|Gwen Notes|✨ @gwennotes Channel on Telegram

|Gwen Notes|

@gwennotes


|Gwen Notes|©2024
Romanticize Studying❀♡
With ❤️

|Gwen Notes|✨ (English)

Welcome to Gwen Notes, a Telegram channel dedicated to helping you romanticize studying and make learning a joyful experience! With a touch of whimsy and inspiration, Gwen Notes aims to transform your study sessions into moments of creativity and passion. Whether you're a student looking for motivation or a lifelong learner wanting to spark your curiosity, this channel is the perfect place for you. Join us as we embark on a journey to make studying a delightful and enchanting activity. Let Gwen Notes be your guide in creating a magical study environment filled with love, positivity, and joy. Subscribe now and let the magic of learning unfold before your eyes! Together, let's embrace the beauty of knowledge and make studying a truly unforgettable experience.

|Gwen Notes|

26 Jan, 05:39


අද හෝ හෙට chemistry papers විවරණය කරන්නෙ කොහොමද කියල කියන්නම්🌚
ඒකත් එක්ක තව දැනගන්න මොනව හරි තියනවද මගෙන් ඔයාලට?Comment එකක් දාල තියන්න.ඒවත් add කරන්නම් එතකොට🙊

|Gwen Notes|

07 Jan, 11:22


මම අද කියන්න යන්නෙ Physics මුල ඉඳලම පටන් ගන්න කෙනෙක්ට ඒකෙ තියන concepts මතක තියාගන්න පොඩි tip එකක්.
ඔයා දැන් ඉන්නෙ C එකකට වඩා අඩු level එකකට නම් මම මේ කියන විදිය ඔයාට ගොඩක් දුරට match වෙයි.
මුලින්ම කියන්න ඕනි මේ මම වැඩ කරපු විදිහ.කෙනාගෙන් කෙනාට මේක කැමති විදියට වෙනස් කර ගන්න පුළුවන්🤓
Revision යන ළමයෙක් නම්,ඔයා දැනට දන්න දේවල් ටිකක් තියනව නම් ඒ ටික පොඩ්ඩක් අමතක කරන්න.Notes එහෙම තියනව නම් ඒවත් එක්ක.හරි අපි මෙහෙම හිතමු.
Revision එකේ උගන්වන පාඩම සරල අනුවර්තීය චලිතය.ඔයාට දැනට ඒ පාඩම ටිකක් විතර පුළුවන්...හැබැයි ඔක්කොම පැටලිලා වගේ.
එහෙනම් ඒ ටිකක් විතර පුලුවන් කියල හිතන් ඉන්න ටිකත් අමතක කරල දාන්න.
හරි දැන් ඔයාට ස.අ.ච. මුකුත් බෑ.
සාමාන්‍යයෙන් ඔය පාඩම දවසකින් වගේ ඉගෙන ගන්න පුළුවන්.
[මම Anuradha sirගෙ Revision ගියෙ.ඒ විදියට හිතල මම කියන්නෙ. ඔයා යන clz එක අනුව,ඒ sir/madam උගන්වන විදිහ අනුව මේක වෙනස් කර ගන්න.]
ඔයා ඉගෙනගන්න ගන්න වෙලාවට පොඩි chit එකක් වගේ ළඟ තියාගන්න.A4 තීරුවක් වගේ එකක් නම් ගොඩක්ම fit.
දැන් ඔයා කරන්න ඕනි sir උගන්වන සමීකරණ ඒකෙ ලියාගෙන යන එක.
උදාහරණ විදිහට සරල අනුවර්තීය චලිතයට ලාක්ෂණික සමීකරණය කියල එකක් තියනවා. සරල අවලම්බයක ආවර්ත කාලය හොයන්න වෙනම සමීකරණයක් තියනවා.තිරස්/සිරස් හෙලික්සීය දුන්නක ආවර්ත කාලය හොයන්න වෙනම එකක් තියනවා.දුන්නේ ගබඩා වෙන ශක්තිය හොයන්න තව එකක් තියෙනවා.ඔය විදිහට සමීකරණ ටික විතරක් ලියාගෙන යන්න වෙන මුකුත් නැතුව.
