සිතුවිලි පන්හිඳ™🌼💐 @sithuvili_panhida Channel on Telegram

සිතුවිලි පන්හිඳ🌼💐

@sithuvili_panhida


හෙවනැල්ලත් මඟහැර ගිය අවාරෙක
දුක අහන්න කවුරුත් නැති විරාමෙක
දරා ඉන්න හයියක් නැති සොයාමෙක
බිහි වුනාලු කවියෙක් එක පන්හිඳක

ඉතින්
නුඹ එන්න
ඇවිත්
පබඳින්න
හැකි වේවි නුඹට
දරාගෙන ඉන්න...

❣️ සිතුවිලි පන්හිඳ ᵒᶠᶠⁱᶜⁱᵃˡ ❣️

නිර්මාණ එවීම @P_ANHiDA_bot

සිතුවිලි පන්හිඳ™🌼💐 (Sinhala)

සිතුවිලි පන්හිඳ™🌼💐 නමින් වෙනස් සහෝදරයන් හා පරිගණක විඩියෝ හෝ පාසයනිෂ්ටාවෙන් යුගයෙන් උදෙසා කියයි. මෙවැනි පන්හිඳවලින් තවත් පිළිබඳව එය කරන සහ සහය පහතින් සඳහන් සඳහන් වේ. මෙවලි මෙතින් නිර්මාණ එකතු වෙලා. එය සිතුවිලි පන්හිඳේ ඉසිරි පිස් හා ජීවිත පින් වීම සඳහා සහය හිතක් තැපැලි කිරීම දෙක සහයලා කරයි. එහි එක් අන්තර්ගත කාලය තැන ඇති ළමයැවී පලතුරුගේ අවුශ වල ඉල්ලගත වන අතර දුක අහින්නට කොට ඇති විරාමෙ සඳහා ලේසිත වො ලක්ශයි. එය පබඳින්නවේ ඉතින් එකම පෙට් සමානය ලබා ගත්වේ. කවුරුත් නැත විරාමෙ ක නුඹ එන් සුව් එන් පබඳින්නවේත් පිඩත් ද පබඳින්නවේ ව්වි නුඹ ට දරාගෙි නැති මට ඇති ශූරින් වේවි ඇය පබඳින්නවේ. සිතුවිලි පන්හිඳ ൒හො ൒හො ൒හො හොො හො මේ ෆඋ ඩෙවෙකීට් එක කටුනා පරාඛයි.

සිතුවිලි පන්හිඳ🌼💐

24 Nov, 06:27


එයත් මට ආදරේයි ..
    මාත් එයාට ආදරේයි...


හැබයි අපි කවුරුත් එක කියාගන් නැ...මොකද මට බයයි ලගින් ඉන්න ඔයා ආදරෙ කරන්න ගිහින් දවසක නැති වෙයි කියලා..




මෙ හිතෙ හැමදාමත් ඔයා වෙනුවෙන් ආදරෙ උතුරන්න තියෙනවා🙂❤️


         Llê_Hêår†❤️

සිතුවිලි පන්හිඳ🌼💐

23 Nov, 18:20


අස්ථාවර හැගීම්
අන්තරාවක පටලවයි
සමහර ලොජික්
ප්‍රේමයෙදි අකැපයි

ԋιɾυ ɾαɳαʂιɳɠԋҽ
🫀 + 🧠

සිතුවිලි පන්හිඳ🌼💐

22 Nov, 13:18


ආදරේ කරන්න සැක නැති හිතකට !❤️‍🩹

ආදරේ කරන්න ආදරේට ආදරේ කරන්නෙකුට !💐

ආදරේ කරන්න ආදරණීය ඉවසන්නෙකුට !🙇🏽‍♂️

ආදරේ කරන්න ඔයා නිවෙනකන් නොනිමෙන්නෙකුට !🌸🩵

සමහර විට ආදරේ කරන්න හේතු ඕනමද !? 🤍

ආදරේ කරන්න දරාගන්න පුලුවන් විදියට ! 🙌🏻🗣️

ඉතිං ආදරේ කියන්නෙම අතිශයෝක්ති රහිත කතාවක් !🤍🫀


L I V I Z Z 🪸

The Sensitive Writer ! 🌻🫀

සිතුවිලි පන්හිඳ🌼💐

22 Nov, 09:01


අද දවසම හරිම අදුරුයි ,ඒත් එහෙමත් හරි ලස්සනක් තියෙනවා ,
හැබැයි දවස නිමා වෙන්නත් කලින්ම "අපෝ අද නම් හරි මූසලයි" . අහස අදුරු වුනත් ගහකොළ වෙනස් වෙලා නෑනේ
එකපාර හෙනයක් ගැහුවා වගෙ එහෙම කියන්න තරම් එ හිත් කොච්චර මූසල ද කියල තෙරුම් ගන්න ඔනි
නිකරුනෙ දවසේ වැරැද්දක් කියල සැහැල්ලුවෙන් ඉන්න හිත් වුනත් විනාශ කරන
අය වගේ නැතුව තමන් දෙයක හොදක් දකිනකම් දවස හැමදාම සුබයි...

