❤️ හීන ජයගමු 🎓 @ghinkk Channel on Telegram

❤️ හීන ජයගමු 🎓

@ghinkk


👩‍🎓👨‍🎓ඔයාලගේ හීන, targets ජය ගන්න අපිත් එක්ක එකතු වෙන්න. මහන්සි වෙලා වැඩ කරමු.✍️
(ඉගෙන ගන්න උනන්දුවක් ඇති අයට පමණි)

🎓 Motivation photos
🎓 Motivation videos
🎓 University dream photos,videos
🎓 Study tips

😊ආසාවෙන් පාඩම් කරමු..📚

❤️ හීන ජයගමු 🎓 (Sinhala)

හීන ජයගමු හර්යාවෙහේ පමණි. ඔයාලගේ හීන, targets ජය ගන්න අපිත් එක්ක එකතු වෙන්න. මහන්සි වෙලා වැඩ කරමු. ඔයාලට උදානක් තියෙන්නෙක් අවශ්‍ය නැති තැන්පතට පමණි. ඔබට පිළිබද ප්‍රගති වන අයට ඉගෙන ගන්න උනන්දුවක් ඇති අවශ්‍යයි.

සිත් රටහැඟීම, පහලින් උත්සහා කරන්නෙක්, නිහාල් හා වේණා පොතේදී දැක්කා කියමින් විශ්වාවිනී පාඩම්කරමු. ආසාවෙන් පාඩම් කරමු හුකුම් පැදුර පහසුම් හා විදුහල් විශ්වාවිනී කතා කරමු. හිතකර අනිවාර්ය ගිල්ලක් ලබාදෙන හැටි හීන ජයගමු ටෙලිග්‍රෑම් චැනලයෙන් ඔබට දැනෙනවා වේ. අපිව හැම අයටම හැකියාව එකතු වෙනවා.

❤️ හීන ජයගමු 🎓

10 Feb, 15:16


කෙල්ලනේ, කොල්ලනේ.

පටන් ගනින් , ජීවිතේ තියෙන පහළම තැනින් .
මොකද එතකොට උඹට ආයෙ වැටෙන්න කියලා තැනක් නැහැ.

පටන් ගන්න පුළුවන් පුන්චිම තැනින් පටන් අරගන්න.
එතනින් යන්න පුළුවන් ඉහළම තැනට යන්න උත්සාහ කරන්න .

එහෙම කියන්න හේතුව මොකද්ද දන්නවද??😌

ඔයා පුංචිම තැනින් පටන් ගන්න නිසා ,ඔයා වැටෙන්නේ නැහැ.වැටුණත් ඔයා නැගිටින්න දන්නවා .මොකද ආරම්භය පහලම තැන නිසා .
ඒ වගේම ඔයාට ඉහළටම යන්න තියෙන ලොකු බලාපොරොත්තුව නිසා ඔයා අතරමඟ නවතින්නේ නැහැ.
ආරම්භ කරන්න දෙය මොන බාධක හමුවේ හරි නොසැලි දිගටම කරගෙන යනවා.

ඒ මොකද??
💚 ඔයාගේ අරමුණ ශක්තිමත් 💜.

සාර්ථකත්වයේ රහස තියෙන්නෙ මෙන්න මෙතන.

මේ ඇත්ත කෙනෙක්ගෙ තේරුම් ගන්නත් දෙතුන් පාරක් වරදින්නම වෙනවා .

ජීවිතයට අත්දැකීම් ගොඩක් ගන්නම වෙනවා.

ඒ නිසා මේ ජීවිතයේ යථාර්ථය තේරුම් අරගෙන ,ඔයාගේ බඳුන හිස් කරගෙන මුල ඉදන් පුරවන්න පටන් අරගන්න .

මොකද කිව්වොත් පන්ඩිතයට දෙයක් උගන්වන එක ,මෝඩයා ට ඒ දේ උගන්වනවාට වඩා ගොඩක් අමාරුයි .

ඒක නිසා පණ්ඩිතයෙක් නොවී,ඔයාගේ බදුන හිස් කරගෙන , මුල ඉඳන් පුරවන්න පටන් ගන්න.


🎉🎉🎉🎉🎉🎉🎉

✍️...

❤️ හීන ජයගමු 🎓

09 Feb, 15:31


🤍💐

❤️ හීන ජයගමු 🎓

08 Feb, 02:05


අද දවස ඔයාගේ ජීවිතේ ට ලැබුණු වටිනාම ත්‍යාගයයි ! ඒ අපූරු දවස සතුටින් පටන් ගන්නට
ආදරණීය ස්වයං යෝජනා....!!

දන්නවද ස්වයං යෝජනා කියලා කියන්නේ ඔයාගේ දවස පටන් ගන්න අපූරු ක්‍රමයක් ! දවසම සතුටෙන් පිරෙන්නට වගේම දවසම සාර්ථක වෙන්නට උදෑසන මේ විදියට ධනාත්මකව පටන් ගන්න !ධනාත්මක වචන එක්ක ධනාත්මක සිතුවිලි ඔයාගේ උදෑසනට එකතු කරගන්න...🍓❤️

- Gumiho's Diary -

❤️ හීන ජයගමු 🎓

07 Feb, 05:25


උබලව වටිටන්න කට්ටිය බලනවා ඇති කවදාවත් වැටෙන්න ලෑස්ති වෙන්න එපා සහෝදරයා ඔයා වැටෙන්න වැටෙන්න එවුන් ශක්තිමත් වෙනවා

නිශ්ශබ්ද ව උබේ වැඩේ කරපන් ප්‍රතිඵල එද්දී උබව වට්ටන්න හදපු එවුන් බය වෙන්න මහන්සී වෙයන්

මහන්සී වෙන්න වෙන්න ප්‍රතිඵල වැඩි එක එක බොරු හේතු හදලා උබව වට්ටයි ඒත් උබ කවදාවත් වැටෙන්න කැමති නෑ කියලා මම දන්නවා

තමාගේ හර්දසාක්ශියට හැමදාමත් අවනත වෙන්න

Good Luck 😎😇

❤️ හීන ජයගමු 🎓

06 Feb, 00:53


# ගණුදෙනුව......🧠👉🏻ගිය අය ආයේ එන්නෑ.ඔයා ඔයාගෙ ගමන යන්න👌....🫀👉🏻 නෑ එයා කවදමහරි ඒවී මට විශ්වාසයි...🧠👉🏻ඔයා මානසික ලෙඩෙක් ඇත්තටම😒...🫀👉🏻මන් මේ තත්වෙට එන්නෑ ඔයා එදා හිතුවනම්..ඔයයි වැරදි....🧠👉🏻මට වැරද්ද කියන එකද මෙතන වෙන්න ඕනි😔ඔයයි එයාව ඕනිමයි කිව්වේ...🫀👉🏻ආයෙමත් යන්න ඇත්තම් ඒ අතීතෙට👌...🧠👉🏻ආයෙ යන්නෙපා ඒ අතීතෙට.මොකද අතීතෙ කියන්නෙ ගෙවිලා ඉවර උන දෙයක්.යන්න අනාගතේට🙂🤟....🫀👉🏻විශ්වාසයිද ලස්සන අනාගතයක් මට තියෙයි කියලා....🧠👉🏻ඒක මට කියන්න බෑ. ඒත් ඒක ලස්සන කරගන්න පුලුවන් ඔයාට.උත්සහ කරොත් බැරි නෑ....🫀👉🏻මන් උත්සහ කරන්නම්.ඒත් අමාරුයිනේ😔....🧠👉🏻ගඟක් උනත් ලස්සන බාධක මැදින් ගලනකොට👌.....🫀👉🏻හ්ම්ම්..ඒක ඇත්ත තමයි ඒත්...🧠👉🏻හැබැයි තව දෙයක් යනවනම් ඉස්සරහට අනේ පිංසිද්ධ වෙයි පොඩ්ඩක් ඇත්තන් උණුවෙන ඔයාගෙ පපුව තියලා යන්න.ඔයාගෙ ගමන් හෙන ගැහුවත් දරාගන්න පුලුවන් වෙන තරමට....

From Devindi_

❤️ හීන ජයගමු 🎓

04 Feb, 23:44


සමහර වෙලාවට ශක්තිමත්ව ඉන්නවා කියලා හිතාගෙන හිටියත් එකපාරටම කඩන් වැටෙනවා...
සමහර වෙලාවට ආයෙත් ඒ ගැන දුක් වෙන්නෙ නෑ කියලා හිතන් හිටියට එක පාරටම දුක අපිව පරද්දන්න එනවා...🥺❤️‍🩹

දන්නවද අන්න ඒ මොහොතටයි අපි මුහුණ දෙන්න ඕන අපේ ජීවිතවල...
දරන්න බැරිම වෙලාවේ..

*තමන් වෙනුවෙන් දරා ගන්න එක තමයි මනුස්සයෙක් විදිහට තමන්ට තමන් වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දේ ❤️ !!!*

- Gumiho's Diary -

❤️ හීන ජයගමු 🎓

04 Feb, 13:15


🥰මචන් කෝමද ඉතින්.ඔන්න මේ කියන්න යන්නේ ඔයාගෙ තරහාකාරයන්ට React කරන්නෙ කෝමද කියලා ගොඩක් වැදගත් කරුණු ටිකක්👊

*🥰පලවෙනි එක.🥰*
උන්ව ගනන් ගන්නෙ නැතුව ඉඳාන්.👊
මේක කියන්නම් ලේසී.ඒත් කරන්නනම් ඉතින් ටිකක් අමාරුයි.🙂
නමුත් අමාරුයි කියන්නෙ බෑ කියන එක නෙවේනෙ බං.😇
ගනන් ගන්න එපා කියන එක නිකන් මෙහෙම හිතපන්කො.👊ඔන්න දැන් උඹ ගෙදර දොර,ජනෙල් ටික වහගෙන තඩි බත් පිඟානක් කකා ඉන්නවා.කවුරුහරි ඇවිල්ලා උඹේ දොරට තට්ටු කරනවා.එක්කො උඹට පුළුවන් ගිහින් පටස් ගාලා දොර අරින්න.නැත්තම් උඹට පුළුවන් ඇහුනෙ නෑ වගේ ආතල් එකේ අර බත් එක කන්න.😜👊😇
උඹ දොර වහගෙන ඉන්නකන් ඌට බෑ උඹට මොකුත් කියන්න/කරන්න.ඒ step එක් තේරුණා කියලා හිතනවා.

🥰උඹේ තරහාකාරයන්ව පරද්දන්න ඕනෙ නෑ..🥰

මචන් උඹ මේක හරියට තේරුම් ගනින්,උඹේ කකුලෙන් අදින,උඹ ඉහලට යන එක නවත්තන්න හදන තරහාකාරයො කොහොමත් ඉන්නෙ උඹට පහලින්.
ඒ නිසා වුන්ව අමුතුවෙන් පරද්දන්න දෙයකුත් නෑ.🥰👊

👊අනිත් වැදගත් දේ උඹ උඹේ තරහාකාරයන්ව පරාද කරන්න ගියොත් උන් දිනනවා.🤗
ඈහ් ඒ මොකක්ද යකූ ඒ කිව්වෙ.😜හිතපන්කො මෙහෙම උඹ උබේ තරහකාරයෙක් එක්ක හොඳටම තරහා ගිහින් ඌට පිහියකින් ඇන්නා කියලා.එතකොට ඌ ඉස්පිරිතාලෙ යයි උඹ පොලීසි යයි.ඌ හොඳ වෙලා එයි.උඹත් නිදහස් වෙලා එයි.ඒත් උඹේ නමට එකතු වෙච්ච ඒ කැලල උඹට මකන්න පුළුවන් ද?උඹට තියෙන පිලිගැනීමට එතකොට මොකක් වෙයිද?ඒකෙන් උඹේ තරහාකාරයො තව වැඩි වෙනවා මිසක් අඩු වෙයිද? ඒකයි මම උඩ් කතාව කිව්වෙ.👊🥰

🥰ඊගාව point එක.හරියට බැලුවොත් උඹට තරහාකාරයො ඉන්නවා කියන්නෙ උඹ ඇත්තටම උඹ යන ගමන සාර්ථකතකයි.🥰

ඇයි ඒම කිව්වෙ?උන් කැමති නැත්තෙ උඹ උන්ට වඩා වෙනස් දෙයක් කරන නිසා,එක්කො උන් උඹට කැමති නැත්තෙ උඹ උන්ට වඩා සතුට විඳින නිසා,උඹට උන්ට වඩා හැකියාවන් තියෙන නිසා.ඉතින් තරහාකාරයො කියන්නෙත් උඹේ ජීවිතේට හොඳ Motivation එකක්.😇🤗

🥰ඊලඟට.උඹේ තරහාකාරයන්ගෙන් ඉගෙනගනිම්.🥰
කෝමද ඒක කරන්නෙ?උන් උඹට බනිනකොට,උඹට චෝදනා කරනකොට උඹ එකපාරම react කරන්නෙ නතුව.👊😊ඒ උන් කියපු දේවල් ගැන හොඳට හිතලා බලපන්.ඇත්තටම උන් කියන වැරැද්දක් උඹ කරලද බලපන්.ඊටපස්සෙ උඹ් ඒ අඩුපාඩුව හදාගනින්. 😊තව දෙයක් සමහර වෙලාවට උන් උඹට කියයි ඕවා කරලනම් මදි පුළුවන් නම් තව මේ මේ වගේ වැඩ කරපන්... 😇🤗උදාහරණයක් විදියට exam එක නිකන් පාස් වෙලා මදි A 5 ක් දාපන් පුළුවන් නම් කියනවා කියලා හිතාන්කො☺️.ඉතින් උන උඹට තව් අලුත් අදහසක් දීලා තියෙන්නෙ.ඒ අදහසුත් අරන් උඹ තව ගැම්මක් අරන් තව හොඳට වැඩ කරපන්.😊අන්න ඒමයි තරහකාරයන්ගෙන් ඉගෙනගන්නෙ 😉🤗🙂

🥰අපි තව දැනගන්න ඕනෙ වැදගත් දෙයක් තමයි.අපේ තරහාකාරයො සාපේක්ෂයි.🥰

ඒ මොකක්ද ඒ කතාව.ඒකටත් චූටි උදාහරණයක් බලන්නකො.*
🥰🙂දැන් උඹ ඉන්නෙ ඉස්කෝලෙ යන වයසෙ කියලා හිතපන්.🥰උඹ ෆට්ට Love story එකක් ගැන Love සින්දුවක් කියලා Music video එකක් කරනවා.පොඩ්ඩක් ඒක උඹේ අම්මටයි තාත්තටයි පෙන්නපන්කො.මොනවා කියයිද?😋😉වසයය ගැලපෙන එකක්ද යකෝ ඕක,තොට අපි කන්න බොන්න දීලා සේරම කරන්නෙ ඉගෙනගන්න මිසක් love සින්දු කියන්නද භළ්ළො.තව මම කියන්න ඕනෙ නෑ දන්නවනෙ අම්මලගෙ හැටි😉☺️.

😍හැබැයි උඹ ඕක උඹේ වවයසෙ සෙට් එකකට පෙන්නපන්,social medea දාපන්.ඒකට කැමති අය ඕනතරම් ඉන්නව.ඒ කියන්නෙ එක එක්කෙනා උඹ කරන දේට කැමතිද ,නැද්ද බනිනවද කියලා තීරණය වෙන්නෙ ඒ එක එක අයගෙ අත්දැකීම්,සිතුප් පැතුම්,ආකල්ප,උපකල්පන අනුව.එක සෙට් එකක් උඹේ වැඩකට තරහා වෙනවා කියන්නෙ ඒ වැඩේ වැරදීකියනඑකමත් නෙවේ .ඒකයි කිව්වෙ තරහාකාරයො සාපේක්ෂයි කියලා.🤗🤗🙂

🥰ඉතින්.මේ දේවල් ඔයාගෙ තරහාකාරයොන්ට මූණ දෙද්දි ඔයාට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා.හරියට තේරුම් අරන් මේ විදියට කරලා බලන්න.අනිවා උඹට ෆට්ට සතුටකුත් තියෙයි ඒකෙ.එහෙනම් අදට නවතිනවා.උඹට ජය වේවා!!🙂🤗😍

✍️මම;✍️
✍️Kavinda Gayashan✍️

❤️ හීන ජයගමු 🎓

04 Feb, 03:01


☺️❤️

❤️ හීන ජයගමු 🎓

03 Feb, 01:46


*#uni_of_pera🥺♥️*

_පේරාදෙණිය ප්‍රේමණීය සරසවියලු_
_එහි ගිය අය කිව්වේ එහෙමලු_
_මහවැලිය දරාගත් කඳුළු බොහෝලු_
_වසන්තෙට මල් බොහෝ පිරිලලු_

_අත් පටලන් හන්තානෙ පියනැගුවලු_
_හිටිගමන් ඇදහැලෙන වැස්සෙ තෙමුනලු_
_සීතලේම ඔවුනොවුන් තුරුලේ උන්නලු_
_පේරාදෙණිය හරිම ප්‍රේමණීයලු_

_වැඩිපුරම කවි ලිව්වේ එහෙටලු_
_ජීවිතේ පණ වගේ සිහිනෙ එයමලු_
_ඇවිත් යන්නට නෑවිදින් ඉන්නලු_
_පේරා උණුසුම සැමදා විදින්නලු_

_*දහතුන් වසරක කඳුලු නිමාවෙයිලු*_

ජීවිතේ ලස්සන කාලේ ඇවිත්ලු
_ලස්සන මිහිර ඇවිත් විදින්නලු_

*නොයන්නම මෙහි නවතින්න එන්නලු*

❤️ හීන ජයගමු 🎓

02 Feb, 00:57


🔥👊

❤️ හීන ජයගමු 🎓

01 Feb, 14:46


ඔයාගේ ජීවිතෙන් නරක දේවල් ඈත් වෙලා හිස් තැන් ඉතුරු කරල යන්නේ
ඔයාට හිමි හොද දේවල් වලින් ඒ හිස්තැන් පුරවන්න ඕනේ නිසා …

🌝🌹

#වලාකුලුකෙල්ල
#thediary

❤️ හීන ජයගමු 🎓

01 Feb, 00:32


මුලින්ම relax වෙන්න...අලුත් මාසයක්...අලුත් ආරම්බයක්....

