آخرین پست‌های GᵤᵢDₑ ₜₒ ₛᵤCCₑₛₛ 🌙✨ (@guide_to_successs) در تلگرام

پست‌های تلگرام GᵤᵢDₑ ₜₒ ₛᵤCCₑₛₛ 🌙

GᵤᵢDₑ ₜₒ ₛᵤCCₑₛₛ 🌙✨
In a gentle way, you can shake the world 🌎
4,956 مشترک
3,787 عکس
19 ویدیو
آخرین به‌روزرسانی 28.02.2025 23:14

آخرین محتوای به اشتراک گذاشته شده توسط GᵤᵢDₑ ₜₒ ₛᵤCCₑₛₛ 🌙 در تلگرام


Exam එකේ අනිවර්‍ය ලකුනු 20ක් ❤️

Live ම බලමු
🏆

🔴PRACTICAL NIGHT ZOOM 3000+ නිසා YOUTUBE LIVE

https://www.youtube.com/live/MKaxXBgadwo?si=EfuVm6qMxw42MEBc

2024-Olympiad-Sinhala-v4-Nov-4-final

2024 Olympiad Biology Paper ( November)
⚠️

මේක අනීවරෙන්ම පුළුවන්නම් කරන්න ඕනි පේපර් එකක්
මීට කලින් අවුරුදු වල Olympiad paper වල අහපු ප්‍රශ්ණ කෙලින්ම හරි ඉට අදාල සංකල්පය හරි Al biology පේපර් එකට දීලා තියනවා🍃

A කොටසෙන් mcq ප්‍රශ්න 40 ක්
B කොටසෙන් mcq 20 (abcd ප්‍රශ්ණ)


@guide_to_successs
@beyondthebio 🍃

2023-Biology. -Olympiad-Sinhal-Paper ⚠️

@guide_to_successs
@beyondthebio 🍃

මේක හැමෝටම වටින වැඩක් miss කරගන්නෙ නැතුව හැමෝම live ම එන්න ❤️

එක රැයෙන් ලකුනු 20ක්ම 🔥

දැන් වැඩේ පටන්ගන්නවා ළමයි. හැමෝම join වෙමු live එකට.
මේක තමයි night එක🔥

🔴Zoom link: https://zoom.us/j/91491997689?pwd=fecrWXopVpNszqTRyjhIequpZbtLpg.1

🔴Youtube link: https://www.youtube.com/live/9zlGBQdZAKo?si=7avO8E9bx9dkLi3G

🔴Telegram: https://t.me/echem24GR

Physics Practical Number 10

🎖 සරල අවලම්භය භාවිත කර ගුරුත්වජ ත්වරණය සෙවීම

මුලින්ම T= 2Π √ l/g සාමිකරණය ප්‍රස්තාරයක් අදින්න පුලුවන් වෙන්න ව්‍යුත්පන්න කර ගන්න ඕනි. ඒක සිද්ධාන්ත වල දීලා තියෙනවා. ඒක බලාගන්න ☺️


🔅 ස්වායක්ත විචල්‍ය - l
( තන්තුව ගැටගහලා තියන ලක්ශ්‍යයේ ඉදලා බට්ටාගේ ගුරුත්ව කේන්ද්‍රයට තියන දුර)
පරායක්ත විචල්‍ය - T²

🔅 මේකෙදි ලැබෙන්නේ y= mx ආකාරයේ ප්‍රස්තාරයක්. ප්‍රස්තාරයේ අනුක්‍රමනයෙන් ගුරුත්වජ ත්වරණය හොයාගන්න පුලුවන්

📌📌 දැන් බලමු මේ practical එකේ විශේශ කරුණු ටික

🖇 මේකෙදී යොදාගන්න තන්තුවට තියෙන්න ඕනි ලක්ශණ

1) සැහැල්ලු අවිතන්‍ය තන්තුවක් වෙන්න ඕනි.

2) අඹරා නැති තන්තුවක් වෙන්න ඕනි( තංගුස් නූල් වගේ )

අඹරා නැති තන්තුවක් පාවිච්චි කරන්නේ බට්ටා ගැටගැහුවාම භ්‍රමණය වෙන එක වළක්වන්න.