ඊට පස්සෙ clz ඉවර වෙලා ගෙදර ඇවිත් හවස ඔයා පාඩම revise කරන්න ගන්නවනේ.එතකොට මුලින්ම ඔයා අරගන්න ඕනි අර chit එක.
ඊලඟට තව පොතක්. CR නැතුව A5 size නම් ගොඩක් හොඳයි.
දැන් ඔයා අර ලියාගත්ත සමීකරණ ඒ පොතේ ලියන්න.
එතනදි මතකයෙන් ලියන්න try කරන්න, ඒව යොදන තත්ත්ව එහෙම.
උදාහරණ විදිහට සරල අනුවර්තීය චලිතයක් වෙන්න නම් ඒ චලිතය දෝලන කේන්ද්‍රය දෙපසට වෙන්න ඕනි.උඩ ඉදල පොලා පනින බෝලයක් වගේ එකකට ස.අ.ච. සමීකරණ යොදන්න බෑ.
ඊට පස්සෙ ඒක රදා පවතින සාධක එහෙමත් තියනව නම් ඒවත් ලියන්න.
ස.අ.ච. වලින්ම ඒකටත් උදාහරණයක් ගත්තොත්, අවලම්බයක ආවර්ත කාලය;සඵල ත්වරණය, උෂ්ණත්වය එක්ක එහෙමත් වෙනස් වෙනවනෙ. එතකොට සමීකරණය දාන්න කලින් උෂ්ණත්වය වෙනස් වෙනවද, අමතර ත්වරණයක්/මන්දනයක් තියනවද කියලත් බලන්න ඕනි.
තව ඒවත් එක්ක sir කියපු mcq points එහෙම තියනව නම් ඒවත් sticky notes වගේ පාවිච්චි කරල ලියල තියාගන්න.අමතක නම් Tutes බලල ලියන්න ප්‍රශ්නයක් නෑ.
අන්තිමට ප්‍රස්තාර එහෙම තියනව නම් ඒවත් ඇදල තියන්න🙈
(මම හදපු එකක් දාල තියන්නම් comments වල ඔයාලට idea එකක් ගන්න.ඒක නම් පොඩ්ඩක් damage වෙලා exam අන්තිම දවසෙ වතුර වැටිලා ඒකයි.🫠💔)
මේ පොත එතකොට concept book එකක්.ඒ කියන්නෙ ගණන් හදන්න ඕන කරන theory ටික විතරක් තියන පොතක්.🙊
ඊලඟට MCQ 2500 පොත අරගෙන ඒකෙ ගණන් ටික හදන්න බලන්න ඔය පොතත් ලග තියාගෙන.ඒකෙ හම්බෙන්න special points තියනව නම් ඒවත් අර පොතට add කර ගන්න.
මම papers ලියන්න එහෙම Centre එකට යන එන ගමන් ඕක විතරයි බැලුවෙ අන්තිම කාලෙදි.පොතත් පොඩි නිසා bus එකේදි උනත් ඕනි නම් බලන්න පුලුවන්.
අන්තිම කාලෙදි සමහරු අහන්නෙ සමීකරණ එක තැනකට ගත්ත short note තියනවද කියල...මේක අන්න ඒ වගේ එකක්.
අනික ඒක එක පාරක් බැලුවම Theory points ,Formulae ඔක්කොම මතක් වෙනවා.මොකද ඒක ඔයා තනියම හදපු එකක්නෙ.වෙන කෙනෙක් හදපු එකක් copy කරල ලිව්වා කියල ඔයාට මතක හිටින්නේ නෑ.😒
ඔයා ම තනියම මහන්සි වෙලා හදන තරමට තමයි ඔයාට මතක හිටින්නේ.😌
ඒ නිසා මේක තනියම හදන්න.ඔයාට පුලුවන් විදිහට,ඔයාට බලන්න ආස හිතෙන විදිහට.🤭
ඔය විදිහට යාන්ත්‍ර විද්‍යාවට වගේ try කරල බලන්නකො.
කැමති නම් ඔයා හදන concept note එක මටත් එවන්න.(@Gwen_0915)
මම හොද ඒව තිබ්බොත් අනිත් අයවත් inspire වෙන්න channel එකෙත් දාන්නම්.🥰❤️
මම මුලින්ම අර බාගෙට දන්නවනම් අමතක කරන්න කිව්වෙ සමහර වෙලාවට එහෙම පාඩම් වල concept maps හදන කොට කලින් ඉගෙන ගත්ත වෙන වෙන සමීකරණ එහෙමත් මතක් වෙලා salad වෙනවා.😶‍🌫️
ඒ නිසා freshly ඉගෙනගන්න විදිහට ඔලුව clear කර ගත්තම උගන්වන එකත් හොදටම ඔලුවට යනවා.
Sorry වෙන්න ඕනි මේක දාන්න ටිකක් පරක්කු උනාට🥲
Papers කරන විදිහ ගැන වෙන article එකකින් කියන්නම්.මුලින් theory ටික ඉගෙනගෙන ඉන්න ඕනිනෙ.
ඊලඟට ඕනි Bio ගැනද? Chemistry ගැනද?😁

