Study with Gimi @studywithgimi Channel on Telegram

Study with Gimi

@studywithgimi


හීන හොයන ඔයාලා වෙනුවෙන්...

Study with Gimi (Sinhala)

හීන හොයන ඔයාලා වෙනුවෙන්... nn"Study with Gimi" ටෙලිග්‍රෑම් චැනලයේ මෙම සේවාවට ලිපිය දීමේ නාමයකි. මෙය උපුටා ගැනීම, ඉගෙනුම් කිමිටමේ දැක්ගත හා සංවර්ධනයට සහය සහිත නිවේදනයයි. "Study with Gimi" ටෙලිග්‍රෑම් චැනල් පරිශීලකයන් හා ඉතා නිසා සංවිධානතම කරනු ලැබුණු අතර, පරිශීලකයාත් ඉංග්‍රීසි සහිත වචනවල සුබපැතුණොත්, අන්තර්ගතයන්ගේ සහ ප්‍රශ්න සහිත විෂය ලැයිස්තුගේ මානසිකා ඉදිරිපත් කර වෙනුවෙන් ඔබට හස්මනාවත් වරන සේවායයයි. nn"Study with Gimi" ටෙලිග්‍රෑම් චැනල් වෙනුවෙන් උපුටා ගැනීම, ඉගෙනුම් හා සංවර්ධනය ගැන අවශ්‍ය ඉඩම් ලබා ගන්න... හීන හොයන ඔයාලා වෙනුවෙන්...

Study with Gimi

04 Sep, 04:39


Personalized Study Plan එකක් හැදෙන්නෙ මෙහෙමයී..

💁🏻‍♀️ඔයා ස්කෝලෙ යන කෙනෙක් වුණත්, කැම්පස් යන කෙනෙක් වුණත්, job එකක් කරන ගමන් studies කරන කෙනෙක් වුණත් ඔයාට පුළුවන් අපේ මේ සේවාව ලබාගන්න.

1. Gimi එක්ක පැයක zoom meeting එකක් අරගන්න ලැබෙනවා

2. ⁠ඒ පැය ඇතුළත ඔයාගෙ මාසයක් පුරාවට ඔයාට තියෙන වැඩ කටයුතු කතා කරන්න අවස්ථාව ලැබෙනවා

3. ⁠ඊට පස්සෙ Gimi ඔයාගෙ ඒ හැම දෙයක්ම බලලා, ඔයාට ගැළපෙනම මාසෙකට අදාළ study plan එකක් හදලා ඔයාට ලබා දෙනවා

ඔයාට පුළුවන්, මාසයක් පුරාවට ඔයාගෙ වැඩ ටික හරියටම ක්‍රමානුකූලව කරගන්න. ඒ විතරක් නෙමෙයි ඔයාගෙ වැඩ කටයුතු ඒ විදියමයී නම් ඉදිරියටත් ඔයාගෙ study plan එකම පාවිච්චි කරන්න.

එහෙම නැත්නම්, ඔයාට පුළුවන් ආයිමත් මාසෙකින් අපේ මේ සේවාව මිලදී ගන්න..

ඒක වෙන්නෙ පියවර කීපයකට.

1. මේක මං ඔයාලා වෙනුවෙන් ලබාදෙන්නේ personalized service එකක් විදිහට. ඒ නිසා ඒ වෙනුවෙන් සාධාරණ මිලක් නියම කරලා තියෙනවා.

2. මේ සේවාව ගැන අහලා මිලදී ගන්න කැමති ඕනම කෙනෙක්ට, අපේ Whatsapp number එකට message එකක් දාලා ඒ ගැන විස්තර දැනගන්න පුළුවන්.

3. ඊට පස්සෙ ඔයා ඒ අදාළ මුදල deposit කරලා අපිට slip එක එව්වට පස්සෙ, අපි ඒ වෙනකොට ළඟම තියෙන available slot එක ඔයා වෙනුවෙන් වෙන් කරනවා.

4. Zoom meeting එක දවස. ඔයාට හම්බෙනවා පැයක zoom meeting එකක් මං එක්ක. ඒ වෙලාවෙදි ඔයාගෙ ඊළඟට එන exams ගැන, ඔයා දැනට ඉගෙනගන්න subjects ගැන, ඔයාගෙ life එක ගැන, ඔයා පාඩම් කරන විදි ගැන වගේ හැමදෙයක්ම share කරගන්නවා.

