🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃 @kalakarayo Channel on Telegram

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

@kalakarayo


Online Fantasy ලෝකෙක

Social Media Life වල

සිරවුනු සොඳුරු

කලාකරුවන්ගේ අම්බලම…….🖊

📍කලාකාරයෝ🖊

ඔබගේ නිර්මාණ අප වෙත එවන්න :-
@m_ahima7

Cross Promotion Admin :- @gray_girl2

🍃 කලාකාරයො 🖊 ᵗᵉˡᵉᵍʳᵃᵸ 🍃 (Sinhala)

🍃 කලාකාරයො 🖊 ᵗᵉˡᵉᵍʳᵃᵸ 🍃 දැන්ම ඔබට සිංහල මාංශයේ සාර්ථක ගන්නා අයගේ කැන්ඩයක් ඉදිරිපත් කරගත හැක. මෙම කැන්ඩය සම්බන්ධව වෙනස් කෙරොතුව සතු විය හැක. එහි වාචික කෆනි ක්‍රොසෝස් උත්සහ හා ගිණි විත්ව සහභාගී වෙනුවෙන් සිටින ගැනුම් වැඩිමහල්ලා පමණක් සලකන්න. 🖊 කිසිවෙකු දැන්ම අම්බලමේ සතු සොඳුරු පිරිසක් සවිකර ගැනීම සදහා @m_ahima7 හෝ @gray_girl2 හි සම්බන්ධ කරන්න.

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

23 Nov, 02:31


Hiii...

මන්  𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡ 🤍


මන් ටික දවසකට පේන්න නැති වෙයි.. 🥹💔

ආපහු මාස 4 කින් වගේ එන්නම්.. 🥹

අමතක වෙයිද මාව මතක අයට.. 🥹🫶💔





𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

22 Nov, 05:59


https://telegra.ph/%E0%B6%85%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%80-11-06-2

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

22 Nov, 03:01


Him :

ගෙවුණෙ,
දින සති ද මාස ද ?

අඩු වුණේ,
සතුටද ආදරයද ?

ළං වුණේ,
මමද ඔහුද,

දැන් ඔබේ,

ඔහුද මමද 💔



Her :

ගෙවුණු කල් නුඹ නොදැක හරියටම
මාසයයි..

අඩු වුණේ මගේ හැම සතුට
ආදරයයි..

ළං වුණේ මා ලගට නුඹ නොමැති කල
ඔහුයි..

දැන් මගේ ලොවේ නම් සිටින්නේ ඔහු පමණයි.. 💐💔







𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

22 Nov, 02:04


ඇය ඇයය
මේ මමය
මා තුළින් ඇය දකිනවා නම්
මෙතැන වරදක් ඇත

නුබට දොස් නොපවසමී
අමතක කරන්නට කියා
බල නොකරමි
ඇගේ මතක විදින්න
ඔබ සතුව තවමත් ඇති
මා තුල නෑ නොරිස්සුම්
නමුදු
ඇය වෙනයි මා වෙනයි
සසදනු එපා අප දෙදෙනා කවදාවත්
🍁


🖤🤍


@kalakarayo
#කලාකාරයො

#Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

22 Nov, 01:42


ඇසින් දුටු ලෝකයාගේ හඳ
.
.
තරු අතර නිදි වදින
සියුම් හැගුම් පුබුදුවන
කඩුපුලට පණ දුන්න
රාත්‍රියම සරසවන
ඔහු නමින්
හඳ විය

නමුත්
හදවතින් දුටු මගේ හඳ
.
.
ඉර නමින් උසාවි කූඩුවේ
දැවි දැවී පිච්චෙන
නිර්දෝෂී විත්තිකාරයෙකි
රාත්‍රී අදුර මැද සැගවෙන
ඔහු නමින්
හඳම විය

ԋιɾυ ɾαɳαʂιɳɠԋҽ
🌔🖤🌼

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

22 Nov, 01:28


Do you believe in the existence of extraterrestrial life?👀

පිටසක්වල ජීවයක් පවතින බව ඔබ විශ්වාස කරනවාද?🗣️

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

21 Nov, 15:37


https://t.me/outofmind123

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

21 Nov, 15:08


https://telegra.ph/%E0%B6%85%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%80-11-05

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

21 Nov, 10:41


ප්‍රේමවන්තයෝ දැනුත් මැරෙති. නමුත්,
හෙටත් ඉපදෙයි...!

