Toxic relationship එකකදී බොහෝ විට අදුරු මනෝ විද්‍යාවට (dark psychology) අනුව ඔවුන් සබදතාවලිදී ඔබව හැසිරවීම, පාලනය කිරීම, පෙළඹෙයි. Gaslighting, manipulation techniques, love bombing, mirroring, guilt tripping, වැනි විවිධ techniquesවලට මිනිස්සුන්ව පාලනය කරන්න පුලුවන්. Relationship එකක් ඇතුළත් විතරක් නෙමෙයි එදිනෙදා අපි සමාජෙ එක්ක ගැටෙනකොට අපිට මිනිස්සුන්ව අපිට කැමති විදියට පාලනය කරන්න ගොඩක් manipulator ලා මේ techniques පාවිච්චි කරනවා. ඔය දවසෙම කොල්ලා වෙනුවෙන් අඩ අඩ ඉන්න ගෑණු ළමයින්ට කියන්නේ, අපි මිනිස්සු වෙලා ඉපදෙන්නේ මොළයක් ඇතුව ඒ නිසා මොළෙන් වැඩ ගන්න පුරුදු වෙන්න. ඇත්තටම සම්බන්දතාවය ඇතුළේ අපිව පාවිච්චි වුනාද, පාලනය වුනාද, අපිව හැසිරීවිමක් වුනාද කියන එක ගැන ඔලුවෙන් හොදට හිතලා බලන්න ඔයාගේ healing process එක පටන් ගන්න කලින්. ඔයා ඔයාගේ emotional traumas (චිත්තවේගිය කම්පන) නිවරැදිව තේරුම් ගත යුතුයි. ඒ කියන්නේ සම්බන්දතාවය පුරාවටම ඔයා අත්විදපු ගැඹුරු දුක්කිත කලබලකාරී සිදුවීම්, අත්වීදීමේ හෝ දැකීමේ ප්‍රතිඵලයක් ලෙස ඔයාට සිද්දි වෙච්ච මානසික හානි සහ පීඩා ඔයා අදුරගන්න ඕනේ. මොළේ කල්පනා කරලා ඒවා හිතලා බලන්න අද ඉදන්ම පුරුදු වෙන්න ළමයි. 1. සම්බන්දතාවය පුරාවටම තිබුනු toxic patterns අදුරගන්න: ✅ අර මම කලින් කිව්වා වගේ ආදරයක් ඇතුළේ ඔයාව පාවිච්චි වුනාද, පාලනයක් වුනාද කියන එක තේරුම් ගන්න ඕනේ ඔයා. ඔයාව කීපාරක් නොසලකා හැරියද, සැක කරාද, චිත්තවේගීය අපයෝජනය, ඔයාව ඔයාගෙ support system එකෙන් ඈත් කරාද, ඔයාගේ දක්ෂතාවලට එයා ඉඩ දුන්නද නැද්ද කියන එක. සාමාන්‍යෙන් toxic relationship එකකනම් ඔයාගේ පාර්ට්නර් කැමති නෑ ඔයා එයාට වඩා දියුණු වෙනවා දකින්න. ඔයාගේ යන ඔයාගේ ලස්සන ගමන ඔයාටත් නොදැනුවම නවත්තලා දාන්න ටොක්සික් පාර්ට්නර්ස් ලා හරිම දක්ෂයි. ඒ නිසා toxic (විෂ සහිත) ගති ටික මොළේ කාලා හරි මතක් කරගන්න. 2. ඔයාට ඔයා ගැන ස්වයං අවබෝධයක් තියෙන්න ඕනේ: ✅ ඔයාගේ toxic relationship එකෙන් සුව වෙන පළවෙනි පියවර ලෙස ඔයා පිළිගන්න ඕනේ මේ සම්බන්දතාවයෙන් ඔයාට වෙන්නේ හානියක් කියන එක, ඔයාට ඔයාගේ අනන්‍යතාවය නැති වෙනවා කියන දේ ඔයා පිළිගන්න ඕනේ. හිත කොව්චර කිව්වත් එයා එහෙම නෑ කියලා එයා එහෙමයි. පොඩි වෙලාවක් අරගෙන කල්පනා කරලා බලන්න ඔයා, ඔයා ගැනම. 3. ඔයාගේ දුක, කේන්තිය පිළිගන්න.