මුලින්ම කරන්න ඕන හරියටම subjects 3 syllabus එක හොයාගන්න...පොඩි පොතක් අරන් ඒ ටික ලියාගන්න...ඔක්කොම units ලියාගන්න...

බලන්න තව කොච්චර ඔයාට කල් තියෙනවද කියල ( finel countdown app )

ඔයා ඉවර මොනවද...ඇත්තටම ඒව ඉවරද....පොඩ්ඩක් හිතන්න ඕනෙ...දැනට ඉවර units වල pesuru කරන්න ඕනෙ...💯💯

දැන් ඔයා phone එකෙයි අනිත් දේවල් වලයි වහලෙක් වෙලා හිටිය ඇති නේද...ඉතින් අද ඉදන් control කරගන්න ඕනෙ ඔයාවම...clz තියෙන වෙලාවට අද ඉදන් අනිවාර්‍යෙන් සහබාගී වෙන්න ඕනෙ...කලින් miss වුනු units ගැන පසුතැවෙන්න එපා...ගොඩක් වාසනාවන්තයි...ඒකෙන් ප්‍රයෝජන ගන්න...sirlage videos තියෙනවා...ඒව පිලිවලට බලල මගෑරුනු ඒව ඉගෙන ගන්න ඕනේ...මතක ඇතුව ඒ දේ පිලිවෙලට කරන්න ඕනෙ...පිලිවලට note එක ලියාගන්න ඕනෙ...අද ඉදන් clz මගෑරගන්නෙ නැතුව කරගන්න ඕනෙ miss වුනු ඒව අල්ලගන්න ගමන්...


ඔයාට පුලුවන්...බැයිනම් 12 පහුවෙනකම් ඉදල ඊයෙ දවස අවසානය අද දවසෙ ආරම්ම්බයේ ඔයත් වෙනස් වෙන්න ඕනෙ කියල හිතන්නෙ නැහැනෙ නේද...ඉතින් අනිවාර්‍යෙන්ම ඉවර එක එක units වල කොටස් කොටස් videos මගින් ඉවර කරල pesuru කරන්න ඕනෙ...


දැන් relax වෙන්න...ගිය දේවල් ඉවරයි...අද මේ දැන් ඉදන් වෙනස්ම පුද්ගලයෙක්...වැඩි කාලයක් නෑනෙ නේද එහෙම ඉන්න...ඉතින් පටන්ගන්න...bio theory note හොයාගන්න ඔයා යන sirge හෝ හොදම note එකක් කාගෙ උනත් කමක් නැහැ...සම්පත් පොත් එහෙම තියෙනවනෙ...ඒව කියවන්න...ගන්න පුලුවන්නම් ගොඩක් හොදයි...එහෙම බැයිනම් downloard කරගන්න...self control අමතක කරන්න එපා...අමාරු තැන් ලියාගෙන sirlagen අහගන්න...හැමවෙලාවෙම වැඩ කරන්න...physics අනිවාර්‍යයි pesuru...ඒ ඒ unit එකේ කොටස් කොටස් ඉවර කරල ඒ ටික ඉවර කරගන්න...practicals ඕනිතරම් තියෙනවා you tube එකේ එහෙම...self control අමතක කරන්න එපා...chemistry video බලන ගමන්ම ඔලුවට දාගන්න බලන්න...theory note complete එකක් ඕනෙ...යාලුවො ඇතිනෙ...




අනවශ්‍ය app අයින් කරන්න...groups channels අයින් කරන්න...හැමදේම පාලනය කරගන්න ඕනෙ ඔයා...


බුද්දිමත්ව තීරන ගන්න...

බය වෙන්නැතුව අද ඉදන් game එක play කරන්න ආසාවෙන්...👊👊👊👊

❤️ හීන ජයගමු 🎓

30 Jan, 18:33


අනිවාර්යෙන්ම ඒ දේවල් ලැබෙන කාලෙට ලැබෙනවා මිත්‍රයා....🤍

ඔයත් ඔයා වෙනුවෙන් වැඩ කරන්න මේ දැන් ඉදන්ම....🫵🔥ඔව් උඹට පුලුවන් මේක දිනන්න...!!🤝

❤️ හීන ජයගමු 🎓

30 Jan, 03:19


😌❤️

❤️ හීන ජයගමු 🎓

28 Jan, 11:24


අපිට ජීවිතේ ප්‍රශ්න එනවා.ඒක අපි එක්කෙනෙක්ට කියලා විශේෂයක් නෑ.හැමෝමට ප්‍රශ්න තියනවා........

ඒත් එහෙමයි කියලා අපිට මැරෙන්න බෑනේ.කොහොම හරි ඒවා දරාගෙන,විසදගෙන ඉදිරියට යන්න ඕන.අනේ මට අරක නෑ මේකනෑ කිය කිය හූල්ලන්න ගියොත් කවදාවත් ඔයාට ජීවිතේ විදින්න නම් ලැබෙන්නේ නෑ.........

ඔහේ ගලන ගගක කිසි ලස්සනක් තියනවාද? නෑනේ.ගග උනත් ලස්සන වෙන්නෙ ගල්පර අතරෙන් ගලනකොට....

ඒ වගේ තමයි ජීවිතෙත්.ජීවිතේටත් ප්‍රශ්න ආවෙ නැත්නම් අපිට ජීවත් වෙනවා කියලා දැනෙන්නේ නෑ.මේ ජීවිතේ අපිට ලැබෙද්දි අපි ලග මොනවත්ම නෑ.ඒත් අපි මැරෙද්දිත් ඒ වගේම නම්,ඔයා මේ ලෝකෙට තවත් හිස් ශරීරයක් විතරයි..ඒ නිසා අපි මේ ලෝකෙන් යන දවසට අපිත් එක්කම අපේ නමත් මැරුනොත් ඔයා මේ ලෝකෙට ආපු වගකීම ඔයා ඉටුකරලා නෑ......

ඒ නිසා හැම වෙලේම තමන්ට වගේම අනික් අයටත් ආදර්ශමත් වෙන විදිහේ ජීවිතයක් ගත කරන්න උත්සාහ කරන්න.....

හිතේ මොන ප්‍රශ්නේ තිබුනත් ලස්සනට හිනාවෙලා ඉන්න,එතකොට ඔයා ප්‍රශ්න කියලා ඔළුවෙ පුරවගෙන ඉන්න හැම දේම නිකන්ම විසදිලා යාවි...........

GOD LUCK.......................

I'm AMON 😇🤜😍😍
We are _DEMON _🤜🇱🇰💪

❤️ හීන ජයගමු 🎓

27 Jan, 17:28


කවුරුත් නෑ කියලා දුක් වෙන්න එපා !

❤️ හීන ජයගමු 🎓

25 Jan, 10:31


ලෝගුව දරන්න ට
කරමාලය පළදින්න ට
හිස් වැසුම දමන්න ට
එකල කළ කැප කිරීම්
එකිනෙක දැන් දැන් මතකෙට නැගේ...
ලෝගුව පැළඳ මා හැඩ බලන කල්හි
අම්මගෙ ඇස්වල දිස්නය...
තාත්‍තගෙ ඒ හිනාව...
උපාධිය යනු හුදෙක්,
කඩදාසියක් ම නොවන බවට
නැවත නැවතත් පසක් කරන්නේමය...

> සකුන්ත...🖋

❤️ හීන ජයගමු 🎓

24 Jan, 04:19


මම විශ්වාස කරන දෙයක් තමා
මාව අනවශ්‍ය මිනිස්සු
මාව දාලා යනවා නෙවෙයි ,
මගේ ගමනට බාධාවක් වෙන
මට අනවශ්‍ය මිනිස්සු
මගෙන් ඈත් වෙනවා කියන දෙය !
ඉතින් විවිධාකාර සංසිද්ධීන් එක්ක
මගෙන් ඈත් වෙලා යන ඔයාලා හැමෝටම
සුබ ගමන් !

😌🍄❤️

#වලාකුලුකෙල්ල
#thediary

❤️ හීන ජයගමු 🎓

23 Jan, 14:25


අනිවාර්යෙන්ම....👊❤️

❤️ හීන ජයගමු 🎓

22 Jan, 14:17


පොඩි බඩ්ඩක් කියන්න තියෙනව
🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫

ලොකුකම, පණ්ඩිතකම කියල හිතන්න එපා ඉතිම්😕

හිමීට කියවන්න🙏🏽😬😬😬😬😬

මේක පොඩ්ඩක් කරල බලන්න්කො. පොඩි උත්ප්‍රේරණයක් ලබන්න පුලුවන් වැඩක්.(මටනම්. ඔයාටත් එහෙම වෙයි කියල හිතනව)

මේක ෆිල්ම් 🎥එකක් වගෙ.

පටන්ගන්නෙ,

අපේ ඒලෙවල් රිසාල්ට්ස් එන දවසෙ, ඔයාට, අම්ම තාත්තා කවදාවත් හිතුවෙ නැති (හොඳම) රිසාල්ට් එකක් ඇවිත්, 📊

ඒක දැකල ඔයාගෙ අම්ම කෑගගහඔයාව බදාගෙන😭 අඩ අඩ හිනා වෙන

සහ

කවදාවත් අඩපු නැති හිත හයිය තාත්තගෙ ඇස් දෙකෙන් 😢කදුලු වැටෙන දවසෙන්😌

ඔයා දකියි, ඒ වෙලාවෙ පටන්ගත්ත හිනාව එක දිගටම දවස් ගානක් තියෙයි, අම්මගෙයි තාත්තගෙයි🥰

හරි ඊට පස්සෙ තමා ෆිල්ම් එකෙ #climax එක. 🥳🥳

ඔයා යනව දැන් ඔයාලගෙ ටියුෂන් සර්ට රිසාල්ට් කියන්න. හරි ලේසියි. 🅰 අකුරු තුනයි කියල, කියන්න තියෙන්නෙ🤷‍♂.
සරලයි😁

දැන් සර් ඔයාට කියනව ස්ටේජ් එකට ඇවිත් පොඩි කතාවක් කරන්න කියල🤗

අන්න ඒ කතාව තමා වැදගත්ම දේ💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻

ඔයා හිතින් ඒ කතාව කරන්න.😎

🔰ඔයා පාඩම් කරපු විදිහ,(ඔයා කරපු විදිහම වෙන්න ඕන නෑ.ඔයා නොකලත් ඔයා දන්න හොදම විදිහ කියන්න.)

🔰ඔයා කරපු වැරදි.(ඒකෙන් ඔයාගෙ හිත නිදහස් වෙයි. #experienced )

🔰ඔයාට තේරෙන විදිහට ඒ නංගිල මල්ලිලට උපදෙසක් දෙන්න.(එතකොට එන ෆීලින් එක බලන්නකෝ😜)

🔰තව,එතන කියන්න සුදුසුයි කියල හිතෙන ඕනම දෙයක්.

කියන්න.(හිතෙන්🤫)

එහෙම ඔයාගෙ කතාව ඉවර කරල ඔයා යන්න ඉතින්😂
යන ගමන් හිතන්න.

ඒ පංතියෙ හිටිය ලමයි ඔයා ගැන ඒ වෙලාවෙ හිතපු විදිහ පොඩ්ඩක් ඔයත් හිතල බලන්න.😎😎😎😎😎😎🙈🙈


ඒක ඉතිම් මං කියන්න ඕන නෑනෙ. ඔයාලත් ඔය විදිහටම පන්තියෙ ඉද්දි අයියල අක්කල කතා කරානෙ ස්ටේජ් එකෙ. අන්න ඒ විදිහටම තමා එදාට ඔයා ගැනත් හිතන්නෙ🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓

ඔය බැලුවෙ ෆිල්ම් එකෙ ට්‍රේල එක විතරයි 😜🙈

ෆිල්ම් එක රිලීස් කරන්න තව කල් තියෙනව🤪

ඒකට ඔයාට ටිකට් ගන්න බෑ කියලනන් හිතන්න එපා👊😌

ඒ ෆිල්ම් එක තියෙන්නෙ VIP ලට විතරක් නෙමෙ🧐🤨🤨

සාමාන්‍ය අයටත් ඒ ෆිල්ම් එක බලන්න පුලුවන් 🤩🤩🤩

--------------------------
මට නන් ඔය ෆිල්ම් එක බලද්දි😅 ඇගෙ හිරිගඩුත් පිපෙනව. ඔයාලටනන් කොහොම වෙයිද දන්නෙ නෑ ඉතින්☹️

Anyway,
#Always #GoodMoreEarning

👉🏻පොසී 🤭🔥

❤️ හීන ජයගමු 🎓

19 Jan, 23:40


*😇අපිට කාල සටහනකට වැඩ කරන්න ගොඩක් අමාරුයි...😇*

*😇ඒත් අපි මේ දේ දවසකට මෙච්චර වෙලා කරනවා කියලා Time එකක් හදාගන්න බැලුවේ නැද්ද????.........😇*

*😇මම මේ දේ දවසකට පැය තුනක් අනිවාර්යයෙන් කරනවා කියලා Time එකක් හදාගන්න බලන්න වැඩ කරන්නේ එක දිගට පැය භාගයක් වෙන්න පුළුවන්.......😇*

*😇එ් වැඩ කරන වේලාව ලියාගන්න*
*කෝම හරි පැය තුනක් හදාගන්නකම්*
*වැඩ කරන්න.....😇*

*😇වෙනස් දෙයක් නිතරම අපේ මනසට දෙන්න එයා කැමති නෑ හැමෝම කරන*
*දේ කරන්න.....😇*

*😇පොඩි ලමයෙක් වගේ එයා.....😇*

*😇ඔබ ඔබට ඇත්තටම ඕනේ දේ දිහා විතරක් බලන්න ඒ වෙනුවෙන්*
*වැඩ කරන්න ...😇*



👉Good luck👈
✍️ශානු✍️

❤️ හීන ජයගමු 🎓

19 Jan, 01:44


සු🎀🎀🎀දෑ🎀🎀🎀ක්🎀🎀🎀යි🎀

ඔයාගේ හීන කුටුම්භය විනාශ කරන්න ඕන තරම් මිනිස්සු ඉදී ඒත් කාටවත් බෑ ඔයාගේ උත්සහය කැපකිරීම් විනාශ කරන්න😼👊🙌

රිදෙයි ඔව් ඇත්ත වැටෙයි ඔව් ඇත්ත දරාගන්න බැරි වෙයි ඔව් ඇත්ත හීන අත්හැරියොත් එකත් ඇත්තද නෑ නෑ කවදාවත්ම නෑ හීන අත්හරියොත් උබ මොඩයෙක් එක ඇත්ත😼👊🙌

ලොකෙ කිසිම දෙයක් නෑ කැපකිරීම් නොකර ලබා ගත්ත දෙයක් හැම මනුස්සයෙක්ම ගොඩක් කැපකිරීම් කරලා තමයි හැමදේම ලබා ගත්තෙ එහෙම නැතුව කවුරුත් අපිට ලගට ගෙනත් දෙන්නෙ නැහැ😼👊🙌

😎♥️THE MOTIVATION GIRL😎♥️ වරදින තුරු බලන් ඉන්න අයට මං කියන්නේ මාව නවත්තන්න තියා කාටවත් සම කරන්න බෑ. මේක නොවතින ගමනක් නොවතින බෑන්ඩ් එකක්`♥️😍💪

