♡ නිසදැස් අරණ ♡

@nisadeshome21


❤️කවිකාර හිත් මවන
🧡යොවුන් හැඟුමන් ගොතන
💛තෙලිතුඩින් නෙත් පිනන
💚සිනහ කැන් පුබුදුවන
💙අහඹු මිතුදම් ගෙනෙන
💜සොඳුරු සිත් නතරවන
🖤රස ගෙනෙන රසවිඳින
💛අරුම පුදුම නැවතුම

💚 ♡ නිදහස් අරණ ♡ 💚

@Suji_TH

♡ නිසදැස් අරණ ♡

23 Oct, 07:27


https://telegra.ph/%E0%B6%AF%E0%B6%9C%E0%B6%9A%E0%B6%BB-%E0%B7%84%E0%B6%AD-09-17

♡ නිසදැස් අරණ ♡

23 Oct, 07:26


ඇද වියලට කොට්ටයක් තිබ්බේ මම..
යසට තිබ්බ ඇද විනාශ කරේ උබ..
පිට ඇතුලට කිදා බැහැපු උබෙ නිය රටා
කවදා මැකෙයිද මේ පපු කෙනිත්තෙන් ..

මතකද උබ හීන් කෙදිරියෙන් හති දාද්දි
මම ඔය ඇස් දිහා බලාගන කීවා...,

"බඩගිනි වෙච්ච කොටියෙක්ගෙන්
කොහේ ගැලවෙන්නද අහිංසක මුව පොව්වෙක්"

..Guru..

♡ නිසදැස් අරණ ♡

23 Oct, 07:18


පෙනෙන   "නො"පෙනෙන

තින්ත නැති පෑනකින්
ලියූ කවියක්
කවුරුනම් දකීවි ද
නිහඬ මිනිසෙකුගෙ
හදේ ගැඹුරක්........🫀👣

♡ නිසදැස් අරණ ♡

22 Oct, 10:12


https://t.me/lilgirlvibez

♡ නිසදැස් අරණ ♡

22 Oct, 01:47


අපිට රිදෙන දේවල් වලට
වැරදි වෙන කවුරුත් නෙවේ..
අපිමයි


රිද්දන්නෙ වෙන කෙනෙක් වුණත්
ඒ කෙනාවත් ජීවිතේට ළං කරගත්තෙ
අපිමයි 💔

රිදෙන බව දැන දැනත්
අත්හරින්නැතුව ළගින් ඉන්නෙත්
අපිමයි 🥀


අපේම තේරීම් වලට
අපිම විදවනව

සරලයි 👌



𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

♡ නිසදැස් අරණ ♡

21 Oct, 14:19


ආදරේ කරන්න මොකටද හේතුවක්..

ආදරේ තියෙන්නෙම හැගීම් දහසක්..

හැගීම් දහසක එකතුවක් = මායාවක්..

මායාවක් කියන්නෙම මිරිගුවක්..

මිරිගුවක් යනු බොරු දෙයක්..


එසේ නම්,


ආදරේ යනු,

විවරණ රහිත යම් දෙයක්
❤️




𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

♡ නිසදැස් අරණ ♡

20 Oct, 15:11


අල්ල ගත්තේ මගේ අත නුඹ
ආදරෙන්මයි පළමුදා
..

ඇවිද යද්දී මාවතේදිත්
අතහැරියෙ නෑ කිසිමදා
..

ටිකින් ටික අත ලිහිල් වන බව
දැනේ මට දැන් වේදනා
..

තවත් හයියෙන් අල්ලගමි මම
නුඹේ අත පෙරටත් වඩා
... 💗



𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

♡ නිසදැස් අරණ ♡

20 Oct, 14:10


හුරු පුරුදු නුඹේ නෙත් හමුවන
හැමදාකම මන්...
නාදුනන සෙයින් අහක බලමි
හැගුම් හිර කරන්...

හීනයේ තවම නුඹ මගෙමයි
ලොවටම රහසින්...
ඉන්නම් ඒ හීනෙටම වෙලා
නුඹෙ සුවඳ ලඟින්...

