි කියන්න බැහැ. ඒ වගේම මෙය වැදගත් උපාය මාර්ගික කලාපයක්.

ධවල මන්දිරයට ආපසු ආවට පස්සේ ට්‍රම්ප් හෙමීට ඩෙන්මාර්කයට මුට්ටිය දාල බැලුවා. අගමැතිනි ෆෙඩරික්සන් එක්ක ට්‍රම්ප් මහත්‍තයා ටෙලිෆෝනයෙන් රංඩු සරුවල් වූ බව ආරංචියි. ඒත් මේ ට්‍රම්පච්ච්ගෙ බඹරෙ වැල්ලෙත් කැරකෙන කාලෙ. උන්නැහේට වාසි වැඩියි. ඩෙන්මාර්කය පාලනය කරන්නෙ කාන්‍තාවක්. කොහොමත් කාන්තා පාර්ශවය බිමදාගන්න හැටි ට්‍රම්ප් දන්න්වා. හිලරියි, කමලාදේවියි කොච්චර උඩ පැන්නත් ට්‍රම්ප්ට අභියෝගයක් වුණේ නැහැ.

ඩෙන්මාර්ක් කියන්නෙ යුරෝපයේ ඇබැත්තන් රටක් වුණත් හොඳ පරම්පරාවකින් පැවත එන රටක්. හිට්ලර් බල පරාක්‍රමයේ උපරිමයෙ ඉන්න කාලෙ යුදෙව්වො ඉන්නවානම් තමන්ගෙ රටට එවන්න කියල වටේ පිටේ රටවලට නියෝග දුන්නා. හිට්ලර්ට බයේ පෝලන්තය වගේ ලොකු රටවල් පවා තමන්ගෙ රටේ ඉන්න යුදෙව්වො කුදලාගෙන යන්න නාසි ගෙස්ටාපෝ පොලීසියට ඉඩ දුන්නා. ඒත් ඩෙන්මාර්කය පුංචි වුණත් තමන්ගෙ රටේ යුදෙව් පුරවැසියො පාවල දුන්නෙ නෑ. හිට්ලර්ගෙ මකර කටට ගිය යුදෙව්වන්ගෙ ඉරණම ලෝකයම දන්නවා.

ග්‍රීන්ලන්තය අල්ල ගන්න ආවොත් බලාගෙනයි කියන්න තරමේ යුරෝපා නායකයෙක් දැන් නැහැ. යුරෝපය කියන්නෙ එහෙම වුණොත් අලුත් සීතල යුද්ධයක් ආරම්භ වෙයි කියල. ට්‍රම්ප් ඔය සීතල යුද්ධවලට බය නැහැ. ඩෙන්මාර්කය යුරෝපා සංගමයේ වගේම නේටෝවෙත් සාමාජිකයෙක්. ඇමෙරිකාව තමයි නේටෝවෙ ලොකු අයියා. ඉතින් ලොකු අයියා මෙහෙම තග දාන කොට පොඩි මල්ලිට වෙන්නෙ "ඔන්න මම කෑ ගහනවා" කියන්න විතරයි.

ග්‍රීන්ලන්තය විකුණන්නෙ නෑ කියල ඩෙන්මාර්ක් නෝනා ආඩම්බරෙන් කිව්වට ඇමෙරිකාවෙ උදව් පදව් නැතිව මේ දැවැන්ත අයිස් ගබඩාව අල්ලන් ඉන්න එක ඇයට ලේසි වෙන්නෙ නෑ. අංක එකේ මුදලාලි කෙනෙක් වෙන ට්‍රම්ප් දන්නවා විකුණන්නෙ නැති ඒව සින්න කර ගන්න හැටි. හරියට මතුගම ජගත් මුදලාලි වගේ. දැනටමත් ට්‍රම්ප් ඩෙන්මාර්කයට ආර්ථික තර්ජන කරල තියෙන්නෙ.

ඒ අතරෙ ග්‍රීන්ලන්ත අගමැතිතුමාගෙ හිතෙත් පොඩි විචිකිච්චාවක් තියෙන බව පේනවා. තමන්ගෙ තඩාර් දූපත ඩෙන්මාර්ක් වගේ ඇබිත්‍තන් රටක කෑල්ලක් කියන එක උන්නැහේට මදි කමක්. ඩෙන්මාර්කය යටතේ කිසිදු අනවශ්‍ය බලපෑමක් නැතිව ස්වයංව පාලනය වෙන ප්‍රදේශයක් විදියට හැඳින්වුවත් ග්‍රීන්ලන්ත අගමැති මියුට් ඊගට් ඊට මනාප නැහැ. තමන්ට පූර්ණ නිදහස උවමනා බව ග්‍රීන්ලන්තය මීට කලිනුත් රෙඩ් ලයිට් පත්තු කරල තිබ්බා.

ට්‍රම්ප්ගේ චණ්ඩි කතාවට ඩෙන්මාර්කය කළබල වුණත් ග්‍රීන්ලන්තය ඒ තරම් ඇඟට අරන් නෑ. අගමැති ඊගට් කියන්නෙ තමන් ග්‍රීන්ලන්තය ට්‍රම්ප්ට විකුණන්නෙ නැති වුණත් ඇමෙරිකාව සමඟ එක්කහු වෙලා ඛණිජ සම්පත් ගවේෂණයට මනාප බවයි. ඒ වචනෙ ඉතින් ට්‍රම්පච්චිට ඉහටත් උඩින්. "ඛණිජ සම්පත් ගවේෂණය" වගේ ලොකු වචනවලින් කිව්වට ට්‍රම්ප් ඒකට කියන්නෙ mining එහෙම නැත්නම් drill කියල.

මේ අවුරුදු හතරෙ ට්‍රම්ප්ගෙ ඒකායන බලාපොරොත්තුව තමා පොළොව හාරන එක. We will drill baby drill "හාරමු පුතී හාරමු" කියල තමන්ගෙ පදවි ප්‍රාප්ති දවසෙම කිව්වෙ ඒකයි. පොළොව යට ධන නිධාන තියන් ඒව පුස්කන්න ඉඩ දෙන්න බැහැ කියලයි ට්‍රම්ප් කියන්නෙ. එක්සත් ජාතීන්ගෙ සංවිධානය පුනර්ජනනීය බලශක්තිය (Renewable energy සංකල්ප උස්සගෙන දුවන්නෙ චීනයේ උවමනාවට බවයි ට්‍රම්ප්ගෙ අදහස. ලෝකයේ තමන්ට තියෙන අංක එකේ ආර්ථික බලය චීනය පැත්තට තල්ලු වෙන්න තමන් ඉඩ නොතබන බව ඔහු කියනවා. ට්‍රම්ප් තමන්ගෙ දෙවැනි ඉනිමේ බැට් කරන්න පටන් ගත්තෙම පැරිස් දේශගුණික සම්මුතියෙන් හා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙලා.

හැබැයි ග්‍රීන්ලන්තය ට්‍රම්ප්ගෙ ඔඩොක්කුවට වැටෙනවා කියන්නෙම ලෝක ලෙඩක්. ගෝලීය ඌෂ්ණත්වය ඉහල යෑම නිසා ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටු හා ග්ලැසියර ටිකින් ටික දිය වී ගෙන යනවා. ග්‍රීන්ලන්ත පොළොවේ තෙල් සම්පත් තිබුණට කවුරුත් මෙච්චර කල් ඒව ලොකුවට හිතුවෙ නෑ. ආක්ටික් කලාපයේ සමතුලිත බව නැති වීම ලෝකයේ පැවැත්මට අහිතකර විදියට බලපාන බව හංගන්න දෙයක් නෑ. ඇමෙරිකාව රුසියාවෙන් ඇලස්කාව සල්ලිවලට ගත්තට තාම ඒක හාරන්න ගියෙ නෑ. දැන් ට්‍රම්ප්ගෙ ඔලුවෙ තියෙන්නෙ මේ සංවේදී කලාප දෙකම හාරන එක.

ලෝකයත් එක්ක තියෙන බැඳීම්වලින් ඈත් වුණාම ඕන පිස්සුවක් නටන්න පුලුවන්. පාරට කානුව හරවන උන්දැලා කරන්නෙ මුලින්ම ගමේ මිනිස්සු එක්ක තරහ වෙන එක. ආර්ථික හා පාරිසරික තර්ජනවලින් ලෝකයේ භූ දේශපාලන දිශානතිය තමන්ගෙ පැත්තට හරවගන්නනම් ජාත්‍යන්තරය Blackmail කරන්න ඕන කියල ට්‍රම්ප් හිතනවා ඇති. "අනේ ලොකු අයියේ..

ගෝත්‍රිකයෝ

28 Jan, 06:33


උඹ මගගෙයි ඉඩමත් ලියා ගෙන අම්මව බලාන හිටපං" කියන්න පොඩි එවුන්ට සිද්ධ වෙන්නෙ මේ වගේ නසරානියො පවුලෙ හිටියොත් තමයි.

ට්‍රම්පච්චිගෙ පුංචි අම්මගෙ පුතෙක් මීට කළින් බ්‍රසීලයේ හිටියා. බොල්සොනාරෝ කියල. ලෝකයට හුස්ම සපයන්නේ බ්‍රසීලයට වැඩි අයිතියක් ඇති ඇමේසන් වනාන්තරය. ලෝකයට හුස්ම දුන්නට තමන්ට පාන් දෙන්න එකෙක් නෑ කියල බොල්සොනාරෝ ඇමේසන් වනේ හේන් කොටලා වගා කරන්න ගොවියන්ට ඉඩ දුන්නා. ඒත් හොඳ වෙලාවට ලූලාට පැරදිලා කණයා ගෙදර ගියා.

ග්ලැසියර දියවීමේ බරපතළකම තේරුම් ගත්ත ග්‍රීන්ලන්ත ආණ්ඩුව 2021 දි දූපතේ තෙල් කැනීම නැවැත්තුවා. ඒත් තඹ, ලිතියම්, කොබෝල්ට්,නිකල් වගේ ලෝහ කැනීම ගෑන ග්‍රීන්ලන්තය ලොකු උනන්දුවක් දක්වනවා. ඒකෙ හොඳම තාක්ෂණය තියෙන්නෙ ඇමෙරිකානුවන් ළඟ. ඒ නිසා තමයි ඇමෙරිකාව එක්ක එකතු වෙලා ඛණිජ ගවේෂණයට කැමති බවට ග්‍රීන්ලන්තයෙන් ග්‍රීන් ලයිට් එකක් පත්තු වුණේ.

ග්‍රීන්ලන්තය අයිති කර ගන්න ට්‍රම්ප් කුරුමාණම් ඇල්ලුවට ඒක ලෙහෙසි වැඩක් නෙවෙයි. තමන්ගෙ දීර්ඝ කාලීන අඹ යාලුවො ඔක්කොම තරහ කරගෙන තමයි ඒ ගමන යන්න වෙන්නෙ. ඊට අමතරව ජාත්‍යන්තර ගිවිසුම්, එකඟතා කණපිට හරවන්න වෙනවා. 1917 දි එවකට එක්සත් ජනපද ජනාධිපති වුඩ්රෝ විල්සන් ග්‍රීන්ලන්තය සදහටම ඩෙන්මාර්කයට අයිති බවට එකඟ වුණා. ඒ වගේම ග්‍රීන්ලන්තය මිලට ගන්නවානම් වැඩි අයිතිය තියෙන්නෙ තමන්ට බව දැන් මහා බ්‍රිතාන්‍යයත් කියනවා. ඒ කාලයේ කැනඩාව තිබුණේ බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයේ කොටසක් විදියට. ග්‍රීන්ලන්තය තියෙන්නෙ කැනඩාවෙ මායිමේ.

ග්‍රීන්ලන්තය විතරක් නෙවෙයි. කැනඩාවටත් ට්‍රම්පච්චි දැන් බැල්ම දානවා. කැනඩාව එක්සත් ජනපදයේ කොටසක් වුණානම් ඔවුන්ට වඩා හොඳ සමෘද්ධියක් ළඟා කර ගන්න පුළුවන් බව ට්‍රම්ප් කියනවා. ඒ වගේම පැනමා ඇලේ අයිතියත් තමන්‍ට උවමනා බව කියනවා. ට්‍රම්ප් මේව කියන්නෙ කට කහනවට නෙවෙයි. ට්‍රම්ප්ගෙ ඔලුවෙ වැඩ කරන මීළඟ ඇමෙරිකානු අධිරාජ්‍යය තමයි මේ එලියට එන්නේ.

ග්‍රීන්ලන්තය එක්සත් ජනපදයට එකතු වුණොත් ඔවුන්ට ස්වාධීන පොහොසත් රටක් විදියට ගොඩ නැඟෙන්න උදව් කරන බව ට්‍රම්ප් කියනවා. ග්‍රීන්ලන්තයේ ජනගහණය 57000යි. අපේ කඹුරුපිටියෙත් මිට වැඩිය සෙනඟක් ඉන්නවා. ට්‍රම්ප්ගෙ ඉලක්කය තමයි මේ මිනිස්සුන්ව පොලඹවන එක. ට්‍රම්පච්චි ඒ ඔක්කොම Mar-a-Lago රිසෝට් එකට ගෙන්නලා තෙලක් බෙදුවත් පුදුම වෙන්න දෙයක් නෑ. ග්‍රීන්ලන්ත ප්‍රජාව නඩත්තු කරන එක ඇමෙරිකාවට මහ ලොකු දෙයක් නෙවෙයි. ඒත් ඒ වෙනුවෙන් ලැබෙන ඉඩම ධන උල්පතක්.

ගෝත්‍රිකයෝ

26 Jan, 05:19


මොනවහරි දෙයක් එක දිගට කරද්දි එපා වෙනවානන් මතක් කරගන්න ස්ටෝෆල් කියලා හනි බැජර් කෙනෙක් අප්‍රිකාවේ ඉන්නවා කියන එක.

ස්ටෝෆල් සංරක්ෂණ මධ්‍යස්ථානයට ගෙනාපු පලවෙනි අවුරුද්දෙ දෙපාරක් කූඩුවෙන් එලියට පැනලා අසල්වාසි සිංහ රැලේ ඇල්ෆට පහර දෙනවා. මේ යකාගෙන් සිංහයො බේරගන්නයි සිංහයන්ගෙන් මුව බේරගන්නයි ඊට පස්සෙ කූඩුව වෙනස් විදිහට හදනවා. ඒ පාර ස්ටෝෆල් කූඩව යටින් හාරගෙන පනිනවා. ඒ බේරන්න බැරි තැන කූඩුව මීටර් දෙකක් පොළව යටට යන්න හදනවා. ඒ පාර කොන්ක්‍රීට් එකේ පැල්මවල් හාරලා පනිනවා. ඒකට විසඳුමක් විදිහට මෙට්ල් ශීට් දාලා වහනවා. ඒ පාර කූඩුව උඩින් පනිනවා.

⁣මේ යකාව බේරන්න බැරි තැන ඌට බැජර් කෙල්ලෙක් ගෙනත් දෙනවා විසේ අඩුවෙන්න. ඌ කෙල්ලටත් උගන්නනවා කූඩුවේ බෝල්ට් අරින්න. බෝල්ට් දෙකක් දාලා තියෙන කූඩුවෙ දොරේ උඩ බොල්ට් එක හැමී (කෙල්ල) ව යවලා ඇරවලා යට බෝල්ට් එක පොර අරිනවා. ඊට පස්සෙ හැමී එක්ක පැනලා යනවා.

දෙකෙන් එකක් විසඳන්න කියලා ස්ටෝෆල්ව දාන්න කොන්ක්‍රීට් කූඩුවක් හදනවා. අනිත් දවසේ ස්ටෝෆල් පනින්නෙ කුඩුව ඇතුලේ ගස්වල වැටෙන අතු එකතු කරලා ඉනිමඟක් හදන්. ඒ පාර ගස් අතු ඔක්කොම අයින් කරනවා. පොර ගල් එකතු කරලා පඩිපෙලක් හදනවා. ඒ පාර ගල් අයින් කරනවා... වැඩේ ඉවරද ? නෑඒ පාර මැටි ගුලි හදලා පඩිපේලියක් හදනවා.

රේක්කයක් අමතක වෙලා කුඩුවේ දාලා ගියාම රේක්කේ අරන් ගිහින් අයිනට තියලා ඒකෙන් නැගලා පනිනවා.

ස්ටෝෆල්ගෙ චෝදනා පත්‍රයේ සිංහයන්ට පහර දීමට අමතරව කුඩුවෙන් පැන අහල කුස්සියක කෝකියන් බිය ගන්වා කෑම සොරකම් කිරීම, මුවන් ආදී සතුන් ඝාතන චෝදනා,වෙනත් සතුන් තැති ගැන්වීම් ආදී විශාල ප්‍රමාණයක් තියෙනවා.

දැන් මේ ලියලා තියෙන්නෙ බොරු කියලා හිතෙනවානන් යුටියුබ් ගිහින් ස්ටෝෆල් ගැන බලන්න..

ඒකයි කියන්නෙ කරන වැඩේ අතාරින්න එපා. 😑
Don supz

ගෝත්‍රිකයෝ

22 Jan, 16:28


රේඩාර් වලට හසු නොවන නෞකාව.

ලොක්හීඩ් ස්කන්ක් වර්ක්ස් විසින් නිර්මාණය කරන ලද නව රහස් නෞකාවක් වන සී ෂැඩෝ උසස් තාක්‍ෂණය භාවිතයෙන් රේඩාර් අනාවරණයෙන් වැළකී සිටීම සඳහා නිර්මාණය කරන ලද නෞකාවකි.. එහි කෝණික සැලසුම සහ රේඩාර් අවශෝෂක ද්‍රව්‍ය (RAM) වලින් ආලේප කරන ලද මතුපිට එහි රේඩාර් සලකුණු සැලකිය යුතු ලෙස අඩු කරයි.එය කිසි විටෙකත් මහා පරිමාණ නිෂ්පාදනයන්ට ඇතුළු නොවූවත්, සී ෂැඩෝ නාවික ඉංජිනේරු විද්‍යාවේ සන්ධිස්ථානයක් බවට පත් වූ අතර, රහස් ආරක්ෂක තාක්ෂණයේ විප්ලවීය සංකල්ප හඳුන්වා දීමෙන් නවීන හමුදා නැව් සංවර්ධනය හැඩගස්වා ඇත.

උපුටා ගැනීමකි.

ගෝත්‍රිකයෝ

20 Jan, 10:23


ඔයත් තීරණ ගනිද්දි ඕනවට වැඩිය හිතන කෙනෙක්ද?
ඔයාගේ තීරණ ගැනීමේ හැකියාව දුර්වලයි කියලා ඔයා හිතනවද?

ගොඩක් වෙලාවලට මිනිස්සු හරි අසරණ වෙන තැනක් තමයි ජීවිතේ තීරණ ගැනීම කියන්නේ.

නිවැරදි තීරණ නොගැනීම නිසා ජීවිතේ ලැබෙන්න තියෙන වටිනා අවස්තා නැති වෙන වෙලාවල්, අනපේක්ශිත දේවල් වලට මුහුණ දෙන්න වෙන වෙලාවල් අපිට තියෙනවා.

තීරණ ගැනීම කල්පනාකාරීව කළ යුතු දෙයක් වුණත්, කුඩා, ක්ශනික තීරණ ගැනීමේදී පවා ඇතැමුන් හරි දුර්වලයි.

බය වෙන්නෙපා, හැම කුසලතාවයක් වගේම තීරණ ගැනීමත් අපිට පුහුණුවෙන් වැඩි දියුණු කරගන්න පුලුවන් දෙයක්.

ඒ වෙනුවෙන් ඔයාට උදව් වෙන පියවර කීපයක් මම කියන්නම්.

🍃 01 . ඔයාගේ බුද්ධිය විශ්වාස කරන්න

🍄 තීරණ ගන්න ගොඩක් වෙලාවට ඔයාට ඔයාගෙම අභ්‍යන්තරය මඟ පෙන්වන අවස්ථා තියෙනවා. සමහර විට, අපි හොඳම තීරණය ගන්න ඕන කියන දේ නිසා ගොඩක් දේවල් ගැන තාර්කිකව හිතන්න යනවා.

ඒකෙන් වෙන්නෙ අපි දන්නෙම නැතුව overthink කරන එක. තාර්කිකව දේවල් හිතන එක වැදගත් තමයි. ඒත්, ඔයාගෙ අභ්‍යන්තරයෙන් එන පිළිතුර විශ්වාස කිරීම, තීරණ ගැනීමේ ප්‍රබල මෙවලමක් වෙන්න පුලුවන්.

🍄 මොළයෙන් දෙන ඉඟිය: ඔයාට දෙයක් ගැන මුලින්ම ප්‍රතිචාරයක් දැනෙනවනම්, ඒක අනුගමනය කරන්න උත්සාහ කරන්න.

මොකද ඔයාගෙ බුද්ධිය එක දෙයක් කියනවනම්, ඒකට හේතුව හරියටම පැහැදිලි නැති වුණත්, ඒකට හේතුවක් අනිවාර්යයෙන්ම තියෙන්න පුලුවන්.

🍃02. තත්වය කුඩා කොටස් වලට කඩන්න.

🍄 ඔයාට තීරණය ගන්න ඕන තත්වය කුඩා කොටස් වලට කඩා ගන්න.

උදාහරණයක් කිව්වොත්: ඔයා අලුත් රැකියාවකට යන්න ඕනද කියලා තීරණය කරනවනම්, ඔයාට වැදගත් වන මූලික අංග ගැන හිතන්න: වැටුප, වැඩ-ජීවිතේ ඉතුරු කාලය, ස්ථානය සහ ඉහළට යා හැකි අවස්ථා වගේ දේවල් ගැන හිතන්න.

🍄 ඔයාගෙන්ම මෙහෙම අහන්න: දැන් ඔයාට අත්‍යවශ්‍යම සාධකය මොකක්ද? විශාලතම දිගුකාලීන ප්රතිලාභ ගෙන එන්නේ මොන විකල්පයද?

🍃 03. පරිපූර්ණ වීමට නොයන්න. : මතක තියා ගන්න. ඔයා ගන්න තීරණ පරිපූර්ණ වෙන්න ඕන නැ. ඔයාගෙ ඉලක්කය වෙන්න ඕන ගැළපෙන තීරණයක් ගැනීම මිස පරිපූර්ණ තීරණයක් ගැනීම නෙමෙයි.

🍃 04. නරකම අවස්ථාව සලකා බලන්න

🍄 අවදානම් දෙස බලන්න: සමහර විට අපි තීරණ ගද්දි පසුබට වෙන්නේ " වැරදි" තේරීමක් වෙයි කියන බය නිසා වෙන්න පුලුවන්. ඉතිං තීරණයට යන්න කලින් ඔයා "වැරදි" තීරණයක් ගත්තොත් ඒකෙන් වෙන නරකම අවස්ථාව ගැන හිතන්න.

බොහෝ වෙලාවට, නරකම අවස්ථාව අපි හිතන තරම් නරක නොවන අතර, ඒ ගැන දැන ගැනීමෙන් අපිට ඉදිරියට යන එක පහසු වෙනවා.

🍄 උදාහරණය: ඔයා රැකියාව භාර ගැනීමට තීරණය කරලා ඒත් ඒක සාර්ථක නෑ වගේ හිතෙනවනම්, ඔයාට පුලුවන් ඒ වෙනුවෙන් වෙනත් අවස්තාවක් හොයාගන්න. ක්‍රියාමාර්ග ගන්න. එතකොට පුලුවන් ඔයාට බොහෝ විට සිරවී ඇති හැඟීම පසුකරලා ඉදිරියට යන්න.

🍃 05. ඔයාට පාලනය කළ හැකි දේ කෙරෙහි අවධානය යොමු කරන්න

ඔයාගෙ පාලනයේ ඇති දේ මත පදනම්ව තීරණ ගන්න: සිද්ධ වෙන හැම දෙයක්ම අපිට පාලනය කරන්න පුලුවන් දේවල්ම නෙමෙයි.

🍃 06. කුඩා තීරණ සමඟ පුහුණු වෙන්න

ඉක්මන් තීරණ ගැනීම ඔයාට අපහසුයි වගේ හැඟෙනවනම්, කුඩා, අඩු පීඩනයක් ඇති තේරීම් සමඟ පුහුණුවීම් ආරම්භ කරන්න.

🍄 රෑට කන දේ, අඳින දේ, හෝ චිත්‍රපටියක් බලන්න ඕනද, එලියට යන්න ඕනද වගේ දේවල් ඉක්මනට තීරණය කරන්න පුරුදු වෙන්න.

කුඩා තීරණ ඉක්මනින් හරියටම ගන්න පුරුදු වුණාම, පසුතැවීම් නැති වුණාම, ඔයාට ඔයා ගැනම විශ්වාසයක් ඇති වෙනවා. එතකොට ලොකු තීරණ වුණත් ඔයාට බය නැතුව ගන්න පුලුවන්.

🍃 07. විකල්ප අවම කරන්න

අපිට තියෙන බොහෝ තේරීම් විශාල වෙන්න පුලුවන්. තෝරා ගන්න බොහෝ විකල්ප තියෙද්දි, තීරණ අංශභාගය ඇති වෙන්න පුලුවන්. 😁

🍄 විකල්ප සරල කරන්න: බහුවිධ විකල්පවලට මුහුණ දෙන කොට ඔයාගෙන්ම මෙහෙම අහන්න: "මගේ වටිනාකම් එක්ක වඩාත්ම අර්ථවත් වෙන හෝ වඩාත් ගැලපෙනවා කියලා හැඟෙන විකල්පය මොකක්ද?"

🍃 08. වැරදි කිරීමට ඇති ඔයාගෙ බිය පිළිගන්න

🍄 බය සාමාන්‍ය දෙයක්. හැබැයි බයට ඔයාව පාලනය කරන්න ඉඩ දෙන්නෙපා. තීරණ ගැනීමේදී අපහසුවෙන්නෙ අපි වැරදි තේරීමක් කරන්න තියෙන බය නිසා. වැරදි වුණාට කමක් නෑ. වැරදි කියන්නෙ ඉගෙන ගැනීමට තියෙන අවස්ථා කියලා හිතන්න.

🍄 ඔයාටම සමාව දෙන්න: තීරණය වැරදියි නම්, ඒක ලෝකයේ අවසානය නෙමෙයි. ඔයාට ඒකෙන් ඉගෙන ගෙන ඊළඟ වතාවේ වඩා හොඳ තීරණ ගන්න පුලුවන්.

🍃09. අතීත තීරණ ගැන මෙනෙහි කරන්න

🍄 අතීත තීරණ දෙස ආපසු හැරී බලන්න: ඔයා අතීතයේ තීරණ ගත් අවස්ථා ගැන හිතන්න. ඔයා ඒ තත්ත්වයන් එක්ක කටයුතු කරපු ආකාරය සහ ප්රතිඵල මොනවාද යන්න මෙනෙහි කරන්න.

බොහෝ වෙලාවට, ඔයා මීට පෙර හොඳ තීරණ අරගෙන ඇති බව ඔයාට පේන්න පුලුවන්. ඒක ඔයා ගැන ඔයාටම විශ්වාසය ගොඩනැඟීමට උදව් වෙනවා.

ගෝත්‍රිකයෝ

20 Jan, 10:23


🍃 10. තීරණ ගැනීමේ ආකෘතියක් භාවිතා කරන්නත් ඔයාට පුලුවන්.

ඔයාගෙ සිතුවිලි ව්‍යුහගත කිරීමට උදවු කළ හැකි සරල තීරණ ගැනීමේ මෙවලම් තියෙනවා.

🍄 ප්‍රෝ සහ කොන් ලැයිස්තුව: තීරණයක වාසි සහ අවාසි බලාගැනීමට එක් එක් විකල්පයේ වාසි සහ අවාසි ලියන්න.

🍄 තීරණ න්‍යාසය: එකිනෙක සංසන්දනය කිරීමට එක් එක් විකල්පය සඳහා විවිධ සාධකවලට ලකුණු පවරන්න. (උදා: පිරිවැය, ප්‍රතිලාභ, පහසුව, ආදියට ලකුණු දෙන්න)

🍄 SWOT විශ්ලේෂණය: ශක්තීන්, දුර්වලතා, අවස්ථා සහ තර්ජන දෙස බැලීමෙන් එක් එක් තීරණ තක්සේරු කරන්න. 🌻❤️🥰

✍️ Ishara Somarathna - Upmind
(Psychologycal counselor)

ගෝත්‍රිකයෝ

20 Jan, 04:44


ෆෝමියුලා 1 ලෝක ශූර මැක්ස් වර්ස්ටාපන් ව වසර 5 ක කොන්ත්‍රාත්තුවකට ලබා ගැනීමට ඇස්ටන් මාර්ටින් කණ්ඩායම මේ වන විට සාකච්ඡා අරඹා ඇතැයි වටින් ගොඩින් "ගොසිප්" ඇහෙනවා.

ඒ බ්‍රිතාන්‍ය පවුම් බිලියන 1 කට. ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 1.22 කට.

ශ්‍රී ලංකා මුදලින් නම් රුපියල් කෝටි 36,100 කට.

කෙසේ නමුත් මැක්ස් රෙඩ්බුල් කණ්ඩායම අතහැර යාමේ කිසිදු අරමුණක් නැති බවට රෙඩ්බුල් කණ්ඩායම විසින් ප්‍රකාශ කරලා තියෙනවා.

මෙම පුවතේ කිසිදු සත්‍යතාවයක් නැතැයි ඇස්ටන් මාර්ටින් කණ්ඩායමත් ප්‍රකාශ කරලා තියෙනවා.

හැබැයි මේ ෆෝමියුලා 1... හැමදේම සිදු වෙන්න චාන්ස් තියෙන තැනක්. බලමු මොකද වෙන්නේ කියලා.

සිව් වතාවක් ෆෝමියුලා 1 ලෝක ශූරයා වන මැක්ස් තවමත් පසුවෙන්නේ 27 හැවිරිදි වියේයි.

ගෝත්‍රිකයෝ

19 Jan, 03:58


වර්ථමානයේ ලොව විශාලතම තෙල් ප්‍රවාහන නෞකාව හෙලස්පොන්ට් අල්හම්බ්‍රා වන අතර එය බොරතෙල් ටොන් 441,893 ක් ප්‍රවාහනය කළ හැකිය .නෞකාව එතරම් විශාල වුනත් එය මෙහෙයවන්නේ සාමාජිකයින් 37 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් පමණයි.

⭕️ එහි නිශ්චල බර ටොන් 441,893 ක් වන අතර, මුළු දිග මීටර් 380 කි.පළල මීටර් 68 ක් වේ. ටැංකියට බොරතෙල් බැරල් මිලියන 3.2 ක් දක්වා රැගෙන යා හැකිය.

⭕️ එය 76 rpm හි කිලෝ වොට් 36,900 ක් ජනනය කරන HSD-Sulzer 9RTA84T-D එන්ජිමකින් බල ගැන්වෙන අතර එය සම්පූර්ණයෙන්ම පටවන විට නාවික සැතපුම් 16.5 ක වේගයක් සහ ඉන්ධන බර නොමැති විට නාවික සැතපුම් 17.5 ක වේගයක් ලබා ගැනීමට හැකි වේ.

⭕️ වැඩි දියුණු කළ ආරක්ෂාව සඳහා ද්විත්ව නැව් බඳකින් නිර්මාණය කර ඇති මෙම නෞකාව, ඉන්ධන ටැංකිවල විඛාදනය අවම කිරීම සඳහා හිරු එළිය පරාවර්තනය කිරීම මෙන්ම භාණ්ඩ සිසිල්ව තබා ගැනීම සහ හයිඩ්‍රොකාබන් විමෝචනය අඩු කිරීම සඳහා සුදු තීන්ත ආලේපනය කර ඇත.

උපුටා ගැනීමකි.

ගෝත්‍රිකයෝ

17 Jan, 17:30


අද දින දියත් කිරීමේදී Elon Musk ගේ SPACE X යාන පුපුරා ගිය අවස්ථාව ගත් වීඩියෝ දර්ශන 🚀☄️😢

ගෝත්‍රිකයෝ

16 Jan, 08:21


🐦‍⬛🐦‍⬛🐦‍⬛🐦‍⬛😾😾
ඕස්ට්‍රේලියාවේ සමහර පක්ෂීන්, විශේෂයෙන් දුඹුරු උකුස්සා දැවෙන ලී කූරු අහුලාගෙන නොදැවුණු ප්‍රදේශවලට දැමීමෙන් හිතාමතාම ලැව්ගිනි පතුරුවන බව නිරීක්ෂණය වී ඇත. "ගිනි පැතිරීම" ලෙස හැඳින්වෙන මෙම හැසිරීම කුඩා ක්ෂීරපායින්, උරගයින් සහ කෘමීන් වැනි ගොදුරු පිටතට තල්ලු කිරීමට උපකාරී වන අතර එමඟින් ඒවා අල්ලා ගැනීම පහසු වේ

#Bee3
#Wildfire

ගෝත්‍රිකයෝ

15 Jan, 19:03


Its කම්මැලි නිසා random facts,කතා ටිකක් කියන් යන ටයිම්...

1)හොඳින් වැඩුණු නිල් තල්මහෙක්ගේ දිව විතරක් අලියෙක් තරම් හෝ ඊට වඩා බරයි.

2)මෝරු සෙනසුරුගේ වළලු වලට වඩා පරණ සත්තු ජාතියක්.

3)සත්ත්වලෝකයේ 97%ක සාර්ථක දඩයම් ශක්‍යතාවයක් තියෙන දක්ෂම කාර්‍යක්ෂමම දඩයක්කාරයා වෙන්නේ මිනිහා නෙවේ බත්කූරා

4)CNN නාලිකාව සතුව 1990 ගණන්වල පටිගත කරපු ලෝක විනාශය ලංවෙනකොට විකාශය කරන්න නියමිත වැඩසටහන් පටයක් තියෙනවා.මේකට කියන්නේ turner doomsday video එක කියලා.

5)පුරාණ ඊජිප්තුව අපිට හිතාගන්න බැරි තරම් පරණ ශිෂ්ටාචාරයක්.පුරාණ ඊජිප්තුවේත් පුරාවිද්‍යාඥයෝ හිටියා එයාලාගේ මුල් යුගවල නටඹුන් හොයන්න.

6)ඊජිප්තුවේ පාරාවෝවරු තුන්දෙනෙක් විතර ඉන්නවා එයාලාගේ මරණයන් එක්ක හිපොපොටේමස්ලා සම්බන්ධ. ( පළමු ෆේරෝ වෙන මෙනෙස් මැරෙන්නෙම හිපෝ කෙනෙක් පහර දීලා, තීබන් රාජවංශයේ දකුණු ඊජිප්තුවේ අධිපති දෙවෙනි සෙකෙන්‍රේ ටා මැරෙන්නේ පූජනීය හිපොපොටේමස්ලා සෙට් එකක් තමන්ගේ නින්දට බාධාවෙන්න ගොරවනවා කියලා දාගන්න වලියක අතුරුඵලවලින්. ඒ අතරේ තූතන්කාමන් මැරුණේ හිපෝ ප්‍රහාරයකින්දෝ කියලා මතයක් ඊජිප්තුවේදීන් අතරේ තියෙනවා.)

7)හිපෝ කෙනෙක්ට දත් 36ක් තියනවා.එතනින් කට ඇරපු ගමන් රදනක දත් හතරයි, උඩු යටි හනුවල හතර හතර බැගින් තියෙන කෘන්තක දත් අටකුයි තියෙනවා. නමුත් මයෝසීන යුගයේ දකුණු ආසියානු කලාපේ හිටියා උඩ යටි හනුවල දත් හය හය පිහිටලා කෘන්තක දත් 12ක් තිබ්බ හිපෝලා. හෙක්සොප්‍රොටොඩොන් ලෙස නම් වෙන මේ හිපෝලාගේ උපවිශේෂයක් ලංකාවේ හිටියා.

8)ග්‍රීන්ලන්ත මෝරු අවුරුදු 400-500ක් විතර ජීවත්වෙන අභිරහස් මත්ස්‍ය වර්ගයක්.මුන් ලිංගිකව පරිණත වෙන්න අවුරුදු 150ක් විතර යනවා.මෙයාලාගේ ගැබ් කාලය අවුරුදු 8-15ක් විතර ඇදෙනවා.

9)ආක්‍ටික් කියන නම හැදෙන්නේ ග්‍රීක ආක්ටිකොස් කියන නමෙන්.මේකේ තේරුම "වලහට අයිති" වගේ තේරුමක්.මොකද මහ වලහා තාරකා රාශිය වගේම කුඩා වලහා තාරකා රාශිය තියෙන්නෙත් උතුරු අහසේ.උත්තරධ්‍රැවය දිශාවේ..ඉතින් ඇන්ටාක්ටික් කියන එකේ තේරුම "වලහට අයිති නැති, වලහාගෙ අනිත් පැත්ත" වගෙ එකක්.

10)ඩොල්ෆින්ලා තල්මස්සු වගේ මුහුදු ක්ෂිරපායීන්ට තියෙන්නේ unihemisperic slow wave sleep කියන නින්ද.ඒ කියන්නේ මෙයාලා නිදාගන්නකොට මෙයාලාගෙ මොළේ එක අර්ධගෝලයක් ඉන්නෙ නින්දේ අනික ඉන්නේ අවධියෙන්.එක ඇහැක් නිදි..අනිත් ඇහැ ඇරගෙන සියල්ල බලාගෙන ඉන්නේ.

12)පැසිෆික් සාගර කලාපයේ පිරිමි මුහුදු දියබල්ලොන්ගේ හැසිරීම් අතරේ තියෙනවා සීල් පැටවුන්ව බලෙන් දූෂණය කිරීම,දූෂණය කරලා මරාදැමීම, මියගිය සීල් සහ දියබල්ලන්ගේ සිරුරු එක්ක ලිංගිකව එක්විම, ගැහැනු දියබල්ලන්ගේ පැටවුන්ව ප්‍රාණ ඇපයට අරන් දියේ ගිල්ලලා මරන බව අනතුරු අගවලා ගැහැණු සතුන්ගෙන් කෑම ලබාගැනීම වගේ චර්‍යා රටා.

13)ලෝකයේ විවිධ සත්තුන්ට එයාලාට ආවේණික ප්‍රාථමික අභිචාර විධි තියෙනවා. ඔය අතරේ චිම්පන්සියන්ට තියෙනවා හරි advanced කියන්න පුලුවන් අභිචාර. චිම්පන්සියෝ සතුට සමරන්න දිය ඇළි ලග එක් රොක් වෙලා නටනවා. ඒවගේම එයාලාට පූජනිය ගස් තියෙනවා.ගල්වලින් ප්‍රාථමික පූජාස්ථාන වගේ ඒවා හදලා මේ ගස්වලට මෙයාලා ගරුබුහුමන් කරනවා.

14)ලෝකයේ මුලින්ම ගොඩබිමට ආපු සත්ත්ව විශේෂය මයිරියාපොඩ් හෙවත් ආදි හැකරැල්ලන් සහ ආදිකල්පිත ගෝනුස්සෝද කියන කාරණාව සම්බන්ධව විද්‍යා ගුරුකුල අතර තාම පොඩීම පොඩි කඹ ඇදීමක් තියෙනවා.

15)ඕස්ට්‍රේලියාවේ ඇබෝර්ජින් කතාවල තියනවා ගින්දරවලින් දඩයම් කරන,මිනිස්සුන්ට ගින්දර ලබාදුන්නු ගිනිකුස්සෝ ගැන. ඇත්තටම ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි පැතිරෙනකොට black kite,whistling kite සහ brown falcon වගේ විලෝපික පක්ෂී විශේෂ ලැව් ගිනි පතුරවන්න උදව් වෙනවා සත්තුන්ව ලදු කැලෑ සැවානා බිම්වලින් එලියට ගෙන්නගෙන දඩයම් කරන්න පහසු නිසා

16)ඔය puddling නොහොත් මඩ,දියධාරා,ඛනිජ පස් තැන්පතු ආශ්‍රිතව ලැගලා ඒ දියර උරාබීලා ඛනිජ පෝෂක ගන්න සමනල්ලුන්ට සලබයන්ට අපේ ලේ සහ කඳුලු දහදිය බීලත් ඒ පෝෂණයම ගන්න පුලුවන්.එහෙම ලේ සහ කඳුලු බොන්න තෝරගන්න අවස්ථාවාදී සමනල සලබ විශේෂත් ඉන්නවා.