එහෙත්, ඒ නැවත උපදින්නා සියල්ල ශේෂ කොට එක් දැඩි අරමුනක් මැයෙන් උපදියි... 🕙

🖤🤍


@kalakarayo
#කලාකාරයො

#Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

20 Nov, 16:33


https://t.me/lavender1116

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

20 Nov, 13:35


ඔහුට වූයෙ කුමක්දැයි බැලීමට දුරකතන ඇමතුමක් ගැනීමට දුරකතනය අතට ගත් මට දක්නට ලැබුනේ " අඩෝ මේ දරුවා මේ කෙල්ලගෙ නෙවෙයි.කෙල්ල මාව හිතන් ඉන්නෙ උබ කියලා.උඹ ඔහොම්ම ගෙදර පලයං.මං මේ අක්කා එක්ක රවුමක් ඇවිදලා එන්නම් " සිදුවූයේ කුමක්දැයි හිතාගත නොහැකි වුවත් මගේ අතිජාත මිතුරා හෝ ගොඩ යෑම පිලිබඳ මට ඇත්තේ හදපිරි සතුටකි.
            එක්වරම අම්මා කෑගසනු ඇහුනු පස මා වටපිට බැලීය.මොකද දරුවො ඔය වෙඩින් කාඩ් එක අතේ තියන් කල්පනා කරන්නෙ අම්මා ඇසීය.දිනෙත් හා මගේ ප්‍රතම ඒකපාර්ශවීය ආදරය වූ මන්දාරාගෙ විවාහ ඇරයුම් කාඩ් පත දීමෙන් පසු මා කල්පනා ලොවක තනි වූ බව මට දැන් පැහැදිලිය.



Dinushka Jagoda ✍️




@kalakarayo
#කලාකාරයො

#Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

20 Nov, 13:35


හරි පුදුම ආදරේ

ජීවිතය වනාහි අහඹු සිදුවීම් ගොන්නක එකතුවකින් සැඳුම්ලත් අපූරු කාල සීමාවකි.ඇතැම් අහඹු සිදුවීම් ජීවිතයට ඉතා ලස්සන අවස්ථාවන් ලබා දෙන අතර ඇතැම් අහඹු සිදුවීම් ජීවිතයම එපා කරවනු ඇත.ඉතින් අවස්ථාවන් දෙකම අත්දැකීමෙන් විඳදැරූ මා අවසානයේ මෙය ලිවීමට තීරණය කලෙමි.