❤️ හීන ජයගමු 🎓

18 Jan, 15:54


ලස්සන දවස් ඉක්මනටම ඒවි ළමයෝ එතකන් අමාරුවෙන් හරි අල්ලගෙන ඉමු වසන්තය එනකන්.....🥰

❤️ හීන ජයගමු 🎓

16 Jan, 12:47


ඔව් ළමයෝ...☺️❤️

❤️ හීන ජයගමු 🎓

15 Jan, 16:47


*Successful.🖤සාර්ථක.*


*1️⃣ S-See your goal.*
*ඔබේ ඉලක්කය ගැන බලන්න. *
*2️⃣ U-Understand the obstacles.*
*බාධක තේරුම් ගන්න.*
*3️⃣ C-create a positive mental picture.*
*ධනාත්මක මානසික චිත්‍රයක් සාදාගන්න.*
*4️⃣ C-clear your mind of self doubt.*
*ඔබේ මනස ස්වයං සැකයෙන් ඉවත් කරන්න.*
*5️⃣ E-Embrace all challenges.*
*සියලු අභියෝග වැලදගන්න.*
*6️⃣ S-Sacrifice free time.*
*නිදහස් කාලය කැප කරන්න.*
*7️⃣ S-Show the world you can do it.*
*ඔබට එය කල හැකි බව ලෝකයට පෙන්වන්න.*
*8️⃣ F-Feed your focus.*
*ඔබේ අවධානය පෝෂණය කරන්න.*
*9️⃣ U-Utilize all opportunities.*
*සියලු අවස්ථාවන් භාවිතා කරන්න.*
*1️⃣0️⃣ L-Learn from all failures.*
*සියලු අසාර්ථකත්වයන්ගෙන් ඉගෙන ගන්න.*


දැඩි අධිෂ්ඨානයෙන් කැපවීමෙන් උනන්දුවෙන් ඔබ ඔබේ ගමන ගියොත් අනිවාර්යයෙන්ම ඔබට ජය නියතයි.🤝

❤️ හීන ජයගමු 🎓

14 Jan, 03:15


අනිවාරෙන්ම එන්නම ඕනෙ...🔥❤️

❤️ හීන ජයගමු 🎓

13 Jan, 02:21


*ජීවිතේ කොහේදි හරි වැරදුනොත් ආයී මුල ඉදන් පටන් ගන්න,*
*වරදින්න වරදින්න ඉස්සහට යන්න , අනිවාර්යයෙන් හරියනවාමයි..♥️*

*ඔයා යන්නේ Target එකකට නම් , මේගෙවෙන හැම තත්පරයක්ම ඔයාට වටිනවා..🫂*

*සමහර වෙලාවට ජීවිතය ගැන කළකිරෙනවා..ඒ මොහොතෙදි ඔයාට ඔයාගෙ Target එක මිස් වෙනවා..වැ⁣ටිල බෑ..නැගිටින්නයි ඕනෙ💪*

*_අන්න ඒ වගේ වෙලාවට හයියක් වෙන්න..,_*
*_හීන වෙනුවෙන් පණ ගැහෙන හදවත් ගොන්නකින් හැඩවුණු ජීවිතය දිනන්නන්ගේ පාරාදීසය°°🥺❤️‍🩹

❤️ හීන ජයගමු 🎓

12 Jan, 01:41


🥀 සරසවිය කියන්නෙ තවත් එක පරිච්ඡේදයක් 🍃🎓......
හැමෝම යන්න ආස උනත් හැමෝටම හම්බ වෙන්නේ නැති
ගිය හැමෝම අවසාන දවසේ මේකේ හැම තැනකම
ලස්සන මතක ගොඩක් ඉතුරු කරලා
කදුලු පුරවගෙන යන්නම යන..............!

මේක ඇතුලට ආවාම ගොඩක් මිනිස්සු ගොඩක් දේවල් ඉගෙනගන්නවා
ඩිග්‍රියකට විතරක් සීමා උන දේවල් නෙවෙයි
ජීවිතේ කියන්නේ කොච්චර සැහැල්ලුවෙන් දැක්කත්
ගොඩක් දේවල් තියෙන ගොඩක් බර දරාගන්න ඕනේ
මාර අමුතු දෙයක් තමා ජීවිතේ කියලා දෙන්නේ
🥀 සරසවිය ඒක හරි අමුතු හැගීමක් 🍃🎓......

අවුරුදු හතරකින් පස්සේ තවත් ලොකු ගමනක් යන්න
අත්දැකීම දාහක් අරගෙන මේකෙන් ගිහිල්ලා
තවත් කාලෙකින් ඇවිල්ලා මේ වගේ තැනක බංකුවක් උඩ වාඩි වෙලා
ඒ කාලේ උන දේවල් මතක් කරලා සතුටු වෙන්න පුළුවන් විදියක
🥀 සරසවි ජීවිතයක් ගත කරන්න හැමෝටම හම්බ වෙන්නේ නෑ ඒක ලබපු අපි
ඇත්තටම ගොඩක් වාසනාවන්තයි ❤️🎓

Copied

❤️ හීන ජයගමු 🎓

08 Jan, 10:46


උඹ කොච්චර නම් ප්‍රතික්ෂේප වෙලා ඇතිද ?

පොඩ්ඩක් හිතලා බලපන්
කොච්චර නම් එක එක අයගේ පස්සෙන් ගිහින් ඇතිද
රැයක් දවාලක් නැතුව නැහිලා ඇතිද
ඇස් තෙමිලා ඉදිමෙනකම් අඩලා ඇතිද

ඒත කවදාවත් ඒ වට්ටපු කදුලු වලට
කරපු කැප කීරීම් වලට
වැය කරපු කාලයට
ඒ මිනිස්සු වටිනාකමක් දුන්නද

නෑ නේද..

මොකක් හරි කියලා හරි අපූරුවට ශේප් වෙලා ගියා නේද
කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව
ඔහේ තනි කරලා යන්න ගියා නේද

ඒ වෙලාවට කලේ කොහේට හරි වෙලා
මනෝපාරක් ගහගෙන බලාගත්තු අත බලාගෙන ජීවිතේ ගෙව්වා නේද..

උඹම හිතපන් උඹ වටිනාකමක් දෙන්න හැදුවෙම නොවටිනා මිනිස්සුන්ට නේද
උඹ කාලෙ වැය කලේම ඒ මිනිස්සු වෙනුවෙන් නේද

තාමත් කරන්න හදන්නෙම ඒ දේද..

නැගිටපන් ඔය ඉන්න තැනෙන්

දාලා ගිය මිනිස්සු උඹ දිහා බලලා හූල්ලනවා දකින්න
උඹේ සතුට දැකලා ආයෙත් උඹව හොයාගෙන එනවා දකින්න

පලයන් ආන් වසන්තය අත වනනවා
ඉඩෝරයට උණ ගැනෙන්න නැගිටපන්.........

❤️ හීන ජයගමු 🎓

07 Jan, 11:13


🙈❤️

❤️ හීන ජයගමු 🎓

05 Jan, 16:18


නිදි නොබලා තේ, කෝපි එකක් හදාගෙන පාඩම් කරන්න..☕️

මේ වටිනා කාලය ආයේ එන්නේ නැ, ඔයාගේ ජීවිතයට වටිනාකමක් දෙන්න කාලයට පුලුවන්.

කාලය අපතේ යවන්න එපා. මේ ටික කාලේ මහන්සි වෙන්න..

❤️ හීන ජයගමු 🎓

05 Jan, 13:24


❤️❤️

❤️ හීන ජයගමු 🎓

03 Jan, 13:56


ගියා අයේ අවුරුදු 5කට පසු
කැම්පසය වෙත
වෙනසක් නෑ අප වෙනස් වුවත් එය
කලු ලෝගු වලින් සැරසී සිටිය අය
ජීවිතේ පලමු වතාවට පියවි
ඇසින් දුටුවා මමත් එය

🥺 අක්කා ගුරුවරියක් දැන් ලක් බිමට🥺❤️
කලු ලෝගුවෙන් සැරසී සිටින විට
කවදාවත් නොදුටු ලස්සනක්
දුටුවා ඇගෙන් මම

සතුට නම් එදා කැම්පස් එකේ හැමතැනම
හැම පවුලකටම එය බෙදුනා සම සමව
ගැහැනියකට ඇති එකම පිලිසරණ?

🤔ම්ම්ම්ම්ම්ම් (මොකද්ද)


ඔයාල්ගේ සුද්තාත්තිද🙉🙈😂😂 ලෑ ලෑ
සුද්තාත්තිලා ඉන්නේ හම්බෙනකන් විතරයි හිමි වුනාට පස්සෙ ඕවා නෑ 😂😂
විම්කාර😒💔

👉 ඉගෙන ගත් ශිල්පය සැමටම
විය පිලිසරණ .෴😊👊


> ✍️….... ⃝🦋ρ𝓲ꪗꪊꪑ𝓲𝘬ꪖ࿐

❤️ හීන ජයගමු 🎓

02 Jan, 15:37


පේරා 🥰

❤️ හීන ජයගමු 🎓

01 Jan, 02:23


ලස්සන දවස් ඉක්මනටම ඒවි ළමයෝ එතකන් අමාරුවෙන් හරි අල්ලගෙන ඉමු වසන්තය එනකන්.....🥰

❤️ හීන ජයගමු 🎓

31 Dec, 18:34


🎊 _ 2 0 2 5 _ 🎊

" ලැබුවාවූ 2025 නව වසර ඔයාලගේ සියලු පැතුම් ඉටුවන, ලස්සන හීන හැබෑ වෙන, විභාග වලින් ජය ලබන තබන තබන අඩියක් ගානේ සාර්ථක වෙන සුබ නව වසරක් වේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා...❤️❤️ "



හීන වෙනුවෙන් මේ අවුරුද්දෙත් ගැම්මට වැඩ කරමු එහෙනම් යාලුවනේ..


'අපි
#හීන ජයගමු ' ❤️🎓

❤️ හීන ජයගමු 🎓

30 Dec, 21:26


හීනයක් වෙනුවෙන්
නින්ද උගසට තැබූ
දිගු රැයවල්
දිනෙක දෙවුර කළු ලෝගුවකින්
සරසනවාමයි🧑‍🎓❤️

අද කන කට්ටට හරියන්න දවසක ඔයාට සතුට ලැබෙනවා සත්තයි.ඉතින් මහන්සිවෙමු කැපකිරීම් කරමු .ඔයා මහන්සිවෙන තරමට හොද ප්‍රතිඵලයක් ඔයාට අනිවා ලැබෙයි .

"යාදිසං වපතේ බීජං
තාදිසං හරතේ ඵලං"

( ඔයා වපුරන තරමටම තමා ඔයාගෙ අස්වැන්න ලැබෙන්නෙත්)

ඒ වගේම තමා ඔයා ඔයාගෙ හීනෙ වෙනුවෙන් මහන්සි වෙන තරමටම තමා ඔයාගෙ හීන සැබෑකරගන්න පුලුවන් වෙන්නෙත්.ඉතින් යාලු ,ඒ වගකීම තියෙන්නෙත් ඔයාගෙ අතේම තමයි.ඇස් නින්ද ඉල්ලලා පියවෙන්න හදනකොට,හිත දැන් බෑ පස්සෙ කරමු තව ටිකකින් කරමු,දැන් බඩගිනි දැන් නිදිමතයි කියලා බාලගිරි දෝශෙ වගෙ හෙට කරමු හෙට කරමු කිය කිය පස්සට යන්නම හදනකොට උත්සාහ කරන්න කොච්චර බෑ හිතුනත් එපා වුනත් මං කොහොමහරි මගෙ ගමන යනවා කියලා පාඩම් කරන්න හිත හදාගන්න .නිදා ගන්න හැබැයි ඒ ඔයාගෙ වැඩවලදි පොඩි විවේකයක් ගන්න විතරක් ම. තමන්ම මෝටිවේශන් ඇතිකරගන්න පාඩම් වෙලාවෙදි.ඒකට ඔයාම කැමති ටිප්ස් ටිකක් ට්‍රයි කරල බලන්න.
නිතරම හිතට ගන්න මේක ඔයා තනියෙමයි යන්න ඕනි කියල.

මේ ඔයාගෙ ගමන
මේ ඔයාගෙ ජීවිතෙ
මහන්සිවෙන්න
ඔයාගෙ ම අනාගතෙ වෙනුවෙන්
ඔයා වෙනුවෙන්
....👊

❤️ හීන ජයගමු 🎓

30 Dec, 06:42


Yes I Can 👊❤️🔥

❤️ හීන ජයගමු 🎓

28 Dec, 00:50


*💐💝සුබ උදෑසනක් ළමයොහ්💐💝*

*හීන හරි ලස්සනයි ලස්සන ගැලපීම් එක්ක 💝💐 කොහොමද 💗💐💝කෙල්ලයි කොල්ලයි දෙන්නම ලොයස්ලා වුනාම අම්මොහ්💗💐💝 දෙන්න එක්ක අමාරැවෙන් ගෙමක් ගහලා ගොඩ ගිය 💗💐💝දවසට පට්ට💗💐💝ජිවිතෙ සාර්ථකත්වයට යන ගමනෙ හැම මනුස්සයෙකුටම ඔයාගේ ජිවිත 💗💐💝යතුර දෙන්න එපා💗💐💝 මොකද ඔයා වගේ වටින කෙනෙකුට වටිනාකමක් දෙන්න බැරි කෙනෙක් 💗💐💝ජිවිතෙට ලං කරගෙන ඔයාගේ හීන බොද කරගන්න එපා💗💐💝හැමොම 2030 වෙද්දී ඔයාලගේ හැම හීනයකටම යන්න පුලුවන් 💗💐💝වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා💗💐💝*

♥️😎The motivation girl♥️😎

♥️😎මෙක නොමැකෙන බ්‍රැන්ඩ් එකක්♥️😎Sri Lanka🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

❤️ හීන ජයගමු 🎓

26 Dec, 02:50


" මේ පෝස්ට් එක ඔයා දකිනවා නම් ඒක ඔයාගේ සිහිනයක් සැබෑ වීම පිළිබඳව ඉඟියක් !!! "

මේ වෙලාවේ ඔයා කොයි විදියේ ප්‍රශ්නයක් නිසා දුකෙන් හිටියත් , මේ වෙලාවේ මොන හේතුවක් නිසා ඔයා කලබල වෙලා හිටියත් , ඉක්මනටම ඔයාගේ ඒ හැම ප්‍රශ්නයක්ම විසඳෙන බවට ඉඟියක් !

කොයි තරම් උත්සහ කලත් කිසිම උත්සාහයක් සාර්ථක නොවුනු ඔයාගේ ප්‍රයත්නයන් , ඊළඟ දවසේ ඉඳන් සාර්ථක වෙනවා කියන්නට ඉඟියක් !!

කොයි තරම් මහන්සි වුණත් කවදාවත් තමන්ට අවශ්‍ය දේ ලැබුණේ නෑ කියලා දුකෙන් ඉන්නවනම් , හෙටින් පස්සේ ඔයාගේ මහන්සියට අවශ්‍ය හොඳම දේ ලැබෙනවා කියන්නට ඉඟියක් !!!

කවදාවත් මට අවශ්‍ය දෙයක් ලැබුණේ නෑ කියලා පසුතැවීමෙන් ඉන්නවනම්, ඒ පසුතැවීම අහවර වෙලා අවශ්‍ය හැමදේම ලැබෙනවා කියන්නට ඉඟියක් !!!

ඔව් මේ මොහොතෙන් පසුව ඔයාගේ ජීවිතය ලස්සනට වෙනස් වෙනවා කියන්නට ඉඟියක් !!!

ධනාත්මක සිතුවිලි , ඔයාට ඔයා ගැන ඇති විශ්වාසය සහ නොපසුබස්නා උත්සාහය නිසාම ඔයාගේ ජීවිතය ලස්සන වෙනවා කියන්නට ලැබෙන විශේෂ ඉඟියක් !!

