Biology with Helaa @biology_with_helaa Channel on Telegram

Biology with Helaa

@biology_with_helaa


Biology...

තමන්ගේ වීරයා තමන්ම වෙමු.

Discussion Group - https://t.me/helaadiscussion

me- @Kavishka_Helanjith

Biology with Helaa (Sinhala)

බයලොජි හෙලාවේ සහභාගී අධ්‍යාපනයnn"Biology with Helaa" නම්, සහභාගී අධ්‍යාපනය ලෙස ඔබේ තමන් වීරයට ඉලේරීමට උනත් පිළිබඳව සංස්කරණය සහ සංස්කරණය කිරීම අභිරුචි කරනු ඇත. සියලුදේ මාතෘකාව, විශ්යතීය පභස හා විවිධ විෂය මේ අදම අවබෝධ කරගන්න. එහි කිසිදු විෂයයන් සහ ගැටළු සහිත අතීතයේ විවිධ විෂයයක් හරියෙන් එකතු වීම පිළිගන්න.

"Biology with Helaa" චැනල් එක නම් "biology_with_helaa" බැහැන් ඔබට හවුල්ක් එකයි. ඔබට තමන්ම වෙමුද? එය කුමක්ද? චැනල් නම් ගැටළු මෙන්ම නම් හෝ වේගවත් වේගවත් නම් මෙය අනෙකුත් විස්මුර්ංගයකි. චැනල් සමග සංස්කරණය කරනු ලැබුවේ ඇයි? එය කුමක්ද? අලුත් වෙබ් අඩවිය හොඳ මෙන්ම දෙයක්. විශ්යතාව, කර්මානේ පභස හා විවිධ විෂය එකකි ඒ හා ගැටළු සහිත අතීතයේ විවිධ විෂය කළ හැක. අලුත් වෙබ් අඩවිය හොඳ හොඳ පිළිබඳයේ පැවැති උපකාරය හැක.

"Biology with Helaa" චැනල්, හෙලා සමග සහිත විශ්යතාව, සහ විශ්යතාව මගින් ඔබට ඔබේ තමන්ගේ වීරයට පිළිබඳව වැඩි විශ්යතාව පත් වීමට අවශ්‍ය හැකිය. නිවසේම අවම අපි මෙයින් පාවුවේදී හවුල්ක් හිතවන්න.

Biology with Helaa

09 Jan, 11:25


Bio essay හදගමු.

Bio paper එකක තියන ඔයාගේ result තීරණය කරන සාධකය Essay paper එක කියලා දන්නවනේ. මටත් first shy එකේදී MCQ 45ට B එකක් ආවේ. මගේ යාළුවෙක් ඉන්නවා MCQ 45 ට C. MCQ 42 ට A ආපු අයත් මම දන්නවා.(එහෙම අය හරි අඩුයි).Copy කරලා එහෙමනම් නෙමෙයිMCQ වැඩි වුණේ. මොකද අපි first shy exam ලියපු පන්තියේ හිටපු 20න් 10-12 ක් medicine. ඒ ඇතුළේ district 1,2,4 ඉන්නවා. අනිත් බහුතරයකටත් AAB,AAC තිබ්බා. ඉතින් එතකොට තේරෙන්න ඕනේ අපි copy කරන්න ආස නෑ නෙමෙයි. අපිට copy කරන්න වෙලාවක් නැතිවුන එක ප්‍රශ්නේ.(පොර ටෝක්😏)

නැවත කතාවට😌

Bio Essay paper එක මේ වෙද්දී හොඳම තත්වෙට ඇවිල්ලා තියනවා. 2022 තිබ්බේ පරණ රටාවම වගේ. ලොකු වෙනසක් තිබ්බේ නෑ. හැබැයි 2023 දී ඒක කනපිට ගැහුවා. හැම ප්‍රශ්නයක්ම a,b parts 2ක් එක්ක තිබ්බේ ඊට අමතරව ඒවගේ සම්බන්ධයක් නෑ.2024 වෙද්දී මුල් පාඩම් 5න් Essay 4ක් එනවා කියන සංස්කෘතිය අතික්‍රමණය කරා.මොකද 2019 පවා(කෙටි සටහන් ප්‍රශ්නෙත් එක්ක) ප්‍රශ්න 4ක් මුල් පාඩම් 5න් තියනවා