නොලිවුනාට සුපෙම් ගීත
තවත් අපෙ නමින්...
ලය පුරාම නුඹ පමණයි
දන්නවද ඉතින්...

හිමි වෙන්නම ඕනද ප්‍රේමය
දැනෙන්නට හඳින්...
දුරක ඉඳන් බලා හිදිමි
නුඹෙ මතක තියන්...

Dil🖤

♡ නිසදැස් අරණ ♡

20 Oct, 12:56


කවිය හැඩ වෙන්නෙ
රචකය දුකින් පිරුණමලු...

ඉතින්..

ස්තූතියි..

හදවත හැඩ නොකෙරුවට
කවිය හැඩ වෙන්න
ඔයා දෙන වේදනාවට.. 🙃



𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

♡ නිසදැස් අරණ ♡

20 Oct, 00:49


https://t.me/blum/app?startapp=tribe_blumvnd-ref_mQb2UXVY9d
Hey there! 🌟 Join BlumVND, challenge other tribes, and earn epic rewards! 🎉🔥

♡ නිසදැස් අරණ ♡

20 Oct, 00:47


වැස්ස 🌧🫧


වැස්ස වෙලාවට
අපි කැමතිම,

පොතක් කියවන්න..

ආදරණීයන් එක්ක ඉන්න..

ගුලිවෙලා නිදාගන්න..

කොෆී එකක් බොන්න..

වැස්ස දිහා බලන් ඉන්න..

ඒ සුවද විදගන්න..

ඒ සද්දෙ රසවිදින්න..


ඉතින්..

කව්ද වැස්සට අකමැති ❤️🥹




𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

♡ නිසදැස් අරණ ♡

19 Oct, 14:22


ආදරෙයිනම්,

මැයි මල් ගහක් යටදී
ඔබෙ අත ගන්නම්...
💐


අවසරයිනම්,

රෝස මල් යායකදී
නුඹ සිපගන්නම්..
🌹


එනවානම්,

සුදු දළ මලක් ලගදි
ආදරෙ දෙන්නම්..
🌷


යනවානම්,

අරලිය මල් යහනක් මැද
මා මිය යන්නම්..
  🥀




𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

♡ නිසදැස් අරණ ♡

17 Oct, 08:29


උසාවිය මැද සිරවි සිරවී
නින්ද හොයනා මිනිස්සු
වරදකරු සොය සොයා ඇවිදියි
උන්ගෙ හදවත් පිලිස්සූ...


ප්‍රශ්න අත්වැල් බැදන් වටවුණ
විත්ති කූඩුවෙ පය තියන්
කියයි එක එක නඩුව ගානේ
ඉර ඉරා හදවතේ මස්..

සාක්ෂියකට දෙන්න කිසිවක්
නැතිද ඇහුවම විනිසුරන්
උන් ම උගුලා අතට දුන්නලු
අඬලා ඉදිමුණ ඇස් දෙකක්...

සාක්ෂියකට මේක මදි බව
කියා විසි කර පිලිකුලෙන්
ආයේ හෙටටත් එන්න කියලා
නික්මුණලු නඩු විනිසුරන්....

බාලගිරි අද නොවේ හෙට
හැමදාම කිව්වම විනිසුරන්
විත්තියෙන් බැස ගියාලු උන්
අහුලගෙන විසි කරපු ඇස්....

නීති පොත හැම පිටුව ගානෙම
හෙව්ව මුත් මං විසදුමක්
අනේ නෑ මට තාම ලැබුනේ
ප්‍රේමයෙන් පැරදිච්ච උන්...

Dil🖤

♡ නිසදැස් අරණ ♡

17 Oct, 05:26


A sad moment that I will never forget is when my best friend died of dengue fever. It was a very emotional moment for me. His name is Shalom. A poem I wrote about this.

In Memory of Shalom

In the quiet of the night, your laughter fades,
Echoes of our dreams, in the twilight, cascade.
A friendship forged in joy, now cloaked in sorrow,
Yet in my heart, your spirit lights the morrow.