17)මිනිහාට ජියොස්මීන් සංයෝග එහෙමත් නැත්තන් අපි වැස්සේ සුවඳ කියන සුවඳ ආඝ්‍රාණය කරන්න තියෙන හැකියාව මෝරෙක්ට වතුරේදි ලේ සුවඳ දැනෙන හැකියාවටත් වඩා ප්‍රබලයි.

18)ඕස්ට්‍රේලියාව හඳට වඩා පළලයි. (හැබැයි හඳ ගෝලයක් නිසා වර්ගඵලයනම් ඕස්ට්‍රේලියාවට වඩා වැඩියි හුම්.)

19)සීගිරිය කියලා නම් වුණු ග්‍රාහකයක් තියෙනවා.

20)අපේ මොළය විසින් ඇතිකරන දෘෂ්ටි මායාවක් තියෙනවා ට්‍රොක්ස්ලර් ආචරණය කියලා (troxlers fading). එක ලක්ෂයක් දිහා කෙලින්ම බලන් හිටියාම ඔය වටේ දේවල් අතුරුදන් වෙනවා වගේ පේන දෘෂ්ටි මායා පේන්නෙත් ඒකෙන්. ඒ සිද්ධාන්තයෙන්ම කන්නාඩියක් දිහා බලන් ඉන්නකොට මිනිහෙක්ට යක්ෂ,විකාරරූප තමන්ගෙම මූණ විකෘතිවීම් වගේ දර්ශන පේනවා මේ ආචරණය නිසා.

ගෝත්‍රිකයෝ

15 Jan, 19:03


21)DMT ඒමත් නැත්තන් ඩයිමෙතිල්ට්‍රිප්ටමීන් මත්ද්‍රව්‍යයට නිරාවරණය වුණු උදවිය බහුතරයක් හොඳටම වැදුණම විචිත්‍ර,විච්චූරණ වාමනයෝ,කුරුමිට්ටොන්ව දකින සංසිද්ධියක් තියෙනවා. එක පර්‍යේෂණයකදී පරික්ෂාවට බඳුන් කරපු dmt භාවිතකරන්නන්ගෙන් 78%ක් විතර මේ කුරුමිට්ටොන්ව දැකලා තියෙනවා.මේ සංසිද්ධියේදි පේන අද්භූත කුරුමිටි රූපවලට කියන්නේ machine elves කියලා.

22)මිනිස්සු ස්වභාවිකව ඇඟෙන් යම් ආලෝකයක් නිකුත් කරනවා. මේ ජෛව සංදීප්තිය තව වැඩියි අපේ ඇඟේ කැන්ඩිඩා වගේ දිලීර ආසාදනයන් තිබුණොත්.ඒත් ඒ ආලෝකය මිනිස් ඇහැට ගෝචර ආලෝකයට වඩා 1000 ගුණයක් විතර ප්‍රබලත්වයෙන් අඩුයි.

23)ඇමෙරිකා එක්සත් ජනපදයේ විතරක් වාර්ෂිකව වෛද්‍යවරුන්ගේ අව්ල් අත් අකුරු නිසා වෙන වැරදීම්වලින් 7000ක් විතර මැරෙනවලු.මිලියන 1.5ක් විතර වෙන ආබාධයන්,අහිතකර අතුරුඵලවලට මුහුණදෙනවලු.



Kavitha Mahawatta

ගෝත්‍රිකයෝ

12 Jan, 05:35


ට්‍රැක්ටරයක විශාල පසුපස රෝදවලට ජලය පිරවීමේන් සිදුකරන්නේ යන්ත්‍රයේ බර වැඩි කිරී, ස්ථායිතාව, කම්පනය සහ ආරක්ෂාව වැඩි කිරීමට උපායක් ලෙසයි..

ටයර් ජලයෙන් පුරවා ගැනීමෙන්, ට්‍රැක්ටරයේ සමස්ත බර වැඩි වන අතර, විශේෂයෙන් මඩ සහිත හෝ අසමාන ක්ෂේත්‍රවල වඩා හොඳ කම්පනයක් සහ ග්‍රහණයක් ලබා දෙයි. මෙම අමතර බර රෝද ලිස්සා යාම වළක්වන අතර ට්‍රැක්ටරයේ අධික බර ඇද ගැනීමේ හැකියාව වැඩි දියුණු කරයි.
රෝදවල ඇති ජලය ට්‍රැක්ටරයේ ගුරුත්වාකර්ෂණ පහළට යොදවන අතර එනිසා ස්ථායිතාව වැඩි දියුණු කරයි. එමගින් බෑවුම්වල හෝ රළු ක්ෂේත්‍රවල පෙරළීමේ අවදානම අඩු කරයි.

ජලයෙන් එකතු වන බර මෘදු හෝ සීසාන ලද පස මත ට්‍රැක්ටරයේ ග්‍රහණය වැඩි දියුණු කරයි. රෝද ලිස්සා යාම අඩු කරයි සහ සීසෑම වැනි මෙහෙයුම් වලදී කාර්යක්ෂමතාව වැඩි කරයි.ට්‍රැක්ටරය පෙරළීමට ඇති ඉඩකඩ අඩු කරන අතරම ආරක්ෂාව වැඩි දියුණු කරයි.

විශේෂයෙන් බෑවුම් හෝ රළු භූමි ප්‍රදේශවලදී ට්‍රැක්ටරයේ බර ඒකාකාරව බෙදා හැරීමට උපකාරී වන අතර දුෂ්කර තත්වයන් යටතේ හැසිරවීමට සහ පාලනය පහසු කරයි.

අධ්‍යයනවලින් පෙනී යන්නේ පසුපස රෝද 75% දක්වා ජලයෙන් පුරවා ගැනීමෙන් අමතර කම්පනය සහ කාර්යක්ෂමතාව අතර හොඳම සමතුලිතතාවය ලබා දෙන බවයි. කෙසේ වෙතත් මේ අමතර බර රෝදවලට චලනය වීමට වැඩි බලයක් අවශ්‍ය වන අතර එමඟින් ඉහළ ඉන්ධන භාවිතයක් අවශ්‍ය වේ..

අමතර බර ටයර් කරකැවෙන විට වැඩි ප්‍රතිරෝධයක් ඇති කරයි.ඒ නිසා සමස්ත කාර්යක්ෂමතාව අඩු කරයි.
ඒ වගේම අන්වශ්‍ය ලෙස ජලයෙන් ටයර් අධික ලෙස පිරවීම නිසා ඒවා වඩාත් පහසුවෙන් ලිස්සා යා හැකිය.

විශේෂයෙන් ක්ෂේත්‍ර තත්වයන් තුළ ට්‍රැක්ටරයේ ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීම සඳහා ජලයෙන් පිරුණු රෝද වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. නිර්දේශිත ජල මට්ටම පවත්වා ගැනීම කම්පනය, ස්ථාවරත්වය සහ ආරක්ෂාව වැඩි දියුණු කරන අතරම ඉන්ධන කාර්යක්ෂමතාව ප්‍රශස්ත කරයි.
#mahasenbasnayaka

ගෝත්‍රිකයෝ

10 Jan, 05:31


රුසියාවේ 🇷🇺 කුනාෂිර් ​​දූපතේ පිහිටි අවතාර නිම්නය (කුට්කිනි බටි). මෘදු ගිනිකඳු අළු සියවස් ගණනාවක් පුරා සුළඟ හා වර්ෂාවෙන් මූර්තිමත්වී ඇති අතර, මෙම අද්විතීය හා විශ්මයජනක භූ විද්‍යාත්මක ආශ්චර්යය නිර්මාණයවී ඇත. 🤍😍🌠

ගෝත්‍රිකයෝ

07 Jan, 07:03


ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ රුසියානු (සෝවියට්) කාටූන් චිත්‍රපට මාලාව.

Well, Just You Wait!

1969 වසරේදී සෝවියට් රුසියාවේ Soyuzmultfilm චිත්‍රාගාරයේ මුල් වරට නිර්මාණය වූ මෙම සජීවීකරණ (Animation ) චිත්‍රපටමාලාවට පාදක වූයේ වෘකයෙකුගේ හා සාවෙකුගේ චරිත දෙකකි. ඉතා කෙටි කලකින් ලොව පූරා අතිශයින් ජනප්‍රිය වූ මෙම කාටූන් චිත්‍රපටයේ ඇතුලත් වූ සංගීතය, මෙම වර්ගයේ චිත්‍රපටවල එන විශිෂ්ටතම සංගීත නිර්මාණයක් ලෙස අවිවාදයෙන් පිලිගැනේ.සංගීතඥයින් රැසක්ම මෙහි සංගිතය නිර්මාණය කිරීම සඳහා සිය දායකත්වය සපයා ඇත්තේය.

මෙහි ප්‍රධාන චරිතයක් වූ වෘකයා, සිගරට් පානය කරන දර්ශන ඇතුලත් වූ නිසා මෙම කාටූනය ඇතැම් රටවල වාරණයට ලක් වූ මුත් 80 දශකයේ මුල් භාගයේ මෙහි කතා මාලාවන් මෙරට රූපවාහිනී නාලිකාවල විකාශනය කරන ලදී.

"Well, Rabbit... Well, You just wait!"
(Nu, Zayats... Nu, pogodi!" )

ගෝත්‍රිකයෝ

06 Jan, 09:37


👇ඔබ මේ ගැන දැනගෙන හිටියා ද?

🐝 මී පැණි වල සජීවී එන්සයිම ඇත.

🐝 ලෝහ හැන්දක් සමඟ ස්පර්ශ වන විට, මෙම එන්සයිම මිය යයි.

🐝 මී පැණි කෑමට හොඳම ක්‍රමය ලී හෝ ප්ලාස්ටික් හැන්දක් භාවිතා කිරීමයි.

🐝 මී පැණි වල ඔබේ මොළයේ ක්‍රියාකාරිත්වය වඩා හොඳින් ක්‍රියා කරන ද්‍රව්‍යයක් අඩංගු වේ.

🐝 මී පැණි යනු පෘථිවියේ ඇති දුර්ලභ ආහාර වලින් එකකි, එය පමණක් බාවිතය මිනිස් ජීවිතය පවත්වා ගත හැකිය.

🐝 මී පැණි තේ හැන්දක් මිනිස් ජීවිතය පැය 24ක් පවත්වා ගැනීමට ප්‍රමාණවත්.

🐝 මී මැස්සන් විසින් නිපදවන Propolis යනු වඩාත් ප්‍රබල ස්වභාවික ප්‍රතිජීවකයකි.

🐝 මී පැණි වල කල් ඉකුත් වීමේ දිනයක් නොමැත.

🐝 මහා අධිරාජ්‍යයන්ගේ සිරුරු නරක්වීම වැළැක්වීම සඳහා රන් මිනී පෙට්ටිවල තැන්පත් කර මී පැණිවලින් පුරවා තිබී ඇත.

🐝 "හනිමූන්" යන යෙදුම පැමිණෙන්නේ විවාහයෙන් පසු අලුත විවාහ වූවන් සශ්‍රීකත්වය සඳහා මී පැණි පරිභෝජනය කිරීමේ සම්ප්‍රදායෙනි.

🐝 මී මැස්සෙක් දින 40කට වඩා අඩු කාලයක් ජීවත් වන අතර, අවම වශයෙන් මල් 1,000ක සංසරණයවී තම ජීවිත කාලය තුළ මී පැණි තේ හැන්දකට වඩා අඩුවෙන් නිපදවයි.

🐝ලොව පළමු කාසිවලින් එකක මී මැසි සංකේතයක් හමුවීම තුල ඒ කාලයේදී මීමැස්සන්ගෙන් ප්‍රයෝජන ගත් බව අනාවරණය වේ.

ගෝත්‍රිකයෝ

01 Jan, 17:00


මට හිතුණා, ඇත්තටම ලිංගික අධ්‍යාපනය ගැන ඉගෙන ගන්න තියෙන වෙබ් සයිට් ටිකක් ගැන උඹලට කියන්න.

Sexect
────────────.•:。✩

මේ වෙබ් එකෙන් උඹලට යොවුන් වියේ තියෙන ලිංගික ගැටළු වලට උත්තර හොයාගන්න පුළුවන්. මේකේ ප්‍රධානම අරමුණ තමයි, ලිංගික සෞඛ්‍ය ගැන විස්තර හා සාමාන්‍යය වගේම ගැඹුරු ගැටළුවලට අදාළ පිළිතුරු සමාජගත කරන එක.

▫️ලිංගිකත්වය
▫️සබඳතා
▫️ගැබ්ගැනීම්
▫️ලිංගාශ්‍රිත රෝග
▫️උපත් පාලනය
▫️සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක

සහ යොවුන් වියේදි අපිට තියෙන කුතුහලය තියෙන හුඟක් ප්‍රශ්න වලට උත්තර පිළිගත් විෂය දැනුම සහිත ප්‍රවීණයින්ගේ ලිපි ලේඛන ආශ්‍රයෙන් ගන්න පුළුවන් වෙනවා.

Go Ask Alice
────────────.•:。✩

මේ වෙබ් සයිට් එක සම්පූර්ණයෙන්ම මැනේජ් කරන්නේ කොලොම්බියා විශ්වවිද්‍යාලයෙන්. මෙතැනදි උඹලට ලිංගිකත්වය ගැන තියෙන ඕනේම ගොබ්බ ප්‍රශ්නයකට උත්තර ගන්න පුළුවන් වෙනවා. ඔළුවට මාර වාත වෙලා තියෙන වද වේදනාවලට වුණත් මෙතැන උත්තර හම්බ වෙනවා.

කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ඉන්න සෞඛ්‍යය පර්යේෂණ ප්‍රවර්ධකයින්, ලිංගික මනෝ විද්‍යා විශේෂඥයින්, ආචාර්‍යවරුන්, මහාචාර්යවරුන් බොහෝ දෙනෙක් මෙතැනදී සහය දක්වනවා.

ලිංගිකත්වය ගැන විතරක් නෙමෙයි, ජීවිතේ සිද්ධ වෙලා තියෙන ඕනේම ඇබ්බැහියකට වුවමනා කරන ගැලවිජ්ජාව මෙතැනින් හොයා ගන්න පුළුවනි. කවුරුහරි කෙනෙක්, ඩ්‍රග්ස් ඇඩික්ට්ටඩ්නම් ගිහිං ඇලිස්ගෙන් අහන්න. එයා ගැලවෙන්න පාර කියයි. සෙක්ස් ගැන ඩවුට් තියෙනවා නම් ඇලිස්ගෙන් අහන්න. පිළිවෙලට උගන්වයි.

PFLAG
────────────.•:。✩

මේක LGBTQ ලා බේස් කරගත්තු වෙබ් එකක්. ඔවුන්ට තියෙන දැවෙන ලිංගික ගැටළුවලට උපකාරයන් මෙතැනදි ලැබෙනවා. ඒ ආශ්‍රයේ පවත්නා අව දැනුම මෙතැනදි සපුරනවා. ඒ විතරක් නෙමෙයි, මෙතැනදි ඔවුන්ව සුබ සාධනය කරනවා.

නමුත් ලංකාවට ඒ පහසුකම තියෙනවද මම දන්නේ නෑ. මම මේ ගැන ගොඩක් අධ්‍යයනය කරලා නෑ. මොකද මගේ ලිංගික නැමියාව ඒක නොවෙන හින්දා.

මම දන්න තරමින් ලංකාවේ මගේ යාළුවෝ වගයක් මේ සම්බන්ධව එකතු වෙලා වැඩ කරනවා. ඒත් මම ඔවුන් එක්ක සම්බන්ධ හෝ ඒ ගැන වැඩි විස්තර දන්නේ නෑ. නමුත් ලංකාවේ සුබසාධන කටයුතු සිද්ධ වෙන බව මම දැනගෙන ඉන්නවා.

කොහොම වුණත්, මේ වෙබ් එකෙන් මේ අය සම්බන්ධව හුඟක් දේවල් ආවරණය වෙනවා. වෙන කෙනෙකුට වුණත්, ඒ සමාජ ක්‍රමය ගැන තියෙන කුතුහලය මෙතැනදි නිවාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඒ මිනිසුන්ව තේරුම් ගන්න, ඔවුන්ට ආදරය ගෞරවය දක්වන්න වුවමනා පසුබිම්ගත දැනුම ලැබෙනවා.

KidsHealth
────────────.•:。✩

මේක හරිම වැදගත් සහ ආස හිතෙන වෙබ් එකක්.
මිනිහෙක්ගේ උපතේ ඉඳන් මරණය දක්වා ලිංගිකත්වය ගැන මෙතැන හැම තොරතුරක්ම වෛද්‍ය විද්‍යාත්මකව ඇතුළත්ව තියෙනවා.

ලිංගිකත්වය ගැන ඉගෙන ගන්න කෙනෙකුට මරු වෙබ් එකක්. වීඩියෝ පට, ඉමේජස්, ග්‍රැෆික් හැම දෙයක්ම මෙතැන තියෙනවා. ආටිකල් බර තොගයක් කියවන්න තියෙනවා. මේ වෙබ් එකේ තොරතුරු මාරම වටිනවා.

මිනිහෙක්ගේ ලිංගිකත්වය ගැන කියවෙන චර්‍යා ලක්ෂණ, මිනිහෙක් ලිංගිකත්වය කියන මාතෘකාව ඇතුළේදි එකේදි මානසික චෛතිසිකයන් ඇතිවන්නේ කොහොමද, ඒවා පාලනය කරගන්නේ කොහොමද, මිනිස්සු සාමාන්‍යයෙන් කොහොමද ඒ දේවල් එක්ක ජීවත් වෙන්නේ වගේ හරිම ගැඹුරු අධ්‍යයනයක් මෙතැනදි ගන්න පුළුවන් වෙනවා.

Lovehoney
────────────.•:。✩

මේ ගැන ලොකුවට විස්තර කරන්න දෙයක් නෑ. මෙතැන තියෙන්නේ සෙක්ස් කරන හැටි, නොදන්නා කෙනෙකුට දැනුම ගන්න පුළුවන් තැනක්. ඒ සම්බන්ධව තියෙන හොඳම වෙබ් එක මම මේකය කියන්නේ නෑ. නමුත්, මෙතැන ඒකට වුවමනා දැනුම තියෙනවා.

මනුස්සයෙක් එක්ක නිදා ගන්නවා කියන්නේ, ඇඳුම් ගලවලා දඟලන එකම නෙමෙයි කියන එකත්, ඊට වඩා සෙක්ස්වලින් කායිකවත් මානසිකවත් උපරිම වින්දනයකට යන්න පුළුවන් බවත් කියැවෙන, සහ ඊට වුවමනා කරන දැනුම අධ්‍යාපනය දෙන වෙබ් එකක් මේක.

තව මේ වගේ වෙබ් ගොඩක් ගූගල් එකේ තියෙනවා. ලිංගිකත්වය ගැන කරපු පර්යේෂණ වාර්තා තියෙනවා. වාර්තා වැඩසටහන් තියෙනවා. කියවන්න, බලන්න, ඉගෙන ගන්න.

එහෙම කරන එකෙන් හරි ලස්සන දෙයක් තමන් ඇතුළේ සිද්ධ වෙනවා.

පළවෙනි දේ තමයි, කුතුහලය බිඳෙනවා. මාර මැජිකල් විදියට දැනුන දේවල්, කැඩිලා බිඳිලා යනවා. ආශාවන් පරිනත වෙනවා. තමන් ගැන විතරක් හිතන්න පුරුදු වෙච්ච මිනිස්සු, අනෙක් මිනිස්සු ගැන හිතන්න ගන්නවා. මිනිස්සු එකිනෙකා එක්ක බැඳෙන්නේ ලිංගිකත්වය කියන සාධකය මතය, කියලා ගොඩ නැගිලා තියෙන සමාජීය ගොබ්බ මතයන් බිඳිලා යනවා.

ලෝකය ජීවත් වෙන්න වටින, නිදහස් ප්‍රියජනක තැනක් වෙනවා. ❤️🌏
.
.
.
.

✍️ මුල් හිමිකරුට ස්තූතියි 🌷
©️ උපුටා ගැනීමකි

━━━━━━━━━━━━━━━━━━━━━━━

ආ... මේ ෆොටෝ එක දැම්මෙ නිකන්, නැත්නම් ඔය ළමයි කියවන්නෙ නෑනෙ... 😂🤭

ගෝත්‍රිකයෝ

27 Dec, 20:00


බ්‍රිතාන්‍ය දූපත් වල ඉදිකර ඇති Sweet Track ලෙස හැඳින්වෙන මෙම කුඩා පාලම් වැනි මාර්ග විශේෂය වසර 5,800 කට වඩා පැරණි මිනිසාගේ ඉංජිනෙරුමය හැකියවා විදහා දක්වන තවත් එක් නිර්මාණයකි. නව ශිලා යුගයේ දැව මත ඇවිදීමේ මාර්ග, වගුරු බිම්වල සැරිසැරීමට ඉදිකරන ලද නිර්මාණයn වේ. ඒවා කොතරම් ශක්තිමත්වව ඉදි කර තිබෙනවාද කිවවොත් අදටත් ඒවා හොඳින් සංරක්ෂණය වී පවතී.

#mahasenbasnayaka

ගෝත්‍රිකයෝ

26 Dec, 08:13


ඇල්බට් අයින්ස්ටයින් ගෙන් ජීවිතය ට ඔවදන්

1. අයින්ස්ටයින් තම ඇදුම් ගැන කිසිම වුවමනාවක් නොදැක්වූ පුද්ගලයෙකි. පොඩි වූ දුර්වර්ණ ඇදුම් ඔහු නිතරම භාවිතා කළේය . දිනක් ඔහු විශ්වවිද්‍යාලයට යාමට ලෑස්තිවෙනවිට බිරිද එහි විත් ,

” මේ පොඩ්ඩක් හොදට අදින්නකෝ..?”

“මොකටද..? .. මම මම කියලා හැමෝම එතන දන්නවනේ ” අයින්ස්ටයින් කීය. බිරිද කරබාගෙන යන්නට ගියාය.

තවත් දිනක අයින්ස්ටයින් දේශනයක් කිරීමට යාමට සූදානම් විය .

“අදවත් පොඩ්ඩ්ඩක් ලස්සනට ගියොත් නරකද ?” බිරිද ඇසීය .

“මොකටද..? මාව කවුරුත් එතන දැන්නවැයැ ?” අයින්ස්ටයින් කීය. බිරිද කරබාගෙන ගියාය.

2. සාපේක්ෂතාවාදය පැහැදිලි කරදෙන මෙන් ඉල්ලීම් ලැබුණ විට ඔහු එය පැහැදිලි කලේ මෙසේය.

” ගිනි දැල්වූ උදුනක් මත ඔබේ අත විනාඩියක් තියාගෙන ඉන්න. ඒක පැයක් වගේ දැනේවි”

” ලස්සන කෙල්ලෙක් එක්ක පැයක් විතර වාඩි වෙලා ඉන්න . ඒක මිනිත්තුවක් වගේ දැනේවි ”

“ඕක තමයි සාපේක්ෂතාවාදය. එහෙනම් ඕගොල්ලෝ උදුන උඩ අත තියාගෙන ඉන්න. මම යනවා ලස්සන කෙල්ලෙක් එක්ක පැයක් වාඩි වෙලා ඉන්න ” අයින්ස්ටයින් පැවසීය.

3. අයින්ස්ටයින් ප්‍රින්ස්ටන් සරසවියේ සේවය කරන කාලයේ දවසාවසානයේ ගෙදර යාමට කැබ් රථයකට නැංග විට ගෙදරට යා යුතු මාර්ගය ඔහුට අමතක වින. කැබ් රියදුරාත් ඔහුව හදුනාගත්තේ නැත .

” මේ.. අයින්ස්ටයින්ගේ ගෙදර දන්නවද ඔහේ?” අයිස්ටයින් රියදුරාගෙන් ඇසීය

“කව්ද එහේ නොදන්නේ? මොකද මිනිහව හමබවෙන්න ඕනෙද ?”

“මම තමා අයින්ස්ටයින්. මාව එහෙට ගිහින් දානවද ?”

රියදුරා අයින්ස්ටයින්ව ගෙදරට ඇරලූ අතර ගාස්තුවද නොගත්තේය.

4. දිනක් අයින්ස්ටයින් දුම් රියෙන් ගමනක් යනවිට ටිකට් පරීක්ෂක ටිකට් බලමින් ඔහු සිටින අසුන දෙසට ආවේය.

අයින්ස්ටයින්ගෙන් ටිකට් පත විමසූ විට අයිස්ටයින් සාක්කුවට අත දමා බැලුවද ටිකට් එක සොයාගැනීමට නොහැකි විය.

කලිසම් සාක්කු වල සහ ගමන් මල්ලේද ටිකට් එක තිබුනේ නැත.

ඔහු හැමතැනම ටිකට් එක සොයන බව දුටු ටිකට් පරීක්ෂක ” අයින්ස්ටයින් මහත්මයා.. කමක් නෑ ටිකට් නැති වුනාට . ඔයා කවුද කියලා අපි දන්නවනේ. කමක් නෑ.” යනුවෙන් පැවසීය. ඉන්පසුව අයින්ස්ටයින්ව පසු කර අනික් මගීන්ගේ ටිකට් පරීක්ෂාකරමින් ගමන් කළේය.

ටිකට් පරීක්ෂක අනිත් දුම් රිය මැදිරියට යාමට පෙර නිකමට හිස හරවා බැලූ විට දුටුවේ දණගාමින් සීට් යට තම ටිකට් එක සොයන අයින්ස්ටයින්වය.

වහාම ඔහු වෙත දුව ආ ටිකට් පරීක්ෂක” අය්යෝ අයින්ස්ටයින් මහත්තයෝ… මම කිව්වනේ ටිකට් ඕනේ නෑ කියලා. ඔහෙව නොදන්න කෙනෙක් මේ ට්‍රේන් එකේ ඉන්නවද ?

ඕක අල්ලල්ලා දාන්න ”

අයින්ස්ටයින් ඔහු දෙස බලා ” හරි හරි.. මමත් දන්නවා මම කවුද කියලා. හැබැයි ප්‍රශ්ණේ තියෙන්නේ මම දන්නේ නෑ මම කොහෙන්ද යන්නේ ..බහින්න ඕන ස්ටේසම මොකක්ද කියලා. ඒකයි මේ ටිකට් එක හොයන්නේ ..!! ” යනුවෙන් පැවසීය .

5. දිනක් අයිස්ටයින් ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ තම කාර්‍යාලයේ වැඩකරමින් සිට එළියට යාමට අවශ්‍යතාවයක් ඇතිවී දොරේ” අයින්ස්ටයින් කාර්‍යාලයේ නැත” යනුවෙන් සටහනක් අලවා ගියේය. පැය භාගයකට පමණ පසුව ඔහු නැවත කාර්‍යාලයට එනවිට දොරේ මේ දැන්වීම දුටු ඔහු “අයින්ස්ටයින්” එනතුරු අසල තිබූ පුටුවක වාඩිවී සිටියේය. ටික වෙලාවකින් ඔහුට තමන් කවුදැයි මතක් වූ පසු නැවත කාර්‍යාලය තුළට ගියේය.

6. දිනක් අයිස්ටයින් බසයෙන් ගමනක් යෑමට ටිකට පතක් මිළදීගෙන තමන්ට ලැබුණු ඉතුරු මුදල් ගණන් කර ” මේ ඉතුරු සල්ලි වැරදීනේ යනුවෙන් ” අදාළ පුද්ගලයාට පැවසීය .

අයිස්ටයින්ව හදුනානොගත් ඔහු “කෝ බලන්න ..?” යනුවෙන් ඉතුරු සල්ලි පරීක්ෂාකර ” මේ තියෙන්නේ හරියට ? ඔහේට ගණන් බැරිද ?” යනුවෙන් ඇසීය.

මනස

ගෝත්‍රිකයෝ

26 Dec, 07:02


වසරේ තාත්තා... "Dad of the Year"

උතුරු කැරොලිනාවේ පිහිටි Black River ගංගාව ආශ්‍රිත කලාපයකදී ඡායාරූප ශිල්පියෙකුගේ කැමරා කාචයේ සටහන් වුනු මෙම අපූරු ඡායාරූපය අන්තර්ජාලය තුල විශාල ජනප්‍රියත්වයක් ලබාගෙන තිබුනා. මෙහි මුල් කතුවැකිය ලියන Mac Stone නම් ලෝකප්‍රකට ඡායාරූප ශිල්පියා සදහන් කරන ආකාරයට ගංගාවේ ජල මට්ටමේ පහල යාමක් නිසා මෙම ඡායාරූපයේ සිටින Flathead Catfish වර්ගයේ මත්ස්‍යයා මෙහි ඇති ගස පාමුල ඉතිරි වූ කුඩා ජල තටාකයේ සිර වී තිබෙනවා. නමුත් ජල මට්ටම පහල යාමේදී මත්ස්‍යයන් වෙනත් ස්තාන කරා පිහිනායාම සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. නමුත් මෙම විශාල මත්ස්‍යයා මෙම ස්තානයේ නතර වූයේ ඇයිදැයි ඡායාරූප ශිල්පියා සොයා බලනවා. එවිට ඔහු දකිනව මෙම මත්ස්‍යාගේ වලිගය ප්‍රදේෂයේ  ඇති රෝස පැහැති බිත්තර කලඹක්. මෙම මත්ස්‍යයන්ගේ බිත්තර රැකබලා ගන්නේ පිරිමි සතුන්. ඔවුන් එම බිත්තර කෘමීන්, වෙනත් මත්ස්‍යයන්ගෙන් වගෙම සමහර අවස්තා වලදී බිත්තර දැමූ ගැහැනු මත්ස්‍යයාගෙන්ද ආරක්ෂා කර ගන්නවා.  

මෙම මත්ස්‍යයා මෙලෙස මෙම ස්තානයේ රැදී තිබුනේ තම පැටවුන් ආරාක්ෂා කර ගැනීමට බව ඡායාරූප ශිල්පියාට පැහැදිලි වනවා. ඔහු සදහන් කර සිටින්නේ මෙම මත්ස්‍යයාට කුමක් සිදුවූයේද යන්න ඔහුට සොයාබැලීම නොහැකි වූ බවයි. නමුත් දින කිසිපයකින් ගංගාවේ ජල මට්ටම ඉහල යන බව දැකීමෙන් තමන් සතුටු වු බව ඔහු සදහන් කරනවා.
Photo by Mac Stone Photography
පරිවර්තන සටහන මනුජිත් අබේරත්න
උපුටා ගැනීමකි..

ගෝත්‍රිකයෝ

25 Dec, 06:10


ලැබුවා වූ සිංහල දෙමළ සුභ වෙසක් මංගල්‍යය සාමය සතුට පිරි නත්තලක් වේවා.....

ලස්සන ක්‍රිස්තියානි ගෑල්ලමයි හැමෝටම💝💝

ගෝත්‍රිකයෝ

23 Dec, 09:31


🥴

ගෝත්‍රිකයෝ

23 Dec, 09:29


අතේ ලස්ස 10 ක් තියනවා.. ඉඩමක් විකුනල ලස්ස 60 ක් තියනව කියල බුකියේ ඉන්න උන්ගෙන් ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිස් ගන්නා බුද්ධිමත් ජනතාව ඇතුළු ප්‍රායෝගික නොවන දේ කරන්න ගිහින් නහින නමුත් තමන් හැමදේම දන්නවායැයි සිතා සිටින මැටිmoල්ලු උදෙසා මෙලෙස බුකි හෑල්ලක් ලියමි.

මුලින්ම කියන්න ඕන මේ වැඩේ හරියට කරන කොම්පැනි ඇති. නමුත් වැඩිපුර ඉන්නේ පට්ට වංචා සහගත සමාගම්.
අන්න ඒ වගේ උන් ගැන බුකි ජනතාව දනුවත් කරන්න මේ ලියන්නෙ...

වැනිල වගා ඉන්වෙස්ට්මන්ට් ගැන කෝල් 20 -30 කට වඩා මට ඇවිත් තියනවා. මේ දැනුත් එකක් ආවා. කොම්පැනියේ නම අහලවත් නැති එකක්.

ධමීශ කරුණාරත්න සර් නේද?
ඔව්..

සර්..මම ** ප්ලාන්ටේශන් කම්පැනි එකෙක්..

ඉන්වෙස්ට්මන්ට් ඔපචුනිටියක් ගැන කතාකරගන්න කෝල් කරේ?
අපි වැනිල වගාව සම්භන්ධයෙන් ඉන්න ලීඩිං කම්පැනි එකක්. සර්..

මුලින්ම මම ඒ කතා කරපු එකාගෙන් ඇහුවේ කොම්පැනිය පටන් ගනිපු අවුරුද්ද මොකක්ද කියල.

උත්තරේ 2019 දී.

සර්.. මේක හෝල්ඩිං කොම්පැනියක්.. බ්ලා..බ්ලා...

හරි ඒවා මට වැඩක් නෑ. කවුද CEO?
දොස්තර කෙනෙක්ගේ නමක් කිවුවා.

හරි දැන් මොකක්ද මම කරන්න ඕන.

උත්තරේ: සර් අපේ වැනිලා ප්‍රොජෙක්ට් එකක් තියනවා, අපි වැනිල වවනවා.. සර් ඉන්වෙස්ට් කරන්න තමයි ඕන.

පර්චස් 10 කට 540,000/= ඉන්වෙස්ට් කරාම සර්ට වසර 5ක් අවසානයෙ 2,750,000/= ක return එකක් ලැබෙනවා.

ප්‍රශ්ණේ: එතකොට ඔය 540,000/= න් තමයි ඔයාල, පස හදප, පැලදාල , වතුර පෝර දාල නඩත්තු කරල ඔක්කෝම කරන්නේ. ඉන්න උන්ට පඩි ගෙවන්නෙත් ඒකෙන්?

උත්තරේ: ඔව් සර්.

ප්‍රශ්ණේ: මට ඔය පර්චස් 10 ක ඉන්වෙස්ට් කරල අල්ලට සීනි ටිකක් කනවා වගේ ඒවා හරියන්නේ නෑ.
මම අක්කරේක ඒ කියන්නෙ පර්චස් 160 ක ඉන්වෙස්ට් කරොත් මම 8,640,000/= ක් ඉන්වෙස්ට් කරන්න ඕන?

උත්තරේ : ඔව් සර්.

ප්‍රශ්ණේ : එහෙම කරොත් ඔයා කියන විදිහට මට ROI එක අවුරුදු 5 අවසානයේ 44,000,000 ක් ලැබෙනවා.
කොස්ට් එක අඩු කරාම 35,360,000 පියෝ ප්‍රොෆිට් මට?

උත්තරේ: ඔව් සර්( කතාකරන විදිහෙන් තේරෙනව පොරට හිනා කටයි , හෙන තල්මහෙක් අහුවුනා නේද කියල හිතන්න ඇති..මට මැවිල පේනවා 🤣)

ප්‍රශ්ණේ: එතකොට පුතා ඇයි ඔයාගේ CEO ට හරි board එකට හරි බැරි බැංකුවකින් ලෝන් එකක් දාල ඔය වැඩේ කරන්න. අනික ආණ්ඩුවෙන් ඉඩම් ඉල්ලුවොත් ඔය වගේ වැඩකට සමහර විට නිකං ඉඩම් දේවී නැතම් හෙක්ටයාරයකට පොඩි ගානක් අය කරල ඉඩම් දෙයිනේ? මොකද ආණ්ඩුවටත් ඕන මේ වගේ පට්ට ප්‍රොෆිට් ප්‍රොජෙක්ට්ස්නේ?

කියනකොට පොර දුන්නා හෙන පණ්ඩිත ඇන්ටි කෙනෙකුට.
සර්ට මොකක්ද දැනගන්න් ඕන ඇහුවාම මම අරකම ඇහුවා.

ඒකි හෙන ලොකුකමින් කියපි මේක අක්කරේක ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි අක්කර 6000 ක එකක් කියල.
එයාටත් මම ඕක ඇත්‍ත නම් පර්චස් 10 බැගින් විකුනන්නේ නැතුව අදියර කීපයකට වෙන් කරල කරන හැටි කිවුවාම ඒකි තව තව ඒවා කියනවා. ඇත්තටම ඒ මනුස්සය වැල් බයිල කිවුවට ඕක ස්කෑම් එකක්.
උන් ඕවා ගැන නොහිත පොඩිගානක මාසික වේතනයකට ඔත මාකටිං ටීම් එකක වැඩ කරන සෙට් එකක්.

නිකං හිතල බලන්න අක්කර 6000 ක ප්‍රොජෙක්ට් එකකින් කොච්චර සල්ලි කන්දරාවල් පිල්ලිගහන්න පුලුවන්ද කියල? අනික අක්කර 6000 කියන ප්‍රමාණෙම තඩි පචයක්.
මම ඇවරේජ් එක දාල ගනන් හදල බැලුවා. ඔය අක්කර 6000 ක වැනිල වැවුවොත් අවම කිලෝ මිලියන 3.642 ක් අවුරුදු 5 කි අස්වැන්න ලැබෙනව. (ටොන් 3624.25 ක් )

2022 දත්ත වලට අනූව ලෝකේ ලොකුම වැනිලා වගාකරු මැඩගස්කරේ. උන් කරල තියෙන්නෙත් ටොන් 3344 යි.
අනේ හු*#*ke නන්නානේ තමයි.🤣🤣

දැං ගනන් හදල බලපං අරූ අක්කර 6000 මිනිස්සුන්ට විකුනල ඉන්වෙස්ට්මන්ට් විදිහට කීයක් ගන්නවද කියල ?

පර්චස් 10 ට උන් ඉල්ලන්නේ 540,000/= නම් අක්කර 6000 ට 51,840,000,000/= ක්

උඹලට ඔය ඉලක්කම කියවගන්න බෑ නේද? ඔය කෝටි 5184 ක් බං.
බැදුම් කර වංචාවෙන් ලංකාවට නැතිවුනෙත් කෝටි 5000යි.

ඔය හොර ගෙඩියොන්ට අර වගේ කොල්ලෝ කෙල්ලෝ දාගෙන ඔය ගානෙන් 10 /1 කට ඉන්වෙස්ට්මන්ට් කියල ගත්තත් කෝටි 518 ක් ලංකාවේ අහිංසක මිනිස්සුන්ගෙන් හොරාකතෑකි. ඔය ගේම් එකේ මහ එකා ඊට පස්සේ ශේප් එකේ ඩුබායි වලට ගිහින්, එතනින් තව රටකට ගිහින් අනන්න්‍යතාවය මාරු කරගෙන කොහේට හරි පනියි.

අපිට ඉතිං නිවුස්වල තමයි පොරගේ හපන්කම් අහන්න වෙන්නේ.

ඔය වගේ ප්‍රොජෙක්ට් එකක් ඇත්තටම වුනත් කරන එක රිලයබල් නෑ. ලොකුවට නැතුව අඩු ප්‍රමාණයක් කරත් ඔය තරම් ආදායමක් එනවා නම් බැංකුවකින් ලෝන් එකක් ගහල සල්ලි ටික ආයෝජනය කරල, ඒකේ පොලිය හෝ ණය වාරිකය ගෙවන්න ඉන්වෙස්ටර් කෙනෙක් හෝ දෙන්නෙක් හොයාගත්තා නම් ලේසියෙන්ම මැච් එක ගැහුවානේ?

ඒක උන් දන්නවා. ඒත් උන් කරන්නේ වංචාවක් නිසා ඒවා කරන්න යන්නේ නෑ.
ඕන එකෙකුට පුලුවන්න් ඔය ස්කෑම් එක කරන්න.. කවුරු කාගේ හරි එකෙක් සෙට් කරගෙන අක්කර 10 ක විතර ඉඩමක් පෙන්නල අපි මේ සුද්ද කරගෙන යනවා මේක. ඔයා ඉන්වෙස්ට් කරන්න අච්චර දෙන්නම් මෙච්චර දෙන්නම් කියයි.ඕන නම් පැල ටිකකුත් දායි.මොකෝ භූමියේ අයිතිය ලියල දෙනවා කියලයෑ..ඔය ප්‍රමාණෙම එන හැම එකාටම පෙන්නනව.

ගෝත්‍රිකයෝ

23 Dec, 09:29


ඉන්වෙස්ට්මන්ට් ඇග්‍රීමන්ට් එකක් සයින් කරන්නේ.
ඉතිං රටවල් වල දුක් විදල කීයක් හරි හම්බ කරන උන් අහුවෙනවා, තියන දෙයක් විකුනල සල්ලිකරගනිපු උන් ඕවට අහුවෙනවා. Grativity එක අරන් මිනිස්සු ඕවගේ සල්ලි දානවා. පව් ඉතිං ඒවගේ ගානක් නෑ ඔය ගේම මෙහෙයවන උන්ට.

