එල්සා @elzacd Channel on Telegram

එල්සා

@elzacd


එල්සා (Sinhala)

එල්සා නම්, වර්ගයේ පෙරහන්, හා කැරැනල්ගේඩ් විස්තරය ඇත෋නු. එවුන් ජංගළුල චැනල් කැනල් වෘත්තාවකට සහිතවුණා. ශ්රී ලංකාවේ සෞභා සටහන් අක්කිගෝ කුන්චස් සේවන් හා කොටුවේ හඬ වර්ගයා කෝට් කරයා. ඉක්මන් වේඩ්ස්, අවසන් අවස්ථාව, ගෝඩ් එකතු වේඩ්ස් හා කෝකම්ඩ් වලට සහිතවුනා. හා කොළඹ, කෙසෑගේහේ බස්වල ශ්රී ලංකාවේ බල්ලු මහ සංචාරයට සහභාගී මේජි. එවුන් චැනල එක සම්බන්ධ වේඩ්ස්, වේදිකාව, ජීවේ, ගැලවුනු කෙටි සහ සත්ගේ විශේෂණයන් සහිතවුණා. එල්සා හරන පෙරහන් මහ සංචාරයට සහ෷ාගී මේජිකතාවයේ හාසිත වේ. මේජිගේ ගුවන් යොචරයේ විස්තරයන් ඇත්නද, කරැනා හොඩි සෞභායට ලිප් කළ හොඩිකතා මේජිට දක්වා ඇතිා. මේජිට ඉතා සම්බන්ඳ වේඩ්ස් හා එඩිටෙඩායාන් හා සේවන්, සුබ ගා්. එල්සා චැනල මේජිට සම්බන්ධ, සාක්ෂිත, පුහුණු හා නික්මේබර් හා සාක්ෂිත යාෂයන්ට ලිප් කළ හොඩිකතා ලබාදීමේ හාසිතයයි. එල්සා සමග සම්බන්දයෝබ වේඩ්ස් සහ හිටයා. එල්සා චැනල සාධාරයේ සහිතවුණා. පෙරහන්, වැදගත්, විධානා, ගැලවුනු හා සත්ගේ විශේෂ සෞභායන් සහිතවුණා.

එල්සා

06 Feb, 21:32


පල්හෑලි දොළොස්වන දිගහැරුම!

පෙබරවාරි 9 වනදා රෑ 7.30ට Facebook සහ YouTube ඔස්සේ!

එක්වන්න අපි එක්ක පල්හෑලි කියවන්න!

සර්ගෙන් ප්‍රශ්න අහන්න තියෙනවා නම් පහල Link එක click කර group එකට join වෙන්න!

Link: https://t.me/CDPalHali

එල්සා

04 Feb, 16:52


❤️
චරිත සර් ලියපු අළුත්ම සිංදුව අහන්න.
❤️

Thusith Simpson - Mata Numba Danenawa | මට නුඹ දැනෙනවා
🎵

▶️ YouTube Link:-
https://youtu.be/Xgz3Vl1z3jo

✘ Performed by Thusith Simpson
✘ Lyrics Written by Charitha Dissanayake
✘ Melody and Music: Thusith Simpson 
✘ Mix & Master - Manjula Bandara @ Sense Music Studio

Ahasa Media Works.

එල්සා

23 Jan, 11:00


1932 වර්ෂයේ පැවැති ජනාධිපතිවරණයෙන් 30% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් දෙවන ස්ථානය හිමිකරගත් හිට්ලර්ව ජර්මානු ජනාධිපති Paul Hindenburg විසින් ජර්මානු චාන්සෙලර් ධූරයට පත් කරන ලදී. ඒ හිට්ලර්ව තම රූකඩයක් ලෙස භාවිතා කරලීමට හැකිවේ යැයි සිතාය. නමුත් එය එසේ නොවිනි. 1934 වර්ෂයේදී Hindenburg ගේ මියයාමත් සමඟම ජර්මනියේ සම්පූර්ණ නීත්‍යමය බලය හිමිකරගැනීමට හිට්ලර් සහ නාට්සි පක්ශය සමත්වූයේ අන් පක්ශයන් සියල්ලම බලහත්කාරයෙන් විනාශ කරලමිනි. ජර්මනියේ පාලකයා වූ හිට්ලර්, ජර්මානු ත්‍රිවිධ හමුදාවේද නායකයා විය. හිට්ලර් විසින් ලෝකයේ පිරිසිදුම රුධිරය හිමි වනුයේ ජර්මානුවන්ට බව ජනතාවගේ මනසට කාවද්දන ලදි. ඔහු විසින් ඔහුට අතිශයින් පක්ශපාතී හමුදාවක් වූ Schutzstaffel (SS) ක්‍රියාත්මක කරවා ජර්මනිය එක් තනි විශාල ඉලක්කයක් කරා ගෙන යන ලදී. ඒ ඉලක්කය වුයේ යුද්ධයයි. නමුත් එයට තිබූ ප්‍රධානතම බාධකය වුයේ ජර්මනියේ දැඩි ආර්ථික අවපාතනයයි. හිට්ලර් විසින් සෑම විටම උත්සාහ කරන ලද්දේ පලමුවන ලෝක යුද්ධයේදී ඔවුනට හිමිවු පරාජය සදාකාලික එකක් නොවන බව ලෝකයාට පසක් කර දීමටය. වර්තමානයේ පවතින Porsche, Volkswagen, Mercedes-Benz සහ BMW සමාගම් සැබැවින්ම දෙවන ලෝක යුද්ධය වෙනුවෙන් යුධෝපකරණ නිශ්පාදනය කරන ලද සමාගම් විය. Versailles ගිවිසුමෙන් ජර්මානු හමුදා ප්‍රමාණය ලක්ෂයකට සීමාකර තිබුනද එය අවසානයේ මිලියන 3.7 දක්වා වර්ධනය වී තිබිනි.

1939 වර්ෂයේ සැප්තැම්බර් මස පළමුවනදා ජර්මානු හමුදාවන් පෝලන්තය ආක්‍රමණය කරලනුයේ දෙවන ලෝක යුද්ධය ආරම්භ කරලමින් ප්‍රංශය සහ එක්සත් රාජධානිය යුද්ධයට ඇදාගනිමිනි. 1940 වර්ෂයේ අප්‍රේල් මාසයේදී හිට්ලර්ගේ අණ පරිදි ජර්මානු හමුදාවන් ඩෙන්මාර්කය සහ නොර්වේ රාජ්‍යය ආක්‍රමණය කරන ලද්දේ හිට්ලර් විසින් හඳුන්වාදෙන ලද Blitzkrieg යුධ උපක්‍රමය භාවිතා කරලමිනි. එහි මූලධර්මය වූයේ සතුරාගේ දුර්වලතම ස්ථාන වලට පහරදීම වෙනුවට ඔවුනගේ ශක්තිවන්තම ස්ථාන වලට ඉතා වේගයෙන්, ක්ශණිකව සහ මනා සන්නිවේදනයක් සහිතව ප්‍රභල ප්‍රහාර දියත් කරලීමයි. 1940 වර්ෂයේදී බෙල්ජියම සහ නෙදර්ලන්තය අත්පත් කරගනිමින් ඉදිරියට ඇඳුනු ජර්මානු හමුදාවන් යොදාගත් Blitzkrieg උපක්‍රමයන් කොපමණ සාර්ථක වූවාදැයි කිවහොත් සමස්ථ ප්‍රංශයම සති 6ක් තුළදී ජර්මානු හමුදාවන් ඉදිරියේ දනින් වැටෙන්නට විය. හිට්ලර්ගේ ප්‍රභල භාෂා විලාසය සහ පෞර්ශත්වය හේතුවෙන් සමස්ථ ජර්මානු ජනතාවම සහ හමුදාවම ඔහුට දැඩි සෙයින් පක්ශපාතී විය. ප්‍රංශ ජයග්‍රහණයෙන් උදම් ලබමින් සිටි හිට්ලර් 1941 වර්ෂයේදී සෝවියට් දේශය ආක්‍රමණය කරලනුයේ මිලියන 3කට අධික හමුදාවක් සමඟිනි. ජර්මානු හමුදාවන් හට සෝවියට් දේශයේ කීලෝ මීටර 480ක් ඇතුලට අත්පත් කරගැනීමට ගතවුයේ කිහිප දිනක් පමණි. නමුත් හිට්ලර් ප්‍රමුඛ නාට්සි ජර්මනියේ සැබෑම පරාජය ආරම්භ වූයේ, ගින්නෙන් දැවී අළු මතින් නැගී සිට ලෝකයම මවිතයට පත් කල සෝවියට් හමුදාවන්ගේ නොපසුබස්නා උත්සාහයෙනි. 1941 වර්ෂයේ දෙසැම්බරයේදී ජපානය විසින් ඇමෙරිකාවට අයත් පර්ල් වරායට පහරදීමෙන් පසුව ඇඩොල්ෆ් හිට්ලර් විසින් ඇමෙරිකානු එක්සත් ජනපදයට එරෙහිව යුධ ප්‍රකාශ කරන ලදී. ඒ ලෝකයේ බලවත්ම රටවල් ද්විත්වය සමඟ යුධ ගිනි අවුළුවාගනිමිනි.

හිට්ලර් කෙතරම් දක්ශ උපායමාර්ග යොදන්නෙකු වුවද ඔහුගේ සමහර තීරණ ඔහුගේ දේශයට හිමිකරදුන්නේ පරාජය පමණකි. ඔහුගේ ප්‍රධාන ජනරාල්වරුන් සෝවියට් දේශය ආක්‍රමණය කරලීම අනුවණ තීරණයක් යැයි දිගින් දිගටම ප්‍රකාශ කලද හිට්ලර් ඒ කිසිවකට සවන් දුන්නේ නැත. තමාගේ සතුරාගේ හැකියාවන් අවතක්සේරූ කිරීම කෙතරම් අණුවන ක්‍රියාවක්දැයි ඔහු දැන සිටියේ නැත. ජර්මානු හමුදාවන් ඉතා දියුණු තාක්ශණයකින් බලගන්වා තිබුණද, නැගෙනහිරෙන් මිලියන 8කට අධික සෝවියට් රතු හමුදාවද, බටහිරෙන් මිත්‍ර පාර්ශවික හමුදාවන් සමඟද යුධ පෙරමුණු ද්විත්වයක සටන් කරලීමට ඔවුනට සිඳුවුයේ සටන් වලින් දැඩි හානි ජර්මානු හමුදාවන් හට ඇතිකරලමිනි. යුද්ධයට නික්ම වසර 5කට පමණ පසුව, එනම් 1944 වර්ෂයේ අඟභාගය උදාවන විට ජර්මනියේ පරාජය නොවැලැක්විය හැක්කක් විය. 1945 වර්ෂයේ අප්‍රේල් මාසයේදී සෝවියට් හමුදාවන් ජර්මනියේ අඟනුවර වූ බර්ලිනය වෙතට ඇතුල්වන ලද්දේ නාට්සි ජර්මානු ආධිරාජ්‍යයේ අවසන් බලකොටුව සුන්බුන් බවට පත්කරලමිනි. බර්ලිනයෙන් පලා යන ලෙසට ඔහුගේ නිලධාරීන් හිට්ලර් හට කෙතෙක් පැවසුවත්, මිත්‍ර පාර්ශවික හමුදාවන්ගේ සිරකරුවෙකුවී තම ගෞරවය අහිමි කරගැනීම දැඩි ලෙස ප්‍රතික්ශේප කරන ලද ඇඩොල්ෆ් හිට්ලර්, අප්‍රේල් මස 30 වනදා තම රිවොල්වරයෙන් හිසට වෙඩි තබා ගනිමින් සියදිවි හානි කරගන්නා ලදි.

වරෙක දැවැන්ත සිහින දකිමින් සිටි දියුණු තාක්ශණයක් සහ හැකියාවකින් යුක්ත වූ දේශයක් අවසානයේදී අළු සහ සුන්බුන් බවට පත්විය. ඔවුනගේ සිහින සියල්ලම හිට්ලර් සමඟම විනාශව යන්නට විය. දෙවන ලෝක යුද්ධය හුදෙක් එක් තවත් යුද්ධයක් පමණක් නොව එය මිනිසුන්ගේ ඇති රුඳුරුතම අදහස් නිරූපණය කරන්නකි.

එල්සා

23 Jan, 11:00


1918 වර්ෂයේ නොවැම්බරයේදී පළමුවන ලෝක මහා සංග්‍රාමය අවසාන වූයේ ජර්මානු අධිරාජ්‍යය හට අති දැවැන්ත පරාජයක් හිමිකරදෙමින් ජර්මනියට තම ඉතිහාසයේදී මුහුණ පෑමට සිදුවන අඳුරුතම සිදුවිම් වලට මුලාරම්භයක් සනිටුවන් කරමිනි. යුද්ධයෙන් පසු බලයට පත් වූ වයිමාර් ජනරජය හට විදේශීය බලපෑම් රාශියක් එල්ල වී තිබිණි. ඉන් එකක් වූයේ ඔවුනට අත්සන් කරලීමට සිදුවු වර්සයිලිස් ගිවිසුමයි. එම ගිවිසුම මගින් අධික යුධ වන්දියක් ගෙවිමටද, යුද්ධයේදි අත්පත් කරගන්නා ලද භූමි භාගයන් නැවත පවරා දීමටද සහ ජර්මනියේ යුධ ශක්තිය සිඳලීමදට ඔවුනට සිදුවිය. ජර්මනිය නැවත ආර්ථික වශයෙන් ගොඩනැංවීමට එවක පැවති වයිමාර් ජනරජය විසින් දිගින් දිගටම මුදල් අච්චු ගැසිම සිදුකරන ලදී. ඉන් ප්‍රතිඵලයක් ලෙස 1923 වර්ෂයේ අඟභාගයේදී ජර්මානු මාක ට්‍රිලියන 4ක් ඇමෙරිකානු ඩොලර් 1 කට සමාන විය. මෙම උද්ධමනයේ බලපෑම කෙතරම් වුවාද කිවහොත්, පියෙකුට තම පවුලේ එක් ආහාර වේලක් සදහා අවශ්‍ය කර තිබු එක් පාන් ගෙඩියක මිල ජර්මානු මාක බිලියන 150 ක් දක්වා ඉක්ම ගොස් තිබිණි. ඒ පාන් ගෙඩියක් මිලදී ගැනීමට විල්බැරොවක තම ජිවිත කාලය පුරා සොයා තිබු මුදල් ප්‍රමාණය රැගෙන යාමට තරම් ආර්ථික පරිහානියක් උදා කරලමිනි. ශෝකයෙන් සහ පිඩාවෙන් බැටකමින් සිටි ජනතාව හට ඔවුනගේ අනාගතය වෙනුවෙන් කිසිඳු ආකාරයකවත් බලාපොරොත්තුවක් නොවිනි. මෙවන් පසුබිමක ජර්මානු ජාතිකයන් පිරිසක් විසින් The Nazi Party හි උප්පත්තිය සිදු කරන ලද්දේ ජර්මනියට භාග්‍යවන්ත අනාගතයක් ලබාදෙන පොරොන්දුවෙනි. මෙම පක්ෂයේ නායකයා වූයේ ඇඩොල්ෆ් හිට්ලර්යි.

