පුදුම ලෝකය 🇱🇰

@pudumalokayasl


ලෝකයේ තියෙන අරුම පුදුම අපි නොදන්න

විෂ්මිත දේවල් ගැන දැන ගන්න අනිවා

SUBSCRIBE කරලා සෙට් වෙන්න.😎❤️👍

#educationbeyondboundry

Amazing Facts
Latest Updates

Buy ads - https://telega.io/c/PudumaLokayaSL

Contact Us - @Infofinder

පුදුම ලෝකය 🇱🇰

16 Jun, 13:30


ලොව මිටිම විවාහක යුවල 🥸

ලොව මිටිම විවාහක යුවලට හිමි ගිනස් වාර්තාව බ්‍රසීල ජාතික යුවලක් විසින් හිමිකරගෙන තිබෙනවා.

මෙම වාර්තාවට හිමිකම් කියන්නේ Paulo Gabriel da Silva Barros සහ Katyucia Lie Hoshino යන යුවලයි.

Paulo හට වයස අවුරුදු 31ක් වන අතර Hoshinoගේ වයස අවුරුදු 28ක් වෙයි.මොවුන් දෙදෙනා පළමුවරට මුණගැසී ඇත්තේ 2006 වසරේදී බවයි සඳහන් වෙන්නේ.
🙂

📑 @PudumaLokayaSL

පුදුම ලෝකය 🇱🇰

14 Jun, 13:33


අපි අතරම ඉන්න පිටසක්වලයින් 👽👀

හඳුනා නොගත් තාක්ෂණික වශයෙන් දියුණු ජනගහනයක් පෘථිවියේ මිනිසුන් අතර රහසිගතව වාසය කළ හැකි බව ඇමෙරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යනයක් මගින් හෙළිකරගෙන තිබෙනවා.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ මොවුන් වානරයින් හෝ බුද්ධිමත් ඩයිනෝසරයන්ගෙන් පැවත එන ජීවීන් විය හැකි බවයි.

මේකෙ ඉන්න පිටසක්වලයො ටික comment එකක් දාන්න 🤣

📑 @PudumaLokayaSL

පුදුම ලෝකය 🇱🇰

29 May, 13:19


මංගල උත්සවය නිරුවතින් සිදු කිරීමට ඉතාලිය අවසර ලබා දී තිබෙනවා.

ඉතාලියේ සාඩීනියාවේ නිරිතදිග වෙරළ තීරයේ සිට මෙම නිරුවත් විවාහ සිදු කිරීමටයි අවසර ලබා දී තිබෙන්නේ.

සැතපුම් හතරක පමණ පරාසයක මෙම ප්‍රදේශය පිහිටා ඇති අතර එහි නගරාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ එවැනි විවාහ සඳහා බලාපොරොත්තුවන්නන්ට ඊට අවසර ලබාදී මෙම මුහුදු තීරය සඳහා සංචාරක ආකර්ෂණය ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.

@PudumaLokayaSL

පුදුම ලෝකය 🇱🇰

19 May, 08:55


Coin එකක් Tap කරලා සල්ලි හොයන්න කැමතිද? 🌇🚫

NOT Coin වගේම තමයි
💎

සල්ලි දාන්න ඕන නෑ.හම්බෙන ඒවා ගන්න විතරයි තියෙන්නේ.ඒ නිසා භය වෙන්න දෙයක් නෑ.
🚫💎

https://t.me/tapswap_mirror_2_bot?start=r_1872874659

https://t.me/tapswap_mirror_1_bot?start=r_1872874659

මෙන්න මේ බොට්ව Start කරලා Coin එක Tap කරන්න විතරයි තියෙන්නේ.
💎

Start කරලා අනිවාරෙන් Coin එක Touch කරන්න.

පටන් ගනිද්දිම ඔයාට Free Coin ලැබේවි.

