✎﹏ සිතුවම 🍀✍️ @sithuwama Channel on Telegram

✎﹏ සිතුවම 🍀✍️

@sithuwama


🗿හදවතේ නිරුවත ⚖️ තෙලිතුඩෙන් සිතුවම් ✍️ කරන 🥺 යෞවනයේ 😊 ආශ්වාස☘️🍃 ප්‍රාශ්වාස_________+🌈️🌤☁️🌧️

විසි හතර 🧭 පැය.

2021-07-17
23:30

✎﹏ සිතුවම 🍀✍️ (Sinhala)

🌟 සිතුවම 🍀✍️ සිතුවම කැන්ඩ්ලොෆ් සංගමයේ නාමයක්. එය හැදින්විතා සහිත පාසලේ සිතුවම් නිරීක්ෂණය කර ඇත. මේ සිතුවම මගින් උද්ගත අධ්‍යාපනය, සිතුවම් නිරීක්ෂණය, සහ අත්සන් කිරීම් පිළිබඳව සිතුවම අධ්‍යපනය මාතෘකාවන් සඳහා ප්‍රදර්ශකයන් සපයන විදේශිකතා ආයාත කිරීම. මෙම සිතුවම සිතේ සිතුවම සංගමයේ දීර්ඝ හමුව සහ සිතේ ප්‍රකාරය වෙනස් කරනු ලැබේ.

✎﹏ සිතුවම 🍀✍️

03 Nov, 03:49


May I know if you are interested in crypto currency?


Yeh ❤️
No 👍

✎﹏ සිතුවම 🍀✍️

03 Oct, 11:27


Dear happiness:-

අහසේ කොතරම් තරු තිබුනද
සද නැත්තම් පලක් වේද

•ගසක කොතෙක් මල් තිබුනද
එහි ලස්සන පිපුන දාක

•සයුර නිතර රැලි හැදුවට
රැලි දරන්නේ වෙරල නේද

•කවියකට පදවැල් අවැසි වුවද
තනුව නැතිව පලක් වේද

•ඉතින් ප්‍රේමිය
ප්‍රේමය පමණක් මගේ වි ඉතිරිව
කුමටද පන දෙන්නට නුබත් නැතිව 🙂💔✨️

@Dula914✍️

✎﹏ සිතුවම 🍀✍️

27 Sep, 18:07


නොපෙම් සුව......!!!❤️

වැස්සකට හැමෝම පෙම් කලාට
හැමෝම හෙව්වේ නොතෙමි ඉන්න තැනක්.

ඉර උනත් කොච්චර ලස්සනට පායල තිබ්බත්
හැමෝටම ඕන උනේ රස්නෙන් බේරෙන්න හෙවනක්.

වසන්තය රැගෙන හුලගක් ආවත්
කරදර නිසා හැමෝම වහන්න හෙව්වේ කවුළුවක්‌.

හැබැයි ලස්සන තැන්වලදී මිනිස්සු කොච්චර ප්‍රතික්ෂේප උනත්
අත් හරින්නේ කොහොමද ලන්වුනු හිතක්
[🥺]🌸

_ඉතින් ළමයෝ:=
පෙර දිනෙක ඔබවසොයමින්
පපුව ගිනිගත් මා
අද වනවිට දරුණු ගනයේ
තනි වීමකට
ඇබ්බැහි වෙමින් පවතී
දරා හිදිමි වේදනාවන්
පෙමින් සගවා දරා ගන්නෙමි
නොකී ඒ ගීතිකාවන්.🙂 ✨️❤️


@Dula914✍️

✎﹏ සිතුවම 🍀✍️

26 Sep, 16:41


* නර්ස්

- කියන්න

* ඇයි මට බෙහෙත් නොදෙන්නෙ ?

- පැනඩෝල් විතරයි දෙන්න පුළුවන්

* ඉතින් ඒකවත් දෙන්නෙ නැත්තෙ ඇයි ?

- සනීප උනාම කියන්නම්

* නර්ස්

- කියන්න

* හැමෝගෙම ඇදන්වලට නෙට් තියනවා ඇයි මගෙ ඇදට විතරක් ෆෑන් එකක් ?

- නෙට් ඉවරයි

* නර්ස්

- කියන්න

* කවුරුත් ආවෙ නැද්ද මාව බලන්න

- ආවා

* කවුද ආවෙ

- සිහිය නැති දවස් දෙකේම කෑම්ප් එකේ අය ආවා. ආආ තව ඔයාගෙ නංගි ඇවිත් හිටියා.

* නංගි ?

- ඔව්. ඇයි ?