ඇඩොල්ෆ් හිට්ලර් උපත ලබනුයේ 1889 වර්ෂයේදී ඔස්ට්‍රියාවට අයත් කුඩා ගම්මානයකදීය. ආරම්භයේදී සහෝදර සහෝදරියන් 6 දෙනෙකුගෙන් සමන්විත පවුලක් වුවත් කාලයත් සමඟම හිට්ලර් හට එයින් සිව්දෙනෙකුම අහිමිවනුයේ ඔහුව අතිශයින් කම්පනයට පත්කරලමින්ය. කුඩා හිට්ලර් හට සිත්තාරුවෙකු වීමට අවැසි වුවත් ඔහුගේ පියාගේ අභිප්‍රාය වූයේ ඔහුව රේගු නිලධාරියෙකු කරලීමයි. පියාගේ බලකිරීම මත අධ්‍යාපනය තවඳුරටත් කරලීමට සිඳුවූ හිට්ලර් කුඩා කල පටන්ම දේශානුරාගයෙන් ඉතිරිගිය කෙනෙකු විය. තම පියාගේ හදිසි අභාවයෙන් පසු තමාගේ සිහින හඹායෑමේ අභිලාශයෙන් හිට්ලර් විසින් වියානා හි වූ Academy of Fine Arts වෙතට ඇතුලත් වීමට ගත් උත්සාහය දෙවතාවක්ම ප්‍රතික්ශේප වන ලදී. තමාගේ සිහින බොඳවූවාක් මෙන් දැනුනු පරාජිත හැඟීම් හිට්ලර්ව පතුලටම ඇඳ දමනුයේ ඔහුගේ මවගේ මියයාමත් සමඟයි. 18 වන වියෙහි පසු වූ තරුණ හිට්ලර් ඔහු විසින් සිතුවමට නඟනා ලද සිතුවම් විකුණා ලැබෙන කුඩා මුදලින් පුරා වසර 6ක් ශෝකයෙන් ජීවත් වන ලදී. එම කාලයේදී හිට්ලර් සංගීතය සහ නිර්මාණ ශිල්පය පමණක් නොව Charles Darwin සහ Friedrich Nietzsche වැන්නවුන්ගේ දර්ශණයන් ද අධ්‍යයනය කරන ලදී. ඔහු සැබැවින්ම කලාවට රසිකත්වයක් දැක්වූවෙකු විය.

1913 වර්ෂයේදී ජර්මනියේ මියුනිච් නඟරය වෙත පියනඟන හිට්ලර්, ජර්මානු හමුදාව සමඟ එක්වනුයේ බටහිර යුධ පෙරමුණේ පණිවුඩකරුවෙකු ලෙසටයි. පළමුවන ලෝක මහා සංග්‍රාමයේදී ඔහු විසින් සිදුකරන ලද සේවාව වෙනුවෙන් ඔහුට ඉතාමත් වටිනා පදක්කමක් වන පළමු මට්ටමේ Iron Cross පදක්කමක් හිමිවන ලදී. කෙසේවුවත් මිත්‍ර පාර්ශවික හමුදාවන් විසින් යුධ ටැංකි සහ ඔවුන් සතුවූ ප්‍රභල ආර්ථිකය භාග්‍යයක් කරගනිමින් යුද්ධයේ ජයග්‍රහණය හිමි කරගන්නා ලදී. යුද්ධයේ අවසානයට පෙර mustard gas ප්‍රහාරයකට ගොඳුරු වීම හේතුවෙන් තාවකාලික අන්ධභාවයකට ලක්වීමට හිට්ලර් හට සිඳුවිය. තමා අතිශයින් ආදරය කරන ලද ජර්මනියේ පරාජය ඔහුව ශෝකයෙන් සහ ද්වේශයෙන් වියරු වට්ටාලන්නට විය.

යුද්ධයෙන් පසු ජර්මානු කම්කරු පක්ශය සමඟ එක්වන ලද හිට්ලර් සතුවු ප්‍රභල වාචික ශක්තිය සහ කථිකත්වය ඔහුව එම පක්ශයේ පමණක් නොව ජනතාවගේද ආකර්ශණීය චරිතයක් බවට පත් කරන ලදී. ඔහුගේ දේශනයන් දහස් සංඛ්‍යාත ජනතාවගේ දෙසවන සහ හදවත පිරවුයේ එහි ගැබ්ව තිබූ ජර්මානු දේශයේ සුවිශිෂ්ඨත්වය හේතුවෙනි. ජර්මානු කම්කරු පක්ශය 'නාට්සි පක්ශය' යනුවෙන් තම නාමය වෙනස් කරලනුයේ හිට්ලර් විසින් නිර්මාණය කරන ලද රතු වර්ණැති පසුබිමක වූ ස්වස්ථික සලකුණ තම පක්ශයේ සංකේතය කරගනිමිනි. 1922 වර්ෂයේදී ඉතාලියේදී Benito Mussolini විසින් එරට රජයට එරෙහිව දියත් කරන ලද විප්ලවය අවසන් වූයේ ඔහුව ඉතාලියේ පාලකයා බවට පත්කරමිනි. මේ දෙස බලා සිටි හිට්ලර් තමාගේම විප්ලවයක් 1923 වර්ෂයේදී දියත් කලද එය අසාර්ථක වූයේ ඔහුව උග්‍ර දේශද්‍රෝහියෙකු ලෙසට වසර 5කට සිරගත කරලමිනි. සිරගතව සිටින කාලයේදී ඔහු විසින් Mein Kampf 'මාගේ අරගලය' නමින් ග්‍රන්ථයක් රචනා කරන ලද අතර එම ග්‍රන්ථයේ පිටපත් මිලියන 1.5ක් පමණ අලෙවි වූයේ හිට්ලර්ගේ අදහස් කොපමණ දුරට ජර්මානු ජනතාවගේ මනසට කිඳා බැස ඇත්දැයි විදහා පාමිනි. එම ග්‍රන්ථය පුරාවටම යුදෙව් ජනතාව 'විෂබීජ' සහ 'ජාත්‍යන්තරයට වස පොවන්නන්' යනුවෙන් හඳුන්වා තිබු අතර ජර්මානු සමාජය ලෝකයේ ශ්‍රේෂ්ඨතම ජාතියක් බවට පත් කරලීමට ඔහුට ඇති අභිප්‍රාය පිළිබඳවද අදහස් විය. කෙසේවුවත් සිරගතව වසරකට පමණ පසුව ඔහුට අධිකරණය මඟින් සමාව හිමිවන ලදී.

එල්සා

23 Jan, 11:00


නිශ්චිතව පැවසීම අපහසු වුවත් නාට්සීන් විසින් යුදෙව්වන්ට එරෙහිව සිඳුකරන ලද ජනසංහාරය හේතුවෙන් යුදෙව්වන් මිලියන 6කට ආසන්න සංඛ්‍යාවකට දිවි අහිමිවිය. දෙවන ලෝක යුද්ධය යුරෝපයට පමණක් සීමාවූවක් නොවේ. දෙවන ලෝක යුද්ධය මානව වංශකතාවේ විශාලතම කළු පැල්ලම වනුයේ ජිවීත මිලියන 70-85 ත් අතර අති දැවැන්ත ප්‍රමාණයක් අහිමි කරලූ නිසාවෙනි. රුඳුරුත්වයෙන් පිරී ගිය ඇඩොල්ෆ් හිට්ලර්, සදාකාලිකවම එහි ප්‍රධානතම වඟකිවයුක්තා බවට ලෝකයා සලකනු ඇත.

එල්සා

01 Jan, 12:22


ඔබ පුන පුනා බලා සිටි පල්හෑලි මේ ඉරිදා රාත්‍රී 7.30ට!

සර්ගෙන් ප්‍රශ්න අහන්න තියෙනවා නම් පහල Link එක click කර group එකට join වෙන්න!

⭕️ Group Link:
https://t.me/CDPalHali

එල්සා

31 Dec, 13:23


අපි දන්නා විශ්වයේ තියෙන සංකීර්ණතම දේ විදිහට හඳුන්වන්නේ මානව මොළයයි. මානව මොළය සමන්විත වන ආසන්න වශයෙන් නියුරෝන බිලියන 86 ක ප්‍රමාණය විසින් ලෝකය අපට අවශ්‍ය ලෙසට වෙනස් කරලීමට ලබාදී ඇති හැකියාව අතිශයින් පුදුමාකාරයි. මොළය විතරක් නෙමෙයි අපේ මුළු ශරීරයම අතිශයින් සංකීර්ණ ජීව විද්‍යාත්මක නිර්මාණයක් වෙන්නේ පෘථිවියේ ඇති සංකීර්ණතම ජීව විද්‍යාත්මක නිර්මාණයට හිමිකම් කියමින්.

මානව සිරුර සමන්විත වෙන්නේ සෛල ට්‍රිලියන 37 කින්. ඒ එකිනෙකට වෙනස් සෛල වර්ග 200කට ආසන්න සංඛ්‍යාවක සුසං‍යෝජනයක් සහිතවයි. විවිධ වර්ණ මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් ග්‍රහණය කරගත හැකි දෘශ්ඨි සෛල මිලියන 126ක් පමණ අපේ එක් ඇසක පවතිනවා, අපේ නාසය තුළ ගන්ධ සංවේදක ප්‍රතිග්‍රාහක වර්ග 400කට ආසන්න සංඛ්‍යාවක් තියෙන්නේ එකිනෙකට වෙනස් සුවඳවල් ට්‍රිලියනයකට ආසන්න සංඛ්‍යාවක් ග්‍රහනය කරගැනීමට හැකියාව ලබාදෙමින්. ඒ වගේම පෘථිවියේ ඉන්න සියළුම සතුන් අතරින් වඩාත් සංකීර්ණතම මතකය තියෙන්නේ මිනිසුන්ටයි.

පුළුල් පරාසයක චලන හැකියාවක් ලබාදෙන අස්ථි 206කින් සහ පේශීන් 600කින් පමණ සමන්විත මානව සිරුර, එකිනෙකට වෙනස් ප්‍රෝටීන වර්ග 26,000 කට වැඩි සංඛ්‍යාවක් සහ ප්‍රෝටීන කේත කරන ජාන වර්ග 20,000 ක් සහ තවත් කේත නොවන ජාන අති විශාල සංඛ්‍යාවකින්ද සමන්විත වෙනවා. සාමාන්‍යයෙන් වැඩුණු පිරිමි පුද්ගලයෙකුගේ දේහයේ රුධිරය ලීටර 6කට ආසන්න ප්‍රමාණයක් පවතිනුයේ රතු රුධිරාණු සෛල ට්‍රිලියන 30ක් සහ රුධිරය සංසරණය වීමට රුධිරවාහිනී බිලියන 42ක් පමණ සහිතවයි. අපේ සිරුරේ තියෙන රුධිරය සංසරණය සඳහා දායක වන ධමනි, ධමනිකා, රුධිර වාහිනී සහ රුධිර කේශනාලිකා (arteries, veins, සහ capillaries) සියල්ලගේම දිග කිලෝමීටර 100,000ක් පමණ වෙනවා. ඒ පෘථිවියේ පරිධිය වටා 2.5 ගුණයක් එතීමට තරම් දිගක් හිමිකරගනිමින්.

අපේ ස්නායු පද්ධතියේ ඇතිවෙන Nerve impulses එහෙමත් නැත්නම් ආවේග සන්නයනයන්, ගමන් කරන්නේ තත්පරයට මීටර 120ක පමණ වේගයකින්. ඒ අපිට සාපේක්ශව ක්ශණික ප්‍රතිචාර දැක්වීමේ හැකියාවක් ලබාදෙමින්. ගතවෙන හැම තත්පරයකදීම අපේ ශරීරය පැරණි සහ හානිවූ සෛල ප්‍රතිස්ථාපනය කිරීම සඳහා නව සෛල මිලියන 25ක් පමණ නිර්මාණය කරනවා. අපේ හදවත දවසකට ස්පන්ධන 115,000 ක් පමණ සිඳුකරනුයේ දේහයේ පුරාවටම රුධිරය පොම්ප කරමින්. ඉපඳු දා සිට මියයන තෙක් නොනවත්වා ස්පන්ධනය වන හදවත අවසානයේ නික්ම යන්නේ ආසන්න වශයෙන් ස්පන්ධන බිලියන 3ක් පමණ සම්පුර්ණ කරලමින්.

ඒ වුනාට අදටත් මානව සිරුරේ සමහර දේවල් අපිට අභිරහසක්. අපි තාමත් අපේ මොළයේ සම්පුර්ණ හැකියාව කොච්චරක්ද කියලා දන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි මතකය හරියටම ඇතිවෙන්නේ කොහොමද, වැඩ කරන්නේ කොහොමද කියන එකත් තවමත් අභිරහසක්. අපේ ශරීරය ආරක්ෂා කරන්න දායක වන ප්‍රතිශක්තීකරණ පද්ධතියට පුළුවන් එකිනෙකට වෙනස් රෝගකාරග සහ විශබීජ මිලියන ගණනක් නිරවද්‍යව වෙන් කරලා හඳුනාගන්න. ප්‍රතිදේහජනක ප්‍රතිග්‍රාහක (Antigen receptors) යොදාගනිමින් මේ ක්‍රියාවලිය සිඳුකරත් අපි තාම දන්නේ නැහැ හරියටම ඒක කරන්නේ කොහොමද කියලා.

සිහින පෙන්නේ ඇයි කියන එක තාමත් අභිරහසක්, හැමෝටම තමන්ටම කියලා වෙනස් ඇඟිලි සලකුණු ආවේ කොහොමද කියන එකත්, අපි වයසට යන්නේ ඇයි කියන එකත් අභිරහසක්. සෛලීය පරිහානිය, telomeres සහ DNA හානිය වයසට යෑම සඳහා බලපෑවත් අපි තාම එකේ නිශ්චිත හේතුව දන්නේ නැහැ.

මේ ලිපියේ සඳහන් කරලා තියෙන්නේ මානව සිරුර සහ එහි අභිරහස් වලින් සුළු ප්‍රමාණයක් විතරයි. ඇත්තටම අපි තාම අපි ගැනවත් හරියට දන්නේ නැහැ කියලා ඔයාට තේරේනවා ඇති.

"It is not the strongest of the species that survive, nor the most intelligent, but the one most responsive to change."
– Charles Darwin

© පදාර්ථ

එල්සා

24 Dec, 09:09


අපගේ සුර්යයා තරම් අපට වටිනා තවත් දෙයක් නැතුව ඇති. ශීතලෙන් සහ අන්ධකාරයෙන් ගිලී ගිය විශ්වයක් තුළ ක්ශ්‍රේම භූමියක් වන අපගේ පෘථිවියේ නිර්මාණයටත්, ජීවයේ නිර්මාණයටත්, ජීවය මෙපමණ දුරක් රැගෙන ඒමටත් නිහඩ ආරක්ෂකයෙකු ලෙස එය ලබාදුන් දෑ අතිමහත්ය. අප දකිනා සෑම වර්ණයක්මද, රශ්මිය සෙයින් පතිතව අපගේ ගතට දැනෙනා තාපයද, කුඩා ශාකයේ පටන් ආහාරයට ගන්නා සෑම දෙයක්මද, අත්විදිනා සෑම සෘතුවක්මද ජන්මය ලබනුයේ අපගේ සුර්යයාගෙනි. බොහෝමයක් ග්‍රහලෝක කුමන හෝ ආකාරයක ජීවයක් දැරීමට හැකියාවක් දැරූවත් ඒවා ජීවයට එතරම් ප්‍රිය ග්‍රහලෝක නම් නොවේ. ජීවයට ආරක්ෂකයෙකු අවැසිමය. ජීවයට පෝෂණය ලබාදෙන්නෙකුද අවැසිමය.

