GᵤᵢDₑ ₜₒ ₛᵤCCₑₛₛ 🌙✨ @guide_to_successs Channel on Telegram

GᵤᵢDₑ ₜₒ ₛᵤCCₑₛₛ 🌙

@guide_to_successs


In a gentle way, you can shake the world 🌎

GᵤᵢDₑ ₜₒ ₛᵤCCₑₛₛ 🌙✨ (English)

Are you looking for guidance and inspiration to achieve success in your life? Look no further! Welcome to 'GᵤᵢDₑ ₜₒ ₛᵤCCₑₛₛ 🌙✨' Telegram channel, where we believe that in a gentle way, you can shake the world. Our channel is dedicated to providing you with the tools, motivation, and support you need to reach your full potential and make your dreams a reality. Whether you're seeking career advice, personal development tips, or simply a daily dose of inspiration, our channel has it all. Join us on this journey towards success and let's motivate each other to reach new heights. Together, we can make a difference and achieve greatness. Don't wait any longer, subscribe to 'GᵤᵢDₑ ₜₒ ₛᵤCCₑₛₛ 🌙✨' now and start your path to success today!

GᵤᵢDₑ ₜₒ ₛᵤCCₑₛₛ 🌙

05 Jan, 15:58


🛑 මේ project එක කරන්නෙ අපේ centers 37 කේන්ද්‍ර කරගෙන. සම්බන්ද වෙන්න කැමති ලමයි මේ Google form එක fill කරන්න.

https://forms.gle/fCY1rWYX4QVfWrwp9

ඔයාලාගෙ තොරතුරු අනුව centers 37 ට අදාලව group 37 කට ඔයාලව කැඩෙනවා.

🛑මේ ගැන සම්පූර්න විස්තර ගැන දැනුවත් කරන්න හෙට රාත්‍රී 9.00 ට zoom meeting එකක් ගන්නවා.

- හැම ප්‍රධාන දැනුවත් කිරීමක්ම සිද්ද වෙන්නෙ මේ telegram channel එක හරහා.

GᵤᵢDₑ ₜₒ ₛᵤCCₑₛₛ 🌙

31 Dec, 13:56


ඉතිම් ලමයි...... 👀

සෑහෙන්න කාලෙකිම්


අන්තිම වෙනකන්ම බැරි උනත් මට පුලුවන් විදියට මම ඔයාල එක්කෙනෙක් හරි වෙනුවෙන් පොඩි හරි උදව්වක් කරන්න ඇති කියල හිතනවා...

හරි හරි ඒවෑයින් වැඩක් නෑ....
සුබ උනත් අසුබ උනත් වසරක නිමාව ලං වෙලා...

ඉතිම් මේ අවුරුද්දෙ ඔයාට උන අතපසුවීම් ආයෙම නොවෙන්න වගබලා ගන්න එක තමයි ඔයාල මේ අන්තිම වෙලාවෙ හිතට ගන්න ඕනි හොදම දේ.... ❤️

ඉතින් 25 ත් ඔයාල වෙනුවෙන් මට පුලුවන් වීදියට උදව් කරන්න බලපොරොත්තුවක් තියෙනවා...

තව shy එකක් කරන chanel එකේ වැඩ වලට සම්බන්ද වෙන්න කැමති කෙනෙක් ඉන්නව නම් මට මැසේජ් එකක් දාන්න....
@Bhagi_S2003


එහෙනම් ලබන අවුරුද්දෙදි හම්බෙමු 🌝

GᵤᵢDₑ ₜₒ ₛᵤCCₑₛₛ 🌙

28 Nov, 15:11


🔔එක එක් කොටස් වල තමන්ට අඩුපාඩු තියෙන හැටියට පහළ links වලින් ගිහින් අවශ්‍ය videos, pdf බලලා අඩුපාඩු හදාගමු.

Physical Chemistry
https://t.me/echemres/10694/10695

Organic
https://t.me/echemres/10694/10701

Inorganic
https://t.me/echemres/10694/10703

Inorganic ගණන්:
https://t.me/echemres/10694/10702

General
https://t.me/echemres/10694/10698

MCQ
https://t.me/echem24GR/1884

Essay
https://t.me/echem24GR/1885

https://t.me/echem24GR


Chemistry | අමිල දසනායක ✔️

GᵤᵢDₑ ₜₒ ₛᵤCCₑₛₛ 🌙

28 Nov, 05:01


මෙන්න ලමයි ඔයාල හොය හොය ඉදපුම එකක් 😌❤️

Thank youu gweeeen 🩷🌝

GᵤᵢDₑ ₜₒ ₛᵤCCₑₛₛ 🌙

27 Nov, 07:59


MCQ එකට ලොකු ගේමක් ගහන්න පුලුවන් මේ ටයිම් එකෙන්.

