Study Mate @studymatemain Channel on Telegram

Study Mate

@studymatemain


STUDY MATE MAIN CHANNEL 📚

👉 Join the Discussion Group : https://t.me/studymatediscuss

Instructors :
Pasindu Akash | MBBS (UG) @akx_ash

Kaveesha Hasarangi | MBBS (UG) @KaveeshaHasarangi

Study Mate (English)

Are you a student looking to enhance your knowledge and skills? Look no further than Study Mate! This Telegram channel is your go-to source for valuable educational content and resources. Study Mate is a main channel dedicated to providing insightful information and engaging discussions on a wide range of topics. Whether you're studying medicine, engineering, or any other field, you'll find something valuable here. Join our Study Mate Discussion Group to connect with like-minded individuals and participate in thought-provoking conversations. Share your ideas, ask questions, and learn from others in a supportive and collaborative environment. Our instructors, Pasindu Akash and Kaveesha Hasarangi, are experienced professionals with backgrounds in MBBS (UG). They are passionate about sharing their knowledge and helping students succeed in their academic pursuits. Don't miss out on this opportunity to be part of a vibrant and dynamic community of learners. Join Study Mate today and take your education to the next level! 📚👉

Study Mate

24 Dec, 18:58


💗Merry Christmas ළමයී.. 🎏

හැමෝටම සුබ නත්තලක් වේවා නංගී මල්ලී.. 🦌

මේ පාර Exam ලියන නංගිල මල්ලිල නම් මේ නත්තල විතරක් අඩුවෙන් සමරමු. 🥶

🛷 මේ නත්තලේ ඔයා ගොඩක් මහන්සි වෙලා වැඩ කළොත් ඊලඟ නත්තල මීට වඩා ගොඩාක් සතුටින් සමරන්න පුළුවන් වේවි 🌝

නත්තල් තමයී.. ඒ උනාට කාලය උපරිමයෙන් යොදවමු අපි පාඩම් වැඩ වලට. ❤️💪

අන්තිම මොහොත වෙනකන් අතාරින්නෙපා ❤️
#ඔයාට_පුළුවන්


Study Mate
t.me/studymatemain

Study Mate

21 Dec, 12:32


PHYSICS පොදු රටාව | STUDY MATE

දැනට කරපු මාතෘකා බලන්න 👇

මිනුම්, ඒකක හා මාන
මිනුම් උපකරණ
ප්‍රවේග කාල / විස්ථාපන කාල ප්‍රස්ථාර
ගුරුත්ව කේන්ද්‍ර
අවස්ථිති ඝූර්ණය
වෘත්ත චලිතය
Ft ප්‍රස්ථාර
සරල අනුවර්තීය චලිතය
තරංග හා ඒවායේ ලක්ෂණ
ඩොප්ලර් ආචරණය
ධ්වනි තිව්‍රතා මට්ටම්
PV වක්‍ර
ප්‍රිස්ම
ප්‍රකාශ උපකරණ
කාච
කාච සූත්‍රය
භූමි කම්පා තරංග
අංශු භෞතික විද්‍යාව
තාර්කික පරිපථ
සමක ප්‍රතිරෝධය
ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර
නුගැසුම්
පෘෂ්ඨික ආතතිය
විභවමානය

Practical help 👇

🔵 ප්‍රස්ථාර
🔵 දෝෂ
🔵 ව'නියර් කැලිපරය
🔵 මයික්‍රෝමීටර ඉස්කුරුප්පු ආමානය
🔵 ගෝලමානය


Study Mate : https://t.me/studymatemain

Discussion Group : https://t.me/studymatediscuss

▶️ STUDY MATE : https://youtube.com/@StudyMateYoutube

Study Mate

21 Dec, 04:55


පහළින් තියෙන මාතෘකා වලට අදාළව කතා කරපු MCQs ⁣තියෙන්නෙ මේ.. Theory ත් එක්කම කතා කරනවා. ඕන අය බලන්න..