සුර්යයා, අහසේ ඇති අලංකාරවත්ම සහ වර්ණවත්ම තාරකාව නොවිය හැක. නමුත් එය තරම් අපට ආදරය කරනා, කැපකිරීම් කරනා සහ අපව ආරක්ෂා කරනා වෙනත් කිසිවක් නොමැති තරම්ය. ජීවිතයත් එලෙසය, අපට සැබැවින්ම වටිනා අයගේ සැබෑම වටිනාකම අපට පෙනෙනුයේ නැත, දැනෙනුයේද නැත. ඔබ දියමන්ති සොයමින් ගමන් කරත්, කිසිමදාක ඔබ සතුව ඇති රත්‍රන් අමතක නොකරන්න.

Don't forget the gold in search of diamonds. Sun may not be the most beautiful star out there, but it is the most precious thing to us. Precious in almost all the ways.. 🤍💫

Illustration credits - The square comics

එල්සා

18 Dec, 04:49


ඕගොල්ලෝ දන්නවද, පෘථිවියේ ඉන්න ජිවී විශේෂ මිලියන ගණනාව අතුරින් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තරම් සංකීර්ණ මානසික හැකියාවක් තියෙන එකම ජිවී විශේෂය වෙන්නේ මිනිසුන් (𝘏𝘰𝘮𝘰 𝘴𝘢𝘱𝘪𝘦𝘯𝘴 𝘴𝘢𝘱𝘪𝘦𝘯𝘴) විතරයි කියලයි?

මේ ජිවී විශේෂ ගණනාව අතුරින් ඉහළතම මානසික හැකියාවන් පෙන්වන්නේ ප්‍රයිමේටාවන් විසින්. ඔවුන්ගේ අතිශයින් දියුණු මොළයට පුලුවන් ගැටළු විසදීම, Abstract Thinking වැනි ඍජුවම සංවේදක අවයව වලින් ග්‍රහණය නොවන දේවල් වටහා ගැනීමට දක්වන මානසික හැකියාව, අනාගතයේ කුමක් සිඳුවේද යන්න අනුමාන කරලීමට සහ ඒවාට අනුව ක්ශණිකව හැඩගැසීමට ඇති හැකියාව, දියුණු සමාජීය සංවිධාන සහ ව්‍යුහයන් ගොඩනගාගැනීමට දක්වන හැකියාව, අන් අයගේ හැඟීම් එනම් අන් අයගේ දුක, ආදරය, කේන්තිය වැනි දහසකුත් වූ හැඟීම් වටහා ගැනීමට දක්වන හැකියාව, එකිනෙකා සමඟ සන්නිවේදනය කරගැනීමට දක්වන හැකියාව, දීර්ඝ කාලීන මතකය, අත් සහ පාද සුසං‍යෝජිතව ඉහළ නිරවද්‍යතාවයකින් සහ සමබරතාවයකින් ක්‍රියාකරලීමට දක්වන හැකියාව, නිර්මාණශිලී චින්තනය, සංඥා සහ උවඳුරු හඳුනාගැනීමට දක්වන ඉහළ හැකියාව, තියුණූ වූ දෘශ්ටිය සහ එක් අවස්තාවකදී සංවේදනයන් රාශියකට ප්‍රතිචාර දැක්වීමට සහ ඒවා වටහා ගැනීමට ඇති හැකියාව වැනි අතිශයින් සංකීර්ණ වූ මානසික හැකියාවන් මේ ප්‍රයිමේටාවන් විසින් පෙන්වනවා.

1960 දශකයේ ඉඳලා විද්‍යාඥයින් apes වර්ගයේ සතුන් සමඟ සංඥා භාෂාවන් යොදාගනිමින් ගැඹුරු අදහස් හුවමාරු කරගැනීමේ පර්යේක්ශණයන් සිඳුකරමින් පවතිනවා. ඒ පර්යේක්ශණයන් වලින් ඒ සතුන්, විශේෂයෙන්ම චිම්පන්සීන් වැනි ප්‍රයිමේටාවන් සතුවන ගැඹුරු සංකල්ප ග්‍රහණය කරගැනීමේ හැකියාව සහ අදහස් පමණක් නොව හැඟීම් පවා ප්‍රකාශ කරලීමේ හැකියාවන් පිළිඹිඹු වෙලා තියෙනවා. නමුත් දශක ගණනාවක පර්යේක්ශණයන් සහ නොයෙකුත් උත්සාහයන් හමුවේ ඔවුන් කිසිවෙකු කිසිමදාක එකඳු හෝ ප්‍රශ්නයක් ඉදිරිපත් කරලීමේ හැකියාවක් පෙන්නුම් කරලා නැහැ.

ප්‍රශ්න අසමින් ඉගෙන ගැනීම කියන්නේ කුඩා ළමුන් පෙන්වන ඉතා වැදගත් ලක්ශණයක්. මේ ප්‍රශ්න ඇසීම සහ මොළය තුළ ඇයි මේක මෙහෙම වෙන්නේ, ඇයි මෙහෙම වෙන්න බැරි, මෙහෙම කලොත් මොකක් වෙයිද, අනිත් කෙනාට දැන් මොනවා හිතෙනවා ඇද්ද? එයාට මොනවා දැනෙනවා ඇද්ද, වගේ ප්‍රශ්නයන් ඇති වීම තමයි විශේෂයක් විදිහට මිනිසුන් වුනු අපිව මෙච්චර දුරක් රැගෙන ආවේ. මේ සඳහා සාධක රාශියක් බලපානවා. ඒ අතරින් සංකීර්ණ සහ පුළුල් පරාසයක අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් භාෂාවක් පැවතීම ප්‍රධාන තැනක් ගන්නවා. අපේ භාෂාවන් හුදෙක් සංඥාවලට සීමා වුනු දෙයක් නෙමෙයි. අපිට පුළුවන් ඒවා නිර්මාණාත්මක විදිහට හිතන්න භාවිතා කරන්න සහ ඒවා භාවිතයෙන් අපගේ හැඟීම් විස්තර කරන්නත්. අනිත් එක තමයි අපේ මොළයන් හැඩගැසීලා තියෙන්නේ කුමන හෝ සංවේදකයක් ලැබුණු ගමන් 'ඇයි' කියන ප්‍රශ්නය ඇසුරෙන් හිතන එක ආරම්භ කරන්න. ඒ වගේම අපගේ මොළයේ ව්‍යුහයද මේ සඳහා ඍජුවම බලපානවා. අපේ මොළයේ තියෙන arcuate fasciculus වැනි මස්තිෂ්කයේ පුර්ව, අපර සහ පාර්ශවික ඛණ්ඩිකාවන් එකිනෙක සම්බන්ධ කරනා ව්‍යුහයන් ඉහළ සහ වේගවත් සිතිමේ හැකියාවන් ලබාදෙන neural pathways ද, පැරණි සහ නව මතකයන් එකිනෙකා සමඟ සම්බන්ධ කරනා hippocampus ව්‍යුහයද මේ සඳහා විශාල දායකත්වයක් ලබාදෙනවා. ඒ වගේම මේ සාධක හේතුවෙන් අපිට ඉහළ නිර්මාණශිලීත්වයක්, පරිකල්පනයක්, ගැටළු විසදීමේ හැකියාවක් සහ විශේෂයෙන්ම අසමසම විඤ්ඤාණයක් හිමිවෙලා තියෙනවා. සමහරවිට මිනිසුන් හැර අනෙකුත් සතුන්ටත් ප්‍රශ්න ඔවුනගේ සිතෙහි ගොඩනගා ගන්න පුළුවන් හැකියාවක් ඇති, නමුත් ඒවා ඔවුන් පිටතට ප්‍රකාශ කරලීමට තරම් හැකියාවකින් යුක්ත නොවෙනවාත් ඇති.

මේ විදිහට බලද්දී ඔයත් මමත් අපිත් හරිම විශේෂයි. අපි ලේ, මස් සහ ඇටකටු වලින් හැඳුනට අපේ වටහාගැනීමේ හැකියාව සුළු පටු එකක් නෙමෙයි. මේ නිසා තමයි අපි දන්නා විශ්වයේ තියෙන සංකීර්ණතම දේ විදිහට මානව මොළය හඳුන්වන්නේ. මානව මොළය සමන්විත වන ආසන්න වශයෙන් නියුරෝන බිලියන 86 ක ප්‍රමාණය විසින් ලෝකය අපට අවශ්‍ය විදිහට වෙනස් කරලීමට ලබාදී ඇති හැකියාව අතිශයින් පුදුමාකාරයි. නිදහස් වේලාවක පොඩ්ඩක් මේ ගැන හොයලා බලන්න. අපි ඉස්සරහටත් මේ ගැන කතා කරමු.

එල්සා

13 Dec, 18:18


රැස්ස ගස් උඳුරා දමන තරම් ප්‍රභල කුනාටුවක් සහ රජ කිරුළට එරෙහිව ඇතිවූ කැරැල්ලක් මධ්‍යයයේ උපත ලබන Daenerys Stormborn Targaryen හට ඇයගේ පියා සහ වැඩිමහල් සොහොයුරා අහිමි වනුයේ Targaryen වරුන් හට දශක ගණනාවක් පුරාවට හිමිව තිබූ Iron Throne හි පාලනයද අහිමි කරමින්ය. Targaryen වරුන්ට එරෙහිව ඇතිවු කැරැල්ල හේතුවෙන් King's Landing අගනඟරය අතහැර පලා ගිය Daenerys ගේ මව, ඇයට උපත ලබා දෙනුයේ Dragonstone බලකොටුවේහීදිය. අවාසනාවන්ත ලෙස ඇයට උපත ලබාදුන් පසුව ඇයගේ මව මිය යන ලදී. Westeros අතහැර Daenerys ව සාගරයෙන් එපිට ඉතා ඈත පෙදෙසකට රැගෙන යනුයේ Targaryen වරුන් යටතේ සේවය කරන ලද අවසන් සේවකයන් පිරිස විසිනි.

රජ කිරුළට සත්‍ය ලෙසටම උරුමකම් කියූවේ Targaryen වරුන් වුවත්, එය ඔවුනගෙන් උඳුරා ගනු ලැබුවේ අවසන් Targaryen වරුන් ලෙසට Daenerys ව සහ ඇයගේ සොහොයුරා වූ Viserys ව පත්කරමිනි. තමාගෙන් රජ කිරුළ පමණක් නොව තම පවුලද උඳුරා ගැනීමට එරෙහිව ඔවුනට පළිගැනීමට අවශ්‍ය වුවත්, Daenerys ට හෝ Viserys සතුව ඒ සඳහා කිසිඳු හමුදාවක් හෝ කිසිදු ධනයක්වත් නොතිබුනි. Westeros හි වැසියන් Targaryen වරුන් පිළිබදව පැවසු එක් වැකියක් විය, ඒ Targaryen වරයෙකු උපත ලබන සෑම අවස්ථාවකදීම දෙවියන් විසින් කාසියක් උරඟා බලන බවයි. එම කාසියේ පැති දෙක නම්, උමතුභාවය හෝ විශිෂ්ඨත්වය යි. එනම් Targaryen වරයෙකු තම ජීවිතයේදී විශිෂ්ඨ පාලකයෙකු බවට හෝ බලයෙන් උමතුවූ පුද්ගලයෙකු බවට පත්වන බවයි.

Daenerys Targaryen සත්‍ය වශයෙන්ම ඉතා රූමත් තැනැත්තියක් විය. අන් Targaryen වරුන් මෙන් ඇය සතුවද රන්වන් පැහැති දිගු වරලසක් සහ දම් පැහැයට හුරු දීප්තීමත් දෑසක්ද විය. එපමණක් නොව රන්වන් පැහැයෙන් දිඳුලන සමක්ද, ඇසුවන් වසඟ කරවන නිර්භීත කටහඩක්ද ඇය සතු වූයේ සැබෑම Targaryen වරුන්ට පමණක් හිමිවන ගිනි දැල් හමුවේ කිසිඳු හානියක් සිඳු කරලිය නොහැකි ශරීරයක්ද හිමිවෙමිනි. ඇයගේ සහෝදරයාගේ බලකිරීම හේතුවෙන් Dothraki වරුන්ගේ නායකයා වන Khal Drogo සමඟ විවාහ වන ඇය ජීවිතයේ අමිහිරි සත්‍ය වටහා ගනුයේ ඉන්පසුවය. ඇයගේ සියළුම බලාපොරොත්තු ඇය ඉඳිරියේ කඩා වැටුනත් ඇය තම ඉලක්කය අතහැරියේ නම් නැත. ඇය විවාහ වූ දිනයේදී ඇයට ඉතා වටිනා ත්‍යාගයක් හිමිවිය.

ඒ කාලයත් සමඟම ඝන පාශාණ බවට පත්ව තිබු මකර බිත්තර ත්‍රිත්වයකි. කිසිවෙකු මින් පෙර ශතවර්ෂ ගණනාවක් පුරාවටම මකරෙකු දැක තිබුණේ නැත. මකරුන් විසින් ගෙන එනු ලබන විනාශය සහ බලය සියල්ලන්ටම අමතකව තිබූ පසුබිමක දැවෙමින් පවතින ගිනිජාලවක් මධ්‍යයට මකර බිත්තර ත්‍රිත්වය රැගෙන ගමන් කරන Daenerys, ඉන් ආපසු පැමිණෙනුයේ කුඩා මකර පැටවුන් තිදෙනෙකුද සමඟය, නමුත් ගින්නෙක් ඇයට සුළු හෝ හානියක්ව තිබුනේ නැත. Rhaegal, Viserion සහ Drogon ලෙස තම මකරුන් නම් කරන ඇය කාලයත් සමඟම 8,000 ක් පමණ වූ උපතේ පටන් ලේ වඟුරුවාලීමට පුහුණු කරන ලද ශක්තිමත් සහ කිසිඳු හැඟීමක් ඇති නොවන Unsullied වරුන්ගේ හමුදාවක් තමාගේ පාලනය යටතට ගනුයේ, Westeros බලා ගමන් කොට තමාට උරුම Iron Throne හි බලය ලබා ගැනීමට සැලසුම් කරමිනි. ඒ Westeros හි කිසිවෙකු බලාපොරොත්තු නොවන රුඳුරු මකරුන්ද සමඟය.

