WINDOW of Universe 🪐 @windowofuniverse Channel on Telegram

WINDOW of Universe 🪐

@windowofuniverse


නොදන්න දේවල් දැනගන්න
🌌විශ්වයේ දැනුම ගවේෂණය කරන්න
දන්න දේවල් අන් අයට කියල දෙන්න ✌🏻

එක් වන්න 🤗
Share link and add your friends❤️

Join Discussion Group: https://t.me/WindowofUniverse_Chat
ඔබේ ගැටළු කතා කරන්න 👆🏻

https://t.me/WindowOfUniverse_

WINDOW of Universe 🪐 (English)

Are you ready to explore the wonders of the universe? Look no further than WINDOW of Universe 🪐! This Telegram channel is dedicated to all things related to space, astronomy, and the mysteries of the cosmos. Whether you're a seasoned stargazer or just curious about what lies beyond our planet, this channel has something for everyone.nnWINDOW of Universe 🪐 provides daily updates on the latest astronomical discoveries, stunning images of galaxies and nebulae, and informative articles about space exploration. You'll learn about planets, stars, black holes, and so much more, all in one convenient location.nnWho is WINDOW of Universe 🪐 for? Anyone with a passion for space and a desire to expand their knowledge of the universe. Whether you're a student, an amateur astronomer, or simply someone who finds the cosmos fascinating, this channel is for you.nnWhat can you expect from WINDOW of Universe 🪐? Engaging content, beautiful visuals, and a community of like-minded individuals who share your love for all things space-related. Join us on this cosmic journey as we explore the vast expanse of the universe together.nnDon't miss out on the opportunity to broaden your horizons and feed your curiosity. Join WINDOW of Universe 🪐 today and let the wonders of the universe captivate you!

WINDOW of Universe 🪐

14 Apr, 02:08


ලැබුවා වූ සිංහල දෙමළ අළුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සාමය,සතුට පිරි සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!🌞❤️

𝕎𝕚𝕟𝕕𝕠𝕨𝕠𝕗𝕦𝕟𝕚𝕧𝕖𝕣𝕤𝕖🪐

WINDOW of Universe 🪐

08 Jan, 15:30


Knowledge channel එකක් වුනු මේක දැන් memes channel වුන එක ගැන හිතන්න එපා 🥲🥲 හෙහේ මෙකේ Admin තුමන්ලට අපොස උසස් පෙළ නිසා තමා මෙහෙම වෙලා තියෙන්නෙ🥲
(මේ ඔක්කොම මහින්ද මහත්තයා රට බේර ගත්ත නිසා කියලත් අමතක කරන්න එපා ඕං🙂)

ඉවර උනාම ආයෙත් සුපුරුදු විදිහටම ආයෙත් ඔයාලගේ මොළ දැනුමෙන් පුරවන්නම්😁


#2k24

WINDOW of Universe 🪐

08 Jan, 15:22


🥲👍🏻

#meme

WINDOW of Universe 🪐

31 Dec, 19:09


Happy New Year All of You🥳🥳🥳🥳🥳

WINDOW of Universe 🪐

26 Dec, 05:31


2004 වසරේ දෙසැම්බර් 26 වැනි දින ඉන්දුනීසියාවේ සුමාත්‍රා මුහුදේ ඇතිවූ භූමිකම්පාවක් නිසා හටගත් සුනාමි රළ පහරක් ගැටීමෙන්, ශ්‍රී ලංකාවේ පෑරලියදී මගී දුම්රියක් විනාශයට පත්වූ අතර, එම දුම්රිය ව්‍යසනය 2004 ශ්‍රී ලංකා සුනාමි-දුම්රිය ව්‍යසනය ලෙස හැඳින්වේ.

#disasters

😢👇🏻see comments👇🏻😢

WINDOW of Universe 🪐

26 Dec, 04:22


2004 ඉන්දියානු සාගරීය භූකම්පනය දෙසැම්බර් 26වන දා UTC (සමායෝත සාර්වත්‍ර වේලාව) 00:58:53 ට, ඉන්දුනීසියාවේ සුමාත්‍රා වෙරළට බටහිරින් අපිකේන්ද්‍රගත ව, 9.1ත් 9.3ත් අතර ඝූර්ණ පරිමාණයක් සහිත ව බුරුම භූ තැටියත් ඉන්දියානු භූ තැටියත් අතර පිහිටි පැල්මේ උත්ප්‍රේරණය වූ දැවැන්ත භූ තෙරපුමක් වුන නිසා ඇති වූ මුහුදු අභ්‍යන්තර භූකම්පනයක් උනා.

