🔶 මුලින්ම පොඩි වීදුරු බෝතලයක් ගන්න. (එහෙම නැත්තම් ඔයාම හදාගත්ත පොඩි පෙට්ටියක් හරි ඒ හා සමාන ඔයාට හොයාගන්න පුළුවන් ලේසි දෙයක් ගන්න.)
🔶 ඊටපස්සේ, අද ඉඳන් හැම දවසක්ම අවසානයේ දී ඔයාට ඒ දවස ඇතුලත සිද්ධ වුණ හොඳ දේවල්, ඔයාව සතුටු කරපු දේවල් හැම එකක්ම පොඩි කොළ වල ලියන්න.
🔶 ඊටපස්සේ, ඒ කොළ ටික අර ඔයා ගත්ත පොඩි හිස් වීදුරු බෝතලයට දාන්න.
🔶 මේ දේ හැම දවසකම කරන්න.
🔶 එතකොට මේ 2025 අවුරුද්ද අවසානයේදී ඒ කියන්නේ 2025 අවුරුද්දේ දෙසැම්බර් 31, ඔයා ඒ හදාගත්ත Happiness Jar එක Open කරන්න!
🔶 Open කරලා ඒ Happiness Jar එකේ තියෙන ඔයාගේ සතුටු හිතෙන මතක, දවස් ගැන ඔයා ලියපු කොළ එකින් එක අරගෙන කියවන්න!
🔶 එතකොට ඔයාට බලාගන්න පුළුවන් කොයිතරම් සතුටු හිතෙන අවුරුද්දක් ඔයා ගත කරලා තියෙනවද කියලා.
💭 මේක අවුරුද්දේ අන්තිම ම Open කරන්න ඕනීම කියලා එකක් නෑ.
💭 ඔයාට පුළුවන් ඔයාට දුක හිතුන වෙලාවට වුනත් මේ Jar එක Open කරලා ඔයාට තියෙන සතුටු හිතෙන මතක එක්ක ජීවත් වෙන්න! ✨
ඉතින්, සතුටු හිතෙන අවුරුද්දක් ගත කරන්න, ඔයත් Happiness Jar එකක් හදන්න! ☺️✨
@seeyourmiracle💕