නමුත් බොහෝ අදහස් අනුව ප්‍රතික්ශේපිත හදවතක ප්‍රේමය වෙනුවෙන් බලා හිදීම අනුචිතය.
නමුත් " ආදරය උපදින තැන, ආදරය ඉපදුනු තැන "මා නතර වනවා විනා මට අන් කල හැක්කක් නොවීය...ඉතින් ඒ ප්‍රේමය වෙනුවෙන්ම මා බලා හිදීම මට සතුටක් විය.අහිමි වුවද ප්‍රේමය මා හදවත තුල ජීවමාන වීම ගැන මම උදම් වීමි.බොහෝ අය අපහසු යැයි අත්හැරි තැන මා තනිවම හදවත තුල ඒ ප්‍රේමය රැකගත්තෙමි.එක හිතක් මත්තෙම නැහෙනවා යැයි එකල භාවිතා කල වචනයට මම විරුද්ධ වෙමි.එය ඊට වඩා අර්ථපූර්ණ විය යුතුමය.හේතුව තනි හිතක ආදරය රකින්නන් බහුල නැත.
ඉතින් මට ඔබ අවැසි නැත.මා තනිකම තුලද ඔබවම දකිමි."තනිකම පට්ට" යැයි විරහව වචන කරන්නන්ගේ සැගවුණු සංශිප්තයද මෙය යැයි මා දනිමි.
නුඹ නොමැති වීම දරාගත හැක.නමුත් නුඹ ආයේ ආයෙත් ඇවිදින් හැරී යාම වාවනු නොහැක.
ඉතින් නුඹ තව තවත් දුර යන්න.එවිට මට පුලුවන් නුඹට නොපෙනෙන්න,නුඹටම ආදරය කරන්න....❤