5. ඊට පස්සෙ දවස් 2ක් අරගෙන, මාසෙකට අදාළව හදපු ඔයාගෙම Study Plan එක මං ඔයා එක්ක share කරනවා.

6. ඊට පස්සෙ ඔයාට පුළුවන් ඒක බලලා, ඔයාට වෙනස් කරගන්න ඕන තැන් තියෙනවා නම් මං එක්ක ආයිමත් කතා කරලා ඒ තැන් වෙනස් කරගන්න.

7. ඊළඟට තමයි වැදගත්ම වැඩේ පටන් ගන්නෙ. ඒ තමයී හරියට plan එකේ විදිහට වැඩ ටික කරගන්න එක.

8. මේ අතරවාරයන් වලදි නිරන්තරයෙන්ම අපි ඔයාට message කරලා, කතා කරලා මේ වෙද්දි ඔයාගෙ progress එක කොහොමද, ඔයාගෙ වැඩ හරියට වෙනවද කියන එක ගැනත් personally හොයලා බලනවා.

ඉතින් මාසයක් plan එකට වැඩ කරලා ඔයාට පුළුවන් කැමති නම් ඊළඟ මාසෙටත් ආයිමත් සැරයක් personlized study plan එකක් ඔයා වෙනුවෙන් හදාගන්න.

ඔන්න ඔයාලා හැමෝටම බලන්න, මේ සතියෙ කරපු එක personalized study plan එකක photoz මං මෙතනට එකතු කළා.

ඔයාටත් ඉතින් effective personalized study plan එකක් හදාගන්න ඕන නම්, අපිට message එකක් දාන්න.

💌 ⁨071 844 9600⁩

#studywithgimi #studyplanner

Study with Gimi

30 Jul, 16:02


ඔයාටත් ඔයාටම ගැළපෙන study plan එකක් හදාගන්න ඕන නම්, අදම අපිට whatsapp message එකක් දාන්න..

#studywithgimi

Study with Gimi

10 Jun, 15:50


https://www.facebook.com/share/p/eABBAgdSyXf4ZjD9/?mibextid=WC7FNe

Study with Gimi

07 Jun, 01:18


https://vt.tiktok.com/ZSYk4kXgv/

Study with Gimi

04 Jun, 12:29


https://whatsapp.com/channel/0029VaA3GJS96H4PRNsy3w0q


කැමති අයට පුළුවන් අපේ Whatsapp channel එකටත් join වෙන්න 💙

Study with Gimi

04 Jun, 12:25


කතා කරන්න..

කතා කරන එක ඒ තරමටම වැදගත් වෙන්නෙ ඇයී ???

ජීවිතේ හුඟක් වෙලාවට මිනිස්සුන්ට මඟ ඇරෙන දෙයක් තමයී මේ..

"කතා කරන එක"

අපේ මිනිස්සු ඕපදූප, වෙන වෙන දේවල් ඕනවටත් වඩා කතා කළාට මොකද, ජීවිතේ එයාලට දැනෙන විදිහ, ජීවිතේ එයාලගෙ පීඩනයන්, හැඟීම් හුඟක් වෙලාවට හිත් ඇතුළෙ හිරකරගෙන තමයි ඉන්නෙ. හුඟක් වෙලාවට මෙන්න මේ දේ නිසා තමයි හිතාගන්නත් බැරෙ තරමෙ ප්‍රශ්න වලට මිනිස්සු මුහුණ දෙන්නෙ.

ආදරේ කරන අය අපෙන් දුරස් වෙන්නෙ, අපිව වරදවා වටහාගන්නෙ, අපි ගැන වැරදි විදිහට විනිශ්චය කරන්නෙත් මෙන්න මේ "කතා කරන එක", එහෙම නැත්නම් මෙන්න මේ පුරුද්ද අපි ගාව නැති නිසයී..

