දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️ @theauthornaughty Channel on Telegram

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

@theauthornaughty


🌻.නිසදැස්
🌻.Artical(ලිපි)
🌻.Story
🌻.කවිනිර්මාණ
🌻.Motivation


පන්හිඳ තුලින් කියවිය හැක...

මෙහි පළවෙන දෑ කතෘ අයිතියකින් තොර කිසිම තැනක ශෙයාර් නොකිරීමට වග බලාගන්න.

YourRequests/අදහස් -: @NaughtyOffbot

✍️Author - @NaughtyOffbot 🌻

#BigBoss #CGAT

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️ (Sinhala)

ලිපිකල් 'දඟකාර රචකයාගේ පන්හිඳ' ද හරි යහළුවා. මෙහි එහි නිසද හා කතෘ කතා ඇත. වැඩි විස්සක් සඳහා ශෙයාර් වැනි කැඩුරු දෑකම පිළිබඳ වෛරයට ගත් කත මෙම පිටුවේ ඇතුළුවී. නිසද සම්පූර්ණයක් අවශ්‍ශිර කරගන්න. ඔබගේ ඉල්ලීම් @NaughtyOffbot හා සම්බන්ධ වන්න. සිතුවිලි: @NaughtyOffbot 🌻 #Chathu™ #CGAT

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

19 Nov, 18:44


පොලවෙ ඉදල චුට්ටක් උඩට
ඉස්සිලා වගේ ඉන්න
අහිංසක බිම්මලක් වගේ ලස්සන ලමයෝ
මේ ඔයාට තමා කියන්නේ
ඔයා හරි ලස්සන දක්ෂ බිම්මලක්
ඒත් දන්නවද
ඔයා චුට්ටක් අහංකාරයි
හැබැයි මං හරි ආසයි
ඔය අහංකාර ගැස්සිල්ලට
අනේහ්... මේ හිත ඇදිලා ගිහින්
ඔය සුදු මූණේ තියෙන
නිවුනු චාම් ලුක් එකට
බිම්මල පුලුවන්ද මටම අයිතිය දෙන්න



Gethmina Bandara |° ✍️

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

19 Nov, 18:12


යන යකා කොරහ බිදගෙන හරි යනවා
ඒක තේරුම් අරන්
තමන් වෙනුවෙන් වැඩ කරපන්
ඔය යන කොයි යකත්
දෙකට නැමෙනවා
තමන්ගේ තත්වේ එක්ක
තේරුම් ගනින් ඒක
ඔලුවට දාගෙන වැඩ කරපන්



Gethmina Bandara |° ✍️

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

18 Nov, 08:16


" සුද්දෝ මං ලබන සතියේ අරෙහෙ යනවා "

"කොහෙද සුද්දි යන්නේ "

" අයියෝ සුද්දෝ රට අනේ මං කීවේ මට වීසාත් ආවා "

" අනේ සුද්දි ඔයත් යනවද මාව දාලා "

" දාලා යනවා නෙමෙනේ අපි හැමදාම ලගින්ම ඉන්නවා "

" ඒත් කොහොමද සුද්දි "

"ඇයි මගෙ සුද්දෝ අපි මෙච්චර දවස් හොදම යාලුවෝ වෙලත් හිතෙන් ලග ඉදියේ නැද්ද "

" හිටියා මගෙ සුද්දි "

" අන්න ඒ විදිහට තමයි සුද්දෝ "

" ඒත් සුද්දි වෙනදා වගේ කතා කරන්න මැසේජ් කරන්න බැරිවෙයිනේ "

"ඔව් සුද්දෝ ඒත් මට පුලුවන් හැමවෙලේම මං ඔයා ගාව ඉන්නවා හරිද "

" හා මගේ සුද්දි ආදරෙයි "

"මාත් ආදරෙයි සුද්දො මැරිලත් පැයක් "

දන්නවද සමහරුන්ට
වැරදි විදියට පේන සමහර යාලුකම්
සදාකාලික ආදරණීය බැඳීමක් උනා
ඒ යාලුකම් වලට ගෑනු පිරිමි කියලා විශේෂයක් උනේ ම නෑ

එක තැනක වුනු වැරදි කතාවක් හින්දා
බෙස්ටා බෙස්ටි කියන ලස්සන බැඳීමම
හොර ගැනී හොර මිනිහා කියන තැනට
ඇවිත් තිබුණා...
ඒත් දන්නවද කොයි කවුරු කීවත්
තාමත් ඇත්තටම
එක කෙල්ලෙකුයි එක කොල්ලෙකුයි අතර
තියෙන හොදම යාලුකම් කියන දේ
තවමත් තියෙනවා හරි පරිස්සමට රැකිලා
නමට නොවෙන ඇත්තම හොදම යාලුකම්