ඉතින් මේ යන විදිහට ඉස්සරහට කලින් අවුරුද්දේ ආපු ප්‍රශ්නෙම ආයේ පාරක් එන්නත් පුලුවන්. Physicsවල දැනටමත් ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්නේ

මේ කොහොම වුණත් syllabus එකේ තැන් තැන්වලින් එන Essay exam වෙලාවේදී ගොඩ දාගන්නනම් කලින් හොඳට practice කරලා තියෙන්නම ඕනේ.

Essay පාඩම් කරන්න එක සාර්ථක ක්‍රමයක් මම කියන්නම්.තව ක්‍රම ඇති. මේ මගේ ක්‍රමය. මේකත් මම මීට කලින් channel එකේ කියලා තියනවා.

🔺Step 1

මෙතනදී කරන්නේ අපි අවබෝධයෙන් ඒ කියන්නේ පත්තරයක් කියවනවා වගේ නෙමෙයි කතාව තේරුම් ගනිමින් පාඩම් කියවන්න ඕනේ. තේරෙන්නේ නැත්තම් video එකක් හරි බලලා තේරුම් ගන්න ඕනේ

🔺Step 2

මේකේදී කරන්නේ Resources book එක කියවන ගමන්ම mind map එකක් හෝ ගැළපෙන chart එකක් හදගන්න එක. කොටින්ම කිව්වොත් මේ කතාව summerize කරගන්න එක. එතනදී ඔයාට අදහසක් එනවා මේ Essay topic එකට අදාළව ඔයා මොනවද ලියන්න ඕනේ කියලා

සුපුරුදු උදාහරණය ජලය ගත්තොත් subtopics
:ජල අණුව ව්‍යුහය
:හයිඩ්‍රජන් බන්ධන
:ජලයේ වැදගත්කම
:ජලයේ ගුණාංග

🔺Step 3

දැන් තමා අමාරුම කෑල්ල.කෑල්ල කිව්වට කෑල්ල තරම්ම අමාරුත් නෑ.😁🫣.මෙතනදි තමා පාඩම් කරගන්න ඕනේ. මේ වෙද්දිත් කලින් step 2 කරපු කෙනෙක් Resources book එක තුන් හතර පාරක් කියවලා තියෙන්නේ. මේ කතාව ඔලුවට හරියට දාගන්න තමා ඕනේ. එතනදී ඉස්සල්ලා step එකේදී ඔයා තීරණය කරපු subtopics අනුව පාඩම් කරගන්න.ඒ කියන්නේ මෙහෙමයි. මුලින්ම ව්‍යුහය ලියන්න ඕනේ ඒවට මේවා මේවා ලියනවා. ඊලඟට හයිඩ්‍රජන් බන්ධන ගැන. ලියන්නේ මේවා....මෙන්න මේ විදිහට. එහෙම නැත්තම් Essay එක ලියද්දී ඔයාට points හැලෙන්නේ තොග වශයෙන්

🔺Step 4

දැන් ඉතින් වැදගත්ම part එක. දැන් essay එක ලියන්න ඕනේ. එතකොට time කරලා ලියන්නම ඕනේ. පුළුවන්නම් පැය බාගෙකටත් අඩුවෙන් ලියන්න try කරන්න. සමහර අය හිතනවා මම දැන් සුපිරියට පාඩම් කරානේ. අය ලියලා කාලේ කන්නේ මොකද කියලා. ඒක සම්පූර්ණෙන්ම වැරදී. මෙහෙම මතකෙන් ලියන එකෙන් ඔයාගෙ මතකය වැඩි වෙන්නේ මාර විදිහට. ඒක අද්දැකීමෙක් කියන්නේ.

