The LIFE_Official™ @kathalokaya_thellife Channel on Telegram

The LIFE_Official

@kathalokaya_thellife


නිසදැස්,චිත්‍ර ඇතුළු ජීවිතයට වටිනා තවත් බොහෝ නිර්මාණ වලට වෙන් කළ කතාලෝකය අපගේ The LIFE✓ චැනලය

𝐓𝐡𝐞 𝐌𝐚𝐢𝐧 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 » t.me/kathalokaya 💕

නිසදැසෙන් » හදවත් කොනට ❤️🔥🔜

• • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰

info- t.me/kathalokaya_thellife/38

The LIFE_Official™ (Sinhala)

නිසදැස්,චිත්‍‍ ඇතුළු ජීවිතයට වටිනා තවත් බොහෝ නිර්මාණ වලට වෙන් කළ කතාලෝකය අපගේ The LIFE✓ ™ චැනලයnnThe LIFE_Official™ චැනලේ ම හිතවැදි චිත්‍‍ ඇතුළු ජීවිතයේ නිසදැස් හමුවේ කතාලෝක ගණය සහ ජීවිතකාම සමාබෝග කෙරෙන අතර දිර්ග තොරතුරක් විස්සකින් ලබා දීමට සහ පුළුවන් ගෞරවාන් වේදිතාවට හා සාගර විචතුම් වෙළක්වන මූලාශ්‍රයන් සහිතය

සහතික සිදුවීමට » හදවත් කොනට ❤️🔥🔜nn• • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 චැනල 🇱🇰 nninfo- t.me/kathalokaya_thellife/38

The LIFE_Official

09 Jan, 14:58


@kathalokaya 💕

The LIFE_Official

05 Jan, 13:32


✈️Telegram එකෙන් හැම අවුරුද්දේම එක පාරක් දෙන මේ  Offer⚡️ එක තාම Activate😈 කර ගත්තේ නැද්ද?

👀මේක දෙන්නේ පළවෙනි 200 දෙනාට විතරයි 🎁

😑ආයේ මෙහෙම Chance 👻එකක් එන්නේ ලබන අවුරුද්දේ

💙ඒ නිසා තවත් බලා බලා ඉන්නේ නැතුව දැන්ම මේක

            
Activate කර ගන්න

Help And Support : @Avoxx2

The LIFE_Official

03 Jan, 20:16


කාරි නෑ සඳ මගෙ ලොව එළිය නොවුනට..
කියල කිව්වට ඔයා මට..
හැමදාම දැණුණේ මට
ඒක බොරුවක් වග.
ආදරේ කලා ඔයා මට
මං ඔයාට ආදරේ තරමටම..
ලං වෙයිද නැති වෙයිද දන්නෙ නැති හෙටට
බයේ ඇයි මේ වෙන් වෙන්නෙ අදම?
ටික කාලයයි අපි හමුවෙලා තවම..
මේ තරම් ඉක්මනින් යන්න නම් ඇයි සඳ
එළිය කරේ මගේ හිත් අහසම?

ආසයි මට කියන්නට
ඔය හිස පපුවට තුරුළු කරගෙන,
යන්න එපා සඳ ඔයා මගෙ පණ..
නවතින්න වගේ මගෙ හුස්ම..
එන්න මං එක්ක,
අපේ හීන හොයාගෙන..
හයිය දෙන්නම් මම ජීවිතේ පුරාවට,
බැරි වෙන්නෙ නෑ අපට
විශ්වාස කරමු අපි අපිව..

තවත් යන්නම ඕනිමනම් හදිසියෙන්ම
අපි දෙතැනක විඳවන බව දැන දැනම...
නොකියන හේතු අසන්නට
තවත් නැහැ හිතක් මට..
කරදරයක් වග දැන දැනම
අල්ලන් ඉන්න බෑ මට තව..
සැනසීම වෙනතක නම් ඔයා හොයන,
ඉතින් යන්න මගේ පණ
මගේ හුස්මත් අරගෙනම..