ඒකක
බල සමතුලිතතාව
ධ්වනි ගුණ
චුම්භක ක්ෂේත්‍ර
කිරණ රූප සටහන්
අංශු භෞතික විද්‍යාව
ප්‍රක්ෂිප්ත
ප්‍රත්‍යස්ථතාව
විද්‍යුත් ක්⁣ෂේත්‍ර V හා E
ඩොප්ලර් ආචරණය
ඩිබ්‍රොග්ලී තරංග ආයාමය
දුස්ස්‍රාවීතාවය
වායු
තාර්කික පරිපථ
සරල අනුවර්තී චලිතය/දෝලන කාලාවර්ථය
Ft ප්‍රස්ථාර
විස්ථාපන කාල ප්‍රස්ථාර
ඝර්ෂණ බල

@studymatemain
@studymatediscuss

Study Mate

16 Dec, 09:30


ඔයාලට Channel එකෙන් වෙන්න ඕන උදව් තියෙනවා නම් කියන්න ළමයී..
වෙලාව තියෙන විදිහ අනුව මම උදව් කරන්නම් Exam ඉවර වෙනකන්.. ❤️

කලින් MCQ කතා කරපු එකෙන් වැඩක් ගත්තද ඔයාල? 🙃

Study Mate

14 Dec, 11:11


දැනට කතා කරපු ප්‍රශ්න වල අවුල් තැනක් හරි ආයෙ අහගන්න ඕන තැනක් හරි තියෙනවා නම් කියන්න ළමයී.. 😌

Study Mate

14 Dec, 08:52


බල සමතුලිතය සම්බන්ධ MCQ එකකුත් අනිවාරෙන් එන්න පුළුවන්.
මේකත් වැඩිය අමාරු එකක් නෙමේ.. කරගන්න පුළුවන්.. 😌

Study Mate

14 Dec, 08:47


විස්ථාපන කාල වක්‍ර , ප්‍රවේග කාල වක්‍ර අනිවාරෙන් බලන් යන්නම ඕන කොටස්.

විස්ථාපන කාල වක්‍රයක් දීල ප්‍රවේග කාල වක්‍රය ඇහුවොත් ගන්න විදිහ සහ ඒකෙ අනිත් පැත්තත් දැනගෙන ඉන්න ඕන.

ඒ ඒ වක්‍රයේ අනුක්‍රමණයෙන්, වර්ගඵලයෙන් දෙන රාශි මොනවද, ඒව වැඩි වෙනකොට අඩු වෙනකොට මොකක්ද වෙන්නෙ සහ ධන ඍණ මාරු වෙනකොට මොකක්ද වෙන්නෙ කියන දේවල් හරියටම දැනගෙන යමූ ළමයී.. 💗

Study Mate

14 Dec, 08:42


Ft ප්‍රස්ථාරයක වර්ගඵලයෙන් දෙන්නෙ ආවේගය හෝ ගම්‍යතා වෙනස. 😌
මේක දන්නවා නම් මේ ගානෙ දෙයක් නෑ.

Study Mate

14 Dec, 08:32


මේ වගේ සමීකරණ මතක තියාගන්නකොට ඒ ඒ පද වල තේරුම් හරියටම තේරුම් අරගෙන මතක තියාගන්න ඕන ළමයී..
නැත්නම් මේ වගේ ගාණක් හදාගන්න බෑ. වරදින්න තියෙන chance එක වැඩී.. 🥲

Study Mate

14 Dec, 08:17


පිලිපොළ හෝ තාර්කික පරිපථ වලින් අනිවාරෙන් MCQ එකක් එනවා ළමයී..
ඒක ගොඩක් ලේසි ඕන කෙනෙක්ට උත්තරේ ගන්න පුලුවන් විදිහට එන්නෙ.
ඒ නිසා තාමත් ඒ කොටස බලලා නැති හෝ පැහැදිලි නැති ළමයෙක් ඉන්නවා නම් පොඩි වෙලාවක් අරගෙන ඒ කොටස පුළුවන් කරගන්න.
ඒක ලේසි කොටසක් සහ physics paper එකේ එක ළකුණක් ! 😌

තාර්කික පරිපථ
පොදු රටාව 👉 t.me/studymatemain/825

Study Mate

14 Dec, 06:56


ධාරා විද්‍යුතය MCQ අහන්න පුළුවන් තැන්.

