Science is Fun ☃️ @pusthakalaya Channel on Telegram

Science is Fun ☃️

@pusthakalaya


එකතුවෙන්න Science දැනගන්න ,IQ වැඩි කරගන්න...

අපේ චැට් ග්‍රප් එක
@Science_is_Funs

Science is Fun ☃️ (Sinhala)

ප්‍රශ්නය: විද්‍යාව සිංහල Translation Articenn"Science is Fun ☃️" විසින් මෙය එහි තීරුවෙන් භාවිතා කරන අතර අනන්‍යතාවයන්ට එන තේරීමක් සඳහා එය සත්‍යයි. මෙය ශ්‍රී ලාංකීය පරිශීලකයන් සඳහා එකතුවන චැට් එකකි

"pusthakalaya" නම්කරන අමුතු චැට් ග්‍රපයන් හා විශ්වාසයන් පිළිබඳව විසින් ඔවුන්ට අනිවේදි වදන් කරන්න , ස්වභාවික සංග්‍රහය අනාගත කරගන්න...

"Science is Fun ☃️" කැනඩා එක
@Science_is_Funs

Science is Fun ☃️

15 Nov, 16:23


ඔවුන්ගේ ඇස් ඝන මේද පටක සහ ශක්තිමත් අක්ෂි මගින් ආරක්ෂා කර ඇති අතර, ඒවා සාගරයේ පීඩනය හා සුන්බුන් වලින් ආරක්ෂා කිරීමට ද උපකාරී වේ.ඔවුන්ගේ ඇස් තෙත් කර ලුණු වතුරෙන් ආරක්ෂා කර ගැනීමට "කඳුළු" හා සමාන තෙල් සහිත ශ්ලේෂ්මලයක් ද නිපදවයි.කුතුහලය දනවන කරුණ නම්, හම්ප්බැක් තල්මසුන්ට සම්පූර්ණ වර්ණයන් නොපෙනෙන අතර සමහර විට වර්ණ අන්ධ වීමයි. කෙසේ වෙතත්, ඔවුන්ගේ දර්ශනය අඳුරු ගැඹුරට හොඳින් ගැලපේ, දෘෂ්ටි විතානය පිටුපස ඇති පරාවර්තක ස්ථරය නිසා එමගින් බළලෙකුගේ රාත්‍රී දර්ශනය මෙන් අඩු ආලෝක තත්ත්වයන් දැකීමට ද උපකාරී වේ.

ඇත්තටම මෙය ස්වභාවධර්මයේ අපූරු නිර්මාණයක්...😇

උපුටාගැනීම

Science is Fun ☃️

15 Nov, 16:23


ඔබ මීට කලින් දැනගෙන හිටියද හම්ප්බැක් තල්මසුන්ට පමණක්ම තියෙන විශේෂිත ඇස් ගැන.... 😲🐋🐋🐋😲

මෙම අපූරු ඡායාරූප ලබාගෙන ඇත්තේ Rachel Moore විසිනි. තල්මසා උණුසුම්ව තබා ගැනීමට සහ හානිවලින් ආරක්ෂා කිරීමට උපකාර වන සාගර ක්ෂීරපායීන්ට අනන්‍ය වූ ඝන පරිවාරක මේදයක් වන බ්ලබර් තට්ටුවකින් ඇස ආරක්ෂා වේ. ගැහැණු තල්මසුන්ගේ ඇස් මිදි ගෙඩියක ප්‍රමාණයෙන් යුක්ත වන අතර මෙම විශාල ඇස් තල්මසුන්ගේ හිස දෙපස ස්ථානගත කර ඇති අතර එමඟින් ඇයට පුළුල් දෘෂ්ටි ක්ෂේත්‍රයක් ලබා දේ.

