Andromeda Astro @andromedatelescope Channel on Telegram

Andromeda Astro

@andromedatelescope


Youtube - https://youtube.com/@andromeda1420

Promotions and Inquiries - @dckarunarathne

Andromeda Astro (English)

Are you fascinated by the mysteries of the universe? Do you find yourself gazing up at the night sky, wondering about the stars and planets that lie beyond? If so, then you need to join the Andromeda Astro Telegram channel! This channel is a treasure trove of information for anyone interested in astronomy, astrophysics, and space exploration. Whether you're a seasoned stargazer or just someone curious about the cosmos, Andromeda Astro has something for everyone

Who is Andromeda Astro? Andromeda Astro is a dedicated team of astronomy enthusiasts who are passionate about sharing their love of the universe with others. They bring together a community of like-minded individuals who all share a common interest in the wonders of outer space

What is Andromeda Astro? Andromeda Astro is a Telegram channel that provides a platform for discussion, education, and exploration of all things related to astronomy. From the latest news about upcoming celestial events to in-depth explanations of complex astrophysical concepts, Andromeda Astro covers it all. They also share stunning images of galaxies, nebulae, and other cosmic phenomena, giving subscribers a front-row seat to the beauty of the universe

Whether you're looking to expand your knowledge of the night sky or simply want to connect with others who share your passion for astronomy, Andromeda Astro is the place to be. Join their Telegram channel today and embark on a journey through the stars with a community of fellow space enthusiasts. Don't miss out on the opportunity to explore the wonders of the universe right from the comfort of your own home! For promotions and inquiries, reach out to @dckarunarathne. Happy stargazing!

Andromeda Astro

12 Feb, 14:16


මේ චායාරූප ලබාගත්තේ ඉන්දියාවේ ISRO ආයතනයට අයත් Chandrayan - 2 Lunar orbiter එක මඟින්. ඒ 2021 අප්‍රේල් මාසයෙදි. මේ යානය දැනට චන්ද්‍රයාගෙ පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 100ක් පමණ ඉහළ කක්ෂයක චන්ද්‍රයා වටා කක්ෂ ගතවෙලා තියෙන්නෙ.🤓

ඉතින් මේ චායාරූප වල පේන්න තියෙන්නෙ ඇපලෝ 11 මෙහෙයුමේදී නීල් ආම්ස්ට්‍රෝන් සහ බස් ඇල්ඩ්‍රින් සඳ මතට ගොඩබැස්සවීම සිදුකල ඊගල් යානාවේ කොටසක්. මේ ඊගල් යානාව ප්‍රධාන අදියර දෙකකින් සමන්විත වුනා. ඒ තමයි Ascent අදියර සහ Descent අදියර. මෙතනින් ගඟනගාමීන් සිටියේ Ascent අදියර තුළ. ඒවගේම පහළ අදියර වුන Descent අදියරෙන් තමයි ඒ ගඟනගාමීන් සිටි Ascent අදියර සියුම්ව චන්ද්‍රයා මත ගොඩබැස්වීම සිදුකලේ. ඒවගේම චන්ද්‍ර මෙහෙයුම් වලින් අනතුරුව නැවත Ascent අදියර දියත් කිරීම සඳහා දියත් පුවරුව විදිහට භාවිත කළෙත් මේ Descent අදියරම තමයි. ඉතින් මේ චායාරූපයේ පේන්න තියෙන්නෙ මෙහෙයුම අවසානයේ චන්ද්‍රයා මත දමා ගිය ඒ Descent අදියරයි.😍

මේ Descent අදිරය පෘථිවියේ සිට දුරේක්ෂ වලින් නිරීක්ෂණය කරන්න බෑ. මොකද හඳට තියෙන දුරත් එක්ක බලද්දි පැහැදිලිව දුරේක්ෂ වලට දිස්වීමට තරම් ඒක විශාල වස්තුවක් නෙමෙයි. ඒවගේ වස්තුවක් බලන්න පුලුවන් තරමෙ ඉතා ඉහළ විභේදන බලයක් සහිත දුරේක්ෂයක් සාදන එක කරන්න අපහසු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්.😁

ඒවගේම මීට පෙර Chandrayaan 1 මඟින්ද මේ ඇපලෝ මෙහෙයුමට භාවිත කල කොටස් චායාරූප ගත කරන්න උත්සහ කලා. ඒත් ඒ යානාවේ තිබුනු කැමරා වල විභේදන බලය ඒ සඳහා ප්‍රමාණවත් වුනේ නෑ. හැබැයි ඉතින් කොහොමහරි chandrayaan 2 lunar orbiter එකේ කැමරාවලටනම් ඒ සඳහා ප්‍රමාණවත් විභේදන බලයක් තිබුනා.

ඉතින් ඉන්දියාව පමණක්ම නෙමෙයි, ලෝකයේ වෙනත් රටවල අභ්‍යවකාශ ඒජන්සි වලට අයත් චන්ද්‍රයා වටා කක්ෂ ගතව ඇති යානා මඟින්ද මෙය චායාරූපගතකර තිබෙනවා. Internet එකේ search කලොත් ඔයාල ඒවත් බලාගන්න පුලුවන්. හැබැයි මතක ඇතුව ඒ ඒජන්සි වලට අදාළ නිල වෙබ් අඩවි පමණක් භාවිත කරන්න.🌝

© Andromeda Astro

Andromeda Astro

12 Feb, 14:16


අදටත් සඳමත පේන ඇපලෝ 11 මෙහෙයුමේදී භාවිත කල ඊගල් යානයේ කොටසක්!😯

Andromeda Astro

10 Feb, 14:58


ඔරායන් තරු රටාවෙ තියෙන තරු නිර්මාණය වෙන වලාවක් Capture කලා...❤️🔭

මේ තමයි ප්‍රසිද්ධ ඔරායන් නිහාරිකාව (M42). පෘථිවියට ආලෝක වර්ෂ 1340ක් පමණ දුරින් තියෙන්නෙ. මේ පේන වලා හඳුන්වනේ අණුක වලා කියලා. ඒවා තුළ තැනින් තැන නව තාරකා බිහිවීම සිදුවෙනවා. මේ සමස්ථ වලාවම ආලෝක වර්ෂ 30ක පමණ විශ්කම්භයකින් යුක්ත වෙනවා. ඒවගේම ස්කන්ධය අපේ සූර්යයාගෙ ස්කන්ධය වගේ 2000ගුණයක් පමණ. ඒතුළ බහුතර ප්‍රමාණයක් අඩංගු වෙන්නෙ හයිඩ්‍රජන් වායුව. ඊට අමතරව හීලියම්, ඔක්සිජන්, කාබන්, නයිට්‍රජන්, නියෝන් සහ සල්ෆර් වගේ වායූත් සුළු ප්‍රමාණ වලින් අන්තර්ගත වෙනවා.

මේ ෆොටෝ එක දුරේක්ෂයෙන් Capture කරපු විදිහ ගැන සම්පුර්ණ වීඩියෝ එකක් youtube channel එකට දැම්මා. කැමති අය බලන්න. ලින්ක් එක පහළින් දාන්නම්

https://youtu.be/sFwogCQSC-I?si=w1B4TepQd3XcCuCA

Equipments

D203, F/10 Schmidt Cassegrain Telescope
40mm wide angle eyepiece
Samsung S20 mobile phone camera

📷 Dinujaya C Karunarathne
© Andromeda Astro

Andromeda Astro

09 Feb, 15:59


1994 වසරේ එක රාත්‍රියක ඇමෙරිකාවෙ Los Angeles නගරයේ තරමක් ප්‍රභල භූ කම්පනයක් ඇතිවෙනවා. මේ නිසා එදා දවසෙ මුළු නගරයටම විදුලිය විසන්ධි වුනා. ඉතින් මේ සිදුවීමෙන් පසුව ඝන අඳුරෙම එලිමහනට ආපු මිනිස්සු දැකලා තියෙනවා අහස මුදුන හරියෙ තරු අතර විහිදිලා තියෙන සුදු පාට දුම් වලාවක් වගේ දෙයක්. ඇතැම් මාධ්‍ය වාර්ථා කරල තිබුන විදිහට සමහර මිනිස්සු මේ අමුතු වලාව දැකල කලබල වෙලා 911ට සහ Griffith නිරීක්ෂණාගාරයට කෝල් කරල අහල තියෙනවලු මොකක්ද මේ අහසෙ පේන අමුතු දේ කියල.

ඉතින් ඇත්තටම ඒ වලාව අමුතු දෙයක් නෙමෙයි. ඒ ඔයාල බොහෝ දෙනෙක් දැකල තියෙන ක්ෂීරපතය😅. අපිටනම් ඒක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. මොකද ලංකාවෙ ආලෝක දූෂණය සාපේක්ෂව අඩු නිසා බොහෝ දෙනා මේක ඕනෙතරම් දැකල තියෙනවා. හැබැයි Los Angeles වගේ ඉතා ඉහළ අලෝක දූෂණයක් තියෙන නගරයක ඉන්න කෙනෙක්ට ක්ෂීරපථය කවදාවත් දකින්න වෙන්නෙ නෑ. ලොස් ඇන්ජලිස් වල විතරක් නෙමෙයි ලෝකයේ බොහෝ නගර වල ජීවත් වෙන ගොඩක් දෙනා ඉන්නවා තමන්ගෙ ජීවිත කාලය තුළ එකසැරයක්වත් ක්ෂීරපථය දකින්න අවස්ථාවක් නොලැබුනු. 2016 දි කරපු Research එකකට අනුව ලෝක ජනග්‍රහණයෙන් 1/3කටම මේක දකින්න තවමත් අවස්ථාව ලැබිල නෑ.💔 මොකද ඒ ගොඩක් අය ජීවත් වෙන්නෙ ඉතා ඉහළ ආලෝක දූෂණයක් සහිත නගර වල. ඉතින් ඔයත් මේ 1/3න් කෙනෙක් නෙමෙයිනම් සතුටුවෙන්න. මොකද තරු පිරි අහසක අසිරිය විඳගන්න තරම් ඔයා වාසනාවන්තයි. හැමෝටම ඒ අවස්ථාව ලැබෙන්නෙ නෑ.

ඉතින් ඔයාලගෙ ප්‍රදේශයටත් තාම විදුලිය නැත්නම් පවුලෙ අයත් එක්ක එකතුවෙලා අහස බලන්න.😁 මොකද අද ගොඩක් ප්‍රදේශ වල ආලෝක දුෂණය අඩුයි. ඒ නිසා අහස ගොඩක් පැහැදිලියි ඇති.😇

Andromeda Astro

Andromeda Astro

09 Feb, 15:59


1994 දි සිදුවූ විදුලි විසන්ධිවීමකින් පසු Los Angeles අහසේ දිස්වුනු අමුතු දේ 😁👇

Andromeda Astro

09 Feb, 14:10


දැන් පොඩි වෙලාවකට කලින් ගත්තු අඟහරුගෙ සහ සඳේ චායාරූප...😁❤️

අද දෙන්න තරමක් සමීපයෙන් දැකගන්න පුලුවන්.🌝

Equipments

D203, F/10 Schmidt Cassegrain Telescope
25mm and 9mm wide angle eyepieces
2x barlow lens
Samsung S20 mobile phone camera

📷 Dinujaya C Karunarathne
© Andromeda Astro

Andromeda Astro

08 Feb, 15:33


මිනිසා විසින් නිපඳවපු පෘථිවියට දුරින්ම පවතින අභ්‍යවකාශ යානාව තමයි Voyager 1 කියන්නෙ. මේ යානාවෙ ප්‍රධානම අරමුණ වුනේ අඟහරුගෙන් එහා භාහිර සෞරග්‍රහ මණ්ඩලය සහ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත අවකාශය අධ්‍යන්‍ය කරන එක.😇

ඉතින් භාහිර සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අසලින් ගමන් කරමින් ඒවා පිළිබඳ වැදගත් තොරතුරු රාශියක් අනාවරණය කරගත් මේ යානාව 2012 අගෝස්තු 25 වෙනිදා අන්තර්තාරීය අවකාශයට (Interstellar space) සාර්ථකව ඇතුළු වුනා. සම්මතයක් විදිහට අන්තර්තාරීය අවකාශය විදිහට සලකන්නෙ අපේ සූර්යයාගේන් නිකුත් වෙන ආරෝපිත අංශු වල බලපෑම අවසන් වන සීමාව.😉 මේ සීමාව ආරම්භ වෙන්නෙ සූර්යයාගේ සිට කිලෝමීටර් බිලියන 11කින් පමණ පසුව. හැබැයි අන්තර්තාරීය අවකාශයේ පැවතුනත් තවමත් මෙය සෞරග්‍රහ මණ්ඩලයට අයත් අවසානම කොටස වන ඌට් වලාව පසු කර නැහැ.

ඉතින් කොහොමහරි පසුගිය පෙබරවාරි 3 වෙනිදා එය අන්තර්තාරීය අවකාශය තුළ ගමන් කරමින් පෘථිවියේ සිට කිලෝමීටර් බිලියන 25ක දුර සීමාව පසුකලා. දැන් එයින් නිකුත් වෙන සිග්නල් පෘථිවියට එන්න පැය 23කුත් විනාඩි 11කුත් ගත වෙනවා. ඒවගේම මේ වන විට එහි වේගය තත්පරයට කිලෝමීටර් 16.9ක් පමණ වෙනවා. ඒ නිසා මේකෙ වර්ථමාන පිහිටුම අන්තිම කිලෝමීටරේටම කියන්න බෑ.😂 මොකද හැම තප්පරේකදිම ඒ අගය 16.9කින් වැඩිවෙනවනෙ. ඉතින් කාටහරි මේකෙ live distance එක බලාගන්න අවශ්‍යනම් නාසා ආයතනයේ නිල වෙබ් අඩවියෙ voyager මෙහෙයුමට අදාළ වෙබ් පිටුව භාවිත කරන්න පුලුවන්. ඒකෙ link එක comment section එකේ දාන්නම්.😁

2023 වසරේදී නොවැම්බර් වලින් පසුව මේ යානය පෘථිවියට දත්ත සම්ප්‍රේෂණය කිරීම තාවකාලිකව නැවැත්තුවා. ඒකට හේතුව වුනේ මේ යානාවෙ ඇති "flight data subsystem" (FDS) නම් පරිගණක පද්ධතියේ ඇතිවූ දෝෂයක්. මේ පද්ධතිය මෙහෙයවීමට භාවිත කල Software code එකක් ඇතුළත් කර තිබූ chip එකක් අක්‍රීය වීම නිසයි ඒ දෝෂය ඇතිවුනේ. කොහොමහරි පසුව මේ Code එක කොටස් තුනකට වෙන් කර FDS හි වෙනත් Chip තුනකට ඇතුළත් කිරීම තුළින් නාසා විද්‍යාඟයින්ට වොයෙජර් සමඟ නැවත සම්බන්ධතාවය ඇතිකරගන්න පුලුවන් වුනා. ඒ 2024 අප්‍රේල් 20 වෙනිදා.🌝

හැබැයි ඉදිරියේදීත් මේවගේ ගැටලු මතුවෙලා යානව සමඟ සම්බන්ධතාව අහිමි වෙන්න පුලුවන්. මොකද දැන් මේක තියෙන්නෙ අන්තර්තාරීය අවකාශයෙනෙ. මේ අවකාශය තුළදි යානාව වෙනත් මණ්දාකිණි වලින් නිකුත් වෙන ප්‍රභල ආරෝපිත අංශු ධාරා වලට නිරාවරණය වෙන්න පුලුවන්. එහෙම උනොත් යානාවෙ පරිපථ වලට හානි සිදුවෙනවා. ඒ කොහොම උනත් අවුරුදු 47 තිස්සේ තාමත් මේක ක්‍රියාකාරිත්වයේ තිබීම ගැන අපි සතුටු වෙන්න ඕනෙ.😌 මොකද මේක නිශ්පාදනය කරපු කාලේ අද වගේ තාක්ෂණික දියුණුවක් මිනිසා සතුව තිබුනෙ නෑ. ඒවගේම මේක බලාපොරොත්තු වුනාටත් වඩා වැඩි කාලයක් ක්‍රියාකාරී තත්වයේ තියෙනවා. දැනට අනුමාන කරන විදිහට යානයේ පරිපථ වලට තවත් හානියක් නොවුනොත් 2036 පමණ දක්වා මෙහි සබන්ධතාවය පවත්වාගන්න පුලුවන්.😯

එතනින් පසුව සම්බන්ධතා නැතිවුණත් යානයේ ගමන අවසන් වෙන්නෙ නැහැ. යම් වස්තුවක ගුරුත්ව බලපෑමක් නිසා එහි කක්ෂය වෙනස් නොවුනොත් බොහෝදුරට Ophiuchus තාරකා රාශිය දෙසට එහි ගුරුත්වජ ත්වරණය අවසන් වන තුරුම ගමන් කරාවි.😃

ඒවගේම මේ මෙහෙයුමේ තව අවසන් බලාපොරොත්තුවක් තියෙනවා.😇 ඒ තමයි මේ යානාව තුළ අන්‍තර්ගතව තියෙන Golden Record disk එක. මේ disk එක තුළ පෘථිවියේ විවිධාකාර චායාරූප, ශබ්ද, විවිධ සංස්කෘතීන් වලට අයත් ගීත සහ භාෂා 55ක් ඇතුළත් කර තිබෙනවා. විද්‍යාඥයින් මෙයින් බලාපොරොත්තු වෙන්නෙ යම් හෙයකින් පිටස්තර ජීවී ශිෂ්ඨාචාරයකට මේ disk එක හොයාගන්න පුලුවන් උනොත් ඔවුන්ට පෘථිවි ජීවය ගැන අදහසක් ලබාදීමයි.