දන්නවා නේද අමාවකටත්
නොපෙනුනත් සඳ අහසේම ඉන්න වග?
ඉතින් ඉන්නම් මම,
අපේ මතක තුරැළු කරගෙන..
සංසාරෙ කවදා හෝ
ඔයාම මාව හොයාගෙන එන තුරුම..


🌬...Mishty...🌑


@kathalokaya 💕

The LIFE_Official

19 Dec, 13:32


⚠️‼️🔤🔤🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤🔤‼️😀

ඉතින් ඔයත් තාම Telegram වෙතින් දෙන 12 Months ⭐️Premium Giveaway🎁 එකට සම්බන්ධ වුණේ නැද්ද 👀

එහෙනම් තවත් බල බල ඉන්න එපා 😎

දැන්ම ඔය යට තියෙන Button එක ඔබලා ⭐️Premium Giveaway එකට සම්බන්ධ වෙන්න👑

ඉක්මන් කරන්න.. තව පැය 4 link එක expire වෙනවා...😀

🔥මුල් 100 දෙනාට විතරයි හොදේ.🔥

The LIFE_Official

15 Dec, 13:32


⚠️හැමෝම අවධානය දෙන්න  , පොඩ්ඩක් මේ Post එක කියවලා යන්න

😀ඔයාලා හැමෝම පහළ button එක ඔබලා මේ free package එක දැන්ම Claim කරගන්න පස්සෙ පසුතැවෙන්න එපා 🥲

ඔයාලා කෑමතිම 🔞 චිත්‍රපට & කාටුන් ,📶 නොමිලේ Data ,📖කෙටිකතා , 😔Status, 🎧සින්දු , 🏏Cricket,Education

ආදි නොයෙක් දේවල් ලබාගන්න දැන්ම Free Package එක Activate කර ගන්න
✔️😎


⚠️ මේ link එක public තියෙන්නේ පැය කිහිපයයි , ඒ නිසා ඉක්මන් කරන්න ‼️

The LIFE_Official

13 Dec, 02:49


ඇත්තටම ආදරෙ හරි සුන්දරයි..

විදවීමක් නොමැතිව ..

තේරුම් ගැනීමක් පමණක් ම තිබෙන තැන්වල🙂...


𝚃𝙺 ත_ᴿᵁ_වා_"ᴴ ✍🏻 wᵣᵢₜₑᵣ.🖤

@kathalokaya 💕

The LIFE_Official

07 Dec, 05:02


එළදෙන

පිං ගොනාටත් වැඩ ගොඩ🫠
ගොන් හිතත් හයිය නැති කොට🤦‍♂️
අන් දිගැති එළදෙන....😅
සිද්දියවත් දන්නැතුව,
අනින්නෙ පතුලටම😓
අනේ ගොන් එළ හරකියේ......
හදිසි තීරණ ගෙන දෙයි වැරදි තීරණ....
ගොනත් ඇති වෙන්න හදිසි තීරණ ගත්ත මේ ළග වෙනකල්ම....
බලපිය මගෙ dp එක...
මාවත් ගොනා කියල මරන්නද😪...
කතා නැත්තම් පණිමි ළිදට🥲

Naruto

@kathalokaya 💕

The LIFE_Official

07 Dec, 04:55


දැනුනු බැදීමකදී;
අවසානයක් නැති දිගු රාත්‍රීන් නුඹව අසරණ කරනු ඇත.....
කෙළවරක් නැති මතක නුඹට නුඹවම අමතක කරනු ඇත......
බැදීම් රැකගැනීමට ඇති ආත්මාර්ථය නුඹව හඩවනු ඇත......
ඉන්න කියන්නටවත් හයියක් නැතුව හැර යාමට ඉඩ දියයුතු වනු ඇත...
යථාර්ථයට පසු හෙලා නුඹ නුඹටම දුක් දෙනු ඇත...