කෙසේ වෙතත්, මෙයින් අදහස් කරන්නේ ඇගේ ගැඹුරු සංජානනය සීමිත බවයි. සෑම ඇසකටම ස්වාධීනව දැකිය හැකි අතර, ඇයගේ වටපිටාව පිළිබඳව විමසිල්ලෙන් සිටීමට ඇයට ඉඩ සලසයි, එමඟින් ඇස් දෙකෙන්ම අතිච්ඡාදනය වන දෘෂ්ටි ක්ෂේත්‍ර තිබීම ඔවුන්ට අපහසු වේ. හම්ප්බැක් තල්මසුන්ට ගොඩබිම ක්ෂීරපායීන් තරම් තියුණු නොවූවත් ජලයට ඉහළින් සහ පහළින් හොඳ දර්ශනයක් ඇත.

Science is Fun ☃️

13 Nov, 12:46


මමීකරනය වූ සුනඛයා ගසෙහි කැපුම හරහා දඩයමට සූදානම්ව සිටී ආකරය තවමත් දැකිය හැකිය. බොහෝ අය කල්පනා කරන්නේ මෙම සුනඛයාගේ සිරුර ආරක්ෂා කිරීම සඳහා මමීකරන ක්‍රමවේදයක් නොමැතිව මෙතරම් කාලයක් ආරක්ශා විය හැකි වන්නේ කෙසේද යන්නයි. පෙනෙන විදිහට ගසේ කදේ ඇති සංඝටක එයට උදවු වී ඇත.

බටහිර ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාත්මක මානව විද්‍යාඥ ක්‍රිස්ටිනා කිල්ග්‍රෝව් පැහැදිලි කළේ ගස විසින්ම සුනඛයා ආරක්ෂා කළ බවයි.

උපුටාගැනිමකී..

(මෙලෙස පලවී තිබුණි )

Science is Fun ☃️

13 Nov, 12:46


ගසක් කපා පැටවීමෙදී හමුවූ ගස තුල අවුරුදු 60 පුරා සිරවී සිටී මමීකරනය වූ බලු සුරතලා.🐕🌍

ස්ටකී" නම් මෙම සුනඛයා ගසක කඳ තුළ මුළුමනින්ම මමීකරනය වී තිබී ඇති අතර ඔහු සොයාගත් පුද්ගලයින්ට විශ්මයට පත් විය.

සමාගමක් වූ ලොගර්ස් "ජෝර්ජියා ක්‍රාෆ්ට් කෝපරේෂන්" ඔවුන්ට අයත් ඕක් ගසක ඉහළ කොටස කපා එය ට්‍රක් රථයට පටවා ප්‍රවාහනය කළ අතර කඳට ඇතුළත දුඹුරු සහ සුදු දඩයම් බල්ලෙකු සිටින බව දුටු විට පුදුමයට පත්විය.

ඔවුන් විශ්වාස කරන්නේ සුනඛයා වසර 60 ක් පමණ එහි සිට ඇති අතර කම්කරුවන්ට අනුව ඔවුන් විශ්වාස කරන්නේ බල්ලා යමක් පසුපස හඹා ගොස් කඳ තුළ සිරවී ඇති බවයි.ඔහු ගසෙහි හිරවුන අතර කිසි විටෙකත් උගේ ගොදුර අල්ලා ගැනීමට නොහැකි විය. කිසිවෙකු ඔහු ගස තුල සිටින බවක දුටුවේ නැත. පැන යාමට නොහැකි වූ ඔහු එම අහම්බ උගුලේ රැඳී සිටිමින් අවසානයේදී මිය ගියේය.