🔸සමක ප්‍රතිරෝධය
🔸ප්‍රතිරෝධය සඳහා බලපාන සාධක හා උෂ්ණත්ව සමීකරණය
🔸සරල පරිපථ
🔸ක'චොෆ් නියම
🔸වින්ස්ටන් සේතු මූලධර්මය
🔸තාපන ඵලය හා විද්‍යුත් ශක්ති, ක්ෂමතා
🔸විභවමානය (MCQ & SEQ)
🔸වෝල්ට් මීටර, ඇමීටර සම්බන්ධ ගැටළු


අනිවාරෙන් දැන ගත යුතුම දේවල්

🔅සමක ප්‍රතිරෝධය සෙවීම
🔅පරිපථයක විභව බෙදී යන ආකාරය
🔅ක'චො⁣ෆ් නියම ගැටළුවකදී හසුරවන ආකාරය
🔅සමීකරණ ටික


සමීකරණ ටික

Q = It
J = I/A
V = IR
R =
ρl/A
R = R'(1+
αθ)

V = E - Ir

P = VI
P = I ²R

Join !
@studymatemain
@studymatediscuss

Study Mate

02 Dec, 13:19


⭐️ CHEMISTRY | STUDY MATE


පොදු රටාව

පරමාණුක ව්‍යුහය හා ඒ ආශ්‍රිත සොයාගැනීම්
සොයාගැනීම් , පරමාණුක ආකෘති හා කැතෝඩ කිරණ
විද්‍යුත් චුම්භක තරංග , හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය
ඉලෙක්ට්‍රෝන වින්‍යාස හා ක්වොන්ටම් අංක කුලක
ආවර්තිතා වගුවේ කෙටි ආවර්ථ වල නිරීක්ෂණය කළ හැකි රටා

Organic සමාවයවිකතාව
Organic ප්‍රතික්‍රියා - Short Note
Organic Full Note
Organic Short Note
Organic IUPAC නාමකරණය
Organic සමාවයවිකතාවය
Organic හඳුනාගැනීම්

Inorganic - S ගොනුව
Inorganic - D ගොනුව
d ගොනුවේ මූලද්‍රව්‍ය සාදන සංයෝග වල වර්ණ
Inorganic IUPAC නාමකරණය
දායක බන්ධන
බහුඅවයවික
ඔක්සිකරණ අංකය සහ සංයුජතාවය සෙවීම
නම් කල පරමාණුවක මුහුම්කරණය සෙවීම
සංයෝගවල විද්‍යුත් ඍණතා විචලනය වන අනුපිළිවෙළ සෙවීම


CHEMISTRY MCQ POINTS

Part 01
Part 02
Part 03
Part 04
Part 05
Part 06
Part 07
Part 08
Part 09
Part 10


MCQ Point Quizes

https://t.me/studymatemain/270
https://t.me/studymatemain/287
https://t.me/studymatemain/298
https://t.me/studymatemain/303
https://t.me/studymatemain/316
https://t.me/studymatemain/449
https://t.me/studymatemain/456
https://t.me/studymatemain/545
https://t.me/studymatemain/564
https://t.me/studymatemain/601
https://t.me/studymatemain/648


2011 Past Paper විවරණ & Voice Notes

MCQ 01 - 05
MCQ 06 - 10
MCQ 11 - 15
MCQ 16 - 25
MCQ 26 - 30
MCQ 31 - 35
MCQ 36 - 40
MCQ 41 - 45


Study Mate : t.me/studymatemain

Discussion Group : t.me/studymatediscuss

▶️ YouTube : https://youtube.com/@StudyMateYoutube

Study Mate

28 Nov, 05:11


කලබල වෙන්න එපා ළමයී..

එන විදිහකට ලියමූ..
කල් යන එක වාසි පැත්තකට හරවාගෙන වැඩ කරගෙන යමූ..

පොඩ්ඩක් වත් ගැම්ම අඩු කරගන්න එපා !!

අන්තිම මොහොත වෙනකන් ගැම්මෙන් වැඩ ටික කරගෙන යමූ.. ♥️

#ඔයාට_පුළුවන්

@studymatemain

Study Mate

26 Nov, 12:32


ලැබුණ අමතර කාලය ගොඩක් ඵලදායී විදිහට වැඩ කරන්න ළමයී..
මීට කලින් අවුරුදු වල නොලැබුණ Chance එකක්නෙ මේක.
Bonus කාලයක් කියල හිතල ටිකක් වත් අඩු කරන්නෙ නැතුව වැඩ කරන්න. ❤️

දැන් දවස් 5 විතර තියෙනවනෙ කියල ආතල් එකේ ඉන්න ඒම හදන්නෙපා.. 😒

Study Mate

26 Nov, 11:11


බයෝ ළමයී..

අද ගෙදර ආපු ගමන් wash එකක් ඒම දාලා පොඩ්ඩක් relax එකේ ඉඳලා වැඩ කරන්න පටන් ගමූ..

