Science 𝐇𝐔𝐁 ❤️ @biologyessays Channel on Telegram

Science 𝐇𝐔𝐁 ❤️

@biologyessays


•A/L ගැන,
•Medicine ගැන,
•Medical student Life එක ගැනත්
දැනගන්න ගමන්ම,
සමාජ හා දේශපාලන සාක්ශරතාවයත් ලබාගන්න

දැන්ම එකතුවෙන්න
Science HUB
https://t.me/BiologyEssays

Science 𝐇𝐔𝐁 ❤️ (Sinhala)

විශේෂ හොඳම කවුලු හා විද්‍යාවලියක් ගැන දැනගන්නන්ටත් රහස් කරමු! නියමිත සමාජය සහ දේශපාලන සාක්ෂණ ලබා ගැනීමට අහනවා. ආක෾වන්වම ලබාගත් නිවසේ දැන්ම සමාර වෙබ් අඩවියට පිවිසෙන්න. දැන්වීම් සමග හබන්පත්. Science 𝐇𝐔𝐁 සදහා ලියාපදිංචිය. https://t.me/BiologyEssays

Science 𝐇𝐔𝐁 ❤️

12 Jan, 15:37


සති දෙකකට පෙර වූ සත්‍ය සිදුවීමක් ඇසුරිනි. 😪

https://t.me/Dr_Biology_with_meddo

Science 𝐇𝐔𝐁 ❤️

12 Jan, 07:00


Science 𝐇𝐔𝐁 ❤️ pinned «🔰හැමදාම කොහොමත් පාඩම් කරන්න වෙනවනේ. හොදට පාඩම් කරන්න ඕනි තමයි ,එහෙමයි කියලා ඉදලා stess release වෙන්න මෙහෙම ආතල් එකක් එහෙමත් ගන්න ඕනි . Semester exam එකකට පස්සේ ,මහකනදරාවේ ගිහින් ,යාලුවෝ එක්ක ගතකරපු සුන්දර දවස. පාඩම් නම් පාඩම් ,ට්‍රිප්නම් ට්‍රිප් ,ආතල්නම්…»

Science 𝐇𝐔𝐁 ❤️

12 Jan, 06:56


🔰හැමදාම කොහොමත් පාඩම් කරන්න වෙනවනේ.
හොදට පාඩම් කරන්න ඕනි තමයි ,එහෙමයි කියලා ඉදලා stess release වෙන්න මෙහෙම ආතල් එකක් එහෙමත් ගන්න ඕනි .

Semester exam එකකට පස්සේ ,මහකනදරාවේ ගිහින් ,යාලුවෝ එක්ක ගතකරපු සුන්දර දවස.


පාඩම් නම් පාඩම් ,ට්‍රිප්නම් ට්‍රිප් ,ආතල්නම් ආතල් , වැඩනම් වැඩ .මොනදේ කරත්,හැමදේම Balance එකේ කරන්න ඕනි ,ආ නැද්ද ?. ඔයාලත් හොදට වැඩ කරල ,විවේක වෙලාවක් අරන් මෙහෙම experience එකක් අරන් බලන්න❤️

https://youtu.be/sScRMQfxDYY?si=bAPtfXfI0_S3P5AX

Science 𝐇𝐔𝐁 ❤️

12 Jan, 01:43


ඇයි ප්‍රතිජීවක මෙච්චර භයානකයි කියන්නේ ?

අදහස් comment කරන් යන්... 😉 ( article එකක් දාන්නම් පස්සේ )

https://t.me/Dr_Biology_with_meddo

Science 𝐇𝐔𝐁 ❤️

11 Jan, 11:34


Science 𝐇𝐔𝐁 ❤️ pinned «»

Science 𝐇𝐔𝐁 ❤️

11 Jan, 11:34


Chemistry Group class ඕන කෙනෙක් ඉන්නවනම් සම්බන්ධ වෙන්න. මගේ යාලුවෙක් නිසා බය නැතුව recommend කරනවා 🔥

Science 𝐇𝐔𝐁 ❤️

11 Jan, 09:43


මානසික ආතතිය (පලමු ලිපිය)

මානසික ආතතිය යනු මිනිසාට ඇතිවන ස්වභාවික හැඟීමකි.

මානසික ආතතියේ රෝග ලක්ෂණ

🥺නොරුස්සනා සුලු බව
අනිසි බිය,ආත්ම අභිමානය පහත වැටීම,සෘණාත්මක සිතුවිලි ඇතිවීම,සිත එකඟ කරගැනීමට අපහසු වීම,
අධික මත්පැන් භාවිතය සහ දුම්පානය,අමතක වීම
තීරණ ගැනීමට අපහසු වීම
හිසරදය,උදරාබාධ ඇතිවීම
දහඩිය දැමීම,කට වියලී යෑම,මුත්‍රා පිටවන හා වැසිකිලි යන රටාව වෙනස්වීම🥺(රෝග ලක්ශණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.)

ඔබ මානසික ආතතියකින් පෙලෙන විට,ඔබගේ ශරීරය කෝටිසෝල්, ඇඩ්‍රිනලින් සහ නොරැඩ්‍රිනලින් වැනි ආතති හෝමෝන වැඩිපුර ශ්‍රාවය කරයි.මානසික ආතතිය ඇති විට මෙම හෝමෝන රුධිරයට වැඩිපුර එකතු වේ.එමගින්, මානසික පීඩනය සහ අවදානම සමග කටයුතු කිරීමට ඔබේ ශරීරය හැඩ ගැසේ. මෙම සංකල්පය “සටන් කිරීම හෝ පලා යාම ලෙස හැඳින්වේ. නමුත්, ඔබ දිගටම මානසික ආතතියෙන් පෙලෙන්නේ නම්, ඔබගේ ශරීරයේ ආතති හෝමෝන මට්ටම දිගටම ඉහළ ගොස් පවතින අතර, එය රෝග ලක්ෂණ ඇතිකිරීමට හේතුවේ.

https://t.me/Dr_Biology_with_meddo

Science 𝐇𝐔𝐁 ❤️

11 Jan, 04:43


පරණ පුස්කොළ පොතකින් හොයා ගත්තෙ...
😏

(Nangila, Injonta nm prema karanna epa.unta owa ne 😏)

Science 𝐇𝐔𝐁 ❤️

10 Jan, 15:17


🔰Rickets යනු, මූලිකව විටමින් D ඌනතාවය හෝ කැල්සියම් සහ පොස්පේට් පරිවෘත්තිය අඩාල කරන වෙනත් හේතූන් නිසා වර්ධනය වන,අස්ථි සහ කාටිලේජවල දෝෂ සහිත ඛනිජකරණය මගින් ඇතිවන තත්වයකි.

දරුවන්ට බලපාන අතර, ඇටසැකිලි විකෘතිතා සහ වර්ධනයේ පසුබෑමකට තුඩු දෙයි.
1,25-ඩයිහයිඩ්‍රොකොලෙස්ටරෝල්
හෙවත් සක්‍රීය විටමින් D (කැල්සිට්‍රියෝල්) නිෂ්පාදනය අඩුවීම මගින් බඩවැල් මගින් කැල්සියම් සහ පොස්පේට් අවශෝෂණය අඩු කිරීමෙන් , Hypocalcemia හෙවත් රුධිරගත කැල්සියම් අඩුවීම මගින් පැරතයිරොයිඩ් හෝමෝන (PTH) ස්‍රාවය උත්තේජනය කරන අතර එමඟින් අස්ථි වලින් කැල්සියම් අවශෝෂණය සහ මුත්‍රාවලින් පොස්පේට් බැහැර කිරීම වැඩි කිරීමෙන් අස්ථිවල ඝනත්වය අඩුවීම සිදුවේ..

ප්‍රමාණවත් පරිදි උදෑසන 11.00 සිට හවස 3.00 දක්වා කාලය හිරු එලියට නිරාවරණය වීම,විටමින් D අඩංගු බිත්තර, බිම්මල් වැනි ආහාර ගැනීම තුළින් ප්‍රධානව විටමින් D ලබාගත හැක.



Mr.Janith

Science 𝐇𝐔𝐁 ❤️

10 Jan, 14:52


ඇයි දැන් 2026 පොඩි උනුත් 2025 Revision වලට යනවද ?
😂

උබලට ට්‍රැක්ද බන්..

ඔහොම යන උන්ටනම් Medicine , Engineering තියා කැම්පස් වත් යන්න පුලුවන් වෙයිද කියල ශුවර් නෑ😂

යකෝ එතකොට පාඩම් කරන්න කොහෙද වෙලාවක් 😂

ගුරුවරුනම් එහෙම 2026 ලමයිව තෙල ගහලා රවට්ටලා 2025 Revision වලට ගෙන්න ගන්නවා..අන්තිමට ඒ මෝඩ ලමයින්ට කරපු ගොන් කමේ තරම තේරෙන්නෙ විභාගෙ ලියන අවුරුද්ද වෙද්දි..නැත්තන් විභාගේ ඉවර වෙලා..එතකොට ඉතින් පෙරහැර ගිහින් ඉවරයි😂

Science 𝐇𝐔𝐁 ❤️

10 Jan, 08:18


ඇමරිකාවෙ ලොස් ඇන්ජලීස් ප්‍රදේශයට බලපා ඇති ලැව්ගිනි තත්වය 💔 😥

Source : https://www.facebook.com/share/1DUVhKrjF4/

Science 𝐇𝐔𝐁 ❤️

10 Jan, 02:38


මහන්සිවෙලා වැඩ කරලා තමන් ඉන්න තැනින් ගොඩ එන්න කැමති ලමයෙක් ඉන්නවනම් සම්බන්ධ වෙන්න.....

Medicine වලට හරිම පාර කියලා දෙන්නම්....

Science 𝐇𝐔𝐁 ❤️

10 Jan, 02:35


Science 𝐇𝐔𝐁 ❤️ pinned «»

Science 𝐇𝐔𝐁 ❤️

09 Jan, 10:31


රක්ත්වාතය එහෙම නැත්නම් Gouty arthritis..... 🦴

🔰 අක්මාවෙදී න්‍යෂ්ටික අම්ල බිදවැටීමෙන් යූරික් අම්ලය හැදෙනවා.

🔰 මේ යූරික් අම්ලය ශරීරයේ වැඩිපුර එකතු උනොත් ඒවා කැට බවට පත්වෙනවා ( urate crystals). ඊටපස්සේ මේවා සන්ධි වල තැන්පත් වෙනවා.එතන ආසාත්මික ප්‍රතිචාර ඇතිවෙනවා.

🔰 මේ නිසා තමයි සන්ධියට හානි වෙලා රතු වෙලා ඉදිමෙන්න පටන් ගන්නේ.ඒ නිසා වේදනාවක් ඇතිවෙනවා.

🔰 මේකට ගොඩක්ම ජාන බලපානවා, ඊටපස්සේ අධිරුධිර පීඩනයේ වගේ රෝග වලට ගන්න බෙහෙත්, ආහාර පුරුදු, වකුගඩු ආබාධ වගේ දේවල් බලපානවා.

🔰 මේක සම්පූර්ණයෙන්ම හොද කරන්න නම් අමාරුයි. හැබැයි ප්‍රති ආසාත්මික ඖෂධ, යූරික් අම්ලය සැදීම අඩු කරන ඖෂධ මගින් පාලනය කරගන්න පුලුවන්...

https://t.me/Dr_Biology_with_meddo

Science 𝐇𝐔𝐁 ❤️

09 Jan, 05:18


🔰 අක්මාවේ අධික මේදය තැන්පත් විමේ ප්‍රතිඵලයක් ලෙස Fatty liver තත්ත්වය ඇති වේ.

එය ප්‍රධාන වර්ග දෙකකි.

1) Non alcoholic fatty liver disease (NAFLD) මෙය, සිදු වන්නේ මද්‍යසාර නොබොන අය තුළ ය. එය බොහෝ විට තරබාරුකම, දියවැඩියාව, ඉන්සියුලින් ප්‍රතිරෝධය සහ අධික කොලෙස්ටරෝල් හෝ ට්‍රයිග්ලිසරයිඩ වැනි තත්වයන් සමඟ සම්බන්ධ වේ.

2) Alcoholic fatty liver disease(AFLD) මෙයට හේතුව, අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා අක්මාවට මේදය බිඳ දැමීමේ හැකියාවට බාධා ඇති වේ.

තෙහෙට්ටුව, උදරයේ අපහසුතාව (විශේෂයෙන් ඉහළ දකුණු පැත්තේ), දුර්වලකම හෝ ඔක්කාරය, Steatohepatitis (අක්මාව දැවිල්ල), ෆයිබ්‍රෝසිස්, සිරෝසිස් රෝග ලක්ශණ වේ..

ක්‍රමයෙන් බර අඩු කර ගැනීමෙන් අක්මාවේ මේදය සැලකිය යුතු ලෙස අඩු කර ගත හැක. සීනි, කාබෝහයිඩ්රේට් සහ ට්‍රාන්ස් මේදවලින් අවම වූ සමබල ආහාර වේලක් ගැනීම, සතිපතා අවම වශයෙන් මිනිත්තු 150ක ව්‍යායාම කිරීම , මද්‍යසාර භාවිතයෙන් වැළකීම තුලින් මෙම තත්වය අවම කරගතහැකියි..


