විනාඩි දෙකක් අරන් *අනිවාර්යයෙන් මේක කියවන්න* 👇 අනිවාර්යයෙන් 🤨
*PEOEYE ACADEMY Of Business Education* වන අප ආයතනය විසින් මේ වන විට පවතින *Scams* කිහිපයක්ම ගැන අපව විශ්වාස කරන ඔබ සියලු දෙනාවම දැනුවත් කිරීමට තීරණය කලා.
මක්නිසාදයත්, අප ආයතනයේ නම පාවිච්චි කරමින් මේ වන විට විවිධ ආකාරයේ Scams *(WhatsApp, Telegram, Facebook, Instagram, Youtube වැනි Social media හරහා)* ක්‍රියාත්මක වන බව අපට දිනෙන් දින දැනගන්නට ලැබෙන නිසාවෙනි.
*පහත කරුණු සියල්ල හොඳින් සිහිතබා ගන්න.*
⭕️ අප ආයතනය කිසිදු අවස්තාවක *ඔබව පළමු වරට අමතන්නේ නැත.* ඔබ අපගේ Hotline හරහා හෝ WhatsApp හරහා අපව සම්බන්ඳ කරගැනීමට ලබාගන්නා Call එකක් හෝ Message එකකින් පසුව අප ආයතනය විසින් ඔබව සම්බන්ඳ කරගනු ඇත.
⭕️ අප ආයතනය කිසිදු අවස්තාවක *මාසික ප්රතිලාභ ගෙවීමේ පොරොන්දුව පිට* ඔබගෙන් කිසිදු මුදලක් අයකරගන්නේ නැත.
⭕️ ඔබ මීට පෙර අප ආයතනයෙන් *තොරතුරු විමසීමක් නොකල අවස්තාවක* යමෙක් ඔබව පලමු වරට සම්බන්ඳ කරගෙන (WhatsApp message හරහා හෝ දුරකථන ඇමතුමක් මගින්) *Peoeye ආයතනයෙන් යයි පැවසුවොත්* ඒ අයගෙන් ප්‍රවේසම් වීමට වගබලාගන්න.
⭕️ මෙලෙස යම්කිසි ආකාරයකින් අප ආයතනයේ නම පාවිච්චි කරමින් නීතිවිරෝධී ක්‍රියාවල නිරත වන සියලුම දෙනා වෙනුවෙන් *අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවත්* ප්‍රකාශ කර සිටිමු.
*Stay Alert Traders*
_PEOEYE_