Bio ගැන දැන් කතා කරන්නවත් හිතන්නවත් යන්න ඕන නෑ.. දැන් ඒක ඉවරයිනේ..
ආයෙත් කියන්නෙ උත්තර බලන්න ඒම නම් හිතන්නවත් එපා..
බයෝ පොත් ටික මෙසෙ උඩින් අයින් කරලා වෙනම තැනක තිබ්බත් කමක් නෑ
( මම නම් bio ඉවර වෙලා ආපු දවසෙ බයෝ පොත්, පේපර් ඔක්කොම කබඩ් එකකට දැම්මා 😁 )


අද හවස් වරුවේ Chemistry ටිකක් බලමු.
Physics වලට කලින් තව දවස් දෙකක් තියෙන නිසා සහ Chemistry බලන එක නතර කරලා දැනට දවස් 5,6 ක් වගේ වෙන නිසා අද හවස Chemistry බලමූ..

2020, 2021 වගේ Chemistry Past Paper එකක MCQ කරලා ඒකෙ උත්තර එක්ක විවරණයක් දාමු.

රෑ වෙලා හෝ හෙට උදේ ඉදන් Physics බලමු.

@studymatemain

Study Mate

25 Nov, 23:30


Bio නංගිලා මල්ලිලා.. 🙌

මේ වෙලාවෙ ඔයාලට පුළුවන් තරම්, වැදගත් මාතෘකා කියවන්න try කරන්න. දැන් බලන දේවල් අමතක වෙන්නෑ. ලියාගන්න පුළුවන්.

ඔක්කොම බදාගන්න යන්නෙපා. බලන ටික හරියට බලන්න.
කලබල නොවී වැඩ ටික කරමු තව පැය කීපයක්.
❤️

ඊට පස්සෙ ඊයෙ මම කිව්ව වගේ ඒ උපදෙස් මතක තියාගෙන exam එකට ගිහින් ඔයාගෙ උපරිමය කරලා එමු exam එකේදි. 🔥

ඔයාට පුළුවන් මේක දිනන්න. ❤️🫂

GOOK LUCK ළමයී.. ❤️

Study Mate

25 Nov, 09:37


1/6 ක් ඉවරයී..

‼️ ඔයාලා දැන් Biology 2nd Paper එකට පාඩම් කරනකොට MCQ එකේදි කරපු වැරදි එහෙම අහුවෙයි..
ඒ වෙලාවට ඒකෙ එල්ලි එල්ලි තව මොනාද වැරදි කිය කිය හිතන්න යන්නෙපා.
අවුල් ගන්න යන්නත් එපා.. 🫂

Bio Essays වල Marking බලන්න, Resource Book එක කියවන්න.

❗️MCQ එක ගැන හිතන්න යන්න එපා.

හිතන්න එපා කිව්වට හිතෙනව තමයී.. ඒත් එහෙම හිතෙනකොටම ඒක ඔළුවෙන් අයින් කරගෙන ඔයා ඔයාගෙ වැඩේ කරගෙන යන්න.

⚠️ අනිත් ළමයී කියන දේවල් මේ දවස් වල ඔයාගෙ ඔළුවට දාගන්න යන්නෙපා.
ලේසි, අමාරුයි, අරක ඇවිත් තිබුණ, මේ සර්ගෙ guessings ආවා, අර සර්ගෙ ඒව බලන්න, MCQ උත්තර බලන්න කිය කිය දාන ඒව ගනන් ගන්නවත් එපා.

👀 හරි අමුතු ළමයී ඉන්නව. බොරු කියනවා අනිත් අය නොමග යවන්න. බය කරන්න. ගොඩක්ම ඔය Chat Groups වල. මට MCQ මෙච්චරයි ඔයාලගෙ කීයද කිය කිය අහනවා.
ඒව ඔයාගෙ ඔළුවට දාගෙන stress වෙන්න එපා.

තාම 1/6 යි ඉවර.
තව 5/6 ක් ම තියෙනවා.. 🥹


අත්හරින්න එපා ළමයී..
අන්තිම මොහොත වෙනකන් මහන්සි වෙලා වැඩ කරමූ.. 💪

#ඔයාට_පුළුවන්

STUDY MATE 👑

t.me/studymatemain

Study Mate

24 Nov, 12:47


🔴 Exam එකට යන ළමයී අනිවාරෙන් මේ උපදෙස් හොඳට කියවලා ඒව පිළිපදින්න...