@kathalokaya 💕

The LIFE_Official

05 Dec, 18:16


අසංවර හදවත,
නුඹ අදි ප්‍රේමණීය බවත්,
අදි සංවේදී බවත්
මා හොදින්ම දනිමි,
තවටත් තමාගේ නොවන බැදීම් හමුවේ දුර්වල නොවී,
තාවකාලික ජීවිතේ සදාකාලික බැදීම් සොයා නොයන්න....
සිනහවෙන්න....
රූරා වැටෙන කදුළක් පාසා වේදනාව ගලා යද්දි,
මිනිස්සු හිත හදාගන්න පුරුදු වුනා....
අවසාන කවි පදෙත් මෙහෙම ලියල ඉවර වුනා....

#sasuke

@kathalokaya 💕

The LIFE_Official

05 Dec, 18:15


ජීවීතේ කියන්නෙ විදවීමක්ද විදීමක්ද 🤔💔🫀




මාස නවයක් බඩේ තියන් හරි පරිස්සමෙන් අම්මා මේ ලෝකෙට ලොකුම වේදනාවක් විදලා බිහිකරපු ඔයා දන්නවද අද මන් ඔයාගෙන් අහන්නෙ ජීවිතේ කියන්නෙ මොකක්ද ඇත්තටම ?

ම්ම් ඔයා දන්නවද හරි පරිස්සමෙන් ඔයාගෙ ඔය ලස්සන හදවතට ලස්සන සුන්දර හොද ගතිගුණ පුරෝලා ඔයාගෙ අම්මයි අප්පච්චි ඔයාව උස් මහත් කරේ AC කාමර ඇතුළෙ සැප පහසු කුෂන් පුටුවල ඉදගෙන මාසෙ අන්තිමට ලක්ෂ ගණන් පඩි අරගෙනද🤔

95%ක් නෑ කියයි සමහර විට 5% ඔව් කියයි


නැත්තම් අව්ව වැස්ස බලන් නැතුව එදිනෙදා වේල ගැට ගහගන්න පොරබැදලද.

ඒ කොහොම උනත් ඔයා දන්නවද ඔයාගෙ අම්මයි තාත්තයි හරි පරිස්සමෙන් ඔයාව උස් මහත් කරා...

දන්නවද බඩගින්න කියන වේදනාව දන්නෙ ඒ දුක වේදනාව විදපු අයමයි.

මං හිතන්නෙ ඔයත් එහෙම කෙනෙක්නම්
මේක තමයි ජීවිතේ එක වේලක් කාල වේල් දෙකක් නොකා වතුර ටිකක් අපේ බශාවෙන්ම කියනවනම් කහට උගුරක් බීලා බඩකට පුරෝගම්න කීදෙනෙක්නම් ඇත්ද...


ඒ අතරෙ අම්ම අප්පච්චි ගෙ සල්ලි හිතුමනාපෙ වියදම් කර කර යාලුවො එක්ක රවුම් ගහන කී දෙනෙක්නම් ඇත්ද..

ඇත්තටම දෙමව්පියන්ගෙ සල්ලි නාස්ති කරන දරුවො අතරෙ හැමදෙම දරාගෙන තියෙන දේවලින් සතුටුවෙන ඔයා ඔයා ගැනම ආඩම්බර වෙන්න...

කාලයක් යනකොට කොල්ලො කෙල්ලො ආදරෙන් බැදෙද්දි සමහර හැගීම් ආදරෙ අතරෙ පටලන් කාමයට ඉඩදීල තමන්ගෙ පතිවත පවා බිල්ලට තියල මුලු ජිවිතෙම විදවනවවට වඩා..

ආදරයයි රාගයයි දෙක පටලවගන්නතුව ආදරෙ කරන කෙනෙක්නම් ඔයා..

දන්නවද මගෙ ලස්සන ළමයො මන් මේ කතා කරන්නෙ ඔයාට ඔය ලස්සන හදවතට...

ඉතිං මගෙ සංවේදි ළමයො ඔයාට මේ වෙලාවෙ ලොකුම ලොකු වේදනාවක් දුකක් හිතෙ හංගන් ඇති
ඒත් ජීවිතෙ ඔයාගෙ හීන වෙනුවෙන් ඔයා ජීවත්වෙන්න.

දන්නවද ආදරෙ කියන්නෙ හරි අමුතුම හැගීමක් ..