Daenerys යනු බුද්ධිමත් තැනැත්තියක්ද විය. ඇයට High Valyrian, Westerosi, Ghiscari, Dotharki සහ Tyroshi වැනි භාශාවන් කතා කරලිමට හැකිවූ අතර විවිධ පුද්ගලයන් පිළිබඳව ගැඹුරු අවබෝධයක්ද විය. එපමණක් නොව ඇය සතුව පාලකයන් විසින් වහලුන් සේ යොදාගත්තවුන් කෙරෙහි අනුකම්පාවක්ද විය. ඇයගේ මතය වූයේ සියල්ලන්ටම නිදහස් ජීවිතයක් ගත කරලීමට අයිතියක් ඇති බවටය. එබැවින් වහලුන් දහස් ගණනක් ඇය විසින් සදාකාලික සේවයෙන් නිදහස් කරනු ලැබිනි. තමා උපත ලැබූ Westeros හි Dragonstone බලකොටුව වෙත පැමිණෙන ඇය, Westeros හි උතුරු කොටස පාලනය කරනු ලැබූ Jon Snow සමඟ මිත්‍රත්වයක් ඇති කරගනුයේ Lannister වරුන්ගේ හමුදාවන් හට විශාල පරාජයන් හිමි කරදෙමිනි. කෙසේ වුවත් Jon Snow ගේ මතය වූයේ Iron Throne හි බලය ලබාගැනීමට ප්‍රථමව ඔවුන් ඊටත් වඩා දරුණු පිරිසක් වන White Walkers වරුන් සමඟ සටන් කල යුතු බවයි. Daenerys ගේ ජීවිතය පුරාවටම ඇයට දැක ගැනීමට හැකිවූයේ ද්‍රෝහීකම් සහ බලයෙන් මත් වූවන් ය.

නමුත් Jon Snow ගේ ඉලක්කය වනුයේ රාජධානි හතම ආරක්ශා කරලීම බව වටහා ගන්න ඇය, Westeros හි උතුරු කොටස බලා තම හමුදාව සමඟ නික්ම යනුයේ, වසර දහස් ගණනාවක් පුරාවටම හිම සහ අයිස් මත නිදා සිටි මරණය ගෙන දෙන්නන්ගෙන් Westeros ආරක්ශා කරලීමටයි. ආරම්භයේදී ඇය සතුව කිසිවක් නොතිබුනත් අවසානයේදී ඇය ඉතා විශාල දුරක් පැමිණ තිබුණි, ඒ සඳහා ඇයට නිර්භීතත්වය සහ අධිශ්ඨානශීලිත්වය උපකාර කලද, සැබවින්ම ඇයව එපමණ දුරක් රැගෙන එන ලද්දේ වෛරය, පළිගැනීම සහ රුඳුරුත්වයයි. Daenerys Targaryen ගේ චරිතය සම්බන්ධව විවිධ පුද්ගලයන් විවිධ මත දැරුවත් ඇයගේ චරිතය ඉතිහාසයේ මෙතෙක් බිහිවු විශිෂ්ඨතම මනඃකල්පිත චරිතයක් බවට පත්වනුයේ Game of Thrones යනු හුදෙක් එක් සුරංගනා කතාවක් නොවන බවට සියල්ලන්ටම පසක් කරදෙමිනි.

එල්සා

13 Dec, 18:18


"Do you know what kept me standing through all those years in exile? Faith. Not in any gods. Not in myths and legends. In myself. In Daenerys Targaryen. I was born to rule the Seven Kingdoms, and I will."
― Daenerys Targaryen

එල්සා

09 Dec, 13:34


සියවස් ද්විත්වයක් පුරා ජීවත් වන්නට ඔහු,

Jonathan කියන්නේ යෝධ ඉබ්බෙක්. 2022 ව‍ර්ෂයේදී Jonathan, ලෝකයේ ගොඩබිම වැඩිම කාලයක් ජීවත් වුනු සත්ත්වයාට හිමි ගෞරවය ඔහුගේ කරගත්තා. Jonathan උපදින්නේ ආසන්න වශයෙන් 1832 වර්ෂයේදී දූපත් රාජ්‍යයක් වෙන Seychelles වලදියි. ඔහුව 1882 වර්ෂයේදී බ්‍රිතාන්‍යය විසින් පාලනය කරන Saint Helena දූපතට රැගෙන එන්නේ තවත් ඉබි යාළුවෝ තුන් දෙනෙක් එක්කයි. දූපතේ ආණ්ඩුකාරවරයාගේ උද්‍යානයේ ජීවත් වෙන Jonathan, මානව ඉතිහාසයේ සිඳුවුනු සුවිශේෂී සිඳුවීම් රාශියක් හමුවේ ජීවත් වුනු කෙනෙක්.

ඔහු 1837 වර්ෂයේදී සිඳුවුනු එංගලන්තයේ වික්ටෝරීයා රැජිනගේ රාජාභිෂේකය, 1859 වර්ෂයේදී චාල්ස් ඩාවින් විසින් පලකරපු පරිණාමය පිළිබඳව වූ 'On the Origin of Species' වාර්තාව, 1876 දී ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් විසින් දුරකතනය සොයාගැනීම, 1903 වර්ෂයේදී Wright සහෝදරයන් විසින් මිනිසුන්ට ගුවන් ගත වීමට තවත් ශතවර්ෂ ගණනාවක් ගතවේ යැයි කියා වූ මතය බිඳ දමමින් සිඳුකරන ලද ප්‍රථම ගුවන් ගතවීම, ලෝකයේ ප්‍රථම ප්‍රතිජීවකය වූ පෙනිසීලීන් සොයාගැනීම, පළමුවන සහ දෙවන ලෝක යුද්ධයන්, මිනිසා ප්‍රථම වතාවට සඳ මත පා තැබීම, සෝවියට් දේශයේ බිඳවැටීම, අන්තර්ජාලය නිර්මාණය වීම පමණක් නොව කෝවිඩ්- 19 වසංගතය වැනි මානව වංශකතාවේ සන්ධිස්ථානාත්මක අවස්ථාවන් හමුවේ ජිවත් වුනු කෙනෙක්.

Jonathan අයිති වෙන්නේ Aldabra giant tortoise (𝘈𝘭𝘥𝘢𝘣𝘳𝘢𝘤𝘩𝘦𝘭𝘺𝘴 𝘨𝘪𝘨𝘢𝘯𝘵𝘦𝘢) කියන සත්ත්ව විශේෂයටයි. එම විශේෂයට අයත් සත්ත්වයින් දක්වන සුවිශේෂීම ලක්ශණය වෙන්නේ අවුරුදු 100කටත් වඩා වැඩි කාලයක් ජීවත් වීමට දරන හැකියාවයි. එයිනුත් සමහර සමාජිකයන් වසර 150කටත් වඩා ජීවත් වනුයේ ස්වභාවධර්මය විසින් ඔවුනට ලබාදුන් ත්‍යාගයන් වල භාග්‍යයෙනි. විශේෂයෙන් මෙම ඉබ්බන්ගේ ශරීරය සතුව ඇති සෙමින් සිඳුවන පරිවෘත්තීය ක්‍රියාවලීන්, අවම ඔක්සිකාරක ආතතිය (oxidative stress - කියන්නේ ජිවීයෙකුගේ සෛලීය පරිහානිය තීරණය කරන තරමක සංකීර්ණ ක්‍රියාවලියක්. මේ සතුන්ට පුළුවන් ඒ ආතතිය හොඳින් පාලනය කරමින් දීර්ඝ සෛලීය ආයු කාලයක් හිමි කරගන්න.), දේහ ක්‍රියාවලීන්ට අවශ්‍ය වන අඩු ශක්ති ප්‍රමාණය, අවම ක්‍රියාශිලීත්වය හේතුවෙන් දේහ සෛල, අවයව සහ ඉන්ද්‍රියයන් කෙරෙහි සිඳුවන අවම හානිය, DNA හි ඇති වන විකෘතින් ප්‍රතිසංස්කරණය කරලීමට දක්වන ඉහළ හැකියාව, ස්වභාවික පරිසරයන් වලදී විලෝපිකයන් රහිත වීම සහ දීර්ඝ කාලයක් පුරාවට ආහාර හෝ ජලය රහිතව ජීවත් වීමට දක්වන හැකියාවන් නිසා මේ ෂීශෙල්ස් හී යෝධ ඉබ්බන්ට (Seychelles giant tortoise) දීර්ඝ කාලයක් පුරාවට ජීවත් වෙන්න පුළුවන්.

ඒ උනාට ලෝකයේ වැඩිම කාලයක් පුරාවට ජීවත් වුනු සත්ත්වයා කවුද කියන එක තවමත් අභිරහසක්. අපි තාමත් ලෝකයේ සාගරයන් වල ගවේෂණය කරලා තියෙන්නේ 10% කටත් වඩා අඩු ප්‍රමාණයක් විතරයි. දැනට අපි දන්න විදිහට පෘථිවියේ වැඩිම ආයු කාලයක් හිමි පෘශ්ඨවංශීන් (සමහර අන්වීක්ශීය ජීවීන්ට අපිට හිතාගන්න බැරි තරමටත් වඩා දීර්ඝ ආයු කාලයන් තියෙනවා. ඒක නිසා මෙතන සලකන්නේ දියුණු ජීවීන් විතරයි) වෙන්නේ Greenland sharks ලයි. සමහර Greenland මෝරුන්ට ලට වසර 500 කට ආසන්න කාලයක් ජීවත් වෙන්න පුළුවන්. ඒ ඔවුනව ලෝකයේ වැඩිම ආයුකාලයක් හිමි පෘශ්ඨවංශීන් විශේෂය බවට පත් කරමින්.

කොහොම උනත් අපි හැමෝම Jonathan ට තවත් දීර්ඝ කාලයක් ජීවත් වෙන්න ලැබේවා කියලා සුභ පතමූ..

Image credits - Times Newspapers Ltd, Kevin Gepford

එල්සා

30 Nov, 11:09


කුසගින්න, සංසිඳුවාලීය නොහැකි වේදනාත්මක ගින්නක් වූ කල්හි, සත්ත්ව ලෝකයේ සියල්ලන්ම මරණය සහ ජිවීතය අතර අරගලයක නිරත වනු ඇත..

මිනිසුන් වන අපට කුසගින්න සිඳුවා ගැනීම එතරම් අභියෝගයක් නොවුනද, වනාන්තරයන් වල වෙසෙන සියල්ලන්ටම එය ජිවීතයත් මරණයත් අතර අභියෝගයකි. ඔවුන් සියල්ලන්ම තමාට එදා දවස තුළ කුසට ආහාරයක් සොයාගැනීමට හැකියාවක් ලැබේදැයි ප්‍රශ්න කරනු ඇති බව නොඅනුමානයි.

අන් සතුන් මෙන් ගිජුළිහිණියන්ද කරනුයේ එයමයි. නමුත් ඔවුනගේ ආහාර රටාවේ සහ ආහාරය ලබාගන්නා ආකාරය හේතුවෙන් ඔවුනව අතීතයේ පටන් ගිජුකමෙහි සහ තණ්හාවෙහි සංකේතයක් බවට පත්ව ඇත. ඔවුනටත් අනෙකුන් මෙන්ම කුසගින්නෙහි වේදනාව දැනේ. මිය ගිය සත්ත්වයින් පරිසරයෙන් ඉවත් කරලීමට, ජෛව පද්ධතීන් වල පෝෂක චක්‍රීකරණයට සහ සමහර අවස්ථාවන් වලදී වසංගත සහ රෝග තත්ත්වයන් ව්‍යාප්ත වීම නවතාලීමටද ගිජුළිහිණියන් වැනි 'scavenger' සත්ත්වයින් මහඟු වූ කර්තව්‍යයක් ඉටු කරලයි. අප්‍රිකානු මහද්වීපයේදී කැමරා කාචයට හසු වූ තමා භුක්ති විදින ගොඳුරෙහි රුධිරයෙන් පිරීගිය මෙම ගිජුළිහිණියා එයට කඳිම නිදසුනකි.

Image by - Charlie Hamilton James

© - පදාර්ථ | Padaartha

එල්සා

24 Nov, 19:32


දස දහස් ගුණයකින්,
සිය දහස් ගුණයකින්,
ශක්තිය ධෛර්ය ලැබේවා!
සකල විධ සියළු සුබ සිහින
ඉෂ්ට සිද්ධ වේවා!

එල්සා

14 Nov, 15:21


එතකොට අර ඈතටත් එහා තව මොනවා හරි තියෙනවාද අම්මේ?
"ඔව් බටූ, ඊට එහායින් හරිම ලස්සන දේවල් තියෙනවා. මේ ලෝකේ හරිම ලොකුයි, ඒ උනාට ඔයා තාම ඇවිඳලා තියෙන්නේ පුංචි දුරක් විතරයිනේ මගේ බටූ."

ඒ කියන්නේ මම ලොකු උනාට පස්සේ අපි දෙන්නාටම එකට ඒවා බලන්න යන්න පුළුවන් කියන එක නේද අම්මේ?
"හ්ම්ම්, සමහරවිට.. ඒ උනාට සමහර තැන් ඉස්සර වගේ අපි එනවට කැමැති නැහැ, දැන් ඒ තැන් අයිති වෙන කට්ටියකටනේ"

වෙන කට්ටියක් කිව්වේ මිනිස්සුන්ට නේද අම්මේ?, ඒගොල්ලෝ පුංචි උනාට හරිම බුද්ධිමත් නේද?, ඒ නිසා සමහරවිට අපිට පුළුවන් වෙවී ඒගොල්ලෝ හැමෝමවම අපේ හොඳම යාළුවෝ කරගන්න.
"එගෝල්ලන්ගේ සමහර අය අපිට ගොඩක් ආදරෙයි. ඒ උනාට බටූ සමහරවේලාවට බුද්ධිය වැඩි වෙන්න වෙන්න, නපුරුකමුත් ඒත් එක්කම වැඩි වෙනවා."

ඒ උනාට ඇයි අම්මේ ඒගොල්ලෝ එච්චර නපුරු වෙන්නේ අපිට? අපි ඒගොල්ලන්ට මුකුත් කරදරයක් කරන්නේ නැහැ නේ.
"සමහරවේලාවට බයටයි තණ්හාවටයි පුළුවන් හිත්වල තියෙන ආදරයයි, කරුණාවයි නැති කරලා දාන්න. ඒගොල්ලන්ට සමහර වේලාවට අපිටත් ඒගොල්ලන්ට වගේම පවුල් තියෙනවා කියලා අමතක වෙනවා. අපිටත් ඒගොල්ලන්ට වගේම හැඟීම් තියෙනවා කියලත්"

ඒගොල්ලෝ කවදාහරි අපිව තේරුම් ගනියිද අම්මේ?
"අපි එහෙම හිතමූ බටූ, කවදාහරි ඒගොල්ලෝ තේරුම් ගනිවී අපිත් එගෝල්ලෝ වගේම පරිසරයේ කොටසක් කියලා, අපිත් හරිම ආසයි ජීවත් වෙන්න කියලත්. අපි ඒගොල්ලන්ට කරදරයක් කලත් ඒක ඕනේ කමින් කරන එකක් නෙමෙයි කියලත්. හැබැයි ඒ දවස වෙනකල් අපි හැමෝටම ඉන්නේ අපි විතරමයි. තේරුනාද මගේ බටූ?"