තව ටික දෙනාටයි පුලුවන් ඉක්මන් කරන්න..
🆗

පුදුම ලෝකය 🇱🇰

16 May, 04:38


ස්නැක්ස් නිසා අහිමි වූ කසාදය

ඉන්දියාවේ අග්‍රාහි කාන්තාවක් තමාට ස්නැක්ස් වර්ගයක් වන කුර්කුරේ නොගෙන පැමිණීම නිසා ඇයගේ සැමියාගෙන් දික්කසාදය ඉල්ලා තිබෙනවා.

මෙම ආහාරයට ඇය අසාමාන්‍ය ලෙස රුචි වන අතර දිනක් සැමියාට මෙම ස්නැක්ස් රැගෙන ඒමට අමතක වීම නිසා ඇය මෙම තීරණයට එළඹ තිබෙනවා.

📑 @PudumaLokayaSL

පුදුම ලෝකය 🇱🇰

16 May, 04:38


Title: Godzilla x Kong: The New Empire [2024]

Also Known As: Godzilla x Kong: The New Empire
Rating ⭐️: 6.4 / 10
(6.4 based on 47983 user ratings) | 12 | 1h 55min |
Release Info: 4 / 4 / 2024 (Germany)
Genre: #Action 🌋 #Adventure #Fantasy 🤖 #Sci_Fi #Thriller
Language: #English
Country of Origin: 🇺🇸

සිංහල උපසිරැසි සමඟ

🔔Join Backup Channel - https://t.me/+8zZkJGG__KxiZjE1

🎥 @FilmsWithSinhala_Sub

පුදුම ලෝකය 🇱🇰

15 May, 14:00


2009 වසරේදී චීන ජාතික Huang Yijun නම් 92 හැවිරිදි කාන්තාවක් දරුවකු ප්‍රසූත කර තිබෙනවා.

නමුත් දරුවා ගල් ගැසුණු අජීවී දරුවෙකු වූ අතර සිදු කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ මෙම කාන්තාව වසර 60 වඩා වැඩි කාලයක් මෙම දරුවා තම කුස තුළ තබා ගෙන සිට ඇති බවයි.

📑 @PudumaLokayaSL

පුදුම ලෝකය 🇱🇰

14 May, 13:36


ඔබ දන්නවාද ?

මෑතකදී සිදු කරන ලද අධ්‍යනයකින් හෙළි වී ඇත්තේ අන්තර්ජාලයේ "sex" නම් වචනය search කරන පුද්ගලයන්ගෙන් 35%ක්ම විවාහක පුද්ගලයන් බවයි.

📑  @PudumaLokayaSL

පුදුම ලෝකය 🇱🇰

14 May, 04:22


ඈතින් පේන්නේ කැලයක් කියලද හිතන්නෙ? නෑ මේ එක තනි ගහක්.🙄

මේ ගහ තියෙන්නේ ඉන්දියාවේ.

අක්කර 3 1/2 ක් පුරා පැතිරුණු  තනි නුග ගස හෙවත් Great Banyan tree ලෙස හදුන්වයි. ඉන්දියාවේ කොල්කටා වල තමයි මේ විශාල නුග ගහ තියෙන්නේ. අවුරුදු 250කට වඩා පරනයි කියලා තමයි කියන්නෙ.

📸 TAP HERE TO VIEW MORE PHOTOS

📑 @PudumaLokayaSL

පුදුම ලෝකය 🇱🇰

13 May, 13:40


ඔබ දන්නවාද?

තනි අතක ඇති දිගම නියපොතු වලට හිමි ගිනස් වාර්තාවට හිමිකම් කියන්නේ ඉන්දියාවේ Shridhar Chillal නම් පුද්ගලයා වෙයි.

ඔහු තම වම් අතේ මෙලෙස නියපොතු වවා ඇති අතර සමස්ත නියපොතුවල දිග ප්‍රමාණය 909.6 cm වේ.ඔහු 2014 වසරේදී මෙම ගිනස් වාර්තාව තබා ඇති අතර ඔහු අවසන් වරට තම වම් අතේ නියපොතු කපා ඇත්තේ 1952 වසරේදීය.

