මේ හොරු කරන්නෙ ඔයාල ලව්වා binance account හදාගෙන ඔයාලගෙ බැන්කු ගිනුම් විස්තර ඉල්ලගන්න එක. ඊට පස්සෙ මෙයලා scam කරන සල්ලි ඔයාලගෙ බැන්කු ගිනුමට දාලා එවගෙන් ඔයාට usdt buy කරලා දෙන්න කියනවා එයාල එවන wallet address එකට. ඔයාට මේ වැඩේ කරනවට දවසට Rs5000, 10000ක් වගෙ ගෙවනවා. උපරිම මාසයක් ඔයා මේ වැඩේ කරයි. මේ සල්ලි වල ඇත්තම අයිතිකාරයේ පොලිසි ගිහින් නඩු දැම්ම ගමන් පොලිසියෙන් ඇවිත් ඔයාව arrest කරනවා. ඔයාට වැඩේ කරන්න කියපු එවුන් ඊට පස්සෙ හොයන්නවත් නෑ. ඊට පස්සෙ උන් මේ වගෙ තව කෙනෙක් හොයගෙන් මේ වැඩේ දිගටම කරගෙන යනවා. පරිස්සම් වෙන්න මේ ලෝක හොරුන්ගෙන්🙏🙏🙏🙏