හම්බෙලා තීන time එකත් එක්ක උපරිම ඵලදායී වැඩ ටික විතරක් කරන්න 🩷

GᵤᵢDₑ ₜₒ ₛᵤCCₑₛₛ 🌙

27 Nov, 07:58


🔴MCQ වලට උදව් ගන්න පුළුවන් විවිධ දේවල් ටිකක් පහළ තියෙනවා. සමහරක් ඒවා videos, සමහරක් ඒවා ළමයි හදපු සටහන්. මේවා සේරම බලන්න යන්න එහෙම එපා. තම තමන්ට අඩුපාඩු තියෙන තැන් හදාගන්න උදව් කරගන්න.

1️⃣ General Chemistry

▪️විවිධ ගුණ විචලන සාරාංශය
https://t.me/echem23MR/1276

▪️ක්වොන්ටම් අංක
https://youtu.be/0_jrppoT4Cc?si=yqmQXYkufT_HSiwg

▪️අයනික ගුණ ප්‍රතිශතය සෙවීමේ ගැටලුවක් විසඳන ආකාරය
https://youtu.be/PFpHyAIIGWE

▪️බන්ධන දිග සන්සන්දනය
https://youtu.be/d___2o-QmA4

▪️පරමාණුක ව්‍යුහය කෙටිසටහන
https://t.me/echemres/10331/10696


2️⃣ Organic Chemistry

🔍 කාබනික සංයෝග නාමකරණය
▪️Theory:
https://youtu.be/MRsV4-Few5E
▪️පසුගිය විභාග ගැටලු සාකච්ඡාව
https://youtu.be/2xXWnSifoSo
▪️අවශ්‍ය නිබන්ධනය: https://t.me/echemmehewara/420

🔍ආම්ලික භාෂ්මික ගුණ MCQ පුහුණුව
https://youtu.be/waSiA85Qnqk
▪️MCQ Point
https://t.me/echemres/10694/10706

🔍භෞතික ගුණ විචලන MCQ පුහුණුව
https://youtu.be/oKYO6yCZuz8

🔍හඳුනාගැනීමේ පරික්ෂා සාරාංශය
▪️Part 01: https://youtu.be/lWQuBNh-nT0
▪️Part 02: http://www.youtube.com/watch?v=zN03ybsfXVM

🔍Past paper MCQ Discussion
▪️Part 01:
https://youtu.be/ZSGuZU-R2S8
▪️Part 02:
http://www.youtube.com/watch?v=fUJvueLX_H0
▪️Part 03:
https://youtu.be/V-amIhtuIb8
▪️Part 04:
https://youtu.be/7KEAs05Rqgw
මුල් කොටස් 04 සදහා අවශ්‍ය නිබන්ධනය:
https://t.me/echem2022GR/1721

▪️Part 05: https://youtu.be/W-6jfFySZ1I
▪️Part 06: https://youtu.be/rpuKQopOPYc
5 හා 6 යන කොටස් සදහා අවශ්‍ය නිබන්ධනය :
https://t.me/echem2022GR/1858

▪️Organic MCQ Points
https://t.me/echemres/10694/10705


3️⃣ Physical Chemistry

🔍 වායු නියම

▪️වායු නියම MCQ සාකච්ඡාව

https://www.youtube.com/live/L07m42p00Gw?si=pA5ncwGP1rXefLLj

▪️MCQ Points
https://t.me/echemres/10694/10707

🔍 ශක්ති විද්‍යාව

▪️ශක්ති විද්‍යාව revise
https://youtube.com/live/RPlXp0GGDIk?feature=share

▪️ශක්ති විද්‍යාව MCQ සාකච්ඡාව

https://youtu.be/SrWgJ3mAAX0

▪️MCQ Points
https://t.me/echemres/10694/10708

🔍 චාලක රසායනය

▪️චාලක රසායනය revise
https://www.youtube.com/live/YFM1KZyltZc?si=-MCfh44fB_r-atGb

▪️චාලක රසායනය MCQ සාකච්ඡාව
https://www.youtube.com/live/tZXY8zRUGGM?si=zjBZW8zJxHS2JdkD

▪️MCQ Points:
https://t.me/echemres/10694/10709

🔍 සමතුලිතතාවය

▪️MCQ පුහුණුව
Part 1: echem.lk හි 2024 One Last Time programe එක යටතේ අධ්‍යනය කල හැකිය.
Part 2: https://www.youtube.com/live/i_qZA2UgbA4?si=2w9m2wMMIhPOsVvh&t=7973