අන්තිමටම ඒ මිනිස්සු සල්ලිත් නැති කරගෙන හිතේ අමාරුවට ව&#*#හ කාල ජීවිතෙත් නැති කරගන්නවා.

මම කියන්නේ ඕවගේ ඉන්වෙස්ට්කරන්න එපා කියල නෙවෙයි. මම කියන්නේ පොඩ්ඩක් හොයල බලල ගනන් හදල, පසුබිම බලල, ප්‍රායෝගිකද නැද්ද කියල කල්පනා කරල ඔය තීරණ ගන්න කියන එක විතරයි.

ගෝත්‍රිකයෝ

20 Dec, 07:23


බල්ලො දැනගන්ඩෝන බල්ලො බල්ලො විදියට හදන්ඩ 😂😂😂
🐕
මේ දවස් වල බලු කේස් හැමතැනම යන එකේ බලු කතාවක් ලිව්වෙ නැත්තං සමාජෙන් කොන් වෙන සීන් එකක් තියෙන්නෙ... ඒක හින්ද ඔහේ මෙන්න මේක කොටල දානව ඔහෙලගෙ හුදී ජන පහන් සංවේගය සඳහා.....

සාමාන්‍යයෙන් බයිසිකලේකට වීල් එකකට බල්ලො පනිනව කියන්නෙ සාමාන්‍ය දෙයක්... ඔන්න ඔය බලු ජම්පින් එකක් හින්දා මටත් සෑහෙන වදයක් තිබ්බා පාලයියගෙ වැඩපලේ ඉන්න කාලෙ... ඒ දවස්වල මම තමා දවල්ට කෑම ගේන්න ලොක්කගෙ ගෙදරට යන්නෙ... ලොක්කගෙ ගෙදර තියෙන්නෙ වැඩපලේ ඉඳන් අතුරු පාරක කිලෝමීටරයක් විතර දුරක... ඒදවස් වල මගේ බයික් පැදිල්ල මාරක ලිඳේ යනව වගේ හින්දා ලොක්කා බයික් එක දෙන්නෙත් නෑ... මට බයික් එකක් ගන්න වත්කමකුත් නෑ... ඒ හින්ද වැඩපලේ තිබ්බ කෑලි ටිකක් එකතු කරල සයිකල් එකක් හදාගත්තා... අවුල තියෙන්නෙ ඒකෙ ප්‍රේම් එක ලේඩීස් බයිසිකල් එකක ප්‍රේම් එකක්... මේල් පීමේල් බැරිනං ශීමේල් හරි සයිකලේ රෝද කැරකෙනවනං ආයෙ මොකක්ද කියල මං ඒක මගෙ තනි අයිතියට ගත්තා....

මම ඉතිං ලොක්කගෙ ගෙදරට ගිහිල්ල කෑම බාස්කට් තුනහතරකුත් ඒකෙ ඉස්සරහ කූඩෙ දාගෙන එනකොට හැමදාම බල්ලෙක් පනිනව සයිකලේට.... ඒකත් හරියටම කැඩිච්ච බෝක්කුවක් තියන තැනක.... පැටලිලා වැටුනොත් කෑම බාස්කට් එක්ක බෙල්ලත් කූඩෙ දාගෙන එන්න වෙනව පොඩ්ඩ මිස් වුනානම්.... කීපවතාවක්ම මූ සයිකලේට පැන්න හින්දම දවසක් මම සයිකලේ නවත්තලා මූට පුඩිය දෙන්න හදනකොටම ගෙදර අයිතිකාරයා ඇවිල්ලා මහා ගාම්බීර සද්දෙකින් " මේ මේ බල්ලට එහෙම ගහන්නෑ හරිද.... තමුසෙල පාරෙ යන්න දැනගන්නව හරියට කියල කිව්ව.... ඒ දවස් වල සුප් එකක් බොන්න තරමට මගෙ ඇගේ මස් නැති හින්ද කරබාගෙන ආව.... ඒ වුනාට මට ඒක සෑහෙන මදිකමක්... හිටපං වෙලාවක් බලලා තොට දෙන්නං දීමනාව කියල හිතේ තියාගෙන මම දිනපතාම එතනින් යනව... මූත් හැමදාම මට බුරාගෙන පනිනව... ගෙදර එකා මිදුලෙ හිටියොත් ඌ මට නක්කලේට හිනාවක් දානව... මං කරගන්න දෙයක් නැති කමට පාඩුවෙ එනව.... හැමදාම ඕකම වෙනව...

කොකාට කොච්චර වාරයක් ආවත් හැමදා නියං එකදා වැහිවලාවේ කියල කොකාට එනව වාරයක් ආයෙ ඉතිං ඇරියස් ලොට් පිටින් අල්ලන්න.... අන්න එහෙම දවසක ලොක්කා මට කියනව පෙසා ගෙදරට ගිහින් කාබන් ටිප් දෙකතුනක් අරන් වරෙන්කො කියල.... මාත් සයිකලේ නැගල යනව ලොක්කගෙ ගෙදරට.. යනකොට අර කුණකටු බල්ලා ඉන්නව පාර අයිනෙ.... මම හෙමීට යනකොට බුවා පාරට පැනල පස්සෙන් එලෙව්ව... ගෙදර එකා ඉස්තෝප්පුවෙ ඉඳගෙන පත්තරයක් බලනව.... මම කරබාගෙන ලොක්කගෙ ගෙදරට ගිහින් කාබන් ටිප් දෙකක් සාක්කුවෙ දාගෙන ආයෙ එන්න පටන් ගත්තා.... අන්න ඒ වෙලාවෙ මට මහා නින්දිත අදහසක් පහල වුනා..... ඉඳල හිටල මට පහල වෙන ඔය වගේ අදහස් ආයෙ ලේසියෙන් වරදින්නෙත් නෑ.... ඒකත් හිතේ තියාගෙන මම වෙනදට වඩා සෑහෙන වේගෙකින් සයිකලේ පැදගෙන ආවා...... මම එනවා දුර තියාගෙනම බලන් හිටිය බල්ලා වෙනද වගේම පාරට පනින්න රෙඩි වෙලා හිටියා..... මමත් වෙනදා එනවට වඩා දෙගුණයක් වේගෙන් සයිකලේ පැදගෙන ආවා..... හරියටම වෙනදා පනින තැනදි බල්ලා පැන්නා.... හැබැයි මං ආව ස්පීඩ් එක වැඩි නිසා බල්ලට එදා ටයිමින් එක වැරදුනා..... මමත් තියන කුප්ප කමට බයිසිකලේ බල්ලගෙ ඇඟට ඇල්ලුවා.... ඒ ගමන්ම පස්ස බ්‍රේක් එකත් ලොක් වෙන්නම ඇල්ලුවා.... එක පාරටම හරස් වෙච්ච බයිසිකලේ පස්සෙ රෝදෙ ඇක්සලේ කෙරවල් දෙකට මං හයිකරල තිබ්බ සුදුයකඩ බට කෑලි දෙකෙන් එකක් බල්ලගෙ කටේ වැදිල කට ඉරාගෙන දතුත් කඩාගෙන ගියා.... සයිකලේ ස්ටෑන්ඩ් එකත් උගේ බඩ දිහාවෙ ඇනුනා.... වැදිච්ච පාරට රෝල් වෙච්ච බල්ලා කම්බි වැටෙත් පැටලුනා..... වෙච්ච දේට බුවා කොම්ෆියුස් වෙලා ආයෙ නැගිටල දිව්වෙ කම්බි වැටටමයි... වැටේ දෙපාරක් පැටලිච්ච බල්ලා මරලතෝනි දීගෙන ආගිය අතක් නැතිවෙන්නම දිව්වා... ලස්සනම දේ කියන්නෙ ගෙදර එකා සීන් එක හොඳට බලාගෙන..... මං ආයෙ සයිකලේ ඩබල් දාල පාගන ගමන් " බල්ලො හදනකොට බල්ලො දැනගන්න ඕන බල්ලො බල්ලො විදිහට හදන්න කියල සිංගාල එතනින් මාරු වුනා.... දවස් දෙකකට පස්සෙ දැනගත්තෙ.. බල්ලගෙ කටේ දත් හයක් මිසින් කියල.... ඒ විතරක් නෙවෙයි කටේ එක පැත්තක පදාසයක්ම ගැලවිලා කියල... එදායින් පස්සෙ ඒ බල්ලා පාරෙ සයිකල් යනව දකිනකොටත් හැංගෙනව.... ගෙදර එකත් මිදුලෙ හිටියොත් අහක බලාගන්නව.... බල්ලො දැනගන්න ඕන බල්ලො බල්ලො විදිහට හදන්න.....😅😅

Prasad Pathirana

ගෝත්‍රිකයෝ

19 Dec, 08:19


ලොව සුප්‍රකටම නෞකාව වන වර්ෂ 1912දී මුහුදුබත් වූ ටයිටැනික් නෞකාව ගිලී ඇත්තෙ අත්ලාන්තික් සාගරයේ මීටර් 3800ක් නැතහොත් අඩි 12500ක් පමණ සාගර පතුලේය.හිරු එළිය පවා නොවැටෙන මෙතරම් ගැඹුරක ඇති ටයිටැනික් නැවේ සුන්බුන් වල පැහැදිලි ඡායාරූප ලබා ගැනීම සබ්මැරීනයකට පවා කල නොහැකි දෙයකි.

එයට සිදුකල හැක්කේ සබ්මැරීනයේ විද්‍යුත් ආලෝකය භාවිතා කර කුඩා ප්‍රදේශ වල ඡායාරූප ලබා ගැනීම පමණයි.📷
එසේ නමුත් නෞකාවේ සම්පූර්ණ ඡායාරූප ලබා ගැනීම සිදුකල නොහැකි වුනත් එය සාගර පත්ලේ ඇති ආකාරය නිරූපණය කල හැකි එක් ආකාරයක් ඇත.ඒ ශබ්ද තරංග භාවිතා කරනා Sonar තාක්ෂණය මඟින් Sonar images ලබා ගැනීමයි.මෙහිදී සිදු කරන්නේ ශබ්ද තරංඟයක් යවා යම් යම් පෘෂ්ඨයන්ගෙන් පරාවර්තනය වී පැමිණෙන ආකාරය නිරීක්ෂණය කිරීමයි.s⛴️🛳️

මේ ආකාරයට ශබ්ද තරංඟ භාවිතා කරන නිසා ටයිටැනික් නැවෙහි සුන්බුන් තිබෙනා ස්ථාන කොපමණ අඳුරු වුනත් එහි Sonar images ලබා ගත හැක.මෙලෙස ලබාගන්නා sonar images භාවිතා කර විද්‍යඥයින්ට ටයිටැනික් නැව මුහුදු පත්ලේ හරියටම තියෙන අකාරය දැක්වෙන නිරූපණයක් නිර්මාණය කල හැක..ඔබ මෙලෙස දකින නැවෙහි සම්පූර්ණ ඡායාරූප එලෙස Sonar images මඟින් සකස් කරන ලද එවා වේ.🛳️මේ වනවිට නෞකාවේ බඳ ප්‍රදේශය මුහුදු මඩ වලින් ආවරණය වී ඇති බව පෙනේ.තව වසර කිහිපයකින් සම්පූර්ණ නෞකාවම විනාශ වී යන බව විද්‍යාඥයින් පවසයි.😥
-තොරතුරු අන්තර්ජාලයෙන්(youtube) ලබාගෙන ලිපිය සකස් කරන ලදි-

ගෝත්‍රිකයෝ

17 Dec, 11:47


සතියක මහන්සිය වෙනුවෙන් සතුටුදායක අවසානයක්

ගෝත්‍රිකයෝ

17 Dec, 11:45


බූරුවෙකු ගසකට බැඳ තිබිණි භූතයෙක් ඇවිත් ලනුව ලිහා දැමුවේය. එවිට බූරුවා කුඹුරකට දිව ගොස් වගාව විනාශ කිරීමට පටන් ගත්තේය.

කුඹුර හිමි ගොවියාගේ බිරිඳ මෙය දුටු විට ඇය බූරුවාට වෙඩි තබා මරා දැමුවාය. බූරුවාගේ හිමිකරු කොතරම් කලබල වීද යත් ඔහු එසැනින් ගොවියාගේ බිරිඳට වෙඩි තැබීය.

ගොවියා ආපසු පැමිණි විට, තම බිරිඳ මියගොස් ඇති බව දැක දුවගොස් බූරුවාගේ හිමිකරුට වෙඩි තැබීය.

බූරුවාගේ අයිතිකරුගේ බිරිඳ තම පුතුන්ට ඔවුන්ගේ පියාගේ මරණයට පළිගැනීමට ගොවියාගේ නිවස ගිනිබත් කරන මෙන් ඉල්ලාසිටියේය.

පිරිමි ළමයින් සවස් වරුවේ ගොස් ගොවියා ද නිවස සමඟ පණපිටින් පිලිස්සෙනු ඇතැයි උපකල්පනය කරමින් මවගේ නියෝගය සතුටින් ඉටු කළහ.

කෙසේ නමුත් ඔවුන් එසේ ගිනිතබන විට ගොවියා ගෙදර නොසිටියේය. ආපසු පැමිණි විට,තම නිවසේ පිලිස්සීගිය සැකිල්ල දුටු ඔහු වහාම ගොස් බූරුවාගේ අයිතිකරුගේ බිරිඳ සහ පුතුන් දෙදෙනාට වෙඩි තැබීය.

සිදුවූ සියල්ලෙන් පසුතැවිල්ලට පත් ගොවියා භූතයාගෙන් ඇසුවේ "ඇයි මේ සියලු භයානක දේ මෙලෙස සිදුකලේ" කියා

භූතයා පිළිතුරු දෙමින්,

“ඇයි, මම කිසිවක් කළේ නැහැ!
බූරුවා නිදහස් කිරීම හැර.
තම තමන්ගේ අභ්‍යන්තර යක්ෂයා අවධිකර, අත්තනෝමතික ලෙස ක්‍රියාකොට ඔහුව නිදහස් කළේ ඔබ සැවොමය” කීවේය.

ඔබට එය තේරුණාද?

👻 භූතයා කිසිවක් නොකරන නමුත් නපුරු චේතනා බවට හැරී අන් අයට හානියක් කිරීමට ඔබ තුළ ඇති හැකියාව අවුලුවාලමින් ඔබව අවදි කරයි.

පළිගැනීමට, ප්‍රතිචාර දැක්වීමට, වාර්තා කිරීමට, තරවටු කිරීමට හෝ පළිගැනීමට පෙර ඊළඟ වතාවේ කෙටි විරාමයක් තබා සිතන්න.

ප්‍රවේශම්වෙන්න.

බොහෝ විට, යක්ෂයාට කළ යුතු එකම දෙය නම් බූරුවා අපෙන් නිදහස් කිරීමයි.

අද මේ වනවිටත් අපේ ජනමාධ්‍ය , සමාජ මාධ්‍ය සග දේශපාලනඥයින් අපේ මනසේ සිටින බූරුවා නිදහස් කරමින් සිටී.

ඔවුන්ගේ උත්තේජනයෙන් ජීවිතයේ කිසි දිනෙක දැක නැති අයට පරුෂ වචනයෙන් බනිමින් අපි බූරුවා මෙන්ම හැසිරෙමින් සිටිමු. ක්‍රියාත්මක වන්නටපෙර නැවතත් සිතන්න.....
දැන් බූරුවෙක් නිදහස් කරලද මන්ද .......කියල හිතෙනවා .... මේක අනාගත වාක්‍යයක් ..... 🤔🤔🤔🤔🤔🤔

ගෝත්‍රිකයෝ

16 Dec, 14:50


1965 දී, මධ්‍යම යුක්රේනයේ Mezhrich නම් ගම්මානයේ ගොවියෙකුට අහම්බෙන් දැවැන්ත මැමත් සත්වයෙකුගේ යටි හකු කිහිපයක් හමුවිය. පසුව සිදු කරන ලද විමර්ශනයකදී හෙළි වූයේ එහි දැවැන්ත අස්ථි වලින් සාදන ලද පැල්පත් හතරක් ඇති අතර එහි මුළු අස්ථි 149 ක් තිබී ඇත. වසර 15,000කට පමණ පෙර දිවෙන මෙම වාසස්ථාන ප්‍රාග් ඓතිහාසික මානවයන් විසින් ඉදිකරන ලද පැරණිතම වාසස්ථාන ලෙස සැලකේ.
මැමත් ඇටකටු සහ ඇත්දළවලින් සාදන ලද මෙම පැල්පත් කුටි රවුම් රටාවකට සකස් කර ඇති අතර විෂ්කම්භය මීටර් 6 සිට 10 දක්වා විය. සාමාන්‍යයෙන්, ව්‍යුහයේ මධ්‍යයේ උදුනක් පිහිටා ඇති අතර, ගල් ආයුධ සහ අනෙකුත් සුන්බුන් ඒ අවට විසිරී තිබී ඇත. සමහර විට සත්ව හම්වලින් වැසී තිබෙන්නට ඇති මෙම වාසස්ථාන එකල පරිසරයට ආවේණික වූ අධික ශීතල සහ තද සුළංවලින් ආරක්‍ෂා වීමට සැලසුම් කර ඇති බව උපකල්පනය කෙරේ. Rosava සහ Ros ගංගා එක්වන ස්ථානයට නුදුරින් පිහිටි Mezhyrich අඩවිය, ප්‍රාග් ඓතිහාසික ජීවිතයට මානව අනුවර්තනය වීම පිළිබඳ ඉතා හොඳ අවබෝධයක් ලබාගත හැකි සථානයකි

#Bee3

ගෝත්‍රිකයෝ

15 Dec, 14:43


ආහ් එතකොට අනිත් දෙක..( රුවනි මිස් එකවරම කීවාය. )

හ් හ් හා...අනිත් දෙක...හ් හ් හා..

දැක්කද සර් ඕකනෙ මම කිව්වේ මේක මෙයාගේ ගැටයක්..දහම් ගැටයක් නෙවෙයි..

මිස්..පොඩ්ඩක් අහන්නකෝ.. "තණේ" කියන්නේ ඔයා ඔය හිතාගෙන ඉන්න එකක් නෙවෙයි තණේ කියන්නේ තෘෂ්ණාවට..තණ්හාවට.."වැනේ" කියන්නේ වැනසෙනවා කියන එක..අනේක ප්‍රාණීහූ තෘෂ්ණාවෙන් වැනසෙත්..
තවත් හොඳටම තේරෙන්න කිව්වොත් නොයෙක් ආකාරයේ මිනිසුන් තණ්හාව නිසා විනාශයට පත්වෙනවා කියන එකයි. ඉතිං සර් මම professional විධියට තමයි ඕක කිව්වේ..මම ආයෙමත් කියනවා මේක දහම් ගැටයක්..

රුවනි මිස් බලන්න ඒකේ තේරුම..නිකං අපි මේ සර්ව සැක කළානේ..( විදුහල්පතිතුමා ඔළුව කසමින් )

අනේ සර්..I’m really sorry..

හරි දැන් කරන්න දෙයක් නෑ..සරත් සර්..හෙට උදේ රැස්වීමෙදි ඔය දහම් ගැටය ගැන ළමයින්ව දැනුවත් කරන්න..නැත්නම් ඕකට ළමයි වැරදි අර්ථයක් දෙනවා..

හොඳමයි සර්..ගිහින් එන්නම්..

විදුහල්පති නිළ කාමරෙයෙන් පිටතට ආ සරත් සර් නැවතත් බුලත් පයිය අතට ගෙන බුලත් විටක් සප්පායම් වීමට සැරසුණේය..

Excuse me සරා..ඔයා මාත් එක්ක තරහයිද ?

( මේ මොන මඟුලක්ද ඒ පාර..? සරත් සර් තමාටම කියා ගත්තේය. )

ආහ්..නෑ..නෑ..තරහ නෑ..

Sorry අනේ ඉතිං..

හරි හරි..

ඔය මොකද්ද සරා ඔය චූටි බෑග් එක ? මොනවද ඕකේ තියෙන්නේ ?

ආහ්..මේ මේකද ?

මේ බුලත් පයියක්..

මොකක්...චීයා...වනචරයා..

- ©

ගෝත්‍රිකයෝ

04 Dec, 04:13


ලෝකයේ විශාලතම පාවෙන ව්‍යුහය😱😱😱

ට්‍රොල් ඒ වේදිකාව යනු 1991 ඉදිකළ නෝර්වේ හි බටහිර වෙරළට ඔබ්බෙන් පිහිට වූ ස්වාභාවික වායු වේදිකාවකි. එය මෙතෙක් වෙනත් ස්ථානයකට ගෙන ගොස් ඉදිකර ඇති උසම හා බරම ව්‍යුහය වන අතර මෙය ඉතිහාසයේ විශාලතම හා වඩාත්ම සංකීර්ණ ඉංජිනේරු ව්යාපෘති අතර වේ.

Troll A වේදිකාවේ සමස්ත උස මීටර් 472 ක් වන අතර බර ටොන් 683,600 (බැලස්ට් සමඟ ටොන් මිලියන 1.2) ක් සහ මානව වර්ගයා විසින් මෙතෙක් ගෙන ගිය උසම හා බරම ව්‍යුහය ලෙස වාර්ථාව ලබා ඇත. වේදිකාව මුහුදේ මතුපිට සිට මීටර් 303 ක් පහළින් මුහුදු පත්ලේ පිහිටා ඇති අතර අඛණ්ඩව ලිස්සා යන කොන්ක්‍රීට් සිලින්ඩරාකාර කකුලක සෝපානයක් ඇති අතර එය වේදිකාවේ සිට ගමන් කිරීමට මිනිත්තු නවයකට වඩා ගත වේ.

උතුරු මුහුදේ Troll A පිහිටා ඇත්තේ නෝර්වේ හි බර්ගන් සිට වයඹ දෙසින් කිලෝමීටර් 80 ක් ඔබ්බෙන් ය. Troll A ගුරුත්වාකර්ෂණ මූලධර්මයට අයත් වේ.එනම් එහි බර නිසා එය මුහුදු පත්ලේ රැඳී ඇත. වේදිකාව ඉදිකිරීම සඳහා එවකට ඩොලර් මිලියන 650 ක් වැය විය.

ට්‍රොල් ඒ වේදිකාව ඉංජිනේරු ක්ෂේත්‍රයේ සන්ධිස්ථානයක් වන අතර ගිනස් පොතේ වාර්තා කිහිපයක් පිහිටුවා ඇත. 1996 දී, එය ලෝකයේ විශාලතම ස්වභාවික වායු වේදිකාව ලෙස වාර්තාව පිහිටුවීය. 2006 දී ගායිකා Katie Melua එහි පාදමේ ප්‍රසංගයක් පැවැත්වූ අතර මුහුදු මට්ටමේ සිට මීටර් 303 ක් පහළින් ගැඹුරුම දිය යට ප්‍රසංගය සඳහා වාර්තාවක් පිහිටුවීය.

Troll A වේදිකාව නෝර්වේහි ආර්ථික සංවර්ධනයට ඉතාමත් වැදගත් අයුරින් දායක වී ඇත.නෝර්වේ ලෝකයේ විශාලතම ස්වාභාවික ගෑස් අපනයනය කරුවන්ගෙන් කෙනෙකි. මීට අමතරව, ගල් අඟුරු හෝ ඩීසල් හා සසඳන විට ස්වාභාවික වායු පිරිසිදු විකල්පයක් වන බැවින් මෙම වේදිකාව කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අඩු කිරීමට සහ වාතයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමට උපකාරී වී ඇත.
Troll A වේදිකාවේ ඉදිකිරීම් සහ ක්‍රියාත්මක කිරීමේදී භාවිතා කරන ලද තාක්ෂණය අති විශිෂ්ඨ එකක් විය. ඒ සමඟ Troll A වේදිකාව නවීන තාක්ෂණය භාවිතා කරමින් පාරිසරික බලපෑම අවම වන අයුරින් ඉදිකර ඇත.

සාරාංශයක් ලෙස, Troll A in the North Sea නෝර්වේ ආර්ථික සංවර්ධනයට දායක වී ඇති අතර කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අඩු කිරීමට සහ වාතයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට උපකාරී වූ Shell සතු ස්වභාවික වායු නිස්සාරණ වේදිකාවකි. එහි ඉදිකිරීම් සහ මෙහෙයුම් සඳහා භාවිතා කරන ලද තාක්ෂණය විප්ලවීය වන අතර පාරිසරික බලපෑම අවම කර ඇත.

#Bee3

ගෝත්‍රිකයෝ

01 Dec, 11:55


🗣️ ඉංග්‍රීසි ක්‍රිකට් විස්තර විචාරය අතරතුර ඔබට නිතර ඇසෙන වදන් කිහිපයක් සහ ඒවාගේ තේරුම් - 2 කොටස

- Asking rate (ආස්කින් රේට්) - සාමාන්‍යයෙන් සීමිත පන්දුවාර තරගවල හඹායන කණ්ඩායමකට ජයගැනිමට අවශ්‍ය ලකුණු වේගය

- Heavy ball (හෙවී බෝල්) - සාමාන්‍යයෙන් පන්දුයවන්නෙක් එල්ල කරන වැඩි වේගයෙන් පැමිණ පිත්තෙ තදින් වදින පන්දු

- Hoick (හොයික්) - සාමාන්‍යයෙන් පිතිකරුවාගේ පාද පැත්තෙන් (Leg/on side) වැරෙන් එල්ල කරන පහරක්

- In - ducker (ඉන් ඩකර්) - පිතිකරුවා දෙසට අවසන් මොහොතේ දෝලනය වන ඉන්ස්වින්ගර් පන්දුවක්

- Leading edge (ලීඩින් එජ්) - පිතිකරුවාගේ පිත්තෙ කොනක වැදී පහර එල්ල කරන දිශාවට විරුද්ධ දිශාවට පන්දුව ඇදී යාම

- Loop (ලූප්) - පන්දුව ගුවනේ පා කොට යැවීම. දග පන්දුයවන්නන්ට විශේෂය

- Meat of the bat (මීට් ඔෆ් ද බැට්) - පිතිකරුවෙක් එල්ල කරන පහරක් පිත්තේ මැද වැදී යාම පිතිකරුගේ කල් මැනීමේ සාර්ථකත්වය පෙන්වීමට

- Stock ball (ස්ටොක් බෝල්) - සාමාන්‍යයෙන් පන්දුයවන්නෙක් වැඩිපුර යවන පන්දුව ලකුණු පාලනයට මෙන්ම තම පන්දු සංකලනය භවිතයට වැදගත් පන්දුවක්

- Rock (රොක්) - ක්‍රිකට් පන්දුව හැදින්වීමට භාවිත කරන තවත් නමක්

- Cherry (චෙරී) - ‍රතු ටෙස්ට් පන්දුවට තවත් නමක්

- Played - on (ප්ලේඩ් ඔන්) - පිතිකරුවා විසින්ම එල්ල කළ පහරකින් පන්දුව කඩුල්ලෙ වැදීම

- Minefield (මයින් ෆීල්ඩ්) - ඉපිලීම නිසා පිතිකරණයට ඉතා අපහසු තණතීරුවක්

- Penultimate over (පෙනල්ටිමේට් ඕවර්) - අවසන් පන්දුවාරයට පෙර පන්දුවාරය

- Dead rubber game (ඩෙඩ් රබර් ගේම්) - යම්කිසි තරගාවලියක අවසන් ජයග්‍රාහක තීරණය කරන ප්‍රතිඵලයට බලපෑමක් කළ නොහැකි තරගයක්

- Right on the money (රයිට් ඔන් ද මනී) - ක්‍රීඩකයෙක් පිතිකරණයේ , පන්දුයැවීමේ හෝ පන්දුරැකීමේ තමන්ට දෙන රාජකාරිය හරියටම ඉටු කරන අවස්ථාවකට

- Blockhole (බ්ලොක්හෝල්) - පිතිකරුවෙක් තම ඉන්න ලබාගෙන පිත්ත තබාගන්නා ස්ථානය සහ දෙපා අතර ඉඩකඩ

- Stick (ස්ටික්) - ක්‍රිකට් පිත්තට

- Willow (විලෝ) - ක්‍රිකට් පිත්තට

- Furniture (ෆර්නිචර්) - කඩුලු ඉනි වලට

- Poles (පෝල්ස්) - කඩුලු ඉනි වලට

- Hittng downtown (හිටින් ඩවුන්ටවුන්) - පන්දුයවන්නාගේ හිසට ඉහළින් කෙලින් එල්ල කරන පහරකට

- Sniff (ස්නිෆ්) - පිතිකරුවාගේ නාසයට ආසන්නයෙන් යන බවුන්සර් පන්දුවකට

- Textbook shot (ටෙක්ස්ට් බුක් ෂොට්) - තාක්ෂණයෙන් ඉතාම නිවැරදි පොතේ හැටියට එල්ල කළ පහරක්

- Top - notch (ටොප් නොච්) - ක්‍රිඩකයෙක් තම දක්ෂතා උපරිමයෙන් දක්වන අවස්ථාවක් විස්තර කිරීමට

- Perfectly executed (ෆර්ෆෙක්ට්ලි එක්සිකියුටඩ්) - ක්‍රීඩකයෙක් එල්ල කිරීමට උත්සහ කළ පහරක් හෝ පන්දුවක් සැලසුම් කළ ආකාරයටම සාර්ථක වීමක්

- Dance down the wicket (ඩාන්ස් ඩවුන් ද විකට්) - පිතිකරුවා සීමාවෙන් ඉදිරියට පැන එල්ල කරන පහරකට

- Feather (ෆෙදර්) - පිත්තෙ කොනක පන්දුව වැදි ඇදීයාම

- Through the gate (තෲ ද ගේට්) - පිතිකරුගේ පිත්ත සහ දෙපා අතර ඇති හිදැසින් පන්දුවක් ඇදී යන අවස්ථාවක

- Jack (ජැක්) - අංක 11 පිතිකරුවා

- Milking the bowling (මිල්කින් ද බෝලින්) - පිතිකරුවෙක් පන්දුයවන්නන්ට ඉතාම පහසුවෙන් පහර දෙන අවස්ථාවක

- Playing with soft hands (ප්ලෙයින් විත් සොෆ්ට් හෑන්ඩ්ස්) - පිත්ත ලිහිල්ව ග්‍රහණය කොට ගෙන පන්දුවට් පහර දීම

- Steaming in (ස්ටීමින් ඉන්) - වේගපන්දුයවන්නෙක් පන්දුව එල්ල කිරීමට වේගයෙන් සීමා ඉර දෙසට දිව ඒම

- Strike bowler (ස්ට්‍රයික් බෝලර්) - ලකුණු පාලනයට වඩා ඉක්මනින් කඩුලු ලබාගැනිමට දක්ෂ පන්දුයවන්නා

- Skier (ස්කයර්) - පිතිකරුගේ කල්මැනිම අසාර්ථක වීම නිසා පිත්තෙ වැදී අහසේ ඉහළට නගින පන්දුවක්

- Strangled down the leg (ස්ට්‍රැන්ගල්ඩ් ඩවුන් ද ලෙග්) - පාදය පැත්තෙන් යන පන්දුවක් ග්ලාන්ස් කිරීමට යන අවස්ථාවක පිත්තෙ වැදී කඩුලු රකින්නා රැක ගැනීම

- Slip cordon (ස්ලිප් කොර්ඩන්) - ස්ලිප් , ගලී ඇතුලු පිතිකරුවාට පසුපස ආසන්නයෙන් සිටින පන්දුරකින්නන් පිරිස

SRI සහෝ

ගෝත්‍රිකයෝ

28 Nov, 20:26


ලොව පුරා ඇති පිරමීඩ😯😯😯

පිරමිඩ ලොව පුරා දක්නට ලැබේ. පර්යේෂකයන් විසින් නව්‍ය තාක්‍ෂණය භාවිතා කරමින් ඒවා සොයාගැනීම් සිදු කරයි. මෙයින් අදහස් කරන්නේ සොයාගත් පිරමිඩ ලැයිස්තුව නිරන්තරයෙන් වෙනස් වන බවයි. පිරමීඩ ලොව පුරා දහස් ගණනක් ඇති බව සැලකේ.

ලෝකයේ පිරමිඩ ඇති රටවල් කිහිපයක් මෙන්න.(සියල්ලම සඳහන් නොවේ)

ඊජිප්තුව

ඊජිප්තුවේ පිරමීඩ 135 ක් පමණ සොයාගෙන ඇත. ඊජිප්තුවේ කයිරෝ අසල ගීසාහි මහා පිරමීඩය සහ ඒ අසල ඇති කුඩා පිරමීඩය, ස්පින්ක්ස් ප්‍රතිමාව සමගින්, ලොව වඩාත් ප්‍රසිද්ධ පිරමිඩ අඩවිය මෙය වේ. මුලින් ඊජිප්තු පාරාවෝවරුන්ගේ සොහොන් ගෙවල් යැයි සිතූ නමුත් ඇතැමුන් සිතන්නේ ඒවා ඒ වෙනුවට බලශක්ති උත්පාදන පද්ධති ලෙස පිරමීඩ ක්‍රියා කල බවයි.

සුඩානය

ඊජිප්තුව ආසන්නයේ ඇති සුඩානයේ ඊජිප්තුවට වඩා පිරමිඩ තිබේ. සුඩානයෙන් පිරමිඩ 240ක් පමණ සොයාගෙන ඇත. ඒවා Nubian පිරමිඩ ලෙස හැඳින්වේ. ඒවා ඉදිකරන ලද්දේ කුෂිට් රාජධානිය විසිනි.

නයිජීරියාව

නයිජීරියාවේ සොයාගත් Nsude පිරමිඩ දහයක් ඇත.

නයිජර්

නයිජර් හි පිරමිඩ දෙකක් සහ එහි ස්ෆින්ක්ස් ප්‍රතිමාවක් ඇත.

මෙක්සිකෝව

Chichen Itza සහ Calakmul හි El Castillo වැනි අතිවිශිෂ්ට මායා පිරමිඩ යුකැටන් අර්ධද්වීපයේ දක්නට ලැබේ. ටෙනොච්ටිට්ලාන් වැනි ඇස්ටෙක් පිරමිඩ පිහිටා ඇත්තේ මෙක්සිකෝ නගරය ආසන්නයේ රටේ මධ්‍යම කොටසේය. Quetzalcoatl හි පඩිපෙලක් සහිත පිරමීඩය ද මෙම ප්‍රදේශයේ දක්නට ලැබේ. එය පුරාණ ටූලා නගරයේ ටොල්ටෙක් අධිරාජ්‍ය සමයේ ඉදිකරන ලද්දකි. Cholula හි මහා පිරමීඩය පෘථිවියේ විශාලතම පිරමීඩය වන අතර එය Giza හි මහා පිරමීඩයටත් වඩා විශාලය.

ගෝතමාලාව

උතුරු ග්වාතමාලාවේ ටිකාල් හි විශාල පඩි සහිත පිරමිඩ හයක් අඩංගු වේ.

හොන්ඩුරාස්

පුරාණ නගරයක් වන කෝපන් හි පඩි සහිත පිරමිඩ පිහිටා ඇත්තේ ග්වාතමාලාවේ මායිම අසල හොන්ඩුරාස් හි ය.

පේරු

මචු පිච්චු යනු පේරු හි සොයාගත් සුප්‍රසිද්ධ පුරාණ නගරයකි, නමුත් එහි පිරමිඩ නොමැත. පේරු හි අනෙකුත් ප්‍රදේශවලින් අවම වශයෙන් පිරමිඩ 30ක් සොයාගෙන ඇත.

බ්රසීලය

නව්‍ය තාක්‍ෂණය භාවිතා කරමින්, පර්යේෂකයන් පිරමිඩ ඇතුළු සැඟවී ඇති විශාල නගර අනාවරණය කර ගැනීම සඳහා විශාල කැලෑ ප්‍රදේශ ස්කෑන් කර ඇත. එහිදී අනුමාන ලෙස සොයාගත් පිරමීඩ ලොව පැරණිතම පිරමිඩ වන අතර ඊජිප්තුවේ පිරමීඩ වලට පෙර ඒවා වේ. බ්‍රසීලයේ නැතිවූ පිරමිඩ 1,000ක් හෝ ඊට වැඩි ගණනක් ඇතැයි ගණන් බලා ඇත, තවමත් ස්ථීර ලෙස සොයා ගැනීමට සමත් වී නැත.

චීනය

සොහොන් ගෙවල් ලෙස භාවිතා කරන පිරමිඩ බොහොමයක් චීනයේ ඇත. Xi'an හි මහා සුදු පිරමීඩය ලෙස හඳුන්වන පුරාවෘත්තය අභිරහසකි. පැරණි ඡායාරූප තිබුණත් පිරමීඩය සැබෑද නැද්ද යන්න නිශ්චිත නැත.

ඉන්දුනීසියාව

Candi Sukuh යනු ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා හි පඩි සහිත පිරමිඩ විහාරයකි.

ඉරාකය

උර් හි සිග්ගුරාට් යනු සුමේරියානුවන්ගේ කාලයේ සිට දැවැන්ත පඩි සහිත පිරමීඩයක් ඇත.

බොස්නියාව

බොස්නියාවේ විසෝකෝ හි සොයාගනු ලැබුවේ ඊනියා බොස්නියානු පිරමිඩ වේ. සමහරු හිතන්නේ ස්වභාවික කඳු බවයි.

#Bee3

ගෝත්‍රිකයෝ

28 Nov, 09:50


නවතම DNA පරීක්ෂණ මඟින් පෙන්නුම් කරන්නේ පොම්පෙයිහි මළවුන් අප සිතූ අය නොවන බවයි.

ක්‍රි.ව. 79 දී විසුවියස් කන්ද පුපුරා යාමෙන් පසු සංරක්ෂණය වුන පොම්පෙයි හි ගොදුරු වූවන්ගේ දේහයන් දිගු කලක සිට කතා බහට ලක්වුණු මාතෘකාවක් වී ඇත. මෙම පුද්ගලයින් ඔවුන් කවුරුන්ද සහ ඔවුන් සම්බන්ධ විය හැකි ආකාරය බොහෝ විට නූතන උපකල්පන පමණකි.

නමුත් නව ජාන විශ්ලේෂණය මෙම අර්ථකථනවලට අභියෝග කරන අතර, ඔවුන්ගේ අනන්‍යතාවයන් පිළිබඳ විස්මිත සත්‍යයන් හෙළි කරයි. වත්මන් ජීව විද්‍යාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයෙන් පෙන්නුම් කරන්නේ ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කලින් සිතූ පරිදි එකිනෙකාට කිසිම සම්බන්ධයක් නොමැති අතර ඔවුන් උතුරු අප්‍රිකාව සහ නැගෙනහිර මධ්‍යධරණී ප්‍රදේශ ඇතුළු විවිධ සම්භවයක් ඇති අය බවයි.

එක් කැපී පෙනෙන උදාහරණයක් නම්, "හවුස් ඔෆ් ද ගෝල්ඩන් බ්‍රේස්ලට්" තුළ තිබී සොයා ගත් සිරුරු හතර කලින් පවුලක් ලෙස සැලකූ පියා, මව සහ දරුවා නවතම DNA සාක්ෂි මගින් හතර දෙනාම පිරිමින් සහ ඔවුන් අතර කිසිම සම්බන්ධයක් නොමැති බව පෙන්වා දෙයි.

ඒ හා සමානව, "House of the Cryptoporticus" වෙතින් අනුමාන කරන ලද මව සහ දියණියගේ ජාන පරීක්ෂාවේදී, එක් සිරුරක් පිරිමි බව හෙළි විය. මෙම සොයාගැනීම් රෝම අධිරාජ්‍යය සමයේ පොම්පෙයි හි ජනගහනයේ විවිධ ජාතින් සිට ඇතිබව පිළිබිඹු කරයි.

පර්‍යේෂකයින් මෙතෙක් කල් සිතා සිටි උපකල්පන මේ වනවිට දැඩි අභියොගය ලක් වී ඇත.

#Bee3

ගෝත්‍රිකයෝ

28 Nov, 09:49


රෝම කාසි !