* මට නංගිලා නෑ

- එතකොට ඒ කවුද

* නමවත් කිව්වෙ නැද්ද

- නෑ නංගි කියලා තමයි කිව්වෙ

* එයා කොහොමද මගෙ ලග ඉන්නෙ. මේ පිරිමි වාට්ටුවනෙ

- ඔව් ඒත් ඉන්න පුළුවන් උපරිම වෙලා ඔයා ලග ඉදලා ඊට පස්සෙ ඒ ලමයා එලියෙ පුටුවක ඉන්නව මං දැක්කා.

* දවස් දෙකේම ?

- ම්.. ඔව්

* එතකොට

- ඔන්න ඩොක්ටර් එනවා ඕන දෙයක් අහන්න

* ඩොක්ටර්

- පුතා දැන් කොහොමද

* හොදයි ඒත්...

- ඇයි ?

* මට දෙයක් දැනගන්න ඕනෙ

- අහන්න

* මට සිහිය නැති දවස් දෙකේ මගෙ ලග හිටියෙ කවුද ? නර්ස් කියනව මගෙ නංගිලු ඒත් ඩොක්ටර් මට නංගිලා නෑ

- ඒත් එයා ඔයාව බලාගත්තෙ හරියට අම්මා කෙනෙක් වගේනෙ

* මොකක්

- ඔයාට පැනඩෝල් ඇලජිලු. නෙට් දාන්න බෑ ෆෑන් ඕනෙලු. ෆෑන් දැම්මත් ඒක වැඩි කරන්න බෑ සෙම ඇවිස්සෙනවලු. ගෑස්ට්‍රයිටීස් නැතත් ඔයාට සැරට කන්න බෑලු. ම්.... තව...

* සුදුනෝනා...

- ඔයාට එහෙම සැකයක් තියෙනවනම් අපි හොයමු.අපි ලග එයාගෙ අයි ඩී එකේ ෆොටෝ එකක් ඇති. මොකද රටේ තත්වෙ එක්ක අපි ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕන. අනික ඔයා ආරක්ෂක අංශෙ නිසා අපි අයි ඩී එකේ ෆොටෝ එකක් ගත්තා.

* බලන්න දෙයක් නෑ ඩොක්ටර්. ඔය තරමට මං ගැන දන්නෙ එකම කෙනයි. ඩොක්ටර් එයා ආයෙ ඒවිද ?

- ඒකනම් කියන්න බෑ. මොකද ඔයාට සිහිය එද්දි එයා ලග ඉදලා තිබ්බා. සිහිය එද්දිම එයා තමයි ගිහින් නර්ස් කෙනෙක්ට කියලා තිබ්බෙ. ඒත් අපි ඇවිත් ඔයාව බලලා ඉවර වෙද්දි එයා ගිහින් කවුරුත්ම නොදැන.

* ඩොක්ටර් ඒ මං කලින් ආදරේ කරපු කෙනා

- ඒ කියන්නෙ දැන් අලුත් කෙනෙක් ඉන්නවද ?

* ම්.. ඔව්

- කෝ එයා ආවෙ නෑ නේද ?

* නෑ ගෙදරින් එන්න විදිහක් නැතුව ඇති.

- හ්ම්.
සොරි. අපි මේ කිසිදෙයක් දන්නෙ නෑනෙ ඒකයි. අනික අම්මා කෙනෙක් දරුවෙක් ගැන කියන්න වගේ ඔයාගෙ හැම හුස්මකම වෙන වෙනස්කම් ගැන පැහැදිලි කරලා කියද්දි ඇත්තටම අපි හිතුවෙ ඒ ගෙදර කෙනෙක් කියලා. ඒකයි එයාට ඉන්න අවසර දුන්නෙ

* ඒකට කමක් නෑ ඩොක්ටර්

- මං දෙයක් අහන්නද

* අහන්න

- ඇයි ඔය ඇස්වල කදුළු

* මට දුක හිතුනා

- එයා ගැනද ?

* නෑ ඩොක්ටර් මං ගැන

- ඇයි ?

* මං අතෑරලා දැම්මෙ අම්මෙක් වගේ මට ආදරේ කරපු කෙල්ලෙක්

- දැන් හිතල වැඩක් නෑ පුතා


"දන්නවද ගොඩක් මිනිස්සු පන වගේ ආදරේ කරන අයව අතෑරලා රස තැන් හොය හොයා ගියා... ඒත් ගොඩක් ආදරේ හිතේ පුරවගත්ත මිනිස්සු හැමදාම එකම හිතකට පාරමී පිරුවා....."