- Gumiho's Diary -

❤️ හීන ජයගමු 🎓

24 Dec, 17:11


👊💯🔥

❤️ හීන ජයගමු 🎓

23 Dec, 14:34


*උත්සහය🌝*

බලන්න,තමන්ගෙ අනාගතේ දිහා...🙂කොච්චර නම් මහන්සි වෙන්න ඕනිද තමන්ගෙ ජීවිතේ එහෙමත් නැත්තන් අනාගතේ හදාගන්න.... වැරදි නිවැරදි කරගන්න....🙂
𝔸𝕡𝕡𝕝𝕖 සමාගමේ අයිතිකාරයත් උඩින් පාත් උන පෝසතෙක්,ප්‍රසිද්ධ සමාගමක අයිතිකාරෙක් නෙවෙයි...🍂එයත් එක්තරා කාලෙක තමන්ගෙ කුසගිනි නිවාගන්න කිලෝමීටර 7ක් පයින් ගිය කෙනෙක්ලු.....😳
ඒත් අද බලන්නකො ඇපල් ෆෝන් එකක්,ටැබ් එකක්,ලැප් එකක් තියෙනකොට කෙනෙක් ලග කොච්චරනම් ආසාවක් එනවද.....🥴ඒ කියන්නෙ ඕවා තියෙන්නෙම සල්ලිකාරයන්ගෙ අතේනෙ නේද.....😌
එතකොට ඒවගෙ අයිතිකාරයත් කොහොමද ඒ තරම් ලෝකයක් එක්ක තරග කරන්න තරම් දිනන්න ඇත්තේ....
පොඩ්ඩක් හිතන්න, ඒ උත්සහය නේද🙄
ඉතින් කියමනකුත් තියෙනවනෙ, උත්සහවන්තයා ජය ගනී කියලා...අහලා ඇතිනේ නේද🌚
ඉතින් ඇයි අපිට බැරි....අපේ වැරදි හදාගෙන ඉස්සරහට යන්න....ඔයාම හිතන්නකො....🌝ඒ කියමන කියමනක් විතරක් වෙන්න දෙනවද නැත්තම් ඒක ඔප්පු කරනවද....තීරනේ ඔයාගෙ අතේ😁
බලන්න, ඔයාගෙ දෙමව්පියො දිහා, තමන් වෙනුවෙන් බැරිනම් එයාලා වෙනුවෙන්ම කැප වෙන්න,වැඩ කරන්න.... 🙂 මොකද, අම්මලා තාත්තලා කවදාවත් ඔයාලගෙන් මුකුත් ඉල්ලලා නෑ....🙂ඉතිම් එයාලා වෙනුවෙන්වත් වැඩ කරන්න.....

> සෙනුරි.....✍️🌝💫

❤️ හීන ජයගමු 🎓

20 Dec, 04:33


ඔයා වැඩ කරද්දි ඔයා වෙනුවෙන් ,
ඔයාගේ අනාගතය වෙනුවෙන් වැඩ කරන්න 🤗

ඔයාගේ වටේ ඉන්න අයගෙන් ඔයා කරන දේවල් වෙනුවෙන් වචනෙකින්වත් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා 🤚

ඔයා ඔයාගේ ගමන යද්දී මිනිස්සු විවිධ කතා කියයි , විවිධ බාධා කරයි 💔

ඒවට පසුගාමී නොවී ,
ඔයා ඔයාගේ ගමන යන්න 💪
ඔයාගේ අනාගතය ගොඩනගාගන්න 😎

ඔව් ඔයාට ඒක කරන්න පුළුවන් ❤️‍🔥


Tharu

❤️ හීන ජයගමු 🎓

19 Dec, 16:20


අද උඹේ ලස්සනක් දකින් නැති උන්ට
දවසක උඹේ ලස්සන පේද්දි
ඒ හැම එකාටම හීල්ලෙන තරමට
උඹ උඹේ ගමන පලයන් 🔥

අද උඹේ අඩුපාඩු විතරක්ම දකින උන්ට
දවසක කියන්න අඩුවක් නැති වෙනකල්
උඹ උඹේ ගමන පලයන් ❤️

අද උඹව එපා කියලා අතාරින හැම එකාටම
දවසක අනේ උඹ හිටියා නං කියලා හිතෙන තරමට
උඹ උඹේ ගමන පලයන් 🍃

උඹේ කිසි වටිනාකමක් නැතුව
අන්ත අසරණ කරලා දාපු උන්ට
දවසක උඹ එයාගෙ උනා නං කියලා උන්ට හිතෙන තරමට
උඹ උඹේ ගමන පලයන් 🌸

කොටින්ම

උඹව ප්‍රතික්ෂේප වුනු තැන්
උඹේ ජීවිතේට හයියක් කරගන්න පුළුවන් නං
දවසක උඹ දිහා බල බල අඬන්න මිනිස්සු
ඕන තරම් ඉඳීවි අනිවාරෙන් 💪

ඒ හිංදම හෙට හිනාවෙන්න නම්,
උඹ අද අඬ අඬ හරි උඹේ ගමන පලයන්..🔥💪🏻

❤️ හීන ජයගමු 🎓

17 Dec, 13:08


*සාමාන්‍ය  පවුලක කොල්ලෙක්/කෙල්ලෙක්*
*වෙලා ඉපදෙන එක කියන තරම් සුන්දර නෑ..*
*හැමෝටම තියෙනවා කාටවත් නොකී කතාවක්,*
*ඒ ඉපදිලත් ජීවිතේ දිනන්න දගලන එක, ඉස්සරහට යන්න දරන උත්සාහය කැපවීම මාරම අමාරු දෙයක්...*

*ඉගෙන ගන්න කාලේ උනත්,* *රුපියල ගැන පවා සෑහෙනට හිතන්න වෙනවා, ආස දේවල් අත අරින්න වෙනවා....*
*ජොබ් එකක් හම්බුනත් කැපවීම් එක්ක සෑහෙන දේවල් නැතිවෙනවා...*
*(ජොබ් එකෙන් ඉස්සරහට යන්න හදනකොට තමන්ට තමන් නැතිවෙනවා,* *සමහරවිට ලගම ඉන්න*
*කෙනෙක් නැතිවෙනවා....*
*ඒ හැමදේම Balance කරන්න ගියොත් එදා වේල කාලා හිටියෑකී ඒත් Dream achieve කරන්න අමාරු වෙනවා)*

*එලියෙන් බලන කෙනෙක්ට ඒක සමහර විට පෙනුනේ නැති උනාට පොඩි තැන ඉදන් ආපූ හැම කොල්ලෙක්ගේ/ කෙල්ලෙක්ගේ ජීවිතේම අපිට පේන්නේ නැති මාරම ලොකු කතාවක් තියෙනවා....*
*පේන තරම් සුන්දර නෑ,*
*තනියම කට්ටක් කන්න වෙනවා...*

*ලග ඉන්න අය නැතිවෙයි,* *සමහර විට ඉන්න අයට තේරුම් ගන්න බැරිවෙයි,* *මිනිස්සූ*
*හිනාවෙයී, කතා හදයී..*
*පාගන්න උත්සාහ කරයී... වට්ටයී,*
*නැත්තටම නැති කරන්න හදයී...*
*ඒ වෙලාවට උබට හැමදේම අත අරින්න හිතෙයී....*
*ඒත් වැටි වැටි නැගිටපන්....*

*මොකද උබට තියෙනවා සාමාන්ය පවුලක් රකින්න,* *ඉපදෙනකොටම බැදුන වගකීම් කන්දක්....*

*අහිංසක අම්මා අප්පච්චිලාගේ අහිංසක හීන තියෙනවා..*
*උබේ අහිංසක ආසාවල් ඇතී..*
*අන්න ඒවා වෙනුවෙන්*
*නිදි නැතුව වැඩකරපන් දවසක හරියයි..*
*එහෙම කට්ට කන උන්ටයි කියන්නේ,*
*කවදාහරි උබලට හරියනවා...!!*

*නවත්තන්න එපා.....*

❤️ හීන ජයගමු 🎓

16 Dec, 16:53


> *𝙼𝙾𝚃𝙸𝚅𝙰𝚃𝙸𝙾𝙽 𝚃𝙾 ᴮᴸᴼᴼᴰ🫀🩸


*🥰උඹේ ජීවිතේ උඹ අඳින ලස්සන චිත්‍රයක්.😍ඒක වෙන කෙනෙක්ට පාට කරන්න දෙන්න එපා.🚫👊*

*👊ඔන්න උඹ අලුතින් ලස්සන චිත්‍රයක් අඳින්න ගන්නවා.මොනවද උඹට අත්‍යවශ්‍යම දේවල්🤔.*

*කොලයක්,පැන්සලක්,මකනයක්,තව අඳින ච්ත්‍රය ගැන අදහසක්.🤗*

*😉උඹ ඒ ච්ත්‍රය අඳින තැනට ගන්නවද ගෙදර තියෙන හට්ටි මුට්ටි ටික.😜නැත්තම් පාපිස්සක්.නැත්තම් කොස්සක් .😂*
*😉ඒවා අදාල නෑනෙ බන්.දැන් උඹ ගත්තයි කියාන්කො.😜*

*😅ඔන්න ඊට පස්සෙ උඹ චිත්‍රය ඇඳ ඇඳ ඉන්නකොට උඹේ අම්මා ඒ ටික හොයන් එනවා.😛😛මූට මොංගල් ගහලා කියලා සත්තු වත්ත ම මතක් කරලා බොට බැනලා යනවා.😒*

*😛උඹේ වැඩේට ඒක භාදාවක් නේද.🤔*

*🙄මොන මගුලක්ද මූමේ කියන්නෙ කියලා හිතෙයි දැන් උඹට.☹️අහපන්කො🤗*

*මම කියන්නෙ ගියෙ මේකයි.අපේ ජීවිත් වෙද්දිත් අපි අපි ලඟට ගන්න ඕනෙ අපිට ජීවිතේට අවශ්‍ය දේවල් ටික විතරයි.🥰*

*👊වැඩකට නැති දේවල් හෝ පුද්ගලයින් ලඟට ගත්තා කියලා ඒක අපේ ජීවිතේට ලාභයක් වෙන්නෙ නෑ පාඩුවක් මිසක.👊*

*🤗ඊගාවට තව ටිකක් වෙලා යද්දි මොකක් හරි හේතුවක් නිසා උඹට චිත්‍රෙ පොඩි තැනක් වරදිනවා.☹️උඹ මොකද කරන්නෙ.🤔*

*👊උඹ දන්නවා ඒක මකලා ආයෙ හදන්න මකනයක් තියෙනවා ඒකෙන් මකලා ආයෙ අඳින්න පුළුවන් කියලා.ඇයි මකනයක් හැදුවෙ.වරදිනවා කියලා දන්න නිසා.😍😊*

*😍මචන් මතක තියාගනින්.අපේ ජීවිතෙත් අපි තේරුම් ගන්න ඕනෙ.වැරදීම් වෙයි.නමුත් ඒවා අපිට හදාගන්න පුළුවන්.ඒ වැරදීම් වෙන්නෙ උඹට විතරක් නෙවෙයි බන්.ඒක පොදු දෙයක්. වරදක් වුනාම උඹෙන් විතරයි වෙන්න වගේ පිස්සු නටන්න ගන්න එපා.ආයෙ ඒ වරද නොවෙන්න බැඩ කරන්න උත්සාහ කරපන්.😍😊👊*

*😉හිතාන්කො.අර මකනෙ උඹ තනියම හදාගත්ත එකක් නෙවේනෙ.😛ඒ කියන්නෙ හැමෝටම වරදිනවා කියලා දන්න නිසා මකනයක් නිර්මාණය කරලා කලින්ම👊.*

*😇හරි.දැන් හිතපන් දැන් ඕක බාගයක් ඇඳ ඇඳ ඉන්න වෙලාවෙ උඹේ අවට ඉන්න යාලුවෙක් එනවා.හැබැයි උට චිත්‍ර අදින්න බෑ.🥰😠*

*🥰😇ඌත් දැන් ටිකල් වෙලා උබ අඳින එක දිහා බලන් ඉන්නවා.ඌ ඒක හොඳයි කියලත් කියනවා.*
*හිතාන් පොඩ්ඩකින් උබට හිතෙනවා මහන්සියි දැන් නාගෙන එන්න ඕනෙ.🥰😇👊*

*😇උඹ කියලා යනවා යාලුවට මචන් ආතල් එකේ මේකෙ ඉතුරු ටික ඇඳලා පාට කරලා තියපන් කියලා.මොකක් වෙයිද යාලු.😛😉*

*😒උඹ නාලා එනකොට අරූ චිත්‍රෙ හොඳට අනලා තියෙයි නේද☹️*

*👊උඹට ඕනෙ කරපු විදියටම ඒ චිත්‍රෙ ඉතුරු භාගෙ ඇඳලා තියෙයිද?උඹට ඕනෙ ලස්සන පාට වලින් ඒක පාට වෙලා තියෙයිද?නෑ බන් කොහෙත්ම නෑනෙ.☹️*

*☹️උඹේ හිතේ තිබ්බ අදහසට වෙනස්ම එකක් ඌ ඇඳලා තියෙයි.වරද්දලා වරද්දලා ඒ ඉරි පාරවල් හැමතැනම තියෙයි.පාට ගාල එක එක පැත්තට. වැරදුන පාට හූරලා කොලේ සමහර තැන් ඉරිලා.මොනවා හිතෙයිද උඹට☹️.*

*🤗කෙනෙක් කියයි දැන් ඌ ඒක හොඳටම මට ඕනෙ විදියට ඇඳලා තිබ්බොත් කියලා.🤔*

*🚫වෙන්න බෑනෙ බන්.එහෙම උබේ හිතේ තිබ්බ විදියටම ඌ ඒ චිත්‍රෙ ඉතුරු ටික ඇදලා පාට කරලා තිබ්බන ඌ මේ ලෝකෙ කෙනෙක් වෙන්න බෑ.🚫👊*

*😇🥰මට උඹට කියන්න ඕනෙ උන දේ මේකයි.උඹේ ජීවිතේ කියන චිත්‍රෙ වෙනත් කෙනෙක්ට ඕනෙ විදියට සම්පුර්ණ කරන්නවත් පාට කරන්නවත් දෙන්න එපා.🥰👊*

*😇🥰උබේ හැකියාව උඹට පුළුවන් දේවල් හරියටම දන්නෙ උඹ විතරයි බන්.වෙන කෙනෙක්ට උඹේ ජීවිතේ උඹට ඕනෙ විදියට සම්පුර්ණ කරන්න තීරනය කරන්න බෑ.උන් ඒක කරන්නෙ උන්ට ඕනෙ විදියට.😇👊*

*👊උන්ගෙ මතවාද වලට අනුව.උඹට වරදියි..ඒවා හදා ගනින්..*

*ආයෙ අර චිත්‍රෙ ට ගියොත් උඹට පුළුවන් ඔන්නම් උගෙන් ලස්සන පාටක් අහන්න ඒක පාට කරන්න.තව අදින්න ඕනෙ රූපයක් අහන්න..එතකොට උඹට පුළුවන් ඌ කියන දේ ගැලපෙනවනම් හරිනම් විතරක් උඹේ අතින්ම ඒක ඇදගන්න.👊😇*

*👊ඒ වගේ ජීවිතේ උඹට අමාරු අවස්තාවල වෙනත් අයගෙන් උපදෙස් ගනින්.🥰හැබයි වෙන අයට උඹව පාලනය කරන්න දෙන්න එපා🚫*

*🥰උඹේ ගමන උඹ උඹට අවශ්‍ය විදියය හදාගනින්..උඹට අලුත් අදහස් තියෙන්න පුළුවන් ..අලුත් මතයන් තියෙන්න පුළුවන් ...හොඳ හැකියාවන් තියෙන්න පුළුවන් ..😇👊🥰*

*🤗වෙන වුන් ඒවා දන්නෙත් නෑ අනික ගොඩක් උන් උඹ ඒවා පාවිච්චි කරලා ඉහලට යනවට කැමතිත් නෑ.🤗*

*🤗👊ඒ නිසා උඹේ ජීවිතේ කියන චිත්‍රෙ සම්පුර්ණයෙන්ම උඹම ඇදලා උඹම පාට කරපන්.අවසානයේ ඒක ලස්සන චිත්‍රයක් වෙයි.උඹේම කියලා කියන්න පුළුවන් ලස්සන ජීවිතයක් උඹට ලැබෙයි.🥰👊😇*

*🥰👊😇එහෙනම්.උඹට ජය වේවා.👊🥰*


> ©️මම;Kavinda Gayashan

❤️ හීන ජයගමු 🎓

10 Dec, 01:46


❤️❤️

❤️ හීන ජයගමු 🎓

09 Dec, 01:34


කවුරු කොහොම කිව්වත්... පවුරු වළලු බැන්දත්,

වෙන්න තියන දේ වෙනවා...වළක්වන්න බෑ...

හීන වලට ගිහින් එන්න කෙටි පාරක් නෑ...🩷🦋

❤️ හීන ජයගමු 🎓

07 Dec, 01:30


අනිවාරෙන්ම....🥺❤️

❤️ හීන ජයගමු 🎓

06 Dec, 02:58


"ජීවිතේ කොහේදි හරි වැරදුනොත් ආයී මුල ඉදන් පටන් ගන්න,
වරදින්න වරදින්න ඉස්සහට යන්න,අනිවාර්යයෙන් හරියනවාමයි.."

ඔයා යන්නේ Target එකකට නම් , මේගෙවෙන හැම තත්පරයක්ම ඔයාට වටිනවා !!

❤️ හීන ජයගමු 🎓

02 Dec, 14:32


ගැම්මට....🔥

❤️ හීන ජයගමු 🎓

01 Dec, 01:38


මේ ජීවිතේ හරි කෙටියි !
ආස තැන්වල යන්න ..
ආස දේවල් කරන්න ..
ආස කරන මිනිස්සු එක්ක ගැවසෙන්න ..
උමතුවෙන් මෙන් සිනාසෙන්න !
මොකද මේ ගෙවෙන තත්පරෙත් ආයේ ගන්න බැරි අහිංසක මොහොතක්.!" 💗🌻

📷 Respective owner

#uniofpera

❤️ හීන ජයගමු 🎓

29 Nov, 05:27


කොහොමද ඉතින් ඔයා දුකින්ද ඉන්නේ...,

කෝ කෝ දැන් ඇති දුක්වුණා ...