අන්න ඒ නිසා, ඔයා හුඟක් busy කෙනෙක් වුණත්, සතියකට දවසක් අඩුම මේ වෙනුවෙන් වෙන් කරගන්න. ඔයාගෙ අම්මා එක්ක, තාත්තා එක්ක, boyfriend, girlfriend එක්ක, husband, wife එක්ක පැයක් දෙකක් කතා කරන්න.

ඔයාට මේ සතිය දැනුණෙ කොහොමද, ඉස්සරහට ඔයා මොනාද කරන්න හිතන්න ඉන්නෙ, ඔයා මුහුණ දුන්න අත්දැකීම් මොනාද... ඔන්න ඔය සියලුම දේ බෙදාගන්න.. මොකද ඔයා හිතනවටත් වඩා අන්න ඒ පැය කීපයට පුළුවන් ඔයාලගෙ බැඳීම හුඟක් ශක්තිමත් කරන්න. ඔයාලගෙ බැඳීමට අලුත් ජීවයක් දෙන්න.. ඔයාලව තව තවත් ළං කරන්න.

ඉතින් ඔයාලත් try කරලා බලන්න...

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..

©️ Study with Gimi

#stusywithgimi #positivevibes

Study with Gimi

02 Oct, 12:22


අලුත් මාසයක්... අලුත් ආරම්භයක්...

2023 ඔක්තෝබර්..

අවුරුද්දෙන් මාස 09ක්ම දන්නෙම නැතිව ඉවර වෙලා.. ඉතින් මේ ඔක්තෝබර් මාසෙ ඔයාලගෙ ජීවිත වලට අලුත් ආරම්භයක් ගන්න පුළුවන් විදිහෙ මාසයක් කරගන්න.

ඒ අලුත් මාසෙ ඔයාලට පුළුවන් නම් ඔයාලා වෙනුවෙන් මෙන්න මේ පුරුදු ටික ජීවිතේට එකතු කරගන්න.

✍🏻 ඔයාගෙ පෞද්ගලික ජීවිතේ පෞද්ගලික විදිහටම තියාගන්න. ප්‍රසිද්ධ කරන්න යන්න එපා.

✍🏻 ඔයාගෙ හිතේ තිබුණ අදහස් ක්‍රියාවට නංවන්න.

✍🏻 කිසිම කෙනෙක්ට ඕනවට වඩා ඇලෙන්න, බැඳෙන්න යන්න එපා.

✍🏻 කිසිම කෙනෙක්ව පමණට වඩා විශ්වාස කරන්න එපා.

✍🏻 තව කෙනෙක්ගෙ සතුට වෙනුවෙන් ඔයාගෙ සතුට කැප කරලා බලන්න.

✍🏻 හැමවෙලේම සතුටින් ඉන්න උත්සාහ කරන්න.

✍🏻 ඔයාගෙ අරමුණු ගැන බලන්න.

✍🏻 ඕනවට වඩා කිසිම දෙයක් ගැන හිතන්න යන්න එපා.

✍🏻 ආත්ම විශ්වාසය තියාගන්න.

✍🏻 ඔයාගෙ වැඩත් එක්ක කාර්‍යබහුල වෙන්න.

ඉතින් මේ මාසෙ ඔයාගෙ ජීවිතේ ඔයා වෙනුවෙන්, ඇත්තටම දෙයක් කරන මාසයක් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..

©️ Study with Gimi

#gimhani_senarathne #studywithgimi #positivevibes #october

Study with Gimi

23 Sep, 08:11


2023 Book Fair වගතුග..

💵 අයවැය වාර්තාව මුලින්ම; (ප්‍රවාහන වියදම් නැතුව මේ..)

ලැබුණු මුළු Discounts - රු. 4,698
වියදම් වුණු මුළු ගාණ - රු. 20,803
කොත්තු මී - රු. 230
milo cup 1 - රු. 50
බීම එක - රු. 150

🔴 රු. 200ටත් ගන්න පොත් තිබුණු stalls;

1. Kadulla Prakashana - D156, D157
2. Udaya Printers & Publications - D170, D178, D179
3. Gayaa Creations - G197
4. S. Godage - J 287

📍ප.ලි.

මේ දවස් වල පොත් හුඟක් ගණන්. ඒ නිසා හුඟක් අය කිව්වා යන්නෙ නෑ පොත් ගන්න විදිහක් නෑ කියලා. ඒත්...