ඉන් 30m (100ft) පමණ උස, ඉන්දියානු සාගරීය වෙරළාසන්න ප්‍රදේශ යට කළ, රටවල් 14ක ආසන්න වශයෙන් 227,898කගේ ජීවිත බිලිගත් විනාශකාරී සුනාමි රළ පෙළක් ඇති විය. එය දැනට වාර්තා වී ඇති ස්වාභාවික විපත්වලින් දරුණුතම විපතක් වූ අතර,
21වන සියවසේ දැනට වාර්තා වී ඇති දරුණුතම විපත යි. ඉන් වැඩි ම හානියක් සිදු වූයේ ඉන්දුනීසියාවට, හා ඉන් පසු ශ්‍රී ලංකාවට, ඉන්දියාවට හා තායිලන්තයට යි.

භූ කම්පනය හේතුවෙන් හටගත් සුනාමි රළ පසුව විවිධ නම් වලින් හැඳින්වූ අතර, ඉන් 2004 ඉන්දීය සාගර සුනාමිය, දකුණු අාසියානු සුනාමිය, ඉන්දුනීසියානු සුනාමිය, නත්තල් සුනාමිය හා බොක්සින් දින සුනාමිය වැනි නම් ලොව පුරා වඩා ප්‍රචලිත වුනා.
මොන නමින් ප්‍රසිද්ධ උනත් මිනිස්සු විශාල ප්‍රමාණයක් මෙ සිද්ධියෙන් බිලි ගත්තා..😢

#disasters

WINDOW of Universe 🪐

26 Dec, 04:03


2004 දෙසැම්බර් 26 වැනි දින ඉන්දියන් සාගරයේ ඇති වූ භූමිකම්පාවෙන් ඇති වූ සුනාමි ව්‍යසනයට ශ්‍රී ලංකාව ගොදුරු වී අදට වසර 19 යි.😭😭

31,229 මිය ගිය බව තහවුරු වී ඇත, 4,093 අතුරුදහන්, 21,411 තුවාල

මියගිය අයට නිවන් සුව ලැබේවා🏳️🏳️🏳️
#😢😢

WINDOW of Universe 🪐

24 Dec, 14:58


A Meme that reach to the atomic level💀

#meme

WINDOW of Universe 🪐

10 Dec, 02:29


ලයිට් ගියේ ඇයි?