Science is Fun ☃️

01 Nov, 07:54


කලුවර කුලය
🌲🌲🌲🌲🌲🌲

ලංකාවේ කළුවර ශාකය ශාකය ශ්‍රී ලංකාවට දේශීය වූ ශාකයක්. එය Diospyros Ebenum යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කළුවර ගස එබනාසියේ කුලයට අයත් වෙනවා. කළුවර ශාකය අයත්වන Diospyros ගණයේ තවත් ශාක 22ක් පමණ ශ්‍රී ලංකාවේ දී හඳුනා ගෙන තිබෙනවා. මෙම කුලයේ ශාක ගස් හෝ පඳුරු වශයෙන් වැවෙනවා. උල්මැදිරිය, කළුහබරලිය, මැදිරිය, වල්මැදිරිය, තිඹිරි, කඩුම්බේරිය, ගිනිබුළු, කළු කඩුම්බේරිය, කුණුමැල්ල, කහකෑල, රිටිකුඩුම්බේරිය, හෝමැදිරිය කළුවර කුලයට අයත් තවත් ශාක කිහිපයක්. ඉංග්‍රීසියෙන් Ceylon Ebony (සිලෝන් එබනි) ලෙස හඳුන්වන කළුවර දෙමළෙන් කරුන්කාලී, කක්කග්වලී, යනුවෙන් හඳුන්වනවා.

🌲 ගසේ ලක්ශන

ගස මීටර 20-25 දක්වා උසට ඉතා සෙමින් වර්ධනය වෙනවා. අඟල් 5-8ක් පමණ දිගු පත්‍ර පිහිටා තිබෙනවා. පැරණි ගස්වල අතු පළල්ව වටකුරුව උඩට විහිදෙනවා. කඳෙහි පොත්ත කළු සිට අළු පාට යි. කහ සිට සුදු දක්වා පාට මල් හටගන්නවා. එකම ගසෙහි පූමාංගී සහ ඡායාංගී මල් නිපදවනවා. මල් ඉතා සුවඳ යි. අරටුව කළු සිට දුඹුරු පාට දක්වා පැහැයක් ගන්නවා. මේ නිසා තමයි ගසට කළුවර කියලා කියන්නේ. මෙය ඉතා ශක්තිමත් දැවයක්. වාර්ෂික වර්ෂාපතනය මි. මී. 1500-2500 දක්වා පැවතීම ගසේ වැඩීමට සුදුසු යි. මුහුදු මට්ටමේ සිට අඩි 1800ක උස් මට්ටමක් දක්වා කලාපවල එය වැවෙනවා. 

🌲 කළුවර වැවෙන රටවල්

මෙය ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ඉන්දියානු කලාපයේ සීමිත රටවල් ගණනක දක්නට ලැබෙන ශාකයක්. සයරේ, නයිජීරියාව යන අප්‍රිකානු රටවලත්, ඉන්දුනීසියාවෙත් මේ ගස සීමිතව තිබෙනවා. ඉන්දියාවේ පැතිර තිබෙන්නේ තමිල්නාඩුව සහ කර්ණාටක ප්‍රාන්තයේ  දකුණු ප්‍රදේශවල පිහිටි වනාන්තරවල යි. බටහිර ඝාට්ස් කඳුවැටියේ නැගෙනහිර බෑවුම්වලත්, ආන්ද්‍රා ප්‍රදේශ්වලත් එය සීමිතව පැතිර තිබෙනවා.

🌲 අපේ රටේ කළුවර

ශ්‍රී ලංකාවේ පහතරට වියළි කලාපයේත්,  අතරමැදි කලාපීය මෝසම් දේශගුණික තත්තව යටතේත්  මධ්‍යම ප්‍රමාණයේ ශාකයක් ලෙස කළුවර දැකගත හැකියි. අප රටේ වියළි කලාපයේ පිහිටි ජාතික වනෝද්‍යානවල තවමත් කළුවර ගස් සීමිතව දැකගත හැකියි. නීතිවිරෝධී දැව ජාවාරම්කරුවන්ගෙන් නිතරම මේ ගසට තර්ජන එල්ල වෙනවා.කළුවර ශාකයට මුලින්ම උද්භිද විද්‍යාත්මක නාමයක් ලබා දී තිබෙන්නේ  වර්ෂ 1776 දී කෝනිග් නම් තැනැත්තා විසින්. ඒ ශ්‍රී ලංකාවේ දීම වීම සුවිශේෂී කරුණක්. ශ්‍රී ලංකාව යටත්විජිතයක්ව පැවති සමයේ දී කළුවර දැව විශාල ලෙස අපේ රටේ වනාන්තරවලින් කපා විදේශවලට ගෙනගොස් තිබෙනවා. වර්ෂ 1910 දී පමණක් කළුවර ටොන් 2635ක් විදේශිකයන්ට වෙන්දේසි කළ බව සඳහන් වෙනවා.