Mr.Janith

Science 𝐇𝐔𝐁 ❤️

08 Jan, 17:07


මහජනතාවනම් බැරියැ, ලෙඩ්ඩු එක්ක ගැවසෙන අපි එතකොට පවුනෙ 🥹

- මීට මෙඩ්ඩො😒

Science 𝐇𝐔𝐁 ❤️

08 Jan, 16:16


A/L ගැන, මෙඩිසින් life එක ගැන දැනගන්න ,
ජීව විද්‍යාව ගැන අලුත් දේවල් දැනගන්න එකතු උන හැමෝටම Thank you ❤️
ඉස්සරහට තවත් අලුත් දේවල් කියන්නම්....
ඔයාලට දැනගන්න ඕන දේවල් තියනවනම් comment කරන්න. ඒවා දාන්නම් ඉස්සරහට
Thank you ❤️


Dr.Biology 🩺💜 📱

Science 𝐇𝐔𝐁 ❤️

08 Jan, 14:05


🔴 Rank හදන,Results Up කරන
2025 Paper Class


Theory,Revision දෙපිරිසටම ගැලපෙන Papers ද්විත්වයක්...🔥

සම්පූර්ණ දැනුවත් කිරීම Youtube ඔස්සේ නරඹන්න...

📺 https://youtu.be/tOos8yEuTxQ

———————————-

2025 Paper Class Channel
🌐https://t.me/DU25PC

Paper Class Hotline
@eWings_PaperClass

Science 𝐇𝐔𝐁 ❤️

08 Jan, 13:41


USA Silicon Valley වලින් එන ChatGPT ආධිපත්‍යය වෙනස් වෙයිද? චීනයෙන් පැමිණෙන අලුත් DeepSeek AI chatbot එක උත්සාහ කොට බලන්න. 🌏

AI තාක්ෂණ තරඟය තවත් තියුනු වෙමින් චීන AI chatbot එකක් වන DeepSeek බලගතු නව AI මොඩලයක් ලෙස පැමිණ ඇත! 🤖💥 එයට සිංහල භාෂාව තේරුම්ගෙන ලිවීමටද හැක. මේක ලිව්වේත් එයා. (මන් ටිකක් වෙනස් කලා) 🌍

AI වෙළඳපොළ ඇමෙරිකාවෙන් චීනෙට මාරු වෙයිද? ඒක කියන්න තාම ඉක්මන් වැඩියි.

#AI #DeepSeek #DeepThink #සිංහල #ChatGPT #නව්‍යකරණය #තාක්ෂණය #AIආධිපත්‍යය


උපුටාගැනීමකි
( Credit:- Dr.Hiran amarasekara)

https://t.me/BiologyEssays

Science 𝐇𝐔𝐁 ❤️

28 Dec, 12:49


මොළයේ ගෙඩි (Brain tumours)

මොළයේ ගෙඩියක් යනු අසාමාන්‍ය, පාලනය කළ නොහැකි ආකාරයෙන් ගුණනය වන මොළයේ සෛල වර්ධනයකි.

📍මොළයේ ගෙඩි වර්ග

මොළයේ ගෙඩි කෙතරම් වේගයෙන් වර්ධනය වේද සහ ප්‍රතිකාර කිරීමෙන් පසු නැවත වර්ධනය වීමට ඇති ඉඩකඩ අනුව ශ්‍රේණිගත කෙරේ.

මොළයේ ගෙඩි ප්‍රධාන වර්ග 2 ක් ඇත:

💥පිළිකා නොවන (Non-cancerous/Benign) මොළයේ ගෙඩි -
මේවා අඩු ශ්‍රේණියේ (1 හෝ 2 ශ්‍රේණි), එනම් ඒවා සෙමින් වර්ධනය වන අතර ප්‍රතිකාර කිරීමෙන් පසු නැවත පැමිණීමට ඇති ඉඩකඩ අඩුය.

💥පිළිකාමය (Cancerous/Malignant) මොළයේ ගෙඩි -
මේවා ඉහළ ශ්‍රේණියේ (3 හෝ 4 ශ්‍රේණි) වන අතර එක්කෝ මොළයෙන් ආරම්භ වේ (Primary tumours) නැතිනම් වෙනත් ස්ථානයක සිට මොළයට පැතිරීම (Secondary tumours) සිදුවේ. ප්රතිකාර කිරීමෙන් පසු නැවත වර්ධනය වීමට ඉඩ ඇත.

📍මොළයේ ගෙඩියක් ඇතිවිට මතුවන රෝග ලක්ෂණ

මොළයේ ගෙඩියක රෝග ලක්ෂණ එය පිහිටා ඇති මොළයේ නිශ්චිත ස්ථානය අනුව වෙනස් වේ.

පොදු රෝග ලක්ෂණ:

❗️හිසරදය
❗️වලිප්පුව (Seizures/Fits)
❗️නිරන්තරයෙන් දැනෙන අසනීප ගතිය, වමනය, ඔක්කාරය සහ නිදිමත
❗️මතක තබා ගැනීමේ ගැටළු හෝ පෞරුෂයේ වෙනස්කම් වැනි මානසික හෝ චර්යාත්මක වෙනස්කම්
❗️ශරීරයේ එක් පැත්තක දුර්වලතාවය හෝ අංශභාගය
❗️පෙනීම හෝ කථන ගැටළු

සමහර විට ඔබට ආරම්භයේදී කිසිදු රෝග ලක්ෂණයක් නොතිබිය හැකිය, නැතහොත් කාලයත් සමඟ ඒවා ඉතා සෙමින් වර්ධනය විය හැකිය.

📍වෛද්‍යවරයකු හමුවිය යුත්තේ කුමන අවස්තාවේදීද?

ඔබට මෙවැනි රෝග ලක්ෂණ ඇත්නම්, විශේෂයෙන් ඔබට සාමාන්‍යයෙන් ඇති වන හිසරදයට වඩා වෙනස් ලෙස දැනෙන හිසරදයක් ඇත්නම් හෝ හිසරදය වඩාත් නරක අතට හැරේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවන්න.

මෙම ලක්ශන තිබූ පමණින් ඔබට මොළයේ ගෙඩියක් නොතිබිය හැකිය, නමුත් මෙයාකාරයේ රෝග ලක්ෂණ පරීක්ෂා කළ යුතුය.

පවුලේ වෛද්‍යවරයාට ඔබේ රෝග ලක්ෂණ ඇති විය හැකි හේතුව හඳුනා ගැනීමට නොහැකි නම්, ඔවුන් ඔබව මොළයේ ස්කෑන් පරීක්ෂණයක් වැනි වැඩිදුර තක්සේරු කිරීම් සහ පරීක්ෂණ සඳහා මොළයේ සහ ස්නායු පද්ධතියේ විශේෂඥ වෛද්‍යවරයකු (Neurologist) වෙත යොමු කරනු ඇත.

📍කාටද බලපාන්නේ?

මොළයේ ගෙඩි වයස්ගත වැඩිහිටියන් තුළ බහුලව දක්නට ලැබෙන නමුත් දරුවන් ඇතුළු ඕනෑම වයස් කාණ්ඩයක පුද්ගලයින්ට ඇතිවිය හැකිය.

📍හේතු සහ අවදානම් සාධක

බොහෝ මොළයේ ගෙඩි ඇතිවීමට හේතුව නොදන්නා නමුත් මොළයේ ගෙඩියක් වර්ධනය වීමේ අවදානම වැඩි කරන අවදානම් සාධක කිහිපයක් තිබේ.

❗️වයස - මොළයේ ගෙඩියක් ඇතිවීමේ අවදානම වයස සමඟ වැඩි වේ (බොහෝ මොළයේ ගෙඩි ඇතිවන්නේ මහලු වයස්ගත වැඩිහිටියන් තුළ), නමුත් සමහර වර්ගයේ මොළයේ ගෙඩි ළමුන් තුළ බහුලව දක්නට ලැබේ.

❗️විකිරණ - විකිරණවලට නිරාවරණය වීම මොළයේ ගෙඩි ඉතා කුඩා සංඛ්යාවක් සඳහා හේතු වේ; සමහර වර්ගයේ මොළයේ ගෙඩි බහුලව විකිරණ චිකිත්සාව (Radiotherapy) හෝ ඉතා කලාතුරකින් CT ස්කෑන් හෝ හිසෙහි X-කිරණ පරීක්ශන වලට ලක්වූ පුද්ගලයන් තුළ දක්නට ලැබේ.

❗️පවුල් ඉතිහාසය සහ ජානමය තත්ත්වයන් - සමහර ජානමය තත්වයන් මොළයේ ගෙඩියක් ඇතිවීමේ අවදානම වැඩි කරන බව සොයා ගෙන ඇති කරුණකි. (උදාහරණ : Tuberous sclerosis, Neurofibromatosis type 1, Neurofibromatosis type 2 සහ Turner syndrome වැනි ජානමය රෝග)

📍මොළයේ ගෙඩි සදහා ප්‍රතිකාර කිරීම

ඔබට මොළයේ ගෙඩියක් තිබේ නම්, ඔබේ ප්‍රතිකාරය රඳා පවතින්නේ:

💥මොළයේ ගෙඩියේ වර්ගය (Benign or malignant)
💥එය මොළයේ ඇති ස්ථානය
💥එය කොතරම් විශාලද සහ එය කොතරම් දුරට පැතිරී ඇත්ද යන්න
💥එහි සෛල කෙතරම් අසාමාන්‍යද යන්න
💥ඔබේ සමස්ත සෞඛ්‍යය සහ ශාරීරික යෝග්‍යතාව

මොළයේ ගෙඩි සඳහා ප්‍රතිකාරවලට ඇතුළත් වන්නේ:

👉ස්ටෙරොයිඩ් (Steroids)
👉රෝග ලක්ෂණ (වමනය, ඔක්කාරය,හිසරදය,වලිප්පුව වැනි) පාලනය කිරීමට උදව් වන ඖෂධ
👉සැත්කම්
👉විකිරණ චිකිත්සාව (Radiotherapy)
👉කීමොතෙරපි (Chemotherapy)

මොළයේ ගෙඩියක් ඇති බව හඳුනා ගැනීමෙන් පසු, ගෙඩිය වටා ඉදිමීම අඩු කිරීමට ස්ටෙරොයිඩ් නියම කළ හැකිය.

මොළයේ ගෙඩි වල අනෙකුත් රෝග ලක්ෂණ පාලනය කිරීම සඳහා වෙනත් ඖෂධ භාවිතා කළ හැකිය, එනම් වලිප්පු තත්ව සඳහා අපස්මාර නාශක ඖෂධ (Anti-epileptic drugs) සහ හිසරදය සඳහා වේදනා නාශක (Pain killers)වැනි.

මොළයේ ගෙඩි ඉවත් කිරීම සඳහා ශල්‍යකර්ම බොහෝ විට භාවිතා වේ. මෙහි අරමුණ වන්නේ ආරක්ෂිතව හැකිතාක් අසාමාන්‍ය පටක ඉවත් කිරීමයි.

ශල්‍යකර්ම මගින් ගෙඩියක් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සැමවිටම කළ නොහැක, එබැවින් ඉතිරි වී ඇති අසාමාන්‍ය සෛල වලට ප්‍රතිකාර කිරීම සඳහා විකිරණ චිකිත්සාව හෝ කිමෝතෙරපි සමඟ වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය විය හැකිය.

පිළිකා නොවන ගෙඩි (Benign) සඳහා ප්‍රතිකාර කිරීම බොහෝ විට සාර්ථක වන අතර සම්පූර්ණ සුවය ලැබිය හැකිය.