We danced through the days, with skies so blue,
In every secret shared, I found a part of you.
But fate can be cruel, and time so unkind,
A whisper of illness, and our worlds unaligned.

Dengue’s grip took you, like shadows in the light,
Leaving me to wander through the endless night.
With each fleeting moment, I recall your grace,
The smile that warmed my soul, your bright, gentle face.

The memories linger, like stars in the dark,
Reminding me of laughter, of every joyful spark.
Though the tears may flow and the heart may ache,
In the garden of my heart, your essence will awake.

I’ll carry your spirit, wherever I roam,
For in every heartbeat, I feel you come home.
In every breeze that whispers, in every gentle sigh,
Shalom, my dear friend, our bond will never die.

Written by : Chiran Geethanjana

♡ නිසදැස් අරණ ♡

16 Oct, 14:19


| ❛❛ කාලය යනු යමෙකුට ඔබට දිය හැකි වටිනාම දෙයයි.🤍❜❜

♡ නිසදැස් අරණ ♡

16 Oct, 13:39


ආදරණීය හිත වෙත ලියමි.....❤️‍🩹📝

         අනවසරයෙන්ම ඇස් වලට එබුනු
          මදාරා මලක හැඩ....

         ආයෙ ආයෙ බලා ගන්නට
         පෙරුම් පුරනා නුබ....

         හිර කරන්නට හිතුවෙ නෑ මන්
         මනසෙ සිර කුටියක.....

         ආයෙ ආයෙ කියද්දී නුබ
         ඕනැමයි ඒ මල......

         දෙන්නෙ කොහොමද
         අයිති නෑ බන් ඒ මදාරා මල.......😣❤️‍🩹

♡ නිසදැස් අරණ ♡

15 Oct, 14:42


"තාවකාලික හමුවීම් මැද්දෙ, අමතක නොවන, කරුණාවන්ත මනුස්සයෙක් වෙන්න" 💙🦋

#mattamatti

♡ නිසදැස් අරණ ♡

15 Oct, 14:40


කාලයක් අපිත් එක්ක ජීවිතේ බෙදාගත්ත, ඒත් ආයෙ කවදාවත් මුනගැහෙන් නැති සමහර බැදීම් මතක් වෙද්දි හිතට පොඩි දුකක් එනවා නේද?

ඒත් දන්නවද? හුගක් තැන් වලදි අපිට එයාලා මුනගැහෙනවා ආයෙමත්...රහස් ලෝකෙක!

සමහර සිංදු එක්ක අපි ඒ කාලෙටම යද්දි
සමහර පාරවල් වලදි හිත නැවතෙද්දි
සමහර කෑම වලට මතක රස අලුත් වෙද්දි
සමහර අමුතු වචන අස්සෙ ගොළු වෙද්දි
සමහර සුවද එක්ක හිත කලබල වෙද්දි

ඔව්!

මේ දේවල් අස්සෙ අපිටත් රහසෙ අපිට එයාලව මුනගැහෙනවා.
කව්රුත් දන්නෙ නැති,
ලග නැතුව ලග රැදෙන මායාකාර බැදීම් ඒවා...❤️

Kethi

♡ නිසදැස් අරණ ♡

15 Oct, 13:27


Teenage Lovers 🤍



.......................................


එයාගෙ නම දෙහර ..
දෙහර තේනුග..

අහ්, මන්..
මන් ආත්මි තෙහාරා..

එයාට මාවත් මට එයාවත් අහම්බෙන් හම්බුණ විදිහ කතාවෙන් දැනගන්න පුලුවන් ..

ඒකට කලින් මුළු කතාව පුරාවටම මතක තියාගන්න දෙයක් තියෙනවා ..

" I looked at him as a friend Until I realized I loved him " 🤍


කතාවෙන් හම්බෙමු..

සමාවෙන්න කතාව දෙන්න පරක්කු වෙනවට..

පුළුවන් ඉක්මනින් කතාව පටන් ගන්නම්..




𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