අවශ්‍ය ප්‍රමාණයට කාලා යන්න. ගොඩාක් කන්නත් එපා ටිකක් කන්නත් එපා.

විභාග මධ්‍යස්ථානයට තියෙන දුරත් එක්ක බලලා ටිකක් කලින් යන්න ගෙදරින්.

පැය භාගයක් කලින් වත් ඔයා විභාග ශාලාවට යන්න.

විභාග ශාලාවට යන්න කලින් අනිවාරෙන් wash room ගිහින් යන්න එකපාරක්. අවශ්‍යතාවයක් තිබුණත් නැතත් යන්න. Exam එක මැදදි ඕන උනොත් හරිම කරදරයක් ඒක. ඔයාට හරියට paper එක කරගන්නත් බැරි වෙනවනෙ.

විභාග ශාලාවට යන්න කලින් යාළුවෝ එක්ක විෂය කරුණු කතා කර කර, අරක එනවලු නේද මේක එනවා නේද කිය කිය කතා වෙන්න යන්නෙපා.
අනිත් අය වැඩ කරපු විදිහ, එයාල කරපු ඒව අහ අහ ඉන්නත් එපා.
කොටින්ම අනිත් ළමයි කියන කිසිම දේකින් ඔයා කලබල වෙන්න, Stress වෙන්න යන්නෙපා.
ඒ නිසා පුළුවන් නම් වැඩිය කතා නොකර ඉන්න කට්ටිය එක්ක.

Exam එකට යද්දි නිරවුල් මනසක් ⁣තියෙන්න ඕන නිස ඒම කිව්වෙ.

NIC එකයි Admission එකයි අරන් යන්න.

පෑන් වැඩිපුර අරන් යන්න.
ඊට අමතරව ඕන කරන පැන්සල් , රූල් මොනා හරි තියෙනවා නම් අනිවාරෙන් අරන් යන්න.

වතුර බෝතලයක් අරන් යන්න. Exam එක වෙලාවෙ එක පාරටම stress ගතියක් වගේ ආවොත් වතුර ටිකක් බීලා ඇස් දෙක පියාගෙන ටික වෙලාවක් ඉදල⁣ සන්සුන් වෙලා ආයෙ Paper එක පටන් ගන්න.

පෙනඩෝල් පෙති 2 ක් වගේත් අරන් යන්න පුළුවන් නම්.. ( ඕනි උනොත් ඒම )

Exam Paper එක දෙනකන් වාඩි වෙලා ඉන්නකොට ආනාපානසති භාවනාව වගේ ඔයාගෙ හිත සැහැල්ලු වෙන දෙයක් කරන්න.

Paper එක දුන්න ගමන් කරගෙන කරගෙන යන්න හදන්න එපා. එයාල දෙන කොළ හැම එකනම අදාළ තැන් වල හරියටම බලලා විභාග අංකය පැහැදිලිව ලියන්න.

Paper එකේ හැම පිටුවම පැහැදිලිව තියෙනවද බලන්න නිකමට.

ප්‍රශ්න ⁣දැක්කොත් Stress වෙයි වගේ නම් යට කොන විතරක් පෙරල පෙරල බලන්න print වෙලාද කියල හරියට.

Paper එකේ විභාග අංකය ඒම ලිව්වට පස්සෙ ඔයා ලියන පිළිවෙලට Paper එක කරගෙන යන්න.

නිල් පෑන් විතරක් පාවිච්චි කරන්න බලන්න.

හොඳ වැඩ කරන watch එකක් බැඳගෙන යන්න.
Paper එක ඉවර වෙනකන්ම වෙලාව ගැන අවධානෙන් ඉන්න.

නිකමටවත් වටපිටේ ඉන්න ළමයි දිහාවත් වෙන මොනාත් දිහාවත් එබෙන්න යන්න එපා.
විභාග පරීක්ෂක කෙනෙක් ඇවිත් බැන්නොත් හරි, වෙන මොනා හරිවත් කිව්වොත් එතනින් එහාට ඔයාට බයයිනෙ. ඒ බය එක්ක
Paper එකත් අවුල් වෙන්න ඉඩ තියෙනවනේ. ඒ නිසා ඒම කරන්න යන්නෙපා.

ඕන තරම් අමතර කොළ ඉල්ල ගන්න පුළුවන්. බය නැතුව desk එකට තට්ටු කරල ඉල්ල ගන්න.