වසර 1,700කට පෙර රෝම අධිරාජ්‍යය දක්වා දිවෙන මෙම විශිෂ්ට කාසි තොගය 2016 අප්‍රේල් මාසයේදී සොයා ගන්නා තෙක් පොළව යට සැඟවී තිබුණි. ස්පාඤ්ඤයේ සෙවිල් නඟරය අසල ඉදිකිරීම් කටයුතු වල යෙදී සිටි කම්කරුවන් විසින් තුන්වන සියවසේ අගභාගයේ සහ හතරවන සියවසේ මුල් භාගයේ පැවති ලෝකඩ කාසි 50,000කට අධික ප්‍රමාණයක් අඩංගු ඇම්ෆෝරා 19ක් සොයා ගන්නා ලදී. රාත්තල් 1,300 ඉක්මවන මෙම කාසි ඉතා සූක්ෂම ලෙස සඟවා තිබුණි. එය ස්පාඤ්ඤයෙන් මෙතෙක් සොයාගත් විශාලතම රෝම කාසි තොගය ලෙස වර්ගීකරණය කර ඇත. එය පුරාණ රෝමානු ආර්ථික පිළිවෙත් සහ අස්ථාවර කාලපරිච්ඡේද මධ්‍යයේ ධනය සුරක්ෂිත කිරීම සඳහා භාවිතා කරන ලද ක්‍රම පිළිබඳව අගනා අවබෝධයක් ලබා දෙයි.

ගෝත්‍රිකයෝ

27 Nov, 18:57


පාතාල ලෝකයේ දොර!

සයිබීරියාවේ ඇති අද්භූත Batagaika ආවාටය විද්‍යාඥයින් සහ ප්‍රදේශවාසීන්ගේ සිත් ඇදගන්නා සුළුය. යානා ගඟ අසල පිහිටා ඇති මෙම සංසිද්ධිය දිය ඇල්ලක හැඩයෙන් යුක්ත වන අතර එය කිලෝමීටරයක් ​​දිග සහ මීටර් 100 කට ආසන්න ගැඹුරකින් යුක්ත වන අතර එය වේගයෙන් වර්ධනය වේ.

වනාන්තර විනාශයෙන් පසු 1960 ගණන්වල දී පිහිටුවන ලද සහ දේශගුණික විපර්යාසයන් මගින් වේගවත් වූ මෙම ආවාටය පුරාණ දේශගුණය සහ පරිසර පද්ධති පිළිබඳ වටිනා තොරතුරු රැසක් සපයයි. නමුත් ප්‍රදේශයේ වැසියන් සඳහා, මෙය පාතාලයට දොරක් විවෘත කිරීමක් ලෙස විස්තර කරන අතර ඒ සදහා ජනප්‍රවාද රැසක් ද ඇත

-මලර්-

ගෝත්‍රිකයෝ

27 Nov, 07:33


විශ්මිත Anjihai Grand Canyon.
Xinjiang China 😮🇨🇳

Hongsha (Red Mountain) Grand Canyon ලෙසද හැඳින්වෙන Anjihai Grand Canyon, Tiashan කඳුකරයේ උතුරු කඳු පාමුල වර්ණවත් පීත්ත පටියක් මෙන් පිහිටා ඇත. එය කඳු බෑවුම්,පාෂාණ සහ දීප්තිමත් වර්ණ සහිත ගල් වලින් සමන්විත දර්ශනීය ස්වභාවික ආශ්චර්යයකි.

කැනියොන් දිග කිලෝමීටර් 300 ක් පමණ වන අතර ගැඹුර මීටර් 400 ක් පමණ වේ. වසර සිය දහස් ගණනක් තිස්සේ තැනිතලාව හරහා ගංගා ගලා ගොස් මෙම සිත් ඇදගන්නාසුළු කැනිය සෑදී ඇත. ජලය පසෙහි ස්ථර සෝදා විසුරුවා හරින අතර, මතුපිට වර්ණ අංශු ඉතිරි කරයි.

#reading #travel #dreamtrava

ගෝත්‍රිකයෝ

25 Nov, 11:31


මැද පෙරදිග තත්වය
=================
ලෙබනන යුධ පෙරමුණ

ඊයේ දිනය ලෙබනන යුධ පෙරමුණේ සුවිශේෂී දිනයක්.
ඊයේ ඊශ්‍රායල හමුදාව කියාම් නගරය අල්ලා ගැනීමට නැවත වරක් උත්සහ කළා. මීට දින කීපයකට පෙරත් ඔවුන් කියාම් නගරය වෙත පැමිණියත් හෙස්බොල්ලා සංවිධානයේ බරපතල ප්‍රතිප්‍රහාර හමුවේ පසු බැස යාමට සිදු වුනා.

ඊයේත් ඔවුන්ගේ ප්‍රයත්නය සාර්ථක වුනේ නෑ. අතිශය දරුණු සටනකින් පසු ඊශ්‍රායල හමුදාවට පසු බැසීමට සිදු වුනා. තහවුරු නොකළ වාර්තාවල කියැවෙන අන්දමට ඊශ්‍රායල සෙබළු පිරිසක් කියාම් නගරය තුල කොටුවී ඇති අතර, හෙස්බොල්ලා සංවිධානය ඔවුන්ව යුධ සිරකරුවන් ලෙස අත් අඩංගුවට ගැනීමට තැත් කර තියෙනවා. එවිට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ඊශ්‍රායල සෙබළුන් සියල්ලම මරා දමා තියෙනවා. මේ පුවත ඊශ්‍රායලය හෝ හෙස්බොල්ලා සංවිධානය නිල වශයෙන් තහවුරු කර නැතත්, ලෙබනනයේ යුධ වාර්තා කරුවන් විසින් වාර්තා කර තියෙනවා.

සතුරාගේ අත් අඩංගුවට පත් වන තමාගේම සෙබළුන් මරා දැමීම ඊශ්‍රායල හමුදාවේ ප්‍රතිපත්තියක්. ඉන් බලාපොරොත්තු වන්නේ ප්‍රාණ ඇපකරුවන් හුවමාරුවට ඉඩ නොතැබීම. මේ ප්‍රතිපත්තිය හැඳින්වෙන්නේ "හැනිබල් අණ" (Hannibal directive) නමින්. මෙය LTTE සංවිධානයේ සාමාජිකයන් සයනයිඩ් කරලක් පැළඳීමට සමානයි. රටක නිල යුද්ධ හමුදාවක් නිල වශයෙන් මෙවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කරන එකම අවස්ථාව මෙය.

ඒ වගේම ඔක්තෝබර් 7 වැනිදා ප්‍රහාරයේදී හමාස් සටන්කාමීන් විසින් පැහැරගෙන යන ඊශ්‍රායල සිවිල් වැසියන් හෙලිකොප්ටර් වල සිට එල්ල කෙරුණු ගුවන් ප්‍රහාර වලින් මරා දැමුණු බවටද සාක්ෂි ලැබී තියෙනවා.

ඊශ්‍රායලය පෙරේදා බේරූට් නගරයට දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල කළා. තට්ටු අටක සිවිල් වැසියන් වාසය කරන ගොඩනැගිල්ලකට එල්ල කළ මේ ප්‍රහාරය හෙස්බොල්ලා සංවිධානයේ නායකයා ඉලක්ක කරගෙන එල්ල කළ ප්‍රහාරයක් යැයි සැක කෙරුනත්, ඔහුට හානියක් සිදුවූ බවට තොරතුරු නෑ. මේ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 20 කට අධික ප්‍රමානයක් මිය ගියා.

හෙස්බොල්ලා සංවිධානය මෙයට ප්‍රතිචාර දැක්වූයේ ඊයේ දිනය පුරාම උතුරු හා මධ්‍යයම ඊශ්‍රායලයේ නගර ගණනාවකට නොකඩවා එල්ල කළ දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවකින්. මේ මිසයිල ප්‍රහාර වල ප්‍රධාන ඉලක්කයන් වුනේ ටෙල් අවිව්, හයිෆා, නහරියා නගර සහ ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ මූලස්ථාන ගොඩනැගිල්ල. මිසයිල සහ ඩ්‍රෝන 500 ක් පමණ යොදා ගැනුනු මේ ප්‍රහාරයෙන් ඉලක්ක වලට සැලකිය යුතු හානි සිදුවුනා. යුද්ධයේ මේ දක්වා හෙස්බොල්ලා සංවිධානය එල්ල කළ විශාලතම ගුවන් ප්‍රහාරය මෙයයි.

ඊට සමගාමීව ඉරානය විසින් ඊශ්‍රායලයට එරෙහිව ප්‍රහාරය සඳහා සැලසුම් කරමින් සිටින බවට නිවේදනයක් නිකුත් කළා. මේ නිසා හෙස්බොල්ලා ප්‍රහාරය ඉරාන ප්‍රහාරයේ "පෙර ගමන්කරුවෙක්" දැයි සැක මතු වී තියෙනවා.
=================

රාජ්‍ය තාන්ත්‍රික පුවත්

ඇමරිකාව මූලිකත්වයෙන් කෙරුණු ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාම ගිවිසුමට ලෙබනන පාර්ශවයෙන් සම්පූර්න කැමැත්ත පළ වී ඇති බවත්, දැන් ඇත්තේ ඊශ්‍රායල පාර්ශවයේ කැමැත්ත ලබා ගැනීම පමණක් බවත් ඇමරිකාව වෙනුවෙන් මේ සඳහා මැදිහත් වුනු අමොස් හොච්ස්ටෙයින් ප්‍රකාශ කළා. ඒ එක්කම ඔහු ප්‍රකාශ කළේ "ඉදිරි දින කිහිපය තුල දෙපාර්ශවයම එකඟතාවයකට නොපැමිණිනොත්, ඔහු සාකච්ඡා වලින් ඉවත් වන" බව. මේ අනුව ඊශ්‍රායල අගමැති වරයා සටන් විරාමයකට එලැඹීමට පැකිලෙමින් සිටින බව සහ අමොස් හොච්ස්ටෙයින් ඒ පිළිබඳව දැඩි කෝපයෙන් සිටින බව අනුමාන කළ හැකියි.

ඊයේ ඊශ්‍රායල හමුදා ප්‍රහාරයකින් ලෙබනන රජයේ හමුදා සෙබළු දෙදෙනෙක් මිය ගිය අතර 15 දෙනෙක් තුවාල ලැබුවා, ලෙබනන රජය ඊට ඊශ්‍රායලය වෙත දැඩි විරෝධය එල්ල කර තියෙනවා. ලෙබනන අගමැති වරයා චෝදනා කර ඇත්තේ ඊශ්‍රායලයට සටන් විරාමයකට එලැඹීමට අවශ්‍යතාවයක් නොමැති බවට මෙය උදාහරණයක් බව.

හමාස් සංවිධානය ප්‍රකාශ කලේ ඔවුන් භාරයේ සිටි ප්‍රාන ඇපකරුවෙක් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මිය ගිය බව. මේ සමඟම ඊශ්‍රායලය පුරා සටන් විරාමයක් සඳහා බල කරමින් දැවැන්ත උද්ඝෝෂන ඇති වුනා.

මේ අතර, බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායල හමුදාවේ ප්‍රධානින් සහ ෂින්බෙත් සංවිධානයේ (ඊශ්‍රායලයේ අභ්‍යන්තර ඔත්තු සේවය) ප්‍රධානීන් "ඊශ්‍රායල රාජ්‍යය සහ අගමැතිවරයා පාවා දී ඇති බවට" චෝදනා කරමින් ප්‍රකාශයක් නිකුත් කළා. මෙය අගමැතිවරයා සහ හමුදාව අතර පවතින මතබේද උත්සන්න වෙමින් පවතින බවට සලකුණක්.

2019 දී ඊශ්‍රායල පොලිසිය විසින් සිදුකළ ප්‍රශ්න කිරීමකදී බෙන්ජමින් නෙතන්‍හායු දැඩි කෝපයෙන් පොලිස් නිලධාරීන්ට පහත් ආකාරයෙන් බැණ වදින අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක් වී තියෙනවා. මෙය අගමැතිවරයාගේ ප්‍රතිරූපයට දැඩි හානියක් වූ අතර, රහසිගත වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැරීම පිළිබඳ ඊශ්‍රායල රජය තුල නොසන්සුන්තාවක් හටගෙන තියෙනවා.

ඒ අතර ජෝර්දානයේ ඊශ්‍රායල තානාපති කාර්‍යාලය අසල සිදුවූ වෙඩි තැබීමකින් කීප දෙනෙක් තුවාල ලැබුවා.

ගෝත්‍රිකයෝ

25 Nov, 11:31


කැනඩාවේ ටොරොන්ටෝ නුවර ඊශ්‍රායලයට සහ නේටෝ සංව්විධානයට විරෝධය පල කරමින් දැවැන්ත උද්ඝෝෂනයක් ඇති වූ අතර, එය ප්‍රචන්ඩකාරී තත්වයක් දක්වා වර්ධනය වුනා.

ඇමරිකාවේ දේශපාලකයන් කීප දෙනෙක් ඊශ්‍රායල අගමැතිවරයාට අන්තර්ජාතික අපරාධ අධිකරනයෙන් වරෙන්තු නිකුත් කිරීම දැඩි විවේචනයට ලක් කළ අතර, රිපබ්ලිකන් පාක්ෂිය සෙනේට් සභික ලින්සි ග්‍රැහැම් එම වරෙන්තුවට සහය දක්වන ඕනෑම රටකට එරෙහිව ආර්ථික සම්බාධක පනවා එහි ආර්ථිකය විනාශ කළ යුතු බව කියා සිටියා.

උපුටාදැක්වීමකි. ©️ns

ගෝත්‍රිකයෝ

24 Nov, 05:13


ඔබ දන්නවාද?

වයස අවුරුදු 18 වන විටදී සුප්‍රකට මයික් ටයිසන්ගේ බෙල්ලේ වටප්‍රමාණය අඟල් 20ක් තරම් විශාලත්වයකින් යුක්ත විය. මෙය ඔහුගේ ඇදහිය නොහැකි ශාරීරික බව සහ තරුණ වයසේදී පවා පුහුණුවීම් සඳහා කැපවීම පිළිබඳ සාක්ෂියකි. එසේම මෙම අසාමාන්‍ය ලෙස ඝන බෙල්ල ඔහුට බොක්සිං ක්‍රීඩකයෙකු ලෙස වාසි කිහිපයක් ලබා දුන්නේය:

1. Shock Absorption (කම්පන අවශෝෂණය): ශක්තිමත් බෙල්ලක් පහරවල් අවශෝෂණය කර ගැනීමට, whiplash effect ( සිංහල වචනයක් නොදනී) අඩු කිරීමට සහ knockout වීමේ අවදානම අවම කිරීමට උපකාරී වේ. මෙය ටයිසන්ට විශේෂයෙන් වැදගත් විය, ඔහු බොහෝ විට දැඩි පහර එල්ල කරන විරුද්ධවාදීන්ට මුහුණ දුන්නේය.

2. Power generation (බල උත්පාදනය): ටයිසන්ගේ බෙල්ලේ ශක්තිය ඔහුගේ පන්ච් බලයට දායක විය. ශක්තිමත් බෙල්ලක් සහ උරහිස් පහරක් අතරතුර චාලක දාමය (kinetic chain) හරහා වඩා හොඳින් බලය මාරු කිරීමට ඉඩ සලසයි.

3. භෞතික පැවැත්ම: ඔහුගේ ඝන බෙල්ල, ඔහුගේ මාංශපේශී ගොඩනැගීම සමඟින්, ටයිසන්ට සටන් පිටිය තුළ බිය උපදවන ශාරීරික පැවැත්මක් ලබා දුන්නේය, එය බොහෝ විට ඔහුගේ විරුද්ධවාදීන්ට මානසිකව බලපෑවේය.

වයස අවුරුදු 18 දී, ටයිසන් ඒ වන පුරාවෘත්ත පුහුණුකරුවෙකු වන Cus D'Amato ගේ මගපෙන්වීම යටතේ වෘත්තීය මට්ටමින් තරඟ කරමින් සිටියේය. ටයිසන්ගේ අද්විතීය බලය, වේගය සහ ශිල්පීය සංයෝජනය - ඔහුගේ බෙල්ලේ ප්‍රමාණය වැනි ඔහුගේ කැපී පෙනෙන භෞතික ගුණාංග ඔහු බොක්සිං ඉතිහාසයේ අමරණීය හෙවිවේට් ශූරයෙකු බවට පත් කිරීමට උපකාරී විය.

The Metrix

ගෝත්‍රිකයෝ

24 Nov, 01:12


Captcha වලින් අපේ Computer එක හැක් වෙන හැටි

මේ අද කියන්න යන්නෙත් මේ දවස්වල හැකර්ස්ල use කරන එක්තරා ක්‍රමයක් ගැන.

මේ ගැන ඇත්තටම මට දැනගන්න ලැබෙන්නෙත් මට හම්බවෙන client කෙනෙක් හරහා. එයාගේ computer එක හැක් වෙලා , එයාගේ තිබුණ සමහර පෞද්ගලික දත්ත අතට අරගෙන කෙනෙක් එයාව බය ගන්වල මුදල් ගන්න හදනවා කියලා තමයි මේ client මට කතා කළේ.

මම මගේ කලින් Videos , Posts වල කතා කරලා තියෙනවා වගේ මේ දේවල් සාමාන්‍යයෙන් වෙන්නෙ වෛරස් හරහා. මේ වෛරස් එකක අපේ computer එකට ඩවුන්ලෝඩ් වෙන්නෙ බොහෝ දුරට අපි ක්ලික් කරන ලින්ක් එකකින් එහෙමත් නැත්නම් අපි download කරන cracked software වගේ දේවල් වලින්

මේ කෙනාගෙනුත් මම ඇහුවෙ ලඟදි මොනවද ඩවුන්ලෝඩ් කරේ එහෙමත් නැත්නම් ළඟකදි මොනවා හරි Links ක්ලික් උනාද වගේ දේවල්. හැබැයි ඒ වෙනුවට එයා කිව්වේ "එහෙම දෙයක් නම් වුණේ නැහැ හැබැයි මට සැක සහිත එක්තරා සිද්ධියක් තියෙනවා " කියලා. ඒකෙන් තමයි මට මතක් වුනේ මීට අවුරුදු කිහිපයකට කලින් ප්‍රසිද්ධ වුන එකක්තරා විදිහක් දැනුත් හැකර්ස්ලා විසින් පාවිච්චි කරන්න පටන් අරන් කියල අපේ රටවල් වල මිනිස්සුන්ව රවට්ටගන්න.

අපි දන්නවා අපි වෙබ් සයිට් එකකට යද්දි මොනවා හරි ඩවුන්ලෝඩ් එකක් කරන්න යද්දි අපිට Captcha කියල දෙයක් දිස්වෙනවා අපි ඇත්තටම මනුස්සයෙක්ද එහෙමත් නැත්නම් බොට් එකක්ද කියලා තහවුරු කරගන්න.

හැකර්ස්ල මෙන්න මේක පාවිච්චි කරලා අපේ Computer එකේ යම්කිසි වෛරස් එකක් plant කරලා ඒ හරහා අපේ තොරතුරු ලබාගන්න උත්සාහ කරනව.

මේක වෙන්නේ මෙහෙමයි. අපි යම්කිසි වෙබ් සයිට් එකකට ගිහිල්ල අර විදිහට ඩවුන්ලෝඩ් කරන්න හරි , යමක් බලන්න හරි හදනකොට එන captcha එකේදි අපිට වෙනදට දිස්වෙන්නේ Are you a human කි‍‍යල. අපි ඒක yes කරන්න ඕනෙ එහෙමත් නැත්නම් අපිට මොනවා හරි පින්තූර ටිකක් දීලා ඒකෙ තියෙන යම්කිසි දෙයක් තෝරන්න කියලා එනවා . උදාහරණයකට අපිට පාරක පින්තූර දාලා ඒකෙ ට්‍රැෆික් ලයිට් තියෙන කොටස තෝරන්න කියලා එනවා.

නමුත් මේ හැකර්ස්ලා දැන් භාවිතා කරන්නේ මේක නෙමෙයි. ඒ වෙනුවට ඔවුන් කරන්නේ අපිට ඩිස්ප්ලේ කරනවා ඔ‍යා මනුස්සයෙක් නම් ඉස්සරහට යන්න Windows +R click කරල , Ctrl V ඔබල Enter ඔබන්න ඕනේ කියලා.

ඇත්තටම මෙතනදී වෙන්නේ Windows +R එකෙන් අපේ Command Prompt එක Open වෙනවා. ඊට පස්සේ අපි Ctrl + v එ press කරද්දි අර අපි මනුස්සයෙක්ද කියලා අහලා එන verification Button එක click කරද්දි අපේ ක්ලිප් බෝර්ඩ් එකට copy වෙන powershell script එකක් Paste වෙන එක.

Enter එකෙන් පස්සේ වෙන්නේ මේ code එක Run වෙන එක . සරලව කිව්වොත් ඇත්තටම වෙන්නේ අර කමාන්ඩ් එක හරහා වෛරස් එකක් අපේ කොම්පියුටර් එකට download වෙලා ඒක install වෙන එක.

ඉතින් එතනින් පස්සේ වෙන දේ ඔයාලට කියන්න ඕනෙ නෑ දන්නවනෙ.මේක සාමාන්‍යයෙන් website වලට ගියහම ඕගොල්ලන්ට දකින්න ලැබෙන්නේ කොහොමද කියල මං මේ පෝස්ට් එකේ Pictures ( Downladed from web ) විදිහට දාල තියන්නම්.

මං මේ වගේ දේවල් නිතර කතා කරන්න WhatsApp චැනල් එකක් use කරනව. ඒකටත් ඕගොල්ලන්ට join වෙන්න පුළුවන් මේ දාලා තියෙන ලින්ක් එක හරහා

‎Follow the Sajeewa Dissanayake channel on WhatsApp: https://whatsapp.com/channel/0029VaoaR9GLY6d89TBgII2y

ගෝත්‍රිකයෝ

23 Nov, 08:32


ගිනි දේදුන්නක් දිස්වීම!

ඒක චිත්‍රයක් නෙවෙයි, ෆොටෝෂොප් කරපු එකක්වත් නෙවෙයි. මේවා අතිශය දුර්ලභ ගිනි දේදුන්නක දර්ශනයක්!

ගිනි දේදුනු, අහසේ දර්ශනීය නමුත් අතිශය දුර්ලභ දසුනක් වන අතර, හිරු එළිය ඉහළ උන්නතාංශ සිරස් වලාකුළුවල අයිස් ස්ඵටික හරහා වර්තනය වන විට ඇතිවේ. මෙම අයිස් ස්ඵටික ආලෝකය නැමීමට නිවැරදිව ස්ථානගත කළ යුතු අතර, අහස පුරා ආරුක්කු වන විචිත්‍රවත්, දේදුන්නක් වැනි වර්ණ නිපදවයි. "ගිනි දේදුන්න" යන යෙදුම පැමිණෙන්නේ ඕනෑම සැබෑ ගින්නකට වඩා තීව්‍ර, දැල්ලක් වැනි වර්ණයන්ගෙන් ය.

ගිනි දේදුන්නක් දර්ශනය වීමට නම්, සූර්යයා ක්ෂිතිජයට අවම වශයෙන් අංශක 58 ක් ඉහළින් අහසේ ඉහළ විය යුතු අතර ආලෝකය නිශ්චිත කෝණයකින් අයිස් ස්ඵටිකවලට පහර දිය යුතුය. මෙම තත්වයන් ගිම්හානයේදී සහ මැද අක්ෂාංශ වලදී ගිනි දේදුන්න වඩාත් සුලභ කරයි. ඒවා සිදු වූ විට, ඒවා බොහෝ විට අහසේ විශාල කොටස් හරහා විහිදෙන අතර, වෙනත් ලෝකයක් ලෙස පෙනෙන පරිදි දීප්තිමත් වර්ණවත් සංදර්ශකයක් නිර්මාණය කරයි.

මුල් ලිපිය - නැශනල් ස්පේස් ඇකඩමි

ගෝත්‍රිකයෝ

23 Nov, 06:19


➡️➡️🛑මගේ මහත්තයා ගොඩාක්ම වෙනස් වෙලා, ඉස්සර වගේ එයා මට දැන් ආදරය නැහැ, මම ගැන හොයන්නෙ බලන්නෙ නැහැ, එයා ජීවත් වෙන්නෙ වෙනම ලෝකෙක, එයාට ලොකු එයාගේ ජොබ් එකයි යාලුවොයි, එයා ආශ්‍රය කරන තවත් ගැහැණු අය කිහිප දෙනෙකුයි විතරයි..

➡️මේ කතාව කිව්වේ උපදේශනය සදහා මා වෙත යොමු වූ මැදි විය ඉක්මවූ කාන්තාවක්...

අපි ආදරය කරලා බැන්දේ, අපිට බදිද්දි මුකුත්ම තිබුණ අය නෙවෙයි, දැන් අපිට ලොකු දුවලා තුන් දෙනෙක් ඉන්නවා.. දෙන්නෙක් ඉන්නෙ කැනඩාවේ, බාල දුව තාම කැම්පස් යනවා, එයත් කැනඩාවට යන්න ඉන්නෙ අක්කලා දෙන්න ගාවට..

මහත්තයා විතරයි රැකියාවක් කරේ මම තමයි ළමයින්ගේ වැඩ ගෙදර වැඩ කටයුතු හැමදේම කරේ, මම හොද අම්මා කෙනෙක්, මම දරුවන් වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම කරා, එහි ප්‍රතිඵල අපි අත් විදිනවා, ලොකු දුවලා දෙන්නම වෛද්‍යවරු, පොඩි දුව වෛද්‍යවරියක් වෙන්න ඉගෙන ගන්නවා.

දැන් අවුරුදු දෙකක විතර ඉදලා අපි දෙන්න විතරයි ගෙදර ජීවත් වෙන්නෙ, මට මහත්තයාගේ මේ වෙනස්කම් දරා ගන්න අමාරුයි, මම මනෝ වෛද්‍යවරයකු පවා මුණ ගැහුණා, ඔහු මම විශාදයට ගොදුරු වී ඇති බවට නිගමනය කරලා ඖෂධ ලබා දුන්නා.. ඔහු තමයි කිව්වේ යන්න ගිහිල්ල මනෝ උපදේශකවරයෙක් හමු වෙන්න කියලා..

මට නින්ද යන්නේ නැහැ මට කන්න බොන්න බැහැ, නිතරම ඇඩෙනවා, මහත්තයාව සැකයි, එයා ඇසුරු කරන ගැහැණු අයට අහුවෙලාද කියලා හිතෙනවා, ඒ ගැහැණු අයට කතා කරලා බනින්න හිතෙනවා, මගේ මනුස්සයව අල්ල ගන්න එපා කියලා කියන්න හිතෙනවා..

මම මහත්තයා එක්ක නිතරම රංඩු කරනවා, මේ හේතුව නිසා එයා කිහිප විටක්ම ගෙදරින් යන්න ගියා..

රට ඉන්න දුවලා දෙන්නත් නිතරම මට කතා කරලා දොස් කියනවා.

අම්මා මොකක්ද මේ නටන පිස්සුව ඇයි තාත්තව ඔය විදියට සැක කරන්නේ තාත්තා එක්ක ඇයි ඔහොම රංඩු කරන්නේ, තාත්තා අපි වෙනුවෙන් මොන තරම් දේවල් කරලා තියනවද, තාත්තා නිසා නේද අපි මෙහෙම ඉන්නෙ කියලා..

මට එහෙම දුවලා දෙන්න කියනකොටත් දුකයි.. එතකොට මම තනි වෙලා වගේ කවුරුත් එක පැත්තක් අරන් වගේ කියලා මට දැණෙනවා...

මම විසින් ඉන් පසු ඇයගේ ස්වාමිපුරුෂයා සමඟ මේ පිළිබඳව කතා බස් කරන්න තීරණය කරා..

ඉතාම සාවදානව මා විසින් ඉදිරිපත් පත් කරන ලද බිරිදගේ පැමිණිල්ල අසා සිට ඔහු.. දිගු සුසුමක් හෙලමින් කතා කරන්න පටන් ගත්තා, ඔහු හැසිරුණු විදියෙන් ඔහුගේ මුහුණේ ඉරියව් වලින් මට පැහැදිලි උනා ඔහු ඉතාම දීර්ඝ කතාවකට මුල පුරන්න සූදානම් බව..

ඔව් Mr කසුන්, Wife කියන කතාව ඇත්ත..

මම ඔහුගේ දෑස් දෙස එක එල්ලලේම බලා සිටියා..

ඔහු හරිම පහසුවෙන් ඒ වචන ගලපලා කිව්වා..

හැබැයි මම වෙනස් උනේ මීට අවුරුදු විසි පහකට විතර කලින්, මේක අද ඊයේ වෙච්ච දෙයක් නෙවෙයි, හැබැයි මගේ Wife ට මගේ ඒ වෙනස් වීම දැණිලා තියෙන්නේ තේරිලා තියෙන්නේ දැන්..

මෙන්න මේ අවුරුදු ⁣එකකට දෙකකට විතර පස්සේ, දුවලා තුන් දෙනාම ගෙදරින් ගියාට පස්සේ..

මොකද එයා එතකන් හිටියේ වෙනම ලෝකෙක, එයාට තිබුණේ වෙනම ලෝකයක්.. ඒ ලෝකේ මම විශ්වාස කරන විදියට මම හිටියේ නැහැ..

පළවෙනි ළමයා හම්බ උනාට පස්සේ Wife සෑහෙන වෙනස් උනා,කාර්ය බහුල උනා.. මම ඒකට මුකුත්ම දොසක් කියන්නේ නැහැ, මොකද ඒ කාලේ අපිට උදව් කරන්න අපි ගැන හොයන්න බලන්න කවුරුත් හිටියේ නැහැ, එයයි මමයි විතරයි..

දෙවැනි දරු ලැබුණා, තුන් වෙනි දරුවා ලැබුණා අපි අතරේ තිබුණ සමීප බව බැදීම ආලෝක වර්ෂ ගණන් වලින් දුරස් උනා.. මම තනි හුදකලා මනුස්සයෙක් උනා.

මගේ ගෙදර මට පිට තැනක් වගේ උනා, wife එයාගේ වැඩ ළමයින්ගේ වැඩ, ගෙදර වැඩ..

මම office එකේ ඉදලා ⁣ගෙදරට ආවාම මම පිළිගන්න කවුරුත් හිටියේ නැහැ, මට තේ එකක් හදලා දෙන්න තේ එකක් ඕනද අහන්න කවුරුත් හිටියේ නැහැ..

මම කෑවාද අහන්න කෑම ඕනද අහන්න කවුරුත් හිටියේ නැහැ.. මම කියන්නේ නැහැ මට ඒවා කරන්න ඕන කියලා, නමුත් ඒවා මම යම් ප්‍රමාණයක් බලාපොරොත්තු උනා.. ඒක මගේ හිත.

අපිට ලිංගික ජීවිතයක් තිබුණේම නැති තරම්, මට ඒවා හරිම අමාරුවෙන් පාලනය කර ගන්න සිද්ද උනා...

අන්තිමට මම හුරු උනා මේ හැමදේම විද දරා ගන්න හැමදේම ඉවසන්න..

ඒකට මම විවිධ ⁣දේවල් කරා..

මම මාව වෙනස් කරන්න පටන් ගත්තෙ එහෙම..

මම ටිකක් රෑ වෙලා ගෙදර එන්න හුරු උනා..

මම රෑ වෙනකම් office එකේ වැඩ කරන්න තීරණය කරා..

මම යාලුවන් එක්ක වැඩිපුර ඉන්න කටයුතු කරා..

විවිධ සාද උත්සව වලට අනිවාර්යයෙන් යන එන චරිතයක් උනා..

ටිකක් ⁣බොන්න පුරුදු උනා..

Office එකේ යාලුවන්ගේ හිතවතුන්ගෙ වැඩ කටයුතු පොදු කටයුතු කරන්න ස්වේච්ඡාවෙන්ම කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන චරිතයක් උනා..

ගමේ මල ගෙදර පන්සලේ කටයුතු වල පෙරමුණ ගන්න කෙනෙක් උනා..

ඔහොම ඔහොම යද්දී මම නොදැනුවත්වම මට විශාල පිරිසක් මගේ වටේ එකතු උනා..

ගොඩාක්ම ආරාධනා ලැබුණා.. විවිධ අවස්ථාවලට..

හැබැයි ඒ මුල් කාලේ මම මාව වෙනස් කර ගන්න කාලේ මම වෙනස් ම වෙනස් වෙනවා වෙනස් වෙලා කියලා wife තේරුම් ගියේ නැහැ. ඒ මොකද අර මම කිව්ව වගේ එයාගේ ⁣ලෝකේ මම හිටියේ නැහැ, මට ඉඩක් එයාගේ ලෝකේ තිබුණේ නැහැ..

ගෝත්‍රිකයෝ

23 Nov, 06:19


මම රැකියාවත් හැකි උපරිම කරා,, මට රැකියාවේ ඉතාම ඉහළ තත්වයකට එන්න ඒක හේතු උනා.. මට විශාල වැටුපක් විශාල තනතුරක් පවා හිමි උනා.. මම විශාල ⁣ගෝලයෝ පිරිසක් හැදුවා, මම ගොඩාක් අයට රැකියා දුන්නා.. අදටත් එඒ ළමයි ඒ මිනිස්සු කොහේදී දැක්කත් මාව අගය කරනවා මට වදිනවා ගරු කරනවා..

මට ඒක පුදුම සතුටක්.. අන්න ඒ සතුට නිසා මම තව තව දේවල් ඒ විදයේ කරන්න ගත්තා..

නමුත් මම මගේ දාඩිය මහන්සිය කැප කරලා හම්බ කරන හැමදේම වියදම් කරන පවුලෙන් දරුවන්ගෙන් මට එහෙම වටිනාකමක් අගය කිරීමක් ලැබුණේ නැහැ..

ඒ අය හිතුවේ මම ලස්සන කාමරයක ලොකු පුටුවක් උඩ වාඩි වෙලා පහසුවෙන් සල්ලි හම්බ කරනවා කියලා..

අඩුම මම ගැන මගේ මහන්සි වීම ගැන දරුවන්ගේ හිත්වල වටිනාකමක් ඇති කරන්න වත් බිරිද කටයුතු කරලා තිබුණේ නැහැ.

නමුත් මම දැකලා තියනවා අපේ ආයතනයේ සේවය කරන තේ හදන මනුස්සයගේ පිරිසිදු කරන මනුස්සගේ පවුලේ දරුවන් බිරිද ඒ මනුස්සයට ඒ මනුස්සයගේ මහන්සි වීමට කෘතගුණ දක්වනවද කියලා, අගය කරනවද කියලා..

ඇත්තටම කිව්වොත් තේ හදන මනුස්සය මම වියදම් කරනවා වගේ විස්සෙන් එකක් තමන්ගේ දරු පවුල වෙනුවෙන් වියදම් කරන්නේ නැහැ..

නමුත් ඒ මනුස්සයට සහ මට ලැබෙන තත්වය පවුල තුළ...?

ඉතින් ඔය දේවල් පවා මම වෙනස් වෙන්න සෑහෙන බලපෑවා..

මම සල්ලි හම්බ කරා සල්ලි වලින් පවුලේ අය වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම කරා, wife ට එයාගේ වැඩ දරුවන්ගේ වැඩ කරන්න කාර් එකක් අරන් දුන්නා.. ගෙවල් දෙකක් හැදුවා, හැබැයි ඉතින් අපි නැති උනාම ඒ ගෙවල් වල ඉන්න නම් කවුරුත් නැති වෙයි.. මොකද දුවලා තුන් දෙනාම වෙන රටවල පදිංචි ⁣වෙන්න ඉන්න නිසා..

මම wife ට ඕන තරම් සල්ලි දුන්නා, මම දන්නවා එයා ඒ එක රුපියලක් නාස්ති කරේ නැහැ.. එයා ඒ අතින් ⁣හොද බිරිදක්, මම ඒ දේවල් වලට ගරු කරනවා..

අන්තිමට දරුවන් උනත් මගෙන් අවසානයේදී බලාපොරොත්තු උනේ මම හිතන විදියට සල්ලි, හැබැයි මම ඒවා පුලුවන් උපරිමයෙන් සතුටින් කරලා දුන්නා, මොකද මම මේ හැමදේම කරේ එයාලා ⁣වෙනුවෙන් ලොකු දෙන්න ⁣වෛද්‍යවරියන් වෙලා කැනඩා ගියා, පොඩි දුව වෛද්‍ය විද්‍යාලයේ..

ඇත්තටම wife උනේ mr කසුන් එයා පොඩි කාලේ ඉදනා උස් මහත් කරපු දරුවන් එයාගෙන් දුරස් උනා, එයා තනි උනා එක පාරටම, එයාට ඒ තනිකම දරා ගන්න බැරි උනා.. එයා මාව හෙව්වා.

එතකොට මම අල්ලාගෙන එන්න බැරි තරම් දුර ඇවිල්ලා හිතා ගන්න බැරි තරම් වෙනස් වෙලා..

එයා අවුරුදු පනමක් ඉක්මවා ගියත් හෙව්වෙ මීට අවුරුදු විස්සකට තිහකට පෙර හිටිය මාව, එහෙම නැත්නම් අපි ආදරය කරද්දී හිටපු තරුණ මාව..

නමුත් දැන් ඒ මනුස්සය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා උඩු යටිකුරු ⁣වෙලා..

දැන් එයාට ඕන මට තුරුළු ⁣වෙන්න මට තුරුළු ⁣වෙලා නිදා ගන්න..

නමුත් මම දැන් ඉන්නෙ ස්පර්ශයන් වලින් ⁣තොරව සිප වැළද ගැනීම් වලින් ⁣තොරව බැදීම් නඩත්තු කිරීමකින් ⁣තොරවජීවත් වෙන්න ඕන කියන මානසික මට්ටමක..

නමුත් බිරිද වෙන්න හදනවා මීට අවුරුදු තිහකට විතර කලින් හිටපු තරුණ එයාව..

දැන් තමයි එයාට ඒ ජීවතය විදින්න අවශ්‍ය ⁣වෙලා තියෙන්නෙ..

දැන් මම එයට සූදානම් නැති නිසා එයා මාව සැක කරනවා..

මට ගැහැණු පාවා දෙනවා..

මට වඩා අවුරුදු විස්ස තිහ බාල මගේ දරුවන්ගේ වයසේ ගැහැණු ළමයි පාවලා දෙනවා..

මගේ ආයතනයේ මට පහළින් සේවය කරන කාන්තාවන් පාවලා දෙනවා..

මම ඉස්සරත් බීලා ගෙදර ඇවිල්ලා නිදා ගත්තා තනියම, ඒක එයාට ගාණක් උනේ නැහැ ඒ කාලේ, නමුත් දැන් මමකකා බිබී නරක ගැහැණු ඇසුරු කරන බේබදු සල්ලාලයා වෙලා..

දැන් තමයි මම බොනවා කියලා එයා දැනගෙන තියෙන්නේ.. (ඔහුට සිනා යයි)

ඉතින් ඔබ තුමාට පුලුවන් නම් ඇයට මේ තත්වය ගැන කරුණු හොදින් පැහැදිලි කරලා දෙන්න..

මොකද මම දැන් මේ ජීවිතයට හුරු වෙලා ...

මම හිතනවා ඔබ තුමාට ⁣හොදින්ම ඒ හැකියාව තිබෙන බව...

➡️➡️🛑ඉතින් ඔබත් කිසිම කලෙක ඔබේ වයසට කරන්න ඕන දේවල් නොකරම ඉන්න එපා...

ඔබේ අනෙකාව මග හැර ගන්න එපා.. මග හැරෙන්න දෙන්න එපා..

සමහරවිට ඔබේ මව පියා අතර මෙවැනි ගැටලු ඇති,, අනිවාර්යයෙන් බුද්ධිමත් ඔබ එවැනි අයව මනෝ උපදේශනය සදහා යොමු කරන්න..

Kasun Rajapaksha
ප්‍රවීණ මනෝ උපදේශක..

ගෝත්‍රිකයෝ

22 Nov, 13:46


ක්‍රිස්ගෙන් ඩ්‍රාවිඩ්ව බේරාගත් තෙන්ඩුල්කාර්ගේ උපක්‍රමය 🇳🇿 🏏🇮🇳

අපි නවසීලන්තයත් සමඟ ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරමින් හිටියේ. පන්දුව ඒ වෙද්දි රිවර්ස් ස්වින්ග් වෙන්න පටන් ගත්තා. මමයි රාහුල් ඩ්‍රාවිඩුයි තමා බැට් කලේ. පන්දු යැව්වේ ක්‍රිස් ක්‍රේයින්ස්. පන්දුව කිහිප අවස්ථාවකදීම අපිව පහු කරගෙන ගියා.

ඒ වෙලාවෙදි මම රාහුල් එක්ක කතා කළා. කතා කරද්දි මම කිව්වේ ආයෙම ක්‍රිස් බෝල් කරන්න එද්දි මම ඔහුගේ අත දිහා බලන් ඉන්නම්. බෝලේ ශයින් පැත්ත මොකක්ද රෆ් පැත්ත මොකක්ද, ක්‍රිස් කොහොමද බෝලේ අල්ලගෙන එන්නේ කියලා.