✅ ඒවා පිට කරන්න හිර කරගෙන ඉන්නේ නැතුව, තමන්ට හානියක් කරගන්නේ නැතුව හයියේන් අඩලා හරි පිට කරන්න. ඔයාට heal වෙන්න අවශ්‍ය නම් ඔයාගේ හැගීම් හරියට තේරුම් ගන්න වෙනවා. 4. No contact !!!🚫 ටොක්සික් පාට්නර් එක්ක තියෙන හැම සම්බන්දතාවයක්ම කපලා දාන්න. Social media accounts හැම එකක්ම බ්ලොක් කරන්න. දැන් මෙතන නහයෙන් අඩන්න එපා ඒක හොද නෑ කියලා, ඔයා දුකෙන් ඉද්දී එයා ආතල් එකේ ඉන්නවා වෙන්නත් පුලුවන්. ටොක්සික් පාර්ට්නර්ව හැම එකකින්ම අයින් කරලා දාන්න, එයාට ඔයාගේ කිසිම විස්තරයක් ආරංචි නොවෙන තරමට. ජීවිතේ අපි අපිව මානසිකව වට්ටන මිනිස්සු තියාගන්න හොද නෑ. එයාට ඔයාව තවත් හසුරවන්න, පාලයන කරන්න හෝ ඔයාට හානි කරන්න කිසිම අවස්ථාවක් දෙන්න එපා. 5. No Physical Connections 🚫 මම මෙතන අදහස් කරන්නේ සම්බන්දතාවය ඇතුළේ තිබුන sexual / intimacy connection එක ගැන. ශාරිරික සම්බන්දතාවය ඔයා අවසන් කරන්න ඕනේ. ඔයාට වරදකාරිබවක්, නැත්නම් විවිධ ආශාවල් මේ healing phase එකේදී දැනෙන්න ගන්නවා එහෙමයි කියලා ආයෙත් එයාවම හොයාගෙම ගිහින් තවත් කෙලවගන්නේ නැතුව හැගීම් පාලනය කරන්න මොළෙන් කල්පනා කරලා! මොකද මනුස්සයෙක්ට self respect එක වටිනවා❤️ 6. Support system එකක් ළගින් තියගන්න✅ විශ්වාසවන්ත මිතුරන්, පවුලේ අය, ඔයාව mentally strong කරන්න උදව් වෙන අයව නිතරම ළගින් තියාගන්න. ඔයාට ඔයාගේ වටිනාකම පෙන්නලා දෙන, ඔයාට ඇත්තටම ආදරෙ කරන ඔයාගේ හීනවලට යන්න ඔයාට උදව් කරන අයව නිතරම ආශ්‍රේ කරන්න. එයාලට අවන්ක වෙන්න. ඔයාගේ දුක බෙදාගන්න පුලුවන්, ඔයාගේ තත්ත්වයට සමාන තත්ත්වයන්වලට මුහුණ දීපු අය සමග අත්දැකීම් බෙදාගන්න. (ඕපදූප නෙමෙයි) යාලුවෝ යාලුවෝ එක්ක එළියට යන්න, අලුත් ලස්සන දේවල් අත්හදා බලන්න. දැනට මෙච්චරයි. මම මේකේ ඉතුරු කොටසත් දාන්නම්! ඔයාලගේ අත්දැකීම් බෙදාගන්න, මොන වගේ ටොක්සිජ් සම්බන්දතාවයක්ද තිබුනේ කියලා 🤍