ඔව් අම්මේ, ඔයා ඒ දවස එනකල් මාව බලාගන්නවා නේද අම්මේ?
"ඔව් මගේ බටූ, මම ජීවත්වෙලා ඉන්නකල් මගේ ගාව තියෙන හැමදෙයින්ම ඔයාව මම බලාගන්නවා. හැබැයි දවසක් ඒයි ඔයාටත් මම කලා වගේම අනිත් අයවත් බලාගන්න වෙන. මම දන්නවා මගේ බටූට ඒක කරන්න පුළුවන් කියලා"

ඔයා වෙනුවෙන් මම ඒක කරන්නම් අම්මේ, මම අනිත් අය වෙනුවෙන් ශක්තිමත් නිර්භීත කෙනෙක් වෙන්නම්. අනිත් අයගේ ලොකේට එළිය දෙන ඉරක් වෙන්නම්.....

===========================

ආසියානු මහද්වීපයේ මෙන් නොව, අප්‍රිකානු මහද්වීපයේ තෙරක් නොපෙනෙන සැවනා සහ තෘණ භූමි වල අප්‍රිකානු අලීන් බොහෝ කලක් කිසිඳු තර්ජනයක් රහිතව ජිවත් වූවත් අද වන විට ඔවුනට ලෝකයේ තර්ජනයට පත්ව ඇති ජිවී විශේෂ අතුරින් ඉහළින්ම වැජඹීමට සිඳුවී තිබිම කනගාටුවට කරුණකි. දළ සඳහා ඇතුන් ඝාතනය කිරීම ඔවුන් මුහුණ දෙන ප්‍රධානතම ජිවීත තර්ජනයයි. එපමණක් නොව සීඝ්‍ර වනහායනය සහ ආන්ත්‍රික කාලගුණික තත්ත්ව වල ප්‍රතිවිපාක වන දීර්ඝ නියං, උෂ්ණ සහ ජල හිඟ කාලගුණය අප්‍රිකානු මහද්වීපයේහී අලි මිනිස් ගැටුම් වලට මුල් හේතුවක් වී ඇත.

ලෝකයාගේ අවධානය මේ වෙනුවෙන් යොමු නොවන්නේ නම් තවත් සියවස් ද්විත්වයක් යෑමටත් ප්‍රථමව බොහෝ කාලයක් පුරාවටම මිනිසාගේ දෑස් ඉදිරියේ පෘථිවිය මත ඇවිඳ ගිය විශාලතම සත්ත්වයින් හුදෙක් එක් මතකයක් පමණක් බවට පත්වනු ඇත...

Image credits - African elephants are among the species that we risk losing forever © Ingimage

© Padaartha - පදාර්ථ

එල්සා

07 Nov, 16:01


ඕගොල්ලෝ දන්නවද පූසන්ට එකිනෙකට වෙනස් වුනු Facial Expressions 300කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා කියලා?

පුසෝ කියන්නේ මිනිස්සු විසින් ඇති කරන සුරතලූන්ගෙන් තරමක් ආඩම්බරකාර සහ අහංකාර සතුන් විශේෂයක්. නමුත් ඔවුන්ගේ ඇති අතිශය සුරතල්බව නිසා මිනිසුන් පූසන්ව අතීතයේ පටන් සුරතලුන් විදිහට යොදාගෙන තියෙනවා විතරක් නෙමෙයි, දේවත්වයෙනුත් අදහලා තියෙනවා. පුසන්ව තේරුම් ගන්න එක ටිකක් අමාරු දෙයක් කියන එක රහසක් නෙමෙයි. අවුරුදු දහස් ගණනකට කලින් මිනිසුන් බල්ලන්ව තමන්ගේ හොඳම මිතුරෙක් කරගද්දී ඒ කාලේ වෘකයන් විදිහට හිටපු බල්ලන් යම් ආකාරයක අවනතවීමේ හැකියාවක් පෙන්නුවා, මොකද ඔවුන් වනාන්තරයේදී ජීවත් වුනේ සමූහයන් නිසා සහ ඔවුන් ඔවුනගේ නායකයාට අවනත වුනා. ඒ උනාට පූසන් එහෙම නෙමෙයි. බිළාල කුලයේ ගොඩක් සතුන් හුදකලාව තනි ජීවිතයක් ගත කරපු අය. මෙන්න මේ නිසා ඔවුන් සාමුහිකව සහ වෙනත් කෙනෙකුට අවනතව ජීවත් වෙන්න ලොකු කැමැත්තක් නැහැ. අවුරුදු දහස් ගණනක් ගත වුනත් තාමත් පුසන්ට බැරිවේලා තියෙනවා මේ අහංකාර හැසිරීම අතහැර දමන්න.

සාමාන්‍යයෙන් සුරතල් බල්ලන් විසින් සිඳුකරන හැඟීම් ප්‍රකාශනයන් මිනිසුන් වන අපිට ඉතාමත් ඉක්මනින් සහ ලේසියෙන් හඳුනගන්න පුළුවන්. ඔවුන් සතුට, ශෝකය, පුදුමය සහ කුතුහලය වැනි හැඟීම් ප්‍රකාශ කරන විට අපට එය සැනෙකින් හඳුනාගන්න පුළුවන්. ඒ උනාට පූසන් සමහර හැඟීම් ප්‍රකාශ කරන්නේ අපට ඉක්මනට හඳුනා ගන්න බැරි විදිහකටයි. ඔවුන් සමහර විට ඒ හැඟීම් ප්‍රකාශ කරන්නේ මුහුණේ කුඩා පේශීයක් චලනය කිරීමෙන්, කන් පෙත්තක් හැරවීමෙන් සහ සෙමෙන් ඇසිපිය සැලීමෙන් වගේ සියුම් දේවල් වලින්. ඉතින් අපිට ගොඩක් වේලාවට මේවා මඟහැරෙනවා. එතකොට අපිට හිතෙන්නේ "අපෝ, මෙයා නම් මහ ආඩම්බරකාරයෙක්නේ" කියලයි. ඒ උනාට ඇත්තටම පුසන් සාමකාමීත්වය, කුතුහලය, ආශාව, දඟකාරත්වය, ලෙන්ගතුකම, ඇල්ම, ආදරය, කුසගින්න, බලාපොරොත්තු, කේන්තිය, භය, කංසාව, ත්‍රාසය, දුක සහ ආතතිය වගේ සංකීර්ණ හැඟීම් පෙන්නන්න හැකියාවක් දක්වනවා.

පූසන්ගේ මේ Facial Expressions ගැන පරීක්ශණයක් පවත්වපු Kansas විශ්වවිද්‍යාලයේ පරීක්ශක Lauren Scott සහ පරිණාමික මනෝවිද්‍යාඥවරියෙකු වන Brittany N. Florkiewicz පුරා වසරක් තිස්සේ පූසන් 53 දෙනෙකු යොදාගනිමින් පටිගත කරන ලද විඩීයෝපට රාශියක් යොදාගෙන කරන ලද සියුම් නිරීක්ශන වලදී පූසන් එකිනෙකා අතරත් සහ මිනිසුන් සමඟත් සිඳුකරනු ලබන අන්තර්ක්‍රියා වලදී යොදාගන්න විවිධ හැඟීම් ප්‍රකාශන අවස්ථා 276ක් සහ ඒවා සිඳුකරන්න උදව් වෙන මුහුණේ චලන ආකාර 26ක් හඳුනාගෙන තියෙනවා. මේ හැඟීම් වලින් 45%ක් සාමකාමී, ආදරය සහ ලෙන්ගතුකම නිරූපනය කීරිමට භාවිතා කරන ඒවාද, 37%ක් ආවේගශීලී හැඟීම් ද සහ 18% ක් තවමත් හරිහැටි අපැහැදිලි හැඟීම් ලෙසද ඔවුන් තවඳුරටත් වර්ග කරලා තියෙනවා. මෙතනින් ගොඩක් හැඟීම් ඉතාමත් සියුම්. ඒ නිසා මීළඟ සැරේ පූසෙක් එක්ක ඉද්දී එයා හැඟීම් ප්‍රකාශ කරන හැටි හොඳට අධ්‍යයනය කරන්න. ඔයාට ගොඩක් දේවල් හඳුනගන්න පුළුවන් වෙයි.

එල්සා

02 Nov, 12:31


ශිෂ්ඨාචාරයකට අතික්‍රමණය කරලීමට සිඳුවන තවත් එක් අපහසුතම සීමාවක් වනුයේ තමාගේ මව් ග්‍රහලෝකයෙන් නික්ම ගොස් තවත් ග්‍රහලෝවක් මත පා තැබීමයි. එය අනිවාර්යයෙන්ම ඔවුනගේ ශිෂ්ඨාචාරයේ හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇත. මානවයින් වන අප කෙතරම් තාක්ශණික දියුණුවක් අත්කරගෙන තිබුණද, අපට තවමත් පෘථිවියෙන් පිට ග්‍රහලෝකයක් මත පා තැබීම හුදෙක් එක් සිහිනයක් පමණක් බවට පත්ව ඇත. නමුත් එම සිහිනය ඉදිරියේදී යථාර්ථයක් වනු ඇත. අපගේ අසල්වැසි ග්‍රහලෝව වන අඟහරු, ජීවය දැරීමට හැකියාවක් දැරූවත්, එය ජීවයට එතරම් ප්‍රිය ග්‍රහලෝවක් නම් නොවේ. අප අඟහරු මත ජනාවාස නිර්මාණය කලද, එය ස්ථාවරත්වයකට පත් කරගැනීමට අපට දශක ගණනාවක් ගතවනු ඇත.

එක් ග්‍රහලෝකයක් මත රඳාපැවතීම ජිවී විශේෂයක් කෙරෙහි නොයෙකුත් ආකාරයේ තර්ජන එල්ල කරයි. එයින් සමහරකට ඔවුනව න්‍යෂ්ඨවීම දක්වා ඇඳ දැමිය හැක. උදාහරණයන් ලෙසට පාලනය කල නොහැකි ව්‍යසනකාරී වෛරසයන් හෝ වසංගත තත්ත්වයන් වලට සහ මහා පරිමාණ න්‍යෂ්ටික යුද්ධයක් හට මිනිසාව සම්පූර්ණ න්‍යෂ්ඨවීම ඉදිරිපස දෙදණින් වට්ටාලීම අපහසු කටයුත්තක් වන්නේ නැත. මිනිසාව මෙපමණ දුරක් රැගෙන පැමිණි බුද්ධිය, මිනිසාගේම විනාශකයා විය හැකිය.

අපට ආසන්නතම ජීවය දැරීමට යම් හෝ හැකියාවක් දරන තාරකා පද්ධතිය වන Alpha Centauri තාරකා පද්ධතිය වෙතට ගමන් කරලීමට වර්තමානයේ පවතින දියුණුතම තාක්ශණය යොදාගනිමින් අභ්‍යවකාශ යානාවක් අප විසින් නිර්මාණය කලහොත්, ආලෝක වර්ෂ 4.2ක් පමණ දුරකින් පවතින එම තාරකා මණ්ඩලයේ Proxima Centauri B ග්‍රහලෝව වෙතට ළඟාවීමට එයට අවම වශයෙන් වසර 25,000 ක් වත් ගතවේ. යම් හෙයකින් අප කෙඳිනකදී හෝ එම අභියෝගය ජයගතහොත් එම දිනය මානවයින් වන අප අන්තර්ගැලැක්ටික ජිවී විශේෂයක් බවට පත්වූ දිනය වනු ඇත. ජිවී විශේෂයක් තම මව් ග්‍රහලෝකයෙන් එපිටට ගියද, තම මව් ග්‍රහමණ්ඩලය අතික්‍රමණය කර යෑම ඔවුනට මුහුණ දීමට සිඳුවන මීළඟ විශාලතම අභියෝගයයි. අපටද කෙඳිනකදී හෝ එම අභියෝගයට මුහුණ දීමට සිඳුවනු ඇත. අප පෘථිවියෙන් ආලෝක වර්ෂ සියගණනාවක් එපිටට යෑමට අඳහස් කරනුයේ නම් ඒ සඳහා අපට විද්‍යා ප්‍රබන්ධයන් වල ඇති Nuclear fusion ion engines, Laser light sail, Slipspace intersteller space travel, Wormholes සහ Space time Warp drives වැනි අපගේ වටහාගැනීමට තවමත් ග්‍රහණය කරගැනීමට නොහැකි වූ තාක්ෂණයන් යොදාගැනීමට සිඳුවේ. නැතහොත් ආලෝක වර්ෂ ගණනාවක් හුදකලා අවකාශයේ ගමන් කරලීම තවත් එක් සදාකාලික සිහිනයක් පමණක් වනු ඇත.

ගල් යුගයේ මානවයා මෙපමණ දුරක් රැගෙන පැමිණියේ හුදෙක් කරුණු ද්විත්වයක් විසිනි. ඒ බලාපොරොත්තු සහ කුතුහලයයි. මේ ද්විත්වය බුද්ධියත් සමඟ මුසුවූ විට නිර්මාණය වූ සුවිසල් සොයාගැනීම්, ජිවී විශේෂයක් ලෙස අපට අඳහාගත නොහැකි මට්ටමේ දියුණුවක් හිමිකර දී ඇත. එම අභියෝගය ජයගැනීමට විද්‍යාව අපට මෙපමණ කාලයක් උපකාර කල අන්දමටම, ඉදිරීයේදීත් නොඅනුමානවම උපකාර කරනු ඇත. අතීතයේ සිටි මිනිසුන් සිහින දකිමින් සිදුකරන ලද සොයාගැනීම් සහ නිර්මාණයන් වර්තමානයේදී අපගේ ජීවිතයන් පමණක් නොව අපගේ ශිෂ්ඨාචාරයම මෙපමණ දුරක් රැගෙන පැමිණ ඇත. එබැවින් අපද එලෙසටම දිගින් දිගටම විශ්වයේ සහ විද්‍යාවේ රහස් ගවේෂණය කීරිම කල යුතුම දෙයක්ය. පෘථිවියේ ස්වභාවික සම්පත් අප්‍රතිවර්ත්‍යය හායනය වර්තමාන ශ්‍රීඝ්‍රතාවයෙන්ම පැවතියහොත් අනිවාර්යයෙන්ම තවත් වසර දහසක් ඇතුලත පෘථිවිය ජිවයට නුසුදුසු තත්වයට පත්වනු ඇත. එවිට අනාගතයේ සිටිනා මිනිසුන් පෘථිවිය හැර තවත් ග්‍රහලෝකයක් ජනපදකරණය නොකිරීම පිළිබඳව අපට දොස් නඟනු ඇත. එබැවින් අප තාරකාවන් හඹා යමු, ග්‍රහලෝකයන් අපගේම කරගමු. බුද්ධිමත් ජීවය විශ්වයේ අතිශයින් දුර්ලභ විය හැකිය. එබැවින් අප අපවම රැකගනිමු. බාධක රාශීයක් හමුවේ කොස්මික ක්ශේම භූමියක් වෙමින් අපට ජීවය ලබාදුන් අපගේ පෘථිවියද පනමෙන් රැක ගනිමු.