ආදරේට නිර්වචන කොච්චර තිබුනත් ඒ ආදරෙ කියන අකුරු හතර පාට කරන්න පුලුවන් ආදරෙ වෙනුවෙන්ම උපන් ආදරණීය හදවත්වලටම විතරයි😻💫😚

මං ලස්සන දෙයක් කියන්නද

ඔයාගෙ ජීවිතෙ නියම ඉරණම් කරුවා එන්නෙ ඉස්සෙල්ලම නෙවේ...
ඔයා වේදනාවල් විදල විදලා පීඩාවට පත්වෙලා ඔය හදවත ගලක් උන දවසට.....

ඉතිං ආදරෙ සමහර තැන්වල හිමීවීමක් අහිමිවීමක් වෙන්න පුලුවන් ..

ඒත් අපෙ ජිවිතවලට එන හැම කෙනාම සදාකාලික නැවතුම්පලවල් නොවෙද්දි...
ජීව්තෙ සමහර මුණගැහීම් මුනගැහිම් විතරක්ම වෙනකොට හිමිවීමක් නොවී හදවත රිදවද්දි අමාරුම උනත් ඔයා ඔයා වෙනුවෙන් ඔයාගෙ හීන වෙනුවෙන් පිස්සෙක් වගෙ දුවන්න💫😘.


ඉතිං මගෙ ලස්සන ළමයො මන් අද ඔයාට මේක ලිව්වෙ😚 ඔයාගෙ ඔය වේදනාවෙන් මිරිකෙන හදවතට පුංචි බෙහෙතක් අරන් එන්න ..
ඉතිං ඒ පුංචි බෙහෙතින් ඔයාගෙ හදවත හීනිවට හරි සුවපත් උනානම් අනිවාරෙන් වචනයක් කියන් යන්න මං බලන් ඉන්නම්😘😚💫

ඔයාගෙ ජීවිතෙ දිනන්න හයියක් වෙන්නම්..



ඒ දුඹුරු ඇස් හාදයාට හිමි හදවතක් 🤎


හදවතත් හැඩ වූ හදවතක ඉකිබිදුම🙂🖤🫀"


𝚃𝙺 ත_ᴿᵁ_වා_"ᴴ ✍🏻 wᵣᵢₜₑᵣ.🖤


@Adya65




😘😚බුදුසරණයි පරිස්සමෙන් 💫😚

@kathalokaya 💕

The LIFE_Official

05 Dec, 18:14


පුළුවන්ද ඇහුවොත් පණපිටින් මැරෙන්න;
හිතවත,
හදවත පතුළටම ළං ව හැරයන්න,
බැදීමකට හැකියි මිනිහෙක්ව පණ පිටින් මරන්න;
අවැසිනම් ජීවත් වෙන්න,
වෙනව හදවත මරන්න...
පුළුවන්ද ඇහුවොත් හැම වෙනසක්ම දරන්න;
හිතවත,
ගලක්ද මේ හිත නොරිදෙන්න...
#sasuke

@kathalokaya 💕

The LIFE_Official

02 Dec, 14:03


ඇරඹුමම කඳුලක් වූ මගේ කතාවේ
සතුටින් අද තිත එක් කර මේ ලෙසේ
අනාගතයට සුබපතන් නුඹට පෙරසේ
ඉතින් නික්මෙන්නම් අපි
යලිත් හමුනොවනසේ......


🥀
🫴



#samoo


@kathalokaya 💕

The LIFE_Official

02 Dec, 14:02


දන්නවද මගෙ ලස්සන ළමයෝ...

ජීවිතේ වර්තමානෙ දුෂ්කර වෙන තාක්...

අනාගතය සුන්දර කරගන්න ඔයාට පුලුවන් වෙනවා..

ඒ ඇයි දන්නවද ඔයාගෙ ඔය පුංචි හදවත....

ගොඩක් දේවල් නිසා තැලිලා තුවාල වෙලා තියෙනකොටත්...

ඔය ඔයාගෙ හීන වෙනුවෙන් කට්ටක් කනවනම්...

අනාගතෙ කියන්නෙ හරි අපූරු සුන්දර නවාතැන්පලක් 💫.....


