Dr Hiran Biology @hiranbiology Channel on Telegram

Dr Hiran Biology

@hiranbiology


A/L Biology by Dr Hiran Amarasekera
Join our Biology Group chat
https://t.me/joinchat/TKRPZMSzVncggyQO

Dr Hiran Biology (English)

Dr Hiran Biology is a Telegram channel dedicated to providing A/L Biology resources and guidance to students. Led by the experienced educator, Dr. Hiran Amarasekera, this channel offers valuable insights, tips, and study materials to help students excel in their Biology studies. Whether you are struggling with complex concepts or looking to enhance your understanding of the subject, Dr Hiran Biology is the perfect platform for you. Dr. Hiran Amarasekera, with his years of teaching experience, is committed to supporting students in their academic journey and ensuring they achieve their full potential in Biology. Join the Biology Group chat on Telegram at @hiranbiology and connect with like-minded individuals who share a passion for Biology. Don't miss out on this opportunity to boost your knowledge and ace your A/L Biology exams with the help of Dr. Hiran Biology channel!

Dr Hiran Biology

09 Jan, 04:17


Olympiad 2024 - As the first round was conducted as an online Zoom examination, medal winners are being confirmed with their respective school teachers, which requires additional time. This is the reason for the delay in releasing the results.

Dr Hiran Biology

09 Jan, 04:15


Q
Sir 2024 liuwa Olympiad eke results denne nedda sir den seehenan kal NE e exam eka karala ?????🙄🙄🙄
Answer-
2024 Olympiad ප්‍රතිඵල ලෑස්ති කොට තිබෙන්නේ. A/L exam අවසන් වනතුරු තමා ප්‍රතිඵල ප්‍රමාද කළේ. දැන් results වෙබ් සයිට් එක සැකසෙමින් පවතිනවා.
ඉදිරි සති දෙක ඇතුළත ප්‍රතිඵල සහ රන් රිදී ලෝකඩ කුසලානලාභීන් මෙන්ම 2025 ජූලි පිලිපීනයේ අන්තර්ජාතික Olympiad තරගාවලියට සුදුසුකම් ලබන අයගේ නාම ලේඛනය ප්‍රසිද්ධ කරනවා.
Selected gold and silver medalists will receive training for the International Biology Olympiad starting in February 2024.

Dr Hiran Biology

06 Jan, 05:54


Premium Biology
*2025 A/L Tute/ Revision*
ආචාර්ය හිරාන් අමරසේකර
ජනවාරි 12 සිට
ඉරිදා 7.30-12.30
*FAQ-නිතර අසන ප්‍රශ්න*
*මේ පන්තියේ ඒකකයෙන් ඒකකයට සිද්ධාන්ත සාකච්ඡා වෙනවද?*
නැහැ. දිනපතා සාකච්ඡා කරන්නේ මුළු නිර්දේශයම ඒකකවල ප්‍රශ්න සහිත ප්‍රශ්න පත්‍රයක්.
*එතකොට සිද්ධාන්ත ඉගෙන ගන්නේ කොහොමද?*
සම්පත් පොත නිවැරදිව පරිශීලනය කරන්න. බොහෝ පන්තිවල සිදුවන්නේ 12 ශ්‍රේණියේ මුල් ඒකක දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමත්, අන්තිම කොටස් මග හැරීම/ ලාවට කිරීමයි. අප පංතියේදී මුළු නිර්දේශයම සමබරව (13 වන ශ්‍රේණියේ ප්‍රශ්න පවා) මුල සිට සාකච්ඡා වෙනවා. ඒ වගේම විශේෂයෙන් සිසුන් මගහරින අවසාන ඒකක වන අණුක ජීව, පාරිසරික, ක්ෂුද්‍ර හා ව්‍යවහාරික ජීව විද්‍යා ඒකකවල සිද්ධාන්ත කොටසුත් මෙහිදී ආවරණය කෙරෙනවා
*එතකොට මේක Paper Class එකක්ද?*
ඕනේ නමක් දාගන්න. මෙහිදී දිනපතා ප්‍රශ්න පත්‍රයක් සහ එයට පිළිතුරු සාකච්ඡා කෙරෙනවා.
*ර්‍මේ පංතියෙන් රචනා ලියන්න පුහුණු කරනවාද?*
ඔව්. සතිපතා රචනා පුශ්න 1-2 දෙනවා. ඒකට පිලිතුරු ගොඩනගා ගන්න හැටි කියා දෙනවා. පස්සේ, ඔබ ඒ ප්‍රශ්න ලිව්වට පස්සේ Marking sheme එකකට අනුව පිලිතුරු සාකච්චා කරනවා. එවිට ඔබේ ශක්තීන්, දුර්වලතා සහ අඩුපාඩු මගහරවා ගන්නා අයුරු ඔබට පැහැදිලි වෙනවා.
*මේකට ඇවිත් A එකක් ගන්න පුලුවන් වෙයිද?*
සම්පත් පොත නිවැරදිව පාඩම් කොට මෙම පංතියේ ලබා දෙන විභාග මට්ටමේ ගැටලු කිරීමෙන් A/L Biology A සමාර්ථයක් ලබා ගත හැකි වනු ඇත.
*Online join වෙන්න පුලුවන්ද? Recording දෙනවාද? එතකොට Tute ගන්නේ කොහොමද?*
Online join වෙන අයට class zoom link එක WhatsApp group එකේ දානවා. පංති Recording සති 2ක කාලයක් ඇතුලත බලන්න පුලුවන්. Tute pdf දෙනවා. ර්‍ර්ට අමතරව ගෙදරට Courier/Speed Post කරල එවනවා.
*Premium Biology පංතියට ඇතුල් වීමට*
📗 https://wa.me/+94716000300
ට whatsapp message එකක් එවන්න

Dr Hiran Biology

04 Jan, 06:23


MCQ vivaranaya
මෙම ප්‍රශ්නය පදනම් වී ඇත්තේ සම්පත් පොතේ ප්‍රකාශය වන: "පටලයේ පැති දෙක සංයුතියෙන් හා ක්‍රියාකාරීත්වයෙන් වෙනස් විය හැකිය".
3. පරීක්ෂණ නිරීක්ෂණය පෙන්නුම් කරන්නේ: පටල ප්‍රෝටීන තම පැත්ත පවත්වා ගනී. මෙම අසමමිතිය කාලය පුරා පවතින අතර ප්‍රෝටීන පටල මුහුණත් අතර පෙරළෙන්නේ නැත.
1. විචිත්‍ර සැකැස්ම පැත්තේ පැවතීම පැහැදිලි නොකරයි
2. තරල ස්වභාවය චලනයට ඉඩ දෙනු මිස, ස්ථානය පවත්වා නොගනී
4. කොලෙස්ටරෝල් දැඩි බව සපයයි නමුත් අසමමිතිය පැහැදිලි නොකරයි
5. පර්යන්ත ප්‍රෝටීනවල පිහිටීම අසමමිතිය පැහැදිලි නොකරයි
පිළිතුර = 3 [A] (New) (RB Page 12/29)