එහෙම බලලා බැට් එක මම මාරු කරන්නම් කියලා. ඔහු යවන්නේ Out Swinger එකක් නම් බැට් එක මගේ වම් අතේ තියාගන්නවා. ඔහු යවන්නේ In Swinger එකක් නම් මම බැට් එක දකුණු අතේ තියාගන්නවා.

දැන් මම ක්‍රිස් දිහා බලන් ඉන්නවා. රාහුල් මගේ දිහා බලන් ඉන්නවා. මම හිතන්නේ පිතිකරුවෙක් බෝල්ර් දිහා හරි බෝලේ දිහා හරි බලන්නෙ නැතුව එහා පැත්තෙ බැට් කරන කෙනා ගැන වැඩි අවධානෙන් බලපු පලවෙනි පාර ඒක වෙන්නැති. වැඩේ හරි ගියා. කවර් ඩ්‍රයිව්ස් දෙක තුනක් එක්ක හතරේ පාරවල් දෙක තුනකුත් වැදුණා.

ක්‍රිස් මේ වෙලාවේ ටිකක් කලබල වුණා එකපාරට මොකද මේ වෙන්නෙ කියලා. මිනිහගේ මොමෙන්ටම් එකත් නැති වෙලා ගිහින්. පස්සේ වැඩේ දැනිලද කොහෙද එයා බෝලේ මැදින් අල්ලලා ක්‍රොස් සීම් බෝල් එකක් දැම්මා. දාලා මගේ දිහා බැලුවා දැන් මොකද කියන්නේ වගේ බැල්මකින්.

ඒත් ක්‍රිස් එක දෙයක් දැනගෙන හිටියේ නෑ. දාන බෝලෙ මොකක්ද කියලා දන්නෙ නැත්තන් මම රාහුල්ට කියලා තිබ්බේ මම බැට් එක කකුල් දෙක මැදින් තියාගෙන ඉන්නේ කියලා.

- සචින් තෙන්දුල්කාර් -
.
.
.
.


ක්‍රීඩා ස්පෝර්ට්ස් නෙට්වර්ක්

ගෝත්‍රිකයෝ

21 Nov, 02:26


කැමතිනම් මේ හොඳ පුරුද්ද ඉගෙනගන්න. 👍

දියුණු රටවල් වල බහුතරයක් අය හැදිලා තියෙන්නෙ තමුන්ට හිතවත් කෙනෙක්ගෙ හැර වෙන කිසි කෙනෙක්ගේ පෞද්ගලික තෙරතුරු අහන්නැතුව සංවාදයක යෙදීමේ හැකියාව සහිතවයි.

කෙනෙක්ව හොඳින් හඳුනාගැනීමට පෙර අනන්‍යතා තොරතුරු, වීසා ගැන, ජාති, ආගම්, මූල්‍යමය තොරතුරු, කෙට්ටු ඇයි? මහත ඇයි? ලෙඩ රෝග තියෙනවද? ලමයි හදන්නැත්තෙ ඇයි?, ලමයිගෙ ලකුණු කීයද? කසාද බඳින්නැත්තෙ ඇයි? කාවද බැඳල ඉන්නෙ? යාලු වෙලාද? ඉඩම් කඩං තියෙනවද? වැටුප් කීයද ?, බිල් වියදම් වගේ පෞද්ගලික තොරතුරු ඇසීම උචිත නෑ.

UK, Australia , Canada, New Zealand සහ සමහර Europe රටවල් වල, ඔයා කෙනෙක්ගෙ හොඳම හිතවතෙක් නෙමෙයිනම් basic information හැර පෞද්ගලික දේවල් අහන,හාරවුස්සන එක අශිශ්ට පුරුද්දක් විදිහට දකින්නෙ.

ඒත් ලංකාවෙ බහුතරයක් හිතන්නෙ,
ඔයා එයාලට ඔයාගෙ පෞද්ගලික තොරතුරු හාරවුස්සන්න ඉඩ නොදුන්නොත්, ඒ තොරතුරු නොකිව්වොත් ඔයාගෙ ලොකු කම හෝ ඔයාගෙ අෂිශ්ට පුරුද්දක් කියලා. 😁😁.

විහිලුවට අහන දේවල් හැර,
කෙනෙක් තමුන්ව හොඳින් ආශ්‍රය නොකරනකන්, පෞද්ගලික තොරතුරු නොකියනකන් ඒවා අහන හෝ හාරවුස්සන එක කැත පුරුද්දක්.

සමහරු කියයි, ඒක අපි අනිත් අය ගැන හොයල බැලීමක් කියලා, ඒත් අනිත් අයට අපහසු නොවෙන විදිහට සොයාබලන්න, ඕපදූප හොයනවාට වඩා වෙනත් ක්‍රම ඕන තරම් තියෙනවා. 😉

ඇත්තට මනුස්සයෙක් එක්ක සංවාදයක යෙදෙනවා නම් ඕන තරම් විදි තියෙනවා, කතාකරන්න ඕන තරම් දේ තියෙනවා.
අපේ අය බහුතරයක් පුරුදු වෙලා තියෙන්නෙ පෞද්ගලික දේ අහලා සංවාදෙ යෙදෙන්නයි. සමහරු නොකිවුවාට මෙකෙන් අපහසුතාවායට පත්වෙනවා, සමහරුන්ගෙ හිත් රිදවෙනවා. ඒත් බහුතරයේ පුරුද්ද නිසා ලොකුවට Upset බව පෙන්නන්නෙ නෑ.

අපෙ රටවල් වල ගොඩක් අය ගහමරාගන්නෙ , අමනාප වෙන්නෙත් සීමාව ඉක්මවා අනිත් අයගේ පෞද්ගලිකත්වයට ඇඟිලි ගැසීම නිසා.

ලංකාවෙ සමහරු පිටරට ගිහින්, ලංකාවෙ අයව ආශ්‍රය නොකරන්න ප්‍රධානම හේතුවක් තමයි මේක,
අපේ ගොඩක් අය දන්නෙ නෑ අනුන්ගෙ පෞද්ගලික දේට ඇඟිලි නොගසා ජීවත් වෙන්න. ඉතින් අපේ අයගෙන් ඈත්වෙලා ජීවත් වෙන එක නිදහස් කියල හිතෙන්නෙ.

ඔයා පිටරටක ජීවත් වෙනව නම් " Respecting People's Privacy " ( මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කිරීම) කියන එක කරන්න ගත්තොත් ගොඩක්ම වැදගත් වෙයි. නැත්තන් පශ්න සහ වැරදි වැටහීම් ඇති වෙයි..
අපේ රටේ අය ඉවසුවට, පිටරටවල් වල බහුතරයක් අය තමන්ගෙ පෞද්ගලිකත්වයට ගරු නොකරනවාට හරිම අකමැති. සමහරු කන පිරෙන්න කියයි, සමහරු නීතිමය පියවර ගනී. 😐

පෞද්ගලික තොරතුරු දැනගන්න අත්‍යාවශ්‍යනම් මුලින් හිතවතෙක් වෙන්න, ඒත් තොරතුරු වැඩිය නොකියනවානම් අහන්නෙපා. මිනිස්සුන්ගෙ ජීවිත වලට ඇඟිලි ගහන්නෙපා. ඉවසන්න පුරුදු වෙන්න. නැත්තන් ඔයාව අප්‍රසන්න චරිතයක් ලෙස දකී.

පිටරට විතරක් නෙමෙයි මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වයට ලංකාවෙදිත් ගරු කරනවා නම් ප්‍රශ්න ගොඩක් අඩු වෙයි. ❤️

කැමතිනම් විතරක් මේ දෙය පිලිපදින්න. ඔබේ ශුභසාධනය වෙනුවෙන් කියන්නෙ.
UK BOSA

උපුටාගැනීමකි. මුල් හිමිකරුට ස්තූතියි

ගෝත්‍රිකයෝ

20 Nov, 08:03


පෞලත් එක්ක බඩු ගන්න ගියාම බුජ්ජිමත් විචක්ශණෂීලී සුවාමිපුරුසයෙක් ලෙස මම සුපර් මාකට් එකේ එක එක තැන් වල තියෙම එක එක ඩීල් පිරික්සා බලල පෞලගෙ අවධානය ඒ දෙසට යොමු කරනවා ... මගෙ විචක්ෂණශීලීභාවය කොපමන උනත් මොකක හරි ග්‍රහ චාරයේ වැරද්දක් නිසාද කොහෙදෝ ඒ වගේ අවස්ථාවන් බොහෝවිට නිමාවට පත්වෙන්න පෞල මගේ සායම ඇරලා ....

මෙදවසත් එවැනි අඳුරු වැසිබර මූසල සැඳෑවක් ....

"බබා බලන්න 500ml පොල් තෙල් පැකට් 750/=වෙනුවට 610/= කරලා ... ලීටරේ බෝතලේ ගන්නවට වඩා මේකෙන් දෙකක් ගත්තනං වැඩේ හරි ... "

වාසිදායක ඩීල් එකක් සොයාගැනීමේ උද්‍යෝගයෙන් මම කිවුවා ...

පෞල එහා රාක්කේ මොනවද බලන ගමන් මගේ දිහාවත් නොබලම අහපි

" දැන් ලිටරේ බෝතලේ ගන්නවට වඩා ලාබෙ කීයද එතකොට "

එක එකාගෙ ලාබ අලාබ බැලුවට අපිට ලාබයක් කරගන්න මේ ගෑනිගෙ උනන්දුවක් නැති හැටි ....

"610/= දෙකක් කියන්නෙ 1220/= නෙ ... එතකොට බෝතලේ ගන්නවට වඩා ....

ලීටරේ බෝතලේකුත් අතට අරගෙන මම ගෑනිට ලාභෙ පෙන්නන්න හැඳුව විතරයි ...

යකෝ ඒකත් 1225/= යි ....

කිරි පොල් තෙල් මෝල් කාරයා ... මූව සෙක්කුවක දාල අඹරන්න එපැයි ....

"කීයක් ලාබද බබා ... ?? "

කලින්ම වැඩේ දැනගෙන ඉඳපු ගෑනි මගේ සද්දෙ නැවැත්තුව නිසා
කුප්ප හිනාවකට කට තදකරගෙන ලඟට ඇවිත් ආයෙත් අහනවා ..

බෝතලයක් කිවුවාම 750 mlයි , බෝතලේ ලීටරේට ගහලා ගාන දාලා නිසා පැටලුනේ කතා කියලා වැඩක්නෑනෙ දැන් ... අනික වට් සෝ එවර් ... තාම මම ටෙක්නිකලි හරි ...

"ටෙක්නිකලි රු 5/= ක් ලාභයිනෙ ඉතිං .....

මම මගෙ නිවර්ද්‍යතාවය වෙනුවෙන් පෙනී සිටියා ... හැබැයි වචනවල ෆුල් පරාජයේ දෝංකාරය ගැබ්වෙලා තියෙන්න ඇති ...,"ටෙක්නිකලි " ... 😋😋😋 කියලා ගෑනි හිනාඋනා විතරක් නෙවෙයි පරාජයේ දෝංකාරය එහාපැත්තෙ බඩු තෝරපු ඇන්ටිටත් ඇහිලා ... කන්නාඩි දෙක උස්ස උස්ස හිනා උනා ..
ඒ විතරක්නං මැදෑ ...
ෆුඩ් සිටියෙ වැඩ කරන කෙල්ලෙකුටත් ඇහිලා ... ඒකිත් චිකි චික ගාලා හිනා උනා ....

බඩු අරගෙන ඉවරවෙනකං මම සද්ද වහලා හිටියා ...
ගෑනි දෙතුන් පාරක්ම අලගට ඇවිත් ...

"ටෙක්නිකලි අපිට මේක ගත්තොත් කීයක් ලාබද අහ අහා දිගටම මගේ විචක්ෂණශීලී ස්වාමි භක්තිය උපහාසයට ලක්කරමින් මාව අපහාසුතාවයට ලක්කරා ...

බයිසිකලේ නැගල එනන්න හදනකොට මම ඇහුවා ..
තව මුකුත් ගන්න නෑනෙ ... ??

"ටෙක්නිකලි නෑ .... ☠️☠️☠️"

පිරිමියෙක් ඒ තරම් උපහාසයට තම ගෑනිගෙන් හෝ ලක්වීම සර්වබලධාරී දෙවියන් වහන්සේ අනුමත නොකරන්න ඇති ...
ඒ නිසා රිටන් එක දීමේ ඒ සුභ පනිවිඩය මට උන්නානසේ විසින් පෙන්නුම්කල වදාලා ...

මේ ප්‍රාන්තෙ පදිංචියට ආව කාලෙම අපි දෙන්න සොපින් යනකොට පෞල ඔය වගේම පොල් තෙල් ගන්න කියලා ගියපු ඔයිල් මාට් එක ...
මමත් රෙද්දක් ඇඳන් මේකිව බයිසිකලේ තියාගෙන මේ හන්දියෙන් ආයෙ යන්න ඕනෙ නිසා කඩේට ගිහින් පොල් තෙල් කීයද අහන්න කලින් මම පැනලා අතින් අල්ලල නවත්ත ගත්තා ඉතිං ...

"මෝඩි... බලපිය කඩේ තියෙන අනිත් කෑන් ... මේකෙ තියෙන්නෙ එන්ජින් ඔයිල් ... "

"ඒ උනාට ... මේක ඔයිල් කඩයක්නෙ ..
කෑන් වල තියෙන්නෙ ඒව උනාට අර ඉස්සරහ තියෙන්නෙ තෙල් එන කරකවන ටැප් එක තියෙන බැරල් ... ??? "

අම්මප ගෑනුන්ට දෙයක් කියලා තේරුම් කරන්න තියෙන අමාරුවක් ... තෙල් එන ටැප් එකක් පෙන්නෙනවා දැන් මේකිට මම ...

යකෝ ... බලපිය බැරල් එකේ ලෝගෝ එක ... ලාෆ් එකේ පොල් තෙල් විකුණනවද බොල ...

"ඒ උනාට ඒව පොල්තෙල් දා ... "කියල ගෑනි තර්ක කරනකොටම , අපෙ පෞල පොල් තෙල් විතරක් එනවා දැකල තිබුන, තෙල් එන කරකවන ටැප් එකෙන් රතුපාටට එන්ජින් ඔයිල් වක්කරලා කඩේ අයියා කස්ටර්මර් කෙනෙක්ට දුන්නා ...

එදා මම වෙන්න ගිය නස්පැත්තය නැවැත්තුවෙ නැතිනම් ... කඩෙ එකාට ඔය බැර එකේ තෙල් අරගෙන පෙන්නනම වෙනවා අපෙ පෞලට .. නැතිනම් කඩේ එකා පොල් තෙල් නෑ කිවුවත් අපේ ගෑනිනෙවෙයි ඔයිල් මාට් එකේ පොල් තෙල් නෑ කියලා පිළිගන්නෙ ....

එහෙම හොද කරපු.. නව නින්ගිරාවෙන් පෞලව බේරපු මටනෙ මේ අපහාස ...

දෙන්නං උබට කියලා ...
නැවැත්තුවා කඩේ ඉස්සරහ බයිසිකලේ ...

" කඩෙ අයියගෙන් අහන්න බබා මෙතන පොල් තෙල් කීයද කියලා ... මං එතකොට කියන්නං ටෙක්නිකලි අපිට කීයක් ලාභද කියලා ... "

ඕන්න ගෑනිට සිහි උනා පෙර කල අකුසල් ...
එතැන් පටන් ගෙදර එනකං නෝ අපහාසා උපහාස
සයිඩ් කන්නාඩියට පුප්පනවා .. ඔරවනවා විතරයි ...

ඒකනෙ කියන්නෙ ඉතිං ...
පෞලට එච්චරක් පුලුවන්නං මිනිහට කොච්චරක් පුලුවන්ද මෙතන ... 😈😈😈

ගෝත්‍රිකයෝ

19 Nov, 04:54


⛯ වෙද පප්පගෙ අරිෂ්ඨ වට්ටෝරුවේ රහස 💪

මුලින්ම කියන්න ඕනෙ මේක ප්‍රසිද්ධ fan theory එකක්. මේකෙ විදිහට නම්, සූර පප්පා (Asterix and Obelix) කතා මාලාවෙ එන මැජික් අරිශ්ඨය හදන වෙද පප්පා විසින් ඒකට දාන වට්ටෝරුවත් එක්ක රහස් අමුද්‍රව්‍යයක් දානවා කියලා කියනවා. ඒක නිසා තමයි මේ අරිෂ්ඨය තුල සුපිරි බලයක් ගැබ් වෙලා තියෙන්නෙ. ඒ වගේම ජිම් පප්පා පොඩි කාලෙ මේ අරිෂ්ඨය කල්දේරමට වැටිලා නිසා, පොඩි කාලෙ ඉදන්ම ඒ සුපිරි බලය ජිම් පප්පට තියෙනවා කියලත් වෙද පප්පා ඒ කතාවෙදි අපිට කියනවා. ඒ වගේම වෙද පප්පා ජිම් පප්පට නැවත අරිෂ්ඨය බොන්න දෙන්නෙත් නෑ මේකට හේතුව මොකක් කියලද ඔයා හිතන්නෙ.

Fan Theory එකේ විදිහට නම් මේ ගෝල් දේශයේ ඉපදුනු ජිම් පප්පාට සුපිරි බලයක් හම්බෙන්නෙ අරිෂ්ඨ කල්දේරමට වැටුන නිසා නෙවෙයි. ජිම් පප්පා උපතින්ම Super Human බලයක් තියෙන පුද්ගලයෙක් කියලා තමයි මේකෙ හැටියට කියවෙන්නෙ. ජිම් පප්පා වයස අවුරුදු 6 දි වෙදපප්පාගේ අරිෂ්ඨය හදපු කල්දේරමට වැටුනයින් පස්සෙ මේක බොන හැමෝටම මේ සුපිරි බලය තාවකාලිකව ලැබුනයි කියලා වෙද පප්පා දැකලා තියෙනවා. ඉන් පස්සෙ තමයි මේ වෙද පප්පගෙ අරිෂ්ඨ වට්ටෝරුවෙ රහස් අමුද්‍රව්‍ය විදිහට ජිම් පප්පගෙ කෙස් ගහක් මේකට එකතු කරන්න පුරුදු වෙලා තියෙන්නෙ. ඒත් ජිම් පප්පා බුද්ධිමත් කෙනෙක් නොවන නිසාත්, තමන්ගෙ බලය ගැන ලොකු අවබෝධයක් නැති නිසාත්, මේ ගෝල් දේශයේ ආරක්ශාව මේ බලය මත රදා පවතින නිසාත්, ගමේ ඉන්න බුද්ධිමත්ම කෙනෙක් වුනු සූර පප්පාව යොදවලා තියෙනවා මේ ජිම් පප්පාව බලාගන්න. ඒ නිසා තමයි ඒ දෙන්නා පොඩි කාලෙ ඉදන්ම නිතරම එකට ඉන්නෙ. මේ Fan Theory එක ගොඩක් දුරට ඇත්ත වෙන්න පුලුවන් එකක්.

ඒ වගේම මෙහෙම කතාවකුත් තියෙනවා. මේ ගෝල් දේශය ඇත්තටම ප්‍රංශයේ තිබුන ගමක්. රෝම අධිරාජ්‍යයා වුනු ජුලියස් සීසර් තමන්ගෙ බලයෙන් ප්‍රංශය ඇතුලුව යුරෝපීය රටවල් සියල්ලම වගේ යටත් කරන් හිටියත්, මේ ගෝල් දේශය කියන පොඩි ගම යටත් කරගන්න සීසර්ට බැරි වෙලා තියෙනවා. ඒකට හේතුව විදිහට ජනප්‍රවාද වල තියෙන්නෙත් ඒ ගමේ අසාමාන්‍ය Super Human Ability තියෙන මිනිසුන් ජීවත් උනා කියන එක තමයි. දහස් ගාණක සේනාවක් ආවත්, ගෝල් දේශයේ සාමාන්‍ය ගම් වැසියන් කිහිප දෙනෙක් එකතු වී ඒ සියල්ලම පරාජය කරන්න පුලුවන් කියලා ඒ කාලෙ ඉදන්ම ජනප්‍රවාද වල ඇවිත් තියෙනවා. මේ සූර පප්පා (Asterix and Obelix ) කියන කාටුන් එකට පාදක වෙලා තියෙන්නෙ මේ කතාව තමයි. ඒත් ඇත්ත ඉතිහාසයේ ලිඛිත සාක්ශි වලට අනුවනම් මේ ගෝල් දේශයේ හිටිය මිනිසුන්ගෙ තිබුණු අසමගිය නිසා සීසර් විසින් ලේසියෙන්ම යටත් කරගෙන තියෙනවා .

Review By Wayne

ගෝත්‍රිකයෝ

18 Nov, 11:47


මේ ස්පාඤ්ඤයේ මීටර් 50 ට වඩා උස බාසල්ටික් කඳු මුදුනේ පර්වතකය ඉදිකරන ලද නගරයකි. එය Gerona හි Castelfullit de la Roca ලෙස හැඳින්වේ. එය මේ පාෂාණය මත කිලෝමීටර 1 කට වඩා දිගු වේ. ගෘහ නිර්මාණ ශිල්පයේ සහ ඉංජිනේරු විද්‍යාවේ අති දක්ෂ හපන්කමක් ලෙස මෙය සැලකේ.

ගෝත්‍රිකයෝ

17 Nov, 19:03


ගිලී ගිය ඇට්ලාන්ටිස් නඟරයේ අභිරහස විසඳෙයි😮😱
...
ඇට්ලන්ටිස් හි අභිරහස තවදුරටත් අභිරහසක් නොවේ. ග්‍රීක දාර්ශනිකයෙකු වන ප්ලේටෝ විසින් උපුටා දක්වන ලද ඇට්ලැන්ටිස් කතාව උපුටා දක්වමින් සයිස්හි ඊජිප්තු පූජකයන් පැවසූ කතාව ප්‍රබන්ධයක් නොවේ. ඊජිප්තුවරුන් ග්‍රීක දාර්ශනිකයාට පවසා ඇත්තේ අර්ධ වශයෙන් විශාල දූපතක ,මහාද්වීපයක සහ ආසන්නයේ පිහිටි කුඩා දූපත් මාලාවක වාසය කළ මිනිසුන්ගේ පැවැත්ම ගැන ය. මේ සියල්ල පිහිටා තිබුණේ "හර්කියුලිස් කුළුණු" අසල, එනම් ජිබ්රෝල්ටාර් සමුද්ර සන්ධිය අසල ය.
...
වැලි යට සහ ජලය යට පවා පෙනෙන නවීන චන්ද්‍රිකාවලට ස්තූතිවන්ත වන අතර, මීට වසර 7,000 කට පෙර යෝධ ගංගාවක් මොරොක්කෝව සහ ඇල්ජීරියාව අතර ඇට්ලස් කඳුකරයෙන් ආරම්භ වී මොරිටේනියා වෙරළට ගලා ගිය බව සොයාගෙන ඇත . ගංගාව ඉතා පුළුල් හා දිගු වූ අතර එය කුඩා අභ්‍යන්තර මුහුදක් ලෙස සැලකිය හැකිය. මෙම ගංගාව ඇත්ත වශයෙන්ම උතුරු අප්‍රිකාවේ වෙරළ තීරයේ කොටසක් කපා විශාල දූපතක් නිර්මාණය කරයි (එය ප්‍රධාන භූමියට ටිකක් සම්බන්ධ වී තිබුණද). ඇට්ලස් කන්ද පාමුල පිහිටා ඇති බැවින් (මෙම නම තවමත් පවතී), එහි වැසියන් ඇට්ලන්ටියන් ලෙස හැඳින්වූ අතර ඔවුන් ජීවත් වූ භූමිය "ඇට්ලන්ටිස්" ලෙස නම් කරන ලදී.
...
කතාවට අනුව මහාද්වීපික කොටස පිහිටා තිබුණේ විශාල දූපත ඉදිරිපිටය. කැඩිස් ප්‍රදේශය ප්ලේටෝ විසින් ඇට්ලන්ටියානුවන්ගේ වසමේ ප්‍රදේශයක් ලෙස කෙලින්ම සඳහන් කරයි. ප්ලේටෝ විසින් සඳහන් කරන ලද මිනිසුන් ජීවත් වූ හර්කියුලිස් කුළුණු වලින් ඔබ්බෙන් ප්‍රදේශය ලෙස විද්වතුන් කිහිප දෙනෙකු දැනටමත් කැඩිස් හඳුනාගෙන තිබුණි. ඇත්ත වශයෙන්ම, ග්‍රීසියේ හෝ ඊජිප්තුවේ සිට පැමිණෙන කැඩිස් වෙත යාමට, යමෙකු ජිබ්‍රෝල්ටාර් සමුද්‍ර සන්ධිය තරණය කළ යුතුය.
...
විශාල දූපතේ (එනම්, මොරිටේනියාවේ වෙරළ) සිට ප්‍රධාන ගොඩබිමට (එනම්, ස්පාඤ්ඤය) තුඩු දුන් කුඩා දූපත් කැනරි දූපත් විය. මීට වසර 14,000 කට පමණ පෙර ආරම්භ වූ, ජලය මීටර් 110 කට වඩා වැඩි වීමට පෙර, මෙහි දූපත් බොහෝ සෙයින් වැඩි වූ අතර, ඒවා ඇත්ත වශයෙන්ම මොරිටේනියාවේ වෙරළ තීරයේ සිට ස්පාඤ්ඤය දක්වා දිව ගියේය.
...
කෙසේ වෙතත්, මෙම පැහැදිලි කිරීම විශාල අභිරහසක් විවෘත කරයි. අප්‍රිකානු මහාද්වීපයේ භූගෝල විද්‍යාව වසර 14,000 කට පමණ පෙර, එනම් මුහුදු මට්ටම වැඩිවී ක්ෂය වීමට පෙර සයිස්හි පූජකයන් දැන සිටියේ කෙසේද? කාලයාගේ ඇවෑමෙන් ඇට්ලාන්ටිස් ගිලි ගියද, චන්ද්‍රිකාවලට පින්සිදු වන්නට අපට දැන් එහි තොරතුරු තවදුරටත් අභිරහසක් නොවේ.

තොරතුරු -පසුගිය වසර 75,000 ක සැඟවුණු ඉතිහාසය ගැන ලියැවුණු HOMO RELOADED නම් කෘතියෙනි..

ගෝත්‍රිකයෝ

17 Nov, 12:48


මෙය ලුසියානා හි Lake Pontchartrain Causeway වේ. එය එක්සත් ජනපදයේ දිගම පාලම වන අතර එය පොන්චාට්‍රේන් විල හරහා සැතපුම් 23.79 ක් විහිදේ.
එය ලොව දිගම අඛණ්ඩ පාලම ද වේ. 🌎 පාලම නිව් ඕර්ලියන්ස් වැවේ උතුරු වෙරළේ කුඩා ප්‍රජාවන් සමඟ සම්බන්ධ කරයි.
එය කොන්ක්‍රීට් කොටස් 9,500 කින් සමන්විත සමාන්තර පාලම් දෙකකින් සමන්විත වේ.

අබලන් මෝටර් රථයක් සමඟ මෙම මාර්ගයට නොයන්න! එසේම, අවම වශයෙන් තවත් විනාඩි 45 ක් ධාවනය කිරීමට ප්‍රමාණවත් ගෑස් සහ ඔබ කිරීමට පෙර හොඳ අමතර ටයරයක් තබා ගන්න.😌

ගෝත්‍රිකයෝ

17 Nov, 07:24


ෆීල්ඩ් විසිට් කර්තාහේ

ගෝත්‍රිකයෝ

16 Nov, 09:09


How does Turboprop Engine Works?
A turboprop engine is a type of aircraft engine that combines the advantages of a jet engine with the efficiency of a propeller. It’s often used on regional and cargo aircraft that fly at medium speeds and altitudes. Here’s a breakdown of how it works:

1. Air Intake: Air is drawn into the engine by the compressor section.

2. Compression: The incoming air is compressed, raising its pressure and temperature. In a turboprop, this is usually done through multiple compressor stages, either axial or centrifugal.

3. Combustion: The compressed air is mixed with fuel in the combustion chamber and ignited. This creates high-temperature, high-pressure gases.

4. Turbine Powering: These high-energy gases flow through the turbine section. A portion of the turbine is used to power the compressor, maintaining the intake and compression cycle.

5. Power to Propeller: Unlike a pure jet engine, a turboprop engine directs most of its energy to drive a propeller. The turbine is connected to a reduction gearbox, which slows the high-speed turbine rotation down to a suitable propeller speed.

6. Propeller Thrust: The propeller generates most of the thrust by moving a large mass of air rearward, providing efficient lift for the aircraft at lower speeds compared to jets.

7. Exhaust: After powering the turbine, the exhaust gases exit the engine, providing some additional thrust but less than a pure jet engine.

Why Turboprops Are Efficient

Turboprops are most efficient at lower speeds (usually below 450 mph or 725 km/h) and lower altitudes. They provide better fuel economy than jets in these conditions, as the propeller moves a large volume of air at relatively low speed, achieving higher efficiency for regional flights or low-speed operations.

In summary, turboprop engines are essentially jet engines that use a propeller to create most of the thrust. This allows for better efficiency in certain flight regimes, making them ideal for shorter and medium-haul flights.

ගෝත්‍රිකයෝ

11 Nov, 10:44


ලෝකයේ මැද කොහෙද කියලා දන්නවද... 🌍💫🌌

"රපා නුවායි" කියන්නේ යුරෝපීයන් ඊස්ටර් අයිලන්ඩ් කියලා හදුන්වන දූපත්වලට කියන ස්වදේශීය නමයි. ඊටත් පැරණි නම "ටේ පිටෝ ඕ රේ හෙනූවා". එහි තේරුම "ලෝකයේ නාභිය" නැත්නම් "ලෝකයේ මැද" කියන එකයි.

පැසිෆික් සාගරය මධ්‍යයේ හුදකලාව පිහිටා තිබෙන මේ දූපත් ජනාවාස වෙලා තියෙන්නේ මීට අවුරුදු 1,300කට විතර කලින් කියන එක තමයි වර්තමාන ජනප්‍රිය මතය. නමුත් එහි අතීතය ඊට වඩා බොහෝ පැරණි වෙන්න පුළුවන් කියා අදහසක් තියෙනවා.

වර්ගකිලෝමීටර් 163ක භූමි ප්‍රදේශයක්වන මේ දූපතේ මිනිසුන් 7750ක් වාසය කරනවා. බොහෝ කාලයකට පෙර මේ දූපත මීටත් වඩා විශාලව තියෙන්න ඇති, මීට වඩා විශාල මිනිසුන් ප්‍රමාණයක් ජීවත්වෙන්න ඇති කියලත් විශ්වාස කරනවා.

විශේෂයෙන්ම අවසාන අයිස් යුගය නිමවී, විශාල වශයෙන් හිම තට්ටු දියවීමට පටන් ගැනීමෙන් පසුව මුහුදු ජල මට්ටම් ඉහල යෑම නිසා ලෝකයේ පහලින් තිබූ වෙරළබඩ ප්‍රදේශයන් රැසක් සහ ඒ අවට තිබුනු ජනාවාස ජලයෙන් යටවුනා. අවසන් අයිස් යුගය තිබුනේ මීට අවුරුදු 11,000කට පෙරයි.

අයිස් යුගය තිබුනු කාලයේ රපා නුවායි දූපත මීට වඩා විශාලව තියෙන්නට ඇති බවත්, තවත් දූපත් දාමයක් හරහා දකුණු ඇමරිකානු මහද්ධීපය හා සම්බන්ධව තිබෙන්නට ඇති බවත් සමහර විශේෂඥයන් විශ්වාස කරනවා. ඒ කියන්නේ සාගරයේ බොහෝ දුරක් සංචාරය කරලා අහම්බෙන් දූපතක් හොයා ගන්නවා වෙනුවට, දකුණු ඇමරිකානු භූමියේ ඉදලා කෙනෙක්ට පහසුවෙන් දූපතෙන් දූපතට කෙටි සංචාරයක් කරලා මෙයට පැමිනෙන්නට පුළුවන් කියන අදහසයි.

මේ දූපත් ලෝකය පුරාම ජනප්‍රියවෙලා තියෙන්නේ එහි ඇති අමුතුම ගල් පිලිම නිසයි. ඒවාට කියන්නේ මොවායි කියලයි. මෙවැනි පිළිම දහස් ගණනක් මේ දූපතේ දකින්න පුළුවන්. ඉතාමත් ලස්සනට වැඩ නිමකල පිලිමවලට අමතරව වැඩ නිමකරමින් තිබියදී අතහැර දැමූ පිළිම සිය ගණනකුත් ඒ අතර තියෙනවා.

මෙම පිළිම නිර්මාණය කරලා තියෙන්නේ ටෆ්ස් (tuffs) ලෙස හදුන්වන මෘදු ගල්වලින්. බොහෝ කාලයකට ඉහත සිදුවූ ගිනිකදුවලින් නිකුත්වූ අළුවලින් නිර්මාණයවූ මෙම ගල්වලින් පිලිමයක් නෙලන එක, තද කළු ගලෙන් කරනවාට වඩා ටිකක් පහසු වැඩක්. මේ විදිහට පිලිමවලින් පෙන්නුම් කරන්නේ මෙම දූපත්වැසියන්ගේ මියගිය ඥාතීන් බවට විශ්වාස කරනවා. පුද්ගලයෙක් මියගොස්, ඔවුන්ගේ ආත්මය මලවුන්ගේ ලෝකයට යන්නේ, ඔවුන් වෙනුවෙන් ඉදිකරන පිලිමයේ ඇස් තියෙනදාට කියලා විශ්වාසයක් තියෙනවා.

මීට අවුරුදු 400කට විතර කලින් යුරෝපීයන් මේ දූපතට පැමිනෙන කාලයේදීත් ඔවුන් මෙම පිලිම නෙලමින් සිටිය බව වාර්තාවල සදහන් වෙනවා. නමුත් සමහර විශේෂඥයන් විශ්වාස කරන හැටියට, ඒ කාලයේ ඔවුන් මේ පිලිම නෙලනවා වෙනුවට ගරාවැටුන පිලිම පිලිසකර කරමින් ඉන්න ඇති බවයි. මේ දුපතේ ජනාවාස අවුරුදු 1300කට පෙර අතීතයකට දිව යනවා කියා විශ්වාස කරන්න හේතු මොනවාද?

රපා නුවායී දූපතේ සිදුකල කැණීම්වලින් එහි වැවෙන කෙසෙල් පලතුර අඩුම වශයෙන් අවුරුදු 3000කට පෙර එහි ගෙනවිත් තිබෙන බවට සාක්ෂි හමුවී තිබෙනවා. කෙසෙල් ගස් මිනිසුන්ගේ උදව්වක් නොමැතිව මේ වගේ දූපතකට සත්වයන්,කුරුල්ලන් හෝ ජලයේ හෝ සුලගේ පාවීම වැනි ස්වාභාවික ක්‍රමවේදයකට දූපතකට පැමිනෙන්න නොහැකිබව උද්භිදවිද්‍යාඥයන්ගේ අදහසයි.

ඒ වගේම මෙහි ඇති ඉදිකිරීම් ගෘහ නිර්මාණ යුග දෙකකට අයත්වන බව ඔවුන් පවසනවා. එයින් ටොන් 100ක් පමන බර විශාල පිලිම මෙන්ම විශාල කළු ගලෙන් ඉදිකල නිර්මාණ පැරණි යුගයට අයත්වෙන බවත්, කුඩා ගල්වලින් ඉදිකල නිර්මාණ මෑත කාලීන බවත් ඔවුන් පවසනවා. කාලයක් යනවිට විශාල ප්‍රතිමා බිමට ඇදවැටී තිබියදී හමුවී, දූපත් වැසියන් ඒවා යලිත් ඔසවා තැබීමට ගල්වලින් වේදිකාවන් සකස්කරනට ඇතැයි විශ්වාස කරනවා. එලෙස වේදිකාවන් ඉදිකිරීමේදී, පැරණි පිලිමවලින් කැඩීගිය කොටස් යොදාගෙන තියෙන හැටි දැක ගන්න පුළුවන්.

ඒ වගේම ‍රපා නුවායී දූපතටම ආවේනිකවූ භාෂාවක් තිබෙනවා. රොන්ගාරොන්ගා ලෙස හදුන්වන මේ භාෂාවේ සාමාන්‍ය අක්ෂර වෙනුවට ඇත්තේ රූපාක්ෂරබවට විශේෂඥයන් විශ්වාස කරනවා. මෙම රූපාරක්ෂර සහිත භාෂාව පැරණී ඊජිප්තු භාෂාවන්ට සමාන බව ඔවුන්ගේ අදහසයි. එම භාෂාව අවුරුදු 3,250කවත් අතීතයකට දිවයන බවට ඔවුන් විශ්වාස කරනවා. ඒ වගේම මෙවැනි කුඩා දිවයිනක මෙතරම් සංකීර්ණ භාෂාවක් තිබීම පුදුමයට කරුණක් බවත් ඔවුන් සදහන් කරනවා.

එකල තම දූපත ලෝකයේ මැද බව කොහොම දැනගෙන නම් තැබුවාද යන්නත් පුදුමයට කරුණක්.

ගෝත්‍රිකයෝ

05 Nov, 09:32


ස්ටීව් ජොබ්ස්ගේ දෙවන ආ ගමනේදී: ඔහු කවුරුවත් ඇදහිය නොහැකි වැඩක් කළා. එතෙක් ඇපල් පරිගණක වලට අමතරව ලේසර් මුද්‍රණ යන්ත්‍ර, කැමරා යනාදිය ඇතුළු අමුතු, අමුතු ඇපල් නිෂ්පාදන 100කට ආසන්න ප්‍රමාණයක් නිපදවමින් සිටි අතර ඒවා සියල්ල ඔහු ඉවත් කළේය.

ඉන්පසුව, ඔහු iMac සමඟ අලුත් ආරම්භ කිරීම සඳහා ඉතිහාසයේ වඩාත්ම කැපී පෙනෙන, පහල පෙනෙන ඉතා සරල ප්‍රොඩක්ට් කාණ්ඩ 4 සහිත රූපසටහන ඔහුගේ අභ්යන්තර කණ්ඩායමට පෙන්වීය.

ඒ කාලෙ බොහෝ දෙනෙකුට එතරම් වැදගත් දෙයක් ලෙස නොපෙනුනාට, මෙම බොහෝ නිෂ්පාදන ගණනක් එකවර කරන්න යාමෙන් අනෙකුත් iMac සහ DOS යුගයට පෙර පරිගණක සමාගම්, HP, IBM වැනිවා කීපයක් හැර විශාල ඉන්වෙන්ටරි විකුණාගත නොහැකිවීම වැනි දේ නිසා අවසානයේ අසාර්ථක විය. ඒ සමහර ඒවා IBM, Compaq, Apple, Atari, Tandy/RadioShack, Amiga (Comodore), Digital Equipment Corporation (DEC), Hewlett-Packard (HP), NEC, Texas Instruments (TI). වගේ දැන් නැති කම්පැනි වල අභාවයට ලොකු හේතුවක් තමා ස්ටීව් කළාක් එයාලා ඔවුන්ගේ නිෂ්පාදන විධිමත් කිරීමට නොහැකි වීමයි.

මෙය සියලුම Products සමාගම්වලට අදාළ දෙයක්. දැන් දැන් ඔය සැම්සුන් වලට වේගෙන යන්නෙත් එක. සුළු සුළු වෙනස්කම් සහිත විශාල ෆෝන් මොඩල්ස් ගණනක් maintain කරනඑක ලාබදායී නෑ. ඇපල් දැන් වසර 20කට පස්සෙත් එක category එකක හදන්නේ products 4යි. අයිෆෝන් 4යි, මැක් 4යි.

මෙය ස්ටීව්ගෙන් බොහෝ දෙනෙකුට මග හැරුන tech industry එකේ හැරවුම් ලක්ෂ වලින් එකක්. එදා පටන් ඇපල් සමාගම සදා ඉතිහාස ගතවී හමාරයි!

