මේ සිද්දියට මම මුහුන දුන්නේ 2018 අවුරුද්දේ, එතකොට මම ඉස්කෝලෙන් අයින් වෙලා O/L කරලා හිටියේ, ගෙදර නිකන්ම ඉන්න නිසා මගේ මාමා කිව්වා එයා එක්ක මේසන් වැඩට යමු කියලා. මගෙත් අතට කීයක් හරි එන නිසා වැඩේට කැමති උනා,
මාමා හිටියේ අපේ ගෙදරමයි, ඒක නිසා එයාගේ බයික් එකේම අපි දෙන්නා වැඩට යනවා, එකටම එනවා, ඔහොම කාලය ගෙවීගන ගියා, මටත් ඉතින් සරුයි බයික් එකේ යන එන නිසා හැමදාම වැඩ. සෙනසුරාදා පඩි අරගෙන ඉතින් ඉරිදට යාලුවො එක්ක බියර් එකක් ගහලා චිල් එකේ හිටියා,
අපේ ගෙදරට ඉස්සරහින්මයි පාර තිබුනේ, පාරේ ටිකක් පහලට යද්දී තමයි අපේ ගමේ මිනී කනත්ත තියෙන්නේ, ඒ හරියේ පාරේ ලයිට් කනුවක්වත් නෑ ඒකාලේ, කනත්ත පහුවෙනවත් එක්කම තියනවා මහා නුග ගහක් ලොකුයි කියන්නේ පට්‍ටම ලොකුයි,
මේ නුග ගහ එක්ක කනත්ත දිහා බලනකොට කාගේ උනත් හිතේ ගැස්මක් ඇති වෙනවා ඒක සාමාන්‍ය දෙයක් ඒ තරමට එතන මූසල පාටයි. නුග ගහයි කනත්තයි එක්කම පාර දෙපැත්තේ වෙල් යාය, මම හිතනවා ඔයාලට හිතේ මැවෙන්න ඇති මේ කියන තැන,
මේ සිද්දිය උන දවසේ මාමා වැඩට ගියේ නෑ මට යන්න කිව්වා, එදා වැඩට ගියේ මගේ සයිකලේ ඒ දවස්වල රේසින් සයිකල් පිස්සුව හොදටම, එදා වැඩ කරලා රෑ කොන්ක්‍රීට් එකක් ගහන්න සෙට් උනා ඩබල් පඩි නිසා දෙපාරක් හිතුවේ නෑ කොන්ක්‍රීට් එක ගැහුවා,
රෑ 11 විතර කොන්ත්‍රාත් බාස් මාමා කෑම ගෙනාවා හරක් මස් බැදලා තිබුනා මික්ස් රයිස් තිබුනා අද වගේ මතකයි, හරක් මස් එකට මම වග කිව්වා සද්ද නැතුව, හරියටම රෑ 12.30 වගේ අපි ගෙදර එන්න ආවා,
මාව මගක් වෙනකන් බයික් එකෙන් ඇදගෙන ආවා, පස්සේ එයාලා වෙන පාරකින් ගියා, මට යන්න තියෙන්නේ අර කනත්ත පාරෙන්, තව පාරක් තියනවා ඒකෙන් යනවා නම් තව විනාඩි 20 විතර යන නිසා.කනත්ත පාරෙන්ම යන්න තීරනය කලා,
හිතේ ගැස්මක් තිබුනේ නෑ ගමේ පාර නිසා කිසි වෙනසක් තිබුනේ නෑ, ඒ පාරේ ලයිට් කනු තියෙන්නේ වෙල් යාය ලගට විතරයි එතනින් කනත්ත පහු වෙනකං ලයිට් නෑ,,මල අන්දකාරේ, මම ඇත්තම කිව්වොත් බය උනේ නෑ,,හිත ගැස්සුනෙත් නෑ,,සුපුරුදු විදිහට බයිසිකලේ පැදගන ආවා,
වෙල් යායා මැදදී මට පොඩි අමුත්තක් තේරුනා, බයිසිකලේට බරක් වැටුනා වගේ දැනුනා,, එතකොට මම ටිකක් බර කරලා පැඩල් එක පෑගුවා ඒත් යන්නේ නෑ, ඒ කියන්නේ බයිසිකලේට තව දෙන්නෙක් නැගලා වගේ බර දැනුනා,, එතනදී මට තේරුනා මට හොදටම දාඩිය දාලා කියලා,, මුලු මූනෙම ඇග පුරාම දාඩිය වැක්කෙරෙනවා,, මම වෙල් යාය මැද්දේ තනියෙන් කිසිම එලියක්වත් මනුස්ස පුලුටක්වත් නෑ,,බයිසිකලෙන් බැහැලා තල්ලු කරගෙන යනකොට මගේ හිතට දැනුනා මට මොකක් හරි වෙලා කියලා,,හිත හයිය කරගෙන යනවා කියලා හිතුවා,
අඩි 10 යන්න හම්බුනේ නෑ, මගේ පිටිපස්සෙන් මට ඇහුනා පොඩි ලමයෙක් අඩන සද්දයක්,, ඒ කියන්නේ ලමයෙක් කෙදිරිගාන සද්දයක්, ඒක මගේ හිතේ තවටත් තියනවා,, මම පස්ස බැලුවේ නෑ,,ඔහොම්ම ගියා,,ආයේ අඩි දෙක තුනක් යනකොට හොදටම අඩන සද්දේ ඇහෙනවා,,මම හිතුවා කවුරුහරි ලමයෙක්ව විසුකරලද කියලා වෙලේ ඉවුරට,,එතනදී මම බයිසිකලේ නවත්තලා පිටිපස්ස බැලුවා,, මම දැක්කා මට අඩි 10, 12 වගේ දුරින් පොඩි ලමයෙක් හිටගෙන මං දිහා බලාගෙන ඉන්නවා,,පොඩී කියන්නේ බැලූ බැල්මට අවුරුදු 2 වගේ ලමයෙක්ගේ උස,
තිබ්බේ,,මම තව ටිකක් ලං වෙලා බැලුවා
එතකොට මම දැක්කේ කලුම කලුවට මූනයි, කලුම කලු ඇගයි මල පෙරේත මූනයි කියලා තේරුම් ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ,,මම දැක්කා මට අතින් එන්න කියනවා,,අත වනලා එන්න කියනවා,, මේ ඔක්කම මම හිතන්නේ තප්පර ගානකින් උනා,,මට ඒ වෙලාවේ මාවම අමතක උනා,,එතනින් පස්සේ මට හොද සිහියට එනකොට ගේ ඉස්සරහා මිදුලේ වැටිලා හිටියේ,, මගේ වටේට පවුලේ අය අසල්වාසී අය වට වෙලා හිටියා මතකයි,,
එදා මම දැකපු දේ මොකක්ද කියන්න මම දන්නේ නෑ,,මගේ හිත ගැස්සිලා දැකපු මායාවක්ද මොකද්ද කියන එක අදටත් ප්‍රෙහේලිකාවක්,,ඒත් අද වෙනතුරුත් මූසල කනත්ත සහ අන්දකාර වෙල් යාය වෙනදා වගේම ගුප්ත පෙනුමෙන් තියනවා,,කනත්තේ තනි උන මල පෙරේත ආත්ම අදටත් පාරෙ එහා මෙහා යන මිනිස්සුන්ගේ ලේ සුවදට කෙල හලනවග නම් නොවනුමානයි..