වෙලාව යනවා දැනෙන්නේ නෑ නේද ඇයි ඔහොම බලන් ඉන්නේ ලස්සන කාලයක් ඒවි කියලද ..?

හැමදේම හරියයි කියලද.. ?

ඔයා දන්නවද කාලෙකට කලින් මං හිතුවෙත් එහම හැමදේම හරිකාලේදි හරියයි කියලා...

දන්නවද චුට්ට දවසකින් මට ඒක වැරදි කියලා හිතුනා හැමදේම හරියන්නේ නෑ අපි හරිගස්වන්න ඕනි...

ඉතින් බලන්නකෝ අඬියටම වැටුණු අයත් ගොඩක් ඉස්සරහට ඇවිත් ඉන්නවා ඒ එයාලා හැමදේම ලැබෙනකම් බලන් ඉඳලා නෙමෙයි ...

ලබාගන්න ගොඩක් කැපකිරීම් කරලා ...

ඉතින් දැන් ඇති දුක්වුණා හිත හදාගන්න ඔයා ගොඩක් හොඳ කෙනෙක් ඔයා කාටවත් වැරද්දක් කරලා නෙමෙයි නේද ඔයා දුක් විදින්නේ...

දැන් ඉතින් ඇති අපි පටන් ගමු අලුතින් හැමදේම හරිගස්වමු ...

සතුටින් ඉන්න...

හිනාවෙලා ඉන්න (ඊ ) කියන්න 😁

ඔයා හිනාවෙලා ප්‍රශ්න වලට මූණදෙද්දී ප්‍රශ්න හිතයි ඔයා ගේම ඉල්ලනවා කියලා බයවෙයි .. 😨

*වැඩ කරමුනේ*


> 🥀 Nimmi ✍️

❤️ හීන ජයගමු 🎓

28 Nov, 11:01


මතක තියාගන්න මේක..💆

ඔයාලා මොකක්හරි පාඩමක් ඉගෙනගත්තහම ඒක ටික දවසක් යනකම් ඔයාගෙ මතකෙ තියෙනව. එතකොට ඔයා හිතනව ඔයාට පාඩම මතකයි කියල

හැබැයි ටික දවසක් යද්දි අපිට ඒක අමතකයි. ඔව් ඒක වෙනව  ගොඩක් දෙනෙක්ට

ප්‍රශ්නය: පාඩම් කරපු ඒවා ඉක්මනට අමතක වෙන එකට මොකක්ද කරන්නෙ?

පිළිතුර: ඒක මෙහෙමයි ඉතින්. අපි මොකක්හරි විශයක පාඩමක් ඉගෙනගත්ත නම් ඒක

හැම තිස්සෙම මතක් කරන්න ඕන
හැම තිස්සෙම මතකෙ තියෙන්න ඕන
සතියකට දෙතුන් වතාවක් ඒ නෝට් එක ආයෙ ආයෙ බලන්න ඕන
ඒ පාඩමෙන් ප්‍රශ්න කරන්න ඕන

දැන් දහවෙනි පාඩම ඉගෙනගන්නෙ කියල පලවෙනි පාඩමෙ ප්‍රශ්න කරන්නැතුව ඉන්නවනම් ඔයාට ඒවා අමතක වෙනවමයි.ඒකනෙ full papers කරන්න කියන්නෙ😁 එතකොට ඔක්කොම ආයෙ මතක් වෙනවනෙ
ප්‍රශ්නෙ ඔයාලා වැඩි අවධානයක් දෙන්නෙ අධ්‍යාපනයට නෙමේනෙහ්.🙁ඔයාලගෙ ඔලුවෙ තියෙන්නෙ අනවශ්‍ය කුණු ගොඩවල්🤭
Youtube Tik Tok games Chat groups ඔය වගේ ඒවා. ඒකයි ඔය හැමදේටම මුල.ඕවා කරන්න එපා කියල නෙමේ කියන්නෙ. වෙලාවක් තියාගන්න හැම දේකටම.🤔

ඔයාලා නිතර නිතර ඒ ඒ විශයන්ට අදාළ ඒ ඒ ප්‍රශ්නවල යෙදෙනවනම් උගන්නන හැමදේම ඔයාලගෙ ඔලුවෙ තියෙනවා ☺️
🛑ඔය හැම එකක්ම කරන්න ඔයාලා හැමෝටම පැය 24 ක් තියෙනවා කියලත් අවසාන වශයෙන් මතක් කරනවා😊

❤️ හීන ජයගමු 🎓

27 Nov, 02:15


> *Life Story📍*


*චූටී කතාවක් මගෙන් ,*

*1 Shy එක - මුල්ම දවස් වල පාඩම් කරන්න හෙන ආසවක් තිබ්බා .. කැම්පස් ගැන හිතලා නෙවෙයි .. ඒත් මාර කැමැත්තකින් ගේම ගහාගෙන ගියා .. මාස දෙකක් විතර යද්දී , කොරොනා කියලා කරුමයක් ලංකාවට ඇවිල්ලා  - online  Class කියලා  ක්‍රමයක් පටන් ගත්තා .. < අන්න එතන තමා ජිවිතේ වැරදුන තැන .. අලුතින් phone  එකක් අරන් දුන්නා , whatsapp , online games , facebook  තව නොයෙකුත්  දේවල් වලට නිකම්ම හිත යොමු උනා .. " මේක මාර ආතල් ගැජට් එකක් නේ .. මරු දෙවල් තියෙන්නේ මේකේ .. "  චුට්ට චුට්ට මම ඒකට addicted උනා .. ඒකෙන් පාඩම් කරනවා තියා .. online  class  එක්කට වත් යන්න හිතුනේ නෑ .. ඔහොම පිස්සු නට නට කාලයක් ගියා ... අන්තිමට ඔන්න exam  එකත් ලං උනා .. එතකොට තමා නිකම් ගිනි ගන්නවා වගේ තෙරුනේ .. " අනේ මම දැන් මොනවද කරන්නේ තව මාස 2 .. 😢💔 ඒත් ඔහොම ටික දවසක් ඉද්දී ඒකත් එච්චර ගානක් නැතුව ගියා .. රෑ පාඩම් කරනවා කියලා මේසේ ලගට ඇවිල්ලා .. අම්මා , තාත්තා , ගෙදර අය නිදා ගන්නකම් ඉදලා .. මගේ වැඩේ facebook , youtube  එකේ whatsapp  එකේ වැඩ තමා .. එයාලා ඇහැරෙනවා වගේ ඇහුන ගමන් phone  එක පැත්තකින් තියලා බොරුවට පාඩම් කරනවා වගේ ඉන්නවා .. මම හිතුවේ මේක තමා ජිවිතේ , නිදහස කියලා .. exam  දවස් ටිකත් ඔහොම්ම ආවා .. ඒකත් ගිහින් ලියලා ගෙදර ඇවිත් ඔහේ හිටියා කිසිම දෙයක් නෑ .. නිදහසේ ඔහේ ගෙදරට වෙලා හිටියා .. මාස ගානකට පස්සේ ඔන්න resalt  එනවලූ .. ටිකක් බයක් වගේ හිතට දැනුනා .. ඒත් එච්චර  ගානක් ගත්තේ නෑ නිදහසේ හිටියා ..  " එකමත් එක කාලකණ්නී දවසක අදුරු හැන්දෑවක .. මූසල කෙටි පනිවිඩයක් ආවා " .. resalt  ඇවිල්ලා .. ඔන්න හිතේ තිගැස්මක් ආවා .. resalt  බැලුවා .. අනේ 😢💔B1 කුත් S 2 කුත් 🙂💔 උදේ ඉදන් හිනා වෙලා සතුටින් හිටපු අම්මගේ මූනේ කියාගන්න බැරි දුකක් තියනවා කියලා මට තෙරුණා .. 😭 මං වගේ පවු කාරයෙක් මට මං ගැනම තරහක් වගේම , දුකකුත් ඇති උනා .. මාත් එක්ක පිස්සූ කෙලපු යාලුවෝ  උන් ඔක්කොම හොදට පාස් ... කැම්පස් යන්නත් resalt  ඇති .. 😖 .. සමාවෙන්න අම්මේ ඔයාලගේ හීන මට හැබෑ කරන්න බැරි උනාට .. ඒ ආව මොරාල් එක , ඒ දුකට ආව කෙන්තියත් එක්ක යාකා වගේ දැන් වැඩ ටික කරගෙන යනවා .. මුලදී පේපර් වලට 20 % / 40 %   දැන් ඒ ගේමේ මාත් එක තරග කරුවෙක් කියලා පේන්න  දැන් ලකුණු 75 % / 80 % ..  දැන් තමා තෙරේන්නේ මේ මම නාස්ති කරගත්තේ මගේ අනාගතේ කියලා .. මම නංගිලා මල්ලිලාට කියන්නේ කොහොම හරි ජිවිතේ දිනපන් .. නැත්තන් උබලට මේ රටේ තැනක් නෑ .. එදා ඒ මගේ අම්මට ලැබුන දුක උබලාගේ අම්මට , තාත්තට දැනෙන්න දෙන්න එපා .. මහන්සිවෙලා වැඩ කරපන් .. " " දැන් මගේ ජිවිතේ  හීන නෑ තියෙන්නේ ටාගට් විතරයි .. "* 

*මේ පාර A/L  දිස්ත්‍රික් , අයිලන්ඩ්  රෑන්ක් එකක් දානවා දානවා මයි ..  එදා ඒ resalt  ආව දවසේ මූ මොඩයා , මුට මුකුත් බෑ ... ඔහොම හරි පාස් උනා නේ කියලා ගමේ උන් කියනවා .. 😓*
*අම්මා විතරයි කිවුවේ " පුතේ කමක් නෑ එක සැරයක් උබට වැරදුනා .. මේ සැරේ උබ මහන්සිවෙලා වැඩ කරපන් "*

*දැන් බෑ කියලා , කොන් කරපු හැමෝටම පේන්න මේ සැරේ ගහන ගේම .. කන කට්ට දවසක හැමෝටම පේන්න , දැනෙන්න ජිවිතේ දිනනවා ...*

*මන් උබලා ඔක්කොටොම කියන්නේ .. මහන්සිවෙයන් ..*
*අම්මා , තාත්‍තා උබෙන් ලොකු දෙවල් බලාපොරොත්තු වෙන්නා .. එක දෙයයි බලාපොරොත්තු වෙන්නේ .. ඒ අපි හොද තැනක ඉන්නවා දකින එක*

*මම මේක comment  එකක් විදිහට දැම්මේ උබලට මට ලැබුන දුක දැනෙන්න එපා කියලා හිතා ගෙන ..*
*සල්ලී නෑ class  යන්න .. පොත් නෑ පාඩම් කරන්න .. කමක් නෑ .. ඒත් මම මගේ ටාගට් එකට යනවා ..*

*තාම පරක්කූ නෑ ජිවිතේ දින්න වැඩ කරපන්*

*මහන්සි වෙලා වැඩකරන උබලට වරදින්නෑ කවදාවත් ..*

*එච්චරයි .. ❤️🌼*

*මේ මගේ කතාව ..*
> Mr . Unknown ..

❤️ හීන ජයගමු 🎓

24 Nov, 13:33


# For 2024 A/L Last Words 🎁

*ඔන්න ළමායි හෙට ඒලෙවෙල් එක්සෑම්  පටන් ගන්නවා 😌*

*ඔයා ඔයාට පුළුවන් උපරිමය දෙන්නෝනි මේ ඉස්සරහට තියන සති දෙකට හැමනිතරම හිතන්න මම ගොඩක් ශක්තිමත් , වාසනාවන්තයි කියලා...☺️*

*විභාගේ පටන්ගත්තයින් පස්සේ ඔයා ප්‍රශ්න ලියපු විදිහ , උත්තර බලන්න යන්නෙප..🙂 වෙන අය එක්ක සසදන්න එපා..👏 පුලුවන්තරම් බාහිර අය එක්ක කතා අඩු කරලා පාඩුවේ ඉන්න 🤛*

*සෝශල් මීඩියා ඕනිම නෑ විභාගේ ඉවර වෙනකම් 🫷ඒ ඒ දවස්වල පේපර්ස් ලියලා ගෙදර ආවට පස්සේ පැයක් විතර සැප නින්දක් දාන්න...🥰ඊට පස්සේ නැගිටලා කාල බීලා ඊළග පේපරේට සෙට් වෙන්න.*

*ඔයාලගේ ක්ලාස් යන සර්ලත් ගොඩක් වටින උපදෙස් දීලා තියනෝනේ....ඒවා Follow කරන්න අත්දැකීමෙන් දෙන වචන....♥️*

*විභාගේ අතරතුර අත්හැදීම් කරන්න යන්න එපා , තියරි නැති පාඩම් ආය බලන්නවත් එපා ඔයාට පුලුවන් දේවල් මොනවද ඒවගෙන් ගේම ගහන්න.ඉතින් නoගිලා මල්ලිලා හැමෝම පරිස්සමට මේ සති දෙක විභාගේ ලියන්නෝනි.ජය වේවා ඔයාලට....♥️*

#ShinX |

❤️ හීන ජයගමු 🎓

22 Nov, 15:14


_"ඇබ්බැහි වීම"_

_මේ වචනෙ ඇහෙද්දිම මොනවද මතක් උනේ 🤔_

_ලව් සීන් වලට , කුඩු වලට ඇබ්බැහි උන අයවද මතක් උනේ? 😲_

_උඹල හිතන්නෙ අපිට ඇබ්බැහි වෙන්න පුලුවන් නරක දේවල් වලට විතරයි කියලද?🤨_

*එහෙනම් උඹට වැරදිලා මිත්‍රයා.*

*ඇබ්බැහි වෙයන් සාර්ථකත්වය වෙනුවෙන් වැඩ කරන්න.*

*ඇබ්බැහි වෙයන් දුකත් රසවිදින්න.😏*

*ඒ දේට ඇබ්බැහි උනාම මේ ලෝකෙ එකෙක්ට තියා සක්කරයටවත් බැරි වෙයි උඹව නවත්වන්න.*

*උබ නවතින තැන උබටවත් හිතාගන්න බැරි වෙයි.*

*Good Luck*


> I Am K

❤️ හීන ජයගමු 🎓

20 Nov, 14:51


*වෙලාවකට හිතෙනවා*
*ඔක්කොම දමල ගහල ගිහින් පැත්තක වෙලා ඉන්න .*
*හැබැයි ආයෙම මතක් වෙනවා*
*දෙන්නෙක් මම දිනනකම් මග බලන් ඉන්නව කියල*
*එතකොට මට ආයෙම හිතෙනවා*
*ආයෙම පටන් ගන්න ඕනෙ කියල !*

*🥰❤️‍🩹"*


>
#වලාකුලුකෙල්ල #thediary Pramu ' 📓

❤️ හීන ජයගමු 🎓

19 Nov, 00:18


*ජීවිතේ හැමෝටම අපි හිතෙන තරමින් එකවගේ නෑ මිත්‍රයා🙂.......🐜*

*අඩියේ ඉදලා උඩම පඩියට ගියපු අය මේ ලෝකේ ලස්සනට පාට කරනවා 🐾🖤🔥*

*ඉතින් එහෙව් මිනිසුන් කළ කැපකිරීම් , වෙච්ච මහන්සිය අප්‍රමාණයි...❤️*

*ඇයි ඔයාට බැරි 👏 ඔයාටත් පුලුවන් , අනිවාර්යෙන්ම වෙන කැටයම් නවත්තලා වැඩ කරන්න , දිනපන් මචන්..👊*


>
#ShinX 🎭

❤️ හීන ජයගමු 🎓

17 Nov, 04:43


පිරිමි ළමයින්ටත් එක්ක හොදේ....😉❤️👊

❤️ හීන ජයගමු 🎓

14 Nov, 09:58


ඔව් ඔයාට පුළුවන් ඒක 👊🔥❤️
මහන්සි වෙයන්.. බැරි නෑ බන්...