Dr Hiran Biology

03 Jan, 15:47


Question
Open university eke Bsc IT degree ek hodaid sir ,eka aluth degree ekak ned? Sir aluthen open uni ek gn video ekak dann puluwnd?
Answer
https://youtu.be/IBqnLnjZvic

Dr Hiran Biology

03 Jan, 03:14


Premium Biology
2025 A/L Tute/ Revision -
ආචාර්ය හිරාන් අමරසේකර
ජනවාරි 12 සිට
ඉරිදා 7.30-12.30
🎯 Rotary, Nugegoda
🎯Online
🎯 Recording

Join the group
https://chat.whatsapp.com/CY2ObT1PB8PLSmn2nl1zeD

Dr Hiran Biology

31 Dec, 17:26


Sir 2025ta revision class karanawada
Answer
2025 Revision/Tute
Ow. Me group ekata join wenna.

https://chat.whatsapp.com/CY2ObT1PB8PLSmn2nl1zeD

Dr Hiran Biology

31 Dec, 15:44


Biology Unit 1
Infographic

Dr Hiran Biology

24 Dec, 04:58


Onion -Allium Epidermal peel - ලූණු අපිචර් මීය සිවියක්. මෙහි ඔබට පෙනෙන ව්‍යුහ නම් කරන්න. වැඩිම විශාලනය දැක්වෙන්නේ කවර එකේද?

Dr Hiran Biology

21 Dec, 02:08


Question-
Sampat pote karunu e widiyata ma liyanna onida
Answer-
කරුණු ලියන්න ඕනේ. ඒත් ඒවා ඒවා ඒ ආකාරයෙන්ම ලියන්න ඕනේ නෑ.

Dr Hiran Biology

21 Dec, 01:41


Essay රචනා ප්‍රශ්න අත්වැල

Dr Hiran Biology

16 Dec, 04:16


Q- Sir කොඩේටා වංශයේ සංජානනාත්මක ලක්ශණ විස්තර කරන්න කිව්වොත් මොනවාද ලියන්න ඔනි?
A-
සංජනනාත්මක ලක්ෂණ කියන්නේ එම Phylum ta පමණක් සීමා වූ වෙනත් කිසිදු වංශයක නොමැති ලක්ෂණ. මෙම වචනය හඳුන්වා දුන්නේ පැරණි නිර්දේශය සඳහා මා ලියපු ජීවීන්ගේ විවිධත්වය පොතෙන්. නමුත් අලුත් සම්පත් පොතේ මෙම වචනය කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ.

කෙසේ වෙතත් chordata අවංශයට පමණක් සීමා වූ ලක්ෂණ වන්නේ පෘෂ්ඨ රජ්ජුව, ස්නායු රජ්ජුව, පශ්ච ගුද වලිගය අන්තරග පැළුම් ආදියයි.
නිර්දේශයට අදාල නොවන ප්‍රශ්න කිරීමෙන් වලකින්න. ඒවට පිළිතුරු දීමෙන් අපේ කාලයක් නිරපරාදේ අපතේ යනවා. Type karanna mage time yanawa.

Dr Hiran Biology

15 Dec, 13:22


ඔය මඩල ලිස්සීම (Slip disc- Disc Herniation) වෙන හැටි පැහැදිලි කරන Video එකක්! 👋
ඉහළින් බලන විට ඔබට දැකගන්න පුළුවන්:
- මුලින් නිල් පාටින් තියෙන්නේ නිරෝගී මඩල (healthy disc)
- පස්සේ එය ප්‍රදාහය නිසා රතු පාටට හැරෙනවා
මේ වෙලාවේ මඩල ඇතුලේ ඇති ජෙලි වැනි ද්‍රව්‍ය පිටතට තල්ලු වී, ඒ අසල ඇති ස්නායු මත පීඩනය ඇති කරනවා. මෙය නිසා වේදනාවක් ඇති වෙනවා

පැහැදිලිව පෙනෙන කොටස්:
- සුදු පාටින් ඇති කශේරුකා (vertebrae)
- කහ පාටින් ඇති බන්ධනී (ligaments)
- මඩල ඇතුලේ වෙනස්වන පාට (නිල් ➡️ රතු)

#Anatomy
🙌

Dr Hiran Biology

15 Dec, 13:02


මේ කුමන ආබාධ තත්වයක්ද?

Dr Hiran Biology

14 Dec, 13:46


උපසෛලීය සංඝටක කීයක් දැක්කද?

Dr Hiran Biology

14 Dec, 01:56


ද්විබීජ පත්‍රයක අන්වීක්ෂීය හරස්කඩක් මෙහි දැක්වේ.
1. මධ්‍ය නාරටිය:
- සංධාරණය සඳහා ස්ථූල කෝණාස්තර සෛල අඩංගු වේ
- මැද කොටසේ සනාල කලාප පිහිටා ඇත
2. පත්‍ර තලය:
- උඩු හා යටි අපිචර්මය තනි සෛල ස්ථරයක් ලෙස දැකිය හැකිය
- අපිචර්ම ස්ථර දෙක අතර ඉනි හා සවිවර මෘදුස්‍තර යන පත්‍ර මධ්‍ය සෛල පිහිටා ඇත.
යටි අපිචර්මයේ පූටිකා සහ ඊට ඉහළින් පිහිටි අධ පූටික කුටීර දැකිය හැක.

Dr Hiran Biology

13 Dec, 10:55


මෙම ව්‍යුහය විස්තර කරන්න. මෙම ව්‍යුහය කුමක්ද? එහි ඇති විවිධ පටක වර්ග මොනවාද?

Dr Hiran Biology

12 Dec, 01:45


Q

sir 2026 syllabus biology , chemistry ,physics subject 03ma 2019 new syllabus ekmada?
2020 biology new syllabus resource book ekama ned sir
Answer
Ow. Syllabus wenas une na.

Dr Hiran Biology

10 Dec, 16:25


Premium Biology by Dr Hiran Amarasekera
# 🫁 ශ්වසන පද්ධතියේ ආබාධ - කෙටි සටහන
## 🚬 දුම්පානයේ බලපෑම (පිටුව 220)
* දුම් සමඟ නිකොටීන් ඇතුළත් වීම
* ශ්ලේෂ්මල ස්‍රාවය වැඩි කිරීම
* පක්ෂ්ම ක්‍රියාකාරිත්වය නිෂේධනය
* ගර්තවල සඵල පෘෂ්ඨ වර්ගඵලය අඩු වීම
* CO මගින් O₂ පරිවහන ධාරිතාව අඩු කිරීම

## ⚠️ සිලිකෝසිස් (පිටුව 221)
අධි අවදානම් කර්මාන්ත:
* ග්‍රැනයිට්, ස්ලේට්, වැලිගල් කැඩීම
* ගල් අඟුරු, රන්, තඹ පතල්
* ගල් වැඩ හා වැලි පිඹීම
* වීදුරු හා මැටි භාණ්ඩ