සමහර විට ගෙඩිය නැවත පැමිණීමට කුඩා සම්භාවිතාවක් ඇත, එබැවින් මෙය නිරීක්ෂණය කිරීම සඳහා ඔබට නිතිපතා පසු විපරම් හමුවීම් (Regular follow-up appointments) අවශ්‍ය විය හැකිය.

https://t.me/MedtoolswithMrJanith

Science 𝐇𝐔𝐁 ❤️

28 Dec, 10:48


මේක නම් ඇත්ත...💯 (Copied)
https://t.me/Dr_Biology_with_meddo

Science 𝐇𝐔𝐁 ❤️

28 Dec, 07:27


Science 𝐇𝐔𝐁 ❤️ pinned «»

Science 𝐇𝐔𝐁 ❤️

28 Dec, 06:57


😌

Science 𝐇𝐔𝐁 ❤️

28 Dec, 05:15


What profession you would never date ? 😏😌

Science 𝐇𝐔𝐁 ❤️

28 Dec, 01:35


අද කතා කරන්නේ කුරුලෑ ගැන.... 😉
🔰 කුරුලෑ ඇතිවෙන්න හේතුව තමයි ස්නේහස්‍රාවී ග්‍රන්ථි ක්‍රියාකාරිත්වය. මේවගේ තමයි සීබම් හැදෙන්නෙ. සීබම් මගින් අපේ සම ආරක්ෂා කරනවා.
🔰 හැබැයි ස්නේහස්‍රාවී ග්‍රන්ථි මැරුණු සෛල වලින් අවහිර උනාම ඒවා එකතු වෙනවා.
🔰 ඉතින් සීබම් කියන්නේ බැක්ටීරියා වලට හොද රෝපණ මාධ්‍යයක්.
🔰 ඉතින් මේ ග්‍රන්ථිය ලග වර්ධනය වන බැක්ටීරියා නිසා ඇතිවන ප්‍රතිශක්ති ප්‍රතිචාරය තමයි කුරුලෑවක් වෙන්නේ.
🔰 සැරව වගේ එකතු වෙන්නෙ මැරුණු නියුට්‍රොෆිල. රතු වෙන්නේ රුධිර ප්‍රවාහය නිසා 😉
🔰 ඔයාලගේ හෝර්මෝන මට්ටම ( ප්‍රොජෙස්ටරෝන් වගේ...) , තෙල් ආහාර වැඩිපුර ගැනීම, මුහුණ පිරිසිදු බව අඩු වීම කුරුලෑ වැඩි කරවනවා
🔰 අනිත් එක කුරුලෑ කැඩුවොත් බැක්ටීරියා මූණ පුරාම පැතිරෙනවා. මේකෙන් කුරුලෑ තවත් වැඩි වෙනවා...
🔰 සම හොදින් පිරිසිදු කිරීමෙන් කුරුලෑ පාලනය කරගන්න පුලුවන් ( හැබැයි ඒකට භාවිතා කරන chemicals ගොඩක් පරිස්සමට use කරන්න. )
https://t.me/Dr_Biology_with_meddo

Science 𝐇𝐔𝐁 ❤️

27 Dec, 13:00


Hypertension හෙවත් අධි රුධිර පීඩනය, බොහෝ විට රෝග ලක්ෂණ නොමැතිව පෙන්නුම් කරන නිදන්ගත රෝගි තත්වයකි.
එය හෘද රෝග, ආඝාතය සහ වකුගඩු අකර්මණ්‍ය වීම වැනි බරපතල සෞඛ්‍ය ගැටලුවලට අවදානම් සාධකය වේ.
අධි රුධිර පීඩනයට දායක වන සාධක අතර වයස, ජාන, තරබාරුකම, ශාරීරික අක්‍රියතාව සහ අධික ලුණු සහිත ආහාර ඇතුළත් වේ.
ජීවන රටාවෙ කල හැකි වෙනස් කම් කීපයක් බලමූ..

👉ආහාර ගැලපීම්; සෝඩියම් ප්‍රමාණය අඩු කිරීම සහ පොටෑසියම් බහුල ආහාර වැඩි කිරීම.
👉ශාරීරික ක්‍රියාකාරකම්; නිතිපතා aerobic ව්‍යායාම වල නිරත වීම.
👉බර කළමනාකරණය ;නිරෝගී ශරීර බරක් ලබා ගැනීම සහ පවත්වා ගැනීම.
👉මත්පැන් මධ්‍යස්ථ කිරීම ;මත්පැන් භාවිතය සීමා කිරීම සහ දුම්පානයෙන් වැළකීම.
බොහෝ රෝගීන්ට මෙම වෙනස්කම් තුළින් පමණක් සතුටුදායක ප්‍රතිඵල අත්කර ගත හැකි වුවද, ජීවන රටාව වෙනස් කිරීම ප්‍රමාණවත් නොවේ නම් සමහර අයට තවමත් ඖෂධ අවශ්‍ය විය හැකිය.

https://t.me/MedtoolswithMrJanith

Science 𝐇𝐔𝐁 ❤️

27 Dec, 12:57


https://youtube.com/playlist?list=PL9P3xNis5JIMBfgYDdgBXrGmAnznIRxg9&si=i9FitHjoVf5puThL


ඔයාල කරන්න බලාපොරොත්තු වෙන රචනා වලට අදාලව මේ Video ටික බලන්න. මෙතන උකුවෙල සර්ගේ Guessing ටික තියෙනවා.


දවස් දෙක හමාරක් තියෙනවනේ..ගේමක් ගහමු

Science 𝐇𝐔𝐁 ❤️

27 Dec, 08:13


🔴 Physics MCQ ඉවරයි....❗️

උකුවෙල සර්ගෙන් ඔයාලට පොඩි Msg එකක්...


හැමෝම අහන්න ළමයි.ඔයාලට වැදගත් පණිවිඩ කීපයක්ම තියෙනවා....💪🏻💥

Science 𝐇𝐔𝐁 ❤️

27 Dec, 08:06


2024 Physics MCQ -
English Medium


✨️ Science HUB

https://t.me/BiologyEssays

Science 𝐇𝐔𝐁 ❤️

27 Dec, 08:03


ගිනියා-පණු රෝගය නොහොත් dracunculiasis, යනු, Dracunculus medinensis පනු විශේෂය මගින් ඇති කරන පරපෝෂිත ආසාදනයකි.

පරපෝෂිතයාගේ කීටයන්ට දරන ජල මැක්කන් (water fleas )සමඟ දූෂිත පානීය ජලය හරහා එය පැතිරෙයි.

ශරීරගත වූ පසු, කීටයන් මිනිස් සිරුර තුළ පරිණත වන අතර, වැඩිහිටි පණුවන් අඩි තුනක් දක්වා වර්ධනය වේ. පණුවා සම හරහා, බොහෝ විට පාදවල මතුවන විට උණ, ඉදිමීම සහ වේදනාව රෝග ලක්ෂණ වේ.

මෙම රෝගයෙන් පීඩා විඳින්නන් දුර්වල වන අතර, ඔවුන්ගේ වැඩ කිරීමට හෝ පාසැල් යාමට ඇති හැකියාව අඩාල කරයි. වැළැක්වීම ආරක්ෂිත පානීය ජලය සැපයීම, පෙරහන් භාවිතා කිරීම සහ ප්‍රජාවන් දැනුවත් කිරීම කෙරෙහි අවධානය යොමු කරයි.

කාටර් මධ්‍යස්ථානය විසින් මෙහෙයවනු ලබන ගෝලීය මුලිනුපුටා දැමීමේ ප්‍රයත්නයන්, රෝගය තුරන් කිරීමට ආසන්නව, රෝගීන් සැලකිය යුතු ලෙස අඩු කර ඇත.

https://t.me/MedtoolswithMrJanith

Science 𝐇𝐔𝐁 ❤️

27 Dec, 06:05


2024 Physics MCQ paper
(Sinhala medium )

✨️ Science HUB

https://t.me/BiologyEssays

Science 𝐇𝐔𝐁 ❤️

27 Dec, 06:02


මේ පාර Physics MCQ එක අමාරුයි නේද ලමයි 😏



සරල Paper වලට හුරු උන ලමයින්ටනම් අනිවාර්යයෙන්ම අමාරුයි.😒

Advance විදිහට Physics Paper එකට Ready උන ලමයින්ටනම් ඉතින් ලොකු අවුලක් නෑ😌


දැන්වත් ලමයි physics දිහා සරල විදිහට බලන එක නවත්තයි

Science 𝐇𝐔𝐁 ❤️

27 Dec, 05:59


‼️

Science 𝐇𝐔𝐁 ❤️

26 Dec, 10:18


⭕️මොළයේ මරණය (Brain death)

මොළයේ මරණය (Brain Stem death' ලෙසද හදුන්වයි) කෘතිම ජීවිත ආධාරක යන්ත්‍රයක සිටින පුද්ගලයෙකුට තවදුරටත් මොළයේ ක්‍රියාකාරිත්වයක් නොමැති විට ඇතිවන තත්වයයයි. මෙයින් අදහස් කරන්නේ ඔවුන්ට නැවත සිහිය නොලැබෙන හෝ ආධාරකයක් නොමැතිව හුස්ම ගැනීමට නොහැකි වනු ඇති බවයි.
මොළය මිය ගිය පුද්ගලයෙකු මිය ගිය බවට නීත්‍යානුකූලව පිළිගනු ලැබේ. කෘත්‍රිම ජීව ආධාරකයක් නොමැතිව ඔවුන්ගේ ශරීරයට පැවතිය නොහැකි නිසා ඔවුන්ට සුවය ලැබීමේ අවස්ථාවක් නොමැත.
යමෙකුට මොළය මිය ගොස් ඇති බව පැවසීම ව්‍යාකූල විය හැකිය, මන්ද ඔවුන්ගේ ජීවිත ආධාරක යන්ත්‍රය ඔවුන්ගේ හදවත ස්පන්දනය කරන අතර කෘතීම ශ්වසන ආධාරක යන්ත්‍රය මගින් ලබා ගන්නා සෑම හුස්මක් සමඟම ඔවුන්ගේ පපුව තවමත් ඉහළ පහළ වැටෙනු ඇත.
නමුත් ඔවුන්ට කිසි දිනක සිහිය එන්නේ හෝ නැවත තනිවම හුස්ම ගැනීමට පටන් ගන්නේ නැත. ඔවුන් දැනටමත් මිය ගොස් ඇත.

මොළයේ මරණයට හේතු:

මොළයට රුධිරය හෝ ඔක්සිජන් සැපයුම නතර වූ විට මොළය මිය යා හැකිය.

❗️හෘදයාබාධ - හදවතට රුධිර සැපයුම හදිසියේම අවහිර වූ විට
❗️ආඝාතය - මොළයට රුධිර සැපයුම අවහිර වූ විට හෝ බාධා වූ විට
❗️රුධිර කැටියක් - ශරීරය වටා රුධිර ප්රවාහය බාධා කරන හෝ අවහිර කරන රුධිර නාල වල අවහිර වීම
❗️දරුණු හිසට සිදුවන තුවාලයක්
❗️මොළයේ රුධිර වහනයක්
❗️එන්සෙෆලයිටිස් (Encephalitis) වැනි ආසාදන
❗️මොළයේ ගෙඩියක් (Brain tumor)

මොළයේ මරණය හඳුනා ගැනීම සඳහා නිර්ණායක ගණනාවක් තිබේ.

📍පුද්ගලයෙකු සිහිසුන්ව සිටිය යුතු අතර බාහිර උත්තේජනයට ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් විය යුතුය,
📍පුද්ගලයෙකුගේ හෘද ස්පන්දනය සහ හුස්ම ගැනීම පවත්වා ගත හැක්කේ කෘතීම ශ්වසන ආධාරක යන්ත්‍ර හරහා පමණක් වීම,
📍බරපතල මොළයේ හානියක් සිදුවී ඇති අතර එය සුව කළ නොහැකි බවට පැහැදිලි සාක්ෂි තිබිය යුතුය.

මොළයේ මරණය සඳහා පරීක්ෂණ ආරම්භ කිරීමට පෙර, රෝග ලක්ෂණ වෙනත් සාධක නිසා ඇති නොවන බව සහතික කිරීම සඳහා වෛද්‍යවරුන් විසින් පරීක්ෂණ මාලාවක් සිදු කළ යුතුය:

📌නීතිවිරෝධී ඖෂධ, සන්සුන්කාරක (Tranquillisers), විෂ හෝ වෙනත් රසායනික ද්‍රව්‍යවල අධික මාත්‍රාවක් ශරීරගතවී නොතිබීම,
📌අසාමාන්‍ය ලෙස අඩු ශරීර උෂ්ණත්වය (Hypothermia),
📌තයිරොයිඩ් ග්‍රන්ථියේ දැඩි ඌන ක්‍රියාකාරීත්වය.

මේවා බැහැර කළ පසු මොළයේ මරණය තහවුරු කිරීම සඳහා පරීක්ෂණ සිදු කරනු ලැබේ.

මොළයේ මරණය පිළිබඳ රෝග විනිශ්චය වෛද්‍යවරුන් 2 දෙනෙකු විසින් සිදු කළ යුතු අතර, ඔවුන්ගෙන් අවම වශයෙන් එක් අයෙකු ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකු විය යුතුය. ඔවුන්ගෙන් කිසිවෙකුට රෝහලේ අවයව බද්ධ කිරීමේ කණ්ඩායම සමඟ සම්බන්ධ විය නොහැක.

මොළයේ මරණය සඳහා පරීක්ෂණ

වෛද්යවරුන් විසින් පරීක්ෂණ මාලාවක් පවත්වනු ඇත. මොළයේ මරණය පිළිබඳ රෝග විනිශ්චය තහවුරු කිරීම සඳහා වෛද්යවරුන් දෙදෙනාම ප්රතිඵල පිළිබඳව එකඟ විය යුතුය.
දෝෂයක් ඇතිවීමේ සම්භාවිතාව අවම කිරීම සඳහා පරීක්ෂණ දෙවරක් සිදු කරනු ලැබේ.

ආලෝකයට ප්‍රතික්‍රියා කරන්නේ දැයි බැලීමට ඇස් දෙකටම විදුලි පන්දමක් අල්ලා බලයි,
සාමාන්‍යයෙන් ඉතා සංවේදී වන ඇස, ප්‍රතිචාර දක්වන්නෙ දැයි බැලීමට ටිෂූ හෝ කපු පුළුන් කැබැල්ලකින් ස්පර්ශ කරනු ලැබේ.
නළලට පීඩනයක් යෙදීම හා නාසය කෙනිත්තීම මගින් ප්‍රතිචාර ලෙස චලනයන් සිදුවනවාදැයි බලනු ලැබේ.
කන් දෙකට ශීතකල ජලය ස්වල්පයක් ඇතුල් කරනු ලැබේ, එය සාමාන්‍යයෙන් නීරෝගී පුද්ගලයකුගේ ඇස් චලනය වීමට හේතු වේ.
සිහින් ප්ලාස්ටික් බටයක් ස්වරාලයෙන් පහල දක්වා ඇතුල් කර එය හුස්ම හිරවීම හෝ කැස්ස ඇති කරයි දැයි බලනු ලැබේ.
පුද්ගලයා තනිවම හුස්ම ගැනීමට උත්සාහ කරන්නේ දැයි බැලීමට කෙටි කාලයක් සඳහා කෘතීම ශ්වසන ආධාරක යන්ත්‍රය වෙතින් විසන්ධි කර බලනු ලැබේ.