🌲 දැව

කළුවර ලීය මැදගත් විට දීප්තිමක් කළු පැහැයක් ගන්නවා. ඉතා ශක්තිමත් දැඩි ලීයක් ලෙස සැලකෙන අතර කෘමි උවදුරුවලින් තොර යි. කළුවර ගස් කැපීම තහනම්. නමුත් විශේෂ තත්ත්ව යටතේ සීමිත දැව හෙලීමේ බලපත්‍ර නිකුත් කරනවා. කැටයම් කැපීමට, ලියවන පට්ටල් වැඩට, සුඛෝපභෝගී ලිබඩු තැනීමට කළුවර යොදාගන්නවා. අද නම් සීමිතව කැටයම් ප්‍රතිමා ආදිය තැනුවත්, භෘහභාණ්ඩ තැනීමට නම් මේ දැව සපයා ගැනීමට නැහැ. මේ ශාක දැව ලංකාවේ වගේම ඉන්දියාවෙත් අපනයන වෙළෙඳාම තහනම්කර තිබෙනවා.

අතීතයේ සිට සිදුවූ අසීමිත දැව හෙළීම නිසා අද වන විට මේ වටිනා ශාකය විනාශයේ අභිමුවට පැමිණ තිබීම කනගාටුවට කරුණක්.  කළුවර සඳහා ප්‍රවාහන බලපත්‍ර ලබාදීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදුකරනවා. කළුවර කඳන් සහ ඉරූ දැව අපනයන ද තහනම්කොට තිබෙනවා. රාජ්‍ය දැව සංස්ථ වර්ගීකරණය අනුව අධි සුඛෝපභෝගී දැව වර්ගයක් වන අතර, වියළි දැව ඝන මීටරයක් කි. ග්‍රෑ. 1190ක් පමණ බර යි.

කළුවර දැව ඝන මීටරයක් (මැද වට මීටරයක්) රු. 123,228ක් පමණ වෙනවා. 2007 වර්ෂයේ ප්‍රකාශයට පතකර ඇති රතු දත්ත පොතට අනුව ශ්‍රී ලංකාවේ වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇති, ශාක වර්ගීකරණයේ අන්තරායට ලක්වූ ශාක විශේෂයක් ලෙසට කළුවර නම්කොට තිබෙනවා.

මෙම ශාකයේ වැදගත්කම සැලකිල්ලට ගෙන, රාජ්‍ය දැව සංස්ථාවේ පර්යේෂණ අංශය පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය හා එක්ව මින්නේරිය රාජ්‍ය දැව සංස්ථා භූමියෙහි කළුවර ශාක සංරක්ෂණය සඳහා ජෛව විවිධත්ව උද්‍යානයක් ද පිහිටුවා තිබෙනවා.

🌲 ඉතිහාසය

ඊජිප්තුවේ අදින් වසර 4500කට පෙර කළුවර දැව භාවිත කළ බවට සාධක තිබෙනවා. ඉන් පසු රෝම අධිරාජ්‍යය තුළ මේ දැවයට ලොකු ඉල්ලුමක් ඇතිවී තිබෙනවා. එය රෝමයට ගොස් ඇත්තේ අදින් වසර 2000කට පෙර යි. යුරෝපයට කළුවර පැමිණියේ අදින් වසර 400කට පෙර පුනරුද සමයේ. ඉන්දියාව බ්‍රිතාන්‍යයට යටත් වූ පසුව කළුවර ගස් මහා පරිමාණයෙන් කපා නැව්ගත කිරීමට යටත්විජිත පාලකයන් කටයුතු කළා. ලංකාවේ වනාන්තරවල සුලබව තිබූ කළුවර ගසටත් අත්වුණේ එම ඉරණමම යි.