ඔබගේ කුතුහලය හඹා යන්න, එවිට සමස්ථ මානව සංහතියම ඔබ විසින් ඉදිරියට රැගෙන යනු ඇත.

එල්සා

31 Oct, 02:58


රේඩාර් වලට අසුනොවන ගුවන් යනාවන්.

වර්තමානය වෙද්දී ලෝකයේ තියෙන යුධ ගුවන් යානා අතුරින් Stealth aircrafts එහෙමත් නැත්නම්, රේඩාර් වලට අසු නොවී යන්න පුළුවන් ගුවන් යානාවන් ප්‍රමුඛත්වයක් ගන්නවා. Stealth technologies වලින් කරන්නේ ගුවන් යානාවන් රේඩාර් වලට අසුවීමට ඇති හැකියාව හැකිතාක් අවම කරන එක. ඒක නිසා ලෝකේ 100% ක් රේඩාර් වලට අසු නොවන ගුවන් යානාවන් නැහැ.

හැම ගුවන් යානාවකටම තියෙනවා Radar Cross Section (RCS) කියලා දෙයක්, ඒ කියන්නේ ගුවන් යානාවක රේඩාර් කිරණ පතනය වන පෘශ්ඨයේ දළ වර්ගඵලයයි. Stealth ගුවන් යානාවන් යොදාගන්න මූලික සංකල්පය වෙන්නේ මේ RCS අඟය හැකිතාක් අඩු කරන එක. ඒක නිසා ගුවන් යානාවන් නිර්මාණය කිරීමේදී මේ පිළිබඳව සලකා බලන්න වෙනවා. RCS එකට අමතරව ගුවන් යානාවේ පෘශ්ඨයන් වක්‍රව හෝ ආනත ආකාරයට නිර්මාණය කිරීමෙන් ගුවන් යානාව මත පතනය වන රේඩාර් තරංඟ වෙනත් අතකට හරවලා යවන්න පුලුවන්. මේකෙන් කරන්නේ රේඩාර් තරංඟ ගුවන් යානාවේ වැදිලා පරාවර්තනය වේලා Radar Detector එකට යන එක වළක්වන එක. මීට අමතරව මේ Stealth ගුවන් යානාවන් ගේ ආලේප කරලා තියෙන තීන්ත සහ බාහිර ආවරණයට පුළුවන් රේඩාර් කිරණ වල තියෙන ශක්තියෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අවශෝෂණය කරගන්න. මේ සඳහා Carbon black සහ කුඩා යකඩ අංශු අඩංගු තීන්ත හෝ වෙනත් රහසිගත ද්‍රව්‍ය වලින් නිර්මාණය කරන ලද බාහිර ආවරණයන් යොදා ගන්නවා. හැබැයි මේකේ ලොකු ආවාසියක් තියෙනවා. ඒ තමයි ගොඩක් ලොකු වේගයකින් ගුවන් යානාව ගමන් කරද්දී මේ බාහිර සියුම් ආවරණයට තාපය නිසා හානි සිඳු වෙනවා. ඒ නිසා ගුවන් යානාව සතුරු රේඩාර් වලට අසුවීමට ඇති හැකියාව වැඩි වෙනවා විතරක් නෙමෙයි නැවත ඒ සියුම් ආවරණය ප්‍රතිස්ථාපනය කරන්න ලොකු වියදමකුත් යනවා. F-35 Lightning II කියන ප්‍රහාරක ගුවන් යානාවේ තියෙන ලොකුම ප්‍රශ්නය මේකයි. ඒක ගොඩක් හොඳ Stealth ගුවන් යානාවක් වුනත් යන්න පුලුවන් වේගය සීමිතයි.

Stealth ගුවන් යානාවන් නිර්මාණය කරන්නේ පුලුවන් තරම් එයා විසින් නිකුත් කරන තාප ප්‍රමාණය දුර සිට නිරීක්ශණය කරගන්න පුලුවන් හැකියාවත් අඩු කරලා. යුධ ගුවන් යානාවන් ඉහළ වේගවලින් ගමන් කරන්න afterburners යොදා ගන්නවා. මේවාගෙන් ඉහළ තාප ප්‍රමාණයක් නිකුත් වෙන නිසා ගුවන් යානාවේ Infrared Heat signature එක ඉහළ යනවා. ඒක නිසා ඒ අඟය පුළුවන් තරම් අඩු කරන්න ඕනේ. ඒ වගේම ගුවන් යානාවක් Stealth විදිහට නිර්මාණය කරද්දී ගුවන් යානාවට වෙන ආවාසි විදිහට මිසයිල, බෝම්බ, අනෙකුත් ආයුධ සහ අමතර තෙල් ප්‍රමාණයක් ගුවන් යානාව පහළ ප්‍රදේශයේ රැගෙන යාමේ හැකියාව නැති වීම පෙන්වා දෙන්න පුළුවන්. Stealth යුධ ගුවන් යානාවන් මිසයිලයක් හෝ බෝම්බයක් මුදාහරින අවස්ථාවේදී ගුවන් යානාව සැනෙකින් රේඩාර් යන්ත්‍ර වලට අසුවෙන්නත් පුලුවන්. මේ Stealth තාක්ශණය ඉහළ සඳහන් කරලා තියෙනවට වඩා අතිශයින් සංකීර්ණ දෙයක් නිසා ලෝකයේ Stealth ගුවන් යානාවන් නිර්මාණය කරන්න පුලුවන් වේලා තියෙන්නේ රටවල් කිහිපයකට විතරයි. ඒ ගුවන් යානා අතුරින් ඇමෙරිකානු F-117 Nighthawk, B-2 Spirit, F-22 Raptor සහ F-35 Lightning II ද, රුසියානු Sukhoi Su-57 සහ චීනයේ Chengdu J-20 ප්‍රහාරක ගුවන් යානාවන් ප්‍රමුඛත්වයක් ගන්නවා.

එල්සා

22 Oct, 11:44


Dune

21 වන සියවසේ මුල් දශක දෙකහමාරම විද්‍යා ප්‍රබන්ධයන්ට නවතම ආකාරයක ජීවයක් සහ දියුණුවක් ලබාදුන් කාලයක් විය. නිර්මාණශිලීත්වයෙන් සහ පරිගණක තාක්ශණයෙන් ගව් ගණනාවක් ඉදිරියට රැගෙන ගිය නූතන සිනමාවේ විශිෂ්ඨත්වය සහ අලංකාරත්වය විදහා පෑමට Dune සිනමා නිර්මාණයන් හට හැකියාවක් ලැබුණු බව නොරහසකි. අඳින් වසර 20,000 කට පමණ පසුව (10,191 A.G.) එනම් පෘථිවිය හුදෙක් එක් මතකයක් පමණක් බවට පත්ව ඇති කාලයකදී ක්ශීරපථ මණ්දාකිණිය අතික්‍රමණය කරමින් තම අනසක පැතිරවූ මිනිසුන් විසින් නිර්මාණය කරන ලද දැවැන්ත අධිරාජ්‍යයක් සහ එහි ඇතිවෙන බල ඝට්ටනයක් පාදක කරගනිමින් ගලා යන Dune සිනමා නිර්මාණයන් අනිවාර්යයෙන් ඔබව වශී කරවනු ඇති බව නොඅනුමානයි.

The Imperium නමින් හැඳින්වූ ගැලැක්ටික අධිරාජ්‍යය පුරාවටම භාවිතා කරන ලද අනෙක් සියල්ලටම වඩා වටිනාකමකින් යුත් දෙයක් විය, ඒ Melange එසේත් නැතහොත් Spice නමින් හඳුන්වන යම් ආකාරයක රසායනික සං‍යෝගයකි. සම්පූර්ණයෙන්ම කාන්තාරයකින් වැසීගිය Dune එසේත් නැතහොත් Arrakis ග්‍රහලෝකයේ පමණක් පවතින මේ සං‍යෝගය හට මිනිසුන්ගේ ආයු කාලය දීර්ඝ කරලීමටත්, ආලෝක වර්ෂ දහස් ගණනක දුරක් ගමන් කරලීමට අදහාගත නොහැකි තරමේ හැකියාවක් සහ තවත් හැකියාවන් ගණනාවක් මිනිසුන්ට ලබාදෙන ලදි. Arrakis ග්‍රහලෝකයේ වැලි සමඟ මිශ්‍රව පවතින මෙම Spice සං‍යෝගය නිස්සාරණය කර බෙදාහැරීම අධිරාජ්‍යයේ ප්‍රමුඛ කාර්යයක් විය. ඔවුන් විශ්වාස කරන ලද්දේ Spice හි පාලනය ලබාගත්තවුන් අනෙක් සියල්ලගේම පාලනයද හිමි කරගන්නා බවයි. රාජධානි එසේත් නැතහොත් Great Houses සිය ගණනකින් සහ ග්‍රහලෝක දස දහස් ගණනකින් සමන්විත Imperium අධිරාජ්‍ය විසින් Arrakis ග්‍රහලෝකයෙන්, අධිරාජ්‍යය වෙතට Spice ලබාගැනිමේ Fiefdom නම් අයිතිය Harkonnen රාජධානියට පවරනුයේ එම ග්‍රහලෝකයේ වාසය කරනා Fremen ජනතාවගේ අයිතිය නොසලකා හරිමිනි. ඉන් පසුව එම අයිතිය Atreides රාජධානිය වෙතට අධිරාජ්‍යයා විසින් ලබාදෙනුයේ Atreides රාජධානිය මුලිනුපුටා දැමීමේ කපටි උපක්‍රමයක ආරම්භය ලෙසටයි.

Caladan ග්‍රහලෝකයේ සිට Arrakis වෙත පැමිණෙන Atreides රාජධානියේ ප්‍රධානීයා වූ Leto Atreides එහි පැමිණෙනුයේ තම බිරිඳ, පුතණුවන් වූ Paul Atreides, උපදේශකයන් සහ තම හමුදාවද සමඟිනි. ඔවුනගේ මව් ග්‍රහලෝකයට හාත්පසින්ම වෙනස් පරිසරයක් තිබූ Arrakis හි බිඳ වැටෙමින් තිබූ Spice නිස්සාරණය නැවතත් යථා තත්වයට පත් කරලීම ඔවුනට අභියෝගාත්මක කටයුත්තක් වූයේ එම ග්‍රහලෝකයේ තෙරක් නොපෙනෙන කාන්තාරයේ රුඳුරුත්වය හේතුවෙනි. තවද එහි වැලි අභ්‍යන්තරයේ ජීවත්වූ සුවිශාල පණුවන්ද එම අභියෝගය තව තවත් තිව්‍ර කරවන ලදී. ජල පොදක්වත් නොපෙනෙන, මව් තාරකාවේ රශ්මියෙන් වේලීගිය ග්‍රහලෝකයක ජීවත්වන Fremen ජනතාව සෑම විටම Paul ගේ සිතට විවිධ සිතුවිලි ගෙනදෙන්නට විය. අනපේක්ශිතව සිඳුවන සිඳුවීම් සමුහයක් සහ අධිරාජ්‍යයා විසින් රහසේ දියත් කල ක්‍රමන්ත්‍රණයක් හේතුවෙන් Arrakis හි Atreides වරුන්ගේ පාලනය සුනුවිසුණු වී යනුයේ Paul Atreides සහ ඔහුගේ මවගේ එකම පිහිට බවට Fremen වරුන් පත් කරමිනි. Fremen වරුන් වසර දහස් ගණනක් තිස්සේ ඔවුනගේ ගැලවුම්කරුවා එනම් Arrakis ග්‍රහලෝකය සශ්‍රීකත්වය කරා රැගෙන යන පුද්ගලයා වූ The Voice from The Outer World (Lisan Al Gaib) ගේ පැමිණිම බලාපොරොත්තු වෙමින් සිටිනි. නමුත් ඔවුන් සැබැවින්ම ඒ බලා සිටියේ Paul Atreides ගේ පැමිණිම බවට කිසිවෙකු ස්ථිරව දැනසිටියේ නැත. Paul යනු වසර දස දහසක් තිස්සේ ප්‍රවේශමෙන් කරන ලද විවාහයන් සහ දරුවන් බිහිකිරීමෙහි ප්‍රතිඵලයක් ලෙස බිහිවුණු, විවිධ හැකියාවන් සහ බලයන්ගෙන් යුක්ත වූ Kwisatz Haderach කෙනෙකුය. එනම් විශ්වය මෙතෙක් දුටු බලවත්ම බලයට හිමිකම් කියන්නාය. පලිගැනීමෙන් සහ මුළු මානව ශිෂ්ඨාචාරයම පරාදීසයක් බවට පත් කරලීමේ අරමුණෙන් Paul දියත් කරන Holy War හි අවසානය රුධිරයෙන් පිරීගිය එකක් වනු ඇත.

පරිකල්පනය සහ නිර්මාණශිලීත්වයේ අග්‍රගණ්‍ය සුසං‍යෝජනයක් සහිතව Frank Herbert විසින් 1960 දශකයේදී රචනා කරන ලද, ලෝකයේ වැඩිම අලෙවියකට ලක්වූ විද්‍යා ප්‍රබන්ධ ග්‍රන්ථ මාලාව වූ Dune නැමැති විද්‍යා ප්‍රබන්ධ ග්‍රන්ථ පෙළට ජීවය ලබාදෙමින් Denis Villeneuve ගේ අපුර්ව හැකියාවන්ගෙන්, Hans Zimmer ගේ මනස්කාන්ත සංගීතයෙන් සහ නරඹන්නන් මවිතයට පත් කල නවතම ආකාරයක Cinematography තාක්ශණයක පහස ලබමින් 2021 සහ 2024 වර්ෂයන් වල නිර්මාණය වු Dune සහ Dune part II නිර්මාණයද, 2027 වර්ෂයේදී තිරගත වීමට නියමිත තෙවන චිත්‍රපටය වන Dune Messiah සිනමා නිර්මාණයද නිතැතින්ම විශිෂ්ඨ නිර්මාණයක් වනු ඇත. ඒ ඔබ නැරඹිය යුතුම සහ ඉතිහාසයේ වැඩිම ජනප්‍රියත්වයක් හිමිකරගත් චිත්‍රපට ත්‍රිත්වයක් බවට නොඅනුමානව පත්වෙමිනි.

"Your brother attacks the great houses, The Holy War begins...."
- Dune Part II

එල්සා

19 Oct, 01:41


Jet Engines පවා හඳන Rolls-Royce 🛫

Rolls-Royce කියන නම ඇහුණු ගමන් අපි හැමෝටම මතකයට එන්නේ අධි සුභෝපබෝගී සහ මිල අධිකතම රථ වාහන නිර්මාණය කරනා සමාගමක්. හැබැයි ඇත්තටම Rolls-Royce කියන නම ඊට වඩා ගැඹුරට දිව යනවා. ඒ රථ වාහන විතරක් නෙමෙයි ඉහළ තාක්ශණයකින්, ගුණාත්මක සහ විශ්වාසණීයත්වයකින් සමන්විත ජෙට් එන්ජින් පවා නිර්මාණය කරමින්. 1904 වර්ෂයේදී ආරම්භ කරපු Rolls-Royce සමාගම, වර්තමානය වෙද්දී නූතන Aviation Engineering ක්ශේත්‍රයේ දියුණූව උදෙසා මහඟු දායකත්වයක් ලබාදිලා තියෙන්නේ ලෝකයේ ප්‍රධාන පෙලේ සමාගමක් බවට පත්වෙමින්.