මෙම සියලු පරීක්ෂණවලට ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වුවහොත් මොළයේ මරණය තහවුරු කරනු ලැබේ.

සමහර විට, මොළයේ මරණයෙන් පසු පුද්ගලයෙකුගේ අත් පා හෝ කඳ (ශරීරයේ ඉහළ කොටස) චලනය විය හැක.

මෙම චලනයන් කොඳු ඇට පෙළේ ප්‍රතීකයක් වන අතර මොළය කිසිසේත් සම්බන්ධ නොවේ. එබැවින් ඒවා මොළයේ මරණය පිළිබඳ රෝග විනිශ්චය වෙනස් නොකරනු ඇත.

https://t.me/MedtoolswithMrJanith

Science 𝐇𝐔𝐁 ❤️

26 Dec, 09:58


😂 ආය ඉතින් අමු ගවයො

Science 𝐇𝐔𝐁 ❤️

26 Dec, 09:39


විද්‍යාව නව පංති ආරම්භය
*ජනවාරි 4 සෙනසුරාදා*
_(සැ.යු.- පලමු සතිය ඇතුල් වීම නොමිලේ )_
5 න් 6 ට එන අලුත් පොඩ්ඩන් සදහා,
💢අපේ පංතියේ,
💥සෑම දරුවෙකු කෙරෙහිම තනි තනිව අධානය යොමු කිරීම.
💥සෑම පාඩමක් අවසානයේදීම ඒකක පරීක්ෂණ පැවැත්වී.
💥වාර අවසානයේ වාර විභාග පැවැත්වේ.
💥 නොමිලේම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කෙරේ..


මෙහෙයවීම -H.R.රුමේෂිකා
( MBBS,RUHUNA )UG
පන්තියට සම්බන්ධ වීමට,තොරතුරු දැන ගැනීමට Whatsapp group එකට සම්බන්ධ වී සිටින්න
Follow this link to join my WhatsApp group:
සිංහල මාධ්‍ය- https://chat.whatsapp.com/FecdIFZZG5A8bA1dQXoFLT

ඉංග්‍රීසි මාධ්‍ය https://chat.whatsapp.com/EkXSqWhJLXfC1kO6ZMC3iK

Science 𝐇𝐔𝐁 ❤️

26 Dec, 08:15


ඇදුම(Asthma ) යනු ශ්වසන මාර්ගය ප්‍රදාහය කර අවහිර කරන තත්වයකි.මෙය allergic condition එකක්.

රෝග ලක්ෂණ ලෙස:
* හුස්ම ගැනීමේදී විස්ල් ශබ්දයක්, ඇසීම .සාමාන්‍යයෙන් හුස්ම පිට කරන විට ඇසේනම් වඩාත් නරක ය.
* කැස්ස බොහෝ විට රාත්‍රියේදී හෝ උදේ පාන්දර වඩාත් නරක අතට හැරේ.
* ශාරීරික ක්‍රියාකාරකම් වලදී හෝ විවේකයේදී ඇති විය හැකි හුස්ම ගැනීමේ අපහසුව.
* පපුවේ තද ගතියක් ඇතිවීම.

බොහෝ විට අසාත්මිකතා, අධික ව්‍යායාම හෝ ශ්වසන ආසාදන, පරිසර සාධක මගින් උත්තේජනය කරනු ලබයි.

මෙම තත්වය ඵලදායීව කළමනාකරණට ,

🫁 රෝග ලක්ෂණ උග්‍ර කළ හැකි කාරකවලට( පරාග, දූවිලි මයිටාවන් සහ සුරතල් සතුන්ගේ මවිල් , දුම්) ආවරණය නොවන්න.
🫁 සෞඛ්‍ය සම්පන්න ගෘහ පරිසරයක් පවත්වා ගන්න.
🫁පෙනහළු ක්‍රියාකාරිත්වය ශක්තිමත් කිරීම සඳහා සුදුසු ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත වන්න.
🫁නියමිත ඇදුම ඖෂධ අඛණ්ඩව ලබා ගන්න

https://t.me/MedtoolswithMrJanith

Science 𝐇𝐔𝐁 ❤️

01 Dec, 09:25


Meddoන්ට චිත්‍ර අඳින්නත් පුලුවන් 😎😉

@ Rajarata Medical faculty

Science 𝐇𝐔𝐁 ❤️

01 Dec, 06:21


මේක මන් කියන්න ඉදලා අමතක උනා...comment එකක් දැක්කම මතක් උනේ..අපේ ක්ලාස් එන සැලකිය යුතු පිරිසක් කරගන්න වැඩක්...ඔයාලා මේක කරගන්න එපා...
අපේ class එක යන්නේ plan එක්කටනේ හැමදාම වැඩ තියෙනවා කරන්න..අනික් subject එක්ක හිරවෙන්නෑ smooth විදිහට යනවා....
සමහර ළමයින්ට ඕක නිකන් මදිපුන්චි කමක් වගේ😂😂සමහරුන්ට අර එපා වෙන තරම් වැඩ ගොඩක් ඔලුවෙ තියන් stress උනේ නැත්තන් මොකක්දෝ වගේ...දවසක් එපා වෙනකල් කරලා ඊලග දවස් දෙකක් හති අරින ක්‍රමේටමයි උන් කැමති...ඒ නිසා මගදි නවත්තනවා...

ඊට පස්සෙ මහපරිමානෙන් කෙලවගෙන අන්තිම මාසෙ ආපහු ඇවිල්ලා මොකක් හරි ශේප් එකක් දාගෙන යන්තන් බේරෙනවා....ඊට පස්සේ ඊලග අවුරුද්දෙ ක්ලාස් එකට ඇවිත් තමා වැඩේ ගොඩ දාගන්නේ....

උබලා ඔය වැඩේ කරගන්න එපා.එක පාරක් ඇවිත් දිගටම ඉදලා ලේසියෙන් වැඩේ ගොඩ දාගනින් අවුරුදු දෙකක් සල්ලි වියදම් නොකර....

මේක හදලා තියෙන්නේ හරියට වැඩ ටික කරලා stress නොවී ගොඩ ගහගන්නැතුව අනික් subject දෙකත් හදාගෙන ගොඩ යන්න පුලුවන් වෙන්න...

Science 𝐇𝐔𝐁 ❤️

01 Dec, 02:30


සුබම සුබ උපන්දිනයක් වේවා
උකුවෙල සර්.!
❤️
Happy Birthday Ukuwela Sir!

Science 𝐇𝐔𝐁 ❤️

29 Nov, 05:28


😎

Science 𝐇𝐔𝐁 ❤️

29 Nov, 05:18


ඇය අලුත් දේශපාලන පිටුවක් ආරම්භකිරීමට පෙරමුණ ගෙන ඉන්නවා.
ඒක අපි අගය කලයුතුයි.

නැත්නම් වෙන්නෙ ඉස්සර හිටපු ඈයො වගේ කවදාවත් ජනතාව සමාජය එක්ක මුහුවෙන්නෙ නැතිව වාහන, ආරක්ශකයො, පැපරාසිලා පිරිවරාගෙන වර්ණ වෙන්නපු දේශපාලකයො කරපුවම ඉදිරියට ගෙනයෑමක්.

එතුමියගේ උත්සාහය සාර්ථක වේවා.

මේවා අපි දැක්කෙ එංගලන්තෙ වගේ දියුණු රටවල. ඒ ජනතා නායකයො ඔළු උදුම්මා නොගෙන සැහැල්ලුවෙන් සාමාන්‍ය ජීවිත ගතකරනවා.


උපුටාගැනීමකි

Science 𝐇𝐔𝐁 ❤️

28 Nov, 12:33


A/L New time table


https://t.me/BiologyEssays

Science 𝐇𝐔𝐁 ❤️

28 Nov, 08:55


කලින් දාපු msg ටිකේ තියෙනවා sci WEB චැනල් එකෙන් දාපු රන්දීර් සර් කරන past papers discussion video සෙට් එකක්ම..ඒ ටික මේ දවස් ටිකේ බැලුවත් පාඩු නෑ..ගොඩක් වටිනවා..

A-Z හොඳට පැහැදිලි කරලා දෙන විවරණ video set එකක්...speed කරලා බලන්න

Past papers MCQ
2011- 2022
https://t.me/BiologyEssays/5488

Science 𝐇𝐔𝐁 ❤️

28 Nov, 08:54


‼️

Science 𝐇𝐔𝐁 ❤️

28 Nov, 06:51


🔴 New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀

⭕️Dr.රන්දීර් කරුණානායක 2023 Essay සියල්ලම
━━━━━━━━━━━━━━━
👉2010 Essay විවරණය

👉2011 Essay විවරණය

👉2012 Essay විවරණය

👉2013 Essay විවරණය

👉2014 Essay විවරණය

👉2015 Essay විවරණය

👉2016 Essay විවරණය

👉2017 Essay විවරණය

👉2018 Essay විවරණය
━━━━━━━━━━━━━━━
🔴තව සුළු මොහොතකින් බලාපොරොත්තු වන්න..

𝕓𝕪 🌏
Sci-WEB℠ 🚀

Science 𝐇𝐔𝐁 ❤️

28 Nov, 06:49


🔴 New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀

⭕️Dr.රන්දීර් කරුණානායක 2023 Paper සියල්ලම
━━━━━━━━━━━━━━━
👉2011 MCQ විවරණය

👉2012 MCQ විවරණය

👉2013 MCQ විවරණය

👉2014 MCQ විවරණය

👉2015 MCQ විවරණය

👉2016 MCQ විවරණය

👉2017 MCQ විවරණය

👉2018 MCQ විවරණය

👉2019 MCQ විවරණය

👉2020 MCQ විවරණය

👉2022 MCQ විවරණය
━━━━━━━━━━━━━━━
⭕️𝐅𝐢𝐧𝐝 𝐕𝐞𝐝𝐢𝐨𝐬 👉👉
@Sciwebbot

𝕓𝕪 🌏
Sci-WEB℠ 🚀

Science 𝐇𝐔𝐁 ❤️

28 Nov, 06:48


🫥🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥
⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀

🔴දැන් ඉන්න ළමයි Past Paper පැත්තකින් තියලා Class වල Model පේපර් සෙට් එක කරලා exam ලං කරලා Past Paper ටික උඩින් උඩින් කරගෙන යන Trend හැදිලා තියෙනවා ..

එහෙම වෙන්න එපා ඔයා ඒකට හේතුව රන්දීර් සර් කියල දෙනවා පහල වීඩියෝ එක බලන්න ...

▶️👉https://youtu.be/qL8ptUTjsW0?t=765 ‼️

Past Paper කරන්න තනියම බෑ නේද එහෙනම් රන්දීර් සර් එක්කම අවුරුදු 20 ක Past පේපර් විවරණ වීඩියෝ බලන ගමන් කරන්න එක පාරක් එතකොට ඔයාට ආත්ම විශ්වාසය හැදෙනවා තනියම Past Paper කරන්න ..

ඒ නිසා ඔයා මොන සර් ගේ පන්ති ගියත් රන්දීර් සර්ගේ Paper Class වීඩියෝ සෙට් එක අනිවාරෙන් බලන්න ...

👉බහුවරණ විවරණය
👉ව්‍යුහගත රචනා විවරණය
👉රචනා විවරණය
┅┅┅┅┅┅┅┅┅┅┅┅
⚡️ Join to channel 🔥🔥🔤🔤🔤🔤

👉 https://t.me/+_Va04Bx4zm8xMGRl

🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

Science 𝐇𝐔𝐁 ❤️

23 Nov, 16:23


❄️ නියුක්ලියෝෆිලික,ඉලෙක්ට්‍රොෆිලික,ආකලන,ආදේශ,ඉවත් වීමේ ප්‍රතිකියා....තේරෙනවද කියලා නම් දන්නේ නෑ....දන්න විදියට කියලා දුන්නේ තේරෙයිද දන්නේ නෑ 🥲☃️

Science 𝐇𝐔𝐁 ❤️

23 Nov, 15:07


මෙත්මල් සර් 2019,20,21,22 අවුරුදු ටිකෙත් විවරණ ටික දාලා නේද...

පුලුවන් අය හෙට දවසෙ හරි බලලා යන්න..

අපි ඕනෙ තරම් කියල තියෙනවා මේ විවරණ video set එකේ වැදගත්කම ගැන 😉


https://youtube.com/playlist?list=PLIay2M8-zgQFcORuSZfbBeQS2mtntIrKv&si=hGVMRI8ZeBdFpg-s

Science 𝐇𝐔𝐁 ❤️

23 Nov, 07:42


‼️News https://www.ndtv.com/world-news/google-ai-chatbot-gemini-turns-rogue-tells-user-to-please-die-7037474



✨️Gemini chat

https://gemini.google.com/share/6d141b742a13


😐

Science 𝐇𝐔𝐁 ❤️

22 Nov, 23:37


Essay analysis 2024 A/L

Science 𝐇𝐔𝐁 ❤️

22 Nov, 15:57


මේ අවුරුද්දේ මුල දාපු චාලකේ ටක් ටක් ගාලා මතක් කරගෙන යන එකක් මේ voice දෙකේ තියෙන්නේ....ගොඩක් අය ගිය පාර වැදගත් වුනා කිව්ව නිසා දැම්මේ...ප්‍රශ්න තියෙනවා නම් ඒකට comment කරන්න....Bio maths බලන ගමන් chemistry මතක් කරගන්න 🥰මේවා තේරෙනවද කියලා ආයේ අහලා බැලුවේ නෑ...