🖇 යොදාගන්න අවලම්බ බට්ටාට තියෙන්න ඕනි ලක්ෂණ

1) ගුරුත්ව කේන්ද්‍රයේ නිශ්චිතවම දන්න වස්තුවක් වෙන්න ඕනි.
🔎 හේතුව අපි l දුර කියලා මනින්නේ තන්තුව ගැටගහලා තියන ලක්ශ්‍යයේ ඉදලා බට්ටාගේ ගුරුත්ව කේන්ද්‍රයට තියන දුර. ඒ නිසා හරියටම ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ කොහෙද කියලා දැනගෙන ඉන්න ඕනි.

2) බට්ටාට බර වැඩි යකඩ වගේ ගෝලයක් පාවිච්චි කරන්න ඕනි.
🔎 හේතුව එතකොට දෝලන පරිමන්දනය නොවී වැඩි කාලයක් පවත්වාගන්න පුලුවන්.

3) බට්ටා කුඩා වෙන්න ඕනි.
🔎 හේතුව මේකෙදි වස්තුව මත උඩුකුරු තෙරපුමක් ඇතිවෙන්න බෑ. මොකද දෝලනයේදී තියෙන්න ඕනි බට්ටගේ බරයි තන්තුවේ ආතතියයි විතරයි. වෙන බල තිබ්බොත් දෝශ වෙන්න පුලුවන්.

4) වාත ප්‍රතිරෝධය අවම වන පරිදි හැඩයක් තියන වස්තුවක් බට්ටාට යොදාගන්න ඕනි.


🖇 දෝලන ගනන් කරන්න පහසු වෙන්න, දෝලන ගානට අනුරූපව විරාම ඔරලෝකුව on/ off කරන්න ඕනි අවස්තාව හදුනගන්න නිවේශන කූරක්
යොදාගන්නවා

🖇 මේ නිවේශණ කූර සවි කරන්නේ අවලම්භයේ ගමන් පෙතේ පහළම පිහිටුමේ.

හෙතුව ඒ පිහිටුමේදී තමා අවලම්භයේ වේගය උපරිම වෙන්නේ.ඒ නිසා ඒ තැන නිවේශණ කූර සවි කලාම කාල මිනුමේ අවිනිශ්චිතතා දෝශය අඩු වෙනවා.
ඒ වගේම දෝලන පරිමන්දනය උනත් හැමවෙලේම පහළම පිහිටුම හරහා ගමන් කරන නිසා දෝලන ගනන් කරන එකේ ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ.

🖇 නිවේශන කූර ඉලක්ක කරගන්න ඕනි අවලම්බ බට්ටාට මදක් ඉහලින් තන්තුව පිටුපසට වෙන්න.

හේතුව එතකොට නිශ්චිතවම අවලම්බ බට්ටා නිවේශන කූර පහු කරන වෙලාව අදුරගන්න පුලුවන්.


🖇 මේකෙදී දෝලන 25 කට ගතවන කාලය මැනලා ඒ ඇසුරින් තමා දෝලන කාලය හොයන්නේ.

ඒකට හේතුව එතකොට කාලය මැනීමේ භාගික දෝෂය අඩු වෙන නිසා ආවර්ත කාලය මැනීමේ භාගික දෝෂයත් අඩු වෙනවා.

🖇 දෝලන 25 කට කාලය තුන් වතාවක් මනින එකෙන් දෝලන කාලයෙහි විශ්වාසනීයත්වය වැඩි කරගන්න පුලුවන්

🖇 මේ practical එකේදි ගුරුත්වජ තිවරණය හොයන්න ප්‍රස්තාරික ක්‍රමයක් අනුගමනය කරනවා. එහෙම කරන්නේ අහඹු දෝශ වල බලපෑම අවම කර ගන්න.


🖇 practical එක කරනකොට අවලම්භය අංශක 10ට වඩා අඩු කෝණ වලින් දෝලනය කරන්න ඕනි.

හේතුව මේ සමීකරණය ව්‍යුත්පන්න කරනකොට අනුගමනය කරපු විශේශ තත්ත්ව පරීක්ශනයේදිත් අනුගමනය කරන්න ඕනි වෙන නිසා.