කළුවර ගස ජර්මනියට ගොස් ඇත්තේ 14-15 සියවස්වල දී යි. ඒ, වැනිසිය හරහා තිබෙන වෙළෙඳ මාර්ගය ඔස්සේ යි. එහි සිට නෙදර්ලන්තය හරහා උතුරු මුහුද දක්වාම කළුවර ලීයට ඉල්ලුමක් ඇතිවී තිබෙනවා. එම ඉල්ලුම සපුරා ඇත්තේ ඉන්දියාවේ වනාන්තරවල කළුවර ගස් කැපීමෙන්. කළුවර වෙළෙඳාම එකල ඉන්දියාවට ලොකු ආදායමක් ලබා දී තිබෙනවා.

🌲 ඔසුවක් ලෙස භාවිතය

Science is Fun ☃️

01 Nov, 07:54


පොතු, කොළ, මල්, සහ ගෙඩි ආයුර්වේද ඔසු සඳහා බහුලව භාවිත කරනවා. අඟල් 2ක් පමණ විෂ්කම්භයෙන් යුත් ඵල ගෝලාකාර යි. එම ගෙඩි තුවාල සුව කිරීමට යොදා ගන්නවා. ඉදුණු ගෙඩි පාචනයට සහ අතීසාරය සඳහා ප්‍රතිකාරවලට යොදා ගන්නවා. කැඩුම් බිඳුම් චිකිත්සාවේ දී සහ සන්ධි රෝග චිකිත්සාවේදී ත් මෙහි කොටස් යොදා ගන්නවා. බීජවලින් ලබාගන්නා තෙල් ද ඖෂධ ලෙස යොදා ගන්නවා. පුරාණයේ මසුන් මැරීමට දියපහරවලට යොදන විසක් ලෙසත් කළුවර ගෙඩි භාවිතකර තිබෙනවා.

🌳🌳🌳🌳🌳🌳
උපුටාගැනිමකී..

Science is Fun ☃️

01 Nov, 07:54


මිල අධිකම දැව දෙන කළුවර ගසේ නියම තතු
🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳

Science is Fun ☃️

01 Nov, 04:17


කෙසෙල් ලෙලි විසි කරනවා නේද ? ආයෙත් නම් විසි කරන්න එපා ! මෙහෙම කරන්න.. ❤️

වතුර ලීටර් 1 කට කෙසෙල් ගෙඩි දෙකක ලෙලි ගන්න. කෙසෙල් ලෙලි හීනියට කපන්න. ලීටර් ගණන අනුව තෝරාගත් බෝතලයට දමන්න. 90% ක් ජලය පුරවා මූඩිය වසා හෙවන තැනක තබන්න. දිනපතා සොලවන්න. දිනපතා මූඩිය ඇර නැවත වසන්න. දවස් 5 කට පසු වතුර කහ පැහැති වී තිබේවි. එය පෙරා අරන් වැඩුණු එලවලු පැල සහ මල් පිපෙන්න නියමිත ඕනෑම පැලයකට උදේ 9 ට පෙර ස්ප්‍රේ කරන්න. සතියකට වරක් කරන්න. මෙය ප්‍රබල පොටෑසියම් දියර පොහොරකි. ගහ පිරෙන්න මල් පිපෙනවා. මෙව්වා මේ දොස්තර හොඳහිතගේ ගෙදරම හදා ගමු වර්ගයේ නාථ දෙයියන්ගේ බොරු වට්ටෝරු නොවේ.හරියටම අත්හදා බලපුවා.ප්‍රතිඵල සහතිකයි..ඔයාලත් කරලා බලන්න..