✍️ Dinujaya Karunarathne
© Andromeda Astro

Andromeda Astro

08 Feb, 15:33


Voyager 1 යානාව පිටත අවකාශයේ කිලෝමීටර් බිලියන 25ක දුර සීමාව පසුකරයි.😲👇

Andromeda Astro

06 Feb, 11:32


මේ අවුරුදු දෙකකදි මං ගත්තු සෙනසුරුගෙ ෆොටෝ දෙකක්.😇 වෙනසක් පේනවද?😁👇

හොඳට බලන්න අවුරුදු දෙකේදි සෙනසුරුගෙ වළලු පේනිල තියෙන විදිහ.

මෙහෙම වෙන්නෙ පෘථිවියට සාපේක්ශව සෙනසුරුගෙ කක්ෂීය පිහිටුම වෙනස් වෙද්දි. (කමෙන්ට් සෙක්ෂන් එකෙ ෆොටෝ එකක් දාන්නම් ඒක බැලුවහම තේරුම්ගන්න ලේසියි.) ඉතින් 2025 අවුරුද්දෙ මාර්තු අගදි මේ වලළු සෙනසුරු සහ පෘථිවිය යා කරන තලයට හරියටම අභිලම්භව පිහිටනවා. එතකොට දුරේක්ෂයකින් බැලුවොත් මේ වලළු තනි රේඛාවක් විදිහට දකින්න පුලුවන් වෙයි.

(image දෙකේ quality එක ගැන හිතන්න එපා මොකද 2022 ෆොටෝ එක ගත්තෙ dslr cam එකක් use කරල අනික ගත්තෙ mobile phone use කරල.😁)

© Andromeda Astro

Andromeda Astro

05 Feb, 11:27


අද හවස අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය ලංකාවට පේනවා!.😁❤️👇

හවස 6.40ට වයඹ දිශාවෙන් උදා වෙලා හවස 6.50 වන විට ගිණිකොණ දිශාවෙන් බැස යාවි. මේ වෙලාව ඇතුළත අහස මුදුන ප්‍රදේශය බලාගෙන ඉන්න. හවස 6.45 වන විට එය අහස මුදුන ආසන්නයෙන් ගමන් කරාවි.

සාමන්‍යෙන් මේක සෑම මාසයකම දින කිහිපයක් ලංකාවට දිස්වෙනවා. පෙබරවාරි මාසයෙත් 7,9,10,11 යන ඉදිරි දිනවල මේක දැකගන්න පුලුවන්. හැබැයි ඒ සියලුම දින වලට වඩා මේක හොඳින්ම දකින්න පුලුවන් දිනය තමයි අද.

Andromeda Astro

Andromeda Astro

05 Feb, 10:31


AFTER A/LEVELS COURSES

උසස් පෙළින් පසු කළ හැකි විවිධ අධ්‍යාපනික හා වෘත්තීය පාඨමාලා පිළිබඳ දැනගන්න එකතුවෙන්න.

Foundation Certificate Courses

NVQ Courses

Diplomas & Degrees

𝗖𝗼𝘂𝗿𝘀𝗲𝘀 𝗮𝗳𝘁𝗲𝗿 𝗔-𝗟𝗲𝘃𝗲𝗹𝘀 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗺 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 ⬇️

https://t.me/Courses_SL

JOIN NOW

SHARE AND SUPPORT US! ❤️😇

Andromeda Astro

02 Feb, 13:44


දැන් අහස බලන්න. ග්‍රහ වස්තු 4ක් තනි පෙළට 😍❤️

මුලින්ම බටහිර අහස බැලුවොත් හඳයි සිකුරුයි තරමක් ආසන්නයෙන් බලාගන්න පුලුවන්.

ඒවගේම අහස මුදුනෙ දීප්තිමත්ව බ්‍රහස්පති පේනවා.

නැගෙනහිර අහසෙ තරමක් රතු පැහැයට හුරුව අඟහරු පේනවා.

© Andromeda Astro

Andromeda Astro

01 Feb, 13:18


දැන් බටහිර අහස බලන්න.🌝 සිකුරු, සඳ සහ සෙනසුරු තනි පෙළට පේනවා. 😍

හඳට උඩින් ගොඩක් දීප්තිව තියෙන්නෙ සිකුරු. හඳට පහළින් ටිකක් අඩු දීප්තියක් සහිතව සෙනසුරු පෙනෙයි. ❤️

Andromeda Astro

Andromeda Astro

01 Feb, 05:06


කල්පනා චව්ලා ඉන්දියානු සම්භවයක් සහිත පලමු ගගනගාමීවරිය යි. 1962 වසරේ දී ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ උපත ලද ඇය 1991 දී ඇමරිකාවට සංක්‍රමණය වූ අයෙක්. මෙය ඇගේ දෙවන හා අවසාන ෂටල මෙහෙයුම යි.
ලොව පළමු ඊශ්‍රායල් ජාතික ගගනගාමියා වූ ඉලන් රමොන් 1954 වසරේ ඊශ්‍රායලයේදී උපත ලැබූවා. මෙම මෙහෙයුම ඔහුගේ එකම අභ්‍යාවකාශ මෙහෙයුම යි.

ෂටලය දියත් කිරීමේදී කැඩී වැටුනු තාප පරිවාරක මගින් ෂටලයේ තටු වලට යම් හානියක් විය හැකි බවත්, ඒ හේතුවෙන් නැවත පැමිණීමට පෙර ඒ පිලිබඳ හොඳින් පරීක්ෂා කල යුතු බවට නාසා ආයතනයේ විද්‍යාඥයන් තෙවරක්ම ඉල්ලීම කල ද ඒ පිලිබඳ ඉහල නිලධාරීන් තැකීමක් සිදුකලේ නෑ. නැවත වායුගෝලට ඇතුල් වීමට දින කීපයකට පෙර මෙහෙයුම් අධ්‍යක්ෂක විසින් ගගනගාමී රික් හස්බන්ඩ් වෙත දන්වා තිබුනේ කිසිදු ගැටලුවකින් තොරව ගොඩබැසීම සිදුවනු ඇති බවයි.

2003 වසරේ අද වැනි දිනක, එනම් පෙබරවාරි 1 වන දින උදෑසන 8.15 ට කොලොම්බියා ෂටලය නැවත වායුගෝලයට ඇතුල් වීම සිදුකරනු ලැබුවා. ශබ්දයේ වේගය මෙන් 24 ගුණයක පමණ වේගයෙන් වායුගෝලයට ඇතුල් වූ ෂටලය මුල් මිනිත්තු 30 ක පමණ කාලය තුල සාමාන්‍ය ආකාරයට ගමන් කල අතර ගගනගාමීන් කිසිවෙක් පැමිණෙන අනතුර පිලිබඳ දැන සිටියේ නෑ.

ෂටලය නැවත වායුගෝලයට ඇතුල් වීමේදී එහි පියාපත් හා ඉදිරිපස කොටස් 1650 °C පමණ අධික උණුසුමකට ලක්වන අතර මෙම තාපය දරාගැනීම සඳහා පියාපත් වල ඉදිරිපස පෙරසවි කාබන් තාප පරිවාරක කොටස් සකසා තිබෙනවා. නමුත් මෙම ෂටලය දියත් කිරීමේදී සිදුවූ අනතුර හේතුවෙන් මෙම අධික උණුසුම් වායු ධාරා ෂටලයේ වම් පියාපත තුලට ගමන් කල අතර ක්‍රමයෙන් ෂටලයේ වම් පියාපතේ කොටස් කැඩී යාම ඇරඹුනා. මෙලෙස ෂටලයෙන් කොටස් කැඩීයාම උදෑසන 8.53 පමණ සිට පොලොවේ සිට ෂටලය නැරඹූ බොහෝ දෙනා දැක තිබුනා. එහෙත් උදෑසන 8.54 ට යානයේ සංවේදක කිහිපයක් ක්‍රියා විරහිත වන තුරුම නාසා ආයතනය හා ගගනගාමීන් සැවොම සිතා සිටියේ ෂටලය නියමිත පරිදි ගොඩබසිනු ඇති බවයි.

උදෑසන 8.59 ට ෂටලයෙන් ලැබෙන සියලු රේඩියෝ සබඳතා එක්වරම ඇණහිටි අතර ඉන් තත්පර කිහිපයකට පසු ෂටලයේ පාලනය ගගනගාමීන්ගෙන් ගිලිහී ගොස් කැරකැවීමට පටන් ගත්තා. උදෑසන 9 ට ටෙක්සාස් ප්‍රාන්තයට ඉහල අහසේදී ෂටලය කොටස් රැසකට වෙන්වී ගියේ එහි සිටි ගගනගාමීන් සත් දෙනාවම තත්පර කිහිපයක් ඇතුලත මරු තුරුලට යවමිනුයි. මෙලෙස ෂටලය කොටස් වලට වෙන්වී ගිය අවස්ථාව පොලොවේ සිට දිස්වූ ආකාරය තෙවන ඡායාරූපයෙන් දැක්වේ.

මෙම සිදුවීමෙන් පසු ගගනගාමී සිරුරු සහ ෂටලයේ කොටස් එක්රැස් කිරීමේ මෙහෙයුමක් ඇරඹුනු අතර එහිදී ෂටලයේ කොටස් 40,000 ක් පමණ හා මිනිස් ශරීර කොටස් රැසක් ද සොයාගැනුනා. මෙලෙස හමුවූ කොටස් මෙහි දෙවන ඡායාරූපයෙන් දැක්වේ.

මෙම ඛේදජනක සිදුවීමෙන් පසු නාසා ආයතනය ෂටලයේ බාහිර සැකැස්මේ මෙන්ම සිදුකරන මෙහෙයුම් වලත් වෙනස්කම් කිහිපයක් සිදුකලා. මෙම ආරක්ෂක පියවරයන් හේතුවෙන් 2011 වසරේ ෂටල ව්‍යාපෘතිය අවසන් කරන තුරුම වෙනත් කිසිදු අනතුරක් සිදු වූයේ නෑ.

© 𝚂𝙴𝙽𝙰𝙽 𝙺𝙰𝙽𝙽𝙰𝙽𝙶𝙰𝚁𝙰
© 𝙰𝙽𝙳𝚁𝙾𝙼𝙴𝙳𝙰

Andromeda Astro

01 Feb, 05:06


කොලොම්බියා ෂටල ඛේදවාචකය සිදුවී අදට වසර 22ක් 😢

අභ්‍යාවකාශ ෂටල ව්‍යාපෘතියේ 113 වන මෙහෙයුම ලෙස කොලොම්බියා ෂටලය 2003 ජනවාරි 16 දින ඇමරිකාවේ කැනවරල් තුඩුවෙන් දියත් කෙරුනේ විද්‍යාත්මක පර්යේෂණ රැසක් සිදුකිරීමේ බලාපොරොත්තුවෙනුයි. එහෙත් මෙම දියත් කිරීමේදී ෂටලයේ බාහිර ඉන්ධන ටැංකියේ තාප පරිවාරක කොටසක් ඉන් ගැලවී ෂටලයේ වම් පියාපතේ වැදී තිබුනේ කිසිවෙකුත් නොදැන යි. මෙමගින් එම ස්ථානයේ තිබූ පෙරසවි කාබන් පරිවාරක කොටසක් කැඩී ගොස් තිබුනා. මෙම තාප පරිවාරක කොටස් කැඩී වැටීම ඡායාරූප වල සටහන් ව තිබුන ද එමගින් හානි වූ ස්ථානය සටහන් ව තිබුනේ නෑ.

STS-107 ලෙස නම් කර තිබූ මෙම මෙහෙයුම දින 16 කට ආසන්න කාලයක් පෘථිවි කක්ෂයේ විවිධ පර්යේෂණ රැසක් සිදුකල අතර SPACEHAB හා FREESTAR පර්යේෂණ ඉන් ප්‍රධානත්වයක් ගත්තා.

මෙම මෙහෙයුමට සහභාගි වූ ගගනගාමීන්:

1. රික් හස්බන්ඩ්, අණදෙන නිලධාරී
2. විලියම් මැක්කූල්, ෂටල නියමු
3. මයිකල් ඇන්ඩර්සන්
4. ඩේවිඩ් බ්‍රව්න්
5. ලෝරල් ක්ලාක්
6. කල්පනා චව්ලා
7. ඉලන් රමොන්

මින් කල්පනා චව්ලා සහ ඉලන් රමොන් විශේෂත්වයක් ගත් අතර මෙහෙයුමට පෙර ගගනගාමීන් ලබාගත් ඡායාරූපයක් ද ඉහත දැක්වේ.

© 𝚂𝙴𝙽𝙰𝙽 𝙺𝙰𝙽𝙽𝙰𝙽𝙶𝙰𝚁𝙰
© 𝙰𝙽𝙳𝚁𝙾𝙼𝙴𝙳𝙰

Andromeda Astro

31 Jan, 09:46


තාරකා පරිණාමය දෙවෙනි වීඩියො එක upload කලා..❤️

මේ වීඩියෝ එක තුළින්,

📌තාරකාවක් විනාශ වෙන්නෙ කොහොමද?
📌සුපර්නෝවා පිපිරුමක් ඇතිවෙන්නෙ කොහොමද?
📌ග්‍රහ නිහාරිකාවක් ඇතිවෙන්නෙ කොහොමද?
📌කළු කුහර සහ නියුට්‍රෝන තාරකා ඇතිවෙන්නෙ කොහොමද?