ඒ දුඹුරු ඇස් හාදයාට හිමි හදවතක්🤎


" හදවතත් හැඩ වූ හදවතක ඉකිබිදුම🙂🖤🫀"



𝚃𝙺 ත_ᴿᵁ_වා_"ᴴ ✍🏻 wᵣᵢₜₑᵣ.🖤



2024.11.29

@kathalokaya 💕

The LIFE_Official

28 Nov, 14:00


ගන්න හුස්ම පොදටත් පෑගෙන වැලි කුඩටත් අගයක් තියෙන එකේ......
ළගින් වෙන තාක් නොසලකාහරිනවුන්
ඈත් වුන දාටවත් අගයක් දකීවිද.....
අද හරියයි හෙට හරියයි කියල හිතන්  අගයක් නැති තැන් වල ජීවිතේ හොයන් යන්න එපා...
ඔයාට ඔයාවම අත හැරෙයි
මිනිස්සු වෙනස් වෙන්නෑ ඒකයි ඇත්ත.....
අල්ලගන්න ගානට හිත රිද්දද්දි අහසටත් හැඩුනලු.....

@kathalokaya 💕

The LIFE_Official

21 Nov, 10:52


ආදරේ කියලා මට ලැබුනේ මම හොයපු ආදරේ නෙමෙයි
හැබැයි
ඒ ලැබුන ආදරේ මම හොයපු ආදරේ කියලා මගේ හිත මම රවට්ට ගත්තා...

යාලුවෝ කියලා මට ලැබුනේ මම හොයපු යාලුවො නෙමෙයි
හැබැයි
හම්බුන යාලුවෝ මම හොයපු යාලුවෝ කියලා මගේ හිත මම රවට්ට ගත්තා...

ඒක කරන්න හිතන් හිටපු දෙයක් නෙමෙයි
හැබැයි
කරන්න ඕන දෙයක් කියලා මගේ හිත මම රවට්ට ගත්තා...

ඔව්
ගෙවිච්ච දවස් ගැනබැලුවා ම පේනවා...
මට මම විදිහට ජීවත් වෙන්න ම බැරි වෙලා..


.. Nishu..
@nishu_0924

#නිසදැස්


@kathalokaya 💕

The LIFE_Official

21 Nov, 10:51


ජීවිතේ ඕනම දෙයක් ගැන
ඕනවට වඩා
බලාපොරොත්තු තියාගන්න එපා
මොකද,
කවදාහරි ඒ බලාපොරොත්තු
නැති වෙන දවසක් ආවොත්
දරාගන්න ගොඩක් අමාරු වෙයි
ජීවිතේ කිසිම දෙයක්
සදාකාලික වෙන්නෙ නෑ
ඕනම දේකට මූණ දෙන්න
අපිට පුළුවන් වෙන්න ඕන
...........................................


@kathalokaya 💕

The LIFE_Official

19 Nov, 09:40


@kathalokaya 💕

The LIFE_Official

19 Nov, 09:40


@kathalokaya 💕

The LIFE_Official

19 Nov, 09:39


@kathalokaya 💕

The LIFE_Official

19 Nov, 09:39


@kathalokaya 💕

The LIFE_Official

19 Nov, 09:38


@kathalokaya 💕

The LIFE_Official

19 Nov, 09:37


@kathalokaya 💕

The LIFE_Official

19 Nov, 09:36


@kathalokaya 💕

The LIFE_Official

19 Nov, 09:34


කොච්චර ප්‍රශ්න ආවත් අපි ළගින් ඉදපු කාලයක් තිබුනා..
කොච්චර රිදුනත් එකට කතා කරලා ඒ ප්‍රශ්න විසදගතපු කාලයක් තිබුනා..
ඒ හැමදේට ම තිබුනේ
ළගින් රැදෙන්න තිබුන වුවමනාව....
ඒත්
ඔයාට ඒ වුවමනාව නැති වුනා..
ඉතින් මාව එපා වුනා 🩶


.. Nishu..
@nishu_0924

@kathalokaya 💕

The LIFE_Official

15 Nov, 14:40


ජීවිතේ දුක සතුට මැද දෝලනය වෙනකොට මට අසීමාන්තික ව සැනසීම වෙනුවට ..