ලංකා විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන මැදිරිය. සිංහලෙන් කිව්වොත් System Control Centre එක. ලංකාවේ මෙගාවොට් 10ට වැඩි හැම බලාගාරයක්ම සහ කිලෝවොට් 132 සහ 220 ප්‍රමාණයේ අධි බල විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය පාලනය සහ නිරීක්ෂණය කරන්නෙ මෙතැන් සිට. ඕගොල්ලො දන්නව විදුලිය කියන්නේ දවස පුරාම විචලනය වෙන ඉල්ලුමක් සහිත දෙයක්. ඒ වගේම ඒක Real Time System එකක්. ඒ කියන්නේ ඉල්ලුම සහ සැපයුම සැමවිටම බැලන්ස් වෙන්න ඕන. නැත්තම් පද්ධතියට හානි වෙනව සහ බිඳවැටෙනව. ඉතින් මේ ඉල්ලුම සහ සැපයුම බැලන්ස් කරන්න විදුලි බලාගාර පද්ධතියට එකතු කරන්න සහ ඉවත් කරන්න බලය තියෙන්නේ මෙතැනට.
ඊළග ගැටලුව කොහොමද හරියට ඉල්ලුම සහ සැපයුම ගැලපෙනවද කියල දැනගන්නෙ. විදුලියේ ආකාර දෙකක් තියෙනවා. එකක් සරල ධාරා (DC) සහ ප්‍රත්‍යාවර්ත ධාරා (AC). ජාලගත විදුලි පද්ධතියක තියෙන්නේ AC විදුලිය. මේ ධාරාව දෝලනය වෙනව. ඒ තප්පරයට වට 50ක වේගයෙන්. නැත්තම් හර්ට්ස් 50ක සංඛ්‍යාතයෙන්. ඉතින් පද්ධතියේ ඉල්ලුම සහ සැපයුම හරියටම ගැලපෙනවා නම් සංඛ්‍යාතය 50Hz වෙන්න ඕන. 50ට අඩු නම් ඉල්ලුමට වඩා සැපයුම අඩුයි. 50ට වැඩි නම් ඉල්ලුමට වඩා වැඩිපුර සැපයුම තියෙනවා. පද්ධති පාලකවරු මේ අගය ගැන ඇහැ ගහගෙන ඉන්නෙ පැය 24 පුරාම. ඕක 49.5 - 50.5ට අතර පවත්වා ගන්න ඕන ලංකාවේ සම්මතයන්ට අනුව.
ඉතින් මේක පාලනය කරන්නෙ කොහොමද? ඒක කරනව ක්‍රම දෙකකට. කෙටි කාලීනව සහ දිගු කාලීනව. හිතන්න දවල් කාලයේ ඉල්ලුම මෙගාවොට් 1000යි. විවිධ තැන්වල
විදුලි යන්ත්‍ර පණගන්වන / ක්‍රියාවිරහිත කරන නිසා මේක 950 - 1050 අතර විචලනය වෙන්න පුළුවන් (මේ පරාසය එතන ඉංජිනේරුවො අත්දැකීමෙන් දන්නව). ඉතින් ඒ නිසා කරන්නෙ මෙගාවොට් 900ක් විතර විවිධ බලාගර වලින් ගන්නව. ඒ හැමෝම තමන්ගෙ සැපයුම නියතව තියාගන්නව. ඉතිරි ටික පාලනය කරන්න ගන්නව එක් බලාගාරයක්. එයාට කියන්නේ Frequency Controlling Machine කියල. අපි හිතමු මෙයාගේ ධාරිතාව මෙගාවොට් 200යි කියල. එතකොට එයාට පුළුවන් සම්පූර්ණ ඉල්ලුම 900 සිට 1100 දක්වා විචලනයකට මූණ දෙන්න එයාගේ සැපයුම වෙනස් කරමින්. ඒක කරන්නෙ අර කලින් කියපු සංඛ්‍යාතය වෙනස් වෙන දිහා බලාගෙන (දැන් නම් මේවා ස්වයංක්‍රීයව කෙරෙන්නෙ). ඒත් හවස් වෙද්දි මිනිස්සු විදුලි පහන් දල්වනකොට, ටෙලිනාට්‍ය බලන්න ගන්නකොට ඉල්ලුම එක පාරට වැඩි වෙනව. එතකොට දෙවෙනි ක්‍රමයට යනව. පද්ධති පාලකවරු විවිධ බලාගාර වලට කතා කරල කියනව ඔයා දැන් මෙච්චරක් දෙන්න කියල. එතකොට ඒ යන්ත්‍ර පණගැන්වෙනව. ඒ වැඩි වෙන සැපයුම සහ වැඩි වෙන ඉල්ලුම අතර වෙනසක් වෙනව නම් අර කලින් කියපු පාලක යන්ත්‍රයේ අවුට්පුට් එක වෙනස් කිරීමෙන් බැලන්ස් කරනවා.
අද උනේ මොකද? අද වුණේ විරල සිද්ධියක්. ලංකාවේ විශාලතම බලාගාර වලින් එන සම්ප්‍රේෂණ රැහැනක දෝෂයක් හටගන්නවා. එතකොට ඒ මුළු සැපයුමම පද්ධතියට නැතිවෙනව. ඒ ප්‍රමාණයේ අඩුවීමක් පද්ධතියට දරන්න බෑ. ඒකට ප්‍රතික්‍රියා කරන්න කාලයක් නෑ. ඉතා ක්ෂණිකව වෙන දෙයක්. වෙන බලාගාරයකින් ඒ අඩුව සපුරන්න බෑ. එතකොට වෙන්නෙ අර 49.5ට උඩින් තියාගෙන ඉන්න ඕන එක 48, 47, 46, 45 වගේ බැහැගෙන යනව. ඔහොම බහිද්දි පද්ධතියේම ආරක්ෂාව වෙනුවෙන් සියලුම යන්ත්‍ර ඉබේම අක්‍රීය වෙනවා. දැන් සේරම නිහඬයි. බලාගාර වල පවා දැන් වැඩ කටයුතු කරන්නෙ ඒවයේ තියෙන හදිසි ඩීසල් ජනක යන්ත්‍ර වලින්. මේ බිඳිල විසිරිලා ගිය පද්ධතිය නැවත සංයමයෙන් අමුණන්න ඕන, අර බැලන්ස් එකත් තියාගෙන. නැත්තම් කොච්චර කලත් ආයෙ බිඳවැටෙව. මේක ලේසි කටයුත්තක් නෙවෙයි. දැන් වෙන්නෙ ඒක.
මම මේ කිව්වේ බොහෝම සරලව විදුලි පද්ධතියක වෙන දේ. සමහරු කොච්චර විශේෂඥ මත පලකරත් බැටරියකට වයර් කෑල්ලක් අමුණල බල්බ් එකක් පත්තු කරනවා වගේ නෙවෙයි රටකට විදුලිය දෙන එක. ඒක දන්නෙ ඒකෙ නියැලෙන අයම තමා. කොටින්ම මම දන්නෙත් බොහෝම පොඩ්ඩයි.
ස්තූතියි