🖇 දෝලන මනිනකොට දෝශ දෙකක් ඇති වෙන්න පුලුවන්

1) උපකරණයේ නිමානිත දෝශය
මේකට නිරපේක්ශ දෝශය කියලත් කියනවා. මේක නැති කරන්න බෑ කොහොමත්

2) පුද්ගලයාගේ ප්‍රතික්‍රියා දෝශය
මේකට නම් දෝලන ගනන් කරන්න කලින් 3, 2, 0, 1, 2... කියලා දෝලන ගනන් කරන්න පටන් ගන්න එකෙන් අපේ ශරීරය ඒ රටාවට පුරුදු වෙලා දෝශය අවම කරගන්න පුලුවන්


මට හිතෙන විදියට තමා මේ points ටික type කලේ. වැරද්දක් තියේ නම් කියන්න ☺️
තව special points තියේ නම් ඔයාලා මේකට එකතු කරගන්න 🙈🙈

දිනලා විතරක් ඉවර කරමු ❤️

මේ කලින් දාපු practical points ටිකක්. මේ ටිකත් ඕනි කෙනෙක් ඉන්නවනම් බලාගන්න පුලුවන් වෙන්න තමා ආපහු දැම්මේ 😁

ඔයාලට අනිත් practicals වලටත් මෙහෙම points වෙන් කරලා දාන්න ඕනි නම් කියන්න.
මන් පුලුවන් වෙලාවල්වලට type කරලා දාන්නම් ☺️🙈

බර යෙදූ පරීක්ශන නලයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම

මේකේ ප්‍රස්තාරය අදින්න හදාගන්න සමීකරනය හොදට බලාගන්න. ඒක ටිකක් දිගයි.


🧪 මේකට පාවිච්චි කරන නලය මොන වගේ එකක්ද ?

හරස්කඩ වර්ගපලය වැඩි කැකෑරුම් නලයක්
හරස්කඩ වර්ගපලය වැඩි වෙනකොට ගිලෙන උස අඩු වෙනවා. එතකොට වැඩි පාටාංක ප්‍රමානයක් ගන්න පුලුවන්.
ඒ වගේම හරස්කඩ වර්ගපලය වැඩි වෙනකොට උඩුකුරු තෙරපුම වැඩි වෙන නිසා ඝනත්වය අඩු ද්‍රවයක උනත් නලය පාකරන්න පුලුවන් වෙනවා.


🧪 පරීක්ශන නලයේ පතුලට ඊයම් බෝල දාලා අමතර බරක් යොදන්නේ ඇයි ?

ගුරුත්ව කේන්ද්‍රය උත්ප්ලවකතා කේන්ද්‍රයට වඩා පහලට ගෙන ඒමට. එවිට ස්තායි සමතුලිතතාවය පවත්වාගන්න පුලුවන්


🧪 මේකට හරස්කඩ වර්ගපලය ඉතා විශාල නලයක් පාවිච්චි කිරීම සුදුසුද ?

නැහැ.
එහෙම උනොත් එකතු කරන භාරයන්ට අදාලව ගිලෙන උස කුඩා වෙන නිසා සංවේදීතාවය අඩු වෙනවා.



පරීක්ශනය පුරාවටම උශ්නත්වය නියතව තියාගන්න ඕනි. මොකද උශ්නත්වය මත ඝනත්වය වෙනස් වෙන නිසා


භාරයන් එකතු කරනකොට තන්තු භාවිත කරලා සෙමින් එකතු කරන්න ඕනි


උස මැනීමේදී වෙන අසමපාත දෝශය අවම කරන්න මිනුම් සරාවේ ඉහල මට්ටමටම ද්‍රවය පුරවන්න ඕනි


නලයේ භාහිර විශ්කම්භය මනින්නේ වර්නියර් කැලිපරයෙ බාහිර හනු වලින්


කඩදාසි පරිමානය අලවන්නේ ඒ පරිමානයේ 0 ලකුන නලයේ සිලින්ඩරාකාර කොටසේ පහලම මට්ටමින් පටන් ගන්න විදියට. ඒ කියන්නේ ඉටි වල ඉවර වෙන මට්ටමෙන්


මට හිතෙන විදියට තමා ප්‍රශ්න හැදුවේ නිකන් කරුනු විතරක් පස්සෙ දැම්මේ ඒවා අහන විදිය හිතාගන්න බැරි නිසා 🙈