ඒ බැඳීම දෙවැනි වෙන්නේ
පවුල එක්ක තියෙන බැඳීමටම විතරයි



Gethmina Bandara |° ✍️

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

17 Nov, 01:04


උදේ හවා ඔහේ ගෙවෙන ජීවිතේ
පුලුවන්නම් අර්ථවත් කරගන්න
ඔයාගේ දිනුම නම් කාටවත්
වලක්වන්න බැරිවෙයි....

ඉතින් හිතන්න තමන්ගේ ජීවිතේ
කොහොමද අර්ථවත්ව හදාගන්නේ කියලා
කරන්න ඒ දේ උපරිමයෙන්
දෙන්න ඔයාගේ කැපවීම ඉහලින්ම
ගෙනියන්න ඔයාගේ ජීවිතේ
සාර්ථකත්වයේ කඩඉමටම....


Gethmina Bandara |° ✍️

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

16 Nov, 11:09


ඇවිලෙන හිතක් වුවද
සැනසිය හැකියි සවන්දීමෙන්....

ප්‍රශ්න හමුවේ වැටෙන අයවලුන්ට
පුලුවන්නම් වෙන්න සවියක් නුඹට
වේවී නුඹත් උතුම් මිනිසෙක්....


සිතන්නට ඇමිණුමක්...

Gethmina Bandara |° ✍️

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

15 Nov, 14:26


හිත් වලට හීන ගේන ගොඩාක් මිනිස්සු
යන්න ගියේම ඒ හීන එක්කම
අපිව බිමටම ඇදලා දාලා
යලි නැගිටගන්න බැරිවෙන්නම
හීන එක්ක සමතලා කරලා පොලවට
ආදරේ කියන අකුරු තුන ඇතුලේ
තට්ට තනියම හිරකරලා


ඒකයි ආදරෙන් තනිවුන මිනිස්සු
අසිහියෙන් හැසිරෙන්න ගන්නේ
දරාගන්න බැරිම තැනදි.....🥺❤‍🩹



Gethmina Bandara |° ✍️

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

14 Nov, 09:30


පාට අරුංගල් හෙව්වට නුඹ
පච්ච කෑල්ලකි ආදරේට පන දෙන මම
ඉතින් නොවටින්න ඇති මාව
කමක් නෑ දරාගන්නම් මම නුඹව

ඉන්න කොහෙ හෝ සතුටින් හෙට
බලා ඉන්නම් නුඹේ හිනා මුව දෙස
පතන්නම් ඔය හිනාව හැමදාටම
හිමි වෙන්න කියලා නුබේ වතටම


Gethmina Bandara |° ✍️

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

13 Nov, 15:30


දන්නවද කෙල්ලේ
මේ හිත හීලෑ නෑ
උඹේ ඔය සුවඳ ලග

මට තේරෙන් නැති එකම දේ
මේ චූටී කාලය අතරතුර
උඹ කෝමද මගෙ මේ දඩබ්බර හිත
අස්සටම රිංගුවේ කොහොමද කියන එක

දඩබ්බර නපුරු මේ හිත අස්සේ
අද උබ රැජිනියක් චූටී....
හොදම කෙනා නොවෙන්න පුලුවන් මම
නමුත්
මේ හිතේ ඉන්න එකම
ප්‍රේමිය උඹයි මැණික...💜





Gethmina Bandara |° ✍️

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

13 Nov, 00:46


අයියා කෙනෙක් හරියට තේරුම් නොගත්තට
නංගි කෙනෙක්ට අයියා කියන්නෙම
තාත්තා කෙනෙක්....
තාත්තට නොදෙවැනි ආදරයක්
අයියටත් දෙනවා නංගි කෙනෙක්
අයියා නංගී ඉන්න පවුලක
අයියා මොන වැරද්ද කරත් ඒක හැංගිලා යනවා
සමහර වෙලාවට අයියා හිතන්නෙත් නෑ
කෝමද ඒක ගෙදරට නොදැනුනේ කියලා

ඒ ඉතින් අයියලා ඉන්න නංගිලාගේ
හොර වැඩ තමයි
අයියව බේරගන්න කරපු නෝටි වැඩ
නංගි කෙනෙක් ඉතින් අයිය කෙනෙක්ට
ලොකු ආශිර්වාදයක් එක අතකට....


