KARAPOTHUS SL @krapothus_sl Channel on Telegram

KARAPOTHUS SL

@krapothus_sl


Join Our Channel and Share this channel with others

සතුටින් විනෝදයෙන් දැනුම සොයා යන්න අදම අපේ චැනල් එකත් එක්ක එකතු වෙන්න 💪👍

For cross promotion - @Karapotus

For Buy Ads - https://telega.io/c/krapothus_sl

KARAPOTHUS SL (Sinhala)

කාරාපෝතුස් එසඇල් සිංහල භාෂාවෙන් එය අලුත් ස්ත්‍රීප්ල් සහ විනෝදය සංවර්ධනය කරයි. එය ඔබේ චැනල් එකට එක් කරගන්න යන්න ඉන්දියානු මන්ත්‍රීන්ගේ සම්බන්ධ වන අතර අපගේ හොදටම දැක්ම විනෝද ප්‍රසිද්ධ කරන්න. ආයතනවල මෙම චැනල් පිළිබඳ එදා අපගේ චැනල් එකත් වෙන්න.

KARAPOTHUS SL

25 Apr, 06:41


Laser යන වචනය Light Amplification by Stimulated Emission of Radiation යන්නේ කෙටි යෙදුමයි.

අදම මේ ගැන දැනගත්ත අය කවුද

KARAPOTHUS SL

24 Apr, 08:36


බයිබලයේ සඳහන් නොවන එකම හීලෑ සතා වනුයේ බළලාය.

KARAPOTHUS SL

23 Apr, 04:02


1990 වර්ෂයේ ඔක්තෝම්බර් මස 13 වන දින පැවති ක්‍රිකට් තරඟයකදී හැරී චැප්මන් නම් පිතිකරුවා එක් පන්දුවකට ලකුණු 17 ක් ලබා ගන්නා ලදී. ඒ පන්දුව උස් තනගොල්ලමත වැටී එක්වරම සොයාගැනීමට නොහැකි වීම හේතුවෙනි.

බෝලෙ නැති කරාම ඌව අව්ට් කරන අපි

KARAPOTHUS SL

22 Apr, 01:26


මෙයට වසර 4000 කට විතර කලින් පුරාන බැබලෝනියාවේ විවාහ උත්සවයකට පසු මනාලියගේ පියා විසින් මනාලයාට මාසයක් යනතුරු බීම සඳහා මීපැනි වලින් බීර සැපයිය යුතු වේ එම ශිෂ්ඨාචාරයේ චන්ද්‍ර මාස ක්‍රමය භාවිතා වූ නිසා මේ සමය Honey Moon 🌝 නමින් හඳුන්වන ලදී.

ම්ම් ඇතියන්තං ඒකත් දැනගත්තා

KARAPOTHUS SL

21 Apr, 11:22


Titanic නැව මුහුදු බත්වීමට ඉතාමත්ම ආසන්න සිදුවීමක් මෝගන් රොබට්සන් නම් නවකතාකරුවා ඊට වසර දාහතරකට පමණ පෙර තම එක් නවකතාවක විස්තර කර තිබුණි. මනක්කල්පිත නැවේ නම ටයිටන් ලෙස ඔහු හඳුන්වා ඇත.

KARAPOTHUS SL

21 Apr, 05:02


සාමාන්‍යයෙන් ආහාරවලට මුසුකරන සාදික්කා,තෙල් බවට පත්කර නහරගත කළහොත් එය මාරාන්තික ස්වභාවයේ විස ශරීරගත කිරීමක් බවට පත්වෙනවා .

නිවසේදී අත්හදා බැලීමෙන් වළකින්න 🙃😉

KARAPOTHUS SL

20 Apr, 11:32


ජූලියස් සීසර් තම ඉදිරිපස තට්ටය වසාගැනීම පිණිස “ලෝරල්” නම් ශාකයේ පත්‍රවලින් තැනූ කරුලක් පැළඳීමට පුරුදුව සිටියේය.