Paper එක ඉවර වෙන්න ළං උනාම අමුණ ගන්න තියෙන කොළ තියෙනවා නම් අමුණගෙනම ලියන්න ඒවා.
අන්තිම මොහොතේ අමුණන්න ඉන්නෙපා.

Paper එක ඉවර වෙන්න විනාඩි 5 කට කලින් ආයෙත් බලන්න අදාළ තැන් හැම එකකම හරියටම විභාග අංකය ලියල තියෙනවද කියලා.

Paper එක ඉවර උනාට පස්සෙ විභාග මධ්‍යස්ථානයේ රැඳෙන්න එපා.

ලේසිද අමාරුද කිය කිය යාළුවෝ එක්ක කතා කර කර ඉන්න යන්නෙපා.

උත්තර කතා කර නර ඉන්නත් එපා. අරකට මොකක්ද මේකට මොකක්ද කිය කිය.

ඒකෙන් ඔයාගෙ ඔළුව අවුල් වෙන එකමයි වෙන්නෙ. අනික සමහර ළමයි ඉන්නව පේපර් එක හරි ⁣ලේසි කියනව. Results එද්දි ලකුණු අඩුයි. ඒ නිසා ළමයි කියන ඒව අහලා බොරුවට stress වෙන්න යන්නෙපා.

ඒ නිසා ඉවර උන ගමන් ගෙදර එන්න. ඇවිල්ලත් MCQ උත්තර බලනවා වගේ මෝඩ වැඩ කරන්න එපා.
කොච්චර එපා කිව්වත් බලන සෙට් එකක් ඉන්නවා.
බලන එකෙන් ඔයාටමයි අවුලක් වෙන්නෙ.

මේ දවස් කීපයේ ඔයාගෙ ඔළුව අවුල් වෙන කිසිම දෙයක් කරන්න යන්නෙපා.

Affairs වල ඉන්න ළමයි ඒම ඉන්නව නම් පරිස්සමෙන් ඉන්න. ඔයාගෙ partner ට කියන්න මට ආදරේ නම් පීස් මේ දවස් ටිකේ ඔළුව අවුල් වෙන මුකුත් නම් කරන්නෙපා. Exam එකෙන් පස්සෙ ඔළුව කෑවත් කමක් නෑ කියලා 🥲

ගෙදර ආවට පස්සෙ ගෙදර අය එක්කවත් paper එක කෝමද කියල කතා කර කර ඉන්නෙපා.
අම්මලට කියන්න අහන එකක් exam එකම ඉවර උනාට පස්සෙ අහන්න කියල.

ගෙදර ඇවිත් පොඩ්ඩක් relax එකේ ඉදලා ආයෙ වැඩ පටන් ගන්න ඕන.


මේ කියපු උපදෙස් අනිවාරෙන් පිළිපදින්න ළමයී..
මේ දේවල් අවුල් කරගෙන exam අනාගත්තු අය දැකල තියෙන නිසයි කියන්නෙ.

යාළුවන්ට Share කරල දැනුම්වත් කරන්න.

👉 Study Mate :
t.me/studymatemain

Study Mate

23 Nov, 02:57


‼️ Bio ළමයී.. මේ දවස් දෙකේ Bio Resourse book එකම බලන්න..

W,S මට්ටමේ වගෙ ඉන්න ළමයී, මේ ටිකේ ඔක්කොම පාඩම් අල්ලගෙන ඉන්නෙපා.. මුල් පාඩම් 5 විතරක් හරි හොඳට කියවගෙන යන්න.
ඔයාලට වෙලාව ගොඩාක් වැදගත් මේ වෙලාවේ..

ඒ නිසා කාලෙ නාස්ති වෙන විදිහෙ වැඩ කරන්න එපා !

ගොඩක් පරිස්සමෙන් කාලය manage කරගෙන උපරිම විදිහට වැඩ කරන්න.
පැය 5 ක් වත් නිදාගන්න බලන්න.
ගොඩාක් නිදිමරන්නත් එපා..

මොනව හරි දැනගන්න දේවල් තියෙනවා නම් discussion group එකේ දාන්න.