වගේ ගොඩක් කරුණු ගැන පුළුල් අවබෝධයක් ඔබට ලබාගන්න පුලුවන් වෙයි. ලින්ක් එක පහළින් දාන්නම්😇👇

https://youtu.be/kUx6VOEMbh0?si=nqv__I-PZ42v_7aB

Andromeda Astro

Andromeda Astro

30 Jan, 13:25


බ්‍රහස්පති මතට වැටුන Europa චන්ද්‍රයාගෙ හෙවනැල්ල මගේ දුරේක්ෂයට හසුවූ අයුරු❤️🔭

මේ සිදුවීම උනේ ජනවාරි 03 වෙනිදා රාත්‍රී 7.05 - 9.37 අතර කාලය තුළ. මං Capture කලේ රාත්‍රී 7.30ට විතර.

Equipments

D203,F/10 Schmidt Cassegrain Telescope
9mm wide angle eyepiece + 2x barlow lens
Samsung S20 mobile phone camera

© Andromeda Astro

Andromeda Astro

30 Jan, 06:30


බැරිවෙලාවත් පෘථිවිය සමඟ ගැටෙන විදිහට කක්ෂය සකස් වුනොත් ගැටුම සිද්ධ වෙන්න පුලුවන් මේ කාලාපය තුළ...

Andromeda Astro

30 Jan, 06:29


මීටර් 40ත් 100ත් අතර පළලකින් යුතු වන මේ නව ග්‍රහකය සොයාගත්තේ නාසා ආයතනයේ ATLAS දුරේක්ෂ පද්ධතිය මඟින්. ඒ පසුගිය දෙසැම්බර් 27 වෙනිදා. ඔවුන් මෙය නම් කරල තියෙන්නෙ 2024 YR4 ලෙස.

දැනට සිදුකර ඇති ගණනය කිරීම් වලට අනුව මෙය 2032 දෙසැම්බර් 22 වනදා පෘථිවියට කිලෝමීටර් 106200 ක් පමණ ආසන්නයෙන් ගමන් කරන්න නියමිතයි. ඒ අවස්ථාවේදී එය පෘථිවියත් සමඟ ගැටීමට 1.2%ක සම්භාවිතාවක් තියෙනවා.

මේක කුඩා සම්භාවිතාවක් තමයි. හැබැයි දැනට හොයාගෙන තියෙන Near earth object වලින් පෘථිවිය සමඟ ගැටීමට වැඩිම සම්භාවිතාවක් තියෙන ග්‍රහකය තමයි මේක. ඒ නිසා එය යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ NEO impact Risk List එකේ සහ නාසා ආයතනයේ Sentry Risk Table එකේ ඉහළින්ම නම් කර තිබෙනවා.ඒවගේම Torino scale එකෙත් මේක level 3 මට්ටමේ අවදානම් ග්‍රහකයක් ලෙස නම් කර තිබෙනව.

කොහොමනමුත් මේකෙ ප්‍රමාණය සහ සංයුතිය ගැන තවමත් ඉතා නිවැරදිව පවසන්න බැහැ. මොකද තාම ඒක තියෙන්නෙ පෘථිවියට කිලෝමීටර් මිලියන 27ක් පමණ දුරින්. කොහොමනමුත් විද්‍යාඟයින් පවසන්නෙ එය 2028දි පෘථිවියට කිලෝමීටර් මිලියන 8ක් පමණ ආසන්න වෙද්දි ප්‍රමාණය සහ සංයුතිය පිළිබඳ ඉතා නිවැරදි දත්ත ලබාගන්න හැකි වන බවයි. ඒවගේම දැනට ලබාගෙන ඇති මෙහි කක්ෂයේ නිරීක්ෂ දත්ත වල අවිනිශ්චිතතාවයද ඒ කාලෙ වෙද්දි තව අඩුවෙන්න පුලුවන්.

© Andromeda Astro

Andromeda Astro

30 Jan, 06:29


2032දි පෘථිවියේ ගැටීමට සම්භාවිතාවක් ඇති නව ග්‍රහකයක් සොයාගනී.☄️⚠️👇

Andromeda Astro

27 Jan, 04:47


අද (27) සහ හෙට (28) හවස මේ වගේ Satellite පෝලිමක් පියවී ඇසින් බලාගන්න පුලුවන් වෙයි.😯 🛰️👇

📌අද හවස 7.05ට විතර දකුණු සහ නැගෙනහිර අහස් ප්‍රදේශ බලාගෙන හිටියොත් මේ වගේ චන්ද්‍රිකා කිහිපයක් තනිපෙළට ගමන් කරන ආකාරය දැකගන්න පුලුවන් වෙයි.

📌මෙහෙම ගමන් කරන්නෙ SpaceX සමාගමට අයත් Starlink G11-6 නැමැති චන්ද්‍රිකා සමූහය.

📌ඉහත සඳහන් කල වෙලාව වනවිට එය දකුණු අහසෙන් දිස්වීමට පටන්ගෙන ගිණිකොණ අහස හරහා නැගෙනහිර අහස දෙසට ගමන් කරාවි.

📌ලොකු දීප්තියකින් දිස්වෙන්නෙ නැහැ. ගොඩක් දුරට ඔරායන් තාරකා රාශියෙ හිස නිරූපණය කරන Lambda orionis තාරකාවේ දීප්තියට වඩා මදක් දීප්තිමත් වෙයි.

📌හෙට දිනයේත් මේ චන්ද්‍රිකා සමූහයම ලංකාවට දැකගන්න පුලුවන්. හෙට (28) හවස 7.07 අවට අහස මුදුන ආසන්නය බලාගෙන ඉන්න. එය නිරිත දිශාවෙන් දිස්වීමට පටන් ගෙන අහස මුදුන හරහා උතුරු දිශාවට ගමන් කරාවි.

© Andromeda Astro

Andromeda Astro

25 Jan, 13:42


තරු හැදෙන විදිහ ගැන වීඩියො එකක් කරන්න හිතුනා!❤️

මේක තනි වීඩියෝ එකකින් කතාකලොත් තරමක් වීඩියෝ එක දිග වැඩියි. ඒ නිසා වීඩියෝ දෙකක් විදිහට දාන්නම්. අද පළවෙනි වීඩියෝ එක youtube එකට upload කලා. ඒක තුළින් කතාකරල තියෙන්නෙ තරුවක් නිර්මාණය වෙන විදිහ ගැන සහ තරුවක් ශක්තිය නිපඳවන ආකාරය ගැන. ඉතින් මේ ගැන ඉගෙනගන්න කැමති අය ඒ වීඩියෝ එක බලන්න. ලින්ක් එක පහළින් දාන්නම් 😊

පළවෙනි කොටසෙ ලින්ක් එක -
https://youtu.be/KUVzrH1S7A0?si=D3h91pmGzyT8Jl6D

දෙවෙනි වීඩියෝ එකෙන් තරු විනාශ වෙන විදිහ ගැන කතාකරමු. ඒක ජනවාරි 30 වෙනිදට upload කරන්නම්.❤️

Andromeda Astro

Andromeda Astro

21 Jan, 11:03


පියවී ඇසට පෙනෙන සූර්යලප කලාපයක් මේ දින වල සූර්යයා මත.😲 අද හවසට පෙනෙයි.👇

සූර්යයා බැස යන අවස්ථාවේදී සහ නැග එන අවස්ථාවේදී පමණක් නිරීක්ෂණය කරන්න.(ක්ෂිතිජය ආසන්නව තියෙද්දි)

🚫අවවාදයයි - මෙම සූර්යලප කලාපය ඔබට පියවී ඇසින් දැකගත හැක්කේ සූර්ය උදාවේදී සහ බැසයාමේදී පමණයි.(ක්ෂිතිජය ආසන්නව තියෙද්දි) ඒ නිසා ඒ අවස්ථා දෙකේදී හැර අන් කිසිඳු අවස්ථාවක මෙය නිරීක්ෂණය කිරීමට උත්සහ කරන්න එපා. එමඟින් ඔබේ ඇස් වලට ඍජුව හානි සිදුවිය හැක. සූර්ය උදාවේදී සහ බැසයාමේදී සූර්යයාලෝකයේ තීව්‍රතාවය සැලකිය යුතු මට්ටමකට අඩුවෙන නිසා ඒ අවස්ථා දෙකේදී සූර්යයා නිරීක්ෂණ කිරීම පමණයි ආරක්ෂිත වන්නේ.

මේ ඔබට පියවී ඇසට පෙනෙන්නේ AR3961 කියන සූර්යලප කලාපය. එය පෘථිවියේ පෘෂ්ඨ වර්ගඵලය වගේ 4.7ගුණයක පමණ ප්‍රදේශයක පැතිරී තිබෙනවා. ඒවගේම පසුගිය දින 4 ඇතුළත මෙයින් C සහ M කාණ්ඩයට අයත් සූර්ය ගිනිදළු 10ක් පමණ නිකුත් වුනා. ඇතැම් විට ඉදිරි දින වල X ඛාණ්ඩයේ ප්‍රභල ගිනිදළු නිකුත්වීමටත් කුඩා සම්භාවිතාවක් තියෙනවා. පියවී ඇසින් බලද්දි සූර්යයාගෙ මැද හරියෙ තියෙන කුඩා කළු පැහැති ඩොට් එකක් වගේ පෙනෙයි. මේ ෆොටෝ එකේ තියෙන්නෙ ඒක නෙමෙයි වෙන එකක්.

© Andromeda Astro

Andromeda Astro

20 Jan, 12:35


පෘථිවියට ලඟම ඇති කළුකුහරයක් සොයාගනී!😌👇

සම්පුර්ණ වීඩියො එක - https://youtu.be/nQGI3mngC2I

Andromeda Astro

19 Jan, 05:06


උල්කාව වැටුන ස්ථානය සහ ගැටුමෙන් පසු ඉතිරි වූ උල්කා කොටස්...

Andromeda Astro

19 Jan, 05:06


කැනඩාවේ නිවසකට උල්කාපාතයක් කඩා වැටෙයි !😲👇

මේ ඔබ දකින්නෙ කැනඩාවේ Prince Edward දුපතේ ඇති නිවසකට කඩා වැටුනු කුඩා උල්කාවක්. මෙහි ඔබට උල්කාව වැටෙන දර්ශන වලට අමතරව එය ගැටෙන ශබ්දය පැහැදිලිව අහන්න පුලුවන්. පර්‍යේක්ෂකයින් පවසන අන්දමට මෙය තමයි උල්කාවක් වැටෙන ශබ්දය පටිගත වුනු පළවෙනි අවස්ථාව වෙන්නෙ.

මේ සිදුවීම වෙලා තියෙන්නෙ 2024 ජූලි 25 වෙනිදා. ඒත් සිදුවීම වුන කාලයෙදි මේ ගැන දැනුම් දුන්නෙ නෑ. මොකද එකපාරට මේක උල්කාවක්ද කියන්න බෑ. ඒකට මේ ගැටුමෙන් ඉතිරි වූ කොටස් සාම්පල පරීක්ෂා කරන්න ඕනෙ. ඉතින් Alberta University එකෙන් කරපු සාම්පල පරික්ෂාවකින් මෙය උල්කාවක් කියල තහවුරු වෙලා තියෙනවා. ඒක University එකෙන් නිල වශයෙන් දැනුම් දුන්නෙ පසුගිය ජනවාරි 13 වෙනිදා.

පර්‍යේෂණ වලට අනුව එය Chondrite උල්කාපතයක්. මේ වර්ගයේ උල්කා සෞරග්‍රහ මණ්ඩලය ආරම්භ වූ කාලයේ ඉඳන් විරූපණයට ලක් වෙලා නැහැ. ඒ නිසා මේ වගේ උල්කා සෞරග්‍රහ මණ්ඩලයේ මුල් අවධිය පිළිබඳ තොරතුරු අණාවරණය කරගැනීමට භාවිත කරන්න පුලුවන්. පර්‍යේක්ෂකයින් පවසන්නෙ මේ උල්කාව බොහොදුරට අඟහරු සහ බ්‍රහස්පති අතර කලාපයේ පවතින ග්‍රහ වලළ්ලට අයත් එකක් බවයි.

Video via - Laura Kelly/ University of Alberta

Andromeda Astro

17 Jan, 14:51


අද (17) Starship රොකට්ටුවේ දෙවන අදියර පුපුරා ගිය අයුරු...😲👇

SpaceX සමාගමට අයත් Starship රොකට්ටුවේ හත්වන පරේෂණ දියත් කිරීම අද (17) පාන්දර සිදුකෙරුනා. කොහොමහරි රොකට්ටුව දියත් කිරීමෙන් පසුව පළමු අදියර සාර්ථකව වෙන් වී නැවතත් දියත් පුවරුව අසලට පැමිණ දියත් පුවරුවේ ඇති රොබෝ අත් මඟින් සාර්ථකව අල්ලාගනු ලැබුවා.

එසේවුනත් ඉන් මිනිත්තු 8කට පමණ පසුව එහි දෙවන අදියර වන Ship 33 සමඟ තිබූ සම්බන්ධතා අහිමි වී ගියා. පසුව එය අත්ලාන්තික් සාගරයට ඉහළ අහසේ මේ ආකාරයට පුපුරා ගියා.

මූලික විමර්ශන වලින් පෙනී ගොස් තිබෙන්නේ යානයේ එන්ජින් අසල ඇතිවූ ඉන්ධන/ඔක්සිහාරක කාන්දුවක් නිසා ඇතිවූ ගින්නක් මේ පිපිරීමට හේතු වූ බවයි.

Andromeda Astro

Andromeda Astro

16 Jan, 15:34


අඟහරු දැන් නැගෙනහිරි අහසෙ ගොඩක් දීප්තිමත්ව පේනවා.😍 බලන්න.❤️👇

ඒවගේම තව විශේෂත්වයකුත් තියෙනවා. ඒ තමයි අඟහරුග අද මිථුන රාශියෙ Castor සහ pollux තාරකා දෙකත් සමඟ තනි රේඛාවක පිහිටන්නෙ. ඔයාලට බලද්දි පෙනෙයි අඟහරුට වම් දෙසින් තව තරු දෙකක්. ඒකෙන් අඟහරු ගාවම තියෙන්නෙ pollux. අනික Castor. මේ Castor තරුව පියවී ඇසට තනි තරුවක් වගේ පෙනුනට ඒක තරු 6ක පද්ධතියක්.

© Andromeda Astro

Andromeda Astro

16 Jan, 01:39


මේ දින වල ‍රාත්‍රී අහසේ අඟහරුගෙ දීප්තිය ක්‍රමයෙන් වැඩිවෙමින් තිබෙනවා. මේකට හේතුව තමයි පෘථිවිය ක්‍රමයෙන් එයත් සමඟ Opposition පිහිටුමේ පවතින පරිදි සකස් වෙමින් පැවතීම. මෙය සාමන්‍යෙන් සෑම වසර 2කට වතාවක්ම සිදුවන දෙයක්.

ඇත්තටම මොකක්ද මේ Opposition පිහිටුම කියන්නෙ?

Opposition පිහිටුම කියන්නෙ පෘථිවියට බාහිරින් පවතින යම් ග්‍රහලෝකයක් පෘථිවිය සහ සූර්යයා සමඟ ඒක රේඛීයව පවතින පිහිටුමට. මෙහිදි අනිවාර්යයෙන් අදාල බාහිර ග්‍රහලෝකය සහ සූර්යයා අතර පෘථිවිය පැවතිය යුතුයි. (පළමු කමෙන්ට් එක බලන්න.) සාමාන්‍යයෙන් බාහිරින් පවතින සෑම ග්‍රහලෝකයකම කක්ෂීය ආවර්ථ කාලය පෘථිවියට වඩා වැඩියි. නමුත් සෑම වසරකටම වතාවක්ම පෘථිවිය සූර්යයා වටා එක් වටයක් සම්පූර්ණ කරන විට අවුරුද්දේ යම් යම් කාල වලදී බාහිරින් පවතින ග්‍රහලෝකයක සමගම මෙවැනි පිහිටුමකට පෘථිවිය ඇතුළත් වනවා. මේ නිසා වසර පුරා විවිධ බාහිර ග්‍රහලෝක වල Opposition පිහිටීම් අපට නිරීක්ෂණය කරන්න පුලුවන්.