Highland කිරි බෝතල්වල පොඩි කාලේ ඉඳන් රස විඳින්නෙක් වශයෙන්, Milco සමාගමට අවශ්‍ය වන්නේ ද මෙවැනි කේන්ද්‍රගත නිෂ්පාදන ප්‍රතිසංස්කරණයක් බව පෙනේ. සියලුම අඩු ලාභ නිෂ්පාදන අයින්කර (කීයක් තිබෙනවාදැයි දන්නේ නෑ), සහ කිරි සැපයුම් බාධා ඉවත් කර, නිෂ්පාදන ඒවා ප්‍රධාන කාණ්ඩ දෙකකට කඩා විධිමත් කිරීමෙන් අලෙවිය වැඩිකළ හැකි බව පෙනේ :

1. පාරිභෝගිකයා
2. තොග/හෝ ආයතනික විකිණීම් වැනි (බේකරි නිෂ්පාදන)

පාරිභෝගිකයා සඳහා, සමහර විට මෙම කිරි බෝතලය සහ යෝගට් පමණක් නිෂ්පාදනය ප්රමාණවත් වේ. බටර් වගේ ඒවා හලලා දාන්න.

දැන් නිෂ්පාදන, නිෂ්පාදනය, අලෙවිකරණය, සැපයුම් සහ තත්ත්ව පාලනය සඳහා අවධානය යොමු කළ විධිමත් ප්‍රවේශයක් සමඟින්, මිල්කෝට ලංකා හොල්ලන්න බැරිකමක් නෑ. හරිගියොත් කිරි නවසීලන්තෙන් ගෙනත් හරි ලෝකෙටම බෙදන්න බැරිය.

Steve Jobs’ second coming: he scrapped nearly 100 odd, bizarre Apple products, including laser printers, cameras, etc. (if you didn’t know, Apple once made laser printers too). And then, he showed the internal team one of history’s most remarkable marketing diagrams to begin with the iMac.

4 Products for 4 Categories

One of the less significant thing to most was, most pre iMac DOS era computer companies with these many products, huge inventories got bacnkrupt eventually except HP, IBM and few. Those names I remember IBM, Compaq, Apple, Atari, Tandy/RadioShack, Amiga (Commodore), Digital Equipment Corporation (DEC), Hewlett-Packard (HP), NEC, Texas Instruments (TI). One of the reason for their demise is that they could not streamline their products as Steve did for Apple.

This was one of the early industry shifting insghts from Steve many tend to miss.

The rest is history!

As a long-time fan of Highlanka milk bottles, I dare say this is the kind of product reshuffle Milco needs. Scrap all the less profitable product lines (I don’t know how many, and the milk supply strains) and streamline them into two categories:

1. Consumer
2. Bulk/Industrial or Corporate—(bakery supplies)

For the consumer, perhaps just this famous milk bottle and yogurt are enough, for example even butter can be scrapped.

With a focused streamlined approach to products, production, marketing, logistics, and quality control, Milco could be on a roll.

#TecWinds #StopFlayingBlid #Milco MILCO - මිල්කො Milco(Pvt)Ltd

ගෝත්‍රිකයෝ

05 Nov, 09:00


හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය හමුදාව අතර පසුගිය දින කිහිපයේ ගැටුම් වලින් ඊශ්‍රායල සෙබළු 15 දෙනෙක් මිය යාමට සහ තුවාල ලැබීමට ලක් වුනු බව ඊශ්‍රායලය පවසනවා.

============================
රාජ්‍ය තාන්ත්‍රික පුවත්

රුසියාවේ සිට විශේෂ ගුවන් යානයක් ටෙල් අවිවි නගරය වෙත පැමිණ තියෙනවා. මේ ගමනේ අරමුණ ගැන විවිධ මත පළ වී තියෙනවා. මෙය සටන් විරාමයක් සඳහා රුසියාවේ මැදිහත් වීමක් විය හැකියි.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය හමුදාවේ හමුදාපතිවරයා ඊයේ ප්‍රකාශයක් කරමින් ඊශ්‍රායලයට එරෙහිව ප්‍රහාරය "අනිවාර්‍යයෙන්ම සිදුවන" බව කියා සිටියා. ගාසාවට එරෙහිව කරන සංහාරය අඩු කිරීමට ඊශ්‍රායලය කටයුතු කළහොත්, එහි තීව්‍ර තාවය අඩුවිය හැකි බවත්, එසේ නැතිනම් අතිශය විනාශකාරී ප්‍රහාරයක් බලාපොරොත්තු වියහැකි බවත් ඔහු කියා සිටියා.

බොහෝ විචාරයකන් අදහස් දක්වා තිබුණේ ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙමින් පවතින පස්වෙනිදා රෑ ප්‍රහාරය එල්ලවිය හැකි බවයි. ඒ ඇමරිකාවේ අවධානය වෙනතක යොමුවී ඇති නිසා ඔවුන්ට ක්ෂනික ප්‍රතිචාර දැක්වීමට නොහැකි වන නිසා.

කෙසේ වෙතත් ඇමරිකාව තම ප්‍රධානම බෝම්බ ප්‍රහාරක ගුවන් යානාව වන B52 ගුවන් යානා මැද පෙරදිග වෙත කැඳවා තියෙනවා. ඒ අතරම මෙතෙක් පර්සියානු බොක්කේ රඳවා තිබූ ඒබ්‍රහම් ලින්කන් ගුවන්යානා භාරක නැව (aircraft carrier) ඇතුළු යුධ නැව් කීපයක් නැවත කැඳවා තියෙනවා. මේ නිසා ඇමරිකාව අපේක්ෂා කරන දේ අනුමාන කිරීම අපහසුයි.

(උපුටාගැනීමකි)
©️ns

ගෝත්‍රිකයෝ

05 Nov, 09:00


ඇමරිකානු ජනාධිපතිවරණය කට උඩ ඇති අවස්ථාවක, මැද පෙරදිග තත්වය නැවතත් උණුසුම් වෙමින් පවතිනවා.

============================
ලෙබනන පෙරමුණ

දකුණු ලෙබනනයේ මේ දක්වා ඇතිවුනු දරුණුම ගැටුම් වාර්තා වුනේ පසුගිය සතිය තුළ.

මේ දක්වා ඊශ්‍රායල හමුදාව ලෙබනනය තුළට ගිය වැඩිම දුර වාර්තා කරමින් දේශසීමාවට කිලෝමීටර 6 ක් දුරින් ඇති කියාම් නම් ගම වෙත පැමිණීමට පසුගිය සතියේ ඉරිදා ඊශ්‍රායල හමුදාව සමත් වුනත්, දින කීපයක් පුරා පැවති අතිශය දරුණු සටනකින් පසු ඔවුන්ට පසු බැස යාමට සිදු වුනා. පසුබැස ගිය පසු ඊශ්‍රායල ගුවන් හමුදාව කියාම් ගම වෙත ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, හෙස්බොල්ලා සංවිධානය පසු බසින ඊශ්‍රායල හමුදාව වෙත රොකට් ප්‍රහාර එල්ල කළා. මේ සටනින් දෙපාර්ශවයටම සැලකිය යුතු හානි සිදුවන්නට ඇතැයි අනුමාන කළ හැකි වුනත්, හානි පිළිබඳව දෙපාර්ශවයම කිසිවක් පවසා නෑ.

දකුණු ලෙබනනයේ ගොඩනැගිල්ලක ඊශ්‍රායල ධජය ඔසවමින් සිටි ඊශ්‍රායල සෙබළුන් පිරිසකට යුධ ටැංකි නාශක මිසයිලයකින් ප්‍රහාරයක් එල්ලවන අන්දම දැක්වෙන වීඩියෝවක් හෙස්බොල්ලා සංවිධානය නිකුත් කර තියෙනවා. වීඩියෝවේ දැක්වෙන අන්දමට අවම වශයෙන් සෙබළු 6 දෙනෙක් වත් මිය යන්නට/තුවාල ලබන්නට ඇතැයි සිතිය හැකියි. මේ සිද්ධිය පිළිබඳවත් ඊශ්‍රායලය කිසිවක් පවසා නෑ.

මේ වන විට ලෙබනන පෙරමුණ සඳහා ඊශ්‍රායල හමුදා ඩිවිෂන පහක් යොදවා තියෙනවා. මේ ඩිවිෂන පහේ සම්පූර්ණ සෙබළ ශක්තිය 50,000 ක්. නමුත් තවමත් දේශසීමා ආසන්න ප්‍රදේශ වලින් ඉදිරියට යාමට ඔවුන්ට හැකි වී නෑ.

මේ දක්වා සටන් වලින් ඊශ්‍රායල යුධ ටැංකි 40 ක් විනාශ කිරීමට/අලාභානි කිරීමට සමත් වූ බව හෙස්බොල්ලා සංවිධානය පවසනවා. ඊශ්‍රාලය සතු මුළු යුධ ටැංකි ගණන 400 ක්.

ඒ අතර බේරූට් නගරයට උතුරින් පිහිටි බට්‍රෝන් නම් වෙරළබඩ නගරයක සිදු කළ දිගුදුර විශේෂ මෙහෙයුමකින් හෙස්බොල්ලා සංවිධානයේ නාවුක අංශයේ ප්‍රධානියා වන ඉමාද් අම්හාස් පැහැර ගැනීමට ඊශ්‍රායල කොමාන්ඩෝ භට පිරිසක් සමත් වුනා. ඊශ්‍රායල් දේශසීමාවේ සිට කිලෝමීටර සිය ගණනක් දුරින් සිදු කළ මේ මෙහෙයුම ඊශ්‍රායලයේ ප්‍රධාන ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකියි. නමුත්, සාමාන්‍යයෙන් හෙස්බොල්ලා නායකයන් සිටින තැන් වලට ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් ඔවුන් ඝාතනය කරන ඊශ්‍රායලය මෙවැනි අතිශය අවදානම් සහගත මෙහෙයුමක් සිදු කළේ මන්දැයි යන්න ගැන විචාරකයන් අතර කතිකාවට ලක් වී තියෙනවා. ඉමාද් අම්හාස් මේ දක්වා ඊශ්‍රායලයට ඔත්තු සැපයූ පුද්ගලයා සහ හෙස්බොල්ලා සංවිධානයට එය අනාවරණය වීම නිසා ඔහු පැහැරගත්තේදැයි සමහර විචාරකයන් සැක පහළ කරනවා.

ඒ අතර සිකුරාදා ඊශ්‍රායල හමුදාවේ උතුරු ප්‍රදේශයේ අණදෙන නිලධාරී මේජර් ජනරාල් ඕරි ගොර්ඩින් සහ මධයම ප්‍රදේශයේ අණදෙන නිලධාරී මේජර් ජනරාල් අවී බ්ලුත් ගමන් ගනිමින් සිටි රථයක් දකුණු ලෙබනනයේදී අනතුරකට ලක් වීමෙන් ඔවුන් දෙදෙනා සුළු තුවාල ලැබුවා. පෙනෙන ආකාරයට මෙය හෙස්බොල්ලා ප්‍රහාරයක් නෙවෙයි.

============================
නෙතන්යාහු ඝාතන තැත

ලෙබනන දේශසීමාවේ පිහිටි මෙටුලා නගරයට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු නිරීක්ෂන චාරිකාවක නිරත වීමට පැමිණි අතර, ඔහු පැමිණීමට විනාඩි 20 කට පෙර ඔහු පැමිණීමට නියමිතව තිබූ ස්ථානයට හෙස්බොල්ලා ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තියෙනවා. අගමැතිවරයා වහාම සංචාරය අවලංගු කර නැවත හැරී ගොස් තියෙනවා.

මේ ප්‍රහාරය නිසා ඊශ්‍රායල හමුදාව තුළ හෙස්බොල්ලා සංවිධානයට ඔත්තු සපයන පිරිස් සිටින බවට සැක පහළ වී තිබෙනවා. එය එසේ නම්, ඊශ්‍රායලයට එය විශාල ප්‍රශ්නයක් වනු ඇති.

============================
හෙස්බොල්ලා රොකට් ප්‍රහාර

උතුරු සහ මධ්‍යම ඊශ්‍රායලයට එල්ල වන හෙස්බොල්ලා රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර වල තීව්‍රතායට සහ නිවැරදිතාවය ඉහළ යමින් පවතිනවා. සෙනසුරාදා ටෙල් අවිව් නුවර පිහිටි ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ මූලස්ථාන ගොඩනැගිල්ල වෙත හෙස්බොල්ලා රොකට් හෝ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වුනු අතර, ඉන් 20 දෙනෙක් පමණ තුවාල ලැබුවා. ඊට අමතරව ටෙල් අවිව්, හයිෆා ඇතුළු නගර ගණනාවක් හෙස්බොල්ලා රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර වලට දිනපතා ඉලක්ක වෙනවා.

ලෙබනනයේ සහ ඉරාකයේ සිට පැමිණෙන ඩ්‍රෝන වඩ වඩාත් යකඩ පියස්ස ආරක්ෂන පද්ධතිය විනිවිදීමට සමත් වන බව පේන්න තියෙනවා. මෙය ආරක්ෂන පද්ධතියේ මිසයිල වල හිඟයක් නිසා හෝ ප්‍රතිවාදීන් එහි දුර්වල් තැන් හඳුනාගැනීමට සමත් වීම නිසා විය හැකියි.

============================
ගාසා පෙරමුණ

උතුරු ගාසාවේ තත්වය "ලෝක විනාශයකට සමාන" (apocalyptic) බව එක්සත් ජාතීන්ගේ සහන සැලසීමේ ආයතන පවසා සිටිනවා. සාගතය, ලෙඩරෝග සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර නිසා දිනකට 100 ක පමණ පිරිසක් මිය යමින් සිටිනවා. විශේෂයෙන්ම පෝලියෝ රෝග වසංගතයක් කුඩා ළමයින් අතර පැතිර යමින් පවතින බව ඔවුන් පවසනවා.

ඊශ්‍රායලය තවමත් සම්බාධක ලිහිල් කර නෑ.

දකුණු ගාසාවේ ඛාන් යුනිස් හිදී හමාස් සංවිධානයේ ජේෂ්ඨ නායක ඉස් අල්-දීන් කසාබ් ගුවන් ප්‍රහාරයකින් ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් වුනා.

ගෝත්‍රිකයෝ

02 Nov, 01:43


🔘. සුරතල් සතුන් අතර ලොව පුරා ජනප්‍රියම සත්වයා බළලා/ පූසා බව නොරහසක්. අදටත් Youtube ඇතුලු සමාජ මාධ්‍ය වල නැරඹුම් වාර මිලියන ගණනින් සුරතල් බළලුන් සම්බන්ධ වීඩියෝ දක්නට ඇත. විවිධ බළලුන් වර්ග අතරින් The Cat Fanciers Association / CFA වෙබි අඩවිය මඟින් වසර ගණනාවක් පුරා අංක එකේ සුරතල් බළල් විශේෂය ලෙස තෝරාගත් රැග්ඩෝල් Ragdoll බළලුන් ගැන සවිස්තරාත්මක සටහනකි මේ.

🔘. රැග්ඩෝල් යනු ප්‍රමාණයෙන් විශාල එනම් බරින් රාත්තල් 20ක්, දිගින් අඟල් 40 ක් පමණ වන ඇස් වටා සහ හිස ප්‍රදේශයේ සහ වල්ගය ද දුඹුරු පැහැයෙන් සහ අනෙකුත් ශරීරයම සුදු පැ⁣හැයෙන් යුතු දිගු ලොම් සහිත ඉතා අලංකාර පෙනුමක් සහිත බළල් විශේෂයක් වේ. සම්පූර්ණ මුහුණම සහ වැඩි ප්‍රදේශයක් දුඹුරු පැහැ මෙන්ම තනි සුදුපැහැයෙන් යුතු variants ද දක්නට ලැබෙන ඔවුන්ගේ ඇස් නිල් පැහැයෙන් යුතු වේ. පොදුවේ මිනිසුන් සහ අනෙක් බළලුන් මෙන්ම නිවාස ආශ්‍රිත බලු සුරතලුන් සමඟද සමාජශීලී වීමත් මොවුන් ජනප්‍රිය වීමට හේතු වී ඇත. වසර 4 කින් පමණ සම්පූර්ණ ප්‍රමාණයටම විශාල වන මොවුන් සාමාන්‍යයෙන් වසර 17 ක පමණ කාලයක් ජීවත් වන බව වාර්තා වේ.

🔘. රැග්ඩෝල් බළලුන් 1960 දී ඈන් බේකර් (Ann Baker) විසින් සොයාගනු ලැබූවේ ඇමරිකානු බළලුන් වර්ග කිහිපයක් යම් කාලයක් තුල Breed කිරීමෙනි. ඔවුන්ගේ ඉහත සඳහන් කරන ලද ලක්ෂන හේතුවෙන් ඉතා ඉක්මනින් ජනප්‍රිය වීමට මොවුන්ට හැකිවිය. ඔවුන් ක්‍රියාශීලී විශේෂයක් නිසා වැඩිදුර ශාරීරික ව්‍යයාම අවශ්‍ය නොවේ. එමෙන්ම විශේෂ බළල් ආහාර (Canned food වැනි) ලබාදීමද ඉතා වැදගත් වෙි. ඉහත දැකවූ පරිදිම අලංකාර පෙනුම, සමාජශීලි සහ ක්‍රියාශීලී වීම, සහ ආක්‍රමණශීලී නොවීම ධනාත්මක ලක්ෂන වන අතරම 100%ක් ම පිරිසිදු /Purebread රැග්ඩෝල් සතුන් ඉතා ඉහල මිලක් වීම අවාසියකි. එමෙන්ම හදවත් රෝග වලට වැඩි අවදානමක් ඇතිවීම හේතුවෙන් සුදුසු ආහාර ලබාදීම ද අයිතිකරුවන් සතු වගකීමකි.

☑️. උපුටා ගැනීම අන්තර්ජාලය ඇසුරිනි!!!

මූලාශ්‍ර :

https://www.thesprucepets.com/ragdoll-cat-breed-profile-4583144

https://www.wallpaperflare.com/search?wallpaper=ragdoll+cat

https://www.prnewswire.com/news-releases/drumroll-please-the-cat-fanciers-association-cfa-is-elated-to-reveal-the-top-15-pedigreed-cat-breeds-that-had-everyone-purring-in-2023-302063129.html

ගෝත්‍රිකයෝ

01 Nov, 10:33


හයිඩ්‍රජන් යුධ ටැන්කිය ගැන තව විස්තර ටිකක්,

Hyundai Rotem Next-Generation Main Battle Tank

K3 හයිඩ්‍රජන් යුද්ධ ටැංකියේ ප්‍රධාන ලක්ෂණයක් නම්
හයිඩ්‍රජන් ඉන්ධන කෝශ භාවිතා කර විදුලිය ජනනය කරන අතර, එමගින් ටැංකිය ධාවනය කරන විදුලි මෝටර සඳහා බලය සපයයි. මෙය සාම්ප්‍රදායික ඩීසල් එන්ජිමකට වඩා ශබ්දය අඩු අතර සතුරු නිරීක්ෂණයට හසු විය හැකි තාප සලකුණු ( heat signature ) අවම වී ඇත.ඩීසල් එන්ජිමකින් විමෝචනය වන තරම් තාපයක් මෙයින් විමෝචනය නොවේ.

(The tank will have advanced defensive technologies, including a Directional Infrared Countermeasures (DIRCM) system to counter heat-seeking missiles, an Active Protection System (APS), and a drone jamming device. Its low-profile design and reduced radar and infrared signatures make it exceptionally difficult to detect on the battlefield, similar to the Polish PL-01 tank.)

හයිඩ්‍රජන් ඉන්ධන කෝශ පද්ධතිය ඩීසල් එන්ජින් සමඟ සැසඳීමේදී දිගු පරාසයක් ලබා දෙන අතර, ටැංකියට ඉන්ධන පිරවීමකින් තොරව දීර්ඝ කාලයක් ක්‍රියාත්මක විය හැකිය.

මෙය පරිවාරකය ඩ්‍රෝන යානාවකින් යුක්ත වේ.තවද සතුරු ඩ්‍රෝන යානාවලට බාදා කිරීමේ හැකියාවක් K3 සතුව ඇත ( drone jamming device) .

හයිඩ්‍රජන් ඉන්ධන සෛල භාවිතා කිරීමෙන්, K3 හරිතාගාර වායු විමෝචනය සහ වායු දූෂණය සැලකිය යුතු ලෙස අඩු කරයි, එය වඩාත් පාරිසරික වශයෙන් මිත්‍රශීලී විකල්පයක් බවට පත් කරයි.

තවමත් පරීක්ෂණ මට්ටමේ ඇති K3 ටැන්කිය 2040 වසර වන විට මහා පරිමාණ නිෂ්පාදනයට ඇතුළු වීමට අපේක්ෂා කෙරේ.

ගෝත්‍රිකයෝ

30 Oct, 07:41


අයින්ස්ටයින්ගේ රියදුරා වරක් අයින්ස්ටයින්ට මෙහෙම කිව්වා, "සර්, ඔබ සෑම රැස්වීමකදීම කළ සෑම කථාවක්ම මට හොඳටම කටපාඩම්"

අයින්ස්ටයින් පුදුමයට පත් වුණා! ඔහු රියදුරාට මෙහෙම කිව්වා, "හරි, අපිට තියෙන ඊළඟ රැස්වීමෙ සංවිධායකතුමා මාව දන්නේ නැහැ. ඔයා මගේ තැන අරන් ඒ රැස්වීමෙදි කතාව කරන්න, මම රියදුරු වෙන්නම්." 😊

ඒක එහෙමම වුනා, පහුවදා රැස්වීමෙදි රියදුරා වේදිකාවට නැගලා කතාවක් කියන්න පටන් ගත්තා. එතන හිටපු විද්වතුන් මහ හඬින් අත්පුඩි ගැසුවා. ඒ වෙලාවේ එක්තරා මහාචාර්යවරයෙක් රියදුරාගෙන් ඇහුවා "සර්, සාපේක්ෂතාවාදයේ අර නිර්වචනය නැවත පැහැදිලි කරන්න පුළුවන්ද?" කියලා.

ඇත්ත අයින්ස්ටයින්ට තේරුණා ලොකු අනතුරක් වෙන්න යන්නේ කියලා! මේ පාර නම් බොරු අයින්ස්ටයින් හෙවත් රියදුරා මාට්ටු වෙනවා. ඒත් ඇත්තටම රියදුරා ඒ මහාචාර්යවරයාට දුන් පිළිතුර ඇසීමෙන් ඔවුන් පුදුමයට පත් වුණා.

රියදුරු පිළිතුරු දුන්නේ මෙහෙම, "මෙච්චර සරල දෙයක්වත් ඔබේ ඔලුවට යන්නෙ නැද්ද? මගේ රියදුරුගෙන් ඇහුවා නම් ඒ මනුස්සයත් ඔබට ඕක ලස්සනට පැහැදිලි කරලා දෙයි"

ඔබ ප්‍රඥාවන්තයන් සමඟ ඇවිද ගියොත්, ඔබ හිතන විදියත් වෙනස් වෙයි! 😌❤️

ගෝත්‍රිකයෝ

26 Oct, 20:34


ග්‍රහලෝක නිම්නය 🥵😯

Kawakeb ලෙස හඳුන්වන ලෝකයේ ස්වභාවික ආශ්චර්යයන්ගෙන් එකක්. එය නිරිතදිග ලිබියාවේ ගාට් කඳුකර නගරය අසල ලිබියානු කාන්තාරයේ Wan Tikofi නිම්නයේ පිහිටා ඇත. ට්‍රොවන්ට්ස් ලෙස හඳුන්වන එහි පාෂාණ සැකැස්ම සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝකවලට සමාන වන අතර සියවස් ගණනාවක් තිස්සේ පරිකල්පනය වචනාර්ථයෙන් අවුළුවා ඇත. අද්භූත සම්භවයක් ඇති මෙම භූගෝලීය සැකැස්ම පෘථිවියේ අනෙකුත් පාෂාණවලට වඩා රැඩිකල් ලෙස වෙනස් වේ. ඔවුන් ක්‍රමක්‍රමයෙන් වර්ධනය වී, චලනය වන අතර, ජීවීන් මෙන් ප්‍රජනනය වන අතර, ඔවුන්ගේ විවේකයෙන් පසු, ගස් කවයන් හා සමාන කේන්ද්‍රීය කවයන් පෙන්නුම් කෙරේ. එබැවින් ඒවා "ජීවමාන" හෝ "චලන" ගල් ලෙස හැඳින්වේ.
උපුටාගැනීමකි.✍️

ගෝත්‍රිකයෝ

23 Oct, 19:45


ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරිමේ සැලසුම පිළිබඳව මෙතෙක් අනාවරණය වී ඇති තොරතුරු සැකෙවින් මෙසේය..

📌 ආරුගම්බේ ප්‍රහාර සැලසුම සම්බන්ධයෙන් මුල්ම බුද්ධි තොරතුරු ලැබී තිබෙන්නේ මීට දෙසතියකට පෙර ඔක්තොම්බර් 7 වෙනිදාය..

📌 මෙම සැලසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත ඉන්දීය බුද්ධි අංශ විසින්ද තොරතුරු ලබා දී ඇති අතර මුල්ම තොරතුරු ලැබුණේ ඔවුන්ගෙන් දැයි පැහැදිලි නැත..

📌 සැලසුම අනුව ඊශ්‍රායල ජාතිකයන් බහුලව ගැවසෙන අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසන්නයේ පිහිටි ආරුගම්බේ ප්‍රදේශය ප්‍රහාරයේ ඉලක්කය විය හැකි බවත්, අදාළ ප්‍රහාරය ඔක්තෝබර් 19ත් 23ත් අතර කාලය තුළදී එල්ල විය හැකි බවත් ඉන්දීය බුද්ධි තොරතුරුවල සදහන් වී තිබී ඇත..

📌 ප්‍රහාරය එල්ල කිරීම සඳහා ලාංකික පුද්ගලයන් දෙදෙනෙකු සූදානමින් සිටින බවත්, ඔවුන් දෙදෙනාගෙන් අයෙක් ඉරාකයේ සිට පැමිණි අයෙක් බවත්, ප්‍රහාරය සඳහා ඔවුන් දෙදෙනාට රුපියල් ලක්ෂ 50ක පමණ මුදලක් ලබාදී ඇති බවත් එම තොරතුරුවල සඳහන් වේ.

📌 අදාළ පුද්ගලයන් දෙදෙනාගේ නම් ගම් ඇතුළු සියලු තොරතුරු ඉන්දීය බුද්ධි අංශ මගින් මෙරට ආරක්ෂක අංශ වෙත ලබා දී තිබේ. නමුත් මොවුන් මේ මොහොතේ ලංකාවේ සිටිනවාද හෝ අත්අඩංගුවට පත් වූවාද හෝ වැනි කරුණු හෙලිකර නැත..

📌 හිස්බුල්ලා සංවිධානයේ නායකයන් පසුගිය දිනවල ඊශ්‍රායාලය මගින් බෝම්බ හෙළා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාර මෙරට තුළ දියත් කිරීමට 'නම් හෙලි නොකල' ජාත්‍යන්තර හෝ දේශීය සංවිධානයක් හෝ කිහිපයක් මෙම සැලසුම් සකස් කර ඇති බව හෙලිකර ඇත..

📌 මෙම තොරතුරු ලැබීමත් සමග ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක මණ්ඩලය වහාම කැඳවා මීට සති දෙකකට පමණ පෙර සිටම විවිධ ආරක්ෂක උපායමාර්ග ඔස්සේ නැගෙනහිර පළාතේ අදාල ස්ථානවල පමණක් නොව වැලිගම, හික්කඩුව ඇතුළු දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවලද, ඇල්ල ප්‍රදේශයේ ද ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. එසේම විටින් විට ජනාධිපතිවරයා ආරක්ෂක මණ්ඩලය කැදවා තත්වය සමාලෝචනය අඛණ්ඩව සිදු කල බව වැඩබලන පොලිස්පති පවසයි..

📌 විශේෂයෙන් ඊශ්‍රායල ජාතිකයන් මෙරට රැදී සිටින ස්ථාන හඳුනාගෙන ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටද විවිධ උපක්‍රම භාවිතා කර ඇති අතර ඒ සම්බන්ධව ඔවුන්ද දැනුවත් කර ඇත.

📌 මෙම ආරක්ෂාව තර කිරීම් ක්‍රියාත්මක වුවද මහජන කැළඹීම වැලැක්වීම සදහා සහ ඊශ්‍රායල ජාතිකයන්ගේ ආරක්ෂාව සදහා ඒ සියල්ල රහසිගතව සිදු කිරීමට පියවර ගෙන තිබී ඇති අතර අදාල ප්‍රදේශවල සාමාන්‍ය ජනතාව මාධ්‍ය වෙත පවසා ඇත්තේ පැවති සහ පැවැත්වෙන මැතිවරණ නිසා මෙසේ තම ප්‍රදේශවල ආරක්ෂාව තර කර ඇති බව මෙතෙක් තමන් සිතා සිටි බවයි.

📌 මෙම ප්‍රහාර සැලසුම පිළිබඳව තහවුරු කළ හැකි තොරතුරු ඊයේ වාර්ථා වීමත් සමඟ ඇමරිකා එක්සත් ජනපද නීතිරීතිවලට අනුකූලව කොළඹ තානාපති කාර්යාලය මෙරට සංචාරයේ නිරත එරට පුරවැසියන්ට සංචාරයක අනතුරු ඇඟවීම් නිකුත් කිරීමෙන් පසු මෙම තත්වය පිලිබඳ තොරතුරු සමාජයට නිරාවරණය වූ අතර වෙනත් රටවල් කිහිපයක්ද ඒ අනුව සංචාරක උපදෙස් යාවත්කාලීන කර ඇත.

📌 එසේම අද දින මෙම තත්වය ප්‍රසිද්ධියේ හෙළිදරව් වූ පසු ඊශ්‍රායල ජාතිකයන් වෙනත් විවිධ පාර්ශවවල ඉලක්ක විය හැකි නව තත්වයක් නිර්මාණය වූ අතර එය සැලකිල්ලට ගත් ඊශ්‍රායලය ශ්‍රී ලංකාවේ රැඳී සිටින තම පුරවැසියන්ට හැකි ඉක්මනින් මෙරටින් පිටවන ලෙස හෝ අවම වශයෙන් වහාම කොළඹ නගරයට පැමිණෙන ලෙසත් දන්වා ඇත. එසේම කිසිදු යුදෙව් උත්සවයකට හෝ හීබෲ සංකේත හෝ ඊශ්‍රායල අනන්‍යතාවය පිලිබිඹු වන කිසිදු කටයුත්තකට සහභාගී නොවන ලෙසටද ඔවුනට උපදෙස් දී තිබේ.

📌 රටේ සියලු ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කර ඇති බවත්, මෙරට පුරවැසියන් හෝ වෙනත් විදේශිකයන් ඉලක්ක කරගත් කිසිදු සැලසුමක් ගැන කිසිදු තොරතුරක් ලැබී නොමැති බවත්, මේ තත්ත්වය පිලිබඳව කිසිවෙකු කැලබීමක් ඇති නොකල ගත යුතු බවත් ආරක්ෂක අංශ අවධාරණය කර ඇත.

ගෝත්‍රිකයෝ

23 Oct, 19:45


සති දෙකේ මුලික පුහුණුවෙන් පසුව ඊශ්‍රායලය කොටි සංවිධාන කණ්ඩායම ඇට්ලිට් නම් හයිෆා හි පිහිටුවා තිබෙන අතිශය රහසිගත නාවුක කොමාන්ඩෝ කඳවුරක් වෙත යවන ලදි.ඒ අතරතුර ලංකාවේ හමුදා කණ්ඩායමට මූලික පුහුණුව සඳහා ක්ෆාර් සර්කින් කඳවුරට යවන ලදි. දෙමළ කණ්ඩායම හයිෆා හි සිය දුෂ්කර පුහුණුව නිමා කිරීමෙන් පසුව ඉවත්ව යන ලදි. ඉන්පසුව ලංකාවේ කණ්ඩායම ගෙන්වා කොටි කණ්ඩායමට ඉගැන්වූ උපාය උපක්‍රම පරාජය කරන හැටි උගන්වන ලදි.

ඊශ්‍රායලය ලංකා හමුදාවට ලබාදුන්නේ මිලෙන් අධික පුහුණුවකි. ඔස්ට්‍රොස්කිගේ By Way Of Deception ග්‍රන්ථයේ සඳහන් පරිදි පුහුණුව සඳහා අයකිරීමේ මෙසේය.එක් දිනකට එක් සෙබලෙක් ගෙන් ඇ.ඩො. 300ක් බැගින් වන පරිදි 60 දෙනෙක්ගෙන් ඇ.ඩො.18,000ක් දිනක පුහුණුව සඳහා අයකරගෙන තිබේ. තුන් මාසික පුහුණුව වෙනුවෙන් ඔවුන් සිදුකල අයකිරීම ඇ.ඩො.මිලියන 1.6ක් බව සඳහන් වේ. ඊට අමතරව හෙලිකොප්ටරයක් පැයක් කුලයට ගන්නේ නම් ඊට ඇ.ඩො. 5000-6000 අතර මුදලක් අයකරගන්නා ලදි. පුහුණුව අතරතුර හෙලිකොප්ටර් 15ක් පමණ භාවිතා කර තිබේ. විශේෂිත පුහුණු පතරොම් සඳහාද ඔවුන් මුදලක් අයකර තිබේ. බසූකා උණ්ඩයක් සඳහා ඇ.ඩො.220 ක් සහ මෝටාර් සඳහා ඇ.ඩො.1000ක්ද ලබාගෙන ඇත.

ඊශ්‍රායලයට යැවූ දෙමළ ජාතික කණ්ඩායම්වලින් මුලදී පුහුණුව සඳහා ගාස්තුවක් අය නොකල බවත් ඊට හේතුව එම කාලයේදී ඔවුන් සතුව ප්‍රමාණවත් මුදලක් නොතිබීම යැයි කියවේ. නමුත් දමිලයන්ට ලබාදෙන පුහුණුව අනාගතය වෙනුවෙන් කර ආයෝජනයක් සේ සලකා එම පුහුණුව ඔවුන්ට ලබාදෙන්නට ඇති. එම කාලයේදීම ඊශ්‍රායලයේ පුහුණුව ලැබීම සඳහා ඉන්දීය කොමාන්ඩෝ සෙබලුන් 27 දෙනෙක් එරටට පැමිණියහ. එය ඊශ්‍රායලයේ නොසතුටට හේතු වූයේ තමන් කොටි සහ ලංකාහමුදා කණ්ඩායම් දෙකටම පුහුණුව ලබාදෙන බව ඉන්දියානු රජය දැනගනීවි යන සැකය නිසාය. කණ්ඩායම් දෙකට පුහුණුව ලබාදුන්නේ සයිරෙට් මොට්කල් නම් ඊශ්‍රායලයේ විශේෂ බලකා ඒකකයක් මගිනි.1976 වසරේදී උගන්ඩාවේ එන්ටැබේ ගුවන් තොටුපොලේ රඳවාගෙන සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පිරිස මුදාගැනීමට යැවුනේ මෙම විශේෂ බලකා කණ්ඩායමයි.

💥💥Entebbe Raid Conspiracy Theory:එන්ටැබේ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම ඊශ්‍රායලය විසින් හිතාමතා සංවිධානය කරන ලද එකක් බව මින් කියවේ. ඇමෙරිකාව සහ පලස්තීන විමුක්ති සංවිධානය අතර නැවතත් මිත්‍රත්වයක් වර්ධනය වීම නොඉවසවූ ඊශ්‍රායලය මෙම ව්‍යාජ මෙහෙයුම නිර්මාණය කර පලස්තීනය සම්බන්ධව ලෝකය තුල ✖️වැරදි චිත්‍රයක් මවා පෑ බව කියවේ.

ඒ අතරවාරයේ💥💥💥💥💥💥 #ශ්‍රීලංකාව_තුල_සමුල_ඝාතන_සිදුවී_දෙපාර්ශ්වය_අතර_මහා_පරිමාණ_යුද්ධයක් ඇතිවීමට අවශ්‍ය සියලු දේ ඊශ්‍රායලය විසින් ඇති කරන ලදි. ලෙකම් නම් ඊශ්‍රායල බුද්ධි තොරතුරු ඒජන්සියේ එවකට ප්‍රධානියා වූ රෆී එටන්(1981-1986) 1985 වර්ෂයේදී ශ්‍රී ලංකාවට එවන ලද්දේ මෙරට මුල් කරගෙන ක්‍රියාත්මක වූ මොසාඩ් මෙහෙයුම්වල පාලනය ඔහුට බාරදීමටයි.
මෙම බුද්ධි තොරතුරු ඒජන්සිය 1986 වර්ෂයේදී විසුරුවා හරින ලද්දේ ඊශ්‍රායලය වෙනුවෙන් එක්සත් ජනපදය තුල ඔත්තු බැලූ ජොනතන් පොලඩ් නැමැත්තා අත් අඩංගුවට පත්වීමත් සමගයි. 🔶රෆි එටන් මෙරටට පැමිණියේ ඊශ්‍රායල රසායනික කර්මාන්ත ක්ෂේත්‍රයේ සේවකයෙක් ලෙසයි.

☝️1987 වන විට මෙරට යුදමය වාතාවරණය දරුණු අතට හැරුණු නිසා ඉන්දියානු අගමැති රජීව් ගාන්ධිගේ බලකිරීම මත ජනපති ජේ.ආර්.ජයවර්ධන ඉන්දු-ශ්‍රී ලංකා සාම ගිවිසුම අත්සන් කරන ලදි. ගිවිසුමට අනුව උතුරු නැගෙනහිර දෙපළාත් එකතු කල අතර, උතුරින් සිංහල හමුදාව ඉවත් කරගන්නා ලදි. එම හිඩැස පිරවීමට ඉන්දීය සාමසාධක හමුදා පැමිණියහ. කොටින්ට සිය අවි භාරදීමට පොදු සමා කාලයක් ලබාදුන්නද අවි භාරදීම හරිහැටි සිදුනොවිණි.පළමුව ඉන්දීය සාමසාධක භටයින් 3,000ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණියහ.

✖️ඉන්දීය හමුදාව ✖️මොසාඩ් සංවිධානය ලබාදුන් අවි තමන් සන්තකයට ගැනීම ආරම්භ කලේය.1987 හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කලේ යාපනය නගරයේදී ඉන්දීය හමුදාව, ✖️ඊශ්‍රායලේ නිෂ්පාදිත අවි විශාල ප්‍රමාණයක් දෙමළ ජාතිකයින්ගෙන් අත්පත් කරගත් බවයි.

සාමය ඊශ්‍රායලයේ අවි වෙළඳපොලට බාධාවක් විය. ඉන්දීය රෝ ඔත්තු සේවයේ අභ්‍යන්තර කවයද මේ සම්බන්ධව කණස්සල්ලට පත්වූ බව සිතිය හැකිය. මන්ද ඔවුන්ද මොසාඩ් සංවිධානයේ පඩි ලැයිස්තුවට ඇතුලත් වූ නිසාවෙනි.

#රජිව් ගාන්ධි ගෙන ආ සාම ගිවිසුමත් සමග ශ්‍රී ලංකාවේ සිටි ඊශ්‍රායල ජාතිකයින්ට පිටත්ව යන ලෙස බලකෙරිණි.😷
🅰️ඒ නිසා ඊශ්‍රායල් යුදෙව්වෝ(සහ සමහර ඉන්දියා (රෝ) සංවිධානයේ අභ්‍යන්තර කවය) රජිව් ගාන්ධි ඉවත්🙄 කිරීමට කුමන්ත්‍රණ කරන්නට පටන් ගත්හ. තවද ගාන්ධී එවූ 3,000ක ඉන්දීය හමුදාවට එරෙහිව සටන් කරන්නට අවශ්‍ය අවි කොටිසං.ට හා රජේ හමුදාව කණ්ඩායම් දෙකට ලබාදීම වේගවත් කරන ලදි.

😶😶1989 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ජනපතිධුරයට රණසිංහ ප්‍රේමදාස මහතා පත්විය.ඔහුගේ ධූර කාලය තුලදී ජනතා විමුක්ති පෙරමුණ ආයුද සන්නද්ධ අරගලයක නිරත විය.ඔවුන් ප්‍රේමදාසගෙන් පාලන බලය උදුරාගැනීමේ ආසාවෙන් පසුවූ අතර

ගෝත්‍රිකයෝ

23 Oct, 19:45


#ප්‍රේමදාස_ජනපතිගේ කැමැත්ත මත මොසාඩ් සංවිධානය විසින් එල්ටීටීඊයට අවි ලබාදුන්නේ ඔවුන් හරහා ජේ.වී.පී. විනාශ කිරීමට සහ මෙරට රැඳී සිටි ඉන්දීය හමුදාවට පහරදීම සඳහාය.