Science is Fun ☃️

29 Oct, 02:46


ගුවන් යානයකට ඉහල අහසේ සිට වැස්ස පෙනෙන ආකාරය...🌧😮

Science is Fun ☃️

26 Oct, 20:13


කනෙයි පැණි, මී පැණි වලටද වඩා ඖෂධීය ගුණයෙන් ඉහල බව සොයාගෙන තිබේ. මේ වන විට කනෙයි පැණි බෝතලයක වෙළඳපල මිල රු.10,000.00 ඉක්මවයි. කනෙයි පැණි වලට ඇති මෙම වෙළඳපල ඉල්ලුමත් නඩත්තුව පහසුවීමත් හේතුවෙන් වාණිජ වශයෙන් කනෙයියාවන් වගා කිරීමට ඉන්දියාව වැනි රටවල් පෙළඹී ඇත. වර්තමානය වන විට මී මැස්සන්ට වැලඳෙන Sackbrood වෛරසය, ඉටි පනු හානිය හා වරොරා මයිටාවා වැනි හේතු නිසා මී පැණි කර්මාන්තය කඩා ⁣වැටීමකට ලක් වී ඇත. එබැවින්  ආදේශකයක් ලෙස කනෙයි මැස්සන් වගාව ශ්‍රී ලංකාව තුල ප්‍රචලිත කිරීමට කාලය එළඹෙමින් පවතී.

Science is Fun ☃️

26 Oct, 20:13


මී පැණි වල ගුණ පරදන කනෙයි පැණි

මී මැසි ගණයට අයත් මැසි වර්ග 05 ක් ලංකාවේ දක්නට ලැබේ. කනෙයි මැස්සා, දඬුවැල් මැස්සා, මී මැස්සා, බඹරා සහ දෙබරා මේ වර්ගයි.

සුළු පැණි ප්‍රමාණයක් නිපදවන කණ මී මැස්සා ද වේ. මී මැසි ගණයට අයත් නොවුවද කණ මී මැස්සාද සුළු පැණි ප්‍රමාණයක් නිපදවන වැදගත් කෘමියෙකි.Trigona iridipennis යන විද්‍යත්මක නාමයෙන් හඳුන්වන ⁣කනෙයි මැස්සා ශරීර ප්‍රමාණයෙන් ඉතා කුඩා වන අතර පැණි ඉතා ස්වල්පයක් නිපදවනු ලබයි. Dammar Bee ලෙස ඉංග්‍රිසි භාෂාවේ හඳුන්වනු ලබන කනෙයි මැස්සා ශ්‍රී ලංකාවේ වෙසෙන බිඟුන් අතරින් කුඩාම හා විත රහිත එකම බිඟුන් විශේෂය ලෙස හැඳින්වෙයි.අනෙකුත් බිඟුන්ට මෙන් විෂ ග්‍රන්ථි හා විත විදීමේ හැකියාව මෙම කනෙයි මැස්සාට නොමැති බැවින් තම ආරක්ෂාව සඳහා සතුරා හපා කෑම පමණක් සිදුකරති. (මෙය මිනිසුන්ට නම් නොදැනෙන තරම් වේ) ආරක්ෂාව සඳහා තම ඇලෙනසුළු ඉටි යොදාගැනීමත් සිදු කරයි. අනෙකුත් බිඟුන්ට වඩා මොවුන්ගේ ඇති තවත් විශේෂත්වයක් නම් අනෙකුත් බිඟුන් ඉහල සිට පහලට වද ඉදි කල ද කනෙයි මැස්සෝ පහල සිට ඉහලට වද ඉදි කිරීම සිදුකරති. පැණි නිපදවීමේලා ආර්ථික වටිනාකමක් නොමැති වුවද බෝග පරාගනයෙහි ලා ඉතා වැදගත් කෘමියෙකු බව අමතක නොකල යුතුය.