|Gwen Notes|

01 Jan, 06:32


ගොඩක් අය inbox අහල තිබ්බ revision clz යන ලමයෙක් වැඩ කරන්නෙ කොහොමද කියල🫠
අද හෝ හෙට ඒ ගැන post එකක් දාන්නම්❤️

ඉස්සරහට channel එකේ notes වලට වඩා ඔයාලට පාඩම් වැඩ වලට උදව් වෙන්න පුලුවන් විදිහෙ articles වගේ ඒව දාන්නම් මම වැඩ කරපු විදිහ එහෙම දාලා🙈

එහෙම හොඳයි නේද?
ඔයාලගෙ අදහසක් දාල තියෙන්න.


දැනට chemistry ගැන නම්
https://t.me/ECHEM_Feedback_2024/11146
මේක කියවල බලන්නකො

|Gwen Notes|

12 Dec, 11:31


Trust the Process🤍
Believe in yourself💫

අපි හැමෝටම පුලුවන්🙈❤️

|Gwen Notes|

10 Dec, 14:07


Physics practicals ඔක්කොගේම complete notes මෙතන තියනවා🌝
Personally මේ දවස් වල මමත් කරන්නෙ මේ ටික බල බල අනුරාධ sirගෙ note එකෙයි මම හදාගත්ත notes වලයි තියන special points add කරගන්න ගමන් ඒ ඒ practical එකට අදාළ past papers කරන එක.
කැමති අය ඒ විදිහට කරල බලන්න🤭❤️

Full Credits ;
Science society of Mahinda College,Galle

|Gwen Notes|

07 Dec, 17:02


|Gwen Notes| pinned «Physics Practical Notes All In One 🔻මිනුම් උපකරණ 01.වර්නියර් කැලිපරය 02.මයික්‍රො මීටර් ස්කුරුප්පු ආමානය 03.ගෝලමානය 04.චල අණ්වීක්ෂය 🔻යාන්ත්‍ර විද්‍යාව 05.ඝූර්ණ මූලධර්මය 06.බල සමාන්තරාස්‍ර නියමය 07.U නලයක් භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම 08.හෙයාර්…»

|Gwen Notes|

07 Dec, 17:02


මෙතන නැති practicals ඔක්කොගේම notes මේ සතිය ඇතුළත complete කරල දෙන්නම්❤️

#A1200කට

|Gwen Notes|

07 Dec, 17:01


Physics Practical Notes All In One

🔻මිනුම් උපකරණ
01.වර්නියර් කැලිපරය
02.මයික්‍රො මීටර් ස්කුරුප්පු ආමානය
03.ගෝලමානය
04.චල අණ්වීක්ෂය

🔻යාන්ත්‍ර විද්‍යාව
05.ඝූර්ණ මූලධර්මය
06.බල සමාන්තරාස්‍ර නියමය
07.U නලයක් භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම
08.හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම
09බර යෙදූ පරීක්ෂණ නළයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම

🔻දෝලන හා තරංග
10.සරල අවලම්බයක් භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම
12,13.ධ්වනිමානය