       " .. මේ දොර ඇරපන් බං..පරක්කු වෙනවා" දවසේ උදෑසනම ඇසෙන්නෙ කාලකණ්ණි මිතුරාගෙ හඬයි. අද්‍යාපනික වැඩ වලට හැර අනෙක් සියලු කුපාඩි වැඩකට මාත් සමඟ හෙවනැල්ලක් මෙන් සිටින ඔහු නමින් දිනෙත් දුල්සරයි. ගෝචර හඬ නෑසුනා මෙන් පොරෝනය හිසෙ සිට පෙරවාගත් මා ඇදේ අනික් පසට ගුලි උනේ අම්මා කුමක් හෝ කියා ඔහුගෙ කරදරය නිමා කරන බව දන්නා නිසාවෙනි.
        " ඕයි අර වැඩේට යන්නෙ නැද්ද ?" නැවතත් ඔහු කෑ ගැසුවේය.ඒ ප්‍රකාශයට නම් මා ඇහැරුනේ පොඩි ලමයෙකු විනෝද චාරිකාවක් යෑමට උදෑසන නැගිටින තරම් සතුටින් ය.ඇස් වල කබ කඩමින් ඔරලෝසුව දෙස බැලූ මට යන්තම් වෙලාව බලා ගත හැකි විය.ඒ වන විටත් වෙලාව 8.15 වී තිබුනි.දැනටමත් හොඳටම පරක්කු වී ඇත.යක්ශාවේස වූවක් මෙන් ඇදන් නැගිට දඩි බිඩියේ ලෑස්ති වීමට පටන් ගත් මගෙන් කට උත්තර නැති ඊලඟ ප්‍රශ්නය අම්මා විසින් එල්ල කලාය.
        " මොකද්ද අර කිව්ව වැඩෙ ? ". ෆේස්බුක් එකේ දැකලා ටෝක් කරන්න ගත්තු කෙල්ලෙක් බලන්න යනවා කියලා කෝමද දෙයියනෙ අම්මට කියන්නෙ.අම්මත් පුදුම ප්‍රශ්න තමයි අහන්නෙ යැයි සිතමින් ගොත ගසන්නට විය.
         " මේ...මේ...අරු එක්ක මේ....මේ.. බයික් එකක් බලන්න යන්න....පරක්කුයි දැනටමත් හොඳටම." කියමින් මං එතනින් පැත්තකට විය. කොච්චර කිව්වත් එය අම්මා විසින් විශ්වාස නොකල බව නම් මට සීයට සීයක් විශ්වාස විය.අරූ නම් කිසිම සාමාන්‍ය දැනීමක් නැති එකෙක්.ඔය වගේ දෙයක් කෑ ගහලා කියනවද? සිතමින් ලෑස්ති වන්නට විය.ඒත් සමඟම නැවත හිත ගියේ ෆේස්බුක් ආදරයේ ආරම්භය වෙතටය.
            නමින් මන්දාරා සපුගස්කන්ද වූ ඇය මා මුලින් දුටුවේ ෆේස්බුක් තුලිනි.ලස්සන මල් කළඹක් අතින් ගෙන බිම ගෑවෙන තරම් වූ  දිගු කොන්ඩය පෙනෙන පරිදි දමා තිබූ පින්තූරය සහිත ප්‍රොෆයිලය 100 දෙනෙකු දුටුවොත් 99 ක්ම පරික්ශා කර බලන තරම් වූ පෙනුමක් ඇයට සතු විය.මාද ඒ 99 යෙන් කෙනෙකි.බැලූ බැල්මට නම් උගත් දනවත් ස්වරූපයක් තිබූ නිසා ඇය හා කතා කිරීමම සම්පූරණ අභියෝගයක් විය.අභියෝග වලට පෙම් බඳින මා ඒ අභියෝගයද භාර ගත්තෙමි.