උපුටාගැනීම GSM Tech.lk

WINDOW of Universe 🪐

29 Jul, 14:55


Library of Congress📚📚

ඇමරිකා එක්සත් ජනපදයේ කොන්ග්‍රස් සභාවට අනුබද්ධ මෙය ලොව විශාල පුස්තකාලය වේ. මෙහිදී පොත්ද ඇතුළව විවධ ලිපිලේඛන මිලියන 167 කට ආසන්න සංඛ්‍යාවක් දැක ගත හැකි වන්නේය. එහි විශාලත්වය කෙතරම්දැයි කියන්නේනම් මෙම පොත් හා ලිපි ලේඛන තැන්පත් කර ඇති රාක්ක එකින් එක පෙළ ගැස්වුවහෝත් එහි දිග සැතපුම් 535 ට වඩා වැඩිය. පොත් පමණක් මිලියන 38 ඉක්මවා ඇත. පොත් හැරුණ විට අනෙකුත් මුද්‍රිත සඟරා ආදිය මිලියන 3.6 කි.  ලෝකයේ ඉතා විරල ගණයේ සිතියම් පමණක් මිලියන 5.5ක් මෙම පුස්තකාලයේදී දැක ගත හැකි වෙයි. ඒ අතර අත් පටපත් මිලියන 70කට ආසන්නව මෙම කොංග්‍රස් පුස්තකාලයේ ඇති අතර පුරාන ලේඛන 6000කට ආසන්ය .
🌏🧪±±

#Education
𝕎𝕚𝕟𝕕𝕠𝕨𝕠𝕗𝕦𝕟𝕚𝕧𝕖𝕣𝕤𝕖🪐

WINDOW of Universe 🪐

22 Jul, 12:43


සත්ත්වවේදීන්ගේ පිළිගැනීම අනුව ඩොල්ෆින් සතුන් (මුල්ලා) යනු අදින් වසර මිලියන 60ත් 35‍ත් අතර කාලයකට පෙර ගොඩ බිම විසූ සත්ත්ව විශේෂයකි. අද වන විට ඔවුන් සාගරයේ වෙසෙන ක්ෂීරපායි සත්ත්ව විශේෂයක් බවට අනුවර්තනය වී ඇති අතර ඔවුන්ට අනෙක් සතුන්ට මෙන් කරමල් නොමැති වීමත්, ඇත්තේ පෙනහලු වීමත් එසේ පැවසීමට හේතුවයි. තවද මෙම ඩොල්ෆින් සතුන් කිසි දිනක මුහුදු ජලය පානය නොකරන බවත් ඔවුන් ඔවුන්ට අවශ්‍ය ජලය තමන් ආහාරයට ගන්නා මත්ස්‍යයන් ජීරණයෙන් ලබා ගන්නා බවත් සත්ත්වවේදීන් සදහන් කරයි.