## 🏭 ඇස්බැස්ටෝසිස් (පිටුව 221)
* මහා භක්ෂක මගින් කුඩා කෙඳිති අධිග්‍රහණය
* විශාල කෙඳිති වටා ප්‍රෝටීනමය ද්‍රව්‍ය හා යකඩ තැන්පතු
* තන්තුමය පටක සෑදීම
* පුප්ඵුසීය අධ්‍යාතතිය

## 🦠 ක්ෂය රෝගය (පිටුව 221-222)
* Mycobacterium tuberculosis බැක්ටීරියාව මගින්
* ආසාදිත පුද්ගලයෙකු කැස්ස මගින් පැතිරීම
* රෝග ලක්ෂණ:
- ආහාර අරුචිය
- බර අඩු වීම
- අධික දහඩිය දැමීම
- උණ
- කැස්ස
- ලේ වමනය

## 🤧 ඇදුම (පිටුව 222)
* අනුශ්වාසනාලිකා බිත්තිවල සිනිඳු පේශි හදිසි සංකෝචනය
* පොලන්, දූවිලි, කෘමි, බීජාණු, ආහාර, සීතල වාතය, ව්‍යායාම, දුම් වායු වලට ප්‍රතිචාර
* ප්‍රති-ප්‍රදාහ ඖෂධ මගින් පාලනය
ආචාර්ය හිරාන් අමරසේකර
⚠️ *අවවාදය*:
මෙම කෙටි සටහන 2020 ජාතික අධ්‍යාපන ආයතනයේ A/L ජීව විද්‍යා සම්පත් පොතේ (පිටු 220-222) ඇති කරුණු සරල ආකාරයට ඉදිරිපත් කිරීමකි. මෙම සරල සටහන අධ්‍යයන පහසුව සඳහා පමණි. විභාගයේදී සම්පූර්ණ කරුණු සම්පත් පොතෙන් අධ්‍යනය කර ලිවිය යුතුය.
#ALBiology #BiologyNotes #ශ්වසනආබාධ

Dr Hiran Biology

08 Dec, 06:34


මේ දිනවල තවමත් උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් කරුණාකර ඊළඟ විෂයන් සඳහා ඔබගේ අවධානය යොමු කරන්න. මෙම අනවශ්‍ය සංවාද අහවල් ප්‍රශ්නයට පිළිතුර මේකද මේකද යන ඒවා ඇසුවාට පිළිතුරු දෙන්නේ විභාගයෙන් පසුවයි.

තාමත් නිල ලකුණු සම්මුති නිකුත් වීමක් හෝ paper discuss රැස්වීම පවත්වා නොමැති බැවින් මෙවැනි අනවශ්‍ය දේවලට කාලය ගත කරන්න එපා.

පිළිතුරු ලියා අවසන් බැවින් සිසුන් සිතන්නේ තමා ලියූ පිළිතුරුට නිවැරදි ලකුණු ලබාදිය යුතු බවයි. ගුරුවරු සිතන්නේ තමන් උගන්වූ දේවලට පිළිතුරු ලබා දිය යුතු බවයි.
මේ නිසා පාසල් ගුරුවරු අදාල රැස්වීමේදී මෙම කරුණු පිළිබඳව මහාචාර්යවරු සමග තර්ක කොට වඩා නිවැරදි පිළිතුර සදහා ලකුණු ලබාගැනීම සිදුකරනු ඇත.

මේ වගේ හැම අවුරුද්දකම ප්‍රශ්න එනවා. ගිය අවුරුද්දේ කොකාගෙ ප්‍රශ්නය මේ පාර ඛණ්ඩනය ප්‍රශ්නය. පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න.

Dr Hiran Biology

05 Dec, 16:24


A One-Day Workshop on Molecular Biology Techniques for Advanced-Level Biology Students and School Leavers.

Hurry up...! only 50 seats are available.
Date: 17 Dec. 2024
Venue: Genetics & Molecular Biology Unit, University of Sri Jayewardenepura

Duration: 5 hours (9.00 am -03.00 pm)*
*12.00 noon -01.00 pm – Break

Maximum of 50 participants

Demonstrations (with explanations) of
* DNA extraction
* PCR
* Gel electrophoresis
* Molecular cloning/Recombinant DNA technology

Q & A session with a discussion on sequencing.

Pipette handling + gel loading hands-on experience.

Medium – Sinhala or English
LKR 4500.00/= per person
For more information, please contact Dr. Kasun Thambugala – 0715687752.

For registration: https://docs.google.com/forms/d/e/1FAIpQLSdvC5EKXTha--23GciWvXLXGLl_webHCznPd26S4O4DnNimaA/viewform?usp=sf_link

Registration Deadline: 15 December 2024

Dr Hiran Biology

05 Dec, 14:55


ජපුර සරසවියේ අණුක ජීව විද්‍යා ප්‍රායෝගික.
Date: 17 Dec. 2024

Medium – Sinhala or English
LKR 4500.00/= per person

For registration: https://docs.google.com/forms/d/e/1FAIpQLSdvC5EKXTha--23GciWvXLXGLl_webHCznPd26S4O4DnNimaA/viewform?usp=sf_link

Dr Hiran Biology

05 Dec, 11:52


72 උපන්දිනය දා ගත්ත දිව දික් කරන මහාචාර්ය අයින්ස්ටයින්ගේ සුප්‍රකට ඡායාරූපය- එදා ඡායාරූප බොහොමයකට මුහුණ දීලා මහන්සි වෙලා හිටිය අයින්ස්ටයින් අන්තිමට මේ ඡායාරූපයට දිව දික් කරලා. කෙසේ හෝ මෙය ඔහු ආසම ඡායාරූපයක් වෙලා.
Smile for the camera, Professor Einstein!
When the photographer Arthur Sasse asked physicist and scientist Albert Einstein to smile for the camera on his 72nd birthday on 14 March 1951 – this is the image that was taken. Einstein was tired of smiling for all the photographers and instead decided to stick out his tongue. Einstein himself later used the image on greetings cards that he sent to friends.
This image has become one of the most famous and iconic images ever taken of laureate Albert Einstein, who was awarded the Nobel Prize in Physics 30 years before the photograph was taken.