වැඩ දොලහ ඉවරකරාම පප්පලට දෙනව කියල කිව්වේ ඒ ඔටුන්න නේද ?

KARAPOTHUS SL

20 Apr, 03:02


කෝපි කෝප්පයක රසායනික ද්‍රව්‍ය ප්‍රභේද 1000 ට වඩා ඇත මෙයින් රසායනික ද්‍රව්‍ය 26 ක් ගැන පරික්ෂණ පවත්වා ඇති අතර එම පරීක්ෂණ සඳහා යොදාගත් මීයන්ගෙන් අඩත් පිළිකා වලින් මිය යන ලදී!

KARAPOTHUS SL

19 Apr, 10:02


වේයා සංගීතයට ප්‍රතිචාර දක්වන සතෙකි ඔබ උස් හඬින් සංගීතය සැපයුවහොත් වේයා ඔබේ නිවස දෙගුණයක් වේගයෙන් කා දමයි.

KARAPOTHUS SL

19 Apr, 05:02


නවසීලන්ත රග්බි කණ්ඩායම හඳුන්වන "All Blacks"
යන නාමය මුලින්ම මුද්‍රණ දෝෂයක් නිසා භාවිතයට පැමිණියකි.

KARAPOTHUS SL

19 Apr, 00:59


පුරාතන රෝමයේ දිවුරුමකදී දිවුරුම දෙන්නාගේ දකුණු අත වෘෂණ කෝෂ මත තබා දිවුරුම් දෙන ලදී දිවුරුම් දීම සඳහා භාවිතා වන Testimony ඉංග්‍රීසි වචනය සෑදී ඇත්තේද මෙම සම්ප්‍රදාය නිසාය.

දැනුත් තිබුනොතින් කොහොමද

KARAPOTHUS SL

14 Apr, 09:56


ලෝකයේ වඩාත්ම මිල අධික දැව අපිකානු බ්ලැක්වුඩ් වන අතර එය අතිශයින් දුර්ලභ ය. මෙම දැවයේ මිල කිලෝග්රෑමයක් ඩොලර් 9000 ක් වන අතර මෙම ගස වර්ධනය වීමට වසර 50 ක් පමණ ගත වේ.

KARAPOTHUS SL

13 Apr, 15:50


ඔබ සැමට සාමය සතුට පිරි සෞභාග්‍යමත් නව වසරක් වේවා !!

KARAPOTHUS SL

KARAPOTHUS SL

13 Apr, 07:17


අලුත් අවුරුද්දේ නෑයන්, අසල්වාසින් සහ මිතුරන් බැහැ දැකීමට යන ඔබට,

🌻 ඒ ගෙවල් වල වයස 10 සම්පූර්ණ වූ දරුවාගේ ශිෂ්‍යත්ව ලකුණු ඔබට වැඩක් නැත.

🌻ඒ ගෙවල් වල ළමයින්ගේ ඕලෙවල් ඒලෙවල් හෝ පන්තියේ වෙනියා ආදිය ඔබට අදාළ නැත.

🌻ඒ ගෙවල් වල ළමයි විශ්ව විද්‍යාලයේ යාම හෝ රැකියාවට යාම හෝ රැකියාව සමඟ උසස් අධ්‍යාපනයේ යෙදේද, නොයෙදේද යන්න පිළිබඳ ඔබ වෙහෙසිය යුතු නැත.

🌻ඒ ගෙවල් වල 18 ට වැඩි දරුවන් විවාහ කරවීම සහ 30 ට වැඩි තරුණ තරුණියන් කාගේ හෝ ඇඟේ ගැසීම ඔබට පැවරී නැත.

🌻 බිඳුණු විවාහයන් හෝ ප්‍රේම සම්බන්ධතා ගැන ඔබේ ගුරුහරුකම් අසා සිටීමට ඔවුන් සූදානම් නැත.

🌻 විවාහ වූ අය දරුවන් හදන දවස ගැන ඔබ දැනගත යුතු නැත.