Gethmina Bandara |° ✍️


#Request

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

12 Nov, 14:58


එකටම ආදරෙන් බැඳිලා හිටපු
හොදම යාලුවෝ දෙන්නෙක්
ගමනාන්ත දෙකකට පියාඹනකොට
ඔවුනුත් නොදැනීම
ඔවුනොවුන් ඈත් වෙනවා...


දන්නවද ලමයෝ...
ඒ ඈත්වීම කොච්චරද කියනවනම්
නෙතු අගිස්සට කදුලු එන්න
එක තත්පරයක්වත්
ගියේ නෑ කියලා....
ඒ තරම් හිතට වේදනා දෙනවා
දිවට දිව ගාන් හිටපු
හොදම යාලුවෝ ඈත්වෙනකොට




Gethmina Bandara |° ✍️

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

12 Nov, 01:28


ආදරේ කරන්න කාටත් පුලුවන් උනාට
ඒ ආදරේ මියැදෙන අන්තිම හුස්මතාක්
රැකගන්න පුලුවන් උනේ
අතේ ඇගිලි ගානටත් අඩුපිරිසකට
මොකද ආදරේ සරල දෙයක් උනාට
ඒකට වටිනාකමක් නොදුන්නොත්
ගිලිහෙන්න වැඩි දවසක්‍ යන්නේ නෑ

ආදරේ කරනවනම් ලස්සන ලමයෝ..
එක හිතින් අවංකව අනෙකාට ගරුකරමින්
ආදරේ කරන්න.....


Gethmina Bandara |° ✍️

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

11 Nov, 19:48


හීන කියන්නේම බොද වෙන්න ඕනී ඒවා නෙමේ

එකක් නැතිවෙද්දි තව හීනයක්
හදාගෙන ඒ වෙනුවෙන් කැප වෙන්න
ඕනී දෙයක් තමයි හීන කියන්නේ

ඉතින් හීන දකින්න
ඒවා හැබෑ කරගන්න....


Gethmina Bandara |° ✍️

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

11 Nov, 12:54


උබට උඹේ යාලුවා ලොකු උනාට
ඒකට උඹව ලොකු නෑ මිත්‍රයා
තේරුම් අරන් ජීවත්වියන්
නැත්තම් උබේ වලත් ඉක්මන් වෙයි


Gethmina Bandara |° ✍️

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

11 Nov, 07:11


ආතල් ගන්න ඕනී
නිදහසේ ඉන්නත් ඕනි
හැබැයි බං අපේ ටාර්ගට් හැබෑකරගන්න නම්
අනිවාරෙන් අපි ගේමක් ගහන්නම වෙනවා
පුලුවන් උපරිමයෙන් කැපවෙලා

අද සතුට ගැන හිතන්න හිතන්න
දිනුම කියන දේ නම්
ටික ටික අපෙන් ඈත්වෙනවා....



Gethmina Bandara |° ✍️

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

11 Nov, 06:09


අදුර රජකරන මිටියාවතක
තට්ට තනියම රැයක
රැහයියන්ගේ බියංකර නාදය
බකමුණන්ගේ හ්ම්ම් සද්ද එක්ක
හිරිකඩු පිපෙන නරින්ගේ හූ හඩ
පුලුවන් ද හිත නොගැස්වී තරණය

බැහැ නේද ගොම්මන අන්දකාරය එක්ක
හිතේ ඇතිවෙන නොසන්සුන් කමයි ඒ
මිනිස් හිත කියන්නේ පුංචි දේටත්
ගැස්සෙන සංවේදී දෙයක්
ජීවිතේ උනත් නැතිවෙන්න පුලුවන්
ලොකු තිගැස්මක් උනොත්
ඒ නිසා කොයි දේටත් වඩා
පණ ගැහෙන හදවත පරිස්සම් කරන්න


Gethmina Bandara |° ✍️

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

10 Nov, 19:46


Hello Good Morning All

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

10 Nov, 14:27


එක්තරා මිනිස්සු කොට්ඨාසයක් ඉන්නවා
වැරද්ද තමන්ගේ නොවිත්
වැරද්ද තමන්ගේ හිතලා වැරද්ද තමන්ගේ කරගන්න
එහෙම අයගේ මොන දුර්වලතාවයක්ද කියලා
අනේ මන්දා කෝම උනත් එයාලා කරන්නේ
එයාලා විසින්ම එයාලව පහතට දාගන්න එක