අඟහරු මේ Opposition පිහිටුමේ පවතින්නෙ ජනවාරි 16 එනම් අද රාත්‍රියෙදි. ඉතින් අද රාත්‍රී 8න් පමණ පසුව නැගෙනහිර අහස බැලුවොත් ඔබට මෙය ඉතා දීප්තිමත්ව දැකගන්න පුලුවන්. හැබැයි මේ වෙලාව අවට බ්‍රහස්පති අහස මුදුනෙත්, සිකුරු බටහිර අහසෙත් දැකගන්න තියෙනවා. ඒ නිසා මේකත් එක්ක ඒ දෙක පටලවගන්න එපා. අඟහරුගෙ දීප්තිය ඒ දෙකටම වඩා අඩුයි. ඒවගේම ටිකක් තැඹිලි පාටට හුරුයි.

සාමන්‍යෙන් Opposition පිහිටුමක පවතින විට ඒ අදාළ ග්‍රහලෝකය පෘථිවියට තරමක් ආසන්න වීම සිදුවෙනවා. ඒ නිසා අද දින එය සහ පෘථිවිය අතර පරතරය කිලෝමීටර් මිලියන 97.5 පමණ තෙක් අඩුවීම සිදුවෙනවා. එය පෘථිවිය සහ අඟහරු අතර සාමාන්‍ය පරතරයට සාපේක්ෂව කිලෝමීටර් මිලියන 127.5ක පමණ අඩුවීමක්. එසේම එම ග්‍රහලොවට වැටුනු සූර්යාලෝකය අප දෙසට සෘජුව පරාවර්තනය වීම නිසාත් අපට වෙනත් දින වලට සාපේක්ෂව වැඩි දීප්තියක් සහිතව අදාළ ග්‍රහලෝකය නිරීක්ෂණය කරන්න පුලුවන්. (සඳේ පසලොස්වක දින පිහිටුම මතකයට නගා ගන්න.)

Opposition පිහිටුමේදී අඟහරු පෘථිවියට ආසන්න වුවත් ග්‍රහලෝක දෙක අතර පරතරය අවම වෙන්නෙ එම පිහිටුමේදි නොවෙයි. ඒ දෙක අතර පරතරය අවම වුනේ පසුගිය ජනවාරි 12 වෙනිදා. එම අවස්ථාවේදී පෘථිවිය සහ අඟහරු අතර දුර පරතරය වුනේ කිලෝමීටර මිලියන 96 ක්. එය ග්‍රහ වස්තු දෙක අතර සාමන්‍ය පරතරයට වඩා කිලෝමීටර් මිලියන 129ක පමණ අඩුවීමක්. ඒ උනත් පියවී ඇසට ඒ සමීපවීමෙ පැහැදිලි වෙනසක් දකින්න බෑ. ඒ නිසයි කලින් ඒ ගැන දැනුවත් නොකලෙ.

හැබැයි ඉතින් දීප්ති වෙනසනම් පියවී ඇසට හොඳින් අඳුනගන්න පුලුවන්. අද රාත්‍රියේ එහි දීප්තිය උපරිම උනත් තව සති තුනක් වගේ යනකල් මේ දීප්තියෙ ලොකු අඩුවීමක් වෙන්නෙ නෑ. ඒ නිසා අහස පැහැදිලි වෙලාවක බලන්න. උපරිම අවස්ථාවේදී දෘෂ්‍ය දීප්ති විශාලනය -1.38ක් පමණ වෙනවා.

© Andromeda Astro

Andromeda Astro

16 Jan, 01:39


අද (16) රාත්‍රීයේදී අඟහරුගෙ දීප්තිය උපරිම වෙයි!😍👇

Andromeda Astro

15 Jan, 09:36


කෙක් දුරේක්ෂය දුටු බ්‍රහස්පති ප්‍රමාණයේ පිටසක්වල ග්‍රහලෝක 4😌👇

සම්පුර්ණ වීඩියො එක - https://youtu.be/PNTysGZwfmM?si=b_012IBdrx0rRO6K

© Andromeda Astro

Andromeda Astro

14 Jan, 03:05


වල්ගාතරුව හානියක් නැතුව සූර්යයාට ආසන්නතම ලක්ෂය පසු කරලා.😇

මේ වීඩියෝ එකේ අන්තිම photo එක අරන් තියෙන්නෙ අද(14) ශ්‍රී ලංකා වෙලාවෙන් උදේ 7.24ට. ඒ කියන්නෙ ඊයෙ උප හේලිකය පසු කරල පැය 16කට පමණ පසුවත් වල්ගාතරුවට හානියක් වෙලා නෑ කියල පැහැදිලි වෙනවා. මේ නිසා ගොඩක් දුරට අද ඉඳන් මේක බටහිර අහසෙ දීප්තිමත්ව දැකබලාගන්න පුලුවන් වෙයි. මම කලින් දාපු වීඩියෝ එකේ තියෙන වෙලාවල් වලට බලන්න එහෙනම් 😁

Andromeda Astro

Andromeda Astro

13 Jan, 12:33


ATLAS වල්ගාතරුව අද සූර්යයාට සමීපවූ ආකාරය.😯

C/2024 G3 (ATLAS) වල්ගාතරුව අද ශ්‍රී ලංකා වෙලාවෙන් සවස 3.39ට එහි කක්ෂයේ උපහේලිකයට ඒ කියන්නෙ සූර්යයාට ආසන්නතම ලක්ෂයට ලඟා වුනා. මේ ෆොටෝ එකේ තියෙන්නෙ හරියටම ඊට පැය 3යි විනාඩි 50කට පෙර Soho අභ්‍යවකාශ යානයෙන් ලබාගත් එහි අන්තිම චායාරූපය. මෙතනින් පසුව වල්ගාතරුවේ කිසිම නිරීක්ෂණ දත්තයක් තවමත් විද්‍යාඟයින් නිකුත් කරල නෑ. ඒ නිසා උපහේලිකයෙදි වල්ගාතරුවට මොකද උනේ කියල තාම හරියට කියන්න බෑ. නිරුපද්‍රිතව උපහේලිකයෙන් නික්මුනානම් බොහෝදුරට හෙට ඉඳන් අපිට ඒක බටහිර අහසෙ දකින්න පුලුවන් වෙයි.

කොහොමනමුත් දැනට තියෙන දත්ත වලට අනුව මෙය තමයි අවුරුදු 20කට පසුව ආපු දීප්තිමත්ම වල්ගාතරුව. හැබැයි ඉතින් ඒ උනාට අපිට පියවී ඇසින් දකින්න පුලුවන් වෙයිද දන්නෙ නෑ. අපි බලන් ඉමු මොකක්ද අලුත් තත්වය කියල. Update එකක් ආපු ගමන් ඔයාලව දැනුවත් කරන්නම් ❤️

© Andromeda Astro

Andromeda Astro

12 Jan, 13:27


මේ ඔබ දකින්නේ අඟහරුගෙ වටා කක්ෂ ගතව ඇති ExoMars TGO මඟින් ලබාගත් අඟහරුගෙ පෘෂ්ඨයේ චායාරූපයක්. මෙහි රෝස පැහැයෙන් දිස්වෙන්නෙ ක්ලෝරයිඩ් අයන තැන්පත් වූ කලාපයක්. සරලවම කිව්වොත් මේ තියෙන්නෙ ලුණු. හැබැයි අපි කන ලුණු (NaCl) නෙමෙයි.😁 ක්ලෝරින් අඩංගු වෙනත් ලවණ.

කොහොමද ලුණු මෙහෙම තැන්පත් වුනේ?🤔👇

ඔයාල දන්නවනේ මීට අවුරුදු බිලියන කීපයකට කලින් අඟහරු මත ගංගා පැවති බවට දැනටමත් යම් යම් සාක්ෂි ලැබී තිබෙන බව. ඉතින් මේ ලුණු තැන්පත් වී තිබෙන්නෙ බොහෝදුරට අතීතයේ මේ හරහා ගලා ගිය ගංගාවකින්. කාලයත් සමඟ අඟහරුගෙ චුම්භක ක්ෂේත්‍රය හීන වීගෙන යද්දි මේ ගංගා වාෂ්පවෙලා ගිහින් ඒ ලවණ ජලයේ තිබුනු ක්ලෝරයිඩ් අයනයි මේ විදිහට තැම්පත් වෙලා තියෙන්නේ.

මේක හරියට පෘථිවියේ ලුණු ලේවායකදි සිදුවන ක්‍රියාවලියට සමාන දෙයක්. ඔයාල දන්නවනෙ මුහුදු වතුර ක්‍රමානුකූලව වාර්ෂ්පීකරණයට ලක් කරලයි ලුණු ලේවායකින් Nacl නිස්සාරණය කරගන්නෙ කියල. ඉතින් මෙතනත් සිදුවෙලා තියෙන්නේ ඒවගේ දෙයක්ම තමයි. එකම වෙනස මෙතන තියෙන්නෙ Nacl නෙමෙයි.

© Andromeda Astro

Andromeda Astro

12 Jan, 13:27


මේ රෝස පාටින් පේන්නෙ අඟහරු මත සිඳී ගිය ගංගාවකින් හැදුනු ලුණු ලේවායක්😯👇

Andromeda Astro

10 Jan, 14:09


හෙට ඉඳන් අලුත් වල්ගාතරුවක් පියවී ඇසින් බලන්න පුලුවන්😌❤️

සම්පුර්ණ වීඩියෝ එක Youtube එකට දැම්මා. කැමති අය බලන්න 👇😇

https://youtu.be/GU951x_yR98?si=CKEGAwiLKE2KBeZT

Andromeda Astro

08 Jan, 15:03


අද අඟහරු...❤️ මේ දවස් ටිකේ මෙයාගෙ දීප්තිය එන්න එන්නම වැඩිවෙනවා.

එළඹෙන ජනවාරි 16 වෙනිදා අඟහරු පෘථිවිය සහ සූර්යයා සමඟ ඒක රේඛීය වන පිහිටුමකට එළඹෙන්න නියමිතයි. ඉතින් මේ නිසා මේ දවස් ටිකේ ක්‍රමයෙන් අඟහරුගෙ දීප්තිය වැඩිවෙනවා. උපරිම වෙන්නෙ ජනවාරි 16 වෙනිදට. ඒ නිසා පුලුවන් දවස් වලට විටින් විට අඟහරු බලන්න. එතකොට දීප්තිය වැඩිවෙන විදිහ පියවී ඇසට හඳුනගන්න පුලුවන් වෙයි. සාමන්‍යෙන් රාත්‍රි 8.30න් වගේ පසුව මේ ග්‍රහලෝකය නැගෙනහිර අහසෙ පැහැදිලිව දැකගන්න පුලුවන්.

දින කිට්ටු වෙද්දි මේ සිදුවීම ගැන විස්තරයක් ගේන්නම්.

© Andromeda Astro

Andromeda Astro

03 Jan, 13:09


අහස පැහැදිලිනම් දැන් බටහිර අහස බලන්න.😍 සිකුරුයි හඳයි සමීපයෙන් ❤️ 🌙

Andromeda Astro

03 Jan, 05:43


Quadrantids කියන්නෙ Geminids, Perseids වැනි වසරේ ප්‍රධානම උල්කාපාත වර්ෂා වලින් එකක්.😃 සාමන්‍යෙන් මෙය සෑම වසරකම දෙසැම්බර් අග සිට ජනවාරි මැද දක්වා පමණ සක්‍රීය තත්ත්වයේ පවතිනවා.😌 නමුත් මෙවර එහි උච්චතම අවස්ථාව යෙදී තිබෙන්නෙ ජනවාරි 4 වෙනිදා අලුයම් කාලය තුළ. හරියටම ශ්‍රී ලංකා වේලාවෙන් එදින පාන්දර 12.30ට.😐 එහෙනම් අපි මේ ලිපිය තුළින් කතාකරමු මෙය නිරීක්ෂණය කරන ආකාරය පිලිබඳව.🥸

ඇත්තෙන්ම මේ උල්කා වර්ෂාවේ Radiant point එක එහෙමත් නැත්නම් උල්කා වර්ෂාවේ සුන්බුන් කොටස් පවතින ප්‍රදේශය පිහිටා තිබෙන්නෙ Bootes සහ Draco තාරකා රාශි අතර පසුබිම ආශ්‍රිතව.🤓 සාමන්‍යෙන් ඕනෑම උල්කාපාත වර්ෂාවක් හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන් මේ Radiant point එක අහසේ හැකිතාක් ඉහළට පැමිණි විටයි. මොකද අහසේ එම ප්‍රදේශයේ සිටයි අපට උල්කා නිකුත්වෙනවා දැකගන්න ලැබෙන්නේ.🤩 නමුත් මෙවර එහි උච්චතම අවස්ථාව වන විට Radiant point එක ක්ෂිතිජයෙන් පහළ පවතින නිසා ශ්‍රී ලාංකික අපට උච්චතම අවස්ථාව දැකගන්න ලැබෙන්නෙ නැහැ.😕

එතකොට මේක නිරීක්ෂණය කරන්න සුදුසුම වෙලාව මොකක්ද?🫤

Quadrantids වල Radiant point එක කිසිම විටෙක අහස මුදුන ආසන්නයට පැමිණෙන්නෙ නෑ.  හැබැයි පාන්දර 3.30ට වගේ එය උතුරු අහසෙ අංශක 15ක් වගේ ඉහළකට පැමිණෙනවා. ඒ නිසා පන්දර 3.30සිට පාන්දර 5.30 පමණ වන තෙක් උතුරු අහස නිරීක්ෂණය කරන්න. ඒ කාලය තමයි මේක නිරීක්ෂණය කරන්න සුදුසුම කාලය වෙන්නේ.

කොපමණ උල්කා ප්‍රමාණයක් දැකගත හැකිවෙයිද?🧐

සාමන්‍යෙන් මෙම උල්කාපාත වර්ෂාවෙ උච්චතම අවස්ථවෙදි පැයක් අහස බලාගෙන සිටියොත් උල්කා 110කට ආසන්න සංඛ්‍යාවක් දැකගන්න පුලුවන්.🤯 හැබැයි මේ අගය දකින්න පුලුවන් Radiant එක අහස මුදුන ආසන්නයේ තියෙනවනම් විතරයි. ඒත් මම ඔබට කලින් කිව්වා Quadrantids වල Radiant point එක අහස මුදුන ආසන්නයට එන්නෙ නෑ කියල. ඒ නිසා අපිට පැයක් තුළ උල්කා 110ක් වගේ ප්‍රමාණයක් දැකගන්න ලැබෙන්නෙ නෑ. ඒත් බොහෝදුරට උල්කා 60කට වඩා වැඩි ප්‍රමාණයක් දකින්න පුලුවන් වෙයි.

ඒවගේම මෙම උල්කාපාත වර්ෂාව නිරීක්ෂණයට පෙර පහත උපදෙස් හැකිනම් පිළිපදින්න. වඩාත් හොඳින් උල්කා නිරීක්ෂණය කිරීමට ඔබට එය උපකාරී වේවි.🌚👇

👉උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කිරීමට පෙර විනාඩි 10ක් පමණ අඳුරේ සිට ඔබේ ඇස අඳුරට හුරු කරගන්න.

👉ඔබ නිරීක්ෂණයට ස්ථානයක් තෝරාගැනීමේදී හැකිතාක් අවට ආලෝක ප්‍රභව වලින් බාධා නොවන අඳුරු ස්ථානයක් තෝරාගැනීමට වග බලාගන්න.