           ෆේස්බුක් සමය ආරම්භ විය.පලමුව මිතුරු ඇණවුම මා යැවීය.එතැන් පටන් විටින් විට ගොස් බැලුවේ ඇය ඒ ඇනවුම භාර ගෙනද යන්නයි.අහෝ පුදුමයකි! එදිනම හවස් වන්නට මත්තෙන් ඇය එය පිලිගෙන තිබිනි. එයින් පසු සතියක් දෙකක් පමණ රියැක්ට් කිරීමෙන් හඳුනාගෙන තිබුණත් අපේ ආදරයේ  කිසිදු ප්‍රගතියක් ඇති නොවීය.කතාබහක් ආරම්භ කිරීමට ක්‍රමයක් නොමැති වීම ඊට හේතුව විය.එක්තරා දිනයක අපුරූ නොටිෆිකේශනයක් ඇවිත් තිබිනි.ඒ ඇයගෙ 26 වෙනි උපන්දිනයයි.ඇය වැඩිමල් කෙනෙකු බව දැනගත්තේද එම අවස්ථාවේය.අවුරුදු 26 ක් වුවත් ඇයට තිබුනේ 20 ක පමණ රූපයක් නිසාවෙන් මාගෙ ඒක පාර්ශවීය ආදරය දිගටම කරගෙන යාමට මා තීරනය කලෙමි.එසේම ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගැනීමටද මා අමතක නොකලෙමි.
            " Happy Birthday cutie ❤️" ප්‍රතම පණිවිඩය මා යැව්වෙමි.නැවතත් විටින් විට රිප්ලයි කලාදෝ බැලීමට පටන් ගත්තෙමි.පැය දෙකක් ගත වීමට මත්තෙන් ප්‍රතිපණිවිඩයක් ලැබිනි. " Aneh thank u malliyo ❤️ " .සතුටත් දුකත් මිශ්‍ර වූ පනිවිඩයක් බවට එය පත්විය. ඇයි අක්කෙ ඔයා මල්ලි කෑල්ලක් ගාව ගත්තෙ යැයි සිතමින් සංවාදය ආරම්භ විය.එසේ ආරම්භ වූ සංවාදය අද ප්‍රථමයෙන් හමුවන දවසතාක් ප්‍රගතියකට ඒක පාර්ශවීය ආදරය දියුනු විය.
            ඉක්මනින් ඇඳ පැලඳගත් මා දිනෙත් සමඟ ඉක්මනින් ගියෙ අක්කා පැමිනෙන 10.15 උඩුගම කොළඹ බසයට ඉක්මනින් ගොඩ වීමටයි.ඊට පැය භාගයකට පමණ පෙර ඇය කෙටි පණිවිඩයක් තබා තිබුනේ මෙසේය.
           " මං ඉන්නෙ ආබාදිත අයට වෙන් කරපු සීට් එකේ.ඔයාටත් ඉඩ තියාගෙන ඉන්නෙ එතනින් වාඩි වෙන්න." දැන් නම් හදවත කිතිකැවෙන්නාක් මෙනි.බසය ටිකෙන් ටික ලං වෙත්ම හද ගැහෙන වේගය වැඩි විය.රෝසමලක් ගෙන පිටුපසින් ගොඩ වූ මම ආබාදිතයන් සඳහා වෙන් වූ සීටය දුටු විගස තක්බීරි ගැහිනි.
මේක වෙන්නෙ කෝමද ? එතන ඉන්නෙ පොඩි එකෙක් අතේ තියාගත්තු අම්මා කෙනෙක්.එතකොට මං මේ අම්මා කෙනෙක් එක්කද මෙච්චර කල් ආදරේ කලේ.මං කර කියා ගත දෙයක් නැතුව අන්දමන්ද විය.මෙයින් බේරීමට මට තිබුනේ එකම විකල්පයකි.ඒ ඇය මා කවුදැයි මෙපමණ කාලයක් දැක නොතීබීමයි.
        ඉක්මනින් ක්‍රියාත්මක වූ මා දිනෙත්ගෙ අතේ රෝස මල තබා " ඒ මේක දීලා ටිකක් කතා කරලා හෝල්ට් දෙකක් ඉස්සරහින් බැහැපං මං එන්නම් එතනට.මේ මං අදුරන කෙනෙක් මං මෙතනට ගියොත් ප්‍රශ්නයක් වෙයි බං " කියමින් බසයෙන් බැස්සෙ දිනෙත්ට අනේකවාරයක් ස්තූති කරමිනි.
         එතන සිටි යාලුවෙක්ගෙන් ඉක්මනින් බයික් එකක් ඉල්ලාගෙන හෝල්ට් දෙකක් ඉස්සරහට ගියේ මා වෙනුවෙන් කැප වූ දිනෙත් එක්කන් ඒමටයි.නමුත් මා එහි යනවිටත් දිනෙත් එහි සිටියේ නැත.