Rolls-Royce විසින් පළමුවන ජෙට් තෙරපුම් එන්ජින් නිර්මාණය කිරීම දෙවන ලෝක යුධ සමය තෙක් දිවයනවා. ජර්මානු ගුවන් හමුදාවන් විසින් ඉතිහාසයේ පළමු වතාවට නිර්මාණය කරන ලද ප්‍රහාරක ජෙට් යානාව වූ Messerschmitt Me 262 ජෙට් යානාවන් මිත්‍ර පාර්ශවික හමුදාවන් හට මහත් හිසරදයක් වුනා. මෙයට පිළිතුරක් ලෙසට 1943 වර්ෂයේදී බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව විසින් මිත්‍ර පාර්ශවික හමුදාවන් විසින් නිර්මාණය කරන ලද ප්‍රථම ප්‍රහාරක ජෙට් යානාව වූ Gloster Meteor යානාව නිර්මාණය කරනවා. Rolls-Royce Welland ජෙට් එන්ජිමකින් සමන්විත වූ මෙම යානාව හට 671 km/h ක උපරිම වේගයක් දක්වා ළඟාවීමේ හැකියාවක් සහිත වුනා.

Rolls-Royce මෙතනින් නතර වුනේ නැහැ. ඔවුන් යාවත්කාලීන සහ වෙනස්කම් රාශියක් සිඳුකරමින් වඩාත් කාර්යක්ශම ජෙට් එන්ජින් නිර්මාණය කරන්නට වුනා. මේ අතර ප්‍රහාරක ජෙට් යානාවන් සඳහා විශේෂ අවධානයක් ලබාදුන් ඔවුන් 1950 වර්ෂයේදී ජෙට් එන්ජින් තාක්ශණය නවතම මානයකට රැගෙන ගිය ලෝකයේ පළමු Axial flow වර්ගයේ ජෙට් එන්ජින් එකක් වූ Avon Jet Engine එක නිර්මාණය කරා. ඒ ඉතිහාසයේ නිර්මාණය කරන ලද සාර්ථකම ජෙට් එන්ජින් අතරට එය අයත් කරමින් යුධ සහ සාමාන්‍ය ප්‍රවාහන කටයුතු සඳහා භාවිතා කරලමින්. 1960 දශකයේදී ලෝකයේ ගුවන් ප්‍රවාහනය ඉතා සීඝ්‍ර දියුණූවක් අත් කරගත්තා. ඒ වගේම ඒ කාලයේදී Rolls-Royce සමාගම විසින් නිශ්පාදනය කරන ලද Rolls-Royce Spey turbofan වර්ගයේ ජෙට් එන්ජින් එක එහි ඇති විශ්වාසනීයත්වය සහ කාර්යක්ශමතාවය හේතුවෙන් කුඩා ප්‍රමාණයේ මගී ප්‍රවාහන ගුවන් යානාවන් වල බහුලව භාවිතා වුනා. 1970 දශකයේදී නිර්මාණය කරන ලද Rolls-Royce RB211, high-bypass turbofan වර්ගයේ ජෙට් එන්ජිම හට 264.4 kN ක පමණ සුවිසල් තෙරපුම්කාරක බලයක් ලබාදීමේ හැකියාවක් සහිත වුනා. ඒ විතරක් නෙමෙයි මේ ජෙට් එන්ජිම සතුවූ පහළ නඩත්තු පිරිවැය, පහළ මට්ටමේ ශබ්ද ප්‍රතිදානය සහ අනෙකුත් ජෙට් එන්ජින් වලට වඩා පෙන්වන ලද ඉහළ මට්ටමේ ඵලදායිත්වය Rolls-Royce සමාගම අන්තර්ජාතික සුවිසල් සමාගමක් දක්වා රැගෙන ගියා.

මේ කාලය වෙද්දී ජෙට් එන්ජින් market එක හොල්ලගෙන හිටියේ ඇමෙරිකානු සමාගම් ද්විත්වයක් වුනු General Electric සහ Pratt & Whitney කියන මහා පරිමාණ සමාගම් විසින්. ඒ විතරක් නෙමෙයි බ්‍රිතාන්‍ය සමාගමක් වුනු Rolls-Royce සතුව මේ කාලය වෙද්දී තිබ්බේ ජෙට් එන්ජින් market share එකෙන් 8% කටත් වඩා අඩු ප්‍රමාණයක් විතරයි. හැබැයි Rolls-Royce හරියටම සෙල්ලමට ඇතුළු වුනේ 1990 දශකයේ නිර්මාණය කරපු Rolls-Royce Trent වර්ගයේ 431 kN ක් දක්වා තෙරපුම්කාරක බලයක් ලබාදිය හැකි වූ ටර්බෝෆෑන් ජෙට් එන්ජින් වලින්. මේ වර්ගයට අයත් වුනු Trent 700 ජෙට් එන්ජින් Airbus A330 ගුවන් යානාවන් වල භාවිත කරන්නට වුනා. ඒ වගේම Trent 800 ජෙට් එන්ජින් Boeing 777 (1996) ගුවන් යානාවන් වලදීද, Trent 900 ජෙට් එන්ජින්, ලෝකයේ මෙතෙක් නිශ්පාදනය කෙරූ ප්‍රමාණයෙන් විශාලතම ගුවන් යානාවක් වන Airbus A380 ගුවන් යානාවන්හිදීත් භාවිතා කරන්නට වුනා. ඒ වගේම 2015 සහ 2018 වර්ෂයන් වලදී Airbus A350 ගුවන් යානාවන් සඳහා Trent XWB ජෙට් එන්ජින්ද, A330neo යානාවන් සඳහා Trent 7000 ජෙට් එන්ජීන්ද Rolls-Royce සමාගම විසින් නිශ්පාදනය කරා.

නූතන විද්‍යාවන් වල සීමාවන් දක්වා ගුවන් යානාවන් රැගෙන යන්නට වූ Rolls-Royce සමාගම මේ වනවිට වඩාත් ඉහළ ඉන්ධන පිරිමැසුමක් සහ පහළ මට්ටමේ CO2 විමෝචනයන් සිඳු කරලිය හැකි Rolls-Royce's UltraFan engine ජෙට් එන්ජින් නිර්මාණය කරලීම සඳහා මහත් ප්‍රයන්තයන් දරනවා. ඒ විතරක් නෙමෙයි ඔවුන් hybrid-electric සහ all-electric propulsion systems නිර්මාණය කරලීමට සැලසුම් කරලනුයේ අනාගත ගුවන් ප්‍රවාහනය නවතම මානයකට රැගෙන යාමට වෙර දරමින්. එදා කුඩා බලාපොරොත්තුවකින් ආරම්භ වූ Rolls-Royce සමාගම, අද වෙද්දී ඇමෙරිකානු ඩොලර් බිලියන 40කට ආසන්න වත්කමක් සහිත, ලෝව වටා ගුවන් යානාවන් දහස් ගණනකට බලය ලබාදෙන මහා පරිමාණ සමාගමක් බවට පත්ව අවසන්.

එල්සා

14 Oct, 13:59


ආවූරෝරාවන් ඇති වෙන්නේ කොහොමද ?
අපේ සුර්යයා තුළ සිදුවෙන්නේ න්‍යශ්ටික විලයන ප්‍රතික්‍රියාවක්. ඒ ප්‍රතික්‍රියාවන් සිඳුවීමට අවශ්‍ය තත්ත්ව සම්පුර්ණ කරන්න සුර්යයාගේ හරයේ ඇතිවෙන අධික පීඩනය නිසා සෙල්සියස් මිලියන 15ක වගේ අති දැවන්ත උශ්ණත්වයන් ඇති වෙනවා. මෙන්න මේ අති දැවන්ත උශ්ණත්වයන් හේතුවෙන් ලැබෙන ශක්තිය නිසා ඉලෙක්ට්‍රෝන, ඇල්ෆා අංශූන් සහ ප්‍රෝටෝන වගේ ආරෝපිත අංශූන් සුර්යයාගේ අභ්‍යන්තරයේ ඉඳලා සුර්යයාගේ පිටත ස්ථරයක් වන photosphere එකත්, එනම් සුර්යයාගේ පෘශ්ඨය ලෙස අපට පෙනෙන කොටස අතික්‍රමණය කරමින් සුර්යය කොරෝනාවද පසු කරමින් අභ්‍යවකාශයට නිකුත් වෙනවා.

සුර්යයාගෙන් පිටතට පැමිණෙන මේ ආරෝපිත අංශූන්, සුර්යය ප්ලස්මාව ලෙස හඳුන්වනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ ප්ලස්මාවන් සුර්යයාගේ සිට අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ කෙළවර දක්වාම විහිදී යන එක. ඒ විදිහට විහිදි යන ප්ලස්මා කදම්භයන් Solar winds යනුවෙන් හඳුන්වනු ලබන අතර ඒවා 350 km/s සිට 2000 km/s දක්වා වැනි අතිදැවන්ත වේගයන් සහිතව අභ්‍යවකාශයේ විසිරි යනවා. සාමන්‍යයෙන් තත්පරයකදී සුර්යයාගෙන් ටොන් මිලියන ගණනක අරෝපිත අංශූන් ප්‍රමාණයක් අභ්‍යවකාශයට නිකුත් වුවත් පෘථිවියේ චුම්භක ක්ශේත්‍රයට ස්තූති වන්නට එයින් පෘථිවිය දෙසට පැමිණෙන ප්ලාස්මා ප්‍රමාණයෙන් 1% කටත් අඩු ප්‍රමාණයක් පමණක් පෘථිවි වායුගෝලයට ඇතුළු වේ. (Solar Maximum අවස්ථාවන් වලදී මේ අඟය මීට වඩා ගොඩක් වැඩියි)

Solar cycle නමින් හඳුන්වන චක්‍රයක් අපේ සුර්යයා අත්විදිනවා. සුර්යයාගේ ක්‍රියාකාරීත්වයේ ත්‍රීව්‍රතාවය පදනම් කරගෙන නිර්මාණය කරපු මේ Solar cycle එකක් අවුරුදු 11කින් සමන්විත වෙනවා. Solar cycle එකක ආරම්භක සහ අවසාන කාල වලදී සුර්යයාගේ photosphere එක මත විශාල සහ ත්‍රීව්‍ර සුර්යය ලප ඇති නොවුනත්, Solar cycle එකක මධ්‍ය කාලයේදී තාවකාලික ප්‍රමාණයෙන් විශාල සහ ත්‍රීව්‍ර සුර්යය ලප ඇතිවෙනවා. වර්ෂ 2024/25 කියන අවුරුදු වල සුර්යයා කලින් කියපු Solar cycle එකේ මධ්‍යයට ළඟා වෙන්නේ ප්‍රමාණයෙන් විශාල සුර්යය ලප ඇතිකරමින්. මේ සුර්යය ලප ඇතිවෙන කොටස කළු පාටින් පෙනෙනවා වගේම ඒ කොටසේ උෂ්ණත්වය සුර්යය පෘශ්ඨයේ උෂ්ණත්වයට සාපේක්ශව ගොඩක් අඩු අඟයක් ගන්නවා. මේ වගේ අවස්ථාවකට අපි Solar maximum එකක් කියලා කියනවා. මේ Solar maximum එකකදී මේ සුර්යය ලප වලින් Solar flares සහ ප්ලාස්මාවන් සාමාන්‍ය අඟයට වඩා ඉහළ සීඝ්‍රතාවයකින් නිකුත් කරනවා.

පෘථිවි වායුගෝලයට ඇතුළු වන ඒ ආරෝපිත අංශූන්, අපේ වායුගෝලයේ තියෙන ඔක්සිජන් සහ නයිට්‍රජන් වායු අණු සමඟ වේගයෙන් ඝට්ටනය වීමකට ලක්වෙනවා. මෙන්න මේ ඝට්ටනයේදී නිකුත් වන ශක්තිය අවශෝෂණය කරගන්න වායු පරමාණු සහ අණු, විද්‍යුත් චුම්භක වර්ණාවලියේ තියෙන තරංඟ නිකුත් කරමින් නැවතත් පහළ ශක්ති මට්ටම් වලට පැමිණෙනවා. ඉන් සමහර තරංඟ දෘශ්‍ය කලාපයට අයිති වෙනවා. මෙන්න මේ නිසා පෘථිවියේ උත්තර සහ දක්ශිණ ධ්‍රැව ආශ්‍රිතව මනස්කාන්ත වර්ණ රටා දිස්වෙනවා. පෘථිවියේ උත්තර අර්ධගෝලයේ ඇතිවෙන Auroras අපි Aurora Borealis නමිනුත්, දක්ශිණ අර්ධගෝලයේ ඇතිවෙන Auroras, Aurora Australis නමිනුත් හඳුන්වනවා. Auroras අපේ පෘථිවියට පමණක් සීමා වුනු එකක් නෙමෙයි. අපේ සෞරග්‍රහ මණ්ඩලයේ බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චුන් ග්‍රහලෝක වලත් මේ ලස්සන Auroras දිස්වෙනවා.

කොළ පාට Aurora ඇතිවෙන්නේ ඉහළ ශක්තියක් අවශෝෂණය කරගත්තු ඔක්සිජන් පරමාණු වලින්. මේ විදිහට ශක්තිය අවශෝෂණය කරගන්න 241.4 km ට වඩා අඩු උන්නතාංශ වල තියෙන ඉහළ ඔක්සිජන් පරමාණු සාන්ද්‍රණය නිසා අඩු ශක්ති ප්‍රමාණයකින් වුනත් ආවූරෝරාවන් ඇති කරන්න පුළුවන්. ඒක නිසා පෘථිවියේ ඇතිවෙන සුලභතම Aurora වර්ණය වෙන්නේ කොළ පාටයි.

නිල් පාට Aurora ඇතිවෙන්නේ ඉහළ ශක්තියක් අවශෝෂණය කරගත්තු නයිට්‍රජන් වායු අණු නිසා. මේවා ඇති වෙන්නේ සාමාන්‍යයෙන් 96.6 km ට වඩා අඩු උන්නතාංශයන් වලදී විතරයි. ඒ වගේම නිල් පාට ආවූරෝරාවන් ඇතිවෙන්නේ ඉහළ සාන්ද්‍රණයකින් කලින් කියපු ආරෝපිත අංශූන් පෘථිවි වායුගෝලයට ඇතුළු වුනොත් විතරයි.

