පාර අයිනක අම්මටත්, බබාලටත් ඔයා ළඟ දවල්ට කන්න තිබුණ කෑම එක අනලා දීලා ගිය වග ඒ බලු අම්මා හැමදාම මතක තියාගන්නවා!
අවුරුදු ගාණක් ජීවත් වුණ වයසක මහත්මයට අසුන පරිත්‍යාග කරන්න කාරුණික වුණ ඔයාව මේ ලෝකය මතක තියාගන්නවා!
අසනීප වෙලා අමාරුවෙන් ඇඳට වෙලා හිටිය ඔයාගෙ බෝඩිමේ යාලුවට ටික දවසකට හරි කරුණාබර අම්මෙක් වුණ ඔයාව මේ ලෝකෙට වටිනවා!
හැමදාම උදේට කුරුලු ලෑල්ලට කෑම දාලා ඈත ඉඳන් බලන් උන්න ඔයාව අහසට ගහකොලට පවා මතක තියෙනවා!
ඔයාගෙ යාලුවෙක් බිංදුවට වැටිලා ඉන්න වෙලාවක එයාව අහගෙන ඉන්න ඔයා දීපු කාලය, හිත හදන්න කියලා ඔයා කියපු වචන, නිරන්තර අවධානය, ඔයාගෙ මෝඩ විහිලු එයා හොඳින් ඉන්න දවසකත් එයාට පුංචි හිනාවක් ගේනවා!
පුංචි කාලෙදි ඔයාගෙ නංගිලට මල්ලිලට වැඩියෙන් ඉතුරු කරලා ඔයා කෑවෙ පොඩිම කේක් කෑල්ලක් කියලා ඔයාගෙ හදවත මතක තියාගන්නවා!
ඔයාට සෝදන්න අමතක වුණ තේ කෝප්පෙ ඇතුළෙ හිටිය සිය ගණනක් කූඹින්ගෙ ජීවිත එකපාරට වතුරට අල්ලලා මරල දාන්නෙ නැතිව ඔයා සිය දෙනෙක්ගෙ පණ රැකපු බව විශ්වය දැනගන්නවා!
ඔයාට ඕනෙම නැතිවුණත් පාරෙ අයිනෙ, ගිනි ගහන අව්වෙ කෙසෙල් විකුණන ආච්චි අම්මගෙන් කෙසෙල් ඇවරියක් අරන් යන්න හිතපු ඔයාව ඔයාගෙ හදවතට මතක තියෙනවා!
ඔයා දන්නෙවත් නැති මනුස්සයෙක්ගෙ surgery අරමුදලකට ඔයාගෙ බෑන්ක් එකවුන්ට් එකේ තියෙන පොඩි ගාණෙනුත් සීයක් දාන්න කාරුණික වුණ ඔයා ඉතා විශාල යමක් කරල තියෙනවා!
ඒ නිසා කොහොමද කියන්නෙ ඔයාට කවදාවත් කාගෙවත් ජීවිතේක මාර love එකක් මාර කෙනෙක් වෙන්න බැරි වුණා කියලා? ඔයා කෙනෙක්ගෙ එක මොහොතක් සමහරවිට මුලු ජීවිතයක්ම වඩා හොඳ වෙන්න උදව් කරපු මනුස්සයෙක්!
ඔයා කාගෙ හරි නොකිව්ව, නොලිව්ව කතාවක, එක මොහොතක, දවසක, මාර මනුස්සයෙක් තමයි!
කරුණාවන්ත ඇස් මේ ලෝකෙට හැමදාම මතක තියෙනවා! ❤️
Tiny wonders
copied ,
credit goes to first owner 🙏
°°°°°°°°°°
🌿🍃🌼ආදරණීය හැඟුමක සොඳුරු මතක එක්ක ජීවත් වෙන්න...🌺🍃🌿
ආදරයේ නවාතැන |Abode of love💕
https://t.me/adarayenawathena