මොකෝ මට මගේම voice එක ආයේ අහද්දි ලැජ්ජයි වගේ 🥲

Science 𝐇𝐔𝐁 ❤️

22 Nov, 15:57


සට පට ගාලා චාලකය part 01 🙊💛

චාලක රසායනය Mcq Points All in one

Science 𝐇𝐔𝐁 ❤️

22 Nov, 15:57


❄️ පට් පට් ගාලා චාලකය Part 02 🤓💛

😐 පටන් ගත්ත විදිය ගනන් ගන්න එපා මට හිනා ගියා....camawenna my bad 🥲 ඕන අය මේවා save කරගන්න....exam ඉවර වුණ ගමන් මේ voice ටික delete කරනවා 😬

🫧 Part 01
🫧 Mcq points

Science 𝐇𝐔𝐁 ❤️

22 Nov, 13:08


https://youtu.be/RFPEvHmYGUQ?si=FZdehpPr2PT50A1u
මේ පාර ඉස්කෝල පලාත් paper වලත් අහලා තිබ්බා සාකොමියර සහ සර්පණ සූත්‍රිකාවාදය...විභාගෙදිත් ගොඩක් දුරට අහන්න පුලුවන්

අපිත් full paper එකක ලිව්වා,target essay එකක ලිව්වා,november revise plan එකෙත් තියෙනවා..ගොඩක් උන්ට කතන්දරේ වගේ සීන් එක තේරිලා නෑ...මේ video එකේ මන් ඔක්කොම සීන් එක පැහැදිලි කරනවා...බලලා විභාගෙට කලින් පුලුවන් කරගෙන යන්න...යාලුවොන්ටත් share කරන්න...

Science 𝐇𝐔𝐁 ❤️

22 Nov, 09:42


https://youtu.be/R8wrxpTbBUA?si=NC9jDnBb0nWAxLx7

මේ දවස්ටිකේ හරි පරිස්සමින් ඉන්න..කාගෙ හරි එක කාලකන්නි වචනයක් ඇති උබට කෙලවෙලා යන්න....මනස හොඳටම නිරෝගීව තියාගන්න මේ දවස් ටිකේ....

Science 𝐇𝐔𝐁 ❤️

22 Nov, 04:57


මේ දවස්වල හෙනටම troll වෙන page එකක්.කට්ටිය status එහෙමත් දාලා නිසා නිකන් ගිහින් බැලුවෙ...පට්ටම ආතල් හැබැයි ඒ නංගිද අක්කද මන්දා😂.....

මොනා උනත් මේ කතාවනම් ඇත්ත..අපිටත් සර්ලා කියනවා අපිත් දකිනවා doctorslaa වෙන මහන්සියට සල්ලියක් හම්බෙන්නෑ.නිදහසකුත් නෑ😅

හැබැයි ඕකෙ වෙන පැත්තකුත් තියෙනවා...සල්ලි හොයන්නනම් ඕනිනම් උඹ focus කරන්නෙ සල්ලිනම් doctor කෙනෙක්නම් වෙන්න එපා...ටියුෂන් කරන්නත් එපා.....දෙකේම ගන්නේ ජීවිත වල වගකීම.පට්ට pressure එකක්....ඔය දෙකම කරන මම 365 දවසම ඉන්නෙ prrssure එක.මම කරන තප්පරේක වරදින් එක්කො මිනිහෙක් මැරෙනවා...නැත්තන් ජීවිතේම අනාගතේම කාලකන්නි වෙනවා...අපෙ පරම්පරාවටම සාප කරනවා ඊට පස්සෙ මිනිස්සු....
මේක ආතල් negative marketing පාරක් වෙන්න ඇති...😂😂ඒ උනාට ඒකෙන් ගන්න තියෙන දේ ගනින්...attitudes හදාගනින්
Doctor උනත් tuition උනත් වගකීම එක,මුදල දෙක....වගකීම හරියට කරපන් සල්ලි උතුරන්න හම්බෙයි....සල්ලි වාහනයි නම් main target එක උබට වගකීම miss වෙනවා...පරම්පරා ගානකට පව් පුරවගන්නයි වෙන්නෙ අන්තිමට...

"මනුස්ස ජීවිත එක්ක සෙල්ලම් කරන්න බෑ අපිට"

Science 𝐇𝐔𝐁 ❤️

19 Nov, 12:57


https://youtube.com/shorts/0_6XRSUeFQw?si=iW7oTjgqP3R18Rv0

Science 𝐇𝐔𝐁 ❤️

17 Nov, 13:01


JOIN NOW👇
SCIENCE HUB

https://t.me/BiologyEssays

Science 𝐇𝐔𝐁 ❤️

17 Nov, 04:32


Science 𝐇𝐔𝐁 ❤️ pinned «»

Science 𝐇𝐔𝐁 ❤️

16 Nov, 14:27


🔴 මේ දක්වා අපි කරපු Essay Live ටික පහළ Playlist එකෙන් ඔයාලට බලන්න පුලුවන්.

මේ දක්වා,
▪️යාන්ත්‍ර විද්‍යාව
▪️ක්ෂේත්‍ර
▪️විකිරණ
▪️Electronics
▪️තාපය
▪️ධාරා විද්‍යුතය
▪️පදාර්ථයේ ගුණ
▪️දෝලන හා තරංග,ආලෝකය

"මේ හැම Video එකකම ඔයාලට බලාගන්න පහසුවෙන්න සාකච්ඡා කරපු ප්‍රශ්නෙට අදාලව Chapters වෙන් කරලා තියෙන්නේ.එකින් එක ඔයාලට පහසුවෙන් බලන්න පුලුවන්"

PDF සහ Markings හොයාගන්න අමාරු අයට Video එකේ Description එක බලන්න.

Youtube Playlist
📺https://youtube.com/playlist?list=PL9P3xNis5JIMBfgYDdgBXrGmAnznIRxg9&si=fTss6NIeLoJ8Y6gV

යාළුවන්ටත් Share කරන්න..

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

Science 𝐇𝐔𝐁 ❤️

16 Nov, 14:22


Wow. Superb ✨️

Congratulations Janith malli & Nawod malli ❤️


http://www.alguidance.lk

Science 𝐇𝐔𝐁 ❤️

16 Nov, 14:21


ඔන්න ළමයි,
ඔයාල දින ගැන ගැන බලන් හිටපු message දදා වද දිදී අහපු 2025 masterclass series එක ඔන්න අපි පටන් ගන්නයි යන්නේ...😌😌😌😌
--------------------------------------------------------
වැඩපිලිවෙල යන විදිහ ගැන සවිස්තරාත්මක video එකක් ඉස්සරහට දාන්නම්...දැනට පොඩි overview එකක් දෙන්නම්😉😉

ඔයාලගෙ feedback වලින් theory class එකකට එහා ගිය paper class එක කියලා නම වැටුනට අපි මේ වැඩේ මෙච්චර කල් ගියේ paper class එකක් විදිහටනේ...මේ අවුරුදු 5 ඔයාලත් එක්ක ගනුදෙනු කරද්දි essays ලියන්න,paper ලියන්න ගියාම තේරුන දෙයක් තමයි ඔයාලගේ theory දැනුම paper එක්කට ලියන්න තරම් මට්ටමකට ඔලුවට වැවිලා නෑ කියන එක බොහෝ අයගේ.මොකද ගොඩක් කොහෙහරි theory or revision යනගමන් අපේ ක්ලාස් එකට ළමයි බහුතරේ ආවේ....

ඒ නිසා අපි මේ පාර ඔයාලට කිසිම කේස් එකක් නොවෙන්න හැමදේම cover වෙන්න වැඩක් කරනවා...ඒකයි මේකට MASTERCLASS SERIES කියන්නේ....මේක අස්සේ paper class,theory,revision ඔක්කොම තියෙනවා...

1.ලංකාවේ මුල් වතාවට bio ක්ලාස් එකක් දෙන්නෙක් සෙට් වෙලා කරලා ජනප්‍රිය පන්තියක් හැදුවේ අපි..

2.ලංකාවේ online biology paper class එකක් විතරක් කරලා මෙච්චර ලොකු පන්තියක් මුලින්ම හැදුවේ අපි

3.ඔයාලට එපා වෙලා තිබ්බ essay ලිවිල්ල සීනි බෝල කරවපු essay plan සංකල්පය ගෙනාවෙ අපි

4.මාසෙ දවස් 30ම ගුරුවරුන්ගේ instructing යටතේ වැඩ කරවන class එකක් මුලින්ම හැදුවේ අපි

එතකොට මේකත් වාර්තාවක් theory+ revision+ paper class ඔක්කොම එකම class එකක් අස්සේ කරන පලවෙනි පන්තිය හදන්නෙත් අපි...


එතකොට මේ පාර වැඩේ යන්නේ www.alguidance.lk
අපේ website එක හරහා....ඔයාලා ඒකේ register වෙලා profile එකක් හැමෝම හදලා password එක මතක තියන් ඉන්න...අපි ජනවාරි වැඩේ පටන් ගන්නවා...

කලින් වගේම
🕹️Essay plan එක
🕹️Topic wise paper series
🕹️Full papers
🕹️Dig into the deep session
🕹️Seq session

ටික මේ පාරත් කෙරෙනවා ඔයාලගේ අඩුපාඩු හදලා whatsapp,telegram groups හදලා instructors ලට යොමු කරවලා මන් කලින් කීවා වගේ මකවලාම හදනවා😌😌....මේ දවස්වල instructors ලට ඒ ගැන උපදෙස් දෙන ගමන් ඉන්නේ....

එතකොට website එක හරහා වෙන අලුත්ම වැඩේ...ඔයාලට biology සම්පූර්ණ theory A-Z සුපිරියටම ඉගෙන ගන්න පුලුවන් විදිහට lesson wise study packs ගන්න පුලුවන්...ආයෙ එතකොට මට ඒ කොටස බෑ මේ කොටස බෑ සර් කියලා නහයෙන් ඇඩිලි නෑ...පාඩම ගත්තා බැලුවා එච්චරයි.....

තව ඔන්න පව් කියලා 2026 උන්ටත් පොඩි chance එකක් දෙන්න හිතුවා...😅❤️

උන්ට පුලුවන් ඔයාලා දැනට මොන පාඩමේ හිටියත් me study packs හරහා අනික් උන්ට කලින් syllabus එක cover කරගන්න....එතකොට විභාගෙට මාස 8කට විතර කලින් උඹලා ඉගෙනගෙන ඉවරයි....ඊට පස්සේ papers ටික කරලා අනික් sessions ටික කරාම නිකන්ම ගොඩ ඉතිම්😌😌...


නිතරම වද දිදී අහන නිසා පොඩි overview එකක් දුන්නේ MASTERCLASS SERIES එක ගැන....

එතකොට උබලා මොන මට්‍ටමේ ඉදලා ක්ලාස් ආවත් කලින් ගියපු ක්ලාස් එකට බැන බැන ඉන්න දෙයක් නෑ....වැඩේ ගොඩ දාගන්න options හදලා තියෙන්නේ....
උඹ මොන තත්වෙ හිටියත් අන්තිමට උඹ master කෙනෙක් වෙලා නවතින්නේ😎😎😎😎

2026 ත් වැඩ ටික කලින් ඉවර කරගෙන අනික් උන්ට වඩා ලකුනු ගන්න ආස සෙට් එක theory ටික ඉගෙන ගන්න පුලුවන් ඇවිත්....

සම්පූර්ණ විස්තරයක් video එකක් විදිහට දාන්නම් වැඩේ නොදන්න ඕනි එකෙක්ට තේරෙන්න....දැනට register වෙලා ඉදපල්ලා....

යාලුවෝ ඉන්න උන්ටත් share කරලා set වෙන්න කියන්න....



25ට පටන් ගන්නැද්ද නැද්ද ඇහුවනේ...ඔන්න පටන් ගන්න යන්නේ....දැන් ඉතින් ආයේ කෙඳිරි ගාන්නනම් ලෑස්ති වෙන්න එපා😌😌වැඩ කරන්න තියෙන්නෙ කරන එක ඇඩෙන්නම....

📌📌📌📌📌📌📌📌📌📌📌📌
www.alguidance.lk

දැන්ම Website එකට ගිහින් profile එකක් හදාගෙන password එක මතක තියාගෙන ඉන්න...පහු වෙනකල් ඉන්න එපා class පටන් ගන්න ළං වෙනකල් ඉන්න එපා


2025 telegram channel
https://t.me/biologyjanithnawod2025

Science 𝐇𝐔𝐁 ❤️

14 Nov, 11:35


https://youtube.com/shorts/7b_lVKY9X_M?si=sJEgiDSWjt__idpS

Science 𝐇𝐔𝐁 ❤️

14 Nov, 09:57


10K views 😌😌😌

https://youtu.be/6IaAl1bSw7M?si=-Qg_tbphfF9Bc5AS

Science 𝐇𝐔𝐁 ❤️

14 Nov, 02:33


https://youtu.be/WGnkP-t0uS0?si=Vhp_Y7yJlQ2wHyOj

මහ ඡන්දෙකට දාලාත් නැතිව ඇති නේ මේක බලලා ම යන්න.