📑 @PudumaLokayaSL

පුදුම ලෝකය 🇱🇰

27 Apr, 12:46


අමුතුම විදියේ එළු පැටියා

මිනිස් රුවට සමාන රුවකින් යුත් එළු පැටවෙක් පිළිබඳව පුවතක් දෙණියාය, විහාරහේන, සෙල්වකන්ද ප්‍රදේශයන් වාර්තා වනවා.

එම ප්‍රදේශයේ නිවසක ඇති කළ එළු පට්ටියක එළුදෙනක් විසින් මෙම අමුතුම එළු පැටවා බිහිකර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම එළු පැටවා බිහිකර විනාඩි කිහිපයකින් මියගොස් තිබෙනවා.

📑  @PudumaLokayaSL

පුදුම ලෝකය 🇱🇰

26 Apr, 13:51


ඔබ දන්නවාද?

සාමාන්‍ය මිනිසෙකු මිනිත්තුවකට ආශ්වාස ප්‍රාශ්වාස කිරීම් 15 ක් පමණ සිදු කරයි.

ඒ අනුව මිනිසෙකු සාමාන්‍යයෙන් සිය ජීවිත කාලය තුළදී හුස්ම ගැනීම් මිලියන 200ක් පමණ සිදු කරයි.

එනම් වායු ලීටර් මිලියන 200 ක පමණ ප්‍රමාණයක් මිනිසෙකු සිය ජීවිත කාලය තුළදී ආශ්වාස කරයි.

📑 @PudumaLokayaSL

පුදුම ලෝකය 🇱🇰

26 Apr, 13:50


හැමෝටම ලැබෙන්නෙ නැති චාන්ස් එකක් 😁

ඉක්මන් කරන්න.මේවගේ දේවල් හැම තැනම නෑ 😂


https://t.me/FilmsWithSinhala_Sub/978

පුදුම ලෝකය 🇱🇰

25 Apr, 13:49


අලුතින් එකතු වුණ ITC රත්නදීප

ඉන්දියාවේ කොල්කටා හි ITC Limited සමාගමට අයත් සුඛෝපභෝගී එකතු කිරීමේ හෝටලයක් වන ITC රත්නදීප, ගාලු මුවදොර ඉදිරිපිටදී විවෘත කර තිබෙනවා.

මෙම සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය අලංකාර ලෙස සරසා ඇති කාමර සහ සේවා මහල්, නිවාස 352 කින් සමන්විත අතර විශාල පෞද්ගලික සඳළුතල සහිතව ඉදිකොට තිබෙනවා.

මීටර් 55ක් පමණ දිගින් යුත් අහස් පාලම මෙම සුඛෝපභෝගී හෝටලය සතු වන අතර මෙය දකුණු ආසියාවේ එකම අහස් පාලමයි.මෙහි අධි සුඛෝපභෝගී පිහිනුම් තටාක දෙකක්ද ඉදිකර තිබෙනවා.

📑  @PudumaLokayaSL

පුදුම ලෝකය 🇱🇰

22 Apr, 13:10


ඔබ දන්නවාද?

පුරාණ ග්‍රීසියේ ඇහිබැම කාන්තාවන්ගේ බුද්ධියේ හා සුන්දරත්වයේ සලකුණක් ලෙස භාවිතා කර ඇත.

මෙහිදී සුන්දර ඇහිබැමක් ඇති කාන්තාවන් විශිෂ්ට නුවණැත්තියන් ලෙස සලකා ඇත.එමනිසා සමහර කාන්තාවන් ස්වභාවික ඇහිබැමට අමතරව වේශ නිරූපණය මගින් කෘතීමවද ඇහිබැම ඇඳගෙන ඇත.

Woman කියලා තමයි කියන්න තියෙන්නේ.😂

@PudumaLokayaSL

පුදුම ලෝකය 🇱🇰

20 Apr, 13:40


ඔයාටත් සමහර වෙලාවට මුත්‍රා කරනකොට එක සැරේට ඇඟ වෙව්ලලා යනවා දැනිලා තියෙනවද?