Dr Hiran Biology

05 Dec, 03:29


රුධිර වාහිනී නොමැති කොටස ස්වච්චය.
මීට අමතරව නිය, කාචය, කාටිලේජ, අපිචර්මයත් ගන්න පුලුවන්

Dr Hiran Biology

23 Nov, 04:05


What part of the body never sleep at night when a person is sleeping?
රාත්‍රියේ නිදා සිටින විට නිද්‍රාවට පත් නොවන දේහ කොටස/ ඉන්ද්‍රිය කුමක්ද?
Answer -

හෘදය කිසිවිට නිද්රාවට නොයයි - එය දිවා රාත්‍රී 24/7 පුරාම ශරීරය පුරා රුධිරය පොම්ප කිරීම සඳහා ස්පන්දනය වේ. ඊට අමතරව, වෙනත් ප්‍රධාන අවයව සහ පද්ධති කිහිපයක්ම නින්දේදී ක්‍රියාකාරීව පවතී:

1. පෙනහලු - ශ්වසනය දිගටම කරගෙන යාම
2. වකුගඩු - රුධිරය පෙරීම
3. මොළය - අපි නිදාගෙන සිටින විට, මොළය තොරතුරු සැකසීම processing සදහා ඉතා ක්‍රියාකාරීව පවතී
4. අක්මාව - විෂ ඉවත් කිරීම සහ පෝෂක සැකසීම දිගටම සිදු කරයි
5. ආහාර ජීර්ණ පද්ධතිය - මන්දගාමී වුවද, ආහාර ජීරණය දිගටම සිදු කරයි

මෙම අවයව අපි නොදැනුවත්ව සිටින විටත් අප ජීවීව සහ නීරෝගීව තබා ගැනීම සඳහා අඛණ්ඩව ක්‍රියා කරයි. ස්වයං සාධක ස්නායු පද්ධතිය මෙම අත්‍යවශ්‍ය කාර්යයන් ස්වයංක්‍රීයව පාලනය කරයි.​​​​​​​​​​​​​​​​

The heart never sleeps - it continues beating 24/7 to pump blood throughout your body. Additionally, several other vital organs and systems remain active during sleep:

1. Lungs - continuing to breathe
2. Kidneys - filtering blood
3. Brain - while we sleep, the brain remains very active, processing information and cycling through sleep stages
4. Liver - continuing to detoxify and process nutrients
5. Digestive system - though slower, it continues processing food

These organs work continuously to keep us alive and healthy, even when we're not conscious. The autonomic nervous system controls these essential functions automatically.​​​​​​​​​​​​​​​​

Dr Hiran Biology

22 Nov, 04:11


What part of the body never sleep at night when a person is sleeping?
රාත්‍රියේ නිදා සිටින විට නිද්‍රාවට පත් නොවන දේහ කොටස/ ඉන්ද්‍රිය කුමක්ද?

Dr Hiran Biology

21 Nov, 10:09


1928 දී, ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං සොයාගත්තේ ඔහු වැඩ කළ දිලීරය බොහෝ බැක්ටීරියා විනාශ කළ හැකි ද්‍රව්‍යයක් නිපදවන බවයි. ඔහු මෙම නව ද්‍රව්‍යය "පුස් යුෂය" ලෙස හැඳින්වීය. ඔහු එය පෙනිසිලින් ලෙස නම් කළේ මාස කිහිපයකට පසුවය.
In 1928, Alexander Fleming discovered the mould he was working with produced a substance that could kill many common bacteria. He called this new, exciting substance "mould juice". Only after a couple of months did he name it penicillin.

#WorldAntibioticAwarenessWeek

Dr Hiran Biology

20 Nov, 17:55


Q-
Sirge model paper eke mcq eke answer sheet ek thiyenw d
A-
Na. Eth eda Vidusara seminar ekedi serama answers kiwwa.

https://www.youtube.com/live/9iUnp9Mzqik?si=Q8_22bvXcJPsC2co

Dr Hiran Biology

19 Nov, 16:11


මෙම ප්‍රශ්නය හා සම්බන්ධ Audio වැඩසටහනක්. (Podcast on MCQ on Properties of Water)

Dr Hiran Biology

19 Nov, 16:11


මෙම ප්‍රශ්නය හා සම්බන්ධ Audio වැඩසටහනක්. (Podcast on MCQ on Properties of Water)

Dr Hiran Biology

19 Nov, 15:24


Question-
සර්,උසස් පෙළ විශය නිර්දේශය වෙනස් වෙන්නෙ අවුරුදු කීයකට වතාක්ද
එක අවුරුද්දකදි Old,New kiyala පේපර්ස් 2ක් එන්නෙ එහෙම උනාමද ?
Answer-
එහෙම නිශ්චිත කාලයක් නෑ. දැනට කොහොමත් 2026 වෙනකම් ඕගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍ර වෙනස් වෙන්නේ නැහැ. 2019 ඔය වගේ ප්‍රශ්න පත්‍ර දෙකක් ඇවිල්ලා උසාවි නඩු තීන්දුවක් ගන්න වුණා. එනිසා 2020 දීනව පැරණි දෙකටම එකම ප්‍රශ්න පත්‍රයක් විවිධ ප්‍රශ්න වෙනස් කරලා දුන්නා.

කොහොමත් 2019 නව නිර්දේශය කිව්වට ෞතික රසායන විද්‍යා වෙනස් වුණේ නැහැ. ජීව විද්‍යාව තමයි ඇත්තටම ගොඩක් වෙනස්කම් ආවේ. ඒ නිසාම තමයි Biology ගුරුවරු කලබල වුණේ.

එහෙම ගත්තහම අවාසනාවන්තම ගුරුවරු තමයි ජීව විද්‍යා ගුරුවරු. මොකෝ භෞතික රසායනික ගුරුවරුන්ට අර කට පාඩම් පරණ නෝට්ම කරුනුම ඉගැන්වීමේ වාසනාව තිබෙනවා.

Dr Hiran Biology

19 Nov, 15:17


Question -
Sir ,Biology essays ඡේද ලියද්දි රූල් එකක් ඉඩ තියලා වෙන් කරන්නද?ඊලග රූලෙන්ම පටන් ගන්නද?
Answer -

කොහොම ලිව්වත් හරි කරුණු තියෙනවා නම් ියමිත ලකුණු ප්‍රමාණය ලැබෙනවා. හැබැයි පොඩ්ඩක් ඉඩ කියලා ලිවීමේ වාසිය තමයි පස්සෙ අමතක වෙච්ච කරුණක් තිබුනොත් ලියන්න පුළුවන් වීම. කෙසේ වෙතත් ෑම ප්‍රශ්නයක්ම අලුත් පිටුවකින් ආරම්භ කරන්න.

Dr Hiran Biology

18 Nov, 03:57


Question-
Sir apu essay prashna aya enne na ned.?
Answer -
Danne na. Man neme paper hadanne.

Dr Hiran Biology

17 Nov, 13:26


Live now - Biology Model Paper 2024 Advanced Level | Professor Hiran Amarasekara
https://www.youtube.com/watch?v=9iUnp9Mzqik

Dr Hiran Biology

17 Nov, 06:02


Question-
Eka mara logic ekak ne sir ?danne nathi hinda ahnne wena ratawalath mehema kata padamma karala eka e vidiyatama exam eke liyanna onada medicine yanna?
Answer-

වෛද්‍ය පීඨයට ගියත් ලෙඩුන්ගේ රෝග ලක්ෂණ ඔවුන්ට දිය යුතු ඖෂධ වගේ මූලික කරුණු මතකගැනීම අත්‍යවශ්‍ය වෙනවා. blooms taxonomy of questions රශ්න රටා පිළිබඳව අප පන්තිවල සඳහන් කරලා තිබෙනවා. ඔබටත් මේ පිළිබඳව දැනගැනීමට අවශ්‍ය නම් අද සවස මගේ විදුසර YouTube live එකට එන්න.