ටික වෙලාවක් අරන් හිතුවනම් ඒක එයාලටම තේරෙයි
මොකද ඒ දේ කවුරු පෙන්නල දුන්නත්
ඒක එයාලා තේරුම් ගන්නේ නෑ ඔහු/ඇය
වැරදි නෑ කියන එක


Gethmina Bandara |° ✍️

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

10 Nov, 11:29


☝️


ටිකක් සංවේදී නිසදැසක් , වීඩියෝ එක අහම්බෙන් හම්බුන එකක් කවුන්සලින් එකක විචාරයක් කරන ඉතින් දෙයක් ලියන්න හිතුනා ඒකයි මේක කියවන්න රසවිදින්න අගය කරන්න අඩුපාඩු කියන්න ඔයාටයි මේ වෙලාව.....

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

10 Nov, 11:19


ඔව් පිරිමි හිත් තමන්ගෙන්ම පලිගන්නේ
තමන්ගේ ආදරේට රිද්දන්න බැරි හින්දා
තමන් ආදරේ කරපු කෙනා තමන්ව
මග ඇරලත් අතඇරලා ගිහිල්ලත්
ඔවුන් තාමත් ඒ හිත් වලට පණ වගේ ආදරේ කරනවා....

මොකද ඒ එයාගේම ජීවිතේම හින්දා
හීන දැක්කේ තනියම නෙමේ
එයා එක්ක එකට ගමනක් යන්න හින්දා
පිරිමි හිත් හරි සංවේදී ඒකයි
තමන් ගැන වඩා තමන් ආදරේ කරන කෙනාත් එක්කම
ජීවිතේ ඉස්සරහා ගැන හිතුවා
ඒකයි ඔවුන් තනිඋනාම පිස්සෙක් වෙන්නේ
දුකට බීලා බීලා නාස්ති වෙන්නේ
තමන්ටම වද දීලා පලිගන්නේ
හිතේ තියෙන දුක කදුලු වලින්ම පිට කරන්න බැරිහින්දා
ඒ තමයි ඇත්තටම ආදරය කරන පිරිමි
තමන්ගේ ආදරේ තමන්ව අතඇරලත්
ඉන්න තැනක එයා සතුටින් ඉන්නවා බලාගෙන
තනියම දුකත් එක්ක තමන්වම රිද්දගන්නවා

පිරිමි හිත් එක්ක ගණුදෙනු කරනකොට පරිස්සමින්
උඹව ඕනීමයි කියන හිතක් අසරණ කරලා යන්න එපා

Gethmina Bandara |° ✍️

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

10 Nov, 05:32


හිත හදන්න කවි කිව්වට
දුක නිවන්න වචන කිව්වට
කවිකාරයෙක්ට උනත් පුලුවන්ලු
දුක අහන් ඉන්න...

දුකක් කියා හැඩුවත්
සතුටුයි කියා වින්දත්
මේ සියල්ල ජීවිතයත්
සිතා බලන්න හොදින් එයත්

Gethmina Bandara |° ✍️

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

10 Nov, 01:23


කවදාවත්ම කෙනෙක්ගේ විශ්වාසයක් එක්කනම්
සෙල්ලම් කරන්න හිතන්නවත් එපා
මොකද ඒ ඔයාට බලපෑවේ නැතිඋනාට
ඒ කෙනාට ඒක ලොකු මානසික වැටීමක්
මතක තියාගන්න
ලෝකේ දිට්ඨදම්මවේදනීය කර්මය
කියලා න්‍යායකුත් තියේ කියලා



Gethmina Bandara |° ✍️

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

09 Nov, 17:13


ආදරේ හොයන ගොඩක් අය
තමන් ආදරණීයද කියලා බලන්න
අමතක කලා ඒකයි
එයාලා ආදරේ ලංකරගත්තට වඩා
වේගයෙන් ආදරේ ඈත් කරගත්තේ

Gethmina
Bandara |° ✍️

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

09 Nov, 13:56


සාර්ථක වෙන්න අවශ්‍ය නම්
දවල් හීන දැකීම නවත්වන්න
හීනෙ අරමුණක් කරගෙන
ඒ වෙනුවෙන් වැඩ කරන්න....

හිතන්න කාලේ නාස්ති කරන්න එපා
කරන්න ඒක...