🤍🌻🕊️

✎﹏ සිතුවම 🍀✍️

25 Sep, 14:47


My VIP Free For 7 Days Join And Enjoy

Hey , This is The Bianance Hub Community.

Average Monthly profit up to 2500%
Daily 3-5 Signals
Technical Analysis
Market Updates
Fundamental News
Training Strategy
BTC , ETH Updates


https://t.me/+feIncx5kHtVjMjg1

#Sponsor

✎﹏ සිතුවම 🍀✍️

21 Sep, 16:47


හැබැහින් කරනා කෝලම්
හීනෙන් පවා දකින්නට
මටත් නොදැනිම මගේ හිත
වෙන් කර ඇත ඔබටම ඉඩක්
එනමුත් නොකියනා දහසක් වචන
අදටත් ගොළු වෙලා හදවත යටම
ආසයි පවසන්න
ඔබගේම වන්නට කැමති බව
ඒත් හිතට නෑ හයියක්
ඔබෙ කෙලිලොල් හැඟුම් අතර
ඉවක් බවක් නැතිව දඟ කරන්න
ආසයි මටත්

✎﹏ සිතුවම 🍀✍️

17 Sep, 16:37


පෙම් කුසුම්....❤️❤️

😎✍️🤓✍️

තවමත් මතකයි පෙනෙනා
මතක දහරේ
අප දෙදෙනා අත් අල්ලන්
පෙම් බැන්ද තාලේ
ඔබ මා තුරුලේ අනාගතය දුටුවේ
ඔබ මා....ඔබ මා.....

සිතු හීන බොහෝ අතරේ
ඇදෙනා මතක දහරේ
සෙව්වා ඔබ මා පෙම් කුසුමේ
කුසුම් බොඳවෙලා රේණු ගිලී හිලා....

මම ඔබෙ රුව දුටුවේ
ඝන අඳුරෙන් වැහි මතකේ
ඔබෙ හඬ ඇසුනද රිසි සේ
ඔබෙ රුව නොපෙනේ අඳුරේ.....

හැර යන්න හැර යනු මා
ඔබෙ දිවියේ ගෙත්තම් නෑ සිඳිලා....

කණ වැල අල්ලන්නට මට
නුඹට දෙන්න බෑ....
නුබෙ දිවියේ ගෙත්තම මට ඉරාලන්න බෑ....

මා හමුවේ පියමනින්න
නුඹට දෙන්න බෑ....
ඒ හින්දා මේ මතකේ නුඹට ඉඩක් නෑ....

😎✍️🤓✍️

Thamod Amarabandu(Oxytann)✍️🤓

✎﹏ සිතුවම 🍀✍️

16 Sep, 19:24


|•ප්‍රේමය තිබුනේ එතැනය✨️

ප්‍රේමය තිබුනේ එතැනය
සදක් අහසට තරුවකට හාදු දෙන තැනය
ආදරේ කරන තැනය
ඊටත් වඩා වැඩියෙන්
සදට දුරින් හිද පෙම් කරන කොලුවෙකු ලගය

ප්‍රේමය තිබුනේ එතැනය
මලකට බබරෙකු ආදරේ කිව් තැනය
හොරෙන් විත් සිපගත් තැනය
ඊටත් වඩා වැඩිය
මලක් රැකගනු වස් කටු වුන
නටුවක් වැනි පෙම් හිතක් ලගය

ප්‍රේමය තිබුනේ එතැනය
නුබ ඇය ලගින් සිටි තැනය
ඇය සමග පෙම් බස් දොඩන තැනය
ආදරයෙන් සිනා සෙන තැනය

ඊටත් වඩා ඒ දෙස
මං බලා කදුළු පුරවාගත් තැනය 🙂✨️


@Dula914✍️

✎﹏ සිතුවම 🍀✍️

11 Sep, 08:48


සිප ගත්තා නුබ මාව දැනුණු විට ඉන්නේ මා ප්‍රශ්නෙක

හිත හැදුවා කියමින් " මං ඉන්නවා නේ මගෙ පන' ට ...♥️

දුන්නේ හිනාවක්මයි නිතරම නුබ මාගෙ මුවට

අවසන් හමු වීමෙදි ද කිව්වෙ' සතුටින් ඉන්න පන'

ඉවසන් හිටියත් තව ඉවසන්නට බැරි තැනම

' වෙන් වෙමු අපි ' කියන්නට වූවා මට ද

කියවුනාත් කෙදිරියෙන් නුබ හිත යට
' අනේ පන 🥺 '