ඔයා පොත් කියවන්න සහ පොත් එකතු කරන්න අසීමිතව ඇබ්බැහි වුණු කෙනෙක් නම් ඔයාට ඕකෙ වටේ ඇවිද්දත් ඇතී..මොකද පොත් එක්ක ගැවසෙන එකත් මට නම් පුදුම තරමෙ සතුටක්.

ඒ වගේම සමහර අවුරුදු තිබුණා, මමත් එහෙම කරක් ගහලා ආපු. ආසාවට පොත් අතගාලා, බලලා තියලා ආපු. ඒ හැම පාරම මං හිතුවෙ, මාත් කවදහරි දවසක එනවා, ඇවිත් මං ආස පොත් අරගන්නවා කියලයී..

ඉතින් ඒ න්සා, වෙලාවක් ලැබුණොත්, මඟ වියදමට කීයක් හරි තියාගෙන අනිවාර්යයෙන්ම ඒ පැත්තට ගිහින් එන්න... අතේ පුංචි ගාණක් තියෙනවා නම්, එක පොතක් හරි අරගන්න. මොකද රු. 200ටත් පොත් තියෙනවා.

මොකද 'Colombo International Book Fair කියන්නෙ, පොත් වලට ආදරේ කරන හැමෝටම අවුරුද්දකට වතාවක් විතරක් ලැබෙන හරිම දුර්ලභ අවස්ථාවක්...

පොත් වලට ආදරේ හැමෝටම, එතනට යන්න ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..

©️ Study with Gimi

#studywithgimi #gimhani_senarathne #bookfair2023 #bookfair

Study with Gimi

21 Sep, 14:57


විෂ ඇති මිනිස්සුන්ගෙන් ඈත්වෙන්න..

ජීවිතේ ගෙවීගෙන යනකොට, අපිට එක එක විදිහෙ මිනිස්සු මුණගැහෙනවා. ඒ අයගෙ ගතිගුණ(qualities), ආකල්ප(attitudes), හිතන පතන විදිහ(thinking patterns), පුරුදු(habits), හැසිරීම්.... වගේ දේවල් නිසා තමයී මිනිස්සු එකිනෙකාට වෙනස් වෙන්නේ..

එහෙම නැතුව ආදි කාලෙ හිතුවා වගේ, කුල මල නිසාවත්, හමේ පාට නිසාවත්, ගෑණු පිරිමි නිසාවත් නෙමෙයී..

ඉතින් ඔය මුණගැහෙන මිනිස්සු එකිනෙකාට හාත්පසින්ම වෙනස් වගේම, ඔයාව ඒ ඒ අය accept කරන විදිහත් හාත්පසින්ම වෙනස්. සමහර කෙනෙක් ඔයාට අවංකවම උදව් කරනකොට, තව කෙනෙක් ඔයාගෙ මූණට හිනාවෙලා ඔයා නැති තැන ඔයාට වල කපනවා වෙන්නත් පුළුවන්. ඒ තමයී මිනිස්සුන්ගෙ හැටී..

මෙච්චර විස්තරයක් කියලා මට කියන්න ඕන වුණේ මෙච්චරයී,,,

කවදමහරි දවසක ඔයාට යම්කිසි මනුස්සයෙක් එක්ක ගෙවෙන කාලය අසීරුයි කියලා දැනුණොත්, ඔයා ඒ කෙනා එක්ක ඉන්නකොට ඔයාගෙ අනන්‍යතාවයට හානි වෙනවා කියලා තේරුණොත්, ඔයාගෙ මානසික නිදහසට ඒ පුද්ගලයා බාධාවක් කියලා තේරුණොත්.... මතක තියාගන්න ඔයාගෙ ජීවිතේට ඒ පුද්ගලයා toxic කෙනෙක්. විෂ සහිත කෙනෙක්.

ඉතින් එහෙම අය එක්ක ගනුදෙනු කරනවා නම්, ජීවත්වෙනවා නම් හුඟක් හොඳට ඒ ගැන හිතලා, ඔයා වෙනුවෙන් සර්ව සාධාරණ තීරණයක් අරගන්න...