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

20 Nov, 12:29


https://telegra.ph/%E0%B6%85%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%80-11-02-2

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

20 Nov, 12:03


රුපියලේ ලොකුකම
දරා ගනු බැරි තැන
රන් පාට සමනලියෝ
ඉගිලුණා දුරකට

දහඩියෙන් පණ නගන
යකඩ ගොඩ බඳාගෙන
ඉර ඇවිත් යන තුරුම
ඇදහුවා වැඩ මුරය

සායම් රටා නැති
මුදු දෑත් එක දිගට
ඉඳිකටු තුඩක් ළඟ
නැවතුනා සඳහටම

බෝසත් ලේබලය
සීගිරි අප්සරාවිට
ලොල් උන කරුමෙට
එපා මට රාත්‍රිය
හොඳයි මට වැඩමුරය

පිනට දුන් බස් ගමන
හතරැස් කාමරය
පොළියට ඉල්ලුවෙම
අකලට පිපි තරුණකම

ඇගේ ලේ ඇට නහර
දිය කරත් මැසිමකට
රන් පාට පියාපත්
දියවුණත් මැදියමට
සුඳු වතක් පොරවාගෙන
වඳිමි මම රුපියලට


මුලු තරුණ දිවියම
උදේ මැසිමට
දවල් මැසිමට
රෑ පෙට්ටි ගෙඳරට
ගෙවා දැමුවේ💔

... සන්නාලිය...

#අදෘශ්‍යමානජීවිත

@Ur.dreaMWriter

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

20 Nov, 11:31


හදට තරුවට ඉරට අහසට
පණ දුන්නු එක කවියෙක්
පණ පිටින් හිරවුණාලු
එක පුංචි ඇස් දෙකක
සදහටම

Hιɾυ ɾαɳαʂιɳɠԋҽ
🥺❤️‍🩹

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

20 Nov, 11:26


මම
නුඹ වෙනුවෙන්
ලියු කවි
නුඹ
ඈය වෙනුවෙන්
ගැයූ හැටි....🥹



🤍🖤


@kalakarayo
#කලාකාරයො

#Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

20 Nov, 11:05


ආදරේට නිර්වචන
ඇහුවේ මොන මෝඩයද
උත්තරේ ලැබුනොතින්
ලියවෙයිද කවි මෙච්චර

තේරුමක් නොදැනම
ආදරේ පස්සෙ දුව දුව
කවි ලිව්වේ වෙන කවුරුද
' අතරමං වුණු ' කවියෝ මිස !!

🙂🥀


🤍🖤


@kalakarayo
#කලාකාරයො

#Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

01 Nov, 05:32


><><><><><><><><><><><><><><><><><><><><
🦋....සීත පිනි පොද වෑහෙන

               දගකාර හැඟුම් දෝරෙ යන ....💫

🔥...තරු කිනිති හොරෙන් ඉඟිකරන...

      පන්හිදෙන් ගෙත්තම්ව නිමවන...✍️📖

🥀...සිතුවිල්ල සිත් සේ විදිනට,... 🍁👩‍🎨

          එක්වන්න අප සමඟින්..🎋🐿 
               
-----------------------------

------ අලුත්ම කතා ------

------ ලස්සනම නිසදැස් ------
 
     ------ ලස්සන නිර්මාණ ------

  ------ Beautiful  status ------

  ------ Beautiful  song ------

-----------------------------
  හිතට දැනෙන අලුත්ම නවතැනක් ...✍️📒
          
                    🫵 ඔයත් එන්න 🫵
     
  🎼💕...කෝඩුකාර මන්දාරම් අහසට...🎼💕

><><><><><><><><><><><><><><><><><><><><

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

31 Oct, 17:28


සමහර විට අද නොතේරුනාට
දවසක ඔයා තේරුම් ගනීවි
නුඹේ ඔය
වෙනස් වීම උහුලන්නට බැරිම තැන
මටත් අකමැත්තෙන් හරි
වෙනස් වෙන්න වුන බව


🤍🖤


@kalakarayo
#කලාකාරයො

#Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

31 Oct, 17:08


වචන කරන්නට බැරි තරම් ආදරයක්.. 🥺
සිතා ගන්නට බැරි තරම් රැකවරණයක්..
දුන්නෙ දෙදෙනයි ඔවුන් නම් මට මහමෙරක්..
වචන කර ලියමි මම එක් කවි පෙළක්..  ❤️




Mom:

  " දස මසක් කුස තුළ තබාගෙන හොවමින්..
 වින්ද දුක් අපමණයි ඔබ මා
වදමින්.. 😔
සිරුරෙ ලේ කිරට හරවා පෙව්වෙ මට යහමින්.. 
නුඹේ සෙනෙහේ දැනී නැත මට තවම අඩුවෙන්.."  🤍


Dad:

 " බිහි නොකළත් මෙමා ලෝකෙට
නුඹේ කුසින්.. 
තෙපළුවේ බස් සනසවන්නට මා
ආදරෙන්.. 😚
සිනාසුණි නුඹ කදුළු හංගා මට
හොරෙන්..
කවුරුන්ද ලොව සිටින්නෙ මට
නුඹ තරම්.."




𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

31 Oct, 16:28


තාරුකා එලි
එකින් එක
ගිලි ගිලී යද්දී
අදුරක...
දිලිසෙනා සද
කොහේදෝ
ඈත දුරකට
යනකොට...
ඉදහිටලා පොඩි
කණමැදිරි එලි
නිවි නිවී
දැල් වෙනකොට...
මෙතෙක් මා
සැරිසැරූ ලෝකය
සුණුවිසුනු විය
මොහොතට....

#Senna✍️

@kalakarayo
#කලාකාරයො

#Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

31 Oct, 15:12


ඔයාට කාටවත් කියා ගන්න බැරුව හිතේ හිර කරන් ඉන්න ප්‍රශ්න වලට උත්තර හොයමු🤗
ඔයාගේ පුද්ගලික රහස්‍යභාවය 100% ආරක්ෂිතයි

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

30 Oct, 18:36


බැද ඇති
විලංගු ගලවා දමා
නැගිටීවි යම් දිනක
නිර්ධන පන්තියේ අප.

නැගී සිටින්නට
වෙර නොමැති සැමට
අත දෙන්න මම
පුරුදු වෙමි සෑමදා.


@Be2Perfect | #PHOENIX

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

30 Oct, 17:08


https://telegra.ph/%E0%B6%92%E0%B6%AD-%E0%B6%94%E0%B6%BA-%E0%B6%AF%E0%B6%B1%E0%B6%B1%E0%B6%AD-%E0%B6%B1%E0%B6%AD%E0%B7%80-%E0%B6%87%E0%B6%AD-10-30

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

30 Oct, 16:39


මෙන්න බලපන් කියා ,
පෙන්වන්න හැකිනම්
ප්‍රේමය !

සොයන්නටවත් නැත
විරහාව !

එන්න මිතුර
අපි සොයමුකො
දවාලේ සද එළිය !


#වෙද_පප්පා


@kalakarayo
#කලාකාරයො

#Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

30 Oct, 15:31


වසා ගද්දී
කළු වළාවෙන්
අදුර දුරු කල
පුන්සද...
සදක් නැති දා
අමාවක මෙන්
වෙලා ගෙන
ඝන කළුවර...
සදට පෙම් බැදි
සිත්වලට අද
ගලා ඇවිදින්
ශෝකය...
අහස හැඩුවේ
ඉකි ගගහා දුක
දරා ගන්නට
බැරිවද...

#Senna✍️

@kalakarayo
#කලාකාරයො

#Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

30 Oct, 14:13


Dp/wallpapers 😍
Status video🙃
Post😂
නිසදැස්🙊/චිත්‍ර 💕
beauty tips 😇/fashion🧚
කෙටි කතා/නව කතා😗
traveling 😘
Music☀️
recipies🤤

සෙනෙහස් අහස යට
හිරු වී බබලන.🌤
මලක් මෙන් විකසිත
සතුටු සයුර මත..🌺🌊
මිහිරි මතක දෙන.🥰
ඇයයි..

bot👇
@Arumaththibot
https://t.me/arumaththichannel

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

29 Oct, 17:54


🍫 **ඔබටත් දැන් පුළුවන්!** 🍫

ඔබේ නිර්මාණ අපේ නාලිකාවේ පළ කිරීමට කැමතිද?

💛 කතා
💛 කවි
💛 නිසදැස්
💛 චිත්‍ර
💛 Cover Songs
💛 ඡායාරූප


🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫

💌 ඔබගේ නිර්මාණ අපිට යොමු කරන්න:
👉 @CHOCO_1102_Bot@CHOCO_1102_Bot

🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫

💖 අපි එක්ක එකට නිර්මාණශීලී වමු! 💖
🌈 ආවඩියෙන්ම යොමු කරන්න! 🌈

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

28 Oct, 00:57


නිතර හමු වුන විටදි පාසලෙන් ද පාසල් බසයෙන්ද,
දැනුනා ඉහළ යන බව හද ගැස්ම
මගේ පමණක් නොව නුඹෙද...