Gethmina Bandara |° ✍️

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

09 Nov, 01:37


In the journey of life, we find a lot of happiness as well as unbearable pain and we have to bear it all by ourselves...

ජීවිතේ කියන ගමන ඇතුලේ සතුට වගේම දරාගන්න බැරි දුක් ගොඩකුත් අපිට හම්බෙනවා ඒ සියල්ලම විදදරාගන්න වෙන්නේ තමන්ටමයි...


Gethmina Bandara |°

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

09 Nov, 01:20


තමන්ට ආදරේ නම්
තමන්ගේ ආත්මය පාවලා දෙන්න එපා
මොනයම් හේතුවකටවත්
තමන් තමන් වෙන තැන
හිතනවට වඩා කොන්ෆිඩන්ස් එකක්
ඔයාට දැයෙන්න ගනීවී
හීන දකින්න
ඒ හීන ඔයා ඔයාම වෙලා
හැබෑ කරගන්න


Gethmina Bandara |° ✍️

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

08 Nov, 14:26


පාලු ගොම්මනක තනියම යනකොට
සේයාරුවක් පේනව පසුපසින්
හැරිලා බලනකොට දැක්කේ
ලොකු කලු බල්ලෙක්....
රෞද වේශයෙන් ගෙරවිලි කරනවා
නැමිලා ගත්තේ ගලක් විසික් කරන්න ඌ වෙත
ගැහුවා එදෙසට නෑ සැනයකින් ඇතුරුදහන්
පෙරුනා දාඩිය බිදු නලල දෙපසින්
මතකයි කෑගසුනා මරලතෝනියෙන්
පසුව ඇසුනේ තොවිලයක බෙරපදයි
ඇස් හරිනකොට රතුසලුව කරවටා බැදුනු
කට්ටඩියෙක් ඇස් මානයේ ජප කරනවා
බැලින්නම් අසිහියෙන් සතිගනණක්
දන්නේ කියවිනටයි මගෙ මිතුරන්....
දැක ඇත්තේ මහසොහොනයිලු ඒ ගොම්මනේ
බේරිලාලු අනූනවයෙන් ඒ රැය මා

පියවි සිහිය නැතිවුනු බියංකර මතක සටහනක්

Gethmina Bandara |° ✍️

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

27 Oct, 03:30


එලේවල් ලං වෙනකොට ඕලේවල් ලං වෙනකොට තැටි රත්කරන් දගලන් උන් ඉන්නවා නේද....

ඒ රත්වීම කලින් ඉදලම තිබ්බනම් එක්සෑම් කියන එක නතින්...

අන්තිම කාලේ කොච්චර රත් උනත් කොච්චර පාඩම් වැඩ කරත් ඔලුව රිලැක්ස් නොවී පීඩනේ එක්ක වැඩ කරනකොට කිසි දෙයක් ඔලුවට යන් නෑ...

මිනිස් මොලේ කියන්නේ මෙමර් කාඩ් එකක් නැත්තම් High Capacity හාර්ඩ් ඩිස්ක් එකක් නෙමේ එක පාරින Data Add කරහම ගිහින් ඒවා Save වෙන්න..

ටිකෙන් ටික තමා ඇතුල් කරන්න ඕනී ඒ නිසා රත්වෙලා පීඩනේ එක්ක වැඩ කරන්න එපා

කාලේ මදි ඇති ඒත් මුලින්ම මනස නිරවුල් කරගෙන ඉන්න..
දෙයක් ෆෝකස් කරන්න ඔලුව තනිකර හිස් වෙන්න ඕනී...

හිතලා බලන්න මගෙ ඔලුවත්
මේ වෙලාව වෙද්දි නිරවුල් ද කියලා....

අන්තිම මොහොතේ ප්‍රාතිහාර පාන්න බෑ හැමෝටම
ඒ නිසා කල් යල් තියාගෙන ගේමක් ගහන්න පටන් ගන්න



#Gethmina_With_Study

Gethmina Bandara |° ✍️

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

27 Oct, 02:30


ගැහැනු ලමායි පිරිමි ලමායි කියලා වෙනසක් නෑ...

හිතෙනවනම් මේ පාරම ගේම ගහන්න ඕනී ඉතුරුවෙලා තියෙන දවස් වලින් පාස් වෙන්නවත් ගේමජ් ගහගන්න ඕනී කියලා...