😌අවසාන වශයෙන් කියන්න ඕනෙ ඉදිරි මාස දෙක පුරාවටම මේවගේ හොඳ උල්කා වර්ෂාවක් දැකගැනීමට ලැබෙන්නෙ නැහැ. ඒ නිසා මේ වටිනා අවස්ථාව මඟහැරගන්න එපා.😊

Dinujaya C Karunarathne
©Andromeda

Andromeda Astro

03 Jan, 05:43


2025 වසරේ පලමු උල්කාපාත වර්ෂාව හෙට (4) අලුයම ඔබට නිරීක්ෂණය කල හැකියි.😍👇

පැයට උල්කා 60ක්.....?

Quadrantids meteor shower ☄️

Andromeda Astro

02 Jan, 15:06


කැලණිය විශ්ව විද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ විද්‍යා සංගමය විසින් පාසල් සිසුන්ගේ තාරකා විද්‍යා දැනුම වර්ධනය කිරීමේ අරමුණින් මාර්ගගත දේශන මාලාවක් සංවිධානය කර තිබෙනවා.

එහි පළමු දේශනය මා විසින් සිදුකරන අතර ඒ හරහා කතබහට ලක්වෙන්නේ තාරකා පරිමාණය පිළිබඳවයි. ඒ තුළින් ඔබට,

✏️තාරකා නිර්මාණය වන ආකාරය
✏️තාරකා වර්ගීකරණය කරන ආකාර
✏️තාරකාවක ශක්තිය නිපඳවෙන ආකාරය
✏️උපතේ සිට අවසානය තෙක් තාරකාවක් විකාශය වන ආකාරය
✏️තාරකාවක අවසානය සිදුවන ආකාරය

වැනි කරුණු පිලිබඳව පුළුල් අවබෝධයක් ලබාගැනීමට හැකිවේවි.

මෙම දේශනය සමඟ ශ්‍රී ලංකාව පුරා ඕනෑම පාසලක සිසු සිසුවියන්ට Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වීමට පුලුවන්. ඒවගේම මේ මාතෘකාව පිළිබඳව උනන්දුවක් දක්වන වැඩිහිටි ඔබටද මේ දේශනයත් සමඟ එකතුවෙන්න අවස්ථාව තිබෙනවා.

දේශනය පැවැත්වෙන,

🗓දිනය : 2025 ජනවාරි 09
🕖වේලාව : ප.ව.7.00

දේශනය සමග සම්බන්ධ වීමට කැමති අය පහතින් දක්වා ඇති ලින්ක් හරහා ගොස් අපගේ වට්සැප් group සමග එකතු වන්න. දේශනය පැවැත්වීමට පෙර දිනයේදී Zoom link එක එම Group වල බෙදා හරිනු ලැබේ.

🔗 Whatsapp Group 01  Link:

https://chat.whatsapp.com/ISAi75i2e6tHjEy2d0drQ9

🔗 Whatsapp Group 02 Link:

https://chat.whatsapp.com/H18JUEADZIB8dLF2B0hXGv

එකතුවෙන්න. අපි විශ්වයේ රහස් සොයා යමු

𝐀𝐬𝐭𝐫𝐨𝐧𝐨𝐦𝐲 𝐚𝐧𝐝 𝐒𝐩𝐚𝐜𝐞 𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐀𝐬𝐬𝐨𝐜𝐢𝐚𝐭𝐢𝐨𝐧, 𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 𝐨𝐟 𝐊𝐞𝐥𝐚𝐧𝐢𝐲𝐚.

#ASSA
#Astronomy
#UOK

Andromeda Astro

02 Jan, 15:06


තරු නිර්මාණය වෙන විදිහ ගැන දැනගන්න කැමතිද? 🌝❤️👇

Andromeda Astro

02 Jan, 06:34


මේ වගේ ග්‍රහ පෙළගැසීමක් දකින්න පුලුවන් ඉතින් දින ටික ඔන්න.😇👇

ජනවාරි 4 - මේ දවසෙ රාත්‍රී අහස බැලුවොත් බටහිර ක්ෂිතිජයේ සිට නැගෙනහිර ක්ෂිතිජය දෙසට පිළිවෙළින් සිකුරු,සඳ, සෙනසුරු, බ්‍රහස්පති සහ අඟහරු යන ග්‍රහ වස්තු ටික තනි පෙළට දැකගන්න පුලුවන්. ඒවගේම එදින සඳ සෙනසුරුට ටිකක් ආසන්නයෙන් පෙනෙවි. සාමන්‍යෙන් ප.ව 7.45 සිට ප.ව.9.00 පමණ වන තෙක් නිරීක්ෂණය කරන්න පුලුවන්. හැබැයි අඟහරු පේන්නෙ නැගෙනහිරි ක්ෂිතිජයට ටිකක් ආසන්නව.

ජනවාරි 5 සහ 6 - මේ දවස් දෙකේත් ජනවාරි 4 දැකපු ග්‍රහ පෙළ දැකගන්න පුලුවන්. හැබැයි චන්ද්‍රයා පේන්නේ සෙනසුරු සහ බ්‍රහස්පති අතර.

මේ දින වලින් පසුව සඳ මේ ග්‍රහ පෙළෙන් අයින් වෙනවා. ඒවගේම ජනවාරි 12 පමණ පසු සිකුරුත් ග්‍රහ පෙළගැසීමෙන් ඉවත්වෙනවා. ඒ නිසා ඊටපස්සෙ මේක නිරීක්ෂණය කරන්න බෑ.

හැබැයි මම ඉහත දින කිව්වෙ චන්ද්‍රයාත් මේ ග්‍රහ පෙළට ඇතුළත් වන දින සලකලා. චන්ද්‍රයා නොසලකා ඔබ මෙය නිරීක්ෂණය කරනවනම් අද සිට ජනවාරි 12 පමණ තෙක්ම පුලුවන්.

© Andromeda Astro

Andromeda Astro

01 Jan, 07:13


Another trip around the sun has been completed.🌝❤️

Happy new year Astrophiles 🥰


-Andromeda Astro-

Andromeda Astro

30 Dec, 14:47


ඊයේ (29) දිනයේදී සූර්යයාගෙන් පෘථිවිය දෙසට X1.1 මට්ට්මේ ප්‍රභල සූර්ය ගිණිදළුවක් නිකුත් වී තිබෙනවා. එයින් නිකුත් වූ ආරෝපිත අංශු ප්‍රවාහය (CME එක) හෙට (31) ශ්‍රී ලංකා වෙලාවෙන් රාත්‍රී කාලයේදී පෘථිවියට පැමිණීමට නියමිතයි. ඒ නිසා හෙට දිනයේදී පෘථිවි චුම්භක ක්ෂේත්‍රය තුළ G3 මට්ටමේ තරමක් ප්‍රභල චුම්භක කුණාටු තත්ත්වයක් ඇතිවෙන්න පුලුවන්.

ඉතින් මේ CME එකට මුහුණපාන ප්‍රදේශ වලට විදුලිබල වෝල්ටීයතා වෙනස් වීම්, චන්ද්‍රිකා වල උපාංග වලට හානි වම්, Low Frequency Radio Navigation system අවහිරවීම්, High frequency radio communication වලට බාධාවීම් වගේ දේවල් සිදුවෙන්න පුළුවන්.

ඊට අමතරව පෘථිවියේ ධ්‍රැව වල සිට අක්ෂාංශ අංශක 45 පමණ දක්වා වූ කලාපය ඇතුළත පවතින රට වලට රාත්‍රී කාලයේදී අවුරෝරා ආලෝකය ප්‍රභලව නිරීක්ෂණය කරන්න පුලුවන් වේවි.

කොහොමනමුත් ශ්‍රී ලංකාවට මෙයින් බලපෑමක් ඇතිවෙන්නෙ නැහැ. මොකද මේක ශ්‍රී ලංකා වෙලාවෙන් හෙට රාත්‍රී කාලයේදී පැමිණෙන නිසා සූර්යයා උදා වී ඇති රට වලටයි අවදානමක් තියෙන්නෙ.

හැබැයි මේ ගිණිදළුත් එක්ක සංඛ්‍යාතයෙන් ඉහළ විද්‍යුත් චුම්භක විකිරණ (විශේෂයෙන්ම X කිරණ සහ පාරජම්බූල කිරණ) ප්‍රභලව නිකුත් වෙනවා. CME එක එන්න පරක්කු වුනත් මේ විද්‍යුත් චුම්භක විකිරණ ආලෝකයේ වේගයෙන් එන නිසා සිදුවීම වෙලා විනාඩි 8කින් පමණ ඒවා පෘථිවියට පැමිණෙනවා. ඉතින් ඊයෙ දිනයෙදී ඒවාට මුහුණපාපු ප්‍රදේශ පහත කමෙන්ට් සෙක්ශන් එකේ තියෙන Map එකේ දාලා තියනවා. ශ්‍රී ලංකාවත් තියෙන්නෙ ඒ ප්‍රදේශයේ. ඉතින් මේ නිසා ඊයෙ නිසා ශ්‍රී ලංකාව ඇතුළු මේ කලාපයට R3 මට්ටමේ රේඩියෝ සංඥා අවහිරවීම් තත්වයක්ද ඇතිවුනා.

මේ දවස් වල සූර්ය ලප කලාප කිහිපයක්ම පෘථිවිය දෙසට මුහුණලා තියෙන නිසා ඉදිරි දින කිහිපයෙදි තවත් ගිනිදළු නිකුත් වෙන්න පුලුවන්. ආයෙ ප්‍රභල සිදුවීමක් උනොත් Update එකක් දෙන්නම් ❤️

© Andromeda Astro

Andromeda Astro

30 Dec, 14:47


ආයෙත් ප්‍රභල සූර්ය ගිණිදළුවක් පෘථිවිය දෙසට නිකුත් වෙලා!😲 බලපෑම හෙට දිනයේදි.😑👇

Andromeda Astro

27 Dec, 07:00


පාකර් යානයෙන් ආයෙත් Signel ඇවිල්ලා😇 ප්‍රශ්නයක් වෙලා නෑ වගේ😁👇

පසුගිය දෙසැම්බර් 24 වෙනිදා පාකර් සූර්ය ගවේෂණ යානය සූර්යයාට ඉතා ආසන්නයෙන් ගමන් කරන විට පෘථිවිය සමඟ තිබුනු සම්බන්ධතා ඇණහිටීම සිදුවුනා. නාසා ආයතනය එදින සඳහන් කලේ බොහෝදුරට දෙසැම්බර් 27 වනදා වන විට නැවත එය පෘථිවිය සමඟ සන්නිවේදනය අරඹන බවයි.

ඉතින් කොහොමහරි අද දින ශ්‍රී ලංකා වෙලාවෙන් උදෑසන කාලයෙදී එය සාර්ථකව නැවතත් පෘථිවිය සමඟ සන්නිවේදනය අරඹා තිබෙනවා. ඒවගේම යානය මේ සමීප ගමන් වාරයේදී එකතු කරගත් දත්ත එළඹෙන ජනවාරි 1 වෙනිදා වන විට පෘථිවියට එවීමට නියමිතයි.

ඉතින් ඒ වෙද්දි අපි බලමු අලුත් තත්වය කොහොමද කියල😌

Andromeda Astro

Andromeda Astro

26 Dec, 14:19


මේ දවස් වල සමාජ මාධ්‍ය වල පැතිරිලා යන බොහොම ප්‍රසිද්ධ බොරුවක් තමයි 2025 ජනවාරි 25 වෙනිදා සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක හතම තනි පෙළට සකස් වෙලා පියවී ඇසට පේනවා කියන එක.

ඇත්තටම ඒක බොරුවක්! එහෙම කියන්න හේතු තුනක් තියෙනවා.😁

1️⃣පළවෙනි එක තමයි අපිට සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහ වස්තු 7ම කවදාවත් පියවී ඇසින් බලන්න බෑ. බලන්න පුලුවන් බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති සහ සෙනසුරු පමණයි. යුරේනස් සහ නෙප්චූන් දකින්නනම් අනිවාර්යයෙන්ම දුරේක්ෂයක් හෝ දෙනෙතියක් භාවිත කරන්න වෙනවා.

2️⃣දෙවෙනි දේ තමයි ජනවාරි 25 වෙනිදා වන විට බුධ ග්‍රහලෝකය පවතින්නෙ සූර්ය පසුබිම ආසන්නව. ඒ නිසා අපිට එය පියවී ඇසින් දකින්න බෑ.

3️⃣තුන්වෙනි දේ තමයි සිකුරු ග්‍රහලෝකයත් ඔය කියන ග්‍රහ පෙළගැසීමට අයත් වෙන්නෙ නෑ.

ඒ නිසා 25 වෙනිදා රාත්‍රී අහස බැලුවොත් ඔබට දකින්න වෙන්නෙ සිකුරු, බ්‍රහස්පති සහ අඟහරුගෙ යන ග්‍රහලෝක තුන තනි පෙළට තිබෙන ආකාරය විතරයි. ඉතින් එදාට ග්‍රහලෝක හතක් තනිපෙළට සකස් වෙලා පියවී ඇසට පේන්නෙ නෑ.😒

25 වෙනිදට වඩා හොඳ ග්‍රහ පෙළගැසීමක් මෙන්න මේ දවස් ටිකේ වෙනවා.😇👇

ජනවාරි 2 - මේ දවසෙ රාත්‍රී අහස බැලුවොත් බටහිර ක්ෂිතිජයේ සිට නැගෙනහිරි ක්ෂිතිජය දෙසට පිළිවෙළින් සඳ, සිකුරු, සෙනසුරු, බ්‍රහස්පති සහ අඟහරු ග්‍රහලෝක තනි පෙළට දැකගන්න පුලුවන්. හැබැයි ග්‍රහලෝක සියල්ල එකවර දැකගන්න ඔබට බටහිර සහ නැගෙනහිරි ක්ෂිතිජය හොඳින් පෙනෙන ස්ථානයක් සොයාගන්න වෙනවා. එහෙම තැනක් තියෙනවනම් මේක බලන්න හොඳම වෙලාව තමයි ප.ව. 7.45 සිට ප.ව 8.10 දක්වා කාලය. මේ වෙලාවෙන් පසුව බැලුවොත් චන්ද්‍රයා ග්‍රහ පෙළෙහි දැකගන්න වෙන්නෙ නෑ.

ජනවාරි 4 - මේ දවසෙ රාත්‍රී අහස බැලුවොත් බටහිර ක්ෂිතිජයේ සිට නැගෙනහිර ක්ෂිතිජය දෙසට පිළිවෙළින් සිකුරු,සඳ, සෙනසුරු, බ්‍රහස්පති සහ අඟහරු යන ග්‍රහ වස්තු ටික තනි පෙළට දැකගන්න පුලුවන්. ඒවගේම එදින සඳ සෙනසුරුට ටිකක් ආසන්නයෙන් පෙනෙවි. සාමන්‍යෙන් ප.ව 7.45 සිට ප.ව.9.00 පමණ වන තෙක් නිරීක්ෂණය කරන්න පුලුවන්. හැබැයි අඟහරු පේන්නෙ නැගෙනහිරි ක්ෂිතිජයට ටිකක් ආසන්නව.

ජනවාරි 5 සහ 6 - මේ දවස් දෙකේත් ජනවාරි 4 දැකපු ග්‍රහ පෙළ දැකගන්න පුලුවන්. හැබැයි චන්ද්‍රයා පේන්නේ සෙනසුරු සහ බ්‍රහස්පති අතර.