🅰️මෙයට රජීව් ගාන්ධිගේ ප්‍රතිචාරය සරල එකකි.ඔහු අමතර හමුදා සෙබලුන් 97,000ක් ශ්‍රී ලංකාවට එවන ලදි.
(රජීව් ව කුමන්ත්‍රණ කොට මරාදැමුවා)

🅱️1990 වසරේදී මොසාඩ් සංවිධාන දියත් කල රහස් මෙහෙයුම් ඔස්සේ ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාව තුල සමූල ඝාතන සිදුකරන බව ලොව පුරා ප්‍රසිද්ධ කිරීම ඔස්සේ ඉන්දියාවට ශ්‍රී ලංකාව මඩවගුරක් බවට ඒත්තු ගන්වන ලදි.

1987 වර්ෂයේදී ඉන්දීය සාම සාධක හමුදා මෙරටට එවීම ආරම්භ විය.එතැන් පටන් වසර දෙකක් පමණ ගතවන විට ඔවුන්ට එල්ටීටීඊ සංවිධානය සමග ගැටුම් ගණනාවකට මැදිහත්වන්නට සිදුවිය. ඉන්දීය හමුදා ශ්‍රී ලංකාවෙන් ඉවත් කරගැනීම ඇරඹෙන්නේ 1989 වර්ෂයේදී වන අතර ඉන්දියාවෙන් එල්ල වූ දේශපාලන බලපෑම හමුවේ 1990 වර්ෂය වන විට සම්පුර්ණ හමුදාවම ඉවත් කරගන්නා ලදි.

❤️‍🔥නමුත් ඉන්දීය නාවික හමුදාව යොදාගෙන මෙරට සමග ඊශ්‍රායල පවත්වන අවි වෙළදාම සම්පුර්ණයෙන්ම නවතා දමන ලදි.❤️‍🔥

🅱️(1984 අගෝස්තු 8 වෙනිදා ගාන්ධිගේ මව වූ අගමැතිනි ඉන්දිරා ගාන්ධි විසින් ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතාව පරිභවයට පත් කරන ලද්දේ ඔහු විසින් මොසාඩ් නියෝජිතයින් ශ්‍රී ලංකාවට ගෙන්වීම නිසාය

🔫🔫ඉන් මාස දෙකකට පසුව එනම් 1984 ඔක්තෝම්බර් 31දා ඇය සීක් බෙදුම්වාදීන්ගේ ප්‍රහාරයකින් මරණයට පත්වේ (කොහොමද?😐)

🔫🔫1991 වර්ෂයේ මැයි 21දා රජිව් ගාන්ධි තමිල්නාඩුවේදී ඝාතනයට ලක්වන්නේ තවත් 15 දෙනෙක් සමගයි.ඝාතනයට වගකිව යුතු යැයි සැලකුණේ එල්ටීටීඊ සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකාරියකි.🤨?

🅰️1991 නොවැම්බර් මාසයේදී සිංග්ප්පූරුවේ සිට ශ්‍රී ලංකාවේ එල්ටීටීඊ සංවිධානයට අවි සහ උණ්ඩ ගෙන යමින් සිටි #ඊශ්‍රායල නෞකාවක් 🇮🇳ඉන්දීය නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගන්නා ලදි

🅰️රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධව අත දිගුවන පාර්ශ්වයක් වන්නේ මොසාඩ් සංවිධානයයි.නමුත් ඔහු ඝාතනය වන විට මැතිවරණයෙන් පරාජය වී අගමැති ධූරයද අහිමිව සිටියේය(අගමැති ලෙස 1984 ඔක්තෝම්බර් 31-1989 දෙසැම්බර් 2).රජිව් ගාන්ධි ඝාතනය වීමට සති පහකට පෙර 😷පලස්තීන නායක යසර් අර්ෆර්ත් ඔහුට අනතුරු අඟවමින් ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලැස්මක් තිබෙන බව ප්‍රකාශ කලේ යැයි සඳහන් වේ. ඔහුව ඝාතනය කිරීමට භාවිතා කල #ආර්ඩීඑක්ස් නම් පුපුරණද්‍රව්‍ය ඊශ්‍රායලයේ නිෂ්පාදනය කල ඒවා බව හෙළිව තිබේ.

🅱️💥💥ගාන්ධි පවුල සහ කොන්ග්‍රසය ඊශ්‍රායලය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කරගැනීම ප්‍රතික්ෂේප කල පිරිසකි.නමුත් ඔවුන් ශ්‍රී ලංකාව සම්භන්ද කටයුතු කිරීමේදී ඊශ්‍රායලය සමග රහසිගත සම්බන්ධකම් පවත්වාගෙන යන ලදි.💥💥

🅰️රජිව් ගාන්ධි යළි අගමැති වුවහොත් මොසාඩ් සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ සිදුකරන මෙහෙයුම්වලට යළිත් ඔහු බාධා පමුණවාවි යන චේතනාව මත මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි සැක කල හැකිය.ගාන්ධිගේ ඝාතනයෙන් පසුව ශ්‍රී ලංකාව තුල බෙදුම්වාදී අරගලය තව තවත් උත්සන්න විය.දෙපාර්ශ්වයටම අවි සැපයීම හරහා ඊශ්‍රායලය ඩො.මිලියන ගණනින් උපයා ගන්නා ලදි.

🅱️1988 වර්ෂයේදී ජේ.ආර්.ජයවර්ධන මහතා ජනපතිධූරයේ දෙවන ධූර කාලය සම්පුර්ණ කිරීමත් සමග එක්සත් ජාතික පක්ෂයෙන් ජනපති ධූරය සඳහා තරඟ වැදීමට ආර්.ප්‍රේමදාස සහ ලලිත් ඇතුලත්මුදලි යන අයගේ නම් යෝජනා වුවද ආර්.ප්‍රේමදාස මහතා එජාපයේ ජනපති අපේක්ෂකත්වය දිනාගැනීමට සමත්විය.ඔහු 1989 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ දෙවන විධායක ජනපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව ලලිත් ඇතුලත්මුදලි මහතාගෙන් පළිගත්තේ ඔහු කෘෂිකර්ම අමාත්‍යවරයා බවට පත් කර පසුව අධ්‍යාපන අමාත්‍ය ධූරය ලබාදීමෙන්ය. යාපනය 💥විශ්වවිද්‍යාලය ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධවද ප්‍රේමදාස විසින් චෝදනා එල්ල කල එක් අයෙක් වූයේ ලලිත් ඇතුලත්මුදලිය. දෙදෙනා අතර වෛරය උග්‍ර වී අවසානයේදී ජනපති ප්‍රේමදාසට එරෙහිව දෝෂාභියෝගයක්(1991) ගෙන එන්නට ඇතුලත්මුදලි ඇතුලු එජාප මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ක්‍රියා කලද එය අසාර්ථක වීමත් සමග එජාපයෙන් ඉවත්වී නව දේශපාලන පක්ෂයක් ආරම්භ කරන ලදි.

#1990 වර්ෂයේදී ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ නියෝගය පරිදි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ පිහිටුවා තිබූ interests section නම් නිල නොවන රාජ්‍යතන්ත්‍රික ඒකකය වසා දමා එහි සිටි ඊශ්‍රායල රාජ්‍යතන්ත්‍රිකයින් දෙදෙනා නෙරපා හරින ලදි. ප්‍රේමදාස මහතාට එම තීරණය ගැනීමට සිදුවූයේ එවකට රජයේ මුස්ලිම් අමාත්‍යවරුන්ගේ බලපෑම හමුවේය. මෙරට හමුදාව සහ දෙමළ බෙදුම්වාදීන් යන දෙපාර්ශ්වයම මොසාඩ් සංවිධානය විසින් පුහුණු කිරීම සම්බන්ධව රාජ්‍ය මට්ටමේ විමර්ශනයක් අරඹන්න යැයි 1990 වර්ෂයේදී ප්‍රේමදාස මහතා නියෝග කරන ලදි. 1991 සැප්තැම්බර් 25 දා රොයිටර් පුවත් සේවය වාර්තා කලේ "ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වන රණසිංහ ප්‍රේමදාස මහතා ඔහුට එරෙහි දෝෂාභියෝගයට පරාජය කිරීමට සටන් කරමින් සිටියි. ඊශ්‍රායලය සමග තිබූ සබදතා අතහැරීම නිසා මොසාඩ් සංවිධානය ඔහුට එරෙහිව කරන කුමන්ත්‍රණයක් ලෙස දෝෂාභියෝගය හඳුන්වාදී තිබිණි".

ගෝත්‍රිකයෝ

23 Oct, 19:45


ලලිත් ඇතුලත්මුදලි යනු ජනපති ජේ.ආර්.ජයවර්ධන යටතේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සහ ජාතික ආරක්ෂක අමාත්‍ය යන තනතුරු දැරූ එල්ටීටීයට එරෙහිව හමුදාව මෙහෙයවීමට නායකත්වය දුන් අයෙකි.1988දී ඔහු ජනපති අපේක්ෂකත්වය ලබාගැනීමට උත්සාහ කලද ප්‍රේමදාස හමුවේ පරාජය විය.ඉන්පසුව ඇතුලත්මුදලි ප්‍රේමදාසට එරෙහිව කටයුතු කරන්නට විය.

🅰️මොසාඩ් සංවිධානය හරහා එල්ටීටීඊය සන්නද්ධ කිරීමට ප්‍රේමදාස ක්‍රියාකල බවට ප්‍රසිද්ධියේ කියන්නට තරම් ඇතුලත්මුදලි නිර්භීත විය(ඔහු ඉන් අදහස් කලේ ඊශ්‍රායලය දෙමළ කොමාන්ඩෝවරුන් පුහුණු කල බව නොව, මොසාඩ් සංවිධානය විසින් මෙරට බෙදුම්වාදීන්ව සන්නද්ධ කල බවයි ).

🔫🔫ඇතුලත්මුදලිද මොසාඩ් සංවිධානයේ වැටුප් ලැබූ අයෙක් වුවද සිය දේශපාලන වාසිය සඳහා ඔහු මොසාඩ් සංවිධානයට එරෙහිව ක්‍රියා කරන්නට විය.1993 අප්‍රේල් 23දා ඔහුව 🔫තුවක්කුකරුවෙක්ගේ වෙඩි පහරින් මරණයට පත්වූයේ රැස්වීමක් අමතමින් සිටියදීය.ඔහුගේ #මරණය සම්බන්ධව වගකීම එල්ටීටීඊය මත මෙන්ම ඔහුගේ සතුරා වූ රණසිංහ ප්‍රේමදාස මතද පැටවිණි.නමුත් එම ඝාතනය සම්බන්ධව සෘජුව එල්ටීටීඊයට ඇගිල්ල දිගු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවිය.🤨?

🔫🔫1993 මැයි 1දා කොළඹ පැවැත්වූ මැයි දින පෙළපාලියක් අතරතුර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා ඝාතනයට ලක්විය.එම පිපිරීමෙන් පුද්ගලයින් 23දෙනෙක් මිය ගියහ.

🅱️1993 මැයි 28 දා ශ්‍රී ලංකාවේ මුස්ලිම් සබදතා පිළිබඳ අමාත්‍ය අබ්දුල් අස්වර් සෞදි අරාබියේ ජෙඩාද් හිදී කියා සිටියේ ප්‍රේමදාස මහතා විසින් ඊශ්‍රායල රාජ්‍යතන්ත්‍රිකයින් මෙරටින් පිටුවහල් කිරීම නිසා ඊශ්‍රායලය ඔහු සමග වෛර බැදගත් බව සහ🤨? මෙම නායකයාගේ මරණය පිටුපස මොසාඩ් සංවිධානය සිටින බවත්ය. සිද්ධියට සැක පිට අත් අඩංගුවට ගත් දෙමළ ජාතිකයින් 18 දෙනා 1997 සැප්තැම්බර් මස 23දා නීතිපති සරත් එන් සිල්වා මහතා විසින් නිදහස් කලේ ප්‍රමාණවත් සාක්ෂි නැති නිසාය. ඔහු ප්‍රකාශ කලේ එම නඩුව නිල වශයෙන් නොවිසදූ එකක් බවයි.

🅰️2000 මැයි මාසයේදී ඉන්දියාව එල්ටීටීඊයට එරෙහිව ශ්‍රී ලංකා හමුදාවට හමුදාමය වශයෙන් සහාය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමෙන් දිනකට පසුව ශ්‍රී ලංකාව ඊශ්‍රායලය සමග රාජ්‍යතන්ත්‍රික සබදතා නැවත ආරම්හ කරන ලදි.ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ උලුප්පා දැක්වූයේ ශ්‍රී ලංකාව චීනයෙන් හමුදාමය සහාය ලබාගන්නා බව වුවත් ශ්‍රී ලංකාව ඊශ්‍රායලය සමග හමුදාමය සබදතා තරකරගෙන සිටියේය. ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර රාජ්‍යතන්ත්‍රික සබදතා පිහිටුවාගැනීමෙන් පසුව ඊශ්‍රායල තාක්ෂණවේදීන් මෙරටට පැමිණියේ ශ්‍රී ලංකා හමුදාව භාවිතා කරන ඊශ්‍රායලය නිපදවූ 'කෆීර්' ප්‍රහාරක-බෝම්බ හෙළන යානා සහ රුසියාවේ මිග්-27 යානා මෙන්ම ඊශ්‍රායලය ලබාදුන් ඩෝරා නම් වේග ප්‍රහාරක යාත්‍රා නඩත්තු කිරීම සඳහාය. ඊශ්‍රායල අවි සහ උණ්ඩ ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ගලා ඒම ඇරඹුවේ ඒ කාලයේදීය.

🅰️මෙරට සාම සාකච්ඡා පවතින කාලවලදී මොසාඩ් සංවිධානය රහස් මෙහෙයුම් දියත් කරමින් යළි සටන් ඇවිලවීමට ක්‍රියාකලේ අවි වෙළඳාම දිගින් දිගටම පවත්වාගැනීමටයි.

🔫🔫මෙරට බෙදුම්වාදී යුද්ධයට ගැළපෙන්නේ දේශපාලන විසදුමක් බව විශ්වාස කල දෙමළ ක්‍රිස්තියානි නායකයෙක් වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා(විදේශ අමාත්‍යය)සිය සුඛෝපභෝගී නිවසේ පිහිනුම් තටාකයේ සිටියදී 🔫🔫 #ස්නයිපර්කරුවක්ගේ වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්වූයේ 2005 අගෝස්තු මස 12දාය. 🤨?

තම විරුද්ධවාදීන් මරාදැමීම සම්බන්ධ ඉතිහාසයක් සහිත එල්ටීටීඊයට මෙම ඝාතනයේ චෝදනාව සෘජුවම එල්ල විය. 💥නමුත් කොටි සංවිධානයේ දේශපාලන අංශ නායක තමිල් සෙල්වම් එම ඝාතනයට සිය සංවිධානයේ සම්බන්ධයක් නැතිබව ප්‍රකාශ කලේය.

🔶පාකිස්තාන අයි එස් අයි බුද්ධි අංශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ
🔶තුර්කියේ සිටින ඊශ්‍රායලයේ මැරයින්(සහ
🔶අග්නිදිග ආසියාවේ මොසාඩ්)විසින් හෙරොයින් මත්ද්‍රව්‍ය දෙමළ බෙදුම්වාදීන්ට විකුණන ලදි.
ඔවුන් එම මත්ද්‍රව්‍ය අලෙවියෙන් ලැබෙන මුදල් යොදවා මොසාඩ් සංවිධානයෙන් අවි ලබාගත්හ.1990 දශකයේ මුල් කාලයේදී මෙරට කොටි සංවිධානයේ මැදිහත්වීමෙන් සිදුවූ හොර ජාවාරම් සිද්ධීන් 600කට වැඩි ගණනක් සම්බන්ධ තොරතුරු ජාත්‍යන්තර පොලිසියට වාර්තා වී තිබිණි.

🅰️ශ්‍රී ලංකාවේ කොටි බෙදුම්වාදීන්ට ලැබුණු අවිවලින් වැඩි ප්‍රමාණයක් ලැබුණේ මොසාඩ් සංවිධානයට අයත් වියට්නාමය සහ කාම්භෝජය යන රටවල කර්මාන්තශාලාවලින් සහ දකුණු අප්‍රිකාවේ යුදෙව්වන්ට අයත් කර්මාන්තශාලාවලිනි.

🅱️🅱️🅱️🅱️🅱️🅱️🅱️🅱️🅱️🅱️🅱️🅱️🅱️🅱️🅱️🅱️බ්‍රිතාන්‍යයද මෙරට සිංහල දෙමළ දෙපාර්ශ්වයම ආයුද සන්නද්ධ කිරීමට සහාය විය.එය ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයේ “National Endowment for Democracy” නම් ඒකක විසින් ඒකාධිපතියන් සහ ආණ්ඩු විරෝධී කණ්ඩායම් ආයුද සන්නද්ධ කිරීමට ක්‍රියා කරනවා හා සමාන විය.එම් අයි 6 ඔත්තු සේවය මේ සඳහා භාවිතා කලේ ඔක්ෆම් - Oxfam (Oxford Famine Relief) නම් බ්‍රිතාන්‍යය සතු ඉතා ප්‍රබල ඔත්තු සේවා සංවිධානයකි.

ගෝත්‍රිකයෝ

23 Oct, 19:45


🅰️වෙස්ටර්න් මේල් නම් වේල්සයේ පළවන පුවත්පතකට ජෝන් ග්ලොවර් විසින් ලියන ලද ලිපියක සඳහන් වූයේ බ්‍රිතාන්‍ය කුලී හේවායන් විසින් දෙමළ තරුණයින්ට කොටින් වීමට යුද පුහුණුව ලබාදීමට ක්‍රියා කල බවයි.

🅱️"ශ්‍රී ලංකාව තුල වෙනම රාජ්‍යයක් ඇතිකිරීම සඳහා සටන් වැදීමට දෙමළ හමුදාවක් පුහුණු කිරීමට 🇬🇧බ්‍රිතාන්‍යය කුලී හේවායන් අලුතින් බදවා ගන්නා ලදි.බ්‍රිතාන්‍යය කුලී හේවායින් 20ක් පමණ කාඩිෆ්හි පැවැත්වූ හමුවකින් පසුව අත්සන් තබන ලදි.ඉන්පසු ඔවුන් මාස 2ක් දකුණු 🇮🇳ඉන්දියාවේ සිටිමින් 🇱🇰ලංකා රජයට එරෙහිව සටන් කිරීමට රහස් හමුදාවක් පුහුණු කරන ලදි.

බ්‍රිතාන්‍යය එස් ඒ එස් නම් විශේෂ බලකායේ හිටපු නිලධාරීන් විසින් 1974 වසරේදී පිහිටුවන ලද කුලී හේවායන් සේවයේ යොදවන Keenie Meenie Services නම් පුද්ගලික හමුදා සමාගමක් විසින් බ්‍රිතාන්‍යය රජයේ අනුමැතිය සහිතව ශ්‍රී ලංකාවේ විශේෂ කාර්යය බලකාය පුහුණු කිරීම 1984 වර්ෂයේ පටන් සිදුකෙරිණි. "

🅱️2009 වර්ෂයේ මාර්තු මාසයේදී එවකට මෙරට අගමැතිව සිටි රත්නසිරි වික්‍රමනායක මහතා ඊශ්‍රායලයේ සංචාරයක නිරත වූයේ ඊශ්‍රායලය සපයන අවි සහ හමුදාමය සහාය වැඩිකරවා ගැනීමටයි.

🅰️එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය මෙරටට සපයන යුදමය සැපයුම් නවතා දැමුවේ රජය විසින් මානව හිමිකම් උල්ලංඝනය කරන බව කියමින් වුවද ඊශ්‍රායලය එම කාලයේදීත් අවි ලබාදුන්නේය.

🅱️ශ්‍රී ලංකාව ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක් වූදා පටන් ඔවුන් සුළු ජාතීන්ට වැඩි සැලකිලි දැක්වීය හේතුව ඉංග්‍රීසි/ලංදේසි/පෘතුගීසි ආක්‍රමණිකයින්ට විරුද්ධව මහ ජාතිය යුද වැදීම හා ඔවුන්ගේ බල කිරීම් වලට රටේ ස්වදේශිකයින් යටත් නොවීමවේ.

ඉංග්‍රීසීන් මෙරට අතහැර යන විට ඔවුන් බෙදුම්වාදයට අවශ්‍ය පසුබිම සකස් කොට ගියහ. ප්‍රධාන ජන කොටස කෙරේ
🇮🇳ඉන්දියාවේ වෛරය/
🇬🇧බ්‍රිතාන්‍ය වයිරය මත මෙරට සුළුතර දෙමළ ජනයා බහුතර රටට එරෙහිව අවි අතට ගන්නා වාතාවරණයක් ඇති කරන ලදි. පසුකාලීනව ඊශ්‍රායලය වැනි රටවල් සිය ආර්ථික, දේශපාලන අරමුණු ඉටුකරගැනීමට මෙම බෙදුම්වාදය පාවිච්චි කරන ලදි.

🅰️ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය ආදී බටහිර රටවලට අද පවා අවශ්‍යව තිබෙන්නේ ශ්‍රී ලංකාව තුල දෙමළ ඊළාම් රාජ්‍යයක් ගොඩනැගීම බව ඔවුන්ගේ අතීත වර්තමාන ක්‍රියාකලාපයන්ගෙන් මනාව පැහැදිලිවේ. එවිට පලස්තීන ඊශ්‍රායල් මෙන් නිති පතා ගැටුම් ඇතිවෙන බව ඔවුන් දනී,,, එවිට
💥ආයුධ වෙලෙදාම
💥බෙහෙත් වෙලෙදාම
💥රතුකුරුස මැදිහත්වීම් තුලින්
💥රටට රින්ගා සම්පත් හා රටේ පිහිටීමේ වාසිය ගත හැක.

🙄🙄රට අස්තාවර වුවහොත් අයි.එම්.එෆ් වැනි ණය ලබාදී රාජ්‍යම ණයගැති කරගත හැකිබව ඔවුන් දනී.

🔶🔶🔶යුද්ධය නිසා ආබාධිතවූ සෙබලුන්..

දෙමළ බෙදුම්වාදීන්ගේ සන්නද්ධ අංශය වසර ගානකට පෙර මුලිනුපුටා දැමුවද දෙමළ දේශපාලකයන්ගේ සිත් තුලින් වෙනම රාජ්‍යයක සිහිනය මැකී ගොස් නොමැත. එම සිහිනය මෙරට ප්‍රජාතාන්ත්‍රිකව බලයට පත් රජය හරහා සැබෑවක් කරගන්නට 🇮🇳ඉන්දීය දෙමළ දේශපාලක සුළුතරය විශාල උත්සාහයක් දරන බවත්, ඒ සඳහා ලෝක මට්ටමේ ජාත්‍යන්තර සහාය ඔවුන්ට නොඅඩුව ලැබෙන බවත් දැන් පෙනෙන්නට තිබේ.

ඔබ දැන් අත්දකිමින් සිටින්නේ තිස්වසරක් පුරා කොටිබෙදුම්වාදී ලෙස ජාත්‍යන්තරය හා රටේ දේශපාලක වරදින් එක්ව නිර්මාණයකල රට බෙදීමේ ගැටුමෙන්
රට_සදාකාලික_පලස්තීනයක්_වීමට යාමේ අණතුරෙන් රට මුදාගැනීමට සිය ජීවිතය කැපකල ,ආබාධිතයින් බවට පත් රටේ තරුණයින්ගේ ජීවිතවලට අපමණ අගයක් ලැබෙන වාද යන්න පිළිබදව පසු විපරම් අවස්තාවයි.
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰ලංකා මාතාවට ජය!

ස්තුතිය ✍️ඉන්දික වරුසවිතාන

ගෝත්‍රිකයෝ

23 Oct, 19:45


...මොසාඩ් සංවිධානය සහ ශ්‍රී ලංකාව...
🇮🇱🇱🇰🇱🇰🇮🇱🇱🇰🇮🇱🇱🇰🇮🇱🇱🇰🇮🇱🇱🇰🇮🇱🇱🇰🇮🇱🇱🇰🇮🇱
මොසාඩ් සංවිධානය පළමුවරට ශ්‍රී ලංකාවට එන්නේ ජේ.ආර්.ජයවර්ධන ජනපතිගේ ආරාධනයකට අනුව 1983 වර්ෂයේදීය. 50ක් පමණ වන මොසාඩ් නිලධාරීන් පිරිසක් මෙරටට පැමිණෙන්නේ මාදුරුඔය ප්‍රදේශයේදී හමුදාවට පුහුණුව ලබාදීමටය.එය රහසක් නොවූ අතර එකල පුවත්පත්වල පවා එම සිද්ධිය වාර්තා කර තිබිණි. කෙසේවෙතත් යුදෙව්වන්ගේ සම්ප්‍රදාය වූයේ දෙපක්ෂයම සන්නද්ධ කිරීමයි. (එල්ටීටීඒ/රජේ හමුදා)

❇️ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී අරගලයට මොසාඩ් සංවිධානය මැදිහත්වන්නේ 1983 වර්ෂයේදීය.උතුරේ දෙමළ ජනයා වෙනම දෙමළ ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් දකුණට එරෙහිව සටන් වැද්දවීමට ජාතීන් විරසක කිරීමට
ඉන්දියාව හා මහා බ්‍රිතාන්‍ය සුවිසල් කාර්‍යභාරයක් ඉටුකලේය.

බ්‍රිතාන්‍යයේ කාර්‍යභාරය-- බලහත්කාරයෙන් මලබාර්වරු ලක්ෂ ගණනක් ඉන්දියාවෙන් දාසයන්ට ගෙනැවිත් ලංකාවේ පදිංචි කරවීම, ඉන්දියාව හා එක්ව බෙදුම් වාදී මනසක් දමිල ජනයා තුල ඇතිකිරීම
ඉන්දියාවේ කාර්‍යභාරය- තමිල්නාඩුවට යාපනය ඈදාගැනීමට ලංකාවේ කොටසක් අයිතිකරගැනීමට යටි අරමුණ ඇතිව උතුරේ ජනයා කුපිතකර රට ඇල්ලීමේ යුද්ධයට පෙලබවීම/අවි-පුහුනුව
ලංකා දේශපාලකයාගේ කාර්‍යභාරය- උතුරට සම්පත් සේවා සැපයුම් නොදීම. වර්ග වාදය ආදී පීඩනය (යා.පුස්තකාල💥) තුලින් ජනයා යුද්ධයකට තල්ලු කිරීම.

හරි දැන් යුද්ධයක් හැදුවා

ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමේ කාර්යයට
🇮🇱මොසාඩ් සංවිධානය පමණක් නොව
🇬🇧බ්‍රිතාන්‍යය එම් අයි 6 ඔත්තු සේවය සහ 🇮🇳ඉන්දියානු රෝ ඔත්තු සේවයද මැදිහත්ව තිබේ.යුද්ධය අතරතුර ඇතිවූ සටන් විරාම අඩාල කිරීමටද මොසාඩ් සංවිධානය රහසිගත ප්‍රහාර දියත් කල බව කියවේ.මොසාඩ් සංවිධානයේ අරමුණ වූයේ ඒ හරහා ඊශ්‍රායලයේ අවි වෙළඳපොල පවත්වා ගැනීමයි.මෙරට ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම ඔස්සේ එම අවි සඳහා දෙමළ බෙදුම්වාදීන් මුදල් උපයාගත්හ.

1970 කාලයේ ඊශ්‍රායල හමුදා ඔවුන් විසින් අල්ලාගත් #පලස්තීන ප්‍රදේශවලින් ඉවත් වීම සිදුනොකල නිසා ශ්‍රී ලංකා රජය ඊශ්‍රායලය සමග රාජ්‍යතාන්ත්‍රික සබදතා අත්හිටුවීය.එකල ශ්‍රී ලංකාව නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ කැපිපෙනෙන රටක් විය.පලස්තීනයද මෙම සංවිධානයේ සාමාජික රටක් වූ නිසා එරටට සහාය පළකරණු වස් එම තීරණය ගන්නා ලදි.නමුත් ඇමෙරිකානු තානාපති කාර්යාලය ඔස්සේ කොළඹ සමග සබදතා පවත්වා ගැනීමට ඊශ්‍රායලය උනන්දු විය.ඊශ්‍රායල-ශ්‍රී ලංකා සබඳතා වර්ධනය වීම ඇරඹෙන්නේ 1980 දශකයේ මැද භාගයේදීය.ඊශ්‍රායලය ශ්‍රී ලංකාවට යුද උපදේශකයින් සැපයූ අතර

පර්සියානු ගල්ෆ් අරාබි රාජ්‍යයන් හි සේවය කල මෙරට සේවකයින් අතරින් තෝරාගත් පිරිස් මොසාඩ් සංවිධානයට බඳවා ගත් බවද විශ්වාස කෙරේ. ඊට අමතරව ඊශ්‍රායලය කොටින්ටද අවි සහ යුද පුහුණුව සැපයූ බවට සාක්ෂි තිබේ.මෙරට ත්‍රස්තවාදී ගැටුම් පවතින සමයේදී රජයේ හමුදාව සහ කොටි සංවිධානය යන දෙපාර්ශ්වයටම සිය අවි සහ ‍යුද පුහුණුව ලබාදුන්නේ ඔවුන්ගේ අවි වෙළදපොල පවත්වාගැනීම උදෙසාය.

By Way of Deception: The Making of a Mossad officer නම් ග්‍රන්ථයේ කතෘ වූ වික්ටර් ඔස්ට්‍රොව්ස්කි 1991 වර්ෂයේදී ඉන්දියානු පුවත්පතකට ප්‍රකාශ කලේ මොසාඩ් සංවිධානය 1984 සහ 1985 වර්ෂවලදී ඊශ්‍රායලට ගෙන්වාගත් දෙමළ ජාතිකයන්ට යුද පුහුණුව ලබා දුන් බවයි.
.
"මෙම කණ්ඩායම් ආවා ගියා.මම මොසාඩ් සංවිධානයේ සේවය කරන සමයේදී අපගේ දින චර්යාව වූයේ ඔවුන්ව පුහුණු කඳවුරු කරා ගෙන යෑම සහ ඔවුන් ගෙවන මුදලේ වටිනාකමට සරිලන පුහුණුවක් ඔවුන්ට ලැබෙනවාද යන්න සොයාබැලීමයි.සිංහල ජාතිකයින් පුහුණුව සඳහා අත් පිට මුදලින් ගෙවන ලදි."

මෙම කරුණු සනාථ කරන එකම මුලාශ්‍රය සපයන්නේ ඔස්ට්‍රොව්ස්කි පමණක් නොවේ.ශ්‍රී ලංකාව තුල යුද්ධය ආරම්භ වීමත් සමග ඉන්දියාවේ රෝ ඔත්තු සේවයේ නිලධාරීන් කණ්ඩායමක් මොසාඩ් සංවිධානය සමග සාකච්ඡා පැවැත්වීය.මෙම ඉන්දියානු ඔත්තුසේවා නිලධාරීන්ගේ අවශ්‍යතාවය පරිදි 1984 ජූලි මාසයේදී දෙමළ ජාතිකයින් පිරිසක් ඊශ්‍රායලයට යැවුනේ මොසාඩ් සංවිධානයේ අධීක්ෂණය පරිදි ඔවුන්ට කොමාන්ඩෝ පුහුණුව ලබාදීම සඳහාය.මෙම කර්තව්‍යය වෙනුවෙන් මොසාඩ් සංවිධානය ඉන්දියානු 'රෝ' නියෝජිත කණ්ඩායමට මුදල් ගෙවූ අතර එය බීසීසීඅයි බැංකුව හරහා සිදුකර තිබේ.

ඊශ්‍රායලයට යැවූ මෙම දෙමළ බෙදුම්වාදී කොමාන්ඩෝවරුන් 'ටෙලෝ' නමින් හැඳින්වීය.ඔවුන් ප්‍රධානතම දෙමළ බෙදුම්වාදී කණ්ඩායම වූ ද්‍රවිඩ ඊළාම් විමුක්ති කොටි සංවිධානයෙන් වෙන්ව කටයුතු කල කණ්ඩායමකි.

සමකාලීනව සිංහල හමුදාවද ඊශ්‍රායලය තුල පුහුණු කරන ලදි. නමුත් ඒ බව ප්‍රධාන දෙමළ බෙදුම්වාදී සංවිධානයට හෝ ඉන්දියානු රජයට හෝ කිසිවෙකුට හෙළිකලේ නැත. එක් එක් කණ්ඩායමට සමාජිකයින් 60 දෙනෙක් අයත් විය. පුහුණුව ඇරඹෙන්නේ සති දෙකක මුලික කොමාන්ඩෝ පුහුණු පාඨමාලාවකිනි.ඒ ඊශ්‍රායලයේ ටෙල් අවිව් නගරාසන්නයේ ක්ෆාර් සර්කින් හිය.මෙය විශාල හමුදා කඳවුරකි. නමුත් එක් වරක් අප රජේ හමුදා සෙබලුන් සහ දෙමළ බෙදුම්වාදීන් එකිනෙකා යාර කිහිපයක් ආසන්නයෙන් ගමන් කලේ නොසිතූ අයුරින්ය.

ගෝත්‍රිකයෝ

23 Oct, 10:44


සුවිසල් එයාර්බස් 380 යානයක් අත්ලාන්තික් සාගරය හරහා ගමන් කරමින් තිබුනි. එහි නියමුවාට හදිසියේම ශබ්දයේ වේගය ඉක්මවා යන පහසුකම් සහිත යුරෝෆයිටර් යානයක් ඒ අසලින් පියාසර කරනු දකින විට, ඔහුගේ එයාර් බස් යානය අඩි 30,000 ක ^උසකින් පැයට කිලෝමීටර 800 ක වේගයෙන් පියාසර කරමින් තිබුණි .

සිය විසල් සහෝදර යානය දුටු ප්‍රහාරක ජෙට් යානයේ නියමුවා වේගය අඩු කලේය. සාපේක්ෂව දීර්ඝ එයාර්බස් යානයට සමාන්තරව ඉදිරියට පියාසර කල ඔහු, ගුවන් විදුලියෙන් මගී ගුවන් යානයේ නියමුවා අමතා, ආචාර කලේය :

"එයාර්බස්, කම්මැලි ගුවන් ගමනක් නේද? වෙනසකටත් එක්ක, දැන් මෙතනින් බලන්න!"

ඔහු තම ජෙට් යානය ධාවනය කරන අතර දක්ෂ ලෙස එහි පිටුපසට පෙරළීය, වේගවත් කලේය , ශබ්ද බාධකය බිඳ දමමින්, වේගයෙන් කරකැවෙන උසකට නැඟී, පසුව විශ්මයජනක කිමිදීමකින් මුහුදු මට්ටමට පාහේ පහළට ඇදුනේය.

අනතුරුව ඔහු නැවත එයාර්බස් යානය අසලට ගොස් එහි නියමුවා වෙතින් .. "හොඳයිද ? ඒක කොහොමද?" යනුවෙන් ඇසීය.

" නියමයි ", "ඉතා ආකර්ෂණීයයි, නමුත් මෙය බලන්න !"
එයාර්බස් නියමුවා පිළිතුරු දුන්නේය.
ජෙට් නියමුවා එයාර් බසය නරඹමින් සිය ජෙට් යානය ඉදිරියට ධාවනය කල නමුත් කිසිවක් සිදු නොවීය.
එය එකම වේගයකින් කෙලින්ම පියාසර කලේය .
මිනිත්තු 15 කට පසු, එයාර්බස් ගුවන් නියමු ගුවන්විදුලිය ඔස්සේ ෆයිටර් ජෙට් නියමුවා අමතා, "හොඳයි, එය කෙසේද? යයි ඇසීය.

ව්‍යාකූලත්වයට පත් වූ ජෙට් ගුවන් නියමුවා "මොකක්ද කළේ?" මා කිසිත් නොදුටුවෙමි ' යි පැවසීය .

"මම නැඟිට, මගේ කකුල් දිගු කර, වැසිකිළිය භාවිතා කිරීමට ගුවන් යානයේ පිටුපසට ඇවිද ගියෙමි, පසුව ප්‍රධාන ගුවන් සේවිකාව හා සුළු කතාබහක යෙදී, කෝපි කෝප්පයක් සහ චොකලට් ෆජ් පේස්ට්‍රි එකක් ආහාරයට ගත්තෙමි අනතුරුව නැවත පැමිණ යානයේ පාලනය මා අතට ගත්තෙමි " .

සදාකාලිකව සිය පියාසැරියේදී වේගවත් ගමණකට සැකසූ ෆයිටර් ජෙට් යානයේ කුඩා නියමු කුටියේ සිර ව පියාසැරියේ යෙදෙන ෆයිටර් ජෙට් නියමුවා නිශ්ශබ්ද වූයේය.

ඔබ තාරුණ්‍යයේ දී වේගවත් බව විශිෂ්ට බව සිතේ.
නමුත් ඔබ වයසින් හා ප්‍රඥාවන්ත බවින් මුහුකුරා යන විට, වේගවත් බව අඩු වූවත්, ස්ථාවර බව, සැනසීම සහ සාමය වඩාත් වැදගත් බව ඉගෙන ගනු ඇත.
එබැවින් දඟලන අයට දඟලන්න දී,
ඔබ ඔබේ ගමන ස්ථාවර ලෙස යන්න.

© විරාජ් නානායක්කාර..

ගෝත්‍රිකයෝ

22 Oct, 10:06


ලෝකයේ බහුතරයක් දෙනා මාරම විදිහට කතා බහකට ලක්වෙන මාතෘකාවක් තමයි කෘතිම බුද්ධිය කියලා කියන්නේ...🧭📡

ගොඩක් අය මේ ගැන දැන ගත්තේ Open Ai ලගෙ ChatGPT Chatbot එක නිසා...

හැබැයි ඇත්තටම Artificial Intelligence ගැන පර්යේෂකවරු පරීක්ෂණ පටන් ගත්තේ මීට අවුරුදු ගානකට කලින්.

1950 දි ඇලන් ටියුරින් කියන විද්‍යාඥයා මිනිස් බුද්ධිය, ක්‍රෘතිම බුද්ධියට අනුකරණය කරන්න පුළුවන් ද කියලා නිගමනයකට එන්න ටියුරින් පරීක්ෂාව නමින් පරීක්ෂණයක් කරා...

මේ පරීක්ෂණය කරලා තියෙන්නේ පුද්ගලයින් දෙන්නෙකුයි එක Computer එකකුයි අරගෙන..

මන් ඒ ගැන විස්තර කරන්න යන්නේ නෑ, ඔයාලට පහල Link එකෙන් ඒ ගැන වැඩි විස්තර බලන්න පුළුවන්.. 👇

https://www.techtarget.com/searchenterpriseai/definition/Turing-test

මං දැන් කියන්නේ මේ කෘතිම බුද්ධිය පාදක කරගෙන වර්තමානයේ අපිට භාවිතා කරන්න පුළුවන් විදියට හදපු තාක්ෂණික Tools එහෙමත් නැතිනම් මෙවලම් කිහිපයක් ගැන...

හරි අපි දැන් බලමු අපිට use කරන්න පුළුවන් AI Tools මොනාද කියලා.

◼️ ChatBots

1. ChatGPT
https://openai.com/chatgpt
හැමෝම මේක ගැන දන්නවනේ. මේ වෙනකොට GPT – 4 (Generative Pre-trained Transformers) Engine එකෙන් බලගැන්විලා තියෙනවා.

2. Google Bard
https://bard.google.com/?hl=en
තවමත් පරීක්ෂණ මට්ටමේ පවතී. ඒත් ගොඩක් වැඩ කරගන්න පුළුවන්.

3. Microsoft Bing
https://www.bing.com/search?form=MA13FJ&pl=launch&q=Bing+AI&showconv=1
Characters 4000 ක් සහිත prompts input කළ හැක.

Video editing

1.Descript
https://www.descript.com
Transcription, Podcasting , Screen Recording , Social Clips & Templates , Overdub , Studio Sound , Filler Word Removal , Subtitles & Captions , Publishing සඳහා භාවිත කළ හැක.‍

2. Pictory
https://pictory.ai
සම්පූර්ණ video marketing toolkit එකක් . Paid එකක් හැබැයි.

3. Runway
https://runwayml.com
User input කරන prompt එකට අනුව වීඩියෝ එකක් generate කරගන්න පුළුවන්...

◼️ Designing

1. DALL – E.2
https://openai.com/dall-e-2
AI image generate කරගන්න පුළුවන් OpenAI ලගේ සුපිරි tool එකක්. Subscription ✌️

2. Microsoft designer
https://designer.microsoft.com/
AI images generate කරගන්න පුළුවන්

3. Midjourney
https://discord.com/invite/midjourney
Discord server එකක් මත run වේ. Subscription අඩංගු වේ.

◼️ Coding

1. OpenAI Codex
https://platform.openai.com/docs/guides/code
Codes complete කරගන්න , නොදන්න Codes generate කරගන්න පට්ට...