Dr Hiran Biology

17 Nov, 01:53


🎯 ජීව විද්‍යාවේ රචනා ප්‍රශ්නවලට පිලිතුරු ලිවීම යනු සම්පත් පොත්වල ඇති කරුණු නැවත ලියා දැක්වීමයි.🌼🌼🌼

Dr Hiran Biology

17 Nov, 01:53


Question -
Sir, apita essay ekak dunnoth like nanotechnology soo wht are the points v should include there
Answer -
එක් එක් කොටස් ආවොත් කොහොමද ලියන්නේ කියලා අහන්න එපා. සම්පත් පොතේ ඇති කරුණු ලියන්න මේ ප්‍රශ්නය සඳහා unit 10 සම්පත් පොතේ 68-69 pages නැනෝ තාක්ෂණය පිළිබඳව කරුණු අදාළ පරිදි ලියන්න.

Dr Hiran Biology

16 Nov, 17:14


උසස් පෙළ සඳහා පොත් අතර හොඳම පොත සම්පත් පොතයි. ප්‍රශ්න අතර හොඳම ප්‍රශ්න විභාග ප්‍රශ්නයි.

Dr Hiran Biology

16 Nov, 17:09


🎯 "මා දකින්නා ධර්‍මය දකී."
මහාචාර්‍යතුමා දැකීමට නම් ඔහු සෑදූ ප්‍රශ්න අවබෝධ කරගන්න. මේ නිසා 2019-2023 දක්වා A/L Biology Essay කොටස් බලා ගන්න. මේ තියෙන්නේ 2023 A/L Biology Essay Infographics එකක්.

Dr Hiran Biology

15 Nov, 17:54


Download 2024 Physics Prof Kalinga Bandara Model Paper and Answers

https://studentlanka.com/2024/11/15/download-2024-physics-prof-kalinga-bandara-model-paper-and-answers/

Dr Hiran Biology

15 Nov, 01:46


2024 A/L Biology Seminar by Dr Hiran Amarasekera:
මෙවර උසස් පෙළ විභාගයට ඉදිරිපත්වන ඔබේ යහලුවන්ව, සහෝදර සහෝදරියන්ව, දූ පුතුන්ව මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න.

ප්‍රශ්න පත්‍රය Download කරගැනීමට 👇
https://studentlanka.com/2024/11/05/download-a-l-2024-biology-model-paper-by-dr-hiran-amarasekera/

WhatsApp Group එකට සම්බන්ධවීමට 👇
https://chat.whatsapp.com/I6suy7uUOeX57NkLDuKILT

Vidusara Online YouTube නාලිකාවට 👇
https://youtube.com/@vidusaraonline?si=R-NRApKX9hFidglv

Dr Hiran Biology

14 Nov, 06:42


Question-
Sir chemistry karana gaman molecular karala wadak weida?
Answer-
Business, Data science, CIMA karanna. USA යාමට වඩා ලේසි Chemistry Hons degree

Dr Hiran Biology

14 Nov, 06:11


Question-
1. sir, moleculer biology colombo campus eke privet digree eka karaddi government university eke digree ekakuthth karanna barida
2. ex;- medicine karana gaman moleculer digree eka karanna barida
Answer -
1. Puluwan
2. Welawa kohenda.

වෛද්‍ය පීඨයක ඉගෙන ගන්න අතර වෙනත් ඒවා කරන්න වෙලා තියෙනවද?ලෝකෙ දෙවෙනියට අමාරු එක ලංකාවේ MBBS. පලවෙනි යඅමාරු එක උසස් පෙළ.

මේ අනුක ජීව විද්‍යාව බාහිර උපාධිය කරා කියලා ඕගොල්ලන්ට සුවිශේෂ රැකියා, පරීක්ෂණ අවස්ථා එහෙම ලැබෙනවා කියලා මට සහතික වෙන්න බෑ.

Dr Hiran Biology

14 Nov, 06:05


Questions -
1. 4 years nemei nisa prasnayak wenawada higher studies waladi sir?
2. Job kohomada?
Answer-
1. MSC karanna puluwan. USA wage yanna ba. External Hons degree denne na.
2. Jobs- no idea

Dr Hiran Biology

13 Nov, 08:24


IBMBB_ colombo campus
Moleculer biology external digree 1 gena kiyannako sir?
Answer -
මේකේ Prof Jagath අපේ molecular biology course එකට සම්බන්ධ වුනා. ගොඩක් facilities තියෙන තැනක්. Postgraduate research කලේ. දැන් BSc පටන් අරන්.

Application deadline extended till 15th December 2024

Dr Hiran Biology

10 Nov, 15:47


හිරාන් අමරසේකරගේ බදුල්ල සම්මන්ත්‍රණය

Dr Hiran Biology

10 Nov, 05:51


Question-
වැරෝලි සේතුවේ ශ්වසන මධ්‍යස්ථාන දෙකක්
Apneustic
Pneumotaxic ලෙස තියෙනවා නේද
මේ ප්‍රශ්නෙ 1 ප්‍රකාශයත් නිවැරදි කියාල ගන්න පුළුවන් නේ එතකොට
ඒත් මේ පාර Olympiad marking eke දාලා තියෙන්නේ 5 වෙනි උත්තරේ
1 ප්‍රකාශය වැරදි ඇයි කියාල පැහැදිලි කරන්න පුළුවන්ද සර්
Answer-
වැරෝලි සේතුවේ මධ්‍යස්ථාන දෙකක් මගින් ස්වසනය පාලනය වෙනවා කියන එක පැරණි නිර්දේශ කරුණක්. එය සම්පත් පොතේ හෝ අළුත් පාඨ ග්‍රන්ථවල සඳහන් වන්නේ නැහැ. පැරණි සටහන් උගන්වන ගුරුවරුන්ගෙන් ඉගෙන ගැනීමෙන් මෙවැනි වැරදි උත්තර තේරීම සිදුවෙනවා. සම්පත් පොත් වල කරුණු පමණක් විභාග වලට ලියන්න.

Dr Hiran Biology

05 Nov, 06:15


Question-
Sir colombo campus eke external applied chemistry degree eke hodaida? Eka karala industrial chemistry parhthata yanna puluwanda?
Answer -
Danne na

Dr Hiran Biology

04 Nov, 04:08


A/L Biology ජීව විද්‍යා රචනා ප්‍රශ්න පිලිතුරු ලිවීමේ ශිල්පය
How to get full marks for Biology essay according to marking scheme. https://youtu.be/46JxNmW8m34

Dr Hiran Biology

02 Nov, 13:51


Biology අද දෙරණ - 2024 model paper හා විභාග ශිල්ප ක්‍රම.
විභාගයට පෙර - අලුත්ම වැඩ සටහන

https://youtu.be/02C9NV4KbaU?si=Y6F0gIehFxWQaKQc

Dr Hiran Biology

01 Nov, 04:53


Biology Inforgraphics - 3.
ජීවින්ට පොදු ලක්ෂණ

Dr Hiran Biology

30 Oct, 17:17


Question-
Sir Teachers guide eke pdf eakak danna puluwanda
Answer-
Ba. Ewa prashana hadana ayawath balanne na. One nam kiyawa lakunu adu Kara ganna.
හැමදාම කියනවනේ සම්පත් පොත විතරක් බලන්න කියලා. ඒත් ගොඩක් මහන්සි වෙලා S F ගන්න අයත් ඉන්නවනේ.