හංගං කඳුළු කිව්වා 'හරි අපි එහෙම කරමු පන ' යැයි මගෙ හොදට

දැනෙනවා නම් මැනික උබ නැති අඩුව මෙතරම්ම මට
මටත් වඩා මට ආදරේ කල නුබගෙන් මොන විමසුම් ද ?
🥺♥️


The wish
-------------
තාවකාලික සමු ගැනීම් , තාවකාලිකම වෙන්න ඕන.....එච්චරයි
@paba0426

✎﹏ සිතුවම 🍀✍️

10 Sep, 16:57


බොරුව....❤️❤️

🌼✍️

ගොතනා බොරුවෙන් අනිකෙකු රවටන
නිරතර සිතිවිලි හදගැබ දරනා
අනුන්ට ඇඟිලිති දිගු කරලන්නට
බොරුවේ හසරැල් කුරිරු වෙලා

මිතුරෙකු විලසින් මා වෙනුවෙන්
පමණකමයි ඔහු කතාකරේ
නැත කිසිදා ඔහු බොරුවක් කරලා
අනෙකෙකු වෙත මෙත් දෑත් දුනේ

වියරු වැටීලා බොරුවේ බලයෙන්
නොතිබෙනා සැම කරුණු මවාලා
සැමගේ හදවත් සත්‍යේ හදවත්
නිය රැඳි කිණිහෙන් කපාදමා

උදව්වට එන්න මිතුරෙක් සිටියා
බොරුවේ බලතල බිඳ දම ලන්නට
අසරණ මොහොතේ උදව් කල ඔහුව
දිවි රැඳි තුරුමා සිතේ වෙලා ගමි

🌼✍️

Vihangi Amodya✍️🌼

✎﹏ සිතුවම 🍀✍️

10 Sep, 07:51


ජීවිතයේ මිරිඟුව හබායන්නට....
ආදරෙයි... ප්‍රේමයයි... රාගයයි... වෙන්කරන්නට....🖤
නෙත් මානයේ පේන අඳුරට අතවනන්නට....
සිත්තම් වූ ඉරණමේ අරුත සොයාගන්නට....🤍

එන්න සිත්තම් බෝට්ටුවෙන් ජීවන සයුර පියමනින්නට...💝

✎﹏ සිතුවම 🍀✍️

10 Sep, 02:37


+ ඒ බං කෝ දැන් එයා ?

- එයා සතුට තියන තැනක් හොයා ගත්තා
ඉතින් මං යන්න දුන්නා

+ දුක නැද්ද බං උබට ?

- නෑ.
මං ආසම තව කෙනෙක් සතුටු වෙනවා බලන්න.
ඒක තමයි මගෙ සතුට...

🤍🌻🕊️

✎﹏ සිතුවම 🍀✍️

09 Sep, 18:55


ලස්සන මල වෙත ලියමි 🌸,


•නුබත් දිනෙක අයෙකු වෙනුවෙන් බලා හිදිවී
එදාට දැනේවි බලාහිදීමේ වේදනාවක තරම. ✨️

•සමහර විටෙක අයෙකු නුබව මගහරිවි
එදාට දැනේවි මගහැරීමේ වේදනාවක තරම❤‍🩹

•ලැබෙන්නැති කලෙක තනිව ආදරේ කරාවි
එදාට දැනේවි ඒක පාර්ශවික ආදරයේ වේදනාවක තරම🍃

•ඒ හම්බුනු ලස්සන මුණ මොනවා කරත් අමතක කරන්න බැරි වේවි
එදාට දැනේවි හිත එච්චරටම ඇබ්බැහි උන තරම🤌

•ඉතින් ළමයෝ කරුමෙකට වත් එදාට
නිකමට මාව මතක් උනොත්
උබේ ඔය හිතටත් දැනේවි🤗

•කාලෙකට කලින් අසීමාන්තිකව ආදරේ කරපු
මේ පව්කාරයාගේ වේදනාව 💔✨️🙂


@Dula914🖋

✎﹏ සිතුවම 🍀✍️

08 Sep, 03:05


https://youtube.com/shorts/SFYKlp7K2uk?si=KnlVeOTlXaJCjRq3

✎﹏ සිතුවම 🍀✍️

08 Sep, 01:12


Conversation between a loving couple with 1000 of problems 💑 ( Part 2)
_

🧔🏻‍♀
- පන, ඔයාට මතකද අපි යාලු උන හැටී.....🙈

🧔🏻‍♂
- අපෝ කොහොම අමතක වෙන්නද ඒයි ඒවා 😂😂

🧔🏻‍♀
- ඇයි අනේ හිනා වෙන්නෙ 😠

🧔🏻‍♂
- නෑහ් නෑහ් , කොහොමද යාලුවෙක් විදියටවත් මාත් එක්ක කතා කරපු නැති කෙනා මගේ හොදම හොද යාලුවා වෙලා දැං කියවන කියවිල්ල 😂🫰🏻