🔺Step 5

මට first shy එකේදී වැරදුණ තැන. මම හොඳට පාඩම් කරලනේ ලිව්වේ. දැන් ඉතින් resources එක එහෙමම ලියලා වගේනේ අය මොකටද mark කරන්නේ කියලා mark කරේ නෑ. ඒත් ඒක වැරදී මොකද Bio essay marking එක මාර tough. මාර තදයි. එත්කොට විද්‍යාත්මක වචන ඒ විදිහටම ඒගොල්ලෝ බලාපොරොත්තු  වෙනවා. අපිට මගෑරෙන ඒවා හොයාගන්න step 5 ඒ කියන්නේ ලියපු essay එක mark කරන එක කළ යුතුයි නෙමෙයි. යුතුමයි.


Daily essay එකක් ලියන්න. කලින් පටන් අරගෙන නැත්තම් අද හෙටම පටන් ගන්න. දැනටමත් 2 පාඩමෙන් essay ලියන්න කීප පාරක් පටන් අරගෙන් මැදින් නතර කරානම් වෙන පාඩමකින් පටන් ගන්න. 3,4 වගේ පාඩම් හොඳයි මට හිතෙන විදිහට.
Paper classවල එක එක තැන්වලින් essays දෙනවනේ ඒවා පාඩම් කරන ගමන් කලින් ලියපු අමතක වේගන යන ඒවා මතක් කරගන්න. මේ විදිහට දිගටම exam වෙනකන් කරද්දී තේරෙන්න ඕනේ ඔයාට වරදින්න විදිහක් නෑ කියලා.

මේ විදිහට essay පාඩම් කරන එකයි,MCQ විවරණය කරන එකයි තමා මම Bio පාඩම් කරනවා කියලා කරේ. මට දැනෙන විදිහට ඒක සාර්ථක ක්‍රමයක්.

~Helaa...~

Biology with Helaa

06 Jan, 12:20


දැන් ඉතින් මේ වැඩ කරන්න පටන් ගත්තද? එහෙමනම් විතරක් කියන්න . Essay එකටත් එකක් දාන්න. නැත්තම් මගේ වචන අපරාදෙනේ

Biology with Helaa

05 Jan, 02:45


අලුත් වැඩක් 🌝❤️

https://youtu.be/2ZjfY5wyBHY?si=RU4vE3sHKs3h91zf

Biology with Helaa

02 Jan, 13:08


මට 1st shy(2023) එකේ Bio MCQ 45යි. 2nd shy(2024) මේ පාර MCQ 49යි.

ඉතින් මම හිතනවා මගේ ක්‍රමේ ගොඩක් අයට හරි යයි කියලා. මේවා සමහර අය අහලත් ඇති. මට ඕනේ විදිහට මම modify කරලා මේක පාවිච්චි කරේ . මම කරපු විදිහ කියන්නම්.මම Bio වලට පාවිච්චි කරපු දේවල් 3ක් ගැන කියන්නම්.

💡01.
MCQ විවරණය 2.0

Paper මූලික කරගෙන යන වැඩක් මේක. ඕනෙනම් වෙන් කරලා තියන MCQ ගන්නත් පුළුවන්. ඒත් මම හිතන්නේ paper පාවිච්චි කරොත් මේක වඩා සාර්ථකයි. මොකද paper එකකින් ලොකූ වපසරියක් cover වෙන හින්දා.

මෙතනදී ප්‍රශ්න විවරණය කරන්න ඕනේ. හැබැයි සාම්ප්‍රදායික විවරණේ නෙමෙයි. මේ විවරණය කරන එකේ අරමුණ පාඩම් කරන එක. අමතක දේවල් මතක් කරගන්න එක. එතකොට ප්‍රශ්නයක් කියවලා ඒක උත්තරේ අරගෙන ඊට පස්සේ resources book එකේ අදාළ part එක බලන්න ඕනේ. අමතක දේවල් තියනවනම් හෝ පාඩම් කරලා නැත්තම් ඒ ටික පාඩම් කරගන්න ඕනේ.

