ජීවිතේදි හම්බෙලා තියනවද,,
හදිස්සි අත මාරුවකට ඉල්ලගන්න සල්ලි, ඉල්ලන්න කලින් ආයේ දෙන Quality මිනිස්සු
ආරාධනාවක් නැති තැන් වලට, නොයන Genuine මිනිස්සු
තමං වෙනුවෙන් පොඩි හරි උදව්වක් කරන අයට, Thanks කියලා ඒ සහයෝගයට, වටිනාකමක් දෙන Quality මිනිස්සු
තමංගේ අතින් පොඩි හරි වැරද්දක් වෙද්දි, Sorry කියලා, ඒ වැරදි හදාගන්න Genuine මිනිස්සු
අනිත් අයව පාවිච්චි නොකර, තමංගේ හැමදේම තනියම කරගන්න Quality මිනිස්සු
ඕනෙම කෙනෙක්ට දෙන පොරොන්දු, ඒ විදියටම රකින Genuine මිනිස්සු
වැඩිය කයිවාරු නැති, අවශ්‍ය දේ විතරක් කතා කරන Quality මිනිස්සු
තමංගෙම Standard එකකට මනුස්සකම් එක්ක, අනිත් අයව ආශ්‍රය කරන Genuine මිනිස්සු
තමංගේ වැරද්දක් වෙන කෙනෙක් පෙන්නලා දෙද්දි, ඒක පිලිගෙන හදාගන්න Quality මිනිස්සු
තමංගේ වගකීම් ඒ විදියට ඉටු කරන, Genuine මිනිස්සු
මං හිතන්නේ ජීවිතේ හමුවීම් වලින්, හොදම හමුවීම් තමා එහෙම Quality Genuine මිනිස්සු හමුවීම...
එහෙම අය එක්ක ජීවත් වෙන්න ලේසි හරිම නිදහස්..
අපි කරන්න ඕනේ අපිත් දවසින් දවස අපේ Qualities හදාගන්න අතරේ, අර වගේ Genuine මිනිස්සුන්ව ආශ්‍රය කරන එක..
ceylonjournal ❤️
>>