@studymatediscuss

Study Mate

28 Oct, 13:39


▪️ Past Paper Plan එකට අනුව SEQ සහ Essays කරන විදිහ.
•••••••••••••••••••••

🎙 මේකෙ කියන විදිහට කා⁣ලය උපරිම විදිහට කළමනාකරණය කරගෙන Papers ටික හොඳට කරගමූ ළමයී.. ✌️❤️

@studymatemain
@studymatediscuss

Study Mate

28 Oct, 13:38


▪️ Past Paper Plan එකට අනුව Papers ටික කරන විදිහ.
••••••••••••••••••••

🎙 මේ voice එකේ කියන විදිහට MCQs ටික කරන්න ළමයී.. අනිවාරෙන් MCQs වැඩි කරගන්න පුළුවන් ඔයාට.

කාලෙ ඇති තාමත් ගේමක් ගහන්න.
අතාරින්නෙ නැතුව කරන එක තමන්ගෙ වැඩක්. 😉

@studymatemain
@studymatediscuss

Study Mate

25 Oct, 04:16


❗️ළමයී.. මේ වැඩෙන් ප්‍රයෝජනයක් ගන්න බලන්න.

Channel එකේ මේ ටික තියෙනවා. ඒ ටික බලන්න කියල msg එකක් දාලා නිකන් ඉන්නෙ නැතුව මේ විදිහට දවස් 8 ක Schedule එකක් හදලා දවස ගානෙ දෙන්නෙ මේ දවස් 8 න් මේ ටික බලලා ඉවර කරවන්න ඕන නිසා.
නැත්නම් ඔයාල අන්තිම දවස් වෙනකනුත් මේ දේවල් බලලා නැති වෙන්න පුලූවන්.

ඒ නිසා මම දාන පිළිවෙලට ඒ ඒ දවසට අදාළ ටික එදිනෙදා බලලා ඉවර කරගමු..

තව ටික දවසයිනෙ. මේ ටිකත් කොහොම හරි අල්ලගෙන යමු..

@studymatemain
@studymatediscuss

Study Mate

24 Oct, 09:32


⚫️ මේ සතියේ දවසක Past Paper එකක් Discuss කරමූ ළමයී..

මම ඒකෙදි කියල දෙන්නම් MCQ කරනකොට කරන්න ඕන විදිහ‍, කෙටි ක්‍රම‍, කපටි ක්‍රම‍, වැඩිපුරම වරදින තැන්‍, ඒවා හදාගන්න විදිහ වගේ දේවල්.

Youtube live එකක් අරගෙන කරමූ.. එහෙම කළොත් live සම්බන්ධ වෙන්න පුළුවන් ළමයී අනිවාරෙන් පහළ poll එකට vote කරන්න.

Youtube : https://youtube.com/@StudyMateYoutube

Study Mate

22 Oct, 14:23


⁉️ Exam එකට තව මාසයක් වගේ තියෙන්නෙ ළමයී..

Past Papers තත්වෙ කෝමද දැන් ??
තව ගොඩක් කරන්න ඉතුරු වෙලා තියෙන ළමයී ඉන්නවද ??

Study Mate

19 Oct, 05:00


🔹2015 - 10
▪️ප්‍රශ්නය
▪️විවරණය
▪️voice

🔹2013 - 30
▪️ප්‍රශ්නය
▪️විවරණය
▪️voice

🔹2013 - 34
▪️ප්‍රශ්නය
▪️විවරණය
▪️voice

🔹2013 - 46
▪️ප්‍රශ්නය
▪️විවරණය
▪️voice

🔹2012 - 13
▪️ප්‍රශ්නය
▪️විවරණය
▪️voice

🔹2012 - 50
▪️ප්‍රශ්නය
▪️voice

🔹2012 - 56 (O)
▪️ප්‍රශ්නය
▪️විවරණය
▪️voice

🔹2010
▪️ප්‍රශ්නය
▪️voice

🔹2009
▪️ප්‍රශ්නය
▪️විවරණය
▪️voice



@studymatemain
@studymatediscuss

Study Mate

18 Oct, 17:03


මේ සමීකරණයෙනුත් MCQs එන්න පුළුවන්. ගොඩක් වෙලාවට අමාරු ගණන් දෙන්නෙ නෑ. සුළුවෙන විදිහට තමයි දෙන්නෙ.
හැබැයි පද වල හරිම තේරුම‍, ඒකක භාවිතය සම්බන්ධ වැරදි කළොත් උත්තරේ වරදින්න පුළුවන්.