ඊළග step එක තමා විවරණේ ලියන එක. මේ ලියන විවරණේ බොහෝ විට අය කියවන්න වෙන එකක් නෑ. ඒ නිසා පිළිවෙළට ලස්සනට ලියන්න ඕනේ කියලා දෙයක් නෑ. හැබැයි අනිවාරෙන් ලියන්න ඒකෙන් මතකය මාර විදිහට වැඩි වෙනවා. එතනදී පුළුවන් තරම් කෙටියෙන් ලියන්න ඕනේ කියලා දෙයක් නෑ. පාඩම් කරපු ප්‍රශ්නෙට අදාළ සහ ආසන්න අනිත් කොටස් පවා ලියන්න. තව ප්‍රශ්නෙකට එන්න පුළුවන් දේවල් පවා ලියන්න. එතකොට charts, Mind maps පාවිච්චි කරලා කරන්න පුළුවන්. හැබැයි ඒ creative කරන්න ලොකු වෙලාවක් ගන්න එක මම අනුමත කරන් නෑ. මොකද paper එකේ ඔයා කොච්චර  ලස්සනට , පිළිවෙලට ලියලද කියන එක අදාළ වෙන් නෑ. මොකද මේ ශිෂ්‍යත්වේවත් සිංහලවත් නෙමෙයි. Science subjects .

මේ වැඩේදී සමහර විට එක ප්‍රශ්නෙකට පැයක් විතර යන්නත් පුළුවන්. ඒක පාඩු නෑ. මගේ MCQ ගාන දැක්කම මම හිතනවා ඒක ඔයාට විශ්වාස කරන්න පුළුවන් කියලා.එක සතියක විවරණය කරන්න වෙලාවක් ආවේ දෙවනි පාඩමේ ප්‍රශ්න විතරයිනම් ඊළඟ සතියේ paper එකේ වෙන පාඩම්ක ඒවා මුඅලින් බලන්න. නැත්තම් 40 ඉඳන් උඩට බලන්න.

මෙහෙම Bio MCQ විවරණය කරන වැඩේට සතියට දවසක් විතරම තියාගන්න. දවස් දෙකක වරු 2ක් වුණත් කමක් නෑ. ඒක ඔයාගේ විදිහ . එතකොට පාඩම් කරන් නැද්ද වගේ වගේ ප්‍රශ්නයක් එනවනම් ඉතින් මේ කරන්නේ පාඩම් කරන එක තමයි යකෝව්.

💡02.
Revise point book

මේක කාලයක් paper කරගෙන යද්දී හදන දෙයක්. මේකට දාන්නේ අපිට නිතරම අමතක වෙන points එතකොට මේ point book එක හැම සතියෙම paper එක ලියන්න කලින් බලලා යන්නේ.

මේක නම් මාරම වැදගත්. මොකද ඔයා කලින් papers කරලා තියනවනම් ඒවා පොඩ්ඩක් අධ්‍යනය කරලා බලන්න.එතකොට තේරෙයි හැමදාම වරදින්නේ එකම දේ කියලා. ඒ වැරදි හදාගත්තොත් විතරයි ඔයාගේ ලකුණු වැඩි වෙන්නේ. එහෙම නැතුව මම වැඩ කරනවා ඒත් ලකුණු වැඩි වෙන් නෑනේ ගගා ඉන්නවට නෙමෙයි. අද්දැකීමෙන් කියන්නේ.

💡03.
(අ)මතක පොත

මේ පොත හදන්නේ ඔයා theory ,revision හෝ paper class එකේ sir or mdm උගන්නන අතරෙදී.
මම දන්නව සමහර අයට හිතෙනවා උගන්නන වෙලාවෙ වෙන වැඩ කරන්න එපා කියලනේ තියෙන්නෙ කියලා. ඒත් මේක කරාට නම් වාසියක් මිස පාඩුවක් වෙන්නේ නම් නෑ.

මොකද්ද ඉතින් නේහ් මේක . ඒක මෙහෙමයි. ඔයාට sir or mdm උගන්නන වෙලාවේ තේරෙනවානේ මේක මට මතක නෑ.  ගිය සතියෙනේ පාඩම් කරේ ඒත් අමතකයිනේ වගේ ඒවා. අන්න ඒ වගේ ඒවගේ topics ටික තමා මේ පොතේ ලියන්නේ. ගෙදර ඇවිල්ලා සතිය ඇතුළත වෙලාවක් දාගෙන අයෙත් ඒ ටික පාඩම් කරන්න ඕනේ.