Science 𝐇𝐔𝐁 ❤️

14 Nov, 02:33


අද එක පැයකට ගිහිල්ලා ඡන්දේ දාලා එන්න පුලුවන් අය (2024 අයට කිව්වේ... උදේම ගිහිල්ලා එන්න. පෝළිමත් නෑ එතකොට 25 උන් කොහොමත් දාන්න ගිහිල්ලා 😅😅

Btw 25 ළමයින්ට ඡන්දේ තියෙනවද ????

Science 𝐇𝐔𝐁 ❤️

13 Nov, 15:12


ඔයාලගේ දිස්ත්‍රික් එක click කරලා බලන්න 👇
https://candidate.npp.lk/

😉😼

Science 𝐇𝐔𝐁 ❤️

13 Nov, 15:11


🧭 Are You Ready !

Science 𝐇𝐔𝐁 ❤️

13 Nov, 03:58


කොල්ලොන්ට කියන්නෙ......

1) හොඳට වැඩ කරලා paper වල වැඩි ලකුණු list එකට එහෙම ඇවිල්ල බලන්නකෝ..🫢


2) Medicine , Engineering සිලෙක්ට් වෙලා Class එකේ Instructing වලට එහෙම ගිහින් බලන්නකෝ 🫢🫢🫢


(මෙතනත් අද්දැකීම් තියෙන මල්ලිලා ඇති 😉)

Science 𝐇𝐔𝐁 ❤️

12 Nov, 15:42


අල්ලපු එකාට කරදර කරන්න එපා 😤 නිදාගන්න එපා කියලා නෑ නේ. හොඳට නිදාගන්න පුලුවන් වටපිටාවක් තියෙන්නෙ 😴 බිමට ටයිල් අල්ලලා ෆෑන් දාලා.. බාධාවකට තියෙන්නෙ මං කෑගන එක විතරයි 😬 ඊලඟ දවසේ නිමල්ට කියලා ඇඳක් දාලා තියෙනවා නිදාගන්න කියලා 😌

බැල්කනියේ පඩිය උඩ තියලා තියෙන වතුර බෝතල් අයින් කරන්ඩ 🤨 පල්ලෙහා අහිංසක ලමයි ටිකක් ඉන්නෙ 😋

ආය පරක්කු වෙලා එද්දී නිමල්වත් එක්කගෙන එන්ඩ 😑 නිමාආආආ...ල්.. කෝ මේ මනුස්සයා 👀

බැල්ලකනියේ ලමයි උඩ නැගලා අහගන්න, මෙතන ඔක්කොටම පේනවනේ 🙄

පිටිපස්සෙ කවුද කෑගහන්නෙ? 🤔 දැන් මං එනවා උත්තර ලියලද බලන්ඩ. අප්රේල් ඉඳන් උත්තර නැති එකෙක්වත් ගන්නෑ ඇතුලට 😒

බැල්කනියේ ගෑණු ලමයි ඔක්කොම චිට් එකතු කරලා ගෑණු ලමයිගේ පැත්තෙන් පහලට දාන්න. පිරිමි ලමයි නැත්තම් දැන් වැටෙයි කියලා උඩ බලන් ඉන්නෙ 🤭

10 වෙනි පාඩම එනකම් ඉවසලා ඉන්ඩකෝ එතකොට මං ඔය හැම ප්රශ්නෙකටම උත්තර දෙන්නම් 🥰

මට රිවිශන් එකට ප්රාචාරක වියදම යන්නෙ රුපියල් දෙකයි. මෙන්න මේ හාෆ්ශීට් එක අර ඉස්සරහ ඔෆිස් එකෙන් අලවන ටික විතරයි 😌

මං අහලා තියෙන ප්රශ්න ආයේ මගෙන්ම අහන්ඩ එපා 🧐

(Copied )

නිස්සංක සර් 😍

Science 𝐇𝐔𝐁 ❤️

11 Nov, 20:48


📊 Forecast: General Election 2024 Sri Lanka 🇱🇰:

🧭 NPP - 124 (+/- 7)
☎️ SJB - 53 (+/- 5)
🐘 NDF - 24 ( +/- 5)
🏠 ITAK - 11 (+/- 3)
🌷 SLPP - 2 (+/- 2)
⭐️SB - 2 (+/- 2)
🏳️Others - 9 (+/- 3)

The results are based on numberslk online survey conducted from November 7th to 11th, 2024, involving a sample of 870 Sri Lankan adults. The turnout model used in these findings was developed by analyzing differences in voter turnout from the 2010 and 2020 general elections to presidential election held just before those election. This poll has a margin of error of ±5% at a 95% confidence level.

more: https://numbers.lk/analysis/npp-leads-in-numbers-lk-s-general-election-poll-with-clear-path-to-majority-as-sjb-lags

#srilanka #Election2024

Science 𝐇𝐔𝐁 ❤️

11 Nov, 13:26


https://youtu.be/6IaAl1bSw7M

ඔන්න ළමයි මේ මාසෙට කරන වැදගත්ම video එක. Description එකේ තියෙන pdf එකත් download කරගන්න. දැන්ම essay plan එකේ ලියපු essays ටිකත් අතට අරගෙන බලන්න පටන් ගන්න

Science 𝐇𝐔𝐁 ❤️

11 Nov, 06:06


https://youtu.be/eWCpaaKR7MM?si=rwhVmYYVlF1u-h_J

මේ තියෙන්නේ මං දාපු එක

Science 𝐇𝐔𝐁 ❤️

11 Nov, 06:06


හිරාන් සර් දවසකට කලින් දාපු බොහොම වටින video එකක්... blooms taxonomy වලින් mcq ගොඩදාගන්න විදිහ ගැන

Blooms taxonomy වලින් mcq ගොඩදාගන්න හැටි ගැන මං අවුරුද්දකට කලින් වීඩියෝ එකක් කලා කට්ටියට මතකද දන් නෑ 😁😁😁. උබලා ඒ කාලේ ඉඳන් අපි කියන විදිහට වැඩ කලා නම් අද ඔය ඉන්න තැනට වඩා ගොඩක් උඩින් ඉන්නේ

Science 𝐇𝐔𝐁 ❤️

11 Nov, 06:06


https://youtu.be/4n8W77-nueU

2025 ළමයින්ට වීඩියෝ ටික හදන ගමන් ඉද්දී දුන්න ගානක් 2024 අයටත් දැනගන්න එක හොඳයි කියලා හිතුනා... ගානට වඩා මේකේ තර්කය අවබෝධ කරගන්න පුලුවන් නම් වටිනවා

Science 𝐇𝐔𝐁 ❤️

09 Nov, 06:39


Science 𝐇𝐔𝐁 ❤️ pinned «»

Science 𝐇𝐔𝐁 ❤️

09 Nov, 03:39


Tiktok වල දැක්ක එකක්....කොල්ලොන්ට වැඩ කරලා කොහොමහරි මෙඩිසින් වරෙන් කියන්නේ ඔන්න ඕකයි.😌😌😂

Night casualty එකක වැඩ කරද්දි තේ එක පවා nurse කෙනෙක් හදලා අතටම ගෙනත් දෙනවා😌😌..එක එක කෑම එහෙමත් ගෙදරින් හදන් එනවා..අපිට හරි ආදරෙයි😍❤️තේ එකක් එහෙම බීලා nurse ලා කරන gon gocs ටිකක් එහෙම අහගෙන😂 චිල් එකේ වැඩ කරන්න තමා තියෙන්නේ...කිසි කම්මැලිකමක් නෑ....

Science 𝐇𝐔𝐁 ❤️

08 Nov, 05:39


අනුරාධපුර ශීක්ෂණ රෝහලෙ සියලු වර්ග වල ලේ හිඟයක් පවතී.

එබැවින් රුධිර පරිත්‍යාගශීලීන්ගේ සහය බලාපොරොත්තු වන්නෙමු.


🩸🩸🩸🩸🩸🩸🩸🩸
We are reaching out to urgently request your support in addressing a critical shortage of blood at the THA Blood Bank.

If you are willing to donate, please do so by *before 7:00 PM today. Your donation would be invaluable in helping us meet the immediate need.

MSU

#Share

Science 𝐇𝐔𝐁 ❤️

08 Nov, 04:10


Saudi Arabian desert sees snowfall for the first time in history

Science 𝐇𝐔𝐁 ❤️

08 Nov, 04:09


In an extraordinary climatic shift, parts of Saudi Arabia, including the Al-Jawf region, have experienced heavy snowfall for the first time in history. Known for its typically arid climate, Al-Jawf was transformed into a winter wonderland, with snow blanketing the mountains and creating stunning waterfalls.

This rare weather event follows a series of heavy rains and hailstorms that have revitalized the valleys, signaling a refreshing transition into the colder season. The Saudi weather department has issued alerts for ongoing severe weather, including thunderstorms, heavy rain, and hail, advising residents to exercise caution.

This unusual weather pattern is not isolated to Saudi Arabia, as the UAE has also reported similar conditions due to low-pressure systems from the Arabian Sea. This event sets the stage for a vibrant spring in Al-Jawf, renowned for its wildflowers and aromatic plants.

Science 𝐇𝐔𝐁 ❤️

08 Nov, 01:11


Inorganic Chemistry තවම හරියට සෙට් වෙලා නැති ලමයි Dr. Randeer සර්ගේ මෙන්න මේ seminar එක බලන්න....

මේක බලපු ලමයිනම් මේක ගැන ගොඩක් හොඳ කීවා.

Theory ඔක්කොම වගේ කෙටි ක්‍රම, විවිධ රටා, chart එක්ක සාකච්ඡා කරලා තියෙනවා.

MCQ ,රචනා ප්‍රශ්න ගොඩක් විවරණය කරලා තියෙනවා.

ඒ නිසා Inorganic අමාරු ලමයි අනිවාර්යයෙන්ම බලන්න..


✨️ Seminar එක ගැන introduction video එක (10 min)
https://youtu.be/kzg-Fqt2JTc?si=OcLnIgR0F15ZCSnN


✨️ සම්පූර්ණ seminar එක (10h)
https://www.youtube.com/live/TqX8U9KN1NQ?si=BOBhZCfgGJHwaOG2


✨️ seminar එකේ Note එක
https://t.me/inorganic2024DrRK/235



Science HUB

Science 𝐇𝐔𝐁 ❤️

07 Nov, 16:48


කොහොමද ඒ view එක...❤️

Anuradhapura Teaching Hospital එකේ Proffesorial building (proff unit) එකේ තියෙන Surgery Theater වලින් එකක්...


පිටිපස්සෙන් පේන්නෙ

•ජේතවනාරාමයයි, 🙏
•රැවැන්වැලි මහා සෑයයි,🙏 •මිරිසවැටි චෛත්‍යයයි 🙏


Science HUB

Science 𝐇𝐔𝐁 ❤️

07 Nov, 16:27


✨️ඔන්න ඕකනම් සිරාවටම සුපිරි...✨️✨️

අපි පන්ති යන දවස් වලත් සර් විභාගේ ලන් වෙලා මේ වගේම ප්‍රස්ථාර , වගන්ති ප්‍රශ්න 100 ක සෙට් එකක් කරා..

සර් මේ ටික හොඳටම පැහැදිලිව කියල දෙනවා..

මාරම වටිනවා.✨️✨️

පුළුවන් නම් හෙට උදේ youtube එකෙන් ඕකට සෙට් වෙලා බලන්න.

Science 𝐇𝐔𝐁 ❤️

07 Nov, 16:19


🟥 හැමෝටම අමාරුයි කියන
'ප්‍රස්තාර සහ වගන්ති' ප්‍රශ්න ටික
සුපිරියටම ගොඩදාගමු.....


මේක Miss කරගන්න එපා!
Liveම සම්බන්ධ වන්න


හෙට උදේ 7.00සිට...
📺Darshana Ukuwela YouTube චැනලය ඔස්සේ....

----------------------

මීට අදාල Paper PDF පහතින්,

ප්‍රස්තාර Sinhala Medium
Graphs English Medium
වගන්ති Sinhala Medium
Statements English Medium

----------------------

යාළුවන්ටත් Share කරලා දැනුවත් කරමු...👍💥


🌟🌟🌟🌟🌟🌟🌟
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

Science 𝐇𝐔𝐁 ❤️

07 Nov, 13:07


මේ වගේ scam කීයක් නම් වෙනවා ඇද්ද...අපේ එක admin කෙනෙක්ටවත් මේව හොය හොය නටන්න වෙලාවක් නෑ.
....ලමයෙක් එව්වොත් බලලා දානවා...




ඒ නිසා පුළුවන් තරම් මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න ලමයි.ඔයාල පොඩි උන් නෙමේනේ...

අපිනම් හැමදාම කීවේ past papers කරපන්, විවරණ ලියපන්, රෝසා සර්ලා, ෆාරිස් සර්ලා, රංග සර්ල, ධර්මකීර්ති සර්ලගේ විවරණ බලපන්,
විභාගෙට කලින් past papers ටික වට 3,4 ක් කරපන් කියල.....