විදවීමක් විතරක් උරුම වෙද්දි..

නොතෙරෙන හැගීම් සමුදායක් මැද මා අද මෙසෙ නික්මුණි...

ඉතින් ආදරණීය මගෙ දුඹුරු ඇස් හාදයෝ...

මේ ජීවිතේ මට ලැඹුන හොදම මුණගැහීම වගේම මට ලැබුන ආදරණීයම හදවත අයිති ඔයාට..

හැමදාමත් ජීවිතේ දෙපැත්තක ඉදියත් ජීවිතෙ හුස්ම වැටෙන හැමවිනාඩියකම මේ හදවත ඔයා වෙනුවෙන් බලන් ඉන්නම්...

ඉතිං ප්‍රේමය අදින් නවතින්නම්...

ඔය මුනෙ හැමදාමත් ලස්සන සිනහරැල්ලක් රැදෙන්න...

හැම විනාඩියකම හැම මොහොතකම ඔය හදවත වෙනුවෙන් මේ හද ගැස්ම නවතින්නම්...

ඒ දුඹුරු ඇස් හාදයාට හිමි හදවතක්🤎


" හදවතත් හැඩ වූ හදවතක ඉකිබිදුම🙂🖤🫀"


𝚃𝙺 ත_ᴿᵁ_වා_"ᴴ ✍🏻 wᵣᵢₜₑᵣ.🖤


2024.11.15

@kathalokaya 💕

The LIFE_Official

13 Nov, 04:02


දලා යන්න හේතු හොයන ආදර කතා ළඟ
දීපු පොරොන්දු රැකපු මිනිස්සුත් හිටියා

රන්ඩු වෙවී
යාලු වෙවී හරි
හැමදේම දරා ගත්තු ආදර කතා ලස්සනයි ❤️

ඉතින්,
දෙයක් කියන්නම්....
තමන් ට ගැලපෙන කෙනෙක් නෙමේ
හොයා ගන්න,
ඕනිම දෙයක් ගලපගෙන ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්...

අඩන්න හේතු දෙන කෙනෙක් නෙමේ ඔයාගේ හිනාව ට ආස කෙනෙක්....

අන්තිම ට
ඔයා ආදරේ කරන කෙනෙක් නෙමේ ඔයාට ආදරේ කෙනෙක් ❤️

විදින්න තියෙන ජිවිතේ විදවන්න හේතු හොයන්න එපා ළමයො 🥺 ❤️


... Nishu ...
@nishu_0924

@kathalokaya 💕

The LIFE_Official

13 Nov, 04:01


තන්තුවෙන් බරදාලා ඇදගෙන යන්න
නුඹව මට බරවැඩි නැහැයි සිතුවා
වාත ප්‍රතිරෝදය වලක්වන්
මාත් දුරගමනක් යන්න නම් හිතුවා
ටිකෙන් ටික දුරයද්දී
ආනත තලයකට ආවහම
නුඹෙනුත් හයියක්
දැන් නොලැබෙනබව මට දැනුණා
නුඹේ බරවාගේම
ඈ ඇතිකළ ඝර්ෂණ බලයත්
මගේ ප්‍රේමයේ බලයට සමාන වුණා
නුඹව ඉහලට අරගෙන එන්න
කප්පිය හරහා මං පහලටම ගමන්කරා
මාව බිමවැදී නැවතුනු කල
නුඹට එකතැනක හිඳුමත් නොරිසි වුණා
තන්තුවේ භේදක බලය ඉක්මවා
මගේ ග්‍රහණයෙන් ඈතට නික්මුණා
නුඹත් දෙවරක් නොසිතා
ඒකාකාර ත්වරණයෙන්
ඈ වෙතට ලංවුනා

#samoo

@kathalokaya 💕

The LIFE_Official

11 Nov, 04:06


එකම job එක කරන කෙනෙක් නොවුනත්
මං හෙව්වෙ හදවතට දැනෙන කෙනෙක්...