ඒත් අනේ මංදා තේරෙන් නෑනේ වැඩ කරන්න කියලා හිතෙනවනම් මැසේජ් එකක් දාන්න පුලුවන් සපෝර්ට් එකක් දෙන්නම් ඉතුරු වැඩ ටික ඔයාලටම බාරයි...

@Naughty_CG

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

27 Oct, 02:13


සමහර පිරිමි හිත්
ආදරේ වැඩිකමටම
සද්ද නොකර පැත්තකට වෙනවා....

හිතේ ආදරේ උතුරන්න තියාගෙන
තනියම විදව විදව ඉන්නවා.....



Gethmina Bandara |° ✍️

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

26 Oct, 01:44


කෙල්ලෙක්ට මොකක් හරි ප්‍රශ්නයක් වුනාම
ඒක සතියක් දෙකක්
එහෙම නැත්තම් මාසයක්
ඒකේ උනුහුම බහිනකන්
කතාවෙනවා , සෝෂල් මීඩියස් වල
වයිරල් වෙනවා.....

ඒත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න
කීයෙන් කී දෙනාට ද
මාසෙකට පස්සේ ඒක
මතක තියෙන්නේ කියලා
තිරිසන්නු වගේ මිනිස්සු
ඉන්නවා කියලා දැන දැනත්
පරිස්සම් වෙන්න තේරුන් ගන්නත් ඕනී
කෙල්ලෙක් උනාම....

දෙයක් උනාට පස්සේ
ජීවිතේ අතාරින එකවත්
දරාගන්න බැරුව අසනීප උනා
කියලවත් වෙන හොදක් නෑනේ
හිතන්න ඔලුවක් හම්බෙලා තියෙන්නේ
හොදට හිතලා බලන්න
ඕනිම දෙයක් කරනකොට
කෙනෙක් ලංකරගන්න පවා
හිතලා බලන්න ඕනී

මොකද

පසුතැවීම සුන්දර නම් වෙන්නේ නෑ
ජීවිතය උනත් නැත්තටම නැතිකරන්න
තරම් මානසික වැට්ටීම
සිදුවෙනවා ඇරෙන්න

තේරුම් ගන්න...
කතා පොතක් ඇතුලේ තියෙන
හීන මානයක් නෙමේ ලෝකේ
කියන්නේ කෙල්ලනේ
හිතලා පරිස්සම් වියන්...


Gethmina Bandara |° ✍️

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

25 Oct, 15:03


තමන්ගේ කියන මිනිස්සුන්ට
හරියද්දිත් බලාගෙන ඉන්න බැරි
සක්කිලි සමාජයක් බං මේක...

පරිස්සමෙන් ආශ්‍රය කරනකොට
තමන් වටේ ඉන්න උන් පාට මාරු කරන
කටුස්සෝ වෙන්නත් පුලුවන්...


Gethmina Bandara |° ✍️

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

24 Oct, 13:44


පිරිමි පහසක් මදිවෙනකොට
තව පිරිමි පහසක් හොයන ගැහැනු අතරේ...
ගැහැනු ලැමක සුව මදිවෙනකොට
තව ගැහැනියක් සොයන පිරිමි අතරේ...

එක පිරිමි පහසක් ම පතපු
එක ගැහැනු ලැමක් ම පතපු
තම ආදරයට ඇත්තටම ලෙංගතුකම් පාපු
ආදරණීය හිත් මේ මිහිපිට තියෙනවා
තවමත් තියෙනවා වේදනාව කියන
ගින්දර වලලින් වැලලිලා....



Gethmina Bandara |° ✍️

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

24 Oct, 09:58


ආදරණීය බැඳීමක නතර නොවී හිටියත්
කුමක් දෝ නමක් නොදන්න බැඳීමකින්
අපි දෙන්නා බැඳිලා මහත්තයෝ....

මොකක්ද කියා නමක් දෙන්න බැරිවුණත්
අද මේ මොහොත වෙනකල් ම
මං ඒ සමීප ආශ්‍රයට ගොඩාක් ලෙංගතුයි
මං ආසම නමක් නොදී සමීප වෙලා
ඉන්න පුලුවන් මේ ලස්සන බැඳීමට


Gethmina Bandara |° ✍️

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

23 Oct, 15:18


සමහර වෙලාවට මං හිතනවා
මං මං ගැන මටත් වඩා දන්නවා හිතපු
සමහර අය ඇත්තටම මං ගැන
දැනගෙන ඉදලද කියලා
ඒ අය කියන කරන දේවල් එක්ක
මාව හරියටම අදුරගෙන ද
තේරුම් අරගෙනද කියලා
පොඩි ඩවුට් එකක් ඇතිවෙනවා
තනියම කල් අරන් හිතන
හැම වෙලාවකදි ම වගේ...