- Madhu -

සිතුවිලි පන්හිඳ🌼💐

22 Nov, 03:28


දීත් 🤍

දීත් කියන්නෙ හරි අහිංසක කොල්ලෙක් පුතේ! අන්න සමාන්‍ය පෙල විභාගය හොඳටම පාස් වෙලාලු ,

දීත් කියන්නෙ මොන වගේ කෙනෙක් ද කියලා ත් නොදැක හිතවත් කෙනෙක් ගෙ වරුණාවක් නිසා මන් ඒ චරිතෙ ට ආස කරා , එදා ඉඳන් මම බුදුන් වඳින හැම වෙලාවක මම එක ප්‍රාර්ථනාවක් ඒ නමට වෙන් උණා .....

හරි ම පුදුමයි ! නොදැක්ක , නාඳුනන මනුස්සයෙක් වෙනුවෙන් ඒ තරම් සෙනෙහසක් මට මන් ගැනම පුදුමත් හිතුණා .....

කාලෙ ගෙවිලා ගිහිං අහම්බයෙන් අපේ ඇස් එකිනෙක මුණ ගැහෙන දවසක් උදා උණා .....

ඒ මන් එයා ගැන දැනගෙන අවුරුදු තුනක් විතර ගත උනාට පස්සෙ .... ඒ වෙද්දි එයා උසස් පෙල කඩයිමත් හොඳටම සමත් වෙලා ...

එයා ව දැක්ක ගමන් මොකක්දෝ හැඟීමක මගෙ හිත අතරමං උණා.....

ඔව් ඔව් මන් එයාට ආදරේ කරන්න පටන් අරගෙන ඒත් කොහොම ද එහෙම උණේ ! මන් එයාව දන්නෙත් නෑ හරියට .... හැබැයි මගෙ හිතට එයා ගැන විශ්වාසයක් තිබුණා....

මගෙ ඒකපාර්ශික පෙම මම තනියම පවත්ව ගත්තා .... ඉඟියකින්වත් පිටට නොපෙන්වන්නට මන් පරිස්සම් උණා.....

ජීවිතේ හරි පුදුමයි .. ඔව් එයා මට ආදරෙයි කිව්වා ... හැමෝටම හංගන්න හිතපු මගේ ඒකපාර්ශ්වික පෙම මටම හිමි උනා....

සතුටු කාර්තුවකට පස්සෙ එක කුණාටු හැන්දෑවක දීත් මාව දාලා යන බව කිව්වා , අපේ හුඟක් නොගැලපීම් තියෙන බවත් , .... අපේ ආදර කතාව අවසාන බවත් එයා මට කිව්වා....

බලෙන් ලඟ තියාගන්න බෑ යන කෙනෙක් කොහොමටත් ..... මන් එයාට සමු දුන්නා .... හැබැයි මගේ හිතින් මන් එයාව ම හෙව්වා .....

"අපි තරහාකාරයො නෙවෙයිනෙ සුදූ , මන් එක්ක කතා නොකර ඉන්න එපා "

අන්තිම තප්පරෙත් දීත් මට එහෙම කිව්වා .........

දින දුසිමක් යන්නත් කලියෙන් එයා එයාට ගැලපෙනම කෙනා ගෙ රුවක් මුහුණු පොතෙහි පල කරලා තිබුණා ..... ඒ දෙන්නා හරි ලස්සනට ඒ ආදර කතාව නඩත්තු කරනවා මන් මගේ ඇස් දෙකෙන් ම දැක්කා.....

මට නොතේරුණත් මගෙත් අඩුපාඩු දැනෙන්න ඇති එයාට,අවසානේ එයා එයාගෙ සතුට හොයාගත්තා ..... මට හදවත පිරෙන තරමට සතුටක් දැනෙනවා......

අදටත් මන් බුදුන් වදිද්දී දීත් වෙනුවෙන් මලක් වෙන් කරනවා , හැබැයි ඉස්සරට වඩා ඒ ප්‍රාර්ථනාව දැන් වෙනස් , මන් දැන් ජීවිත දෙකකටම සතුට , සැනසීම පතනවා......