අපේ Adminla ඉන්න හැම කෙනාම Medicine ආවේ ඔහොම කරලා...
නැතුව දෙයියො දෙනකල් බලන් ඉඳල නෙමේ...

මහන්සි වියන් බන්.උබලවම රවට්ට ගන්නෙ නැතුව 😒 මෙතන

Science 𝐇𝐔𝐁 ❤️

07 Nov, 12:59


අප්පටසිරි.කලින් දාපු ss එකේ තිබ්බ මේක දැන් දැක්කේ 😂

• Past papers කරන්න එපා පුතේ😂
• විවරණ ලියන්න එපා
• Chart ගහන්න එපා
• වගු ගහන්නත් එපා
• රෑප සටහන් ඇඳලා හුරුවෙන්න එපා
• Marking points වලට රචනා ලියලා හුරුවෙන්නත් එපා😂


මේ වගේ හරක්ව අන්ඳන්න ලේසී ඉතින්😂 ස්වභාවික වරණය කියල එකක් තියෙනවනේ.ඒකෙන් මේ වගේ උන් A/L වලින් නිකන්ම හැලිලා යනවා.

Science කරලත් මොලේ පාවිච්චි කරලා තීරණ ගන්න වැඩ කරන්න බෑනේ මුන්ට...

අනුමාන කියල රුපියල් 4000 ගානක් අරගෙන එක පාඩමකින් ප්‍රශ්න 500 ක් ගානේ දෙන විකාරයක් බදාගෙනම හිටපන්😂

Science 𝐇𝐔𝐁 ❤️

07 Nov, 12:26


Wait. What

එක පාඩමකින් ප්‍රශ්න 500 ක් 🫢

එතකොට උබල අනුමාන කියන්නේ එක පාඩමකින් ප්‍රශ්න 500 ක් දෙන එකටද බන්😂
(අපි වැරදිනම් නිවැරදි කරන්න)


කාවද මේ රවට්ටන්නේ..


නිශ්ශංක සර් විභාගේ ලන් වෙලා අනුමාන ගැන කියන කතා මතක් වෙනවා මේ වෙලාවට 😼

Science 𝐇𝐔𝐁 ❤️

07 Nov, 10:06


Dr. Darshana Ukuwela
🔴 යාන්ත්‍ර විද්‍යාව |

Guessing/Essay Day 01 ▶️

Video

https://www.youtube.com/live/01fTDUAk4fY?si=YWLmslFzz7ohqpgo


PDF

https://t.me/DU2024RE/5397

▪️මේ වැඩේ ගැන පෙර දැනුවත් කිරීම් සඳහා මෙතන Click කරන්න


✈️https://t.me/DU2024RE

Science 𝐇𝐔𝐁 ❤️

07 Nov, 10:03


Dr. Darshana Ukuwela

🔴 ක්ෂේත්‍ර |

Guessing/Essay Day 02 ▶️

Video 📺

https://www.youtube.com/live/e4hVeQbrntE?si=L-UNNAO6AOkeArqh


PDF
https://t.me/DU2024RE/5417



▪️මේ වැඩේ ගැන පෙර දැනුවත් කිරීම් සඳහා මෙතන Click කරන්න


✈️https://t.me/DU2024RE

Science 𝐇𝐔𝐁 ❤️

02 Nov, 14:26


වැහි කාලෙත් ආව එකේ..ඉස්සරහට Dengue වසංගතයක් එන්න පුලුවන්...

ඔයාල දන්නවද ඩෙංගු මදුරුවව අනිත් මදුරුවොන්ගෙන් වෙන් කරලා හඳුනාගන්න හැටි.......




ලංකාවේ මදුරු වර්ග 140 ක් විතර හිටියට dengue බෝ කරන්නෙ මදුරුවො වර්ග 2 යි..

එක්කෙනෙක් තමයි Aedes aegypti (වම් පැත්තේ ඉන්න මදුරුවා) , අනිත් කෙනා තමා Aedes albopictus (දකුණෙ ඉන්න මදුරුවා)

🟡මෙයාලගෙන් ලංකාවේ වැඩිපුරම ඉන්නෙ මේ Aedes aegypti කියන විශේෂෙ..

🔴මේ වර්ග දෙකේම කකුල් වල සුදු පාට වයිරම් තියෙනවා..

🔴aedes Aegypti කියන වර්ගේ මදුරුවොන්ගේ පිටේ වීනාවක සලකුණක් වගේ එකක් තියෙනවා..(පහල පින්තූරය බලන්න)

🔴Aedes albopictus ගේ පිටේ සුදු පාට තනි ඉරක් තියෙනවා..(පහල පින්තූරේ බලන්න)

Science 𝐇𝐔𝐁 ❤️

02 Nov, 11:00


Science කරලත් මේ වගේ දඩ scam වලට අහුවෙන උන් නම් කැම්පස් එන්න ඕනේ නෑ 😂🤣

එක සෙට් එකක් රු.4000 ගානක්ලු..අවුරුදු ගානක ඉඳන් Science කරන ලමයිව රවට්ටනවලු 😂

Science 𝐇𝐔𝐁 ❤️

01 Nov, 13:08


Science 𝐇𝐔𝐁 ❤️ pinned «»

Science 𝐇𝐔𝐁 ❤️

01 Nov, 13:05


https://youtu.be/6MxEgBTFf5U?si=mIPD6PRkshrh8rZI

මේක මං හදිසියේ class එකේ ළමයින්ට දාපු වැදගත් video එකක්. පැය 3ක් යද්දී views 1000 ට වඩා ආපු නිසා මං හිතන්නේ හෙට අනිද්දා AL ලියන ගොඩක් අයට වැදගත් වෙයි කියලා. ටිකක් විතර දිගයි. සමහර දේවල් අමුවෙන් ම කියලා තියෙනවා. ඒවා ගැන හිතන් නැතිව ගන්න දෙයක් තියෙනවනම් ගන්න

Science 𝐇𝐔𝐁 ❤️

01 Nov, 11:49


චරිතයක්‌


CEO - Axiata Group

Dialog එකත් අයිති මෙයාලට තමයි

Science 𝐇𝐔𝐁 ❤️

01 Nov, 11:31


A/L කාලේ love කරපු උන් 99% කටම කෙල වෙනවා / කෙල උනා

අපි වගේ A/L කරන කාලේ love නොකර ඉඳලා ( Crush එකක්‌ හිටිය එක වෙනම කතාවක්) campus ආවහම තමන්ට ගැලපෙනම කෙනා හොයාගන්න ...





එතකොට හැම දේම ලේසි.........
මොකද campus කාලේ විතරක් නෙමේ, Job එක කරද්දීත් Doctors couple එකකට එකම hospital එකේ vacancy තියෙනව නම් අනිවාර්යයෙන්ම දෙනව, එහෙම නැතිනම් වර්ග 10km ක් ඇතුළත hospital එකක්‌ දෙනව...




ඉතිං උබලා A/L කාලේ කරන්නේ love නෙමේ බං ඉලව්..... 😉😋

Science 𝐇𝐔𝐁 ❤️

01 Nov, 11:21


ආදරේනම් හැමෝම කරනවා...

වෙනදෙයක් වේවි...දැන් මොන තත්වෙ හිටියත් උඹ පාඩම් කරපන්😎
එතකොට ආදරේ කරපු උන් පාඩම් කරද්දි උඹට ආදරේ කරන්න පුලුවන්😂❤️

තව දවස් 25යි...

Science 𝐇𝐔𝐁 ❤️

01 Nov, 01:08


Resource book පලහිලව් (සම්පත් පොතෙහි නැවත වෙනස්වූ කොටස් සාකච්ඡාව)

Unit 2
_Episode 1_
අන්වීක්ෂය (විශාලන බලය, විභේදන බලය)- https://youtu.be/M8tQYnMYz_A?list=PLG2bJKWBqAV2JdZX6dRilLG0U3BLGGn9_

Unit 3
_Episode 1_
නිඩාරියා වංශය- https://youtu.be/BTIc_2fKh8Y?list=PLG2bJKWBqAV2JdZX6dRilLG0U3BLGGn9_
_Episode 2_
ප්‍රොටිස්ටා වංශය- ඇල්ගී- https://youtu.be/09g_gtUv8go?list=PLG2bJKWBqAV2JdZX6dRilLG0U3BLGGn9_

Unit 4
_Episode1_
ප්‍රාභාරුපජනනය- https://youtu.be/_Z2GCtVAi_4?list=PLG2bJKWBqAV2JdZX6dRilLG0U3BLGGn9_

Unit 5
මානව කන -
_Episode 1_
https://youtu.be/GRC2bf9u7tI?list=PLG2bJKWBqAV2JdZX6dRilLG0U3BLGGn9_
_Episode 2_
https://youtu.be/kASxwsVgtws?list=PLG2bJKWBqAV2JdZX6dRilLG0U3BLGGn9_

_Episode 3_
මානව ඇස- https://youtu.be/0_JRXTLLLQ0?list=PLG2bJKWBqAV2JdZX6dRilLG0U3BLGGn9_

_Episode 4_
ප්‍රජනනය- https://youtu.be/kdnqZQTYKe4?list=PLG2bJKWBqAV2JdZX6dRilLG0U3BLGGn9_

_Episode 5_
ශ්වසන පද්ධතිය- https://youtu.be/ttFe76E3S88?list=PLG2bJKWBqAV2JdZX6dRilLG0U3BLGGn9_

ශ්වසන පරිමා හා ධාරිතා - https://youtu.be/huPFw8OPuwo?si=e_ZGOn3AY3cVU4gQ

සමායෝජනය (අක්‍රීය විභවය)- https://youtu.be/dQkEh1f6m80?si=gbVe3JfBKn7t9HoJ

සමායෝජනය(ක්‍රියා විභවය)- https://youtu.be/-XDUHTcqg0I?si=xVOSNB51w3dRde6w

ආහාර ජීරණ පද්ධතිය-
https://youtu.be/3m7P9DF0GFg?si=KK0xq7ykaGNgcyRJ

Science 𝐇𝐔𝐁 ❤️

01 Nov, 01:08


ළමයි අනිවාරෙන් මේ සතිය ඇතුළත වගේ මේ ටික බලලා වැරදි ටික හදාගන්න. අලුත් පොත තියෙන අය වුනත් මේ ටික බලන්න. අපේ instructors ලා සම්පූර්ණ theory එකත් එක්කමයි විස්තර කරන්නේ

Science 𝐇𝐔𝐁 ❤️

31 Oct, 07:42


Science 𝐇𝐔𝐁 ❤️ pinned «📢📢📢📢📢📢📢📢📢📢📢 2024 විභාගේ අදාළ කරගෙන මේ වෙනකල් දාපු video https://youtu.be/OZZo2e4z_yg?si=jtqo_cUe3x_9ga0u -අවුල් ගිය උන්ට දවස් 20 න් ගොඩ එන්න ක්‍රමයක් https://youtu.be/hqEbSl9Bu9c?si=g7pGILVd8ApSeUDU -වැඩ කරද්දි එන Overestimation එක සම්බන්ධව https://y…»

Science 𝐇𝐔𝐁 ❤️

31 Oct, 07:41


📢📢📢📢📢📢📢📢📢📢📢
2024 විභාගේ අදාළ කරගෙන මේ වෙනකල් දාපු video

https://youtu.be/OZZo2e4z_yg?si=jtqo_cUe3x_9ga0u
-අවුල් ගිය උන්ට දවස් 20 න් ගොඩ එන්න ක්‍රමයක්

https://youtu.be/hqEbSl9Bu9c?si=g7pGILVd8ApSeUDU
-වැඩ කරද්දි එන Overestimation එක සම්බන්ධව


https://youtu.be/DoYvE9ewJOg?si=Z97A6Sq99i2Fi1r9
-යාලුවොත් එක්ක වැඩේ ගොඩදාගන්න විදිහ

https://youtu.be/1GaPGB5om_0?si=c5lOT7CyGOvYwhv-
-තමන්ගේ මට්ටම result එකට බලපාන විදිහ

https://youtu.be/Nf2LdTkZRNo?si=yPReLJbj9g1SfgsZ
-time management කරන විදිහ

Science 𝐇𝐔𝐁 ❤️

31 Oct, 07:41


යාලුවෝ එක්ක share කරගන්න තව ඔයාලට ප්‍රශ්න තියෙන ඒවා දාලා තියන්න...ගොඩක් අය දාල තියෙන ප්‍රශ්න වලට video එකක් දෙන්නම්

Science 𝐇𝐔𝐁 ❤️

31 Oct, 04:40


හැබැයි රනිල් හරි මහින්ද ල හරි බලයේ හිටියානම් මේ වෙද්දි private Medical faculty 10 k 15 k දාලා art කරපු උන් විතරක් නෙමේ O/L fail උනුත් Medicine ඇවිල්ලා 😗




වෙලාවට මිනිස්සුන්ට මොලේ තිබිලා අනුර ලව, හරිණි ලව බලයට ගෙනාවේ ❤️

Science 𝐇𝐔𝐁 ❤️

31 Oct, 04:36


හැබැයි තාමත් ලංකාවේ bio කරලා වෙන වෙන ඒවට යන්න පුලුවන් උනාට bio නොකර වෙන වෙන ඒවා කරලා ඩොක්ටර් කෙනෙක් වෙන්න බෑ......
ගැම්මෙන් ඉන්න ළමයි ගැම්මෙන්😌😌😎😎

Science 𝐇𝐔𝐁 ❤️

30 Oct, 15:50


අවුරුදු 2 කට කලින් channel එකකින් දාපු poll වගයක්......