ඔයා පිරිමි කෙනෙක් නම් අනිවාරෙන්ම මේක වෙලා ඇති.

හැබැයි මේක කාන්තාවන්ට වැඩිය වෙන්නේ නෑ.කාන්තාවන් මුත්‍රා කරන ඉරියව්ව නිසා තමයි කාන්තාවන්ට මේක වැඩිය දැනෙන්නේ නැත්තේ.

මේ විදියට ඇඟ වෙව්ලලා යන එකට හරියටම හේතුවක් හොයාගෙන නෑ.ඒ නිසා විද්‍යාඥයෝ එක එක මත මේ වෙනුවෙන් ඉදිරිපත් කරලා තියෙනවා.

වෙව්ලීම කියන්නේ ඇඟේ මාංශපේශී එකවර සංකෝචනය හා ඉහිල් වෙන එකට.මේකෙන් තාපය නිපදවීමක් සිදුවෙනවා.ඔයා මුත්‍රා කරද්දි එක පාරම ඇඟේ උෂ්ණත්වය පහළ බැසීමක් සිදු වෙනවා.මෙන්න මෙතනදි ඇඟේ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට ගෙන එන්න තාපය නිපදවමින් වෙව්ලීමක් ඇඟේ සිදුවෙනවා.

මේක තමයි දැනට මේ වෙවිලීමට හේතුව විදියට පිළිගන්න ප්‍රධානම හේතුව.ඒත් තව ගොඩක් හේතු ඉදිරිපත් වෙලා තියෙනවා.මුත්‍රා කරද්දි රුධිර පීඩනය එකවර අඩු වෙන නිසාත් මේක වෙනවා කියලා මතයක් තියෙනවා.

ඔයාටත් වෙලා තියෙනවද?😁☺️

@PudumaLokayaSL

පුදුම ලෝකය 🇱🇰

19 Apr, 13:33


ඔබ දන්නවාද?

කළුකුමන් හට ඔවුන්ගේ වර්ණය්ස් වෙනස් කර ගැනීමේ හැකියාවක් ඇත.

සාමාන්‍යයෙන් ඔවුන්ගේ හිස සහ බෙල්ල සුදට හුරු වූ ලා රෝස හෝ ලා නිල් පැහැති වෙයි.මොවුන් එම වර්ණය තද රතු හෝ තද නිල් පැහැයට හරවයි.

ඔවුන් මෙසේ සිදු කරන්නේ යම් කලබලයකට පත් වූ හෝ උද්‍යෝගිමත් වූ විටය.

@PudumaLokayaSL

පුදුම ලෝකය 🇱🇰

18 Apr, 13:35


ඇඟ ගොඩක් මහත වුනා කියලා දුක් වෙන්න එපා 😂

තායිලන්තයේ Phuketහි ගම්මානයක‌ ජීවත් වන පිරිමින්ගේ සිහිනය වන්නේ පෘෂ්ඨිමත් කාන්තාවක් විවාහ කර ගැනීමයි.මෙහිදී කිලෝග්‍රෑම් 90 ට වඩා වැඩි බරක් ඇති කාන්තාවන්‌ සුන්දර හා සරාගී යයි සැලකෙන අතර බිරිඳ තරබාරු තරමට පුරුෂයා වඩාත් සාර්ථක වන බවට ඔවුන් විශ්වාස කරයි.බරින් අඩු ඕනෑම කාන්තාවක් සමච්චලයට ලක් වන අතර ඔවුන් විවාහයකට නුසුදුසු යැයි ඔවුන් සලකනු ලැබේ.

ගම්මානයේ පිරිමින් තම භාර්යාවන් ගේ මහත රැකගැනීම සඳහා ඇයව හොදින් පෝෂණය කරන අතර කෑම පිසීම සහ රෙදි සේදීම‌ද පුරුෂයන් විසින්ම සිදු කරනු ලබයි.

📑  @PudumaLokayaSL

15,691

subscribers

1,717

photos

3

videos