Science is Fun ☃️

18 Oct, 11:22


සාදන ක්‍රමය :
_____
1. ඉඟුරු සුදුළූනු හොඳින් වේලා ගන්න.
2. කරපිංචා තෙත හොඳින් සීරෙන්න තියල පිහලා වේලා ගන්න .
3.  මුලින්ම කබලක් ලිප තියල පරිප්පු  පෙරුම් කායම් බැද ගන්න.
4. රන්වන් පාට වෙත්දි ඉඟුරු සුදුළූනු දාලා නැවත බදින්න.ඉන් පස්සෙ වියලි මිරිස් කරල් දමා බැදෙන විට කරපිංචා කොල ටික දමා විනාඩි 4ක් බදින්න.
5. මේ ටික නිවුනයින් පස්සෙ ග්‍රයින්ඩ් කරගන්න.

( උපුටාගැනීමකි)
ලිපියේ මුල් හිමිකරුට ස්තූතියි🙏

Science is Fun ☃️

18 Oct, 11:22


සුප් කැට වෙනුවට ඊටත් වඩා රස ආහාර රස කාරකයක්ගෙදරම හදාගන්න 😻
පුංචි දරුවො ඉන්න ගෙවල් වල නිතර රයිස් කෙටි කෑම වගෙ හදනවනෙ. කවුරු කොහොම කිව්වත් සුප් කැටයකින් එන රසය ඒ ඒ කෑම වලට ආවේනික වෙලා.ඉතිං ඒ උනත් දැන දැන අහිතකර දේවල් දරුවන්ට දෙන්නත් බැහැ.
ළමයි රසට ගොඩක් කැමතියි.
නූඩ්ලස් ,පැස්තා,කොත්තු,රයිස්, චිකන් කරි,තෙම්පරාදු බත් හදත්දි මේ පව්ඩර් එක හැන්දක් ඇති.
සුප් කැට වලට වඩා ප්‍රනීත රසයක් මෙයින් ලැබෙනව.ඉතිං ආයෙත් නම් සුප්කැට වල අවශ්‍යතාවයක් දැනෙන එකක් නැහැ.
අවශ්‍ය ද්‍රව‍ය :
_____
🌱පෙති කපා වේලා ගත් ඉඟුරු g 200
🌱පෙති කපා වේලා ගත් සුදුළූනු g 200
🌱කඩල පරිප්පු මිටක්
🌱වියලි මිරිස් කරල් 4
🌱පෙරුම් කායම් කෑල්ලක් g 50-100
🌱කරපිංචා අවශ්‍ය තරම්
වියලි ඉස්සන් ග්‍රෑම් 100ක් කුඩු කරලා දාන්න

Science is Fun ☃️

15 Oct, 03:17


ගෙදරදිම Macro lense එකක්.

Mobile photography වලදි අපි පුංචි දේවල් capture කරන කොට වෙන ප්‍රශ්නයක් තමයි wide lense එකකින් closeup shots ගන්න focus කරගන්න ටිකක් අමාරු වෙන එක.දැන් නම් දුරකතන වලට macro lense එකකුත් නීෂ්පාදකයා විසින්ම නිර්මාණය කරනවා.නමුත් සමහර පරන ෆෝන් වල මෙ feature ඒක නෑ.ඉතින් අපි ලෙන්ස් එකක් හදාගමු😌.