මේ දින වලින් පසුව සඳ මේ ග්‍රහ පෙළෙන් අයින් වෙනවා. ඒවගේම ජනවාරි 12 පමණ පසු සිකුරුත් ග්‍රහ පෙළගැසීමෙන් ඉවත්වෙනවා. ඒ නිසා ඊටපස්සෙ මේක නිරීක්ෂණය කරන්න බෑ.

හැබැයි මම ඉහත දින කිව්වෙ චන්ද්‍රයාත් මේ ග්‍රහ පෙළට ඇතුළත් වන දින සලකලා. චන්ද්‍රයා නොසලකා ඔබ මෙය නිරීක්ෂණය කරනවනම් අද සිට ජනවාරි 12 පමණ තෙක්ම පුලුවන්.

ඒවගේම ඇතැම් ස්ථාන වල සඳහන් කරල තිබුනා මේ ග්‍රහ පෙළගැසීම ගොඩක් දුර්ලභ එකක් කියල. තවත් තැන් වල තිබුනා සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක සියල්ලගේම කක්ෂීය පිහිටුම් තනි පෙළට සකස් වෙනවා කියල. මේ ෆොටෝ එකේ වගේ.

ඒ ඔක්කොම බොරු කතා.😑 සෞරග්‍රහ මණ්ඩලයේ ඔක්කොම ග්‍රහලෝක වල කක්ෂීය පිහිටුම් සූර්යයාගේ සිට තනිපෙලට සකස් වෙනවනම් අපට අහසේ ග්‍රහලෝක තනි ලක්ෂයකට වී පෙනිය යුතුයි. එනම් එක මත එක අතිපිහිත වී පෙනිය යුතුයි. නමුත් මෙතනදි එහෙම පේන්නෙ නෑ. ඔබට අවශ්‍ය නම් Starry Night වගේ software එකක් භාවිතා කරල ග්‍රහලෝක වල කක්ෂීය පිහිටුම් පරික්ෂා කරන්න පුලුවන්.

ඒවගේම මෙය ඉතා දුර්ලභ ග්‍රහ පෙළගැසීමක් නෙමෙයි. පසුගිය අවුරුදු කිහිපයේම මෙවැනි ග්‍රහ පෙළගැසීම් සිද්ධ වුනා. ඉදිරියටත් සිදු වෙනවා. මොකද අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක වල කක්ෂ තල, පෘථිවි කක්ෂ තලයට දක්වන ආනති උපරිමව අංශක 6 ක් වනතෙක් පමණයි වෙනස් වෙන්නෙ. එතකොට අපිට ඒවා අහසේ පේනෙන්නේ ක්‍රාන්තිවලයේ සිට අංශක 6ක් උත්තර අර්ධගෝලය දෙසට සහ අංශක 6ක් දක්ෂිණ අර්ධගෝලය දෙසට වූ පරාසයේ පවතින සීමාව තුල පමණයි. ඒ නිසා විටින් විට මෙවැනි ග්‍රහ පෙළගැසීම් සිද්ධ වෙනවා.😊

Andromeda Astro

Andromeda Astro

26 Dec, 14:19


2025 ජනවාරි 25 වෙනිදා ග්‍රහලෝක හතක් තනි පෙළට පේනවා කියන්නෙ ඇත්තද?😅

නෑ!👇

Andromeda Astro

24 Dec, 13:09


මීට සුළු වෙලාවකට පෙර පාකර් යානය සූර්යයාට ඉතා ආසන්නයෙන් ගමන් කලා.🤯👇

අද දින ශ්‍රී ලංකා වෙලාවෙන් සවස 5.23ට පාකර් සූර්ය ගවේෂණ යානය සූර්ය පෘෂ්ඨයට කිලෝමීටර් මිලියන 6.1ක් පමණ ආසන්නයෙන් ගමන් කිරීම සිදුවුනා. මේක තමයි මිනිසා විසින් නිපඳවූ යානයක් සූර්යයාට ආසන්නයෙන්ම ගමන් කල අවස්ථාව.

2018දි නාසා ආයතනය විසින් මේ යානය දියත් කලේ සූර්යයා ගවේෂණය කිරීමේ අරමුණින්. එහි ප්‍රධානම අරමුණක් තමයි සූර්යයාගේන් නිකුත් වෙන සූර්ය සුළං සහ සූර්ය කොරෝනාව පිළිබඳව දත්ත එක්රැස් කිරීම.

සූර්යයාගෙ ගුරුත්වාකර්ෂණට නතුව එය වටා කක්ෂ ගතව ඇති මෙය එහි මෙහෙයුම් කාලය තුළ සූර්යයා වටා සම්පුර්ණ වට 24ක් ගමන් කරවීමට සැලසුම් කර තිබෙනවා. ඉතින් අද සන්ධ්‍යාවේ එය සූර්යයාට ආසන්න වුනේ එහි 22 වන ගමන් වාරය අතරතුරදියි. ඒ ආසන්නතම අවස්ථාවේදී එහි වේගය පැයට කිලෝමීටර් 692,000ක් පමණ වුනා.

හැබැයි මේ ගමන් වාරය අතරතුර යානය සමඟ තිබෙන සම්බන්ධතා ඇණහිටීම සිදුවනවා. නැවතත් සම්බන්ධතාවය ලැබීම සිදුවන්නේ එළඹෙන 27 වනදායි. ඒ නිසා මේ ගමනේ සාර්ථකත්වය පිළිබඳව අපිට දැනගන්න වෙන්නෙ එදිනටයි. ඉතින් ඒ වෙද්දි මේ ගැන Update එකක් ගේන්නම්.❤️

© Andromeda Astro

Andromeda Astro

22 Dec, 13:36


අන්තිම උල්කා වර්ෂාව හෙට (23) පාන්දර බලන්න 😇❤️

ඔන්න එහෙනම් මේකෙන් 2024 අවුරුද්දෙ රෑ අහසෙ සිදුවෙන විශේෂ සිදුවීම් ඉවරවෙනවා. 😁 ආයෙ 2025දි බලමු. 🌝

© Andromeda Astro

Andromeda Astro

20 Dec, 14:26


දැන් ගත්තු ඇන්ඩ්‍රොමීඩා මණ්දාකිණියෙ ෆොටෝ කීපයක්...😁❤️

මේ දවස් වල රාත්‍රී 7-10 අතරෙ උතුරු අහසෙ මේක පියවී ඇසින් බලන්න පුලුවන්.

Device - Samsung S20
Exposures time - 30S
ISO 640

📷 Dinujaya C Karunarathne
© Andromeda Astro

Andromeda Astro

19 Dec, 11:31


මේ දවස් වල සිකුරු, සෙනසුරු සහ බ්‍රහස්පති තනි පෙළට පේනවා!❤️

📌සාමන්‍යෙන් රාත්‍රී 7.00න් පසුව අහස බැලුවොත් මේ ග්‍රහ වස්තු තුනම තනි පෙළට සකස් වී ඇති ආකාරය ඔබට දැකගන්න පුලුවන්.

📌මේ වෙලාව අවට බටහිර අහසෙ සිකුරු ග්‍රහලෝකයත්, නැගෙනහිරි අහසෙ බ්‍රහස්පති ග්‍රහලෝකයත් කැපී පෙනෙන දීප්තියක් ඇතිව පේනවා. ඒ නිසා මේ ග්‍රහවස්තු දෙක ඔබට හඳුනගන්න අපහසු වෙන්නෙ නෑ.

📌ඒවගේම සිකුරු ග්‍රහලෝකයට තරමක් ඉහළින් අහස මුදුන ප්‍රදේශයට වන්නට සෙනසුරු ග්‍රහලෝකය ඔබට දැකගන්න පුලුවන්.

📌හැබැයි රාත්‍රී 9.15ට පමණ සිකුරු ග්‍රහලෝකය බටහිර ක්ෂිතිජයින් බැස යනවා. ඒ නිසා මේ පෙළගැසීම නිරීක්ෂණය කරන්න පුලුවන් රාත්‍රී 9.15 වනතෙක් පමණයි.

© Andromeda Astro

Andromeda Astro

19 Dec, 04:38


Whatsapp Community එකක් හැදුවා.😇 කැමති අය Join වෙන්න.👇

Facebook, Telegram වල වගේම අද ඉඳන් මේ Whatsapp Community එක හරහාත් තාරකා විද්‍යාව සම්බන්ධ තොරතුරු බෙදා හරිනවා.

ඒවගේම ඔයාලට තාරකා විද්‍යාව සම්බ්න්ධ ගැටළු සාකච්චා කරන්න මේ Community එකේ තියෙන Discussion Group එක භාවිත කරන්න පුලුවන්.

https://chat.whatsapp.com/CY9RfZ4YJfX52kSNrrqVBF

Andromeda Astro

17 Dec, 14:50


ඔන්න පියවී ඇසට පේන තවත් වල්ගාතරුවක් ළඟ ලඟම එනවා!🙈❤️

C/2024 G3 ලෙස හඳුන්වන මේ වල්ගාතරුව මේ වන විටත් සූර්යයා දෙසට පැමිණෙමින් තිබෙනවා. එය එළඹෙන වසරේ ජනවාරි පළමු සතියෙන් පසුව බොහෝදුරට අපට පියවී ඇසින් දැකගන්න පුලුවන් වෙයි.🫣 දැනට ඇස්තමේන්තු කරල තියෙන ආකාරයටම ඒකෙ දීප්තිය විචලනය උනොත් ජනවාරි 8,9 දින වලදි සූර්ය උදාවට සුළු වෙලාවකට පෙර සහ ජනවාරි 17 සිට 19 වගේ වෙනකල් සූර්‍යයා බැසයාමෙන් අනතුරුව බටහිර අහසේත් පියවී දැකගන්න පුලුවන් වෙයි.😍

හැබැයි ඒ ගැන හරියටම තහවුරු කරන්න බෑ.😕 මොකද සමහර වල්ගාතරු සූර්යයාට ලං වෙද්දි සූර්ය විකිරණ පීඩනය නිසා ඒවගෙ න්‍යෂ්ටියට කොටස් වලට කැඩී යනවා. මේකටත් එහෙම දෙයක් උනොත්නම් දීප්තිය සෑහෙන්න අඩුවේවි. එහෙම දෙයක් නොවුනොත් බොහෝදුරට පියවී ඇසින් දකින්න පුලුවන් වෙයි.😊 අපි බලමු මොකද වෙන්නෙ කියල.

ඉක්මනින්ම වීඩියෝ එකක් ගේන්නම් මේ ගැන.🌝❤️

© Andromeda Astro

Andromeda Astro

15 Dec, 15:20


ඊයෙ (14) පාන්දර ලංකාවට පෙනුන විශාල Geminid උල්කාව..😍

පෙනෙන ආකාරයට බොහෝදුරට මෙහි දෘෂ්‍ය දීප්ති විශාලනය -3 ඉක්මවා ඇත. ඒ නිසා එය Fireball එකක් ලෙස හැඳින්විය හැකියි. මෙය දිස්වී තිබෙන්නේ එදින අලුයම 2.22 අවට කාලය තුළයි.

මේ අවස්ථාව පටිගත කර තිබෙන්නේ එදින ජෙමිනිඩ්ස් උල්කා වර්ෂාව නිරීක්ෂණය කරමින් සිටි K.B. Malindi Priyangani විසිනි. ඇය ඒ වීඩියෝව අපගේ Andromeda Astro Community Facebook ගෲප් එකෙහි පල කිරීමෙන් අනතුරුව මෙහි පල කලෙමි.

Video Credit - K.B.Malindi Priyangani

Andromeda Astro

13 Dec, 03:18


අද උදේ අහම්බෙන් වැදුනේ.🥹❤️ මේ Geminids උල්කාවක් !🤩

හෙට (14) පාන්දර තමයි මේ උල්කා වර්ෂාවේ උපරිමය දකින්න පුලුවන්. පැයකට උල්කා 90-100 අතර වගේ පෙනේවි.අහස පැහැදිනම් මගහැරගන්න එපා ඔන්න.😇

1⃣අහසෙ කොයි ප්‍රදේශයද බලන්න ඕනෙ?🤩
2⃣බලන්න හොඳම හෙට මොන වෙලාවද?😌

මේ ගැන සම්පුර්ණ වීඩියෝ එක Youtube එකට දාල තියෙනවා. කැමති අය බලන්න.😇👇

https://youtu.be/dc1Mvk9ZmkY?si=FlBAebp0nKkV8N00

📷 Dinujaya C Karunarathne
© Andromeda Astro

Andromeda Astro

06 Dec, 10:22


මේ දින වල ‍රාත්‍රී අහසේ බ්‍රහස්පතිගේ දීප්තිය ක්‍රමයෙන් වැඩිවෙමින් පවතිනවා. මේකට හේතුව තමයි පෘථිවිය ක්‍රමයෙන් එයත් සමඟ Opposition පිහිටුමේ පවතින පරිදි සකස් වෙමින් පැවතීම. මෙය සාමන්‍යෙන් සෑම මාස 13කට වතාවක්ම සිදුවන දෙයක්.

ඇත්තටම මොකක්ද මේ Opposition පිහිටුම කියන්නෙ?

Opposition පිහිටුම කියන්නෙ පෘථිවියට බාහිරින් පවතින යම් ග්‍රහලෝකයක් පෘථිවිය සහ සූර්යයා සමඟ ඒක රේඛීයව පවතින පිහිටුමට. මෙහිදි අනිවාර්යයෙන් අදාල බාහිර ග්‍රහලෝකය සහ සූර්යයා අතර පෘථිවිය පැවතිය යුතුයි. (පළමු කමෙන්ට් එක බලන්න.) සාමාන්‍යයෙන් බාහිරින් පවතින සෑම ග්‍රහලෝකයකම කක්ෂීය ආවර්ථ කාලය පෘථිවියට වඩා වැඩියි. නමුත් සෑම වසරකටම වතාවක්ම පෘථිවිය සූර්යයා වටා එක් වටයක් සම්පූර්ණ කරන විට අවුරුද්දේ යම් යම් කාල වලදී බාහිරින් පවතින ග්‍රහලෝකයක සමගම මෙවැනි පිහිටුමකට පෘථිවිය ඇතුළත් වනවා. මේ නිසා වසර පුරා විවිධ බාහිර ග්‍රහලෝක වල Opposition පිහිටීම් අපට නිරීක්ෂණය කරන්න පුලුවන්.

සාමන්‍යෙන් Opposition පිහිටුමක පවතින විට ඒ අදාළ ග්‍රහලෝකය පෘථිවියට තරමක් ආසන්න වීම සිදුවෙනවා. එසේම එම ග්‍රහලොවට වැටුනු සූර්යාලෝකය අප දෙසට සෘජුව පරාවර්තනය වීම නිසාත් අපට වෙනත් දින වලට සාපේක්ෂව වැඩි දීප්තියක් සහිතව අදාළ ග්‍රහලෝකය නිරීක්ෂණය කරන්න පුලුවන්. (සඳේ පසලොස්වක දින පිහිටුම මතකයට නගා ගන්න.)

බ්‍රහස්පති මේ Opposition පිහිටුමේ පවතින්නෙ එළඹෙන දෙසැම්බර් 7 වෙනිදා ශ්‍රී ලංකා වෙලාවෙන් පාන්දර 2.30ට පමණ. ඒ වෙලාවට ඔබට මෙය බටහිර අහසෙ ඉතා දීප්තිමත්ව දැකගන්න පුලුවන්.

Opposition පිහිටුමේදී බ්‍රහස්පති පෘථිවියට ආසන්න වුවත් ග්‍රහලෝක දෙක අතර පරතරය අවම වෙන්නෙ එම පිහිටුමේදි නොවෙයි. ඒ දෙක අතර පරතරය අවම වෙන්නෙ එදින(7) හවස 4.30ට පමණ. එම අවස්ථාවේදී පෘථිවිය සහ බ්‍රහස්පති අතර දුර පරතරය වන්නේ කිලෝමීටර මිලියන 611 ක්. එය ග්‍රහ වස්තු දෙක අතර සාමන්‍ය පරතරයට වඩා කිලෝමීටර් මිලියන 103ක පමණ අඩුවීමක්.