තිබුනේ බැඳීමක් අප දෙදෙන අතරම,
සොයනා නමක් එයට අදටද,
නුඹ, 12 ශ්‍රෙණිය ගණිත අංශය
සිටියෙ මා අපොස සා පෙළ කට මත...
ගලා ගිය ඒ නිර්නාමික බැඳීම,
ගිලිහුනේ නුඹ නොදැකම
ගොඩ ගැසුණු විෂය කරුණු නිසාම,
දෑසට මග හැරුනද නැත මා හද හැර ගියේ නුඹෙ රුව,
කොතරම් කීයද සිතුවා සනාවන්තයි කියා
වරක් හෝ නුඹෙ හඬින් මා අමතනු ඇසීමට...

අද, තෙමසකට පසු,
දකිනවා නුඹෙ රුව අහම්බෙන්
සිටියේ නුඹ එදා ලෙසටම,
ඔහු, ඒ කෙසඟ කොලුවා එදා මා සිත සොරා ගත්..

නමුදු,

සිටියේ පටලාගෙන ඔහු දෑත ඇය සමග,
තිබුණා එම සිනහව එලෙසම ආදරය පිරි දෑස සමඟම..
දැනුනේ මා දෑස බොඳවන බව පමණය...

ඉතින්,
සොයනවා නමක් අදටත් තිබූ ඒ ගුප්ත බැඳීමට,
වෛරයක් වෙනස් වූවාට නුඹේ සිත,
සතුටු වෙමි නුඹේ සිනාව දෑස දෙස බලමින් අද...

ඉතින්,

අවසානයේදී,
සියල්ලන්ට ආදරණීය වූ ඒ පාසල් ප්‍රේමය විරහවක් විය මට විඳින්නට පෙරම ආදරය...

By oshi-

@kalakarayo
#කලාකාරයො

#Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

28 Oct, 00:57


පැවසුවද බොහෝ දෙන,
ආදරණීය ය පාසල් ප්‍රේමය බව,
නොදැන සිටියේ කිසිවක් එබව
ඇයිද යැයි නොදනිමි අදට...

නමුත්,
බැලූ විට ඔබෙ ඒ දෑස මා වෙත එදින,
දැනුනා ම සිතටද ඒ කෝලය කියන හැඟීම,
උස, කෙසග සිරුරැති නුඹ තුල,
වසඟ කලේ මා හද නුඹේ වූ,
ඒ දෑස සහ සිනහව..

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

27 Oct, 18:40


හදේ ලස්සන මූණේ
පිපිලා පියුමක් වාගේ
හිත් ගත්ත ඇගෙ රූපේ
මනහරයි මලක් වාගේ

කරල් කොන්ඩය ඈගේ
කිතුල් රෑනක් වාගේ
ලස්සනම ඇස් දෙක ඈගේ
කියයි මට රහසක්ම වාගේ

හැගුම් බර මූණේ
මොනවදේ ලියා තිබුණේ
මටයි හැදුනේ රෝගේ
නුඹයි පෙම්බරි මාගේ


අබිලාෂ්🔱


@kalakarayo
#කලාකාරයො

#Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

27 Oct, 18:33


මාගේ මිතුරනි තොපි නිදි ද😅🤣

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

27 Oct, 18:32


ගොඩක් කල් ඔබ නොදැක සිටියත්
ආදරේ නැත වූයෙ අඩුවක්...

ටිකින් ටික දින ගෙවී යන විට
දැනේ මට එය කල්ප ගණනක්...

කෙසේ හෝ නුඹ දුටුව විටදිම
හදේ උතුරා ගියේ සතුටක්...