ඉතිං මට අහිමි සඳ , පේන මානෙ ඉඳන් මටත් ටිකක් එළිය බෙදන්න , හිමිකමක් එපා මට පුලුවනි දුරින් රැඳිලා බලාන ඉන්න ☁️🤍

- සහශ්‍රි 🤍
( කතෘ අයිතිය සුරකින්න 🥺)

සිතුවිලි පන්හිඳ🌼💐

22 Nov, 03:27


අද දවසට මන් මතක තියා ගන්න ඕනෙ දෙයක් තියනවා ...
අම්මයි අප්පච්චියි එන්න එන්නම වයසට යනවා ... එයාලට දැන් හැම වැඩේම කරන්න දීල බෑ ... මොකද මං දැන් ලොකුයි ...
තනියම සටන් කරන්න ...තනියම ආරක්ෂා වෙන්න, ඉගෙන ගන්න ඕනේ ... ඇත්තටම මං සමාජයෙන් ප්‍රතික්ෂේප වුණ කෙනෙක් ...ඒ කියන්නේ මං සමාජ ඇසුරට කොහෙත්ම කැමති කෙනෙක් නෙමෙයි... තනියම ඉන්න තමයි මම ගොඩක් කැමති .... මගේ පවුලත් එක්ක මං කැමති මගේ කාලය ගත කරන්න... මගේ අනන්‍යතාවය එළි දක්වන්න නම් මං කැමති නැහැ ... හැබැයි මං විවෘතව කතා කරනවා ... ඒ අම්මයි අප්පච්චි මට උගන්නපු හැටි ...ජීවිතය කියන්නේ මහා පුදුමාකාර දෙයක් ... මං දන්නෙත් නෑ මං කොහොමද මේ ලෝකෙට ආවෙ කියලා ... උත්පත්තියක් තමයි ... එත් පුංචි මස්ගුලියකට ඒ ඇතුළු වෙච්ච ශක්තිය ... මට ඒක තාමත් හිතාගන්න බෑ ... හරිම පුදුමයි ජීවය ...ඒක ස්වභාවධර්මයේ නිර්මාණයක් කියන්නත් බෑ ඇත්තටම...මොකද ස්වභාව ධර්මය කියන්නේ ත් විශ්වයේම නිර්මාණයක් ... ලස්සන මිනිස්සු , සුදු මිනිස්සු , කළු මිනිස්සු , මිටි මිනිස්සු , උස මිනිස්සු ,විවිධාකාර මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙනවා ... අපි හැමෝම එකයි ...අද මම දැක්කා ජීවිතයේ වරද්ද ගත්තු කෙනෙක් ... කොටින්ම කිව්වොත් එයාට සිහියක්වත් නෑ ... තරුණ කාලේ කොච්චර ජව සම්පන්නව ඉන්නැද්ද ? තාම ඔහු ජීවත් වෙනවා ඒ කාලයේ ... අඩුම තරමේ ඔහුට මතකයක් වත් නෑ ඔහු වයසට ගිහින් කියලා ... ඒත් එයා දැන් සමාජයට විහිළුවක් විතරයි ..අපි හැමෝම කවද හරි වයසට යනවා ... කොච්චර ලස්සන වුණත් කොච්චර කැත උනත් අපි හැමෝම වැටෙන්නේ එකම තැනට ... දවසක් එනවා අපිට අපේ වැඩ කරගන්න බැරි ... අඩුම තරමේ වැසිකිලි යන්නවත් බැරි තරමට අපි අපහසුතාවයට පත්වෙනවා ... ඉතින් ඇයි මෙහෙම වෙන්න ඕනේ කියලා අපි හොයන්න ඕනේ නැද්ද ... ඇයි සෛලයක් වයසට යන්නේ ... සෛලය කියන්නේද මහ පුදුමාකාර දෙයක් ... ස්වභාවධර්මයේ මැවීමක් ... මනුෂ්‍යත්වය වෙනුවෙන් මනුෂ්‍යයා මනුෂ්‍යයාට උදව් කරනවා ... අපි තේරුම් ගන්න නැති එක දෙයක් තමා අපිට මේ ජීවිතේ කවද හරි හැමදේම අතඇරලා යන්න තියෙනවා කියන එක ... ඒත් අපි මේ හැමදේම අල්ලගෙන දඟලනවා ... ජීවත් වෙන කාල සතුටින් ජීවත් වෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ. ඒ වෙනුවෙන් අපි අපේ ජීවිතයෙන් බාගයක්ම වැය කරනවා ... අපිට කවදාවත් සදාකාලික සතුටක් ලැබෙන්නේ නැහැ ... ඒ නිසාම විද්‍යාව , ආගම අස්සේ මිනිස්සු හිරවෙලා ... නිදහස්ව හිතන්න බැහැ ...මොකද ඔවුන්ගේ නිදහස් මානසිකත්වය අවුරලා ...ඇත්තටම අපි කිසි දෙයක් දන්නේ නැහැ ..... අඩුම ජීවත් වෙන්නේ කොහොමද කියලවත් ...🙂