වැඩිම views, vote තියෙන poll ඒකද මන්ද 🤔

Science 𝐇𝐔𝐁 ❤️

25 Oct, 04:23


පුල්මුඩේ ඛනිජ වැලි නිධියෙන් අමු වැලි විකිණීම වෙනුවට නිස්සාරණ කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට කටයුතු කරනවා.
-ජනාධිපති අනුර දිසානායක සහෝදරයා-

Science 𝐇𝐔𝐁 ❤️

23 Oct, 12:56


Science 𝐇𝐔𝐁 ❤️ pinned «https://youtu.be/OZZo2e4z_yg?si=E1Z7fS8SU8N-e_sR ඔන්න මගේ උදව්ව කරා....දැන් ඔයාලගේ උදව්ව කරන්න අවුල් ගිය යාලුවොන්ට share කරන්න❤️❤️»

Science 𝐇𝐔𝐁 ❤️

23 Oct, 12:56


https://youtu.be/OZZo2e4z_yg?si=E1Z7fS8SU8N-e_sR

ඔන්න මගේ උදව්ව කරා....දැන් ඔයාලගේ උදව්ව කරන්න අවුල් ගිය යාලුවොන්ට share කරන්න❤️❤️

Science 𝐇𝐔𝐁 ❤️

23 Oct, 12:21


මං papers ගැන කියන වීඩියෝ වල හැමදාම කියනවා වගේ මේ පාරත් වයඹ paper එක සුපිරියට දීලා තියෙනවා. නොකර නම් යන්න එපා AL වලට

Science 𝐇𝐔𝐁 ❤️

23 Oct, 06:30


ඊශ්‍රායල හමුදා සාමජිකයන් නිවාඩුව ගත කිරිමට වැඩි වශයෙන් ශ්‍රි ලංකාවට පැම්න ඇති තත්වයක ඇමරිකාව ආරුගම්බේ පිලිබද අනතුරු ඇගවිම කර ඇත.

Science 𝐇𝐔𝐁 ❤️

23 Oct, 06:26


🚨 U.S. Embassy in Colombo issues warning to avoid Arugam Bay 🇱🇰

U.S. citizens urged to stay clear of Arugam Bay due to credible attack threat targeting tourist spots

Travel restrictions imposed on Embassy personnel.

#SriLanka #TravelAlert

Science 𝐇𝐔𝐁 ❤️

22 Oct, 10:05


දැනට අවුරුදු 5කට විතර කලින් out උන batch එකක අයියලා අක්කලා හදපු note එකක පිදුම

Science 𝐇𝐔𝐁 ❤️

22 Oct, 07:23


Highly recommended

Science 𝐇𝐔𝐁 ❤️

21 Oct, 18:49


Copied from Dr Priya

මම මුලින් වැඩ කරේ දැඩි සත්කාර ඒකකයේ ICU /HDU අවුරුද්දක් විතර..
මෙහෙම කරන්න ඇති ඕන තරම්,
ඇඳ උඩ නැඟලා, දනිස් දෙකෙන් හිඳගත්තහම ඇඳ උඩ , ඔයිට වඩා ලේසි ලොකු වෙලාවක් කරන්න පුළුවන්, අන්තිමට දාඩිය දාලා නෑවා වගේ.
සමහර ලෙඩ්ඩුට ආපහු පණ එනවා සමහරු නැති වෙනවා.

සමහර ලෙඩ්ඩු, සති ගණන් ICU එකෙ ඉන්නව , කවලා, ඇඟ හෝදලා, පැම්පස් අන්දලා, කැත කුණු අයින් කරලා , සියලු දේවල් කරන්නේ අපි තමයි. ( අපි කිව්වේ හෙද කාර්ය මණ්ඩලය සහ, ඇටෙන්ඩන් මහත්වරු නෝනලා ඇතුළුව )

අසාධ්‍ය වෙච්ච. ලෙඩා සනීප වෙලා යන එක අපිට සතුටුයි.

මම ඉන්න වෙලාවේ, ලෙඩෙක් ඔහොම වෙලා උපරිම දෙයක් කරලා ගොඩ දාන්න බැරුව නැති වෙන එකත්, එක්තරා විදියකට හිත හදාගන්න පුළුවන් අපි උපරිම දෙයක් කරා කියලා.

නමුත් මම උදේ හවස, රාත්‍රී එක දිගට වැඩ කරලා, ආපහු ගෙදර ගිහිල්ලා ඊලඟ දවසේ උදේ වැඩට එනකොට.

සමහර ඇඳවල් හිස් වෙලා, අපිත් එක්ක හොඳට කතා කර කර ඉඳපු, සති ගානක් ඉඳපු ලෙඩා නැතිවෙලා. අන්න එතකොට නම් එපාම වෙනවා. මොකද මම බලාපොරොත්තු වෙලා ඉඳියේ ඒ ලෙඩා හොද වෙයි කියලා.

මට ඉස්සර වුවමනාවක් තිබුණේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියක් ( නිර්වින්දන වෛද්‍යවරු තමා ICU වල ඉන්නේ ) වෙන්න, මොකද වෙන රටකට යන්න ලේසි, අනිත් රටවල් වල ඕන තරම් රස්සාවල් තියෙනවා. නිර්වින්දන වෛද්‍යවරුන්ට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා.

ගෙදර ගිහිල්ලත්, ICU ලෙඩ්ඩු ගැන කල්පනා වෙනවා, ලෙඩෙක් නැති උනොත්, කොච්චර හොඳට කරලත්, තවත් මොනවා හරි කරන්න තිබුණා, වගේ හැඟීමක් ඇතිවෙනවා.

ඊට පස්සේ ඕක මම අතැරලා දාලා , family medicine කරා, දැන් මම විවිධ රෝග වලට, ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන එක තමා, කරන්නේ, දැන් මට මෙහෙම කරන්න වෙන්නේම නෑ.
බෙහෙත් දීලා ගෙදර ආවා ලෙඩ්ඩු ගැන වැඩිය මතක් කරන්න ඕන නෑ, මොකක් හරි ලෙඩෙකුට පරීක්ෂණයක් කරන්න කියලා , මට වට්සැප් කරලා reports බලන්නව වගේ වැඩක් ඇරෙන්න.

මේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය හෝ වෛද්‍යවරයා එච්චර ප්‍රසිද්ධ නෑ, එයා ලෙඩ්ඩු බලන අය වගේ ලෙඩුත් එක්ක ගැටෙන්නෙ නැති නිසා. නමුත් අසාධ්‍ය ලෙඩාගේ ජීවිතය බොහෝ විට තීරණය තියෙන්නේ එයාගේ අති.

ලංකාවේ නිර්වින්දන වෛද්‍යවරු අති දක්ෂයි වගේම, ඒගොල්ලන්ගේ පශ්චාත් උපාධි පාඨමාලාව සෑහෙන quality හැම වෙලේම තමන්ගේ පහළ වෛද්‍යවරුන්ට බලහත්කාරයෙන් හරි උගන්වන්න හදන්නේ, මාව දකින දකින සැරයක් ගානේ ඉගැන්නුවා ඒ කාලේ. මට එහෙම උගන්නපු සියලුම විශේෂඥ වෛද්‍යවරුන්ට පින්. 🙏🥰
ඒගොල්ලන්ට වෙන රටකට යනවා කියන්නේ කජු කනවා වගේ, කතා කරල ගන්නේ.

වෛද්‍ය වෘත්තිය කියන්නේ , 8- 4 ජොබ් එකක් නෙමෙයි. හමුදාව වගේ තමා, හිත හයිය තියෙන්න ඕනේ.

( මෙම වීඩියෝව, මුහුණු පොතෙන් උපුටා ගත්ත බොහෝ අය දැක්ක වීඩියෝ එකක් බව සලකන්න , දැඩිසත්කාර ඒකකයක වැඩ කරන එක, මොනවාගේ අත්දැකීමක්ද සහ නිර්වින්දන වෛද්‍යවරුන්ගේ කාර්යභාරය ා මොකක්ද කියල කියන්නත් තමා, මේ වීඩියෝ එක දැම්මේ. )

ඕගොල්ලන්ට මේ වගේ එකක් රෙකෝඩ් කරන්න අවස්ථාව ලැබුණොත්, මේක මුහුණු පොතට එක් කරන්න එපා. ( මේක පකිස්ථානයෙ වීඩියෝ එකක්ලු)
මේ අවස්ථාව වීඩියෝ කරලා දාන එක සදාචාරාත්මක, නැහැයි කියලා හිතෙනවා..


Copied

Science 𝐇𝐔𝐁 ❤️

21 Oct, 16:22


CEO - Axiata Group

Science 𝐇𝐔𝐁 ❤️

21 Oct, 16:20


🔴 රටම ඩිජිටල්කරණය කරන්න මිලියන ගණනක වැටුප් අත්හැර ආචාර්ය හාන්ස් විජේසූරිය සති දෙකකින් ලංකාවට.

Science 𝐇𝐔𝐁 ❤️

21 Oct, 12:10


අවසන් දින 30 ට ready ද?

දැනටත් class එන සහ අන්තිම දවස් තිහේ හරි උපරිම ගේමක් ගහගන්න බලාපොරොත්තුවෙන් class එන්න ඉන්න හැමෝම බලන්න.....එන්න ඉන්න යාලුවෝ ඉන්නවනම් ඒ අයටත් share කරන්න

https://youtu.be/ernQY8RqeMA?si=kBz9ERS8wUu_n57X

Science 𝐇𝐔𝐁 ❤️

20 Oct, 17:02


ඉස්සරහට විශාල යුද්ධ 2 ක් අලුතින් ඇතිවෙන්න වගේ යන්නේ...

China ගොඩක් දුරට තායිවානෙට ගහයි.
North korea , South korea වලට ගහයි.

මොකද මේක තමා හොඳම වෙලාව ඒ රටවල් එක්ක යුද්ධ කරලා අල්ලගන්න.

මොකද තායිවානේ, දකුණු කොරියාව කියන්නෙ ඇමරිකාවේ ආරක්ශාව යටතේ ඉන්න රටවල් දෙකක්.ඒකයි මෙච්චර කල් චීනේ, උතුරු කොරියාව මේ රටවල් එක්ක යුද්ධෙට නොගියේ...

ඒත් මේ වෙද්දි ඇමරිකාව යුද්ධ 2 කට සම්බන්ධ වෙලා ඉවරයි.එකක් රුසියානු - යුක්‍රේන යුද්ධය,
අනික ඊශ්‍රායල් - ඉරාන යුද්දෙට..

•ඉතින් ඇමරිකාව ප්‍රමුඛ NATO රටවල සහය , ආයුධ , මුදල් ඒ යුද්ධ වලට බෙදිලා ගිහින් තියෙන වෙලාවක් මේක,

•ඒ විතරක් නෙමේ ඇමරිකාව ජනාධිපතිත් වෙනස් වෙන්න යන මොහොතක බල හුවමාරුවක ඉන්නෙ,

•ඊට අමතරව කොන්‍ග්‍රස් එකෙන් මහජනතාවගෙන් ලොකු විරෝධයක් ඇවිල්ලත් තියෙන්නෙ TAX ගහල ගන්න සල්ලි වලින් වෙන රටවල යුද්ධ කරන එක ගැන

ඉතින් මේ වෙලාවේ තව යුද්ධ 2 ක් ඇති උනොත් ඒක ලෝකෙටම විශාල ලෙස බලපාවී..ලංකාවටත් ඒකේ බලපෑම ලොකුවටම දැනේවී.මොකද ලංකාවේ තරුණයෝ ගොඩක් කොරියාවේ රස්සාවලට යනවා.ඒකෙන් විදේශ විනිමය විශාල විදිහට එනවා.

අනිත් දේ තමයි චීනෙ තමයි ලංකාවේ විශාලතම ඒක පාර්ශ්වික ණය ලබාදෙන්නා.ඒ වගේම ලංකාව වැඩිපුරම ආනයනන් කරන්නෙත් චීනෙන්. මේකෙන් ලංකාවේ ආර්ථිකයටත් නැවත විශාල බලපෑමක් එල්ල වෙන්න පුළුවන් 💔

මේක ඇත්තටම serious දෙයක්.අපි ප්‍රාර්ථනා කරමු මේ යුද්ධ දෙක ඇතිවෙන්න එපා කියල 🥺💔

මොකද අපි ඇත්තටම චීනේ මත තමයි යැපෙන්නෙ.. පොත් පෑන්, Phone, Lap,TV ඇතුලු හැම දෙයක්ම වගේ අපි චීනෙන් තමා ආනයනය කරන්නෙ.
බැරි වෙලාවත් චීනේ තායිවානය එක්ක මේ වෙලාවේ යුද්ධ කරොත් ඒක රුසියාව යුක්‍රේණයට ගැහුවා වගේ දෙයක් වෙන්නෙ.ඒකෙන් වෙන්නෙ චීනෙට විශාල සම්බාධක ප්‍රමාණයක් වැටෙන්න පුළුවන් එක.එතකොට චීනෙන් භාණ්ඩ ආනයනය බහුලවම කරන අපි වගේ රටකට තමා මේකෙන් ලොකුම බලපෑම එන්නෙ. 💔