❤️ හීන ජයගමු 🎓

13 Nov, 22:35


*උඹ මැණිකක්..!*
*ඒක එක එකාට කිය කිය යන්නෙපා..!*
*උඹේ Talent එකෙන් ඒ මැණිකෙ කැටයම් කපල ඔපදාල ගනින්..!*
*ඒක කරපු දවසට උඹේ දිස්නෙට හැමදේම උඹ ළගට ඒවි..ඒ වෙනුවෙන් මහන්සි වෙයන්..තනියෙම..!*
*උඹයි , උඹේ Talent එකයි එක්ක විතරක්..!*
*හිනාවෙලා හිටපං 🖤*

❤️ හීන ජයගමු 🎓

12 Nov, 16:12


තමන් වෙනුවෙම් උදේ දිවා රෑ නොබලා මහන්සි වෙන්න 🙂

කොච්චර කටුක ජිවිතයක් උනත් ඔයාගෙ උත්සාහ තීනවනම් අනිවාරෙම් ඒ කටුක ජිවිතෙත් මල් ඵල ගැන්වේවී 🥺❤️‍🩹


වැඩ කරන්න ඔයා වෙනුවෙම් ඔයාට ඉන්නේ ඔයාවම විතරයි 🥺


> #Lily

❤️ හීන ජයගමු 🎓

11 Nov, 00:00


*හීන දිනන්න නම් හරියට මහන්සි වෙන්න.මවන ඒ හීනවලට සාධාරණයක් කරන්න☺️♥️*

*කලු ලෝගුව පළදිනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි.ඒකට ඔයා ආසාවෙන් වැඩ කරන්නෝනි...*

*ඉතිම් මේ ගෙවෙන කාලේ....*
*තනි වෙන්න පොත් එක්ක.......*
*හයියට අපි ඉන්නවා.....*


>
#unidreAm #ShinX

❤️ හීන ජයගමු 🎓

08 Nov, 16:05


*ඒයි කෝ උඹේ හීනේ....🤔🧐*
*ආන් ගියා නේද....🥲*
*අල්ලගන්න දුවනව ද...🏃🏼‍♂️🏃‍♀️*
*අමතක වුනාද...😏*
*නැත්නම්...*
*අමතක ම කරලා දැම්මද...😒*
*අහපන් උඹේ ඔය හිතෙන්...☝️*
*මොකෝ වුනේ...😕🙄*
*මතක තියාගනින්..☝️*
*එතන ලොකු කතාවක් තියෙන බව.....😌*
*උඹ දැන හෝ නොදැන ...😳*
*අහල බලපන් උඹේ ඔය හිතෙන්....🤤*


*මේ උඹේ වේලාවයි..මතක තියාගනින් ...මේක තමා වේලාව....*

*කරන්න හොද ම කාලය ...*

*අමතක වෙච්චි ,කරල දැම්ම හීන ගොඩ දාගන්න ....*

*මොනා ද බන් ඒ හීන....🙄*

*අනේ මන්දා ...ඒ හීන නම්..කවදා යන්න පුලුවන් වෙයිද දන්නෙ නැහැ ....☹️*

*කොච්චර දිව්වත්...මහන්සිය විතරයි ....හැබැයි ...ප්‍රතිඵලයක් නැහැ හොද...*

*එහෙම වෙන්නේ..* *දැනෙන්නේ..උඹ හොදටම මහන්සි වුනේ නැති වුනහම..කොච්චර කට්ටක් කෑවත්...ඒ මහන්සියටම තමා හොද ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න පුලුවන් බන්.....*

*උඹ දැන් ඕලෙවල් හොදටම මහන්සි වෙලා ගොඩ දාගත්තනම්...දැන් ගොඩ ..ඒ කිව්වේ.ඒ නවයක් හරි ඒ ටිකක් වැඩි කරන් රිසාල්ට් එක බෙස්ටි කරගන්න ඇති ...*

*ඕලෙවල් ම නෙමෙයි ජීවිතේ ...ඒලෙවල් ම නෙමෙයි ජිවිතේ ...ඒක ආයෝජනයක් විතරයි ...*
*මන් එහෙම කිව්වේ කලින් කිව්ව දේ නිසා වැරදිව හිතන්න ඉඩක් තියෙන නිසා ....ඒක එක් උදාහරණයක් පමණි ඔබේ මගේ ජිවිතේ ....*

*මතක තියාගනින්..උඹ කොච්චර කැප වුනත් ඒ මහන්සියට අගයක් දෙන්න...දැනෙන්න දෙයක් කරන්න උත්සහ කරන්න බලන්න .....*

*උඹ කොච්චර ප්ලැන් ගැහුවත් හිතට දැනන සතුට නිසා කොච්චර හීන අතහරිනවද...ඒකට කියන්නේ වර්ථමාන සතුට ..ඕක හින්දා උඹේ හිතේ ඇදිච්ච...මැවිච්ච...හීන පාට කරන් නැතුව ශොට් රොඩ් හොයන් යන එක තාම නවත්තලා නැතිවත් ඇති .....*

*ඇත්තටම අහන්නෙ දැන් ඇති වෙලාම නැද්ද..මොන කෙහෙල්මලක්ද මන්දා මේ කියලා ...🥲*
*ඒ හීන දැන් නම් දියවෙලා පොඩිවෙලා...ගිහින් ගොඩක් කල්..ඒ ..ඒ.ඒ.උඹෙ ඔය කම්මැලි කම නිසා මිසක්...ටියුට් නැහැ ..නෝට් නැහැ ...ක්ලාස් කට් කරා..ඔන්ලයින් ආවහම වෙන දේවල් අස්සෙ දිව්වා...*
*අපි දන්නැද්ද ඕවා😏...හිත කියන්නෙ මහ අමුතු දෙයක් ..අස්සෙ මුල්ලෙ නෑර දුවනවා...*

*ඒත්..මචන්..කෝ උඹ එදා දැක්ක..ඒ හින...*

*ඒවා මිදිලා ගිහින් නේ ....*

*මේ අහපන් බන් තවත් දුකක් වෙන්න ඇයි කට්ට කන්නෙ ..*

*මොකක්ද ඒ...🤔*

*උඹ මේ එක්සැම් එක හොදට කරේ නැත්නම් අනිවාර්යයෙන් ම උඹ ජිවිතේ විදවන්න වෙනෝ..ඒ උඹ ළග සිරික්කිය දාපු උඩින් තොප්පි විසික් කරපු සෙට් එකම කැම්පස් සිලෙක්ට් වුනොත් කොහොම ට තියෙයිද ...🤥*

*මොකො ඒ වෙලාවට උඹ හිතෙන් අඩලනම් වැඩක් නැහැ මයි....මචන්....*

*මේ අහපන් තව දවස් කීයද එලෙවල් වලට අන්තිම පාරට කියන්නේ බන්..උඹ ම උඹේ හීනෙට ගියේ නැත්නම් වෙන කවුරු යන්න්ද ..මේ ලොකේ ඕනි තරම් ඉන්නො මහ ලොකු ප්ලැන් ගැහුවේ නැතත් තමන්ගේ ජිවිතේ වෙනුවෙන් අඩියෙන් අඩිය උඩටම ගිය අය..බොරු දේවල් වලට ට්‍රයිම් දෙන්න යන්න එපා බන් දැන්...*

*බේගල් ආදරේ හොයන්න එපා ..හිතන්න ඔයා දවසක කැම්පස් ඉන්න එක ගැන...ඒ මේ කැම්පස් එකේ ලග තියෙන කඩේ ගාවවත් ...ඇළ ගාවවත් .....කැන්ටිම් සර්විස් වත් නෙමෙයි බන්...උපාධිය ගැන මන් කිව්වේ ..හිතපන් ...මේ උඹේ හීනේ..කෝ අර ලොකු හීන....*

*මොකෝ කියන්නේ ...😌🌝කටිටිය ඇහුව වගේ කැම්පස් යන්දා...ගිහින් තමන් අවුරුදු ගානක් දැක්ක හීන ඉල්ලන් එමුද....😊🔥*


*නැත්නම් එක්සැම් ගොඩ ගිහින් අනිවාර්යයෙන් ම කැම්පස් නොගියත් ජිවිතේ වෙනුවෙන් දැක්ක හීනෙට දුවල ගිහින් එමුද...*


*අපිට මුලින්ම යන්න පාරවල් නම් අනන්ත තියේ බන්..ඒත් යන්න එක්කන් යන්න කවුරුත් නැහැ කියලා අඩන්න එපා...උඹ දැක්ක ඒ හීනෙට කොහොම හරි යන්...අනිවාර්යයෙන් ම ...*

*අද වෙච්චි ගොඩක් අය කැම්පස් යන්න පොඩි ලකුණක් මදි වුනා කියලා දුක් වෙන්නෙ නැහැ මොකද ඔන්ලයින් පවා ලොකු ගේමක් ගහන්න පුලුවන් ..බිස්නස් සයිඩ් පුලුවන් ....සිගින් අපේ ටැලන්ට්ටඩ් එකෙන් වැඩ දාන්න පුලුවන් අද චාන්ස් වැඩි...හැබැයි හරි දේ හරි වෙලාවට ම වෙන්න ඕනි ..මොකද අපි යන්නෙ හරි පාර කියලා වැරදිම පාරේ යන්න පුලුවන් ..අන්තිමේදි මගට ගිහින් හැරෙන්න බැහැ ගොඩක් දුර ඇවිත් එතකොට හැරෙන්න අපිට බැහැ ...හැබැයි වැරදුනා කියලා ගොඩක් ජිවිතේ අවුල් කරගන්න ඕනි නැහැ ...මොකො එකපාරක් වැරදුනාට මිනිස්සු වැටුන් නැහැ .හිතෙන් සල්ලි වලින් වැටුනත් ජිවිතේ එකම අභියෝගයක් විතරයි..මිත්‍රයා....🌝🔥*

*අපි මේ ලැබිච්ච චාන්ස් එක එකපාරක්වත් මිස් කරගන්න ඇයි ට්‍රයි කරන්නේ..*


ආස නැද්ද උඹ ලා ලොකු ලොක්කන් වෙන්න...වාහන අරන් යන්න ..කෝ ...සල්ලි වලම ජිවත් වෙන්නම නෙමෙයි කියන්නේ...බන්...සල්ලිම නෙමෙයි ජිවිතේ කියලා වදන් මිනිස්සු ම මවලා තියේ නේ.හැබැයි අපි අපේ ඉලක්කය ට ගියහම මිනිස්සු අපිට කිව්ව වැරදි අඩුපාඩු අනම් මනම් නොයෙක් කතා..ඒ අයට මැවෙන්න එච්චරම වෙලාවක් යන්නෙ නැහැ බන්..මොකො උඹ එදා හිටිය විදිහ නෙමෙයි අද ඉන්නේ තව අවුරුදු ගානකින් ඉන්නේ..අපි හැමොම වෙනස් වෙනෝ...චරිත වෙනෝ...කරනවානම් හරි දේ කරපන් ජිවිතේ ට එකපාරක් ...කෙල්ලනේ..කොල්ලනේ...

❤️ හීන ජයගමු 🎓

08 Nov, 02:30


උඹ දිනලා එනකන් අම්මා තාත්තා බලන් ඉන්නේ බන්. ඒක විතරක් අමතක කරන්න එපා....🙂

❤️ හීන ජයගමු 🎓

06 Nov, 22:31


ආසාවල් වෙනුවෙන් හීන කැප කරන්න හිතන්නවත් එපා
හැබැයි,
හීන වෙනුවෙන් ආසාවල් කැප කරන්න දෙපාරක් හිතන්නෙපා..🚯🔥

Ms.Blk


Good morning 🌼🌈

❤️ හීන ජයගමු 🎓

05 Nov, 15:33


ඔයාගෙ dream එක miss උනොත් ජීවිතේම වෙයි හිස්...😓

දැනිලා තියෙද පාලුව කම්මැලිකම...මේ හැමදේම එන්නෙ මොකක් නිසාද ජීවිතේට හීනයක් නැති නිසා...🥺
හීනයක් තියෙන කෙනාට කවදාවත් පාලුවක් කම්මැලිකමක් නැහැ මොකද එයාට මහන්සි වෙන්න හේතු තියෙනවා...එයාගෙම කියලා ප්ලෑන් එකක් තියෙනවා එයා ඒකට වැඩ කරනවා...🫰
ඉතින් කවදාවත් හීනේ මිස් කරගෙන ජීවිතේ හිස් කරගන්නෙපා....🔥
හීනයක් හදාගන්න ජීවිතේ දිනන්න....❤️

SD

❤️ හීන ජයගමු 🎓

04 Nov, 11:10


😊❤️

❤️ හීන ජයගමු 🎓

02 Nov, 22:15


*Successful.🖤සාර්ථක.*


*1️⃣ S-See your goal.*
*ඔබේ ඉලක්කය ගැන බලන්න. *
*2️⃣ U-Understand the obstacles.*
*බාධක තේරුම් ගන්න.*
*3️⃣ C-create a positive mental picture.*
*ධනාත්මක මානසික චිත්‍රයක් සාදාගන්න.*
*4️⃣ C-clear your mind of self doubt.*
*ඔබේ මනස ස්වයං සැකයෙන් ඉවත් කරන්න.*
*5️⃣ E-Embrace all challenges.*
*සියලු අභියෝග වැලදගන්න.*
*6️⃣ S-Sacrifice free time.*
*නිදහස් කාලය කැප කරන්න.*
*7️⃣ S-Show the world you can do it.*
*ඔබට එය කල හැකි බව ලෝකයට පෙන්වන්න.*
*8️⃣ F-Feed your focus.*
*ඔබේ අවධානය පෝෂණය කරන්න.*
*9️⃣ U-Utilize all opportunities.*
*සියලු අවස්ථාවන් භාවිතා කරන්න.*
*1️⃣0️⃣ L-Learn from all failures.*
*සියලු අසාර්ථකත්වයන්ගෙන් ඉගෙන ගන්න.*



දැඩි අධිෂ්ඨානයෙන් කැපවීමෙන් උනන්දුවෙන් ඔබ ඔබේ ගමන ගියොත් අනිවාර්යයෙන්ම ඔබට ජය නියතයි.🤝

❤️ හීන ජයගමු 🎓

01 Nov, 19:19


හීන ජයගමු 😍❤️🔥

❤️ හීන ජයගමු 🎓

31 Oct, 23:05


" අද ඔයාගේ ප්‍රාර්ථනා ඉටු වෙන මායාකාර දවසක් "
" අද ඔයාගේ සතුට දෙගුණ තෙගුණ වෙන දවසක් "
" අද ඔයාගේ සාර්ථකත්වය වැඩි වෙන දවසක් "
" අද ඔයාගේ උත්සහය සාර්ථක වෙන දවසක් "
" අද ඔයාගේ ජීවිතේ අලුත් ආරම්භයක් "
" අද ඔයාගේ ජීවිතේ ලස්සන දවසක් "

ඒ විශේෂ දවස ආදරෙන් පිළිගන්න ට මේ විශේෂ ස්වයං යෝජනා කියවන්න ....

" අලුත් දවසට ස්තූතියි ! අලුත් ආරම්භයට ස්තූතියි ! මගේ ජීවිතය ට ස්තුතියි ! මගේ හුස්මට ස්තූතියි ! විශ්වයට නැවත නැවතත් ස්තුතියි !

මම සෞඛ්‍ය සම්පන්නයි !
මගේ සෞඛ්‍ය තත්වය ඉතාම යහපත් !
විශ්වයට ස්තුතියි !
මගේ ශරීරයට ස්තූතියි !

මම ශක්තිමත් !
මම මානසිකව සුවයෙන් ජීවත් වෙමි !
මම කායිකව සුවයෙන් ජීවත් වෙමි !
විශ්වයට ස්තුතියි !
මම සතුටින් !
මම මානසිකවත් කායිකවත් සතුටින් !
මම සෑම මොහොතකම ජීවිතය සතුටින් විඳිනවා !
විශ්වයට ස්තුතියි !

මම මට ආදරෙයි !
මම මට ස්තූතිවන්ත වෙමි !
මේතාක් මාව දරා ගත් මට මම ස්තූතිවන්ත වෙමි !
විශ්වයට ස්තුතියි !!

මම සාර්ථකයි !
මගේ සියලු උත්සාහයන් සාර්ථකයි !
විශ්වයට ස්තුතියි !
මගේ සියලු උත්සාහයන් ඉතාමත් සාර්ථකයි !
මම වාසනාවන්තයි !
මම ඉතාමත් වාසනාවන්ත උත්සහවන්තයෙක් !
විශ්වයට නැවත නැවතත් ස්තුතියි !

ධනය මා වෙතට ආකර්ෂණය වෙනවා !
පහසුවෙන්ම මුදල් මා වෙතට ආකර්ෂණය වෙනවා !
පහසුවෙන්ම සියලු මට අවශ්‍ය දේ මා වෙතට ආකර්ෂණය වෙනවා !
විශ්වයට ස්තුතියි !
විශ්වයට නැවත නැවතත් ස්තුතියි !!!

ආදරය , අවංකත්වය පිරුණු බැඳීම් හා වෙතට ආකර්ෂණය වීම පිළිබඳව විශ්වයට ස්තූතියි !
මම සෑම මොහොතකම සතුටින් !
මගේ ජීවිතය ට හොඳම දේ ලැබෙමින් පවතිනවා !
විශ්වයට ස්තුතියි ! "

- Gumiho's Diary -

❤️ හීන ජයගමු 🎓

30 Oct, 23:34


✓ අද පුංචියට දකින හීන දවසක කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බලද්දි

" මං මේ කැපකිරීම් කරේ මං මහන්සි උනේ ඒ වෙනුවෙන්... ඒ කැපකිරීම් වල ප්‍රතිඵලය අද මට තියෙනවා.මං අද ඒක කලා."