කොහොමනමුත් මෙය පෘථිවියට ආසන්න වුනාට විශාලත්වයේ වෙනසක් ඔබට පියවී ඇසින් දැකගන්න බැහැ. එය දැකගන්නනම් ඔබට අනිවාර්යයෙන්ම දුරේක්ෂය භාවිත කරන්න සිදුවෙනවා. ඔබ දුරේක්ෂයකින් නිරීක්ෂණය කරනවානම් චන්ද්‍රයින්, කුණාටු පටි සහ රතු ලපය වෙනදාට වඩා පැහැදිලිව දැකගන්න පුළුවන් වේවි. ඒවගේම එදින බ්‍රහස්පතිගේ කෝණික විශ්කම්භය විකලා 49ක් පමණ දක්වා වැඩිවීම සිදුවෙනවා. හැබැයි අද (6) සහ හෙට (7) වෙනිදා රාත්‍රීය පුරා ඔබට එහි දීප්ති වෙනස ඔබට පැහැදිලිව දැකගන්න පුලුවන්. එදින එහි දෘෂ්‍ය දීප්ති විශාලනය -2.66ක් පමණ වෙනවා.

© Andromeda Astro

Andromeda Astro

06 Dec, 10:22


හෙට (7) රාත්‍රීයේ බ්‍රහස්පති පෘථිවියට ආසන්න වේ..😳

ඒවගේම හෙට පාන්දර (7) එහි දීප්තිය උපරිම වීමකුත්😯


මඟහැරගන්න එපා....👇❤️

Andromeda Astro

27 Nov, 13:24


මේ ඔබ දකින්නෙ පෘථිවියට ආලෝක වර්ෂ මිලියන 65ක් පමණ දුරින් කෝවස් තාරකා රාශි පසුබිමේ පිහිටා තිබෙන ඇන්ටෙනා මණ්දාකිණි දෙක. මේ මණ්දාකිණි දෙක අවුරුදු මිලියන 100ක පමණ ඉඳන් එකිනෙකට ඒකාබද්ධ වෙමින් තියෙන්නේ.😯 එහෙම ඒකාබද්ධ වෙන්න හේතුව තමයි මණ්දාකිණි දෙක අතර ක්‍රියාකරන අති ප්‍රභල ගුරුත්වකර්ෂණ බලය.

ඒකාබද්ධ වීමට පෙර මේ මණ්දාකිණි දෙකම සර්පිලාකාර හැඩයේ මණ්දාකිණි දෙකක්. හැබැයි ඒකාබද්ධ වෙද්දි මේ ආකරයට ගුරුත්වකර්ෂණ බලපෑම් නිසා හැඩය විකෘති වී තිබෙනවා. ඒ බලපෑම නිසා මණ්දාකිණි දෙකේම ඇතිවී තිබෙන දිගු ඇන්ටෙනා වගේ ව්‍යුහ දෙක නිසා තමයි මේකට ඇන්ටෙනා මණ්දකිණි කියන නම ලැබිලා තියෙන්නෙත්.😍 මේ ව්‍යුහ දෙකෙහි අන්තර්ගත වෙන්නේ තාරකා, විවිධ වායු වර්ග සහ අභ්‍යවකාශ දුහුවිලි.

මෙහෙම ඒකාබද්ධ වෙද්දි මණ්දාකිණි දෙක තුළම ඉතා ඉහළ සීඝ්‍රතාවයකින් නව තරු බිහිවෙන්න පටන් ගන්නවා.🤯 එහෙම තරු බිහිවෙන තැන් තමයි දෙවෙනි ෆොටෝ එකේ ගොඩක් දීප්තිමත්ව රෝස පැහැයෙන් පේන්න තියෙන්නෙ. ඒ ෆොටෝ එක අරගෙන තියෙන්නෙ හබල් අභ්‍යවකාශ දුරේක්ෂයෙන්. ඒවගේම එහි කහ පැහැයෙන් දීප්තිමත්ම ආලෝක ලප දෙකක් වගේ පේන්න තියෙන්නෙ මේ මණ්දාකිණි දෙකේ හරයන් දෙක. ඒ ප්‍රදේශ වල අඩංගු වෙන්නෙ ගොඩක් පැරණි තාරකා.😊

© Andromeda Astro

Andromeda Astro

27 Nov, 13:24


එකිනෙකට ඒකාබද්ධ වෙමින් තිබෙන ඇන්ටෙනා මණ්දාකිණි❤️😇👇

Andromeda Astro

17 Nov, 09:41


මුලින්ම උල්කා වර්ෂාව ගැන කිව්වොත් මේ පේන්නෙ Leonids කියන උල්කාපාත වර්ෂාව. මේක තමයි නොවැම්බර් වල දකින්න පුලුවන් හොඳම උල්කා වර්ෂාව විදිහට සැලකෙන්නෙ.😍 එය අද (17) මධ්‍යම රාත්‍රියේන් පසුව උච්චතම අවස්ථාවට එළඹෙනවා.
එහි උල්කා නිකුත් වෙනවා දැකගන්න පුලුවන් සිංහ තාරකා රාශිය දෙසින්.🥰 මේ ප්‍රදේශය හෙට(18) අලුයම පෙ.ව. 3.30ට පමණ නැගෙනහිර අහසෙ අංශක 40ක් වගේ ඉහළින් දැකගන්න පුලවන්. ඉතින් මේ වෙලාවෙන් පසුව අලුයම 5 වගේ වෙනකල් නැගෙනහිර අහස දිහා බලාගෙන හිටියොත් ඒ උල්කා දැකගන්න පුලුවන් වෙයි. බොහෝදුරට පැයකදී උල්කා 10-20ත් අතර ප්‍රමාණයක් පෙනේවි.

හැබැයි මේක නිරීක්ෂණ කරන්න ආලෝක දූෂණය අඩු ස්ථානයක් ඕනෙ. ඒවගේම නිරීක්ෂණය අරඹන්න පෙර විනාඩි 10ක් පමණ අඳුරෙ ඉඳල ඇස අඳුරට හුරු කරගන්නත් අමතක කරන්න එපා.😇

ඊළඟට චන්ද්‍රයා සහ බ්‍රහස්පති ගැන කතාකලොත් මේ දෙකම අද රාත්‍රීයේදී සමීපයෙන් දැකගන්න පුලුවන්.😉 මේවගේ සිදුවීමකට කියන්නෙ Planetary Conjunction එකක් කියල. මේ ග්‍රහ වස්තු දෙක අද රාත්‍රී 7.20න් පසුව නැගෙනහිරි ක්ෂිතිජයෙන් උදා වෙනවා. ඉන් පසුව හෙට පහන් වන තුරු ඕනෑම වෙලාවක ඔබට මේ සිදුවීම දැකගන්න පුලුවන්. බ්‍රහස්පති දීප්තිමත් ග්‍රහලෝකයක් නිසා මේ සිදුවීම ගොඩක් ආකර්ශණීය වේවි.🌝

ඉතින් එහෙනම් මේ සිදුවීම් දෙකම මඟහැරගන්න් එපා. ඒවගේම අහස නිරීක්ෂණය කරන්න උනන්දු ඔයාලගෙ යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න.❤️

Andromeda Astro

17 Nov, 09:39


නොවැම්බරයේ හොඳම උල්කා වර්ෂාව අද රාත්‍රියෙ...❤️

ඒ සමඟම බ්‍රහස්පති සහ චන්ද්‍රයාත් සමීපව පෙනෙනවා🌔
👇

Andromeda Astro

15 Nov, 16:20


2024 අවුරුද්දෙ අවසාන Supermoon එක Capture කලා...😍❤️

අද චන්ද්‍රයා වෙනදා පසලොස්වක චන්ද්‍රයාට සාපේක්ෂව 16% ක් දීප්තිමත්වත්, 6.4%ක් විශාලවත් පේනවා. අහස පැහැදිලි නම් දැන් බලන්න.🌕

Equipments - D203, F/10 Schmidt Cassegrain Telescope
25mm wide angle eyepiece
Samsung S20 mobile phone camera

📷 Dinujaya C Karunarathne
© Andromeda Astro

Andromeda Astro

15 Nov, 12:19


2024 අවුරුද්දෙ දකින්න පුලුවන් අවසාන Supermoon එක අද රාත්‍රියේදී උදා වෙනවා. 🌕😇

⛈️අහස පැහැදිලි උනොත් බලන්න. 😒

Andromeda Astro

08 Nov, 14:15


ඊයෙ කිහිප දෙනෙක්ම අපේ Facebook Community group එකේ post දාල තිබුනා හඳ රතු පාටින් පේනවා කියල. ඉතින් ඒ කියපු නිසාම මමත් ඊයෙ එලියට ගිහින් බැලුවා මේ කියන කතාව ඇත්තක්ද කියල.😁 ඔව්! ඇත්තටම ඊයෙ හඳ තරමක් රතු පාටට හුරුව පෙනුනා.😌

මේකට හේතුව තමයි ප්‍රකිරණය කියන සංසිද්ධිය. ඒ කිව්වෙ මෙහෙම දෙයක්. චන්ද්‍රාලෝකය අපේ ඇස වෙත එන්න කලින් පෘථිවියේ ඉහළ වායුගෝලයෙ තියෙන වායු අණු මඟින් අවශෝෂ්ණය කරගෙන නැවත විවිධ දිශා වලට විසුරුවාහරිනු ලබනවා.😐 හැබැයි එහෙම විසුරුවාහරිද්දි කෙටි තරංග ආයාම සහිත ආලෝකය (ඒ කිව්වෙ නිල් පැහැයට හුරු අලෝකය) තමයි වැඩිපුර එක එක දිශාවලට විසුරුවා හරින්නෙ.😃 දිගු තරංග ආයාමයක් සහිත ආලෝකය (ඒ කිව්වෙ රතු පැහැයට හුරු ආලෝකය.) විසුරුවාහරින්නෙ තරමක් අඩුවෙන්. එතකොට අපේ ඇස වෙත වැඩිපුර එන්නෙ රතු පැහැයට හුරු ආලෝකය. ඉතින් මේ නිස තමයි ඊයෙ හඳ රතු පැහැයෙන් පෙනුනෙ.😊

හැබැයි මේක හැමතිස්සෙම වෙන්නෙ නැහැ.🌝මොකද මේ සිදුවීම වෙන්න ඔබ සිටින ප්‍රදේශයට ඉහළ අහසේ වායු අණු, කුඩා දුහුවිලි අංශු සහ ජල වාෂ්ප විශාල ප්‍රමාණයක් තියෙන්න ඕනෙ. එහෙම උනොත් තමයි චන්ද්‍රාලෝකය හොඳින් ප්‍රකිරණයට ලක්වෙන්නෙ. ඉතින් ඊයෙ හඳ රතු පැහැයට පෙනුන ප්‍රදේශ වලට ඉහළ අහසෙ වායු අණු, ජල වාෂ්ප, දුහුවිලි අංශු වගේ දේවල් වැඩි ප්‍රතිශතයක් තියෙන්න ඇති 😉

මේ සිදුවීම තව දැකපු අය ඉන්නවනම් පහළින් කමෙන්ට් කරන්න. ඒවගේම ෆොටෝ එහෙම තියෙනවනම් ඒවත් Comment section එකේ ශෙයා කරගන්න අමතක කරන්න එපා. ❤️

© Andromeda Astro

Andromeda Astro

08 Nov, 14:14


ඊයෙ රෑ හඳ රතු පාටින් පෙනුනෙ ඇයි?😲 හේතුව මෙන්න 😇👇

Andromeda Astro

06 Nov, 14:01


දැන් ලබාගත් අඩ සඳෙහි චායාරූපයක් 🌙❤️🔭

Equipments

D203, F/10 Schmidt Cassegrain Telescope
25mm wide angle eyepiece
Samsung S20 mobile phone camera

📷 Dinujaya C Karunarathne
© Andromeda Astro

Andromeda Astro

24 Oct, 14:59


අද ක්ෂීරපථය සමඟ වල්ගාතරුව දිස්වූ ආකාරය...🌝❤️

Device - Samsung S20

© Andromeda Astro

Andromeda Astro

20 Oct, 11:58


Orionids කියන්නෙ ඔක්තෝබර් මාසයේ දැකගත හැකි උල්කාපාත වර්ෂා අතර කැපීපෙනෙනම උල්කපාත වර්ෂාව.😁 මෙය සෑම වසරකම සැප්තැම්බර් අග සිට නොවැම්බර් මුල දක්වා පමණ සක්‍රීය තත්ත්වයේ තිබෙනවා. නමුත් මෙවර එහි උච්චතම අවස්ථාව එළඹෙන්නේ ඔක්තෝබර් 21 වනදා අලුයම් කාලයේදීයි. ඉතින් එනිසා ඔබ මෙය නිරීක්ෂණය කරනවනම් ඒ සඳහා සුදුසුම කාලය වෙන්නෙ හෙට (21) අලුයම් කාලය.

ඔබ අහසේ බලාසිටිය යුත්තේ කුමන ප්‍රදේශයද?🤔 හොඳම වෙලාව මොකක්ද?🧐

මෙම උල්කාපාත වර්ෂාව ඇතිවීමට හේතුවෙන සුන්බුන් කැබලි, තවත් විදිහකින් කිවහොත් උල්කා වර්ෂාවේ විමෝචක ලක්ෂය (Radiant Point)  පවතින්නේ ඔරායන් තාරකා රාශිය පසුබිම් කරගෙනයි. ඒ නිසා තමයි මේක Orionids ලෙස හඳුන්වන්නෙත්😃. ඉතින් ඔබ ඔරායන් තාරකා රාශිය දෙස බලා සිටියොත් එම ප්‍රදේශයෙන් උල්කා නිකුත් වන ආකාරය ඔබට පහසුවෙන් දැකගැනීමට පුලුවන්. මේ රාශිය මේ දින වල නැගෙනහිර උදා වෙන්නෙ රාත්‍රී 10.00ට පමණ. හැබැයි ඕනෙම උල්කා වර්ෂාවක් හොඳින්ම නිරීක්ෂණය කරන්න පුලුවන් මේ ප්‍රදේශය අහස මුදුනට ආවහම. ඉතින් ඔරායන් තාරකා රාශිය හෙට පාන්දර 1.30න් පමණ පසුව අහස මුදුන ආසන්නයෙ පවතින්නෙ. ඒ නිසා ඒ වෙලාවෙන් පසුව ඔරායන් තාරකා රාශිය දිහා බලාගෙන ඉන්න. සාමන්‍යෙන් පැයක් බලාගෙන හිටියොත් උල්කා 15-20ත් අතර ප්‍රමාණයක් පේන්න පුලුවන්.😍

හැබැයි මෙවර මේ උල්කා පෙනීමට චන්ද්‍රාලෝකයෙන් සැලකිය යුතු බාධාවක් තිබෙනවා. ඒ නිසා ඇතැම් විට එතරම් දීප්තිමත් නොවන උල්කා පැහැදිලිව නොපෙනෙන්න පුලුවන්.

මෙම උල්කාපාත වර්ෂාව වඩාත් හොඳින් නිරීක්ෂණය කිරීම සඳහා පහත උපදෙස් ඔබට ප්‍රයෝජනවත් වේවි.🤩👇

1. උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කිරීමට පෙර විනාඩි 10ක් පමණ ඇස් අඳුරේ තබා ඉන් පසුව නිරීක්ෂණය කිරීම අරඹන්න.