ඉතින් මේ වැඩ 3 ම මමම කරපු දේවල් කව්රුවත් කරලා ඒක මම අහගෙන ලියන දෙයක් නෙමෙයි. ඉතින් මම අද්දැකීමෙන් දන්නවා මේවා සාර්ථක ක්‍රම කියලා.

මේවා කරලා බලන්න. අනිවා ඔයා කොයි මට්ටමේ හිටියත් ලකුණු වැඩි වෙයි.

~Helaa...~

Biology with Helaa

02 Jan, 12:19


✔️✖️Bio MCQ paper🧐

කව්රුත් දන්නවනේ 2023 Bio සුපිරි හොඳට හිතන්න තියන paper එකක් තිබ්බේ. මේක new syllabus එකේ අමාරුම Bio MCQ එකද කියලා ඇහුවොත් මගේ අදහස නම් "නෑ" කියන එක.2021 paper එකේ මීට වඩා හිතන්න දේවල් තිබ්බා.

අනිවාරෙන් ඉස්සරහට එන Bio MCQ paper ටිකත් මේ වගේම වෙයි. මොකද science කරන ළමයෙක්ගේ thinking එක, හිතලා බලලා තීරණයක් ගන්න එක මාර වැදගත්නේ ඉස්සරහට කරන්න ඉන්න profession එකට.

මීට කළිනුත් මම Bio MCQ හදාගන්න විදිහ ගැන කියලා තියනවා. අයේ පාරක් ඒක ගැන වැඩි විස්තර ඇතුව කියන්නම්.ඊළග msg එකෙන්

ඉස්සරහට සර්ලා,මැඩම්ලා paper class පටන් ගන්න නිසා මේක ගොඩක් වැදගත් වේවි කියලා හිතනවා.

Biology with Helaa

31 Dec, 08:03


අවුරුද්දේ අන්තිම දවස

🔥ඉතින් කට්ටිය leave වෙන්න කලින් තමන්ගේ A/L අද්දැකීම ගැන කියලා යමුකෝ. ඒක අනිවා first shy අයට වගේම exam අය කරන අයටත් උදව්වක් වෙයි.🔥

උඩ photo එක මේ පාර මගේ essay paper එක.ඉතින් මේක ගැනත් කියන්න දේවල් ගොඩක් තියනවා. ඉස්සරහට මගේ shy 2ක අද්දැකීම් ඕගොල්ලෝ එක්ක බෙදාගන්න ගමන් Bio වලටත් පුළුවන් විදිහට උදව් කරන්න හිතාගෙන ඉන්නවා.🤍

මේ අවුරුද්දේ channel එකේ නම් ලොකු වැඩක් කරන්න බැරි වුණා. ඒත් පරණ resources ගොඩක් මේකේ තියනවා. ඒවගෙන් වැඩක් ගත්තනම් ඒකත් පොඩ්ඩක් කියලා යන්න.😊❤️

Biology with Helaa

25 Dec, 13:13


උඩ short note එක මේකේ තියෙන්නේ. මේක full syllabus එකේම short note එකක්. ඉක්මනට theory මතක් කරගන්න පුළුවන් ගොඩක් පිළිවෙළ short note එකක්.

Thanks veesha

Biology with Helaa

25 Dec, 09:52


උෂ්ණත්වමාන ගැන සුපිරි note එකක්.😇

කාලෙකට කලින් save කරලා තියාගත්ත එකක්. කොහෙන්ද හම්බුනේ කියලා මතක නෑ😒

Biology with Helaa

23 Dec, 13:28


🔖Target Paper 1 MCQ විවරණය
(Amith Pussalla Sir)

   👉Exam Target|Paper 01

Biology with Helaa

12 Dec, 08:15


පුස්සැල්ල සර්ගේ structured essay book එකේ marking එක. මේකේ 1986 ඉඳන් 2023 වෙනකන් physics SEQ ඔක්කොම marking තියනවා.

Thank you Nora☺️

Credits-Amith Pussalla sir.

Biology with Helaa

12 Dec, 03:29


කෂ්ටිය past papers එහෙම කරනවා ඇති නේද?