අපිට ඕන වේන්නෙ පලවෙනි රූපෙ තීයනවා වගේ DVD Rom Drive එකක්.අලුත් ඒවා ගන්න ඒපා.පරන භාවිතයෙන් ඉව්ව්වත් කරපු එකක් හොයාගන්න.සරළ වැඩක් තියෙන්නෙ.පොඩිකාලෙ සෙල්ලම්බඩු කෑලිකරා වගේ මේකත් ගලවන්න😊.ඔයාලට හම්බෙයි එහා මෙහා යන පොඩි ප්ලාස්ටික් කෑල්ලක්.ඒක තමයි reading componant එක.ඒ කෑල්ල අරන් ඒක පරිස්සමීඉන් කෑලි වලට ගලවගන්න මොකද ඒක ඇතුලෙ පුංචි ලෙන්ස් දෙකක් තියනවා.එකක් ටිකක් ලොකුයි අනික පොඩී.දෙකම එකට තියලා පුංචි අන්වීක්ෂයක් පවා හදාගන්න පුලුවන්.අපිට ඕන ලොකු එක විතරයි.පරිස්සමින් ගලවගෙන කෙලින්ම ෆෝන් එකේ ලෙන්ස් එක උඩින් අවස්ශ්‍ය වෙලාවට අමූනගන්න හදාගන්න👊😊.පහල තියෙන්නෙ ඒවගේ ලෙන්ස් එකක් හයි කරලා Huawei Y5 2017 Mobile එකකින් මං ගත්ත ෆොටෝ ටිකක්..(ගොඩක් ලස්සනනම් නෑ.මං මුකුත්ම නොදන්න කාලේ ගත්තෙ🙂)
Copied

Science is Fun ☃️

13 Oct, 12:51


📽️....ක්ෂීර සාගරය කැලඹිණ...🎥

🙂ඔන්න මමත් ඉන්නවා ඔයාලත් බලන්න🙂

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න,ජැක්සන් ඇන්තනි, හේමාල් රණසිංහ, යන විශිෂ්ට යන් සමග
සම්මානනීය චිත්‍රපට නිෂ්පාදක H .D . ප්‍රේමසිරි සිනමා රසිකයන් වෙත ප්‍රදානය කරන ක්ශිර සාගරය කැලබින.
Ksheera Sagaraya Kalabina | ක්ෂීර සාගරය කැලඹිණ, දිවයින පුරා සිනමා ශාලා වල.

A lecherous and merciless emperor will come face-to-face with two rebellions. One the rebellion of his own mind. And two, the rebellion of his people. He vacates his seat of power to find answers, but is brutally beaten and is cared for by a nubile virgin with the deadly plague. Who will pose the greatest threat to the malevolent Emperor? Will it be his arch enemy the rebel leader? Or will it be the disgruntled and dejected countrymen? Will it be his disillusioned new found love interest or be his heart yearning for his favourite concubine? Or will he be destroyed by himself and his ruthless, cold-blooded, unmerciful heart?

Science is Fun ☃️

11 Oct, 19:01


මේ තියෙන්නේ ලොව විශාලතම හා ගැඹුරුම ගිලාබැසීම 😳

මේක තියෙන්නෙ චීනයේ Fengjie හි Xiaozhai Tiankeng වල. එහි නමේ තේරුම "ස්වර්ගයේ ළිඳ" වැනි එකක්. එහි ගැඹුර මීටර් 662 ක්, දිග මීටර් 626 ක් සහ පළල මීටර් 537 ක් වන අතර එය පෘථිවියේ වඩාත්ම ආකර්ෂණීය ස්වාභාවික ආකර්ෂණයන්ගෙන් එකක් විදිහට සැලකේ.

එම කුහර ගුහාවට තුල විවිධ සත්ත්ව හා වෘක්ෂලතා වගේම දර්ශනීය දිය ඇල්ලක් ද ඇති අතර කිලෝමීටර 8.5 ක් දිගක් සහිත භූගත ගංගාවක් ද ඇත

වැහි කාලයට එම ගුහාවේ මුදුනෙන් දිය ඇල්ලක් ද නිර්මානය වේ.



උපුටා ගැනීමකි .
ගෞරවය මුල් හිමිකරුට

3,870

subscribers

144

photos

32

videos