Dr Hiran Biology

30 Oct, 17:15


Question -
බාහිරාසර්ග ග්‍රන්ථියක් කියන්නෙ මොකද්ද 🙄
Answer -
බාහිරාස්‍රග ග්‍රන්ථිය (Exocrine gland) කියන්නේ නාල හරහා බාහිර පෘෂ්ඨයකට ස්‍රාව පිටකරන ග්‍රන්ථි. උදාහරණ
ස්වේද ග්‍රන්ථි - සමට දහඩිය මුදා හැරීම
ආමාශයික ග්‍රන්ථි - ආමාශ යුෂ නිපදවීම
අග්නාශයික ග්‍රන්ථි - ආහාර ජීර්ණ එන්සයිම නිපදවීම
මේවා අන්තර්සර්ග ග්‍රන්ථි වලින් වෙනස්. අන්තරාසර්ග ග්‍රන්ථි හෝමෝන ස්‍රාවය කරන්නේ කෙලින්ම රුධිරයටයි.

Dr Hiran Biology

30 Oct, 12:12


Biology Inforgraphics 2 -
නිර්දේශයේ ඇති ඒකක දහය සහ එම ඒකක යටතේ ඇති කාලච්ඡේද සංඛ්‍යාවන්. විභාගයේදී ප්‍රශ්න ලැබෙන්නේ මෙම කාලච්ඡේද සංඛ්‍යාවේ බර තැබීම අනුවය.

Dr Hiran Biology

30 Oct, 11:20


A/L කල් යන්නේ නෑ. විකො කියයි. Download Time Table

https://studentlanka.com/2024/10/30/gce-a-l-2024-exam-dates-november-25-december-20-download-official-time-table/

Dr Hiran Biology

29 Oct, 18:21


https://t.me/+TKRPZMSzVncggyQO

Dr Hiran Biology

27 Oct, 16:54


Biology- infographic
ජලයේ ගුණ

Dr Hiran Biology

27 Oct, 16:52


Question -
සර්, essay ලියද්දි සම්පත් පොතේ තියන තනි දිග වාක්‍ය, අර්ථය වෙනස් වෙන්නැති වෙන විදිහට වාක්‍ය 2කට 3කට විතර කඩල ලිව්වොත් ලකුණු දෙනවද?
Andwer-
Ow. කිසිම ප්‍රශ්නයක් නෑ.

Dr Hiran Biology

27 Oct, 01:17


Question-
Medical imaging kiyanne aluth degree ekk mn hithanne.ekai කවුරුවත් hari uththarayak nodenne.
Answer -
Medical imaging kiyanne Radiogrphy thama. MBBS walatath wada loke job demand wadi. https://youtu.be/aXilFy2P5q0?si=0yhGARvCawSdslmy

Dr Hiran Biology

26 Oct, 15:17


පාසැලේදී මෙන්ම ජපුර සරසවියේදීත් Swimming Chess ක්‍රීඩා කරන අතර සියලු medical faculty අතර MBBS island merit list එකෙන් දිවයිනේ ප්‍රථමයා වූ Japura Medical Faculty එකේ Dr දිනුල් දොලුවීර.

https://youtu.be/S3VvhMjWjQE?si=IQAJCZh2EVySeH3V

Dr Hiran Biology

26 Oct, 03:24


Question-
Sir mn mn monaragala 2025 al bio science . Mn dent chemistry wlt clz dekkt ynw online , physical . Mt den studies wlt time nh sir mn online clz ekt yn ekd hod neththm physical clz ekt yn ekt hod kiyl poddk advice ekk dennko sir
Answer-
ගොඩක් අය හිතාගෙන ඉන්නේ උසස් පෙළ කරනවා කියන්නේ ක්ලාස් ගිහිපයකට යාම කියලා. ඇත්තටම එම ව්‍යාපාරය පවත්වාගෙන යෑම සඳහා online, physical, ගෙදරට ගෙන්න ගන්න අයියාගේ වැනි ක්ලාස් කීපයකට යන්න. නමුත් ඔබගේ විභාග ජයග්‍රහණ පාසලෙන් සම්පත් පොත් කියවීමෙන් සහ අවශ්‍ය නම් පන්තිවලට යාමෙන් සාර්ථක කරගන්න.

මේකෙ කියනවා වගේ ගොඩක් අයට ඒ පන්ති ගියාට ඒවා දාරණය කරගැනීමට වෙලාවක් නැහැ. ඒ වගේම රෙකෝඩින් ලබා ගත්තට ඒවා කවදාවත් බලන්නෙත් නැහැ ක්ලාස් යාම නවතා/ අඩු කොට ඉගෙන ගන්න.

එම ගුරුවරුන්ගේ අනුගාමික සිසුන් සිතා සිටින්නේ ඒ පන්තිවලට සහභාගි වීම යනු A සමර්ථ ලබාගැනීම කියලා. ඊට පස්සේ ෆේල් වුනහම හෝ S C ආවම නැවතත් දෙවෙනි තුන්වෙනි වරටත් class යනවා.

Dr Hiran Biology

26 Oct, 03:20


Question-
Sir mudal gevapu ayata email msg ekak enne kawadda
Answer-
Auto email ekak enawa. Next week zoom groups walata danawa.

Dr Hiran Biology

26 Oct, 03:08


Question
Sir Olimpiad yanna 12 wasare muladi barida?
Answer-
Puluwan. Habai 1-9 units Wala questions enawa

Dr Hiran Biology

24 Oct, 12:08


Question-
මානව කළලයේ සුහුඹුල් මොළය බවට පූර්ව මොළය ,මධ්‍ය මොළය, හා අපර මොළය විකසනය වෙයි

ේක හරි නේද ? කවුරුහරි කියන්න පුළුවන් ද 🙄

මානව කළල විකසනයේදී සුහුඹුල් මොළය බවට පූර්ව මොළය, මධ්‍ය මොළය ,අපර මොළය පත් වෙයි කියන්න බැරිද 🙄 බෑ නේද ? තේරුම් දෙකක්ද ?
Answer-

ඔව්,
මෙහි ප්‍රකාශන දෙක අතර සූක්ෂම වෙනසක් තිබෙනවා:
විද්‍යාත්මකව ගත් කල, පළමු ප්‍රකාශය වඩාත් නිවැරදියි.
- මානව කළලයේ මොළය විකසනය වන විට, එය කොටස් තුනකට බෙදී වර්ධනය වෙනවා (පූර්ව මොළය, මධ්‍ය මොළය, අපර මොළය)

Dr Hiran Biology

24 Oct, 11:57


Question-
Sir..Can I get an A result in final exam if I study from 1st to 5th units?
Answer-
ජීව විද්‍යාව A ගන්නවා කියන එක මේ හිතාගෙන ඉන්නවට වඩා අභියෝගාත්මක වැඩක්. එහෙම A ගන්නම ඕනේ කියලා නීතියක් නෑනේ?