කියලා හිතෙනකොට තමන් ගැනම ඒ දැනෙන හැගීම තරන් වෙන දෙයක් තියෙනව ද ??? 😏


තනියම නැගිටින්න.එදාට ඔයාගෙ හීන වලට කවුරුත් ම අයිතිවාසිකම් කියන එකක් නෑ.😌🖐

*මතක තියාගන්න... 🤨☝️*

🍃කැපවෙන තරමටයි ප්‍රතිපල.

*🍃 ඒ හීන / අරමුණු වලට කවදාවත් නිදහසට කරුණු අදාළ ම නෑ.*

❤️ හීන ජයගමු 🎓

30 Oct, 05:12


*පාඩම් කරද්දි එන Stress එක manage කරගන්න මේ ටික try කරන්න...*


*✍🏻 පාඩම් කරන තැන පිළිවෙළට හදාගන්න.*

*✍🏻 කියවීම පුරුද්දක් කරගන්න.*

*✍🏻 සීනි ප්‍රමාණය අඩු කරන්න.*

*✍🏻 Phone පාවිච්චිය අඩු කරන්න.*

*✍🏻 ඔයාලගෙ සතුටුදායක මතකයක් මතක් කරන්න.*

*✍🏻 දිනපතා මඳක් හිරු එළිය විඳින්න.*

*✍🏻 සින්දුවක් කියන්න.*

*✍🏻 Time management technique පාවිච්චි කරන්න.*

*✍🏻 ඔයාලා පසුතැවෙන, දුක්වෙන දේවල් කොළයක ලියන්න.*

*✍🏻 හිත සන්සුන් කරන්න පුළුවන් සංගීතයකට සවන්දෙන්න.*

*✍🏻 වැඩ ගොඩක් එකපාර කරන්න එපා.*

*✍🏻 ප්‍රමාණවත් නින්දක් ලබාගන්න.*

*✍🏻 සුභවාදීව සිතන්න.*

*✍🏻 ඔයාටම කාරුණික වන්න.*

*✍🏻 ව්‍යායාම කරන්න.*

*✍🏻 Stretching ටිකක් කරන්න.*

*✍🏻 භාවනා කරන්න.*

*✍🏻 පොඩ්ඩක් ඇවිදින්න.*

*✍🏻 හුස්ම ගැනීමේ අභ්‍යාස කරන්න.*

*✍🏻 පුළුවන්කමක් තිබේ නම් aromatherapy උත්සහ කර බලන්න.*

*✍🏻 ප්‍රමාණවත් තරම් විටමින් C ලබාගන්න.*

*✍🏻 තේ කෝප්පයක් බොන්න.*

*✍🏻 Dark චොකලට් කෑල්ලක් කන්න.*

*✍🏻 ඔයාලා ස්තූතිවන්ත වෙන දේවල් 03ක් ලියන්න.*

*✍🏻 පරිපූර්ණත්වය ගැන නොව ප්‍රගතිය ගැන පමණක් අවධානය යොමුකරන්න.*


*ඉතින් ඔයාලගෙම විදිහට මේ දේවල් try කරලා බලන්න...*

*හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..*


> ©️ Study with Gimi

❤️ හීන ජයගමු 🎓

28 Oct, 22:52


අනාගතය විදින්න නම්, වර්තමානයේ අභියෝග වලට මුහුණ දෙන්න. ජිවිතේ දුෂ්කරම කාල තමයි ගොඩක්ම ලස්සන.
ඉතිං වෙහෙසකර දින, සති, මාස, අවුරුදු මේ සියල්ලට ඔබට ඉවසිමෙන් ගමන් කරන්නට සිදු වේ.

*බොහෝ විට ඔබ ගත යුතු නිවැරදිම තිරණය නම්, ඔබට ගැනිමට ඇතී අපහසුම තීරණය වේවි.*

Good Luck🪶

❤️ හීන ජයගමු 🎓

27 Oct, 03:12


ඔයා දිහා දවස පුරාම මායාකාරියක් බලාගෙන ඉඳලා පුංචි ළමයෝ.....!
මේ පණිවිඩය එයා දෙන්න කිව්වා ඔයාට !

" ඔයා සැකෙන් බයෙන් ඉන්න කිසිම දෙයක් වෙන්නේ නෑ ! කිසිම නරක දෙයක් වෙන්නේ නෑ !
ඒ වගේම මං දැක්කා ඔයා ළග තියෙන නරක පුරුද්දක්. ඔයා ඕනවට වඩා හිතනවා විතරක් නෙමෙයි ඔයා ඔයාට ආදරේ මදි ! ඉතිං අද ඉඳන් ඕනවට වඩා හිතන්න එපා ! ඒ වගේ ම ඔයා ඔයාට ආදරේ කරන්න කාටත් වඩා ! ඔයා ජීවිතේ දිනනවා අනිවාර්යෙන් ම ! "

- Gumiho's Diary -

❤️ හීන ජයගමු 🎓

25 Oct, 15:01


උඹ දවසක දිනන්නම ඕනේ බං...
උඹ තාමත් පරක්කු නෑ...
උඹට අතීතේ වෙනස් කරන්න බැරි වුණාට, පුළුවන් බං ගොඩ නැගෙන අනාගතයට වටිනාකමක් දෙන්න...
මේ දැන් ඉඳන් පටන් ගනින්...
දිනලම ඉවර කරපන්...😈

❤️ හීන ජයගමු 🎓

24 Oct, 02:26


⌛️⌛️⌛️⌛️⌛️

*කාලය,*

*මේ ලොකේ මිලක් අධිකව දෙන්න පුළුවන්  මොකක්ද කිව්වොත් මන් නම් දෙන පිළිතුර තමා කාලය!*

   *ඇත්තෙන්ම කිව්වොත් කාලයට මිලක් නැහැ. එය අපිට නොමිලේම ලැබෙනවා. අද ඔයා දවස අලුතින් පටන් ගද්දි මේ පෝස්ට් එක කියවනවා වෙන්න පුළුවන්. නැත්නම් මැදදි,* *එහෙමත් නැත්නම් අවසානෙදි කියවනවා  වෙන්නත් පුළුවන්,*
*ඒත් පොඩ්ඩක් හිතලා බලන්න ඔයා ඔයාගෙ කාලයට නිසි වටිනාකමක් දෙනවද කියලා,* *ඊයෙ දවසෙ ඔයා බලාපොරොත්තු උන සාර්ථකත්වයට ඔයා ගියාද කියලා හිතල බලන්න🔑*
  *කාලය නිසි විදියට භාවිතා නොකරපු නිසා නේද දැන් ඔයා 2nd, 3rd shy ආයම exam  එක කරන්නෙ? ඔයාම හිතලා බලන්න.*
  *අපි අපිට හම්බෙන කාලය තුළ අදාළ අපිට උචිත කාර්‍යයන් කල යුතුමයි. එහෙම නොවුනොත් අපිට වෙන්නෙ අතීතය ගැන හිතමින් ඔබේ වටිනා කාලය නැවතත් විනාශ කර දැමීමටමයි. ඉතින් අපි හැමෝම  අපෙ වටිනා කාලය විනාශ කරන එක නවත්තා දැමුවොත් ඔයා බලන්න ටික දවසක් යනකොට ඔයාගෙ සාර්ථකත්වය දියුණු වෙන හැටි🕊*
*කාලය කියන්නෙ අපිට මේ විශ්වයෙන් ලැබුණු ත්‍යාගයක්🎁🎊*

ඒක වටිනා විදියට භාවිතා කරන්න🤫

ඔයාට සුබම සුබ දවසක්🤗🍃🌸

මම,
> බුද්ධි ☺️


•• හීන💫🎓🌎 ••

❤️ හීන ජයගමු 🎓

22 Oct, 22:35


*උඹේ ලෝකෙ බොස් උඹ ❤️*

උඹට පුළුවන් උඹව පාරට ඇදල දාන්නත්
මාලිගාවක අයිතිකාරයා කරන්නත්
ඒ මොන දේවල් නැති උනත් සතුටින් තියන්නත්
මොන දේවල් තිබ්බත් දුකින් තියන්නත්
උඹටම තමා පුළුවන්

තමන්ගෙ ගෞරවය තියාගෙන පාඩුවේ ඉන්නත්
ඕනවට වඩා කරන්න ගිහින් ලාබ වෙලා බාල වෙන්නත්
තමන්ගෙ පාඩුවෙ ඉඳං සතුටින් ජීවත් වෙන්නත්
අසීමාන්තිකව අනුන්ගෙ වෙන්න ගිහිං විනාස වෙන්නත්

හැමදේම නැති කරගෙන විඳවන්නත්
තියන දේවල් රැකගෙන නිදහසේ ඉන්නත්
ඕන නැති කුනු ඔලුවට දාගෙන ස්ට්‍රෙස් වෙන්නත්
අහක යන තොප්පි ගනං නොගෙන ගැම්මට ඉන්නත්

ලව් මත්තෙ නැහිල ඩිප්‍රෙශන් වලින් මතුවෙන්නත්
බැඳීමක් පටං අරං සුසානයෙන් ඉවර වෙන්නත්
සමයමකට කාලෙ වෙන් කරල නාස්ති වෙන්නත්
අවංක හිතක් නැතුව වටේ ගිහිං බඩුවක් වෙන්නත්

කවුරු කොහොම කිව්වත් උඹ උඹ ගැන දන්නවනම්
උඹට උඹව වටිනවනම් පැහැදිලි නම් දන්නවනම්
තමන්ට තමන් විස්වාසයි නම් අවංකයි නම්
කාටවත් බෑ උඹට උඹ කවුද කියන්න

*උඹ උඹටම ඒක පෙන්නනවනම් ❤️*


*❉⃟࿔ꦿ🪦අනාගතයට පියවරක්🪦➤᭄ ᭄ ࿓*


> ලසා ❤️

❤️ හීන ජයගමු 🎓

20 Oct, 08:43


*ඔයත් දවස තිස්සේ ෆෝන් එකටම addict වෙලා ද....එහෙනම් ටිකකට හිතන්න ෆෝන් එක නැතිව තියෙද්දී ඔයා කොච්චර හොඳට ඔයාගේ එදිනෙදා වැඩ කලාද .දැන් ෆෝන් එක ඔයාව වහලෙක් කරන් ඇති . අද school යන ලමයි ගොඩක් අයට ප්‍රශ්නයක් මේ ෆෝන් එක.....මන් හරි ඇති ගොඩක් දුරට ....එහෙනම් අපිට මේකෙන් බේරෙන්න විදියක් ඇත්තෙම නැද්ද තියනවා ඒත් ටිකක් ඔයා ඔයාවම පාලනේ කර ගන්න ඕනී...👇*

_⚜️උදේ දවස ආරම්භ කරන්නෙයි අවසානය කරන්නයි ෆෝන් එක use කරන්න එපා....._

_⚜️දවස ආරම්භ කරන විට ෆෝන් 📱එක full charge තියා ගන්න එපා .එකෙන් ඔයා වැඩි කාලයක් ෆොන්📱 එකට වෙන් කරන නිසා..._

_⚜️අනවශ්‍ය වෙලාවට ෆොන් 📱එක ඇස් මායිමෙන් ඉවත් කරන්න ._

_⚜️Notification off කරන්න._
_ඔයා දන්නවද ෆෝන්📱 එකේ fb .w.app.instergram වගේ app හදලා තියෙන්නේම ඔයාව addict වෙන්නමයි._

_⚜️අනවශ්‍ය app uninstall කරලා තියන්න අවශ්‍ය වෙලාවට බ්‍රව්සර් එකෙන්ම log වෙන්න ._

_⚜️Charge කරද්දී ෆොන් එක📱 ඇස් මායිමෙන් ඉවත් කරන්න .ඒ වෙලාවෙත් පාඩම් කරන්න ._

_⚜️දවසක කුඩා කාලයක් විතරක් ෆෝන්📱 එකට වෙන් කරන්න ._

_⚜️ වෙලාව බැලීමට .කැල්කියුලේටර් එක වෙනුවට ෆෝන් use කිරීමෙන් වැලකී ඒ වෙනුවට ඔරලෝසුව .කැල්කියුලේටර් එකක් use කරන්න ._

_⚜️ෆෝන් 📱එකේ colours වෙනස් කරන්න .බ්ලූ ලයිට් ෆිල්ටර් වැනි app use කරන්න ._

_⚜️ෆොරස්ට් වැනි app usbe කරන්න ._

*මේ වගේ දේවල් වලින් ඔයාලට ෆෝන් එකට වහල් නොවී සිටිමට උදව්වක් වෙයි.....*



>
#paba.....✍️

❤️ හීන ජයගමු 🎓

17 Oct, 04:11


_🧍‍♂:සුදු මැණික.....❤️ ඔයා Mk?_
_🧍‍♀:පාඩම් කරනවා. ඔයා mk සුදු ?_

_🧍‍♂:මුකුත් නෑ දැන්නම්. කෑවද මැණික..._
_🧍‍♀:තාම නැහැ බබා. ඔයා ?_

_🧍‍♂:මාත් නැහැ තවම. කමුකෝ බබා_
_🧍‍♀:ම්ම්.. කමු බබා. මම මේ ටිකත් බලලාම කන්නම්. ඔයා කන්නකෝ..._

_🧍‍♂:අනේ එහෙම බැහැ මැණික... ඔයත් ගිහින් කන්නකෝ..._
_🧍‍♀:❤️❤️❤️❤️_

😂😂😂😂 love...මොකක්ද ඒක... love එක.
කන එකයි බොන එකයි නාන එකයි ඔක්කොටම උපදෙස් දෙන love එක....🤪

අයියෝ කිණ්ඩියට හිනාවුණේ නැහැ.😉
බෙරේ බැදගත්ත ප්‍රේමවන්තයන්ට නෙමෙයි මම මේ කියන්නේ...😁
ආසාවෙන් බෙරේ ගහන්න සහ ඒ ගහන පදේට නටන්න පෙරුම් පුරන තනිකඩ සෙට් එකට....🙃

අනේ රත්තරනේ රට පැටලෙන ලව් කට්ටක්නම් දැන්ම දාගන්න එපා....😋
පේනවනේ තියන ආදරේ.
ඕක දෝරේ ගලන්නේ මාස දෙක තුනයි...

පාඩම් වැඩක් කරගෙන අයින් වෙලා පයින් යන්න. ⚡️⚡️
*දිනුම් කනුව 🔺අතේ දුරින් දකුණු පැත්තේ තියෙද්දි ,*
වමට හරවලා වේගෙන් යන බස් වලට නගින්න තියා ඇහැක් ඇරලවත් බලන්න එපා.😎

පාඩුවේ යන තරමට ගමන සුබයි.....