සමහර විට ඔයා එහෙම කෙනෙක් නොවෙන්න ඇති
හැබැයි ඉල්ලක්කයත් නැතුව ගෙවුන ජිවිතේ ට ඉල්ලක්කයක් ගෙනාවේ ඔයා..
හීන වලින් මාව පිරෙව්වේ ඔයා..

හැමදාම කියනවා වගේ
මගේ හිතේ ඔයා ගැන තරහක් නෑ
හැබැයි ඉස්සර වගේ නෙමේයි
මට දැන් ලොකු හීනයක් තියෙනවා
මං වැඩ කරන්නේ ඒකට..

අදටත් මං ආදරේ ඔයාට ❤️



.. Nishu..
@nishu_0924

@kathalokya 💕

The LIFE_Official

06 Nov, 18:01


හීන් හිරිකඩ ළහිරු කිරණ මැද
විහඟ කිචි බිචියේ අපූරුව මැද
නෙළා මල් මිට දරා සුරතෙ අද
කිසිත් නොකීයා කඩදහිය ගෙන

හෙමි හෙමින් මා නුඹව දැකුමට
පියනගාගෙන සිත්පිනාගෙන
අසල වූ අරලිය ගසෙන් සුදු
අරලිය මලක් දෝතට නෙලා ගෙන

විහඟ රැල අද මඟ කියාවිද
වෙනදා මෙන් අද මඳ සුළඟ නැත
නුඹේ සිත් ගත් මල් ගවුම හැඳ
එන්නෙමී නුඹ හා දොඩන්නට

පුරා මසකුත් ගෙවීලා දැන්
නුඹෙන් පිළිතුරු තාම නෑවිත්
දැන දැනත් කවි ලියනවා තව
ඔබෙන් පිළිතුරු කවි නොආවත්


කන්ද පාමුල වෙතට ඇවිදින්
හීන් කඳුලින් දෙනෙත තෙත් කර
නවා ගුලිකර ලියුම් කඩදහිය
තබා යන්නම් නුඹේ සොහොන මත

ගිය දිහාවෙන් ඉක්මනින් දැන්
ඇවිත් යනවද කුමරුනේ මා
කල්ප ගණනක් බලා ඉන්නම්
නුඹෙන් පිළිතුරු කවිය එනකම්


#samoo


✍️ Samodha Sandeepani

@kathalokaya 💕

The LIFE_Official

05 Nov, 18:37


ජිවිතේ වටින මිනිස්සු
හැමදාම හම්බවෙන්නෙ නෑ
එහෙම කෙනෙක් හම්බවුණ දවසකට
ඒ අයව මගහැරගන්න එපා
මොකද,
ජීවිතේ ලස්සනම දවස් එන්නෙ
ජීවිතේ සාර්ථක වෙන්නෙ
අපේ සතුට තියෙන්නෙ
අපි සතුටින් ඉන්නෙ
මේ හැමදේම
ඒ එකම කෙනා නිසා

හරියටම මට ඔයා වගේ ®️

@kathalokaya 💕

The LIFE_Official

04 Nov, 14:53


මාව එපා කියද්දි
ඔයාට මං ජීවත් වෙන්න ඕන කියල මතක් උනේ නෑනේ...
ඉතින්
එයාට හා කියද්දි මාව මතක් වෙන්න ඇති කියලා හිතන්න අමාරුයි මැනික..


තරහා නෑ
වයිර කරන්නෙත් නෑ
හැබැයි,
මට ඔයාට ආදරේ කරන්න එපා කියලා විතරක් කියන්න එපා මැනික..

.. Nishu..
@nishu_0924

@kathalokaya 💕

The LIFE_Official

03 Nov, 13:32


✈️Telegram එකෙන් හැම අවුරුද්දේම එක පාරක් දෙන මේ  Offer⚡️ එක තාම Activate😈 කර ගත්තේ නැද්ද?