2. මෙය නිරීක්ෂණය කිරීම සඳහා හැකිතාක් අවට ආලෝක ප්‍රභව වලින් නිරීක්ෂණයට බාධා නොවන අඳුරු ස්ථානයක් තෝරාගන්න.

හරි. දැන් අපි බලමු මේ උල්කා වර්ෂාව ඇතිවෙන්නෙ කොහොමද කියල😇

මෙම උල්කාපාත වර්ෂාව ඇතිවීමට හේතුවන්නේ හැලීගේ වල්ගාතරුව.

ඒ කොහොමද?🧐

මෙහෙමයි.😀

ඕනෑම වල්ගාතරුවක් එහි කක්ෂයේ උපහේලිකයට, ඒ කියන්නෙ සූර්යයාට ආසන්නතම ලක්ෂයට පැමිණීමේදී සූර්ය විකිරණ පීඩනය නිසාවෙන් වල්ගාතරුවේ න්‍යෂ්ටියේ අඩංගු අයිස්, දුහුවිලි සහ කුඩා පාෂණමය කොටස් න්‍යෂ්ටියේ සිට සූර්යයාගෙන් ඉවත දෙසට වල්ගයක් ආකාරයෙන් විහිදීම සිදුවනවා. මෙවැනි වල්ගාතරුවක් අපි හඳුන්වන්නේ සක්‍රීය තත්වයේ ඇති වල්ගාතරුවක් ලෙසින්. මෙම සක්‍රීය තත්ත්වයේ ඇති වල්ගාතරුවකින් ඉවතට විහිදෙන සුන්බුන් කොටස් එහි කක්ෂය දිගේ විසිරී යාමද සිදුවනවා. ඉතින් එවැනි වල්ගාතරුවක් පෘථිවි කක්ෂයේ යම් ස්ථානයක් හරහා ගමන් කරන විට එයින් නිකුත් වන සුන්බුන් කැබලි පෘථිවි කක්ෂය ආසන්නයේත් හැර යාම සිදුවනවා. එලෙස හැර ගිය සුන්බුන් සහිත ප්‍රදේශයක් හරහා පෘථිවිය ගමන් කිරීමේදී පෘථිවි ගුරුත්වාකර්ෂණයට එම සුන්බුන් නතුව ඒවායින් යම් ප්‍රමාණයක් වේගයෙන් වායුගෝලය දෙසට ඇදී ඒම සිදුවනවා. එවිට මේවා මත ඇතිවන දැඩි වායු ඝර්ෂණය නිසා එම සුන්බුන් රත්වී දැවී යාම ආරම්භ වනවා. ඉතින් මේවා රාත්‍රී කාලයේදී වායුගෝලයට ඇතුළු වන විට අපට ඒවා දැවෙමින් දීප්තිමත්ව අහසේ ගමන් කරන ආකාරය දැකගැනීමට පුලුවන්.

ඉතින් Orionid උල්කා වර්ෂාව ඇතිවීමට හේතුවන සුන්බුන් කැබලි පෘථිවි කක්ෂය ආසන්නයේ දමා ගොස් තිබෙන්නේ හැලීගේ වල්ගාතරුවෙන්. මෙන්න මේ නිසා තමයි Orionids ඇතිවෙන්න හේතුව හැලීගේ වල්ගාතරුව කියන්නෙ.🙂

මේ වල්ගාතරුව බොහෝ දෙනෙක් හොඳින් අහල තිබෙන ඉතාම ප්‍රසිද්ධ වල්ගාතරුවක්. එය මුල්වරට හඳුනාගත්තේ ඉංග්‍රීසි ජාතික තාරකා විද්‍යාඟයෙක් වූ Edmond Halley විසින්. මෙය සූර්යයා වටා කෙටි ආවර්ථකාලයක් සහිතව කක්ෂ ගතවෙලා තියෙන වල්ගාතරුවක්. එහි ආවර්ථකාලය අවුරුදු 75ක් පමණ වෙනවා. ඒ කියන්නෙ අපිට මේක දැකගන්න වෙන්නෙ සෑම අවුරුදු 75කට පමණ වරක් විතරයි🙁. එය අවසන් වරට දිස්වුනේ 1986 පෙබරවාරි මාසයේදී. ඉතින් පෘථිවිය ආසන්නයේ තවමත් තියෙන්නෙ 1986 දි එය මඟින් දමා ගියපු සුන්බුන් කැබලි. පෘථිවිය වසරක් පාසා ඔය ප්‍රදේශයෙන් ගමන් කරන විට මේ සුන්බුන් ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවීගෙන යනවා.

ඒ කියන්නෙ ඉදිරි කාලයේදී මෙම උල්කාපාත වර්ෂාවේ දැකගත හැකි උල්කාත ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවීගෙන යනව කියන එක.🥹 නමුත් හැලීගේ වල්ගාතරුව නැවතත් 2061 ජූලි මාසයේදී එහි කක්ෂයේ උපහේලිකයට පැමිණෙනවා.😃 ඉතින් එතකොට නැවතත් වැඩි සුන්බුන් ප්‍රමාණයක් අතහැර යන නිසා අපට ඉන් පසු අවුරුදු වලදී මීටවඩා වැඩි උල්කා ප්‍රමාණයක් දැකගැනීමට හැකිවේවි😅.

✍️ Dinujaya C Karunarathne
© Andromeda Astro

Andromeda Astro

20 Oct, 11:58


ඔක්තෝබරයේ හොඳම උල්කා වර්ෂාව හෙට අලුයම ඔබට දැකගත හැකියි 🤩✨️👇

Andromeda Astro

18 Oct, 14:49


ආයෙ කවදාවත් ඒ වල්ගාතරුව දකින්න ලැබෙන්නෙ නෑ.❤️ අන්තිම ෆොටෝ එක 😁

C/2023 A3 වල්ගාතරුවත් එක්ක ගන්න පුලුවන් අන්තිම ෆොටෝ එක අද ගත්තා😇. අදින් පස්සෙ මේක පියවී ඇසට බලන්න ගොඩක් අපහසු වේවි. ඉතින් මේ වෙනකල් ඔයාලත් ගත්තු ෆොටෝ තියෙනවනම් පහළින් කමෙන්ට් කරන්න හැමෝටම බලාගන්න. ඒවගේම පියවී ඇසින් නිරීක්ෂණය කරපු අය ඒ අත්දැකීමත් බෙදාගන්න අමතක කරන්න එපා.😊✨️

© Andromeda Astro

Andromeda Astro

17 Oct, 14:45


මීට සුළු වෙලාවකට පෙර ලබාගත් වප් සුපිරි සඳෙහි (Supermoon) චායාරූප 🔭🌝

Equipments

D203,F/10 Schmidt Cassegrain Telescope
25mm wide angle eyepiece
Samsung S20 mobile phone camera

📷 Dinujaya C Karunarathne
© Andromeda Astro

Andromeda Astro

17 Oct, 04:36


අද වප් පොහොය දිනය.😌 අද රාත්‍රීයේදී උදා වන්න නියමිත වප් සඳ තමයි මේ අවුරුද්දේ අපිට දකින්න පුලුවන් විශාලතම සහ දීප්තිමත්ම චන්ද්‍රයා වෙන්නෙ. ඒ නිසා අපි අද සඳ Supermoon එකක් ලෙස හඳුන්වනවා.😇

මේකට හේතුව මෙහෙමයි🤓👇

ඔයාල හොඳින්ම දන්නවනේ පෘථිවිය වටා සඳේ කක්ෂය ඉලිප්සාකාර එකක් කියල. මේ ඉලිප්සයේ පෘථිවිය තියෙන්නෙ හරි මැද නෙමෙයි. එක නාභියක.😃(ඉහත දෙවෙනි රූපය බලන්නකො) මේ නිසා පෘථිවිය වටා සඳ ගමන් කරන අතරතුර එක් කාලයකදී එය පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන් කරනවා. ඒවගේම තවත් කාලයකදී ඉතා දුරින් ගමන් කරනවා. අපි ඒ ආසන්නතම ලක්ෂයට කියනවා Perigee කියල. ඒවගේම දුරස්ථම ලක්ෂය Apoge.🌝

ඉතින් Supermoon එකක් කියන්නෙ සඳ පුර පසලොස්වක කලාවක් සහිතව Perigee එහෙමත් නැත්නම් පෘථිවියට ආසන්නතම ලක්ෂයේ පිහිටන විට. (දුරස්ථම ලක්ෂයේ පිහිටන විට Micromoon කියල කියනවා.😉) අද සඳ ඒ ලක්ෂයේ පිහිටන විට පෘථිවිය සහ එය අතර පරතරය වන්නේ කිලෝමීටර් 357,174ක්. එය සාමාන්‍ය දුර පරතරය වන කිලෝමීටර් 384,400ට වඩා කිලෝමීටර් 27000ක පමණ ආසන්න වීමක්.😯

ඉතින් මේ නිසා අද දින චන්ද්‍රයා වෙනදාට වඩා තරමක් විශලවත්, දීප්තිමත්වත් අපිට දැකගන්න පුලුවන්. සාමාන්‍යෙන් Supermoon අවස්ථාවක චන්ද්‍රයා Micromoon අවස්ථාවක චන්ද්‍රයාට සාපේක්ෂව වැඩිපුර 14%ක විශාලත්වයකිනුත්, 30%ක දීප්තියකිනුත් පේනවා.🥰 සාමන්‍ය සඳට සාපේක්ෂවනම් 6.4%ක විශාලත්ව වැඩිවීමක් සහ 16%ක දීප්ති වැඩිවීමක් දැකගන්න පුලුවන්.

චන්ද්‍රයා අද උදේ 6.18ටයි මේ Perigee ලක්ෂයේ පැවතුනේ. හැබැයි ඒ වෙද්දි කලාව සම්පුර්ණ කලාවක් වෙලා තිබුනෙ නැතිනිසා අපිට Supermoon එක බලන්න වෙන්නෙ අද හවස උදා වෙන සඳෙන්. අද සඳ උදා වෙන්නෙ හවස 5.51ට. ඉතින් ඉන්පසු හෙට පහන් වන තුරුම ඕනෙම වෙලාවක ඔබට එය බලන්න පුලුවන්.

✍️  Dinujaya C Karunarathne
© Andromeda Astro

Andromeda Astro

17 Oct, 04:36


වසරේ විශාලතම සහ දීප්තිමත්ම සඳ අද රාත්‍රියේ උදා වේ...😯👇

Andromeda Astro

15 Oct, 14:16


මේක ඔබට එළඹෙන ඔක්තෝබර් 17 පමණ තෙක් බටහිර අහසේ සූර්යයා බැය යාමෙන් අනතුරුව සුළු වෙලාවක් පියවී ඇසින් නිරීක්ෂණය කරන්න පුලුවන්.😌 මේ දින ටිකේ සූර්යයා බැස යන්නෙ ප.ව. 5.53ට වගේ. ඒ වෙලාවටම නිරීක්ෂණය කරන්න එපා. මොකද සූර්යයාලෝකයෙන් බටහිර අහසට සැලකිය යුතු බලපෑමක් තියෙනවා.😕 ඒ නිසා පේන්නෙ නෑ. සාමන්‍යෙන් ප.ව. 6.40න් පමණ පසුව නිරීක්ෂණය කරන එක තමයි සුදුසු. අදනම්(15) හවස 6.40ට මේක බටහිර ක්ෂිතිජයින් අංශක 15ක් පමණ ඉහළ අහසෙ දැකගන්න පුලුවන්.😃 හැබැයි දිනෙන් දින තව ඉහළට එනවා. නමුත් ඒ එක්කම දීප්තියත් අඩුවෙනවා.😕 දැන් මේක පහුගිය ටිකේ නැගෙනහිර අහසෙ දිස්වුන තරම් දීප්තිමත් නැහැ. හැබැයි ඔය කියපු වෙලාවෙන් පස්සෙ බැලුවොත් හොඳ පැහැදිලි අහසක අඳුරගන්න බැරිකමක් නෑ.😉 Mobile phone වලින් සහ Camera වලින් long exposure shot ගත්තොත් පියවී ඇසට වඩා පැහැදිලිව පේනවා. අහස පැහැදිලිනම් උත්සහ කරල බලන්න.😁

ඒවගේම මේකෙ දැන් Anti Tail එකක් දැකගන්න පුලුවන්.😇 සාමන්‍යෙන් ඔයාල දන්නවනෙ වල්ගාතරුවක වල්ගය (Tail) ඇතිවෙන්නෙ එහි න්‍යෂ්ටියෙන් ඉවතට විසිරී යන දුහුවිලි, වායු සහ අයිස් වගේ පදාර්ථ වලට සූර්යයාලෝකය වැටීම නිසා කියල. සූර්යයා විකිරණ පීඩනය නිසා මේ ද්‍රව්‍ය විසිරෙන්නෙ සූර්යයාගෙන් ඉවතට දිශාවට. ඒ නිසයි හැමතිස්සෙම වල්ගය සූර්යයාගෙන් ප්‍රතිවිරුද්ධ දිශාවට පේන්නෙ.🌝

හැබැයි මේ Anti Tail එක ඇතිවෙන්නෙ එහෙම සිදුවීමකින් නෙමෙයි. ඔයාල දන්නවා ඇති වල්ගාතරුවක න්‍යෂ්ටියෙන් විසිරෙන ද්‍රව්‍ය ඒකෙ කක්ෂය දිගෙත් විසිරිලා යනවා කියල.😊 ඉතින් වල්ගාතරුව සූර්යයා සහ පෘථිවිය අතරින් ගමන් කරන අවස්ථාවක සූර්යයාලෝකය මේ කක්ෂය දිගේ විසිරෙන ද්‍රව්‍ය වලට වැටුනහම තමයි අපිට මේ Anti Tail එක පේන්නෙ. හැබැයි වල්ගාතරුව සූර්ය - පෘථිවි කක්ෂ තලය ආසන්නව තියෙන්න ඕනෙ ඒක දිස්වෙන්න.

මේ Anti Tail එක පේන්නෙ හරියටම වල්ගාතරුවෙ Tail එකෙන් ප්‍රතිවිරුද්ධ දිශාවට. හැබැයි ඒක Tail එක තරම් දීප්තිමත් නෑ. ඒ නිසා කොහොමටවත් පියවී ඇසට පේන්නෙ නැහැ. හැබැයි long exposure shots වල දැකගන්න පුලුවන්. ඒවගේම ගොඩක් වල්ගාතරුව වල මේ Anti Tail එක පැහැදිලිව දිස්වෙන්නෙ නෑ. ඒ නිසා ඔබට ලැබිලා තියෙන්නෙ දුර්ලභම අවස්ථාවක්. ඉතින් මඟහැරගන්න එපා. 😉

© Andromeda Astro

Andromeda Astro

15 Oct, 14:16


වල්ගාතරුව බටහිර අහසට ඇවිත්!😍 දුර්ලභ Anti Tail එකක් එක්කම😯✨️👇

Andromeda Astro

14 Oct, 03:30


අනිද්දා ආයෙත් සෙනසුරු සඳට ආවරණය වෙනවා.😍

ඔන්න කලින් සැරේ මේක බලන්න බැරිඋනට අයට හොඳ අවස්ථාවක්.😌✨️


මේ පිළිබඳ වැඩිදුර තොරතුරු - https://youtu.be/XikX_rAMTL8?si=GFpZHGwPbjG-9mPR

© Andromeda Astro

Andromeda Astro

08 Oct, 14:28


පසුගිය ඔක්තෝබර් 04 වනදා රන්ගිරි දඹුලු විද්‍යාලයේ උසස් පෙළ විද්‍යා අංශය සඳහා මෙහෙයවනු ලැබූ රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුර.❤️✨️

10,125

subscribers

1,742

photos

150

videos