නැත්නම් ඔයා දන්නෙම නැතුව, ඔයාගෙ ජීවිතෙන් හුඟක් කාලයක් වෙනමම පුද්ගලයෙක් විදිහට ජීවිතේ ගෙවල තියේවී..

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..

©️ Study with Gimi

#gimhani_senarathne #studywithgimi #positivevibes

Study with Gimi

20 Sep, 12:11


විභාගෙකට ලෑස්තිවෙන්න හොඳම ක්‍රමය...
Article 02

ඔයත් Study with Gimi පවුලෙ යාවජීව සාමාජිකයෙක් නම්, මේ ලිපි පෙළේ පළවෙනි ලිපිය මේ වෙනකොටත් කියවලා ඇතී. හැබැයි ඔයා තාමත් ඒක කියවලා නැත්නම්, දෙවෙනි ලිපියට කලින් පළවෙනි ලිපියත් කියවමූ කියලා මං යෝජනා කරනවා..
https://shorturl.at/hmPS0

අද අපි බලමූ, පළවෙනි ක්‍රමය තෝරගත්තොත් ඔයාට ඒ ක්‍රමය ප්‍රයෝජනවත් වෙන්නෙ කොහොමද කියලා..

"මුල ඉඳලා විභාගෙ වෙනුවෙන් සූදානම් වෙලා, අඩු මානසික පීඩනයකින් විභාගෙට මුහුණ දෙන එක"

එක්තරා විදියකට හුඟක් අය හිතුවත්, නොකෙරෙන දෙයක් තමයි මේ. හැබැයි ඔයාට මේ දේ කරන්න පුළුවන් නම්, මට විශ්වාසයි ඔයාවත් පුදුම කරවන තරමෙ ප්‍රතිඵල වලට ඔයාට යන්න පුළුවන් වේවි. ඒ වගේම කිසිම සැකයක් නැතුව, 100%ක් ආත්ම විශ්වාසයෙන් ඔයාට විභාග වලට මුහුණදෙන්න පුළුවන්කම ලැබේවි.

👉🏻 කොහොමද මේ විදිහට විභාගෙකට සූදානම් වෙන්නෙ ?

හිතන්න,

ඔයා අද ඉඳලා උසස් පෙළ පන්තියට ඇතුළත් වෙනවා. අද දවසෙ ඉඳලම ඔයා අවුරුදු දෙකකට පස්සෙ එන ඔයාගෙ විභාගෙ වෙනුවෙන් සූදානම් වෙනවා. ඒ මහා ලොකු දේවල් කරලා නෙමෙයි. එදා දවසෙ වැඩ එදා දවසෙ කරලා.

අද ස්කෝලෙ/පන්තියෙ උගන්නපු පාඩමෙන් අදම short note එකක් හදනවා. අදම ඔයාට නොතේරෙන තැන් note කරගෙන, teacher එක්ක කතා කරනවා. Past papers වල අද කරපු පාඩමෙන් ආපු ප්‍රශ්න බලනවා.

සරලවම ඔයා, දවස ගාණෙ ඔයාගෙ අරමුණ වෙනුවෙන් ඔයාගෙ කාලය, මහන්සිය ආයෝජනය කරනවා.

👉🏻 මේ ක්‍රමය නිසා ඔයාට ලැබෙන වාසි මොනවද ???

වාසි නම් එමටයී. කීපයක් මං ඔයාලා එක්ක බෙදාගන්නම්. අනිත් වාසි වලට comment තීරුව විවෘතයී.

🥇 විභාගෙ ළං වෙනකොට, ඔයාට දැනෙන මානසික පීඩනය හුඟක් අඩුයි. සමහරවිට නැතිම තරම්.

🥇විභාගය සම්බන්ධයෙන් ඔයාට තියෙන ආත්ම විශ්වාසය හුඟක් ඉහළයි. ඒ නිසාම ඔයාට පුළුවන්කම ලැබෙනවා හුඟක් සාර්ථකව විභාගෙට මුහුණදෙන්න.

🥇ඒ විෂයයන් වලට අදාළව සම්පූර්ණ syllabus එකම අධ්‍යයනය කරන්න ඔයාට පුළුවන් වෙනවා. එතකොට ඔයා දැනුම අතින් ඇත්තටම සන්නද්ධයී.