👀මේක දෙන්නේ පළවෙනි 200 දෙනාට විතරයි 🎁

😑ආයේ මෙහෙම Chance 👻එකක් එන්නේ ලබන අවුරුද්දේ

💙ඒ නිසා තවත් බලා බලා ඉන්නේ නැතුව දැන්ම මේක

            
Activate කර ගන්න

Help And Support : @Avoxx2

The LIFE_Official

31 Oct, 16:04


ඇත්තටම මං ආසම ඒ ගත කරපු හැන්දෑවරු වලට...
මගේ ෆැන්ටසි තරමට ඒ හැන්දෑවරු ලස්සන නෑ තමයි...
හැබැයි,
එදා අපි දෙතනක ඉදන් හරි අපිව වින්දා...
දෙන්නා එක්ක එකතු වෙලා
ඔයා තනියම කෝෆි හදාගෙන
මම තනියම කෝෆි හදාගෙන
දෙතනකට වෙලා
ආදරනීය වචන වලින් අපි අපේ අනාගතේ ගැන හීන මැව්වා..
ඒවාට ආශිර්වාද කරන්න ම ද කොහේ ඒ වේලාවල් වලට
හීන් වැහි පොදත් තිබුනා..
ඇයි
මතකද?
අපි ගොතපු කවි පද
සමහරක්වා නම් මං හරි පරිස්සමට අරන් තියා ගත්තා..
දන්නවා ද?
ඒ මතක තාමත් සුවදයි කියලා..

... Nishu...
@nishu_0924

@kathalokaya 💕

The LIFE_Official

27 Oct, 07:22


@kathalokaya 💕

The LIFE_Official

26 Oct, 13:33


⚡️⚡️⚡️⚡️⚡️⚡️

⚠️Telegram එකෙන් හැම අවුරුද්දේම එක පාරක් දෙන මේ  Offer එක තාම Activate කර ගත්තේ නැද්ද

මේක දෙන්නේ පළවෙනි 200 දෙනාට විතරයි

🔻ආයේ මෙහෙම Chance එකක් එන්නේ ලබන අවුරුද්දේ

‼️ඒ නිසා තවත් බලා බලා ඉන්නේ නැතුව දැන්ම මේක

             Activate කර ගන්න

The LIFE_Official

22 Oct, 05:54


*අසනිපෙන් ඉන්න හැමෝම වෙනුවෙන් වචනයක්🙂💔🖤👀*


අමාරුයි නේද මගෙ පැටවුනේ.....
ඔයාල ට එකෙක විදිහෙ අසනීප එක්ක මේ ගමන ගෙවාගන්න හරි අමාරුයි නේද...👀🥹
ඒත් දන්නවද මගෙ පැටවුනෙ අනිවාරෙන්ම ඔයා මේ ගමන යන්නම ඕනි..
ඉතිං ඒ ගමන අතාරින්න තියා හිතන්නවත් එපා...
අමාරුම තැන්වලදි ....
දවස්වලදි නවතින්න....
ටිකක් විවේක ගන්න...
ඔයාට පුලුවන් විද්හට.....
ශක්තිමත් වෙලා හීන වෙනුවෙන් වැඩ කරන්න....
වැටෙනව තමා මේ ගමනදී...
ඒත් ඔයාට පුලුවන් ඒ හින්දා අතාරින්න හිතන්නවත් එපා....
ඔයාගෙ හීන මතක් කරන්න මේ ජිවිතෙ අතාරින්න හිතෙන හැම විනාඩියකම.....
ඉතිං ළමයි කොහොම හරි හින වෙනුවෙන් ජීවත් වෙන්න🥰....
අපි හැමෝටම මේ අමාරු කාලෙ කොහොමහරි ගෙවාගන්න.....



""""අමාරුයි කියලා අතාරින්න එපා ටිකක් නැවතිලා විවේකගන්න😇🥹😘""""""

"""හීන වෙනුවෙන් කැපවෙන්න🔗😎"""


ඒ දුඹුරු ඇස් හාදයාට හිමි හදවතක්🤎


" 𝚃𝙺 ත_ᴿᵁ_වා_"ᴴ ✍🏻 wᵣᵢₜₑᵣ.🖤


2024.10.21


@kathalokaya 💕

11,550

subscribers

4,520

photos

82

videos