*ජය වේවා !*
> මැන්ඩි

ලව් කරමු හරි කාලෙට....😍⚡️

❤️ හීන ජයගමු 🎓

14 Oct, 14:46


*ප්‍රේමය නොලැබුන හිමිව අහිමිවූ අත්හැරුනුන්ට හුදෙක් ප්‍රේමය කරුමයකි...*


*ප්‍රේමය ලැබෙන, රවටන තම ප්‍රේමයට ගෞරව නොකරන වුන්ට ප්‍රේමයද ක්‍රීඩාවකි...*


*කෙසේ වුවත් ප්‍රේමයට ප්‍රේම කරන වුනුන්ට ප්‍රේමය වනාහි ජීවිතයයි විශ්වාසයයි...*


*මා දන්නා , මා හට හැගෙන පරිදි ප්‍රේමය නම් උගුලකි රැයක් දවාලක් නොමැතිව අනෙකා නිසා දැවන්නකි හුදෙක් ප්‍රේමය නම් උගුලකි 😌😂💣*


*_ඉතින් ඉස්සල්ලා ඉගෙන ගනින් නැත්තම් අවසානෙට දුකක් යන්න ඕන වුන් ගියාපුවාම උබට උබ විතරයි මට මං විතරයි ඒ නිසා මේ කාලේ ඉගෙන ගනින් නැත්තම් කරපු ගොං වැඩ වලට නිවාඩු දාලා දුක් වෙන්න වෙන්නේ 😁_*

*පාඩම් කරපන්, සතුටින් ඉන්න 😁❤️*

> Nimmi ✍️

❤️ හීන ජයගමු 🎓

13 Oct, 09:33


*ඔයාගෙ ජීවිතේ රජ /රැජින ඔයාම වෙන්න....*🪻🤍

ඔයාට මේ ජීවිත ගමනෙදි එන කරදර බාධක හමුවෙ...එකම අරමුනෙන්...ඔයාව දරගෙන ..හැමදේකටම මූන දෙන ගමන් මේ ප්‍රශ්න හැමදේම දරාගන්න ඔයාට ඔයාම ඇගයීමක් දෙන්න..🪻🤍

එ ඔයාගෙ ජීවිතෙ *උසස්ම තැන ඔයාට දෙන්න...*🪻🤍
ඔයාගෙ ජීවිතේ වීරයා *ඔයා*🪻🤍

ඉතින් මේ ඉඩෝර රලු කටුක කාලය දරාගෙන ඉස්සරහටම යන්න...*ඔයාගෙ වසන්තය අත ලගයි...*🪻🤍

ඉතින් ඒ *ජයග්‍රහණයයේ..කිරුළ ඔයාටම පලදගන්න දවස වැඩි ඈතක නෙමෙයි...*🪻🤍👑

ඉතින්...*ඔයා දිනනවමයි...*🪻🤍

මේ *ජයග්‍රහණයේ කිරුළ ඔයාගෙ...*🪻🤍👑

*" ඉතිං හැමදේම හොදින් වෙයි "*

*~ අවුරෝරා...✍🏻🪻🤍*

🌎 *𝙻𝙰𝚆 𝙾𝙵 𝚄𝙽𝙸𝚅𝙴𝚁𝚂𝙴 𝚆𝙸𝚃𝙷 𝙰𝚄𝚁𝙾𝚁𝙰*

❤️ හීන ජයගමු 🎓

11 Oct, 08:25


අනිවාරෙන්ම.....❤️👊💯

❤️ හීන ජයගමු 🎓

07 Oct, 23:50


*සමහර විට මේ ගෙවෙන්නේ ඔයාගෙ ජීවිතේ අමාරුම දවස් ටික වෙන්න ඇති...*

*ඕනෙමයි කියලා හිතුන දේවල්ම නැති වෙලා යනකොට අමතක කරන්න බැරි මතක එක්ක තනි වෙනකොට ඒ දැනුන හැඟීම තාමත් වචන කරගන්න බැරුව ඇති...*

*නැගිටින්න නැගිටින්න ආයේ වැටෙනකොට මොකට මේක කරන්න ගත්තද කියලා හිතෙනවා ඇති...*

*ඔව්. ඇයි ඔයා පටන් ගත්තේ ???*
*ඔයාගෙන්ම අහලා බලන්න...*

*මේ වෙලාවේ තමයි ඔයාගේ ජීවිතේ ඔයාගෙ හීන ඔයාට අත්හැරෙන්න නොදී අල්ලගෙන ඉන්නම ඕනේ...*

*පටන් ගත්තනම් ඉවර කරන්න...*
*මගින් නතර නොවී...*
*යන්න පුළුවන් උපරිම හොඳම තැනට යන්න...*

*ඒ හීන සැබෑ උන දවසට හැම දරාගැනීමක් වෙනුවෙන්ම ඔයාට පුළුවන් ඔයා එක්කම හිනා වෙන්න...*


#Dk_Cc
> 🌻🍃 Vindu

❤️ හීන ජයගමු 🎓

06 Oct, 22:58


ගස් අස්සෙන් කඳු අතරින් හිරු එළිය අරන් පියාඹන පුංචි සුරදූතයෙක් ඔයාට ලියුමක් එවලා 🌞

" ආදරණීය මාව නොදන්න ළමයෝ ,
මම ඔයා දිහා බලාගෙන ඉන්න පුංචි පියාබන මායාකාර යාලුවෙක් !

ඉතිං මං ඔයාට හරි ආදරෙයි.ඒ නිසා ම ඔයාගේ ජීවිතේ හැඩකරන්න පුංචි රහස් ටිකක් ගෙනාවා.

ඒ රහස් කියන්න කලින් මට කියන්න ඕන , මට ඔයා ගැන ගොඩක් ආඩම්බරයි ! ඔයා ජීවිතේ හැමදෙයක් ම දරාගෙන ඉස්සරහට යනවා බලන් ඉන්න මට ඔයාව අගය කරන්න වචන නෑ !

අද ඉඳන් උදේ පාන්දර ම ඔයාගේ ජීවිතේ ට ස්තූතිවන්ත වෙන්න. දන්නවද අවදි වුණු ගමන් ම ඔයාගේ හුස්මට ස්තූතිවන්ත වෙන්න පුරුදු වෙන තරමට ඔයාට සොබාදහම ආදරෙන් ළං වෙනවා .

ඒ විතරක් නෙමෙයි ,
ඔයා ඔයාට උදාවෙන හැම දවසක ම ආදරේ කරන්න ඕන. ඇයි දන්නවද එහෙම ආදරේ කරන තරමට , ඔයාට අවශ්‍ය හැමදේම ඔයා වෙතට ආකර්ෂණය වෙනවා හරිම ඉක්මනට !

මාව විශ්වාස කරන්න !

ඒ වගේම අද ඉඳන් උදෑසනට ධනාත්මක ස්වයං යෝජනා කියවන්නත් අමතක කරන්න එපා !
ධනාත්මක ස්වයං යෝජනා කියන්නේ මායාකාර මන්තර , ඒ මායාකාර අකුරු හිතාගන්න බැරි තරම් පුදුමාකාර ආශ්චර්යයන් ඔයා වෙතට අරන් එනවා !

මේ තියෙන්නේ ඒ වගේම මායාකාර අකුරු , දැන් සන්සුන් වෙලා කියවන්න !

'මගේ ජීවිතය ට ස්තුතියි !
මම හුස්ම ගන්නවා. මගේ හුස්මට ස්තූතියි !
මම සෞඛ්‍ය සම්පන්නයි !
මම ඉතාමත් ශක්තිමත් !
මම මානසිකව සුවයෙන් සිටිමි !
මම කායිකව සුවයෙන් සිටිමි !
මගේ ජීවිතය ට අවශ්‍ය සියලුම දේ මා වෙතට ආකර්ෂණය වෙනවාට ස්තූතියි !
මම බලාපොරොත්තු වෙන සියලුම යහපත් දේ ඉක්මනින් ම ඉෂ්ට වෙනවාට ස්තූතියි !
විශ්වයට ස්තුතියි !
මම සතුටින් ! මම ආකර්ෂණීයයි !'

ඉතිං දන්නවද
අද ඔයාගේ ජීවිතේ ලස්සන දවසක් !

අද හැමදේම සාර්ථක වෙනවා ! "

මීට ආදරෙන් ,
සොබාදහම ට අයිති පුංචි සුරදූතයෙක් ...

- Gumiho's Diary -

❤️ හීන ජයගමු 🎓

05 Oct, 11:15


*පාස් උනොත් ඉහළින් අගයන ෆේල් උනොත් බල්ලගෙ ගානට දාන exam එක " AL "*

*උබේ ජීවිතේ එන අමාරුම කඩයිමක් මේක*

*උබ අමාරුවෙන් නිදිමරන් පාඩම් කරපන් පුතේ..*

*මේ වෙලාවේ උබ හෙම්බත් වෙලා ඉන්න වෙලාව*

*හිතපන් සමහර උන් මේ වෙලාවට කාලකණ්නී වගේ නිදන් ඇති*

*උබ ඒකෙන් ප්‍රයෝජන ගනින් උපරිම*

*උබට පුළුවන් . උබේ අනාගතේ තියෙන්නේ උබේ අතේ*

*ඔලුව කැක්කුම් එනකන් පාඩම් කරපන්..*

*ඇස් රිදෙනකන් පාඩම් කරපන්*

*උබ මතක තියාගනින්..*

*මේ මන් උබට කියන උබේ ගැන අනාවැකිය..*
*" උබ exam පාස් වෙනවා "*

අනිවාර්යයෙන්ම...❤️‍🔥

❤️ හීන ජයගමු 🎓

04 Oct, 02:42


දිනන්න ඕනෙනම් මුලින්ම පටන්ගන්න කලින් අතෑරලා දාන එක නවත්තන්න.

ඔබ සිටින තැනින් ඉදිරියට යන්න අවශ්‍යනම් මුලින්ම ඔබේ පළමු පියවර විශ්වාසයෙන් ඉදිරියට තියන්න.

ඉන්න තැන අදාළ නෑ.යන්න ඕනේ තැනට වැඩ කරන්න.

පුංචි පුංචි වැහි බිංදු ගොඩක් එකතුවෙලා තමයි වතුරින් පිරුණු වැවක් හැදෙන්නෙ.

ඒ වගේ ඔබ ඉදිරියට තියන පුංචි පුංචි පියවරවල් තමයි දිනක ඔබව සාර්ථකත්වය කරා ගෙන යන්නෙ.

ඉතින් පොඩියට පටන් ගන්න.ලොකුවට ඉවර කරමු.


✍️_D|a|r|K_C|h|O|c_🍫

❤️ හීන ජයගමු 🎓

29 Sep, 12:15


ගෙවී දින සති මාස 😣
මතකයි එදා තවමත් ආපු එ දවස(Al වලට) 😌
හීන ගොතමින් සොදුරු හන්තානයට ❤️
ගැම්මෙන් වැඩ කරා මුල් දවස් ටික💪
කාලයත් නොදැනීම ගත වෙලා බව 😐
ඇයි නොදැනුනේ මගෙ පොඩි හිතට 😢
කෙමෙන් සිත්තම් කල එ සොදුරු හන්තාන සිහිනය 🌼
මන්ද අතර මග නැවතුනේ මෙලෙස 😣💔
තේරුණා මා කල එ වරද
දැන් ඉතින් ගිය දේ ගියා 😒 මොනවා කරන්නද
රිසාල්ට් අඩු වී ඇත මේ පාර😬
දැන් ඉතින් හිනා වෙනවා ගමේ මහා ගැනු ටික 🤐
උන් දන්නැනේ මන් පාඩම් කරේ නැති වග 🤥
හිතනවා ඇති පාඩම් කරලත් මට බැරි බව 😏
දෙන්නම් වැඩේ ඊළඟ ශයි එකේ රිදෙන්නම
දැන්ම යනවා පොත් මේසෙ ළඟට🤩
නිදි කියන වචනෙවත් දන්නේ නැ මන් දැන් සිට 🥵


> #හීන ජයගමු

❤️ හීන ජයගමු 🎓

28 Sep, 10:46


*++ උබට හීනයක් තියේද*

*--  ඔව් බං එකක් නෙමේ දෙක තුනක්ම තියෙහ්*

*++ කොහෙද උබේ හීනෙ උබ තියාගෙන ඉන්නේ*

*-- හිතේ තමා බං කවදා හරි හැබෑවෙනකන් හිතේ තියාගෙන් ඉන්නවා*

*++ උබට සල්ලි තියේද බං*

*-- ඒම මහලොකුවට නෑ බං*

*++ එහෙනම් ඒ හීන හැබෑකරගන්නේ කොහොමද*

*-- පස්සෙ කාලෙක ඒවා හැබෑවෙයි බං ඉතින්*

*++ මොනවද දැන් උබ ඒ වෙනුවෙන් කරන්නේ*

*-- ඒම විශේෂයක් නෑ බං ඉතින් වැඩ කරනවා ඉතින්*

*++ ඒම බැහැ යකෝ*
*++ ඔහොම හිතලානම් බෑ බං හීනේ හිතේ විතරක් තිබිලා බෑ උබේ ඔය ඔලු ගෙඩිය ඇතුලෙත් තියෙන්න ඕනී..*
*++ මුලින්ම ඔය හීනවලට පනදෙන්න පුලුවන් කෝමද කියලා හිතන්න ඕනී පුලුවන්නම් නෝට් කරගන්න ඕනී ඊට පස්සේ ඒ හීනෙට පණ දෙන්න පුලුවන් වෙන්න පියවර කීපයක් හදාගන්න පියවර කිවේ ඉලක්ක කීපයක්*

*-- ඊට පස්සේ බං*

*++ මෙහෙමයි ඉතින් මට ඉලක්ක කියලා දෙන්න බෑ ඒවා උබම හදාගන්න ඕනී උබේ හීනේ අනුව උබ උබේ ඉලක්ක අදුනගෙන් ඒවා සම්පූර්ණ කරගන්න පුලුවන් තරම් කැපවියන් මොකද උබ කරබාගෙන ඉදියා කියලා උබට් උබේ හීන නිකන් පහල වෙන්නේ නෑ ඒවාට වැඩ කරලා ටිකෙන් ටික හීනේ පාට කරගන්න ඕනී තමන්මයි.. උබට ඒක තේරුනාද*

*-- ඔව් බං තේරුනා එතකොට මං කොහොමදා ඒ ඉලක්ක හදගන්නේ නිකන් කෙටියෙන් කියහන්කෝ මං ආදේශ කරලා මට ගැලපෙන්න හදාගන්නම්*

*++ උබ හිතනකෝ උබට ගණකාදීකාරියෙක් වෙන්න ඕනී කියලා දැන් උබ තාම සාමන්‍ය පෙලවත් ලියලා නෑ කියලා හිතාගනින් හරිදා ඊට පස්සේ උබ අනිවාරෙන් සාමාන්‍ය පෙල පාස් වෙලා උසස් පෙලට වාණිජ්‍ය ඉගෙනගන්න ඕනී ඊට පස්සෙ ඉහලම සම්මාන පිට විශ්ව විද්‍යාල ප්‍රවේශ ගන්න ඕනී ඔය වගේ ඉලක්ක තමා බං*

*-- හරි බං ස්තූතියි*

*++ හරි බං වැඩ කරහන් උබට පුලුවන් ගේම ගහපන් දවසක් උබ උබේ හීන පාට කරගනී..*


>
#ගෙත්මිණ_බණ්ඩාර

❤️ හීන ජයගමු 🎓

27 Sep, 12:51


*බයෝ maths ද කරන්නෙ*

*එහෙනම් A/L ගොඩයන්න ඕනෙනම් සරලවම මේ ටික කරපන්*


*🔥ටියුශන් ක්ලාස් 3 කට විතරක් පලයන්*

*🔥රැල්ලට ක්ලාස් නොයා ගිය අවුරුදු වල හොඳට රිසාල්ට් තිබුන , සිලබස් එක කලින් ඉවර කරපු , පේපර්ස් වැඩිපුර කරවපු ගුරුවරු ගාවට ක්ලාස් පලයන්*

*🔥 සබ්ජෙක්ට් 3 ටම පේපර් ක්ලාස් පලයන්*

*🔥ස්කෝලේ ගිහින් හොඳට ප්‍රැක්ටිකල් ටික කවර් කරගනින්*

*🔥ස්කෝලෙ ගිහින් ආතල් නොගෙන සර්ලා මැඩම්ලගෙන් අමාරු ප්‍රශ්න හරි අහගෙන ගේමක් ගහපන්*

*🔥සබ්ජෙක්ට් 3 ට පේසුරු පාස්ට් පේපර් පොත් සෙට් එකම ගනින්*

*🔥 පිසිස්ක් වලට රෝසා සර්ගේ විවරන පොත් සෙට් එක ගනින්*

*🔥කෙමට ෆාරිස් සර්ගෙ හරි රංග සර්ගෙ හරි විවරන සෙට් එක ගනින්*

*🔥 බයෝ වලට ධර්මකීර්ති සර්ගෙ විවරන සෙට් එක ගනින්*

*🔥පේසුරු පාස්ට් පේපර් කර කර ඔය විවරන ටික පට්ට ගහපන්*

*🔥 පාස්ට් පේපර් වලට අනිවාර්යයෙන්ම තනියම විවරන ලියපන්*

*🔥 පාඩමක් ඉවර කරපු ගමන් අනිවාර්යයෙන්ම ශෝට් නෝට් එකක් සමරියක් ගහපන්*

*🔥 එකම පාඩම 4,5 වතාවවත් බලපන්..පාස්ට් පේපර් ටික 3,4 වතාවක්වත් කරපන්.අමාරු ප්‍රශ්න ආය ආය කරපන්*

*🔥 ලව් කරන එක නවත්තපන්. A/L ඉවරවෙලා ඕන මල ඉලව්වක් කරගනින්*

*මල්ලි නංගි උබලට මෙඩිසින් ඉංජිනේරින් යන්න ඕනෙනම් මේ විදිහට වැඩ කරපන්.මම මෙඩිසින් යන්න වැඩ කරෙත් ඔහොම.මම මේ විදිහට කරල මෙඩිසින් ගියපු නිසයි උබලට බය නැතුව මෙහෙම කරපන් කියන්නෙ*

*අම්ම තාත්තගෙ සල්ලි විනාස නොකර පුළුවන් තරම් මහන්සි වෙලා ගේම ගහපන්.මේ කාලෙ හැමෝටම අමාරුයි.උබලට කන්න බොන්න දෙන්න ක්ලාස් යවන්න උබලගෙ අම්ම තාත්තා නොවිඳිනා දුකක් නෑ..සමහරවිට ඒ මිනිස්සු උදේට නොකා වෙන්න ඇති වැඩට ගිහින් වාරු නැතුව බඩගින්නෙම වැඩ කරල උබල වෙනුවෙන් හම්බ කරන්නෙ.ඒ දාඩිය මහන්සියට ගරු කරපන්*


> -copied

3,005

subscribers

1,959

photos

403

videos