-AB-

සිතුවිලි පන්හිඳ🌼💐

22 Nov, 00:31


ඇසින් දුටු ලෝකයාගේ හඳ
.
.
තරු අතර නිදි වදින
සියුම් හැගුම් පුබුදුවන
කඩුපුලට පණ දුන්න
රාත්‍රියම සරසවන
ඔහු නමින්
හඳ විය

නමුත්
හදවතින් දුටු මගේ හඳ
.
.
ඉර නමින් උසාවි කූඩුවේ
දැවි දැවී පිච්චෙන
නිර්දෝෂී විත්තිකාරයෙකි
රාත්‍රී අදුර මැද සැගවෙන
ඔහු නමින්
හඳම විය

ԋιɾυ ɾαɳαʂιɳɠԋҽ
🌔🖤🌼

සිතුවිලි පන්හිඳ🌼💐

21 Nov, 10:45


-විවර වූ කළු කුටීර
• අස්සෙන් මොනවදෝ එළියක්...

-ඇයි ඒක ඒ රතු පාට
• අහ් ඒක,
ඒ දැවෙන හිතක්...

-ඉතින් මේ තරම් ලොකු එළියක්
• ඔව් ඉතින්
ඒ දැවෙන්නේ ලොකු ගින්දරක්...

-මොකද එච්චර වේදනාවක්
• මම නම් දන්නේ නැහැ ඒ ගැන...

-රිදෙනව ඇති නේද හොදටම
• අනේ මන්දා ,ඔව් සමහර විට
ගොඩාක් රිදෙනවා ඇති...

-ඇයී හැගීමක් නැද්ද ඔයාට ඒ ගැන
• මට දැනෙන්නේ නැහැ...

-මොන පුදුමයක්ද ඒ
• හූම්ම්ම්...

-ඔයා ඇයි මෙහෙම කියන්නේ
• ඉතින් එ දැවෙන්නේ
මගේ හදවත....

📚Breath of nature's heart🍃🌸
@Nimveenu545_bot

:|🌷(🐯@U.Nimthara)🕊

සිතුවිලි පන්හිඳ🌼💐

21 Nov, 03:06


" ඔය ගැඹුරු ඇස් දිහා බලන් ආදරෙයි කියලා
ඔය ඇස් අස්සෙම අතරමං වෙන්න ...
ඔයා වචන මුමුණද්දි ඔය මූන දිහා බලාගෙනම
ඒ වචන එකින් එක අහගෙන ඉන්න ...
ඔය අතක ඇගිලි පටලවගෙන මහන්සි දැනෙනකන්
ඔයා එක්ක ඇවිදින්න ...
ඔයාගෙ පපුවට තුරුලු වෙලා
ඔය උණුසුම විදින්න ...
ඔය රෝස තොල් වලින් එක හාදුවක්
පරිස්සමට ඉල්ලගන්න ..."


එකදු ස්පර්ශයක්වත් ලබන්න බැරි තරම් ඈතින් ඉන්න මම , දවසක ඇත්තක් වෙයි කියලා බලාපොරොත්තුවෙන් මවපු හීන අතරින් මන් ආසම දේවල් ඒ
!

~h...🌸

සිතුවිලි පන්හිඳ🌼💐

20 Nov, 14:37


🥀🌿





" කවුද කියන්නේ
මැරුණම කනත්තට යන්නේ
කර පිටින් කියලා ? "


" මං දැක්කා පෝරුවෙන් බැහැලත්
මළ කඳක් අවසන් ගමන් යනවා ..."


" මාල හතෙන් දිවි නසාගෙන
පණ තියෙන හිතක් මැරෙනවා..."


" ඒ විතරක් නෙවෙයි ,
ඒක මෙහෙමත් වෙනවා..."


" සමහර මළ මිනී
නිළමේ ඇදුමත් අදිනවා...! "






Asha 🌿🥀

සිතුවිලි පන්හිඳ🌼💐

20 Nov, 11:33


හදට තරුවට ඉරට අහසට
පණ දුන්නු එක කවියෙක්
පණ පිටින් හිරවුණාලු
එක පුංචි ඇස් දෙකක
සදහටම

Hιɾυ ɾαɳαʂιɳɠԋҽ
🥺❤️‍🩹

සිතුවිලි පන්හිඳ🌼💐

20 Nov, 04:41


සිතුවිලි ගොන්නක් හිර කරන්
කෙනෙක් නැත මා අසා ඉන්නට
බලා නොහිදම කෙනෙකු එනතෙක්
වදන් කර පොත් පිටු පුරන්නම්...

- Madhu -

8,396

subscribers

1,616

photos

44

videos