🧔🏻‍♀
- අනේ යන්න ,,,,,,,.😒

🧔🏻‍♂
- මේ,! මොකද ඉතින් එහෙම එක පාරම එහෙම ඇහුවෙ කියන්නකෝ


🧔🏻‍♀
- නෑහ් .... එහෙම ලස්සනට පටන් ගත්ත අපි දෙන්නගේ ආදරේට දැං කොච්චරනම් ප්‍රශ්නද පන

🧔🏻‍♂
- මොකද මේ,,?
ප්‍රශ්න එන්නෙ මිනිස්සුන්ට තමයි ...
අපි අපිට ඉන්නවනේ ඒ ඇතී....

🧔🏻‍♀
- ම්ම්ම්ම් 🥺
මේ ,

🧔🏻‍♂
- ඔව් .

🧔🏻‍♀
-, " ප්‍රශ්න එයි අපි ආදරෙ කරමු" නේ 🤪

🧔🏻
- මං කියපුවත් මතක තියාගෙන නේ මේ හොල්මන ආයි ආයි අහන්නෙ මගෙන් නේ 😒

🧔🏻‍♀
- හී හී...හරි හරි ඉතිං 😙

Then 🧔🏻‍♀ + 🧔🏻‍♂
Laughed with each other & 🫂😙.....

The wish
------------
වචනෙකින් හරි හයියක් වෙන ආදරයක් හැමෝටම ලැබෙන්න ඕන ...එච්චරයි !

08/09/2023
@paba0426

✎﹏ සිතුවම 🍀✍️

06 Sep, 18:13


සඳ පිණි....❤️❤️

😎✍️🤓✍️

රත් වැලි දිය මත නලියන පිනිදිය
බොදවෙන තාලෙට තත් සුහ කරනා
නොමිනා කුසුමින් ජීවේ ගෙත්තම්
පෙම් පා හමුවේ තදකර අඳිනා

නිමලැලි සෙනෙහේ දාරා අතරේ
අහබුව වේ ඔබ නිති සිත පුරනා
ගැලුලැලි පෙර දින නිසසල පෙම් රැලි
දෑඟිලි පටලන් අප යන සිතු දුර
කොදුරා කොදුරා ප්‍රේමේ නාමෙන්
ඔබෙ රත් දෑඟිලි සුසුමෙන් පෙඟිලා

ළය මත උනුහුම දැනෙනා තාලෙට
සිතිවිලි හොරෙහින් නුබ වෙත බැලුවද
ඇඳෙනා මතකේ වත්මනු කුනු ගෙන
ඔබ මා තවමත් එකමඟ යැව්වෙද

මෝරන සඳ රැස් තනිවම සිතනා
අමවක් දිනයේ නොමැකිම බසිනා
හිරු රැස් දහරට පුරහඳ මැකිලා
පියුපෙති අතරට රතු ලේ ඇදිලා

සුසුමේ දැවටෙන නුබගේ සෙනෙහේ
තාමත් මැකේද සඳ පිණි අතරේ
පිණි පොද ඇඳුනද සඳ රූ අතරේ
රිවි තැත් ගෙනනද නොපෙනී වැකුනේ

😎✍️🤓✍️

Thamod Amarabandu(Oxytann)✍️🤓

✎﹏ සිතුවම 🍀✍️

06 Sep, 13:09


මලක් 🌸🥺

නෙලන්නට අර අදිමි
නොහැකි තැන පෙති සිබිමි
රොන් ගන්නට එන බිගුන්
සැනෙන් පලවා හරිමි

ලන්ලන්ව සුව සොයමි
දුරින් හිද හැඩ බලමි
නමුත් පරසතු හෙයින්
තදින් සිත රිදව ගමි....🫠🍃

තවමත් මග බලා හිදිමි..
නෙතු හැරන් මල දිහා
පෙරවදන පමණක් ලියමි..
තේරුමක් නැති නිසා...


@Dula914🖋

✎﹏ සිතුවම 🍀✍️

04 Sep, 12:43


The World Best Crypto Trader! If You Trading Crypto Spot And Future Join Below Link.


https://t.me/+3KCgfv6w9T45ZGY0

👆🏻👆🏻👆🏻👆🏻👆🏻👆🏻👆🏻👆🏻👆🏻👆🏻👆🏻👆🏻👆🏻

1,684

subscribers

2,694

photos

878

videos