🥇විභාගෙ ළං වෙද්දි ඔයාට අසනීපයක් වුණත්, අනපේක්ෂිත දේකට මුහුණදෙන්න වුණත්, ඔයාට විභාගෙට හොඳට මුහුණදෙන්න පුළුවන්කම ලැබෙනවා.

🥇විභාගෙන් පස්සෙ, ප්‍රතිඵල එනකන් ඉන්නෙ නැතුව ඔයාගෙ ජීවිතේ ඊළඟ පියවරට යන්න ඔයාට පුළුවන්කම ලැබෙනවා.

👉🏻 මේ ක්‍රමේ ඇත්තටම අවාසිත් තියෙනවද ???

මං අත්දැකපු විදිහට එකම එක අවාසියක් තියෙනවා. අවාසියකටත් වඩා අභියෝගයක් කිව්වොත් මං හිතන්නෙ හරී.

ඔයාගෙ විභාගෙට ටිකක් ලොකු කාලයක් තියෙනවා නම්, ඒ කාලය පුරාවටම එකම විදිහට ඒ අරමුණ වෙනුවෙන් commitment එක තියාගන්න ටිකක් අමාරුයී. හැබැයි ඔයාට ඒක overcome කරන්න පුළුවන් වුණොත්, ඔයාගෙ මුළු ජීවිතේම දිනුම් වගේ තමයී..

ඉතින් අනිවාර්යයෙන්ම උත්සාහ කරලා බලන්න. ඔයාලගෙ ජීවිතේ ලොකු වෙනසක් කරන්න පුළුවන් පුරුද්දක් වේවි මේ ක්‍රමය.. මේ ගැන ඔයාලගෙ අත්දැකීම් comment තීරුවෙ එකතු කරන්න. ඒක තව කෙනෙක්ට ලොකු මඟ පෙන්වීමක් වෙයී.

💁🏻‍♀️ ඊළඟ post එකෙන් අපි හුඟක් අය තෝරලා තිබුණු දෙවෙනි විදිය ගැනත් කතා කරමූ...

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..

©️ Study with Gimi

#gimhani_senarathne #studywithgimi #positivevibes

Study with Gimi

18 Sep, 12:11


විභාගෙකට ලෑස්තිවෙන්න හොඳම ක්‍රමය...
Article 01

විභාගයක් කියන්නෙ අපේ ජීවිත වල අපි මුහුණ දෙන එක්තරා ආකාරයක අභියෝගයක්. මේ දේට පුංචි කාලෙ ඉඳලම අපි හැඩ ගැහෙන නිසා එක එක විදිහෙ skills develop කරගන්නවා.

ඔය අතරින් පොදුවෙ හැම කෙනෙක්ම විභාගෙකට ලෑස්තිවෙන විදි 02ක් තියෙනවා.

(01) මුල ඉඳලා විභාගෙ වෙනුවෙන් සූදානම් වෙලා, අඩු මානසික පීඩනයකින් විභාගයට මුහුණ දෙන එක

(02) විභාගෙ කට උඩට එනකන් relax එකේ ඉඳලා, අන්තිම මොහොතෙ කොහොමහරි විභාගෙ ගොඩදාගන එක

ඉතින් මේ විදි 02න් ඔයාගෙ තේරීම මොකක්ද ????

💁🏻‍♀️ ඊළඟ post එකේ මේ ගැන වැඩි විස්තර අපි කතා කරමූ...

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..

©️ Study with Gimi

#gimhani_senarathne #studywithgimi #studytips

Study with Gimi

09 Aug, 01:37


සමාජෙ නියම කරපු ෆැන්ටසි පස්සෙ දුවන එක දැන්වත් නවත්තන්න...

මේ රටේ සමාජෙ විසින් ගොඩනගපු, කිසිම පදනමක් නැති ෆැන්ටසී ලෝක මහ හුඟක් තියෙනවා. අනේ ඉතින් ගුණ ධර්ම, දැනුම කෙසේවෙතත් පරම්පරාවෙන් පරම්පරාවට හරිම අපූරුවට මේ ෆැන්ටසි ටික නම් දායාද වෙනවා.

මොනාද ඇත්තටම මං මේ ෆැන්ටසි කියලා කියන්නෙ ????