ඉතින් ඒ වෙලාවට මං හිත හදාගන්නවා
මං ගැන හොදටම දන්නේ
මං විතරක්ම නේද
කමක් නෑ ඒ හොදටම ඇති කියලා


Gethmina Bandara |° ✍️

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

23 Oct, 01:32


අපි මොකක්ම හරි ප්‍රශ්නෙක
ඉන්නවානම් මුලින්ම දැයෙන්නේ
තමන්ගේ අම්මට....

පොඩ්ඩක් මතක් කරලා බලන්න
මූන පොඩ්ඩක් අදුරු වෙලා තිබුණත්
" පුතේ ඇයි ප්‍රශ්නයක් ද"
" දුවේ ඇයි අසනීපයක් ද "
කියලා මුලින් ම අහන්නේ
අම්මා නෙමේද කියලා

දන්නවද දෙමාව්පියෝ
ළමයින්ට දෙන සෙනෙහේ තරම්
සෙනෙහසක් කොයිකාටවත්
දෙන්න හිතන්නවත් බෑ...
මොකද ඒ අම්මලා තාත්තලා
අපිට ආදරේ දෙන්නේ ආපිට
මොනවත්ම බලාපොරොත්තු නොවී.....


Gethmina Bandara |° ✍️

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

22 Oct, 14:14


මචන් පොඩි ගමනක් යමන්
කියන්න කට්ටිය හිටියට
අවුලක ඉද්දි
මචන් උබ මොකක් හරි අවුලකද
අහන්න හිටියේ අතේ ඇඟිලි
ගානටත් අඩු පිරිසක් මහත්තයෝ


Gethmina Bandara |° ✍️

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

22 Oct, 11:48


අහිමි වෙන බව දැන දැනත්
ආදරයෙන් අහිමි වෙන කෙනාගේ
සතුට බලන්න පුලුවන්නම්...


ඒ ආදරයට තව නිර්වචන ඕනිද...?🌻🫀


Gethmina Bandara |° ✍️

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

22 Oct, 05:53


අන්සතු පෙම


ආදරයෙන් අන්ද වෙලා අපි
පෙම් කලත් අද කොහේ හෝ සිට
මෙතුවක්ව නොලැබුනු
හිමි වීම කවදා කොතැන හමුවේද
ප්‍රාර්ථනාවක්ම විය ද එම සිතැගිය
පපුවම හූරනා වේදනාවක් බදුමය
අනියම් වුණත් එයත් පෙමක්
නන්නාදුනන සිතැත්තිය...


Gethmina Bandara |° ✍️

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

22 Oct, 01:22


එකට එක පතේ කෑවත්
ගැහැනියක් ආවාම ඒ අතරට
තිබුණු බැඳීම ටික ටික අඩුවෙනවා
ඇයිද කියන්න හිතලා බලන්න
එහෙම නෙවේද වෙන්නේ කියලා
හිතලා බලන්න....

ඔයා නොදැනුවත්වම හරි
ඒ දේ වෙනවා සහෝදරයා...


Gethmina Bandara |° ✍️

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

21 Oct, 14:43


පරිස්සමෙන් මං එක්ක ගනුදෙනු කරනකොට...

මොකද වෙලාවකට මට මාවත් කොන්ට්‍රෝල් කරගන්න බැරිවෙන්න පුලුවන්


සීමා වැටකොටු බිදුණහම



Gethmina Bandara |° ✍️

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

21 Oct, 07:15


අඩන්න හිතුනත් ඉකිගගහා
කදුලු හිරකරගත්තා පිරිමි පපුවේ අස්සේ
දුක දැනුනා කාටත් වඩා
ඒත් උනේම දරාගන්න දැවි දැවී
ආදරෙයි කියා ඔප්පු කරන්න
වුවමනා වුනේ නෑ කිසිදාක
දැනුනා නම් රැදෙනව බව
දන්නා හින්දම මෙතුව හැමදාක



Gethmina Bandara |° ✍️

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

21 Oct, 01:37


අර පැත්තට එලිය වැටෙනකන් නිදාගන්න
මිනිස්සු ඉන්නවා නේද
ඒ මිනිස්සු දන්නේ නෑ
කාලය කොච්චරක් නම් කියලා වටිනවද කියලා
එකම එක තත්පරයකින්
ජයග්‍රහණ පවා වෙනස් වෙද්දි
නින්දට අංක එක දුන් උබට මොනවද
ලැබෙන්නේ කියලා හිතලා බලපන්