🔻ආලෝකය
17,18.ප්‍රිස්ම සම්බන්ධ ප්‍රායෝගික පරීක්ෂණ
19,20.වර්ණාවලීමානය
21.උත්තල හා අවතල කාච වල නාභීය දුර සෙවීම

🔻තාපය
22.බොයිල් නියමය සත්‍යාපනය
23.චාල්ස් නියමය සත්‍යාපනය
24.නියත පරිමාවේදී වායුවක පීඩනය හා නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධය(Practical Night note)
25.මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම
26.සිසිලන නියමයෙන් ද්‍රවයක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම(Practical Night note)
27.මිශ්‍රණ ක්‍රමයෙන් අයිස් වල විලයනයේ ගුප්ත තාපය සෙවීම
28.මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණ ගුප්ත තාපය සෙවීම

🔻ධාරා විද්‍යුතය
31.වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ විද්‍යුත් ගාමක බලය සෙවීම
32.මීටර් සේතුව භාවිතයෙන් ලෝහයක ප්‍රතිරෝධයේ උෂ්ණත්වය සංගුණකය සෙවීම
33,34.විභවමානය
*විවිධ ස්විච වර්ග

🔻පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
38.කම්බියක ආකාරයෙන් ඇති ලෝහයක (වානේ) යං මාපාංකය සෙවීම
42.ජෙගර් ක්‍රමයෙන් ජලයේ පෘෂ්ඨික ආතතිය සෙවීම

@GwenNotes |©2023

|Gwen Notes|

07 Dec, 15:12


කලින් දාපු marking එක delete කරා ළමයී....
Sir youtube video එකත් එක්කම අද රෑ වෙද්දි ඒක publish කරයි.

Fake එකක් නෙමෙයි හරිද දැම්මෙ😒👍

Sorry for the inconvenience caused

-Gwen Notes

|Gwen Notes|

03 Dec, 04:40


ප්‍රශ්න තියනද ප්‍රශ්න?😏😂

අහගන්න මොනව හරි තියනව නම් මේ msg එකට comment එකක් විදිහට දාන්න.🌝
Inbox අහල තිබ්බ අයත් මේකටම දාල තියන්න.

මටත් වෙලාව තියන විදිහට මම දන්න ඒව නම් කියල දෙන්නම්😒

|Gwen Notes|

02 Dec, 04:35


පරිසර දූෂණය🍃

විවිධ අවස්ථා වලට හේතු වන වායු


#Just_a_page

|Gwen Notes|

02 Dec, 01:49


Channel එකේ තියන පරණ notes ටිකක් එක තැනකට ගත්තා...🌟

🔻Key Notes Series

|Inorganic Chemistry|
>S ගොනුව
>13,14 කාණ්ඩ
>15 කාණ්ඩය
>16 කාණ්ඩය
>17,18 කාණ්ඩ

🔻Special Notes

>බන්ධන දිග විචලනය
>D ගොනුවේ මූලද්‍රව්‍ය වල ප්‍රයෝජන

🔻Short Notes

>කැටායන විශ්ලේෂණය
>D ගොනුව
>එන්තැල්පි අර්ථදැක්වීම්

🔻MCQ points

>පරමාණුක ව්‍යුහය හා හයිඩ්‍රජන් වර්ණාවලි
>පදාර්ථයේ වායු අවස්ථාව
>චාලක රසායනය

ඔ‍ය links touch කලාම ඒව ගන්න පුලුවන්🙊

-Gwen

|Gwen Notes|

30 Nov, 03:55


කලින් දාපු quiz එකක තිබ්බ point එකක් ගැන.

ඒක මම ගත්තෙ ETP 04 එකේ 32 ප්‍රශ්නෙන්.
Review එකේ තිබ්බ විදිහ හරි කියල අරගෙන.
හැබැයි මෙහෙම තමයි වෙන්න ඕනි.
ඒක ටිකක් controversial නිසා මම ඒ quiz poll එක අයින් කරා.ඒක කරපු හැමෝම මේක පොඩ්ඩක් බලන්න.
Paper එකේ ප්‍රශ්නෙත් ආයිත් බලන්න.

|Gwen Notes|

29 Nov, 17:00


Correction
*ඔක්සිහරණය වේ.

|Gwen Notes|

29 Nov, 15:03


අද organic revise කරපු ළමයි🌝

මම note කරපු points වගයක් තියනවා.ඒ ටික quiz විදිහට දාන්නද ඔයාල කරනවද?