සමාජය කියනවා මේක මෙහෙම වෙන්න ඕන කියලා. ඒක එහෙම නොවුණොත් නොසෑහෙන්න අවලාද එහෙම එල්ල වෙනවා. සමාජෙ හිනාවෙනවලු. තමන්ගෙ තත්ත්වයට හානිදායකයීලූ..

ඉතින් මේ ඒ ෆැන්ටසි වලට උදාහරණ කීපයක්...

‼️ ජීවිතේ හරියන්න නම් A/L කරලා campus යන්නම ඕනලු

‼️ රජයෙ රස්සාවක් කරනවනම් තමාලු හුඟක් හොඳ, මොකද පැන්ෂන් එක හම්බෙන්නෙ එතකොටලූ

‼️ මොන ඉටිගෙඩිය නැති වුණත්, අවුරුදු 25වත් වෙද්දි පවුලක් පන්සලක් වෙන්න ඕනලූ. අනිත් දේවල් (අරමුණු) පස්සෙ කරගන්න පුළුවන්ලූ. මඟුල තමයීලු වැදගත්ම දේ

‼️ ඒකත්, මඟුල ජයටම ගත්තෙ නැත්නම් නෑදෑයො හිනා වෙනවලූ, ඒ නිසා ලෝකෙට ණය වෙලා හරි මඟුල් උත්සවය ජයටම ගන්න ඕනලූ

‼️ ඊට පස්සෙ ඔන්න ළමයී,, කට්ටියට ඊට පස්සෙ ප්‍රශ්නෙ සරු භාවය ගැන. කවද්ද දරු සුරතල් බලන්නෙ කියලා අඬවැඩියාවෙන් බේරිල්ලක් නෑ. බැඳලා අවුරුදු දෙකකින්වත් ළමයෙක් ඉන්න ඕනලූ

‼️ කොහොමහරි බැන්ඳත් කියමුකෝ, අලුතෙන් පවුල් ජීවීතේ පටන් ගන්න දෙන්නා වෙනම කුලී ගෙදරක හරි ජීවත්වෙන්න පටන්ගන්නකොටම,,, ඔන්න නැන්දම්මලා මාමණ්ඩිලා බර බරේ දානවා... ''එන්න අපේ ගෙදර, මෙච්චර ගෙවල් තියෙද්දි ඇයි වෙනම ඉන්නෙ????'' ඔන්න ඊළඟ අඬ වැඩියාව

‼️ Freelancer කරලා හොඳට හම්බකරන කෙනෙක් අහල පහළ ඉන්නවා නම්, ඌ නීත්‍යානුකූල නැති ව්‍යාපාරලු කරන්නෙ

‼️ දරුවො දෙන්නෙක් විතර ඉන්න අම්මා කෙනෙක්, ලස්සනට ඇඳලා කරලා හිටියොත් කියන්නෙ, ඒකිට හොර මිනිහෙක් ඉන්නවලූ

මේ දේවල් කීපයක් විතරයී.. මේ රටේ ඕන තරම් මේ වගේ ෆැන්ටසී අනන්තවත් ඇතී..

හැබැයි ඇයි අපි මේ අනුන් ගොඩනගපු ෆැන්ටසි ලෝක වල අනුන්ට ආස දේවල් ඉටු කරමින් අපේ ජීවිතේ ගෙවන්නෙ ??? අපි ගොඩනගාගන්න ඕන අපිටම ආවේණික අපේම ෆැන්ටසියක් මිසක්, වෙන එක එක්කෙනාගෙ ෆැන්ටසි නෙමෙයී..

නිදහසේ ජීවත්වෙන්න. ඔයා ආසම දේවල් කරන්න. සරලවම කියනවා නම්,, ඔයාගෙ ජීවිතේට පරිබාහිරව ඉන්න උදවියට බම්බු ගහගන්න කියලා රිසි සේ ඔයාගෙ ජීවිතේ විඳින්න.

💫 හැමදාම ජීවිතේට උදව්වක් වෙන මේ වගේ post කියවන්න, අපේ page එකට like කරලා එකතු වෙන්න..

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..

©️ Study with Gimi

#gimhani_senarathne #studywithgimi #positivevibes

1,990

subscribers

762

photos

60

videos