ජීවිතේට හැමවෙලේම අවස්ථා දෙකක්
ආයේ ආයේ ලැබෙන් නෑ
ඉතින් කාලය ගැන හිතලා
ඉදිරි අනාගතය ගැන හිතලා
තමන්ගේ දියුණුව වෙනුවෙන්
වෙලාවට නැගිටලා , කාලා බීලා
තමන් වෙනුවෙන් ගේමක් ගහන්න පටන් ගන්න


ජීවිතේ ඇතුලේ...
ඔහේ ගලාගෙන යන්න ඉඩ නොදී
හැරවුම් ලක්ෂ උඹම හොයාගනින්
එතකොට දිනුම ලං කරගන්න ලේසි
හිතන්න , මහන්සිවෙන්න...


Gethmina Bandara |° ✍️

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

20 Oct, 01:36


තේරුම් ගෙන නිහඬ වෙන්න...
මොකද අපි හොඳ හිතින් දෙයක් කරනවා
වෙන්න පුලුවන් නමුත්
ඒක තව කෙනෙක්ට වැරදියට පේන්න
වැරදියට තේරුන්ගන්න
සාධකයක් විය හැක...

ඉතින් ඔබ කුමක් කරත් එය නිවැරදි
තමන් වැරදි නැහැ
කියලා කොයිම කෙනෙක්ටවත්
ඔප්පු කරන්න යන්න එපා
හිනාවක් මූනේ තියන් නිහඬ වෙන්න...



Gethmina Bandara |° ✍️

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

19 Oct, 17:08


🧠 :- දරාගනින් බං උබට පුලුවන්

🫀 : කොහොමද අමතක කරන්නේ මං...

🧠 :- ඇයි බැරි බං උබට පුලුවන්

🫀:- කොහොමද බං ඒ මගේ පණනේ ?

🧠 :- බලන් හිටපන්කෝ පිහියක් අරගෙන ලේ වැක්කෙරනකන් ඇනගන්න හිතෙයි බං උබටත්

🫀 :- ඒ ඇයි බං එහෙම කරගන්නේ

🧠 :- එහෙම කරන්නෙ උබ ඒ බැඳීමට ඇබ්බැහි වෙන හින්දා ඒ ඇබ්බැහියෙන් උබ උබවම විනාස කරගන්න පුලුවන් තරම් ඒක වේදනාවක් හින්දා

🫀 :- මටත් එහෙම වෙයිද බං

🧠:- උඹ ඇත්තටම ආදරේ කරාද

🫀 :- මොනවද බං අහන්නේ මගෙ පණත් හරි ඒ පණත් හරි

🧠 :- ඕක තමා බං ඇබ්බැහිය පලවෙනිම පියවර

🫀 :- මාත් පිස්සෙක් වෙයිද බං

🧠 :- ඔව් සමහර විට ඒත් කමක් නෑ උබ සතුටුවියන්

🫀 : ඒ ඇයි බං

🧠: හරකෝ උබ අවංකව ආදරේ කරානේහ් ඒ ගැන හිතලා සතුටු වියන්

🫀 :- මට තේරෙනවා බං

🧠 :- ආදරේ ඇතුලේ බලාපොරොත්තුවීම් තියෙන්න හොද නෑ බං

🧠 : අසීමිත ආදරය විතරක් දුන්නම,දුක අඩුයි ආදරේ වටිනාකම වැඩියි

🫀: මට තේරෙනවා දැන් තැන්කියු මනස


Gethmina Bandara |° ✍️

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

19 Oct, 15:51


අහස් භූමි...

දන්නවද මිහී
අපි කොච්චර ආදරණීය උනත්
අපි දෙන්නා කවදාවත් එක්වෙන් නෑ
අපේ වටේම ආදරණීය යුගල්
ජෝඩු දාලා ඉද්දී
අපි දෙන්නා විතරක් දෙතැනක

දවසක් හරි ඒවිද මිහී
අපි දෙන්නා ආදරෙන් එකතුවෙන්න...
ප්‍ර්‍රේමයෙන් වෙලෙන්න...


විස්ථාපන ආදරයක නොකිලිටි විරහ ගීය

Gethmina Bandara |° ✍️

4,291

subscribers

1,140

photos

135

videos