U නලය භාවිතා කර ද්‍රවයක සාපේක්ශ ඝනත්වය සෙවීම


ඇටවුම මතකයිනේ ඒක ඕනි නෑ ඒ නිසා 🌝

සිද්ධාන්තය
නොගලන අකණ්ඩ සමජාතිය තරලයක එකම තිරස් මට්ටමේ පීඩන සමානයි

මේකේන් සමීකරනය ව්‍යුත්පන්න කරලා y=mx ප්‍රස්තාරයක් එන විදියට හදාගන්න

( මන් ඒ ටික දාන්නේ නෑ. ඒ ටික මතකයිනේ. මතක තියාගන්න ඕනි විශේශ කරුනු ටික විතරක් කියන්නම් ☺️ )


01) නලය පිරිසිදු කරන්නේ කොහොමද?

ගොඩක් ප්‍රැක්ටිකල් වලදි නලය පිරිසිදු කරන්න ඕනි වෙනවා. එකම විදියට තමා හැම එකේදිම කරන්නේ.මෙතනින් මේක මතක තියාගමු හැම ප්‍රැක්ටිකල් එකකටම හරියන්න


පිලිවෙලින් තනුක භශ්මයකින් , තනුක අම්ලයකින් , ආස්‍රැත ජලයෙන් සෝදලා වියලි වාත ධාරාවක් නලය තුලින් යවලා නලය වියලා ගැනිම.


02)U නලයේ බාහු සිරස් වෙන්න රදවන්න ඕනි ඇයි?

මේකේදී ගන්නේ ද්‍රවස්තිතික පීඩනයනේ. ද්‍රවස්තිතික පීඩනය ගන්නකොට වැදගත්වෙන්නේ ද්‍රවයේ සිරස් උස. ඒ නිසා පාටාංක විදියට ගන්නේසිරස් උසවල්. ඒහෙම ගන්න නම් නලයේ බාහු සිරස් වෙන්න ඕනි

03) හැම වෙලේම අතුරුමුහුනත නලයේ සිරස් කොටස තුලම තියාගන්න ඕනි ඇයි ?

පාටාංකය විදියට ගන්නේ සිරස් උස. වක්‍ර කොටසේ අතුරු මුහුනත තිබ්බොත් ද්‍රව කදන්වල සිරස් උස හරියටම මනින්න අපහසු වන නිසා හා එහෙම මනිනවිට ලැබෙන මිනුම් දෝශ සහිත විය හැකි නිසා


04) U නලයට මුලින්ම ඝනත්වය වැඩි ද්‍රවය දාන්නේ ඇයි ?

පලවෙනියටම ඝනත්වය අඩු ද්‍රවය දාලා පස්සේ ඝනත්වය වැඩි ද්‍රවය දැන්මොත් ඝනත්වය අඩු ද්‍රවය බාහු දෙකේම ව්‍යාප්ත වෙන්න පුලුවන්. එහෙම කලොත් ප්‍රැක්ටිකල් එක කරන්න බෑනේ. ඒ නිසා තමා මුලින්ම ඝනත්වය වැඩි ද්‍රවය දාන්නේ.


05) ප්‍රස්තාරික ක්‍රමයක් අනුගමනය කරන්නේ ඇයි?

අහඹු දෝශ වල බලපෑම අවම කරන්න.
( ගොඩක් ප්‍රැක්ටිකල් වලදි මෙහෙම ප්‍රස්තාරික ක්‍රමයක් අනුගමනය කරන්නේ ඇයි කියලා අහඹු දෝශ අවම කරගන්න කියලා ලියන්න. ගොඩක් ප්‍රැක්ටිකල් වල ප්‍රස්තාරික ක්‍රමයකට යන්නේ ඒකට තමා. නමුත් සමහර ප්‍රැක්ටිකල් තියෙනවා ප්‍රස්තාරික ක්‍රමේකට යන්නේ සත්‍යාපනය කරන ක්‍රමවේදය ලෙස කියලා. ඒම තියෙන්නෙ තාපය ප්‍රැක්ටිකල් වල චාල්ස් නියමයයි පීඩන නියමයයි සත්‍යාපනය කරන දෙකේ විතරයි මට මතක විදියට නම්. ඒ දෙක හැර වෙන එකක් ඇහුවොත් අහඹු දෝශය අවම කර ගන්න කියලා ලියන්න. )


06) ස්වායක්ත විචල්‍ය ලෙස ගන්නේ කවුද ? එයා තොඉර ගන්න හේතුව මොකක්ද ?