ඩොල්ෆින්ලට කැමති අය කෝ"🥰"

🌏🧪±±

#Animals
𝕎𝕚𝕟𝕕𝕠𝕨𝕠𝕗𝕦𝕟𝕚𝕧𝕖𝕣𝕤𝕖🪐

WINDOW of Universe 🪐

20 Jul, 16:15


Easter Island, Chilli (වෙනත් ආකාරයකින් එහි මුල් නම වන Rapa Nui ලෙස හැඳින්වේ) යනු පෘථිවියේ වඩාත්ම දුරස්ථ ස්ථාන වලින් එකකි. එය දකුණු ඇමරිකාවේ සිට සැතපුම් 2,300 ක් සහ ආසන්නතම දිවයිනේ සිට සැතපුම් 1,100 ක් දුරින් පිහිටා ඇත. කෙසේ වෙතත්, පැරණි මිනිසුන් එහි අති විශාල මෝයි ප්‍රතිමා 1,000 කට වැඩි ප්‍රමාණයක් තැනීමට සමත් විය. විද්‍යාඥයන් සහ පුරාවිද්‍යාඥයින් තවමත් එතරම් දුරස්ථ ස්ථානයක මෙම ප්‍රතිමා ඉදිකර ඇත්තේ ඇයිද, ඒවා බර ගල් ගෙන ගිය ආකාරය හෝ ඒවා ගොඩනඟා දූපත අතහැර දැමූ මිනිසුන්ට සිදුවූයේ කුමක්ද යන්න තවමත් නොදනී. "Rapa Nui" යනු ඔබ පාසලේදී ඉගෙන ගත් නගරවලින් එකකි. 🗿

#world
#WindowofUniverse

WINDOW of Universe 🪐

18 Jul, 13:38


හයිපේෂියා (Hypatia)

මහා ඇලෙක්සැන්ඩ්‍රියාවේ ජීවත් වූ මැය ලොව ප්‍රථම වරට විශිෂ්ට ලෙස ගණිතය, තාරකා විද්‍යාව, දර්ශනවාදය හා තර්ක ශාස්ත්‍රය ආදී විශයන් ඉගෙනගත් හා ඉගැන්වූ කාන්තාවයි. ඇගේ කාලෙයේ සිටි දක්ෂතම ගණිතඥයාද ඇය විය. නමුත් ඇගේ අවසානය ඉතාමත් දුක්ඛිත වූවකි.😔😥
🌏🧪±±

#History
𝕎𝕚𝕟𝕕𝕠𝕨𝕠𝕗𝕦𝕟𝕚𝕧𝕖𝕣𝕤𝕖🪐

WINDOW of Universe 🪐

16 Jul, 15:33


තරු අති විශාල ප්‍රමාණයකින් සැදුම්ලත් පද්ධතියක් මන්දාකිණියක් ලෙස හැදින්වෙන අතර මේවා අති විශාල ප්‍රමාණ වලින් යුක්ත වෙයි.මේ හේතුවෙන් මේවා තුල ප්‍රබල ගුරුත්වාකර්ශන බලයක් පවතී.මෙම මන්දාකිණි අතර ඇති ගුරුත්ව බලය හා ඒවයේ චලිතය නිසා අභ්‍යාවකාශයට සමතුලිතභාවයක් ලැබී ඇත.

#Astro
𝕎𝕚𝕟𝕕𝕠𝕨𝕠𝕗𝕦𝕟𝕚𝕧𝕖𝕣𝕤𝕖🪐

WINDOW of Universe 🪐

14 Jul, 13:46


ඉතාලියේ රෝම පුරයෙන් වටවූ 'වතිකානු රාජ්‍ය' මෙන්ම 'සැන් මැරීනෝ රාජ්‍ය'ද සම්පූර්ණයෙන්ම ඉතාලියෙන් වටවී ඇති නිදහස් රාජ්‍යයන් වේ. එමෙන්ම 'ලෙසෝතෝ' යනු දකුණු අප්‍රිකාවෙන් සම්පූර්ණයෙන්ම වටවී ඇති නිදහස් රාජ්‍යයයි.
🌏🧪±±

#World
𝕎𝕚𝕟𝕕𝕠𝕨𝕠𝕗𝕦𝕟𝕚𝕧𝕖𝕣𝕤𝕖🪐