🌻 අලුත උපන් දරුවන්ගේ මුහුණ කට නාසයේ ස්වභාවය, පියාගේ ස්වරූපය හා මවගේ ස්වරූපය අතර ඇති සම්බන්ධය, දරුවාගෙ බර සහ මවගේ කිරි අතර සම්බන්ධය ගැන ඔබ වද විය යුතු නැත.

🌻 ඔවුන්ගේ පළවන ළමයාට සෙල්ලම් කිරීමට, තව ළමයි අවශ්‍යද නැද්ද යන්න ඔබ විසින් තීරණය කළ යුතු නැත.

🌻 ඒ ළමයි අධ්‍යාපනය ලබන ආකාරය පිළිබඳ ඔබගේ සහය ඉල්ලා නොසිටියේ නම් ඔබ ඔවුන්ට බලහත්කාරයෙන් උදව් කළ යුතු නැත.

🌻 ඔවුන්ගේ නිවෙස් වල සිටින සුරතලුන් එම නිවෙස් වල කරන ක්‍රියාවන් කෙරෙහි ඔබේ අදහස ඔවුන්ට ප්‍රකාශ කිරීම ඔවුන්ට හෝ සුරතලාට අවශ්‍ය නැත.
ඔබ එහි යන්නේ වසරකට එක සැරයක් හෝ දෙසැරයක් වන අතර, ඔවුන් ඒ නිවසේ ජීවිත කාලයම සිටියි.

🌻 එම නිවෙස් අවුරුද්දට, අස් කර ඇති ප්‍රමාණය, එම නිවසේ මකුළු දැල් වලට සාපේක්ෂව බිරිඳගේ දායකත්වය ගැන නැන්දම්මාට,මවට හෝ සැමියාට උපදෙස් දීමට ඔබ අවශ්‍ය නැත.

🌻 ඔබ යන නිවෙස් වල ගැහැනුන්ගේ බර, මහත, කෙට්ටු වීම්, සිරුරු ලප හෝ ශාරීරික කාරණා පිළිබඳව ඔබගෙන් උපදෙසක් නොවිමසන්නේ නම් ඒසඳහා ඔබ උපදෙස් දිය යුතු නැත.

ඉතින් මේ කරුණු හැර ඔබට කතා කිරීමට කිසිවක් නැතිද...?

ඔයාලට පුළුවන්...
අවුරුදු ගණනාවක් පුරා ( ආසන්න වශයෙන් වසර හැත්තෑ පහකට එහා කාලයක් ) ඔයාලා අතින් වෙච්ච පරමාධිපත්‍යයේ වැරැද්ද නිවැරදි කරගන්න පුළුවන්ද කියලා මේ පාර කතා කරන්න.

ඔයාලට පුළුවන් රස කෑම වර්ග ගැන, සත්තු ගැන, චිත්‍රපටි, අලුත් ව්‍යාපාරික අදහස්, සහ නව සොයාගැනීම් ගැන කරන්න.

මොකුත්ම කතා කතාකරන්න දෙයක් නැත්තං, දෙන දෙයක් කාල බීල කට පුප වහං හොද හිත රැකං, ඊළඟ අවුරුද්දෙත් එන්නන් කියල, සුබ පතල හිමිහිට ගෙදර එන්න..

KARAPOTHUS SL

07 Apr, 15:25


රිය පැදවීමේදී විද්‍යුත් වාහන ආරෝපණය කිරීමට ලොව ස්ථිර විද්‍යුත් මාර්ගය ස්වීඩනයේ විවෘතකර තිබෙනවා.