◼️ TensorFlow

TensorFlow කියන්නේ machine learning modules built and train කරන්න පුළුවන් ජනප්‍රිය open source software එකක්. එය Google Brain කණ්ඩායම විසින් වැඩි දියුණු කරන ලද අතර 2015 දී නිකුත් කරන ලදී. https://www.tensorflow.org/install

◼️ Scikit-learn

Scikit-Learn යනු machine learning complexity එක සරල කරන AI tool එකකි. Data scientists ලට ගොඩක් වැදගත් ටූල් එකකි.
https://scikit-learn.org/stable/

◼️ Adobe Firefly

Adobe Firefly කියන්නේ tech – market එකට ආපු නවතම AI tool එකකි. AI image generate කරගන්න පුළුවන්. තව වැඩ ගොඩක් පුළුවන්. මම කලින් මේක ගැන ලිව්ව පෝසට් එකක් මම යටින් දාන්නම්. https://www.facebook.com/pasindu.malinda.official/videos/596718212365007/?app=fbl
https://firefly.adobe.com/

◼️ DomainWheel

DomainWheel කියන්නේ website domains search කරන්න තියෙන AI based web site එකක්. It uses machine learning ඇල්ගොරිතම භාවිතයෙන් keywords සහ අපේ කැමැත්ත අනුව available domains generate කරගන්න පුළුවන්.
https://domainwheel.com/#gref

◼️ Quillbot

Quillbot ගැන නම් හැමෝම වගේ දන්නවනේ. AI powered tool එකක් වෙන මේ tool එකෙන් rewrite කරගන්න , paraphrase කරගන්න පුළුවන්.
https://quillbot.com/

◼️ GitHub Copilot

GitHub Copilot කියන්නේ AI powered coding engine එකක් කියලා කියන්න පුළුවන්. OpenAI Codex භාවිතා කර codes generate කරයි.
https://github.com/features/copilot

◼️ Boost.ai

Boost.ai යනු ව්‍යාපාරවලට තම customer services ස්වයංක්‍රීය කිරීමට උදවු කළ හැකි AI බලයෙන් ක්‍රියාත්මක වන chatbot එකක්. Customer ගේ requirement එක නිවැරදිව හඳුනාගෙන එයට අදාළ නිවැරදි පිළිතුරු එසැණින් ලබා දෙයි.
https://www.boost.ai/

◼️ Hivemind

coding දැනුමක් නොමැතිව machine learning models හදන්න පුළුවන් drag-and-drop කරලා මේ tool එකෙන්.
https://hivemindai.com/

◼️ Kaiber AI

ඔයාගේ website එකට හරි blog එකට හරි high-quality content හදාගන්න ඕන්නං මේක තමයි සුපිරිම ටූල් එක.
https://kaiber.ai/

◼️ Lumen5

ගෝත්‍රිකයෝ

22 Oct, 10:06


Lumen5 යනු AI බලයෙන් ක්‍රියාත්මක වන වීඩියෝ හදන්න පුළුවන් platform එකක්. ඔබ ලබාදෙන content එකට අනුව වීඩියෝ එක නිර්මාණය කරයි.
https://lumen5.com/

◼️ Surfer SEO

Surfer SEO යනු සෙවුම් යන්ත්‍ර සඳහා ඔබේ වෙබ් අඩවිය ප්‍රශස්ත කිරීමට ඔබට උපකාර කළ හැකි AI බලයෙන් ක්‍රියාත්මක වන මෙවලමකි.
https://surferseo.com/

◼️ Uizard
coding කරන්නැතුව වෙබ් සයිට් හදන්න කැමතිනම් ඔයත් මේ ටූල් එක චෙක් කරලා බලන්න
https://uizard.io/

ඉතින් ඔයාලට පුළුවන් මේ tools ටික ට්‍රයි කරල බලන්ඩ මොකද ඔයාලගේ එදිනෙදා කරන complex වැඩ ඔයාලට පුළුවන් පුළුවන් ඉක්මනින් කරගන්න මගේම වැඩ පහසු කරගන්න... ✌️😍

#thusithdissanayake #chatgpt #AI #AItools #artificialintelligence #thusithd

ගෝත්‍රිකයෝ

21 Oct, 16:48


සුපිරි පාපන්දු වීරයන් කොපමණ හිටියත් '90 දශකයේ ළමා කාලය ගතකරපු මගේ පාපන්දු වීරයා තමයි ඩේවිඩ් බෙකම්. අද ඔහු ගත කරන ජීවිතය තමයි මේ.

ඔහු බංකොලොත් වෙලාද? අපොයි නෑ! 49 හැවිරිදි බෙකම් "ඇත්තටම" ජීවිතයේ සතුට විඳිනවා. ගොවිපලක්, මුළුතැන්ගෙයක් සහ ගෙමිදුලේ කුඩා පාපන්දු පිටියක්, බයිසිකලයක් එක්ක ඔහු ජීවිතයේ විශ්‍රාමික විවේකය ඉහළින් විඳින ආකාරය තමයි මේ. බොරුවක් නෙමෙයි. මාළිගා හිමිකරුවෙකු වුනත්, ඔහු සතුට විඳින්න හොයාගන්නේ හරිම පොඩි දේවල්.

පිළිවෙල සහ වත්කම් පරිහරණය අතින් ලෝකයේ ඕනෑම කෙනෙකුට ආදර්ශයක් කරගන්න පුළුවන් කෙනෙක් තමයි ඩේවිඩ් බෙකම් කියන්නේ. ඔහු එංගලන්තය වෙනුවෙන් අවසන් වරට ක්‍රීඩා කළේ 2009දී. පැරිස් සේන්ට් ජර්මේන් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඔහු අවසන් වරට ක්‍රීඩා කළේ 2013දී. අදට දශකයකුත් ගෙවිලා. ඒත් අද වෙනකොටත් ලොව ධනවත්ම පාපන්දු ක්‍රීඩකයන් අතර සිව්වැනි තැන ඉන්නේ, විශ්‍රාමික ඩේවිඩ් බෙකම්. 2024දීත් ඔහුගේ දළ වටිනාකම ඇ.ඩො. මිලියන 450කට වැඩියි. කොහොමද එහෙම වෙන්නේ?

විශ්‍රාමික කිව්වට ඔහු විශ්‍රාම ගත්තේ ක්‍රීඩාවෙන් විතරයි. MLS නැත්නම් ඇ.එ.ජ. මේජර් සොකර් ලීගයේ ඉන්ටර් මයාමි පාපන්දු කණ්ඩායමේ සම-හිමිකරුවෙක් තමයි බෙකම්. මේ වෙනකොට ලියොනල් මෙසී ක්‍රීඩා කරන්නේත් ඔහුට අයත් ක්‍රීඩා සමාජයේ තමයි. ඒ හැරුණුකොට මේ වෙනකොටත් සන්නාම කිහිපයක්ම ඔහු එක්ක ඉන්නවා. ඔහුගෙන් තල්ලුවක් ලබනවා.

මෙච්චර ධනවතෙකු වෙලත් ඔහු ඔහුගේ ජීවිතය අමතක කරලා නෑ. ඔහු කෑම හදන්නට, බයිසිකල් පදින්නට, ගොවිපල බලාගන්නට කාලය වෙන්කරන්නේ විනෝදාංශ ජීවිතය කරගෙන. බේකර් කෙනෙකු හැටියට ඔහු සැබෑ දක්ෂයෙකු බව කියවෙනවා. ඔහුගේ අල්මාරිය අස් කරන්නේ පවා ඔහු. බෙකම් කියන්නේ හරිම නීට් මනුස්සයෙක් වීම වෙලාවකට විහිළුවක් වගෙත් පේනවා කියලා කියන්නේ ඔහුගේ බිරිඳ වික්ටෝරියා බෙකම්.

මට වෙලාවකට හිතෙනවා කුමාර් සංගක්කාරත් අනුගමනය කරගෙන යන්නේ බෙකම්ගේ වැඩපිළිවෙළමද කියලා. ලෝකය ඉස්සරහ මොන අභියෝගය ආවත් කලබල නොවී, තමන්ගේ ප්‍රතිරූපයට හානි නොකරගෙන ඒ අභියෝග පහුකරන්න බෙකම්ට තියෙන්නේ පුදුම හැකියාවක්.

කුලී නිවසක ඉඳලා පාපන්දු ක්‍රීඩා කරන්න පටන් අරගෙන මේ වෙනකොට ලොව ධනවත්ම පාපන්දු ක්‍රීඩකයන් අතර දශක තුනකටත් වඩා රැඳිලා ඉන්න නම් කෙනෙක් විශේෂ කෙනෙක් වෙන්නම ඕන. ඒ විශේෂත්වය හැමදාම බෙකම් තුළ තිබුනා. ඒකයි මම ඔහුට කැමති.

ජීවිතය ඉගෙනගන්නවානම් ඉගෙනගන්න ඕන මේ වගේ ක්ලැසික් මිනිස්සුන්ගෙන් මිස, ධනයත් එක්ක පැටලිලා ජීවිතය කබල්ගාන මිනිස්සුන්ගෙන් නොවන බව ඩේවිඩ් බෙකම් ඉතා මැනවින් පැහැදිලි කරනවා.

- අසංක හදිරම්පෑල.

ගෝත්‍රිකයෝ

17 Oct, 19:49


ඔක්කොම කරල ප්‍රොජෙක් එක කම්ප්ලීට් කරද්දි බට්ටි ලව් 🫤

ගෝත්‍රිකයෝ

17 Oct, 19:46


හමාස් ⁣දේශපාලන අංශ නායකයා මෙන්ම ඔක්තෝබර් හත ප්‍රහාරයේ මහ මොලකරු ලෙසින් සලකන යහියා සින්වාර්ව මරා දැමිමට තමන්ට හැකිවු බව ඊශ්‍රායල විදේශ ඇමතිවරයා මීට ⁣සුලු මොහොතකට පෙර කියා සිටියා..

අද දින දකුණු ගාසාවේ රෆා නගරය ආසන්නයේ ඇති ටෙල් අල් සුල්තාන් ප්‍රදේශයේ මුර සංචාරයක යෙදි සිටි ඊශ්‍රායල භට පිරිසක් සන්නද්ධ හමාස් සමාජිකයන් පිරිසක් එක ගොඩනැගිල්ලක සිට තවත් ගොඩනැගිල්ලකට මාරු වෙන අයුරු නිරික්ෂණය කිරිමෙන් කොට ලබා ⁣දුන් සංඥාවකට අනුව එම ගොඩනැගිල්ලට යුධ ටැංකි ප්‍රහාරයක් එල්ල වි තිබෙනවා.ප්‍රහාරයෙන් පසු එම ගොඩනැගිල්ල පරික්ෂා කිරිමේදි මිය ගිය හමාස් සාමාජිකයන් තිදෙනෙකුගේ සිරුරු හමුවී ඇති අතර එහිදි යහියා සින්වාර්ගේ යැයි සැක කෙරෙන සිරුර ඊශ්‍රායලය⁣ වෙතට ගෙන ගොස් සිදුකරන ලද පරික්ෂණ වලින් එය තහවුරු කර ගැනිමට සමත් වු බවට ඊශ්‍රායලය සදහන් කරනවා..

යහිහා සින්වාර් සමග අල් කසාම් බ්‍රිගේඩයේ තුන්වැන්නා ලෙසින් සැලකෙන ම⁣හුමුඩ් හම්ඩාන්ද මිය ගොස් තිබෙනවා.

1962 වසරේදි කාන් යුනුස් නගරයේදි උපත ලැබු යහියා සින්වාර් ඊශ්‍රායල් ඇසට හසුවුයේ 1989 වසරේදි ඊශ්‍රායල් හමුදා සෙබලුන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් මරා දැමිමෙන් සමගයි.පසුව ඊශ්‍රායල් අත්අඩංගුවට පත්වු යහියා සින්වාර් වසර 22 ක සිර දඩුවමකින් අනතුරුව 2011 වසරේදි නිදහස ලබන්නේ සිරකරු හුවමාරුවකදියි.

එසේ නිදහස් වු යහියා සින්වාර් 2017 වසරේදි හමාස් දේශපාලන අංශ නායකයා බවට පත් වුනා.යහියා සින්වාර්ගෙන් පසු හමාස් සංවිධානයේ මීලග නායකත්වය යහියා සින්වාර්ට පෙර එම තනතුර දැරු කාලිඩ් මශාල්ට හිමිවෙතැයි විස්වාස කෙරෙනවා..

එසේ වුවහොත් දැනට තුර්කියේ රැදි සිටින කලිඩ් මශාල් ඊශ්‍රායල හමුදාවල මීලග ඉලක්කය විමේ ඉහල ඉඩක් පවතිනවා..

සජී...

ගෝත්‍රිකයෝ

17 Oct, 07:33


TML Engineering (Transport Management & Logistics Engineering) කියන්නේ මොකක්ද? දැනට මේ ගැන අවබෝධයක් තියෙන්නේ ඉතාමත්ම සුළු පිරිසකට විතරයි. මොකද මේ පාඨමාලාව අලුත්ම එකක් නිසා. ඒ පිරිසට මේ අවබෝධය තිබුණට සමාජයේ බහුතරයකට මේ පාඨමාලාව සම්බන්ධයෙන් කුතුහලයක් තියෙන්නේ. ඒ නිසා අපි හිතුවා මේ පාඨමාලාව ගැන දැනුවත් කරන්න මේ වගේ විස්තරයක් ගෙන එන්න කියලා.

TML Engineering කියන්නේ "Transport Management and Logistics Engineering- BSc Eng.Hons" නොහොත් "ප්‍රවාහන කළමනාකරණ සහ කාර්යෝපාය ඉංජිනේරු - ඉංජිනේරු විද්‍යාවේදී ගෞරව" කියන විශ්ව විද්‍යාලයීය පාඨමාලාව.
රාජ්‍ය විශ්ව විද්‍යාලයක මේ පාඨමාලාව මුල්ම වරට හඳුන්වා දෙන්නේ 2020/21 අධ්‍යයන වර්ෂය සඳහා මොරටුව විශ්ව විද්‍යාලයේ පාඨමාලාවක් ලෙසට. එහෙම කිව්වත් මේ පාඨමාලාවට තියෙන්නේ ඉතාමත් දිගු විකාශනයක්. කළමනාකරණය කියන නම යෙදුනත් උසස් පෙළ ගණිත අංශයෙන් සමත් සිසුන් පමණක් ඇතුළත් වීමත්, මොරටුව ඉංජිනේරු පීඨය යටතේ ස්ථාපිත වීමත් මෙය සිසුන් අතර මෙන්ම ප්‍රවාහන ක්ෂේත්‍රය තුල බොහෝ ප්‍රචලිත වීමට කරුණු කිහිපයක්. 2005 වර්ෂයේ දී මෙම දෙපාර්තමේන්තුව ප්‍රවාහන හා සැපයුම් කළමනාකරණය විෂය පථය ආවරණය කරන දකුණු ආසියාවේ ප්‍රථම දෙපාර්තමේන්තුව ලෙසට "ප්‍රවාහන හා සැපයුම් කළමනාකරණ - විද්‍යාවේදී ගෞරව" උපාධි පාඨමාලාව (TLM) නමින් මොරටුව විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨයේ ස්ථාපිත කරනවා. එලෙස පිහිටුවන ලද පාඨමාලාව තමා මේ ලෙසට "ප්‍රවාහන කළමනාකරණ සහ කාර්යෝපාය ඉංජිනේරු - ඉංජිනේරු විද්‍යාවේදී ගෞරව" ලෙස 2020/21 අධ්‍යයන වර්ෂයේ දී හඳුන්වා දෙන්න තීරණය කරල තියෙන්නේ. මෙය සරළ පරිවර්තනයක් නොවේ. ප්‍රවාහන හා කාර්‍යෝපාය ක්ෂේත්‍රයේ විශ්ව විද්‍යාල තුල හා ඉන් පිටත ප්‍රවීණයන් රැසකගේම අදහස් සහිතව ඉදිරි අනාගතයේ එන තරගකාරී ප්‍රවාහන හා කාර්‍යෝපාය ක්ෂේත්‍රයේ තාක්ෂණික පරිවර්තනයන්ට ගැලපෙන පරිදි ඉංජිනේරු පාඨමාලාවක් ලෙස මෙම පරිවර්තනය සිදුකර තිබෙනවා.
මේ පාඨමාලාවට උසස් පෙළ ගණිත අංශයෙන් පෙනී සිටි සිසුන් දිස්ත්‍රික් පදනමෙන් Z අගය මත තෝරාගැනීම සිදුකරනු ලබනවා. මේ පාඨමාලාව B.Sc. Engineering හෙවත් Bachelor of Science of Engineering ගෞරව උපාධියක් ලෙස තමා පිරිනැමෙන්නේ. අවුරුදු හතරක පාඨමාලාව, සෙමෙස්ටර (semesters) අටකින් සමන්විත අතර තෙවන වසරේ දෙවන සෙමෙස්ටරය (Semester 6) කර්මාන්ත ප්‍රායෝගික පුහුණුව (Industrial Training)සඳහා යොමු කෙරෙනවා. අවසන් අධ්‍යයන වර්ෂයේ දී සිසුන්ට ක්‍ෂෙත්‍ර හතරක් ඔස්සේ විශේෂීකරණය වීමේ හැකියාව පවතිනවා. ඒ ක්‍ෂෙත්‍ර පහතින් දක්වා ඇත.

1)Smart Mobility
2)Integrated Logistics
3)Operations & Supply Chain Analytics
4)Technology for Sustainable Transport

තමන් කැමති ක්‍ෂෙත්‍රයක් ඔස්සේ අධ්‍යයන කටයුතු කරන්න ලැබෙන අවස්ථාව වගේ ම සියලුම සිසුන්ට තමාගේ පෞරුෂත්වය වර්ධනය කරගැනීමටත් මේ පාඨමාලාවෙන් මහඟු අවස්ථා රැසක් හිමිවෙනවා.

Smart Mobility කියලා කියන්නේ දිනෙන් දින වැඩිවන රථවාහන අර්බුදයට කාර්‍යක්ෂමව විසඳුම් සෙවීමේ අරමුණෙන් යුතු ව දිනෙන් දින ඉදිරියට එන සංකල්පයක්. විශේෂයෙන්ම අපිට සුඛෝපභෝගී රථයක සියල්ලන් ගමන් කිරීම සංවර්ධනය ලෙස සිතුනද, සංවර්ධිත යැයි සැළකෙන රටවල් සියල්ල ම පාහේ මේ වන විට පොදු ප්‍රවාහනය මූලික කරගෙන තම රටේ අනාගතය වෙනුවෙන් පිඹුරුපත් සකස්කරමින් සිටිනවා. Ridesharing, Car-sharing, Public Transportation, Walking සහ Biking මෙම සංකල්පය ක්‍රියාත්මක වන මෙහෙයුම් ප්‍රදේශ ලෙස සැලකිය හැකී.

Logistics යනු "කාර්යෝපාය" වේ. කාර්යෝපාය කළමනාකරණය ශ්‍රී ලංකාව වැනි රටකට ඉතාමත්ම වැදගත්. ලෝකයේ වරායන් අතර පළමු වරායන් 25 අතරට කොළඹ වරාය පැමිණෙන්නේ අපෙ රට නාවික වශයෙන් ඉතාමත් වැදගත් කේන්ද්‍රස්ථානයක පිහිටා ඇති බැවින්. මෙහි උපරිම ඵල නෙළා ගැනීමට නම් අපි අනිවාර්‍ය්යෙන්ම එයට ඔබින දැනුමෙන් හා බුද්ධියෙන් හෙබි තරුණ පරපුරක් බිහිකළ යුතුයි. Integrated Logistics හරහා කර්මාන්ත (Industry), නිෂ්පාදනය (Production), ගබඩා හැසුරුම් සේවා (Warehousing), ප්‍රවාහනය (Transportation), හා බෙදාහැරීම (Distribution) වැනි සැපයුම් දාම කළමනාකරණයේ මූලික අංග සහ සම්බන්ධ කළ හැකි ආකාර පිළිබඳ ගැඹුරින් විශ්ලේෂණය කරනු ලබනවා.

මෙහෙයුම් හා සැපයුම් දාම විශ්ලේෂණය (Operations & Supply Chain Analytics) යනු ඉතාමත්ම වැදගත් ක්ෂේත්‍රයක්. ඕනෑ ම නිෂ්පාදනයකට සැපයුම් දාමයක් පවතිනවා. මෙහි සැපයුම්කරු, නිෂ්පාදකයා හා පාරිභෝගිකයා යන අංශ ආවරණය කරමින් සිදුවන මෙහෙයුම් කළමනාකරණය සිදුවෙනවා. මෙහෙයුම් කළමනාකරණය නිෂ්පාදන ක්‍රියාවලියෙන් ඔබ්බට ගොස් ගුවන්, නාවුක හා මාර්ග ප්‍රවාහන මෙහෙයුම් ලෙස ද සිදුවනවා. විශේෂයෙන්ම මෙහිදී නවීන සංකල්ප ප්‍රවාහන ගැටලු හරහා අධ්‍යනයට ලැබීම විශේෂත්වයක්.

ගෝත්‍රිකයෝ

17 Oct, 07:33


තිරසාර ප්‍රවාහනය සදහා තාක්ෂණය (Technology for Sustainable Transport) යනු ඉතාමත් වේගයෙන් ඉදිරියට එමින් පවතින ක්‍ෂෙත්‍රයක්. තිරසාර සංවර්ධනය යනු ලෝකයේ දියුණු යැයි සැලකෙන රටවල් සියල්ල ම පාහේ සම්පූර්ණයෙන්ම තම සංවර්ධනය යොමු කරන දිශානතියයි. එහි තිරසර ප්‍රවාහනය මූලික අංගයක් වෙනවා. එලෙස පිඹුරුපත් සැකසීමේ දී සිදුවන ක්‍රියාවලියට අවශ්‍ය සියලු ප්‍රදේශ මෙම ක්ෂේත්‍රය යටතේ සකච්ඡා වෙනවා.

මෙම ක්ෂේත්‍ර හතරෙහිම වන Automations, Intelligence Transport Systems, Artificial Intelligence වැනි නව ප්‍රවණතා පිළිබඳ ඉගෙනීමට හා යෙදීමට ඔබට නිසැකවම අවස්ථාව ලැබෙනවා.

රැකියා අවස්ථා ගැන සඳහන් කළොත්, ඔයාලට පුළුල් වපසරියකින් යුත් විවිධ ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ වැඩ කරන්න හැකියාවක් තිබෙනවා. පහතින් දැක්වෙන්නේ රැකියා ලබාගත හැකි මූලික ක්ෂේත්‍ර හයයි.

1) Supply Chain Industry (සැපයුම් දාම)
2)Transport Planning Industry (ප්‍රවාහන සැළසුම්)
3) Maritime Industry (නාවික සේවා)
4) Aviation Industry (ගුවන් සේවා)
5) IT Industry (තොරතුරු තාක්ෂණ)
6) නිෂ්පාදන ක්ෂේත්‍රය ( Manufacturing)
මෙහි දැක්වෙනුයේ එම රැකියා ලබාගත හැකි ආයතනවලට උදාහරණ කිහිපයකි

• IT Companies.
• Enterprise Software Developers.
• Manufacturing Companies.
• Warehousing and Inventory Management Companies.
• Logistics Service Providers.
• Freight Forwarding Companies.
• Research and Consulting Companies.
• Regulation and Planning Institutions.
• Shipping Companies.
• Banking Services.
• Airline and Travel Trade.
• Airports and Ports.
• Public Transport Operators.
• Infrastructure Development Companies.
• Startups and Entrepreneurship.

Engineer, Analyst, Planner, Manager, Designer යන මූලික රැකියා විශේෂණයන් යටතේ එන ඉංජිනේරු හා කළමනාකරණ ක්‍ෂෙත්‍රයේ ප්‍රධාන පෙළේ රැකියා මේ ඔස්සේ හිමිකර ගැනීමේ අවස්ථාව තියෙනවා. ඒ වගේම විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු සඳහා උනන්දුවක් ඇත්නම් විශ්ව විද්‍යාල විශ්ලේෂණ සහයකයෙකුගේ (Research Assistant) සිට විශ්වවිද්‍යාලයීයේ කතිකාචාර්යවරයෙකු , ආචාර්‍ය්යවරයෙකු හා මහාචාර්යවරයකු දක්වා ම තම ඉගෙනුම් කටයුතු කරගෙන යාමේ හැකියාවත් පවතින අතර අවස්ථාද හිමිවෙනවා.

විශේෂයෙන්ම නායකත්ව හා කුසළතා සංවර්ධනය සදහා විශේෂ එළිමහන් පුහුණුවීම් කදවුරකට (OBT - Outbound Training Program) ඔබව යොමුකරනු ලබනවා. ඊට අමතරව පුද්ගලික අංශය හරහා ලැබෙන ශිෂ්‍යත්ව (Scholarships) සහ විශේෂ මගපෙන්වීමේ (Mentoring Programs) වැඩසටහන් ඔබට ලැබෙන විශේෂ වරප්‍රසාද ලෙස හැඳින්විය හැකිය.

ඉතින් ඉංජිනේරු සිහිනයට අලුත් විදියට පාර කියන මේ නව පාඨමාලාව ගැන මේ දැනගත්ත දේවල් එක්ක ඔයාලගේ කැමත්ත ගැළපෙනවා නම් ඔබත් මේ පාඨමාලාව ඔබේ අනාගත දොරටුවේ යතුර බවට පත් කරගන්න...

ඔබ සැමට ජය✌🏻...

Copyright © 2024 moramate - All Rights Reserved
#moramate #tmle

ගෝත්‍රිකයෝ

16 Oct, 10:33


Gen Z යනු කවුද? ඔබ අයත් generation එක කුමක්ද?
======================================

*= මානව පරම්පරා යනු මොනවා ද?

'සමාන ලක්ෂණ ඇති විවිධ පරම්පරා කණ්ඩායම් පිළිබඳ' විශේෂඥයෙකු වන ආචාර්ය ඇලෙක්සිස් ඇබ්‍රම්සන් පවසන්නේ, "ඔබ ඉපදෙන විට ඔබේ ආකල්ප, ඔබේ සංජානන, ඔබේ වටිනාකම්, ඔබේ හැසිරීම්වලට බලපාන කරුණු අනුව" මානව ඉතිහාසයේ පරම්පරා නිර්වචනය කරන බව ය.

ඉන් අදහස් කෙරෙන්නේ, සෑම පරම්පරාවකට ම ආවේණික වූ ලක්ෂණ ඇති බව ය.

*=නිහඬ පරම්පරාව (The Silent Generation)

මෙය පළමු පරම්පරාවේ කණ්ඩායම යි. ඊට 1926 සහ 1945 යන කාල සීමාව අතර උපන් පුද්ගලයෝ අයත් වෙති. ඔවුහු දෙවන ලෝක යුද්ධ සමය ආශ්‍රිතව ජීවත් වූ අය වෙති. 1950 දශකයේ ටයිම් සඟරාවේ පළවූ ලිපියකින් මෙම නම පැමිණ ඇති අතර, මෙම පරම්පරාවේ දරුවන්ට ඇසීමට නොව දැකීමට උගන්වනු ලැබූ අයවලුන් ලෙස හැඳින්වේ.

ආචාර්ය ඇලෙක්සිස් ඇබ්‍රම්සන්ට අනුව මෙම පරම්පරාවේ පුද්ගලයින් විනයානුකූල, සාරධර්ම පාදක කර ගත්, තාක්ෂණයට අකැමති, සෘජු සන්නිවේදනය සඳහා උනන්දුවක් දක්වන පිරිසකි.

*= Baby Boomers පරම්පරාව

දෙවන ලෝක යුද්ධයෙන් පසු උපත් විශාල වශයෙන් වැඩිවීම නිසා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 1946 වසරේ සිට 1964 දක්වා කාල සිමාවේදී උපන් පුද්ගලයින් Baby Boomers යන නාමයෙන් හඳුන්වන ලදී. නිල රාජ්‍ය ආයතනයක් විසින් නිර්වචනය කර ඇති එක ම පරම්පරාව මෙය ලෙස හැඳින්වේ.

එම කාලයෙන් පසුව උපත් අනුපාතය නැවත අඩු වීමට පටන් ගත් බව වාර්තා වේ.

ආචාර්ය ඒබ්‍රම්සන් පවසන්නේ, Baby Boomers පරම්පරාව යනු කැපවීමක් ඇති, ස්වයංපෝෂිත සහ තරගකාරීව සිතන පිරිසක් බව ය.

*= Generation X පරම්පරාව

Resolution Foundation ආයතනය විසින් Gen X යන කෙටි නාමයෙන් නිර්වචනය කරන්නේ, 1966 වසරේ සිට 1980 දක්වා කාලයේ උපන් පුද්ගලයින් ය. ඔවුන් හැදී වැඩුණේ, තාක්‍ෂණය වේගයෙන් දියුණු වන කාලයක, නමුත් එය අද මෙන් පහසුවෙන් ලබා ගත නොහැකි විය. මේ නිසා, මෙම පරම්පරාව ඩිජිටල් සහ ඩිජිටල් නොවන ලෝකය යන දෙකෙහි ම ගමන් කර තිබෙන අතර, දෙකෙහි ම වැදගත්කම තේරුම් ගන්නා අයවලුන් ලෙස හැඳින්වේ.

මෙම පුද්ගලයින් සම්පත්දායකයින් ලෙසත්, තර්කානුකූලව සිතන සහ සාර්ථක ගැටලු විසඳන්නන් ලෙස හැඳින්විය හැකි බව ආචාර්ය ඇලෙක්සිස් ඇබ්‍රම්සන් පවසයි.

*= Millennials (Generation Y) පරම්පරාව

මෙම පරම්පරාවේ ආරම්භය සහ අවසානය කුමන වර්ෂවල ද යන්න නිශ්චිතව හඳුන්වා නැත. නමුත් එය ආසන්න වශයෙන් 1980 වසරේ සිට 1995 දක්වා උපත ලැබූ අය ලෙස සැලකේ. ඔවුන් බොහෝවිට 'උදාසීන' පිරිසක් ලෙස මාධ්‍ය විසින් හඳුන්වනු ලැබේ.

උදාහරණයක් ලෙස, නිවසක් ඉදිකිරිමට ඉතිරි කළ යුතු සියලු ම මුදල් නිකරුණේ වෙනත් දේවල් සඳහා වියදම් කරනු ලබන පිරිසක් ලෙසට ඔවුන් හඳුන්වනු ලබයි.

මෙය “ඩිජිටල්කරණයට ලක්වූ” පළමු පරම්පරාව බවත් ඔවුන්ගේ ගැටලු විසඳා ගැනීමට හෝ කරුණු ඉගෙනීමට තවදුරටත් අන් අය මත යැපීමට අවශ්‍ය නොවන බැවින් මෙම පරම්පරාව අතිශයින් ස්වයංපෝෂිත ලෙස හැඳින්විය හැකි බව ආචාර්ය ඇබ්‍රම්සන් පවසයි.

විශ්වාසය, කුතුහලයෙන් යුක්තවීම සහ ඕනෑ ම දෙයක් ප්‍රශ්න කිරීම මෙම පරම්පරාවේ ගති ලක්ෂණ ලෙස හැඳින්වේ. ඇතැම් වැඩිහිටි පරම්පරා මෙම පරම්පරාව කෙරෙහි නොරුස්නා ස්වභාවයක් පළ කළ හැකි බව ද ආචාර්ය ඇලෙක්සිස් ඇබ්‍රම්සන් පවසයි.

*= Generation Z (Gen Z) පරම්පරාව

මෙම පරම්පරාව ආරම්භ වන්නේ, කොතැනින් ද යන්න පිළිබඳව පරස්පර විරෝධී අදහස් කිහිපයක් තිබේ. ඇතැම් පිරිස් මෙම පරම්පාරව 1997 වසරේ සිට ඉපදුණු පුද්ගලයින්ගෙන් ඇරඹුණු බවත්, තවත් පිරිසක් 2000 වසරේ සිට ඉපැදුණු අය Gen Z පරම්පරාවට අයත් බවත් පවසති.

මෙම පරම්පරාවේ ආරම්භය කුමන වසරක සිදු වුවද, මෙම පරම්පරාව නියෝජනය කරන පිරිස තරුණ මෙන් ම, තාක්‍ෂණයෙන් තොර ජීවිතයක් කිසි දා දැන නොසිටි පිරිසක් ලෙස හැඳින්වේ.

ඇමෙරිකානු මනෝ විද්‍යාඥ ආචාර්ය ජීන් ට්වෙන්ජ් ඉදිරිපත් කර ඇති පරිදි, Gen Z පරම්පරාවේ විකල්ප නාමය iGen ලෙසට හඳුන්වනු ලැබේ. එම පරම්පරාවේ ඉපැදුණු පුද්ගලයින් අභිලාෂකාමී, ඩිජිටල් තාක්ෂණයෙන් ස්වයංපෝෂිත වූ සහ ආත්ම විශ්වාසයක් ඇති යන ලක්ෂණවලින් හෙබි අය ලෙස හැඳින්වේ.

*- Alpha පරම්පරාව

සමාජ පර්යේෂක මාර්ක් මැක්‍රින්ඩල් විසින් ඊළඟ පරම්පරාව එනම්, Gen Z පරම්පරාවය පසු පරම්පරාව ඇල්ෆා ලෙස නම් කර ඇත. 2010 වසරේ සිට උපත ලැබූ සහ ලබන මෙම පිරිස් ඉතා විශාල කණ්ඩායමක් බවට පත්වනු ඇති බවට සැලකේ.

මෙම කණ්ඩායමෙහි විශේෂත්වයක් නොමැති අතර, ආචාර්ය ඇලෙක්සිස් ඇබ්‍රම්සන් අනාවැකි පළ කරන්නේ ඔවුන් පවුලට නැඹුරු වනු ඇති බව ය. එම පරම්පරාවේ දෙමාපියන් Gen X සහ millennials පරම්පරාවේ අය වනු ඇති බව පැවසෙයි.

මෙම Alpha පරම්පරාව ඔවුන්ට පෙර සිටි අනෙක් ඕනෑ ම පරම්පරාවකට වඩා ඩිජිටල් දැනුමෙන් පිරුණු අය වනු ඇති බව ද පැවසේ.

"ඔවුන් පාතබන්නේ නව ලෝකයකට. ඔවුන් අවතීර්ණ වෙන්නේ, මේ සිටින්නේ පිරිමි පුද්ගලයෙක්, මේ සිටින්නේ කාන්තාවක් හෝ මේ සිටින්නේ ලිංගික සංක්‍රාන්තික අයෙකු ලෙස හැඳින්වීමක් නොවන සමාජයකට යි. එය විවෘත සමාජයක් වනු ඇති."

මූලාශ්‍රය - බීබීසී

ගෝත්‍රිකයෝ

15 Oct, 10:24


ඔයත් පාවිච්චි කරන්නේ ඩුබායි ෆෝන් කියල විකුණන්න තියෙන ඒවද?

Oppo, Vivo සහ xiaomi සමහර ෆෝන් වර්ග ඔයාල දැකල ඇති 15000 -20000 ත් අතර අඩුවට විකිණෙනව. නිකමටවත් හිතුවද මේව ඇයි මෙච්චර අඩුවට දෙන්නේ කියල?

සරල කථාව මෙච්චරයි. මේ ඩුබායි ෆෝන් කියල තියෙන ඒවයි Bootloader එක Unlock කරල තියෙන්නේ. මේ හරහා Custom ROM එකක් ගහල තමයි එවන්නේ. මේ ගොඩාක් ෆෝන් වල ROM එකට pre installed malware එකක් හෝ කීපයක් install කරල එවනව. මේව System App එකක් විදිහට තියෙන නිසා අපි ෆෝන් එක Reset කරත් මේව අයින් වෙන්නේ නෑ.

මොනාද බලපෑම්?

ෆෝන් එකේ තියෙන සියළුම ඩේට මේ හරහා ගන්න පුළුවන්. ඔයාල හිතයි අපේ ඒවයි මොනා ගන්නද කියල හැබැයි මේක ගෑල් ළමයින්ට සැලකිය යුතු ප්‍රශ්නයක්. වට්සැප් වන්ටයිම් යවන ෆොටෝ එකක්, කැමරාව හොරෙන් ඕපන් කරල ගන්න ෆොටෝ එකක්, වොෂ්රූම් එකක ෆොටෝ වීඩියෝ මේ ඕනිම දෙයක් ඔයාලටත් හොරෙන් රෙකෝඩ් කරන්න පුළුවන්. ඒ වගේම Remote Access ගන්න පට්ට ලේසි. ඒ හරහා ඔයාගේ ස්ක්‍රීන් එක දිහා කාට හරි බලන් ඉන්නත් පුළුවන්.

කොහොමද ඒවයින් ආරක්ෂා වෙන්නේ?

පලවෙනියටම එහෙම ෆෝන් එකක් ගත්තම කරන්න ඕනි Official ROM එකක් ඩවුන්ලෝඩ් කරල ROM එක Flash කරන එක. මේක කරන විදිහ් යූටියුබ් තියෙනවා පොඩි දැනුමක් තියෙනවා නම් තනියෙන් කරගන්න පුළුවන්. එහෙම නැත්තම් විශ්වාසවන්ත ෆෝන් ෂොප් එකකට දීල කියන්න Original ROM එක ගහල දෙන්න කියල (ගත්ත කඩේටම කියන්න එපා)

ඔයාට ඒ වගේ ෆෝන් එකක් ගන්න කලින්ම චෙක් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඔයා බලන්න ඒ ෆෝන් එක Bank ඇප් Install කරන්න පුළුවන් ද කියල. ඕකට හොදම Bank එක HNB App එක. එක පාරක් Root කරල ආපහු ඔරිජිනල් එක ගැහුවත් HNB App එක Install කරන්න දෙන්නෙ නෑ. HNB ඇප් එකෙ ඒ සිකුරිටි එක පට්ට. ඒ ඇප් එක වැඩ නැත්තම් අනිවාර්යයෙන් ඒක හොර කොපියක් ගහපු ෆෝන් එකක් ගන්න නම් එපා. ගත්තත් කීයටවත් ප්‍රයිවට් දේවල් කරන්න එපා. (ෆ්බීවත් ලොග් වෙන්න එපා)

තව ඕනි නම් Unlock කරල තියෙන bootloader එක Lock කරන්න පුළුවන්. Developer Option වලින් ඒක කරන්න පුළුවන් හැබැයි සම්පූර්ණ ROM එකම අළුතින් ගහන එක තමයි හොඳම දේ.

ගන්න ෆොටෝ වීඩියෝ එතකොට?

ඒව Dark Web වල නාකින්ට විකුණනවා 🙂😒

කොහොමද ෆොටෝ ලීක් වෙලා ද බලන්නේ?

මේකට ඔයාලට කරන්න පුළුවන් දේ තමයි reverse search කරනව කියන්නේ. Yandex, tineye වගේ එකක් පාවිච්චි කරල ඒ ෆොටෝ එක තව කොහෙද තියෙන්නේ කියල බලන්න පුළුවන්

අයින් කරන්නේ කොහොමද?

Stopncii.org වගේ එකකට ඒ ෆොටෝ දාල අයින් කරන්න පුළුවන්

තව Advanced ක්‍රම තිබ්බත් ඒව සාමාන්‍යයෙන් ඔයාලට කරන්න බැරි දේවල්. Linux වගේ එකකින් පුළුවන් Advanced අයින් කරන්න හෝ හොයන්න.

මං කැමතියි ඩුබායි ෆෝන් පාවිච්චි කරන අයගේ කමෙන්ට් බලන්න. අනිවාර්යයෙන් ඔයාලගේ ෆෝන් වලට එහෙම ඇඩ් එනව ඇති සැරටම. ඩේට එහෙම දානව විතරයි වාෂ්ප වෙනව ඇති. OS එකට Update එහෙම එන්නෙම නෑ හෝ අඩු ඇති. ෆෝන් එක පිස්සු කෙලිනව ඔටෝ ටච් වෙනව වගේත් ඇති.

1,809

subscribers

16,341

photos

1,023

videos