@studymatemain
@studymatediscuss

Study Mate

18 Oct, 17:02


විවරණය

Study Mate

18 Oct, 17:02


ප්ලාවිත ප්‍රවේගය සම්බන්ධ ගැටළුවක්

Study Mate

18 Oct, 16:59


වින්ස්ටන් සේතු මූලධර්මය සම්බන්ධ ගැටළු MCQ වලට එන්න පූළුවන් ළමයී.. ඒ නිසා ඒ කොටසත් බලාගෙන යමූ..

@studymatemain
@studymatediscuss

Study Mate

18 Oct, 16:59


2010
වින්ස්ටන් සේතු මූලධර්මය සම්බන්ධ ගැටළුවක්

Study Mate

18 Oct, 16:53


මේ වගේ‍, ශ්‍රේණිගතද සමාන්තරගතද කියල කෙලින්ම අඳුරගන්න අමාරු ගානකදි මේ විදිහට සුළු කරගෙන හදන්න.

@studymatemain
@studymatediscuss

Study Mate

18 Oct, 16:53


2012 - 56 (O)
විවරණය

Study Mate

18 Oct, 16:53


2012 O- 56

වෙනස් විදිහෙ සමක ප්‍රතිරෝධය ගැටළුවක්

Study Mate

18 Oct, 16:45


මේ වගේ ගැටළුවක් ආවොත් තර්ක කරල‍, වැරදි උත්තර අයින් කරල තමයි හරිම උත්තරේ තෝරගන්න ඕන.

උත්තරේ ගන්න ඕන වෙන්නෙ සමක ප්‍රතිරෝධය සම්බන්ධ ඉතාම පොඩි theory එකක්.

@studymatemain
@studymatediscuss

Study Mate

18 Oct, 16:45


2012 - 50

සමක ප්‍රතිරෝධය සම්බන්ධ තර්ක කරල උත්තරේ ගන්න වෙන ප්‍රශ්නයක්

Study Mate

18 Oct, 16:41


මේ සමීකරණය ඇසුරෙන් ගොඩක් වෙලාවට Physics Paper එකේ MCQ තියෙන්න පුළුවන්.
ඒ නිසා මේ සමීකරණය කට පාඩමින් මතක තියෙන්න ඕන.
ඒ වගේම මේ සමීකරණයේ පද නිවැරදි විදිහට හසුරවන්නත් දැනගෙන ඉන්න ඕන.
එතකොට තමයි මේ වගේ MCQ එකකට හරියට උත්තරේ ගන්න පුළුවන් වෙන්නෙ.

@studymatemain
@studymatediscuss

Study Mate

18 Oct, 16:41


2012 - 13
විවරණය

Study Mate

18 Oct, 16:41


2012 - 13

දිග සහ හරස්කඩ වර්ගඵලය ප්‍රතිරෝධයට බලපාන අයුරු සම්බන්ධ ගැටළුවක්

Study Mate

18 Oct, 16:26


සමක ප්‍රතිරෝධය සම්බන්ධ ගොඩක් ගැටළු වල සැඟවුණු trick එකක් තියෙනවා ළමයී.. අපි ඒක හොයා ගත්තෙ නැත්නම් ගොඩක් වෙලා යන්න පුළුවන් උත්තරේ ගන්න.
මේ වගේ ගානක ප්‍රතිරෝධ ඔක්කොම සමකට ගන්න ඕන වෙන්නෙ නෑ කියල තේරෙන්න ඕන ඔයාලට.

ගොඩක් වෙලාවට ප්‍රතිරෝධ සෙට් එකක්ම අයින් වෙන විදිහට තමයි දෙන්නෙ මේ වගේ ගොඩක් තිනෙ පරිපථයක් දෙනකොට.
ඒ වගේ ගණන් හදල පුරුදු වෙමූ..

@studymatemain
@studymatediscuss

Study Mate

18 Oct, 16:26


2013 - 46
විවරණය

Study Mate

18 Oct, 16:26


2013 - 46

සමක ප්‍රතිරෝධය සම්බන්ධ ගැටළුවක්

Study Mate

18 Oct, 16:18


එක් එක් ලක්ෂයේ විභව හරියට ලකුණු කරගෙන මේ වගේ ගානක් හදන එක ගොඩක් වෙලාවට ලේසී ළමයී..
ඒ විදිහට හදන්න try කරන්න මේ වගේ ගානක් ආවොත්

@studymatemain
@studymatediscuss

Study Mate

18 Oct, 16:18


2013 - 34
විවරණය