KARAPOTHUS SL

07 Apr, 13:14


KARAPOTHUS SL pinned Deleted message

KARAPOTHUS SL

07 Apr, 13:11


පහුගිය මාස පහ පුරාවටම ඔයාලා දන්නවා ඇති Voyager 1 යානාවෙන් ලැබෙන දත්ත විකෘති වෙලා ලැබෙන්නේ කියලාට මේ පිළිබඳව පරීක්ෂණ කරලා දැන් NASA එක හොයාගෙන තියෙනවා මේ විදිහට මේ සංඥා වෙනස් වෙන්න හේතු වෙලා තියෙන්නේ මේ යානයේ තියෙන FDS පද්ධතියේ තියෙන දෝෂයක් නිසා කියලා. ඉතින් මේ දෝෂය ඇතිවෙන්න ප්‍රධාන විදිහටම හේතු වෙන්න ඇත්තේ එක්කෝ මොකක් හරි ග්‍රාහක කැබැල්ලක් මේකේ දත්ත තැන්පත් කරන චිපේ ගැටිලා ඒ චිප් එකට හානි වෙන එක හරි නැත්නම් අවුරුදු 46 ක් පැරණි මේ යානයේ මේ චිප් එක නරක් වෙලා තියෙන්න පුළුවන් නිසා හරි කියලා .

© KARAPOTHUS SL

KARAPOTHUS SL

06 Apr, 13:05


ඉන්දියානුවෝ දෙසැම්බර් 22 වැනිදා ට යෙදී තිබූ ඔහුගේ ජන්ම දිනය මෙවර ද මහ ඉහළින් සමරති. ඔහු වෙනුවෙන් ගණිත තරග පවත්වති. සමරු ප්‍රදර්ශන පවත්වති. තැපැල් මුද්දර ද නිකුත් කරති. නමුත් මේ ලෝකයට එක් ප්‍රධාන දෙයක් සහමුලින්ම අමතක වී තිබේ. ඔහුගේ ජීවිතය දෝලනය වූ මදුරාසිය, කුම්බකෝනම් සහ ඉන්දියාවේ අදටත් ශ්‍රී නිවාස වැනි දරුවෝ අත්‍යන්ත දුප්පත්කමෙන් සිඟා කති. ශ්‍රීනිවාස රාමනුජන්ලා මේ ලෝකයට අකාලයේ අහිමි කරන දුප්පත්කම, සාගින්න තුරන් කළ හැකි නම්, එය ඔහුට පිදෙන සැබෑ උපහාරයයි.

'The man who knew infinity' ‘‘අනන්තය දැන සිටි මිනිසා‘‘.

මේ අද වන විට ශ්‍රීනිවාස රාමනුජන් හැඳින්වීමට යොදන අන්වර්ථ නාමයයි. ශ්‍රීනිවාස සැබවින්ම අනන්තයන් දෙකක් ගැන දැන සිටියේය.

එකක් නම් ගණිතමය ලෝකයේ අනන්තයයි. අනෙක නම් දුප්පත්කමේ සහ සාගින්නේ අනන්තයයි...


End .

KARAPOTHUS SL

06 Apr, 11:08


අවසානයේ තමන්ට ආලෝකයක් පෙන්වූ දුප්පත් නගරය කුම්බකෝනම් වෙත ම යන ශ්‍රීනිවාස රාමනුජන් වයස අවුරුදු 32 දී අවසන් හුස්ම හෙළන විට ක්ෂය රෝගය විසින් පෙණහළු ද අඩපණ කර තිබිණි.

ඒ 20 වන සියවසේදී සෞඛ්‍ය සේවය ලෝකයේ මේ තරම් දියුනු නොවූ නිසා මේ මහා ගණිතඥයා අපට අහිමි වූවා යැයි ඔබට කියන්නට පුළුවන. නමුත්.. සිතා බලන්න. වයස 32 ක් පමණක් ජීවත් වූ, වයස 64 ක් ජීවත් වූවාටත් වඩා මහා වැඩ කොටසක් ලෝකය වෙනුවෙන් කළ මේ විරල - කෙසඟ ප්‍රාඥයා අකාලයේ ගොදුරු කර ගත් නිදන්ගත රෝගය අන් කිසිවක් නොව, අත්‍යන්ත දුප්පත් කමයි.

4,003

subscribers

823

photos

96

videos