Dr Hiran Biology

24 Oct, 11:53


Question-
සර් plz reply සර්..සර් පළාත් papers කරද්දී සහ bio පරණ past paper එකක හම්බුනා practical essay වලට ඇවිත් තියනවා .. එතකොට සර් අපි practical පොතත් essay වලට ready වෙලා යන්න ඕනද සර්...
එතකොට ඒවගේ ලකුණු ලැබෙන point සර්...
Answer-
දන්නේ නෑ. ඔය පළාත් සභා, school, tuition class වගේ විවිධ ප්‍රශ්න පත්‍ර බලලා ිභාගයට ඒ ජාතියේ ප්‍රශ්නෙ එයි කියලා නිමානය කරන්න යන්න එපා. පසුගිය විභාග ප්‍රශ්න රටාව අනුව ‍රශ්න පත්‍රයට සූදානම් වෙන්න. මේ වගේ ප්‍රශ්න පත්‍ර රාශියක් කර කර ඒවට බය වෙලා ඉන්නවට වඩා සම්පත් පොත් ටික හරියට කියෝගත්තනම් හොඳයි නේද?

Dr Hiran Biology

23 Oct, 01:39


ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියට අයදුම් පත් යොමු කළ හැකි අවසාන දිනය ඔක්තෝබර් 24. හෙට
https://www.iobsl.org/olympiad/sri-lankan-biology-olympiad-2024

Dr Hiran Biology

22 Oct, 13:10


Question
Sir,I am a biology teacher.
10 පාඩමේ මූලික සෛල චිකිස්තාව ගැන තවත් ටිකක් දැනගන්න ඕනේ.සර් කරපු vedios හරි පොතක් හරි තියනවා නම් විස්තර එවන්න.
Answer-
For high school students interested in stem cell therapy, the following videos provide engaging and educational content:

1. Virtual Classroom: Stem Cells 101
Duration: 45:43
This webinar led by Dr. Raeka Aiyar covers the basics of stem cells, their origins, functions, and importance in medical research. It's designed for grades 7-12. [Watch here](https://www.youtube.com/watch?v=lDL6xbHr0Ug) [1].

2. What Are Stem Cells?
Duration: 4:11
Craig A. Kohn explains the science of stem cells and their potential in personalized medicine, making it accessible for a general audience. [Watch here](https://www.youtube.com/watch?v=evH0I7Coc54) [3].

3. What Are Stem Cells | Genetics | Biology | FuseSchool
Duration: 3:57
This video discusses the types of stem cells and their applications in treating diseases, emphasizing their significance in modern medicine. [Watch here](https://www.youtube.com/watch?v=9db44fBrWrE) [4].

These resources provide a solid foundation for understanding stem cells and their therapeutic potential.

Sources
[1] Virtual Classroom: Stem Cells 101 (Grades 7-12) - YouTube https://www.youtube.com/watch?v=lDL6xbHr0Ug
[2] All About Stem Cells and Becoming a Scientist (K-6) - YouTube https://www.youtube.com/watch?v=rcwGO1g30DA
[3] What are stem cells? - Craig A. Kohn - YouTube https://www.youtube.com/watch?v=evH0I7Coc54
[4] What Are Stem Cells | Genetics | Biology | FuseSchool - YouTube https://www.youtube.com/watch?v=9db44fBrWrE
[5] Bachelor of Chemistry https://free-apply.com/en/university/1084000628/programs/1c346b61-74f7-47ca-8821-0a425f550b51
[6] Academics https://www.deltastate.edu/academics/
[7] Top 100 Colleges and Universities with Highest Acceptance Rates in 2024 - Education Corner https://www.educationcorner.com/colleges-with-highest-acceptance-rates/
[8] Chemistry Graduate Studies https://www.lsu.edu/science/chemistry/academics/graduate/index.php

Dr Hiran Biology

19 Oct, 16:08


🎯සම්පත් පොතේ වැරදි තියෙනවා ඒක බලන්න එපා මගේ සටහන විතරක් බලන්න වගේ කාරණා ඉතාමත්ම බරපතල ප්‍රකාශ. එවාට අසු නොවී නිවැරදි විෂය දැනුම ලබාදෙන පාසල වෙත නැවත යොමු වන්න.

සම්පත් පොත් සාදා ඇති කීර්තිමත් ගුරුවරුන් මහාචාර්යවරුන් සහ විභාග ප්‍රශ්න සාදන මහාචාර්යවරුන්ටත් වඩා මේ අයගේ දැනුම වැඩි බව ඇතැම් අනුගාමිකයන් පිලිගෙන ඇති බව පෙනේ.

Dr Hiran Biology

19 Oct, 15:51


Question -
අනේ සර් මොකද්ද මේ කියන කතාව 23 සන්ශෝදනයක් ආවාද ...
20 එක නේ අපි හැමොම වගේ කරේ
Answer -
එක් එක් ගුරුවරුන් මේ වගේ විවිධ ප්‍රකාශ කිරීමත් අනුගාමිකයන් ඒවාට අසු වී වලේ වැටීමත් අපට නවත්වන්නට බැහැ. කෙසේ වෙතත් nie.lk වෙබ් අඩවියේ පවතින සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛනයට අනුව මෙවර වගේම ඉදිරි විභාග වලත් ප්‍රශ්න සාදන්නේ 2020 සම්පත් පොතට අනුවයි.

ඔබ බලන්නේ 2022 හෝ 2023 සංස්කරණය නම් එය දිගටම බලන්න. marking scheme හදන්නේ ඒවාට අනුකූලවයි. ඒ විතරක් නෙමේ ඉංග්‍රීසි සහ දෙමළ මාධ්‍යය සම්පත් පොත් වල තියෙන කරුණුත් මීට වඩා වෙනස්. (ඒ බව මේ සිංහල මාධ්‍යයෙන් උගන්වන ගුරුවරු දන්නවාද දන්නේ නෑ.) මෙම ඕනෑම එහෙකට මැප් කරලා තමයි ලකුණු සම්මුතිය හදන්නේ.
මේ පිළිබඳව නිවැරදි කරුණු අවශ්‍ය නම් මෙවැනි හතු පිපෙන ගුරුවරුන්ගෙන් නොවෙයි හොඳ විෂය ප්‍රාමාන්‍යක දැනුමක් ඇති පාසල් ගුරුතුමා හෝ ගුරුතුමියගෙන් අසන්න. ඒවා දැනගන්න ඉතින් ළමයි පාසල් යන්නේ නෑනේ. විශ්වාසය තියෙන්නේ පිට අය ගැනනේ?