ස්වායක්ත විචල්‍ය විදියට ගන්නේ ඝනත්වය අඩු ද්‍රව කදේ උස
හේතුව - එකබාහුවක විතරයි එයා ව්‍යාප්ත වෙලා තියෙන්නේ එතකොට එයාගේ ද්‍රව මට්ටම වෙනස් කරනකොට අනිත් බාහුවෙත් ද්‍රව මට්ටම ඊට අනුරූපව වෙනස් වෙනවා.
ඝනත්වය වැඩි ද්‍රව කදේ උස ස්වායක්ත විචල්‍ය විදියට අරන් මේක කරන්න බෑ. මොකද එයා බාහු දෙකේම ව්‍යාප්ත වෙලානේ ඉන්නේ. එතකොට ද්‍රවය කොච්චර දැම්මත් බාහු දේම සමසේ බෙදිලා යනවා. අතුරුමුහුනතේ මට්ටමට සාපේක්ශව වෙනසක් වෙන්නේ නෑ.


07) මෙහිදී ඝනත්වය වැඩි ද්‍රවය ලෙස රසදිය පාවිච්චි කරන්න පුලුවන්ද?

බැහැ
රසදිය කියන්නේ ඝනත්වය අධික ද්‍රව්‍යක් නිසා රසදියවල කුඩා උස වෙනසක් ඇති කරන්නත් ඝනත්වය අඩු ද්‍රවය ඉතා විශාල ප්‍රමානයක් අවශ්‍ය වෙනවා. ඒ සදහා බාහුවල දිග ප්‍රමානවත් නොවෙන්න පුලුවන්. ප්‍රස්තාරයක් අදින්නත් බෑ ඒම උනොත්. අනික රසදිය භාවිත කලොත් පරායක්ත විචල්‍ය ගොඩාක් පොඩි වෙනවා. ඒ කියන්නෙ රසදිය ඉහල නගින උස ගොඩක් පොඩි කියන එක. එතකොට මිනුම් ගන්නකොට වෙන භාගික දෝශවල බලපෑම වැඩි වෙනවා.


08) U නලය ලෙස විශාල හස්‍රස්කඩක් ඇති නලයක් තෝරාගැනීම සුදුසුද ?

නැහැ. එවිට පරීක්ශනයට ලොකු ද්‍රව පරිමාවක් අවශ්‍ය වේ


09) U නලය ලෙස සිහින් හරස්කඩක් සහිත නලයක් තෝරාගැනීම සුදුසුද?

නැහැ. එතකොට පෘශ්ටික ආතතියේ බලපෑම වැඩි වෙනවා. අපි මේ ප්‍රැක්ටිකල් එකේදී පෘශ්ටික ආතතිය සලකන්නේ නෑනේ. ( ඒක සලකලා කරන්නත් පුලුවන්. ඒක අපිට නෑනේ )


10) මේ පරීක්ශනය වඩාත් සුදුසු කුමන ආකාරයේ ද්‍රවයන්ටද ?

එකිනෙක සමග මිශ්‍ර නොවන ද්‍රව දෙකකට


11) මේ පරීක්ශනය එකිනෙකට මිශ්‍ර වන ද්‍රව දෙකක සාපේක්ශ ඝනත්ව හොයන්න යොදාගන්න පුලුවන්ද ?
පුලුවන් නම් ඒක කරන්නේ කොහොමද ?

පුලුවන්
රසදිය වගේ ඝනත්වය වැඩි ද්‍රවයක් 3න් වන ද්‍රවය ලෙස යොදාගෙන කරන්න පුලුවන්.
මුලින්ම රසදිය ටික දාලා බාහු දෙකේම රසදිය මට්ටම එකම මට්ටමට ආවට පස්සේ බාහු දෙකට අනෙක් ද්‍රවයන් එකතු කරලා කලින් වගේම ප්‍රැක්ටිකල් එක කරනවා.


Practical එකේ විශේශ කරුනු ටික මතක් කරගන්න පොඩි ප්‍රශ්නයි උත්තරයි එක්කම සටහනක්. ☺️

මේකේ වැරැද්දක් තියේ නම් හරි තව එකතු වෙන්න ඕනි දේවල් තියේ නම් හරි කියන්න 😊