කරනව නම් විතරක් දාන්නම්.මම කලින් channel එකේ quiz දාල නෑනෙ එකයි
🙈

|Gwen Notes|

28 Nov, 11:25


කලින් මම channel එකේ දාපු අනුමාපන වක්‍ර(titration curves) වල summary එකේ වෙන්න ඕනි පොඩි correction එකක්.

මේකෙ තියන විදිහට,
දුබල අම්ල - ප්‍රබල භෂ්ම
ප්‍රබල අම්ල - දුබල භෂ්ම
කියන වක්‍ර වල පටන් ගන්න / ඉවර වෙන තැන් වල පොඩි වක්‍ර ගතියක් තියනවා.
ඒක මේකෙන් බලල idea එකක් ගන්න.අර විදිහට ඇන්දට වැරදි දාන්නෙ නම් නැති වෙයි මොකද අපිට ඒ වක්‍ර ගැන detailed ඉගෙන ගන්න නෑ.
ඒත් හරිම එක තමයි මේක.ඒකයි correction එකක් විදිහට වෙනමම දාන්නෙ.

(දුබල අම්ල දුබල භෂ්ම අනුමාපන වක්‍ර අපිට නෑ)

|Gwen Notes|

27 Nov, 06:12


Organic explanations pdf එකේ ප්‍රශ්න 22න් ඕනිම ප්‍රශ්න ටික මොනවද කියල මේ message එකට reply එකක් විදිහට දාල තියන්න.
වෙලාව තියන විදිහට දාන්නම්.

හැබැයි අනිවාර්යයෙන්ම දාන්න පුලුවන් වෙයිද කියල sure නෑ හොඳේ🥲

PS: MCQ Day එකේ note නම් නෑ.මම ඒකට ගියෙ නෑ😒

|Gwen Notes|

09 Nov, 12:42


🔻pH ප්‍රශ්න වල pH හොයන ක්‍රම 5
🔻අනුමාපන වක්‍ර සම්බන්ධ සාරාංශය


අද paper discussion එකේදි කතා කරපු pH ප්‍රශ්නෙ වගේ ප්‍රශ්නෙකට උදව්වක් වෙයි🙈🌟

(කලින් ලියපු ඒත් දාන්න බැරි වෙච්ච ඒවා බව කරුණාවෙන් සළකන්න😪)

|Gwen Notes|

04 Nov, 09:02


Industries All in One

ඕනි අය ඉන්නවනම් ප්‍රයෝජනයක් ගන්න පුලුවන්❤️


සමහර විට මෙතනින් එහාට channel එකේ notes වැටෙන එකක් නෑ....
තියන ටිකෙන් වැඩක් ගන්න🔥💫

|Gwen Notes|

19 Oct, 04:10


චාලක රසායනයට ඕන කරන ඔක්කොම💐

🔻Short Note එකක් ඉල්ලපු අයටත්
🔻Past papers විවරණයක් ඉල්ලපු අයටත් ගිය අවුරුද්දෙ ලියපු දෙකක් දාල තියෙනවා🌝

🔻මේ අවුරුද්දෙ ලියපු MCQ Points ටික අන්තිම PDF එකේ තියනවා.

PDF format එකෙන් දැම්මෙ ලේසියෙන් ආයි හොයාගන්න පුලුවන් නිසා❤️

@GwenNotes|©2024♡°•

|Gwen Notes|

18 Oct, 18:36


Midnight special point
+
Structured Essay Analysis ❤️

හෙට උදේට චාලක රසායනය MCQ Points ටික දාන්නම්🌝

|Gwen Notes|

16 Oct, 06:35


චාලක රසායනයට MCQ Points ද එහෙම නැත්නම් Past papers MCQ විවරණයක් ද වැඩියෙන් ම ඕන?


විවරණයෙනුත් theory points revise කරගන්න පුළුවන් ඉතින්😌