ඔබට ඇති මුදල් මෙවැනි ගුරුවරුන්ට ලබා දෙන්න. නමුත් නිවැරදි සම්පත් පොතේ ඇති කරුණු පමණක් විභාගයට ලියා සමත් වෙන්න.

Dr Hiran Biology

19 Oct, 15:13


මෙහි දැක්වෙන්නේ ඒක සෛලික සත්වයෙක්. protozoa ලෙස ක්ෂුද්‍රජීවී විද්‍යාවේ හඳුන්වනවා. මෙම රූප සටහන් තවදුරටත් විස්තර කරන්න.

Dr Hiran Biology

17 Oct, 07:35


මේ photo විස්තර කරන්න.

Dr Hiran Biology

15 Oct, 00:50


Question-
Kawruhari plz answer ekk dennko
structured essay wala answer ekata hari ekai waradi ekai liwwoth minus marks da enne? Nathnam prashnetama marks nathi wenawada?
Answer-

උසස් පෙළ ව්‍යුහගත ප්‍රශ්නවලටපිළිතුරු ලිවීම සඳහා උපදෙස් අමරසේකරගේ 2021 උසස් පෙළ විවරණ පොතෙන් මෙහි දක්වා ඇත.

Dr Hiran Biology

13 Oct, 03:17


Question-
මෙහි පිළිතුර 3ද? 4ද?
එය ලබාගන්නේ කෙසේද?
(2011)
Answer-
මේ තියෙන්නේ පැරණි ගුරු අත් පොතේ තිබුණ "වැරදි" කරුණක් මත අහපු ප්‍රශ්නයක්. දැන් ගත්තොත් අචල සහ චලතාපී යන සතුන් දෙගොල්ලන්ගේම 4. විශිෂ්ට තාප ධාරිතාවය සහ ඉන් පසුව 3. වාෂ්පීකර. ගුප්ත තාපය නියත දේහ උෂ්ණත්වයක් පවත්වා ගැනීමට අවශ්‍ය වෙනවා.
PS- පැරණි නිර්දේශයේ ප්‍රශ්න හෝ ප්‍රමතිගත නොවූ ප්‍රශ්න කරන්න එපා. මේ බව කිහිප වරක් කිව්වා. මේ වගේ වැරදි ප්‍රශ්නවලට උත්තර හොයන වෙලාව නිදා ගැනීමට යොදා ගන්න. New resource book content is also attached.

Dr Hiran Biology

12 Oct, 17:40


මෙම සතියේ 2024 රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ලබා දී ඇත්තේ 1. AI භාවිතා කොට නව ප්‍රෝටීන design කිරීමේ ශිල්ප ක්‍රමය සහ 2. ප්‍රෝටීන ව්‍යුහය පුරෝකතනය සොයා ගත් විද්‍යාඥයන් තුන් දෙනෙකුට.

The 2024 Nobel Prize in Chemistry was awarded to David Baker for computational protein design, and jointly to Demis Hassabis and John Jumper for developing AlphaFold2, an AI model predicting protein structures. This recognition highlights the significance of computational methods in understanding protein biology, which is crucial for advancements in medicine and biotechnology, including drug development and disease understanding

Dr Hiran Biology

11 Oct, 16:58


Question -
English medium nadda sir?
Answer -

මෙම ජීව විද්‍යාව බහුවරණ විවරණ පොත් තවමත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් මුද්‍රණය කොට නොමැත.

Dr Hiran Biology

10 Oct, 12:57


Hiran Amaraskera MCQ විවරණ පොත්
https://youtu.be/dh7V3NicocE

Dr Hiran Biology

09 Oct, 13:40


ඇසේ සුද ඉවත් කෙරෙන cataract operation සිදු කරන ආකාරය. නව කාචයක් ඇතුල් කිරීම.

Dr Hiran Biology

07 Oct, 16:33


මෙම ප්‍රශ්නය ඔබ වෙත ඉදිරිපත් කළේ යම් විකල්ප පිළිතුරු රැසක් ඉදිරිපත් කළ හැකි ප්‍රශ්නයක් ලෙසයි. විභාගයට මේ ආකාර ප්‍රශ්න එන්නේ නැහැ. කෙසේ වෙතත් බොහෝ සිසුන් හා fb.com/hiranbiology ඔස්සේ අන් අයත් නිර්මාණශීලීව මේ ප්‍රශ්නය උත්සාහ කර තිබීම ප්‍රශංසනීයයි.
මගේ පිලිතුර-
සිරකරුවා පාන් තෝරා ගන්නේ නොනැසී ජීවත්වීම දිගු කාලීන පලායාමට වඩා ජීව විද්‍යාත්මකව වැදගත් වන බැවිනි. immediate survival takes precedence over long-term escape.

පාන්, සිරකරුවාගේ පරිවෘත්තිය, ශක්ති නිෂ්පාදනය, සමස්ථිතිය වැනි ජීව ක්‍රියා සඳහා වහා ශක්තිය ලබා දෙයි.

ආහාර නොමැති වුවහොත් ශක්තිය නොලැබී යාමෙන් යතුර ගැනීමටත් පෙර කුසගින්න නිසා ඔහු මිය යාමට පවා ඉඩ තිබේ.

කුසගින්න වැනි අධික ආතති තත්ත්ව යටතේ නොනැසී ජීවත්වීම සඳහා ජීවීන් පරිණාමිකව අනුවර්තනය වී ඇති ආකාරය මෙයින් දැක්වෙයි.

Dr Hiran Biology

05 Oct, 06:05


ඔබගේ ජීව විද්‍යා දැනුම මත මේ සිරකරුවා යතුර වෙනුවට පාන් ලබාගැනීමට පෙලබෙන්නේ ඇයිදැයි කියන්න. (විවිධ පිලිතුරු තිබිය හැක)

Dr Hiran Biology

05 Oct, 04:37


ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශයකයෙක් මා සමග පැවසූ ආකාරයට 2020 මුද්‍රණයම තමා නැවත මුද්‍රණයක් ලෙස 2023 කියලා ්‍රකාශනය කරලා තිබෙන්නේ.

මෙතන පරිසර පද්ධති වගුවේ සහ ඡේදය අතර සංඛ්‍යාවල නොගැලපීමක් තිබුනනම් ඒකෙ දෝෂය නිවැරදි කරා වෙන්න ඇති. කෙස් වෙතත් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛනයට අනුව විභාගයට ප්‍රශ්න හදන්නේ 2020 නව සංස්කරණය සම්පත් පොතට අනුවයි. ඒක තම nie.lk website එකේ තියෙන්නේ.

Dr Hiran Biology

05 Oct, 04:33


Q
Sir 2025 A/L s waladi syllabus wenas wenawada?
Biology resource book den thiyena 2020 eka wenas wenawada?
A
Na. www.nie.lk website eke thiywna 2020 edition balanna

7,111

subscribers

318

photos

26

videos