Structured essay එහෙම කරද්දී පරණ ප්‍රශ්නත්(2000 විතර ඉඳන්)කරන්න කියලා යෝජනා කරනවා.
ඒවාගේ මරු මරු නිර්මාණත්මක ප්‍රශ්න තියනවා(practical එක ඇසුරෙන්ම ආපු).පුළුවන්නම් රෝසා සර්ගේ විවරණත් කියවන ගමන් බලන්න. එතකොට ඒගොල්ලෝ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා තේරෙනවා.

තව ඉතින් සමහර practical තියනවනේ අන්තිමේට ඇවිල්ලා තියෙන්නෙත් දුරාතියේ (U නලය 2003 , ධාරා තුලාව 2006 මේ වගේ ඒවා)

තාම කවදාවත් ඇවිල්ලා නැති ප්‍රශ්නත් තියනවා.(අවතල කාච, යාන්ත්‍රික ගුණ පාඩමේ ගොඩක් practical) ඒවා එන් නෑ කියලා අතාරින්න තරම් ගොන් වෙන්නත් එපා ඉතින්. Bio paper එක දැක්කනේ.

Good luck හැමෝටම 😊❤️

Biology with Helaa

07 Dec, 16:54


තමන්ට කොච්චර confident එකක් තිබ්බත්, කොච්චර confident එකක් නැති වුණත් MCQ ගාන දැන්ම බලන්න එපා. තාම exam ඉවර නෑ.

තමන් වැඩියෙන්ම ගරු කරන චරිතේ තමන්ගේ ජීවිතේ විනාස කරපු චරිතේ වෙන්නත් පුළුවන් ඒකෙන්.

මොකද mentally down වුණොත් ඔයා අඩු කරගන්න ලකුණු අවාසියක්ම විතරමයි.ලකුණක වටිනාකම හොඳටම දන්න කෙනෙක් හැටියට මම මේක කියන්නේ.

Biology with Helaa

06 Dec, 07:09


ජීවිතයට physics✖️
ජීවිතේම physics

😁

Biology with Helaa

12 Nov, 13:46


Bio Essay Guessing වලින් හැමතැනම පිරී ඉතිරී යනවා නේද😌

මගේ අද්දැකීම් එක්ක දෙයක් කියන්නම්. ඕගොල්ලෝ guessing බලන්න. පාඩම් කරද්දී වටපිටාව ඔක්කොම පාඩම් කරගන්න.
Eg: පද්ධතියක් නම් සම්පූර්ණ පද්ධතියම.
:එන්සයිම කිව්වොත් එන්සයිම ගැන resources book එකේ තියන ඔක්කොම.

Good luck හැමෝටම. වැඩි වැඩියෙන් පාඩම් කරන ඒවාම exam එකට ඒවා....😇🤍

Biology with Helaa

19 Sep, 02:42


.ආහාර ජීරණ පද්ධතිය
.ශ්වසන පද්ධතිය
.ප්‍රතිශක්තිකරණ පද්ධතිය

මේ පද්ධති ටිකේ රෝගවලට mindmaps ටිකක්. මේ ටික හදලා ගොඩක් කල්.Voice ටිකකුත් එක්කම දාන්න හිතන් හිටියේ. ඒත් වෙලාවක් ආවේ නෑ.

ගිය පාර 2023 Essay paper එකේ රෝග 2 ක් ගැන ලියන්න ආවා.

.කිරීටක ධමනි අවහිරතා
.මධුමේහය I

Biology with Helaa

15 Sep, 01:53


අමාරු වගු 2න් ශාක මූලද්‍රව්‍ය වගුව තමා වැදගත්ම වගුව.

2019,2020,2021,2022,2023 MCQ1 ක් ගානේ ආවා. 2023 structured එකටත් ආවා.

ඔය හැම තැනම අහනවා වගේ හරිතක්ෂය ගැන නෙමෙයි දැන් papers වල අහන්නේ. හෙන සියුම් points අල්ලලා තියෙන්නේ.

Soo.. මොන සෙල්ලම දාලා හරි පාඩම් කරගන්න වෙනවා.

