How to make a simple WhatsApp bot 🤖• මේ වැඩේ කරන්න ඔයාට දේවල් කිහිපයක් ඕන වෙනවා. 1.
💻 PC එකක් (phone එකෙන් කරන්න ඕන නම්
termux use කරන්න පුලුවන්.)
2.
🖥 ඔයාට botව 24/7 run කරන්න නම්
VPS එකක් හෝ
RDP එකක් ඕන වෙනවා. මන් කරන්න හදන්නේ botව localhost එකේ run කරන්න. (ඒ කියන්නේ device එක on කරලා project එක start එකේ තියෙනකොට විතරයි වැඩ
🤷♂️)
3.
🌐 Internet connection (data 1GB වත් ඕනේ)
4.
🛠 VS Code install කර ගන්න. මොකද එකේ ඇතුලෙම terminal එකක් තියෙන නිසා command run කරගන්න ලේසි.
5.
📱 WhatsApp account එකක්.
මන් මේකෙදී use කරන්නේ
Node.js තමයි. ඒ හින්දා මුලින්ම
Node.js install කරගන්න ඕන. Node.js මේ link එකෙන් download කරලා normal software එකක් install කරන විදියට install කරලා PC එකක් නම් restart කරන්න.
Node.js install වෙලාද බලන්න cmd එකේ
node -v
කියන command එක run කරන්න. හරියට install වෙලා නම් version number එකක් එයි මේ වගේ
v20.18.0
✅1. දැන් මුලින්ම
new folder එකක් හදලා ඒක
VS Code එකෙන් open කරගන්න.
2. දැන් VS Code terminal එක open කරලා මේ command එක run කරන්න.
npm init -y
3. දැන් ඔයා හදපු folder එකේ
package.json කියලා file එකක් හැදිලා ඇති. ඒක open කරලා script කියන part එක cut කරලා මේ code එක paste කරන්න.
"scripts": {
"test": "echo \"Error: no test specified\" && exit 1",
"start": "node ."
},
4. දැන් terminal එකේ තියෙන මේ command එක run කරගන්න. (මේකෙන් වෙන්නේ botව හදාගන්න ඕන libraries install වෙන එක)
npm install whatsapp-web.js
npm install qrcode-terminal
5. දැන් කලින් හදපු folder එක ඇතුලේ
index.js කියලා file එකක් හදන්න. මේ js file එකේ තමයි botව code කරන්නේ. ඒ file එක දැන් open කරලා ඒකට මේ code එක paste කරන්න.
const { Client } = require('whatsapp-web.js');
const qrcode = require('qrcode-terminal');
const client = new Client();
client.on('ready', () => {
console.log('Client is ready!');
});
client.on('qr', qr => {
qrcode.generate(qr, {small: true});
});
client.on('message_create', message => {
console.log(message.body);
if (message.body === 'hi') {
client.sendMessage(message.from, 'hello !!! how are you');
}
});
client.initialize();
මේ code වෙන්නේ ඔයා අදාල WhatsApp botට යවන message එකකට reply කරන එක. මේකේ තියෙන විදියට ඔයා botට "hi" කියලා message එකක් යැව්වොත්
hello !!! how are you
කියලා reply එකක් එනවා
💬.
6. දැන් තියෙන්නේ මේක run කරගන්න. දැන් ඔයා terminal එක open කරලා start command එක දෙන්න.
npm start
දැන් ඔයාට
QR code එකක් පෙන්නයි. ඒක ඔයාගේ WhatsApp linked devices වලට ගිහින් scan කරන්න. ඊට පස්සේ ඔයාට terminal එකේ
"Client is ready!" කියලා message එකක් පෙන්නොවොත් වැඩේ ගොඩ.
7. දැන් වෙන WhatsApp එකකින් කලින් QR code එක scan කරලා connect කරපු WhatsApp එකට
hi කියලා message එකක් දාලා බලන්න. එච්චරටයි
🙌.
ඔයාට මීට වැඩිය සංකීර්ණ bot කෙනෙක් හදාගන්න ඕන උනත් කරන්න තියෙන්නේ තමන්ට ඕන විදියට code එක වෙනස් කරගන්න එක විතරයි. හැබැයි ඒකට programming language (JS) පුලුවන් වෙන්න ඕන 💻. ඒ වගේම ඔයාට සංකීර්ණ bot කෙනෙක්ව හදන්න API ඕන වෙනවා. ex :- movie bot 🎬, music bot 🎶, AI chat bot 🤖.
මන් කලින් කිව්වා වගේ මේක හරිම සරල bot එකක්. මේකෙන් bot එකක් හදන්න දන්නැති කෙනෙක්ට සරල අදහසක් ගන්න පුලුවන් හදන විදිහ ගැන. 👍Credit - @TCO_7r