පෞද්ගලික පරිගණක ජාලයක් (Private Computer Network) නම් අපිට ඕනෙම ip address එකක් දෙන්න පුලුවන් නේ.
හැබැයි අපි දන්නවා අන්තර්ජාලයේ තියන හැම Computer එකකටම අනන්‍ය වුනු ip address එකක් තියනවා. ඉතින් අර වගේ Private Computer Network එකක් Internet එකට සම්බන්ධ කරනකොට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක නිසා IANA – Internet Assigned Numbers Authority එකෙන් පෞද්ගලික පරිගණක ජාල වලට ලිපින පරාසයන් කිහිපයක් වෙන් කරල දීල තියනවා. යට තියෙන්නෙ ඒ ටික.
Class A = 10.0.0.0 – 10.255.255.255
Class B = 172.16.0.0 – 172.31.255.255
Class C = 192.168.0.0 – 192.168.255.255
©ICT Sinhala
Read full article - https://ict-sinhala.com/ip-addressing-for-subnetting-sinhala/
#ipaddressing