Biology with Helaa

03 Sep, 12:50


කීපදෙනෙක්ම අහලා තිබ්බා Bio MCQ හදාගන්නේ කොහොමද කියලා. ඒත් තේරුම් ගන්න ඕනේ දේ තමයි Bio කරන ලමයෙක්ට තියන papers 6න් ලේසිම paper එක Bio MCQ paper එක.ඒකේ මාර තර්ක නෑ.අමාරු ගනන් නෑ. මතකය විතරයි check කරන්නේ

මම මේක යාළුවෙක්ගෙනුත් අහලා බැලුවා.(පොර මාතලේ district 1st) ඉතින් එයා කියන්නේ MCQ හොඳට කාලේ අරගෙන resource book එක පෙරලගෙන වටපිටාවත් මතක් කරන ගමන් විවරණය කරන්න කියලා. ඒකෙන් MCQ විතරක් නෙමෙයි Structure Essay පවා set වෙනවා...

මාත් පාවිච්ච් කරපු ගොඩක් සාර්ථක වෙච්ච අය කියන ක්‍රමයක් මේක. මේ ප්‍රශ්නේ තියන අය මේක try කරලා බලන්න. අනිවා සාර්ථක ප්‍රථිඵල තියෙයි.

Biology with Helaa

01 Sep, 11:49


Papersවල ලකුණු ටිකක් වැඩි කරගන්න ක්‍රමයක්

තමන්ට නිතරම වැරදෙන දේවල් වෙනම පොතක ලියන්න. හැම සතියෙම paper එකකට කලින් ඒක බලලා යන්න.කලින් shy එකෙත් මම කරපු වැඩක් මේක. ඉතින් ඒකේ සාර්ථක ප්‍රථිඵල තියනවා කියලා හෑල්ලක් type කරන්න ඕනේ නෑ කියලා මම හිතනවා.

Try කරලා බලන්න. Bio, Chemistry වලට තමා මරුම. (මතක තියාගන්න ඕකේ ලියන්නේ වැදගත් කියලා හිතෙන දේවල් නෙමෙයි නිතර අමතක වෙන දේවල්)


Exam එකට යන්න කලිනුත් අන්තිමට බලලා යන්නේ මේ තමන් එකතු කරගත්ත points ටික

Biology with Helaa

18 Aug, 16:46


Resources book එකේ තියන මේ chart එක දැකලා ඇති නේද.

මේකත් හොඳට පාඩම් තියෙන්න ඕනේ...සමහර අය දැක්කා නොදැක්කා වගේ ඉන්න නිසා කිව්වේ.

මේ chart එකෙන් 2021,2023 MCQ papers වලට ප්‍රශ්න දාල තියනවා දැනට

Biology with Helaa

14 Aug, 15:11


මේ පාර දෙබෙදුම් සුචියක් එන්න පුළුවන්. ගිය පාර ආවෙත් නෑනේ.දෙබෙදුම් සුචි set නැත්තම් මේ ටික කරන්න.

දෙබෙදුම් සුචියක් හිතන්නේ කොහොමද කියලා තියනවා මේ ටිකේ.

Biology with Helaa

12 Aug, 13:47


First shy නංගිලා ,මල්ලිලා පරිසරය පාඩම පාඩම් කරද්දී ශාකවල විද්‍යාත්මක නම් ටිකත් පාඩම් කරගන්න අනිවාරෙන්.(spellings නම් ඕනෙත් නෑ)

Miss වුණත් එක ලකුණක්නේ කියලා අතාරින්න එහෙම එපා. ලකුණක වටිනාකම මම හොඳටම දන්නවා.ඒකට ජීවිතේ අවුරුද්දක් පස්සට අදින්න පවා පුළුවන්.

Biology with Helaa

10 Aug, 12:46


නිදිමතට ඉස්සර ඉඳන්ම මට හම්බුණ හොඳම solution එක.

කකුල් රිදෙනවා කියලා නම් කියන්න එපා. Hospital ගිහින් ඉඳගෙන ඉන්න වෙන් නෑනේ.😏

Biology with Helaa

06 Aug, 02:00


උගාඋවාග්උවා😜