රතු හෝ රෝස පාට Aurora ඇතිවෙන්නේ ඉහළ ශක්තියක් අවශෝෂණය කරගත්තු ඉහළ උන්නතාංශ වල තියෙන (241.4 km ට වඩා වැඩි) ඔක්සිජන් පරමාණු වලින්. මෙම වර්ණයෙන් යුත් ආවූරෝරාවන් ඇතිවෙන්නේ ඉහළ සුර්යය ක්‍රියාකාරීත්වයක් තියෙන කාලවලදී විතරයි. මේ දිනවලදී සුර්යයා Solar maximum එකක ඉන්න නිසා සහ සුර්යය ලප වලින් නිකුත් කරන ඉහළ ආරෝපිත අංශූ ප්‍රමාණය නිසා ලෝකයේ බොහෝ ස්ථාන වල රෝස පාට Auroras ඇතිවෙනවා. ධ්‍රැවාසන්න ප්‍රදේශ වලදී තමයි පෘථිවියේ චුම්භක ක්ශේත්‍රයන් එකිනෙක එකතු වීමකට සහ අතිපිහිට වීමකට ලක්වෙන්නේ. මේ නිසා සාමාන්‍යයෙන් Aurora වන් දක්නට ලැබෙන්නේ ධ්‍රැවාසන්න ප්‍රදේශ ආශ්‍රිතවයි. හැබැයි පහුගිය දවස්වලදී ඇතිවුනු ප්‍රභල Geomagnetic storms නිසා Aurora වන් මධ්‍යම යූරෝපය, චීනය සහ ඔස්ට්‍රේලියාව වගේ රටවල් වලටත් පෙනුනා. ඒ වුනාට සමකාසන්න රටක් වන ශ්‍රී ලංකාවට නම් Aurora වන් දැකගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

එල්සා

22 Aug, 13:02


Uranium සහ Plutonium යනු මානව ශිෂ්ඨාචාරයේ ප්‍රභල හැරවුම් ලක්ශ්‍යයන් බිහිකරලීමට සමත්වූ මූලද්‍රව්‍යයන් ද්විත්වයක් බව අවිවාදාත්මකයි. විද්‍යාව සහ තාක්ශණය පමණක් නොව න්‍යෂ්ටික බලශක්තිය සහ යුධශක්තිය ගව් ගණනාවකින් ඉදිරියට රැගෙන ගිය මූද්‍රව්‍යයන් ද්විත්වයක් වූ යුරේනියම් සහ ප්ලුටෝනියම් සැබැවින්ව අද්භූත මූලද්‍රව්‍යයන් ද්විත්වයක් වනුයේ ස්වභාවධර්මයේ අසීමාන්තික හැකියාවන් විදහාපාමිනි.

යුරේනියම් සහ ප්ලූටෝනියම් මූලද්‍රව්‍යයන් හට ඒවා සතුව ඇති සුවිශේෂී හැකියාවන් හිමිව ඇත්තේ අන්කිසිවක් නිසාවෙන් නොව විකිරණශිලීතාවය නිසාවෙනි. විකිරණශිලීතාවය යනු අස්ථායි න්‍යෂ්ටි විකිරණ පිටකරමින් ස්ථායි තත්ත්වයට පත්වීමට සිඳුකරනු ලබන ක්‍රියාවලියක ප්‍රතිපලයක්ය. ආවර්තිතා වඟුවේ 92 වන පරමාණුක ක්‍රමාංකය හිමි යුරේනියම් යනු පෘථිවියේ ස්වභාවිකව ඇතිවෙන ඉහළම පරමාණුක ස්කන්ධය හිමි මූලද්‍රව්‍යයයි. යුරේනියම් සඳහා සමස්ථානික 6ක් අර්ථ දක්වා තිබුණද එයින් ස්වභාවිකව ඇතිවනුයේ Uranium-234, Uranium-235 සහ Uranium-238 යන සමස්ථානික ත්‍රිත්වය පමණකි. මින් වඩාත් සුලභතම සමස්ථානිකය වනුයේ Uranium-238 සමස්ථානිකයයි. න්‍යෂ්ටික විඛණ්ඩන ප්‍රතික්‍රියාවන් සඳහා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක කුටීර වල බහුලවම භාවිතා වන මූලද්‍රව්‍යයක් වන යුරේනියම්, 19.1 gcm-3 ක ඝනත්වයක් සහ ඉහළ තාපාංක සහ ද්‍රවාංක පෙන්වාලනු ලබයි. ප්ලූටෝනියම් හට හිමිවනුයේ 94 වන පරමාණුක ක්‍රමාංකයයි. ප්ලූටෝනියම් සතුව ඇති සුවිශේෂීත්වය වනුයේ එය සම්පූර්ණයෙන්ම පාහේ කෘත්‍රිම මූලද්‍රව්‍යයක් වීමයි. ස්වභාවිකව ප්ලූටෝනියම් ඇතිවනුයේ ඉතා පහළ ප්‍රමාණයන් වලින් පමණකි. මේ සඳහා ප්‍රධාන හේතුව වී ඇත්තේ ප්ලූටෝනියම් සතුව ඇති කෙටි අර්ධ ආයු කාලය සහ අධික විකිරණශිලීත්වයයි. ප්‍රධාන වශයෙන් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක කුටීර හෝ හරයන් තුළ සිඳුවන න්‍යෂ්ටික විඛණ්ඩන ප්‍රතික්‍රියාවන්හි අතුරුඵලයක් ලෙසට නිර්මාණය වන ප්ලූටෝනියම් සඳහා සමස්ථානික 20ක් පමණ අර්ථ දක්වා තිබුණද එයින් වඩාත් සුලභතම වනුයේ Plutonium-239 සමස්ථානියකයි.

යුරේනියම් මූලද්‍රව්‍යය නිර්මාණය වනුයේ දැවැන්ත තාරකාවන් ඔවුනගේ දිවියේ අවසානයේදී සිඳුකරනු ලබන සුපර්නෝවා පිපුරුම් වලින් පමණකි. යුරේනියම් පමණක් නොව Iron (Fe), Nickel, Cobalt සහ Gold (Au) ඇතුළු තවත් මූලද්‍රව්‍යයන් ගණනාවක්ම නිර්මාණය වනුයේ සුපර්නෝවා පිපිරුම් මඟිනි. එපමණක් නොව යුරේනියම් යනු පෘථිවියේ primordial element එසේත් නැතහොත් පෘථිවියේ ආරම්භයේ පටන් පැවැති මූලද්‍රව්‍යයකි. මේ හේතුවෙන් පෘථිවියේ වයස නිර්ණය කරලීම සඳහා යුරේනියම් මූලද්‍රව්‍යයේ අර්ධ ආයු කාලය භාවිතා කරලිය හැකිය. කාබන් දින නිර්ණය වසර 50,000 දක්වා සීමා වුවද, යුරේනියම් මූලද්‍රව්‍යය ඒ ඒ සමස්ථානිකයන් වල ප්‍රතිශතයන් යොදාගනිමින් සිඳුකරනු ලබන දින නිර්ණයන් වසර බිලියන 5ක් තෙක් නිරවද්‍යව ප්‍රකාශ කරලිය හැකිය. න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක හරයක් තුළ සිඳුවන Uranium-238 විඛණ්ඩන ප්‍රතික්‍රියාවන් වලදී Uranium-238 පරමාණුවක්, නියුට්‍රෝනයක් අවශෝෂණය කරගනිමින් සිඳුකරනු ලබන බීටා ක්ශය වීම් කිහිපයකට පසුව එය Plutonium-239 පරමාණුවක් බවට පත්වේ. යුරේනියම් සහ ප්ලූටෝනියම් ද්විත්වයම බලශක්ති උත්පාදනය කරලීම සඳහා න්‍යෂ්ටික බලගාරයන් තුළ පාලිත තත්ත්ව යටතේ භාවිතා කල හැකි වුවද න්‍යෂ්ටික ආයුධ නිර්මාණය කරලීම සඳහා වර්තමානයේදී බහුලවම භාවිතා කරලනුයේ Plutonium-239 සමස්ථානිකයයි.

යුරේනියම් සහ ප්ලූටෝනියම් ද්විත්වයම රිදීවන් අළු පැහැයක් දරන අතර යුරේනියම් මූලද්‍රව්‍යය ප්‍රධාන වශයෙන් නිස්සාරණය කරලනුයේ භූගෝලීය පාෂාණ, පස් සහ Uraninite නම් ඛනිජයෙනි. කෙසේවුවද මේවායෙහි සංශුද්ධ යුරේනියම් පවතිනුයේ ඉතාමත් අල්ප වශයෙනි. එබැවින් මේවායෙන් න්‍යෂ්ටික බලාගාරයන්හි සහ න්‍යෂ්ටික ආයුධයන්හි භාවිතා කරලිය හැකි මට්ටමේ යුරේනියම් නිශ්පාදනය කරලීමට නම් එම සාම්පල වල අඩංගු යුරේනියම්හි සංශුද්ධතාවය ඉහළ නැංවීය යුතු අතර Uranium-238 සමස්ථානිකයට වඩා Uranium-235 හි ප්‍රතිශතය ඉහළ නැංවිය යුතුය. මෙම සංකීර්ණ සහ මිල අධික ක්‍රියාවලිය Uranium Enrichment Process (යුරේනියම් සුපෝෂණය) නමින් හඳුන්වයි.
සමාන්‍යයෙන් න්‍යෂ්ටික බලාගාර සඳහා විදුලිය උත්පාදනය කරලීමට 3-5% ක පමණ සූපෝෂිත Uranium-235 ප්‍රමාණවත් වුවත් ප්‍රභල න්‍යෂ්ටික ආයුධ නිර්මාණය කරලීම සඳහා 90% මට්ටම දක්වා සුපෝෂණය කරන ලද Military-grade Uranium [Highly Enriched Uranium (HEU)] අවශ්‍ය වේ. මෙය ඉතාමත් මිල අධික ක්‍රියාවලියක් වන අතර ලෝකයේ HEU සුපෝෂණයන් සිඳුකරලීමට හැකියාවක් සහිත තාක්ශණයක් හිමිවනුයේ රටවල් සුළු සංඛ්‍යාවක් හට පමණකි. නිශ්චිත පැවසීම අපහසු වුවත් සුපෝෂණය කරන ලද Military-Grade Uranium 1Kg ක සුපෝෂණ පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ඉක්මවා යා හැකිය.

එල්සා

22 Aug, 13:02


මෙම HEU මට්ටමේ සුපෝෂණයන් හිමි යුරේනියම් භාවිතා කරමින් මිනිසා විසින් නිර්මාණය කර ඇති බිහිසුණුතම ආයුධයන් වන අන්තර්මහද්වීපික බැලිස්ටික මිසයිලයන් (InterContinental Ballistic Missiles (ICBM)) පවා නිර්මාණය කරලිය හැකිය. නූතන බැලිස්ටික මිසයිලයන් න්‍යෂ්ටික විඛණ්ඩනය වෙනුවට භාවිතා කරලනුයේ න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාවන් (Fusion Reactions) වුවද, විලයන ප්‍රතික්‍රියාවන් ආරම්භ කරලීමට අවශ්‍යය ඉහළ ශක්ති බාධකය ඉක්මවා යෑමට න්‍යෂ්ටික විඛණ්ඩන ප්‍රතික්‍රියාවන් ආරම්භකයක් වශයෙන් භාවිතා කරනු ලබයි.

මෙම සුපෝෂණ ක්‍රියාවලීන් හේතුවෙන් යුරේනියම් මූලද්‍රව්‍යය යොදාගෙන සිඳුකරනු ලබන විඛණ්ඩන ප්‍රතික්‍රියාවන් වල කාර්යක්ශමතාවය විශාල ප්‍රමාණයන් වලින් ඉහළ යනුයේ සාපේක්ශව විශාල තාපයක් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවන් ඔස්සේ ජනනය කරමින් විදුලි උත්පාදනයට මහඟු දායකත්වයක් ලබාදෙමිනි. න්‍යෂ්ටික බලාගාරයන්හි පමණක් නොව සමහර යුධ නෞකාවන් සහ සබ්මැරීනයන් සඳහාද බලය සපයනුයේ යුරේනියම් සහ ප්ලූටෝනියම් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවන් විසිනි. උදාහරණයක් වශයෙන් ඇමෙරිකානු එක්සත් ජනපද නාවුක හමුදාව සතුව පවතින ගුවන් යානා ප්‍රවාහන නෞකාවන් වන USS Gerald R. Ford සහ USS Nimitz class නෞකාවන් Highly Enriched Uranium මඟින් බලගැන්වෙන ප්‍රතික්‍රියාකාරක හරයන් භාවිතා කරන අතර එක් සම්පූර්ණ යුරේනියම් ඉන්ධන සැපයුමකින් පුරා වසර 25ක් පමණ නොනවත්වා සාගරයන් මත ධාවනය කරලීමේ ප්‍රභල හැකියාවක් පවති. එපමණක් නොව යුරේනියම් හෝ ප්ලූටෝනියම් ප්‍රතික්‍රියාකාරක හරයන් භාවිතා කරන න්‍යෂ්ටික සබ්මැරීන වලට පුරා මාස ගණනාවක් වුවද අඛණ්ඩව ජලය තුළ සිටිය හැක.

න්‍යෂ්ටික විඛණ්ඩන ප්‍රතික්‍රියාවන් සහ න්‍යෂ්ටික බලාගාරයන් බිහිසුණූ යැයි බොහෝදෙනා සිතාසිටියද සැබැවින්ම ඒවා හට 100%ක් ම පරිසර හිතකාමී ක්‍රමවේද යටතේ ශක්තිය ජනනය කල හැකිය. එපමණක් නොව න්‍යෂ්ටික අපද්‍රව්‍ය ක්‍රමාණුකූලව බැහැර කරලිය යුතුය. වර්තමානයේදී ලෝකයේ විදුලි උත්පාදනයෙන් 10%ක් ම සපයනුයේ යුරේනියම් සහ ප්ලුටෝනියම් වලින් බලගැන්වුනු න්‍යෂ්ටික බලාගාර විසිනි. ආරම්භක සහ නඩත්තු පිරිවැය ඉහළ වුවත් න්‍යෂ්ටික බලාගාරයන් ලෝකයේ බලශක්ති අර්බුධය විසඳීම සඳහා මහඟු වූ දායකත්වයක් ලබාදෙනු ලබයි. කෙසේ වුවත් විද්‍යාඥයින් විසින් මේ වන විට හයිඩ්‍රජන්හි සමස්ථානිකයක් වන Deuterium භාවිතා කරමින් නිර්මාණය කරලිය හැකි න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාකාරක හරයන් (Deuterium Fusion Reactors) නිර්මාණය කරලීමට වෙර දරමින් සිටි. විඛණ්ඩනයට සාපේක්ශව විලයන ප්‍රතික්‍රියාවන් ආරම්භ කරලීමට සෙල්සියස් මිලියන ගණනක උෂ්ණත්වයන් සහ අතිශයින් ඉහළ පීඩනයන් ඇතිකරලිය යුතු නිසාවෙන් එය තවමත් පරීක්ශණ මට්ටම් වලට පමණක් සීමා වී ඇත. නමුත් අප කෙදිනකදී හෝ එම ඉලක්කය දක්වා ළඟාවන තෙක් අපගේ බලශක්ති පිපාසය සිඳවීම සඳහා යුරේනියම් සහ ප්ලුටෝනියම් මූලද්‍රව්‍යයන් සුවිසල් දායකත්වයක් ලබාදෙනු බව නොඅනුමානයි.

උපුටා ගැනීම පදාර්ථ පිටුවෙනි.

1,047

subscribers

351

photos

22

videos