වචන කර පවසන්නෙ කොහොමද
මගේ හද දැන් ආල භවනක්.. 💐🙊




𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

27 Oct, 16:03


අනේ මංද

ඔයා හැම ලෙඩේටම බෙහෙතක්,
මම දැනං හිටියෙ එච්චරයි

දැන් මගේ ලෙඩ හොඳයි.....🌝


#King_York

✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️
#කළාකාරහිත්_2.0

@kalakarahith

🍃 Cʜᴀɴɴᴇʟ 🍃

           𝙀𝙣𝙟𝙤𝙮 𝙏𝙝𝙚
             𝙁𝙚𝙚𝙡𝙞𝙣𝙜

ʟɪᴋᴇ  ᴄᴏᴍᴍᴇɴᴛ  ꜱᴀᴠᴇ  ꜱʜᴀʀᴇ

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

27 Oct, 15:57


වෙන්වී යාම නිසා දුකෙන්ද
සතුටු වෙන්න හේතු නැද්ද
වේදනාව ඕනාවටත් වඩා වැඩිද

ඉවසන්න,

ගිලිහීයාම් ,වෙන්වීම් පවා ලස්සන කාල ගෙන දෙන බව කියාදෙන සරත් සමයක් ඔයාටත් එයි🌷

@Yesha 💗

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

27 Oct, 09:55


දවසක් මං යද්දි නුවර..
උබව දැක්කෙ යාලුවත් එක්ක සවස..
අයිති නැති උනත් උබෙ පෙම් පහස...
දකින විට කිති කැවෙයි මගේ මුලු හදම..

මහ වැස්ස සිප ගද්දි පොළව..
මං හිටියෙ තනිව සහස් උයනෙ නුවර..
නුබ එද්දි පායව්ව හැටිම..
අහස නෙමෙයි ඒ මගෙ කදුලු වැස්ස..

ඌ එක්ක නුබ ඉද්දි තවම..
දැක දැකත් මං ඉන්නෙ කොහොම..
වෙන් කරත් මාව නුබෙ මිතුරු කැලම..
මං වගෙ ඌ ඉඹිනවද උබව..

ආදරෙයි මං ඉතිං තවම
දන්නවා මට දුරයි අහස..
ඒ බවම නොදැන කහ මලම
බලා ඉමි නුබ නොඑන බව දැනම..

නුබ මවල ගිය හීන පරිස්සම් කර ඇත මං ගාව..


@kalakarayo
#කලාකාරයො

#Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

27 Oct, 07:53


🥺

@kalakarayo
#කලාකාරයො

#Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

27 Oct, 07:00


- ඇඩනකොට ඇස් පිරිසිදු වෙනවලු ..


- එහෙනම් මගෙ තරම් පිරිසිදු ඇස් මේ ලෝකෙ කාගෙවත් නෑ .....☺️🥀💔



Nishi 🦋

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

27 Oct, 01:59


නැවත හමු වූ විටෙක නුඹව මා වැළදගන්නම් ආදරෙන්..

මතු දිනකදිත් මට නුඹව
අහිමි විය නොහැකි ලෙසින්..

කල්පයක් සේ දැනේ මට නුඹ
නොදැක ගෙවෙනා දින ගණන්..

පතන්නෙමි මා මගේ ප්‍රේමිය
ඔබට සුභම සුභ උපන් දිනක්..
💐🤍




𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

26 Oct, 18:05


ඇගිලි තුඩු වලින් ගොඳුරක්
සොයන හිතවත
හාර්ට් කමෙන්ට් කෝල වදන්
අකැපයි මා හට
සිය වරක් බිඳුණු මගෙ හිත
සැකයෙන් බලයි ඔබ දෙස
හතරෙන් තුනක් ඉඩ ඇත්තෙ
ප්‍රේමයට මිස රාගයට නොව



🤍🖤


@kalakarayo
#කලාකාරයො

#Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

26 Oct, 17:53


Dream palace 💫

අපගෙ සමුහයෙන් ඔබට...💛

♡︎Fashion🛍
♡︎Videos🎶
♡︎Beauty tips💅
♡︎Telegram themes
♡︎Stories📚
♡︎Memes💗
♡︎Wallpapers🦋
♡︎Dpz🧚‍♀️

🌟Admin - @asmitha_09

2,219

subscribers

2,447

photos

445

videos