▪️සමතුළිතතාවය ගිබ්ස් ශක්ති ප්‍රස්ථාර සහ kp,kc MCQ සාකච්ඡාව
https://youtu.be/EW1hTRhdppk


4️⃣ Inorganic Chemistry

▪️Voice Notes: https://t.me/echemres/10694/10703

▪️MCQ Points:
https://t.me/echemres/10694/10710


5️⃣ කර්මාන්ත රසායනය

▪️Voice Notes:
https://t.me/echemres/10694/10704

6️⃣ Past Paper Discussions

▪️2020 විවරණය: https://t.me/echem24GR/1863
▪️2021 විවරණය: https://t.me/echem24GR/1864
▪️2022 සාකච්ඡාව: https://youtu.be/i8Jz8JtGXAE

🔍31 සිට 40 දක්වා MCQ පුහුණුව
https://youtu.be/YsIHAJ99Fqk

🔍41 සිට 50 දක්වා MCQ පුහුණුව
https://youtu.be/ErVBcML-aao
🧾 මෙහි සාකච්ඡා කෙරෙන ප්‍රශ්න අංක 31 සිට 50 දක්වා ප්‍රශ්න ඇතුලත් නිබන්ධනය One Last Time tute pack එකෙහි අන්තර්ගත වේ.

🔍MCQ Practice Day
https://youtube.com/live/umj0GNKr84Y?feature=share
🧾 https://t.me/echem24GR/1853


Chemistry | අමිල දසනායක ✔️

GᵤᵢDₑ ₜₒ ₛᵤCCₑₛₛ 🌙

25 Nov, 01:43


May ur all targets and dreams come true 🤍
- Guide to Success -

GᵤᵢDₑ ₜₒ ₛᵤCCₑₛₛ 🌙

16 Nov, 08:44


අන්තිම දවස් ටික Plan එකකට හරියටම කරගන්න📈 මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි හැමෝටම🏆❤️

GᵤᵢDₑ ₜₒ ₛᵤCCₑₛₛ 🌙

16 Nov, 08:42


🔴 අන්තිම සතියේ ප්‍රතිඵලය උපරිම වෙනස් කරමු.

🔴අද රාත්‍රී 9 සිට 10 දක්වා FINAL SPECIAL MEETING LIVE

1) F උනත් C කරන , C නම් B, A කරන වැදගත්ම වැඩ ගැනත්
2) SUBJECT BALANCE කිරීම
3) STRESS HANDLE කරගන්න විදිහ
4) BIO / MATHS ගොඩදාගන්න හැටි ගැනත්
5) මේදවස් වල පොදුවේ තියෙන ප්‍රශ්න ගැනත්
6) විශේෂෙන්ම අන්තිම ටික ඇදගෙන යන්න හොද ගැම්මක් එක්ක

උපරිම ඵලදායී සැලසුම් ගැන කතාකරමු.

සජීවීව JOIN වෙන්න. පැයක වැඩක් මේක.

හරි විදිහට කරගත්තොත් ඉතිරි දවස් ටික පවා උපරිම ඵලදායී කරගන්න පුලුවන්

ඔයාලට තියෙන පොදු ගැටලු මේ FORM එකෙනුත් ඉදිරිපත් කරන්න

Form: https://forms.gle/KpzB9Y96SKPf7LV19

🔴මේවෙලාවේ වැඩේ ගොඩදාගන්න උපරිම TRY කරන යාලුවන්ට වැඩේ මතක් කරන්න.

Telegram : 🔵 t.me/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

GᵤᵢDₑ ₜₒ ₛᵤCCₑₛₛ 🌙

08 Nov, 13:20


Exam එකේ අනිවර්‍ය ලකුනු 20ක් ❤️

Live ම බලමු
🏆

GᵤᵢDₑ ₜₒ ₛᵤCCₑₛₛ 🌙

08 Nov, 13:19


🔴PRACTICAL NIGHT ZOOM 3000+ නිසා YOUTUBE LIVE

https://www.youtube.com/live/MKaxXBgadwo?si=EfuVm6qMxw42MEBc

GᵤᵢDₑ ₜₒ ₛᵤCCₑₛₛ 🌙

07 Nov, 17:36


2024-Olympiad-Sinhala-v4-Nov-4-final

2024 Olympiad Biology Paper ( November)
⚠️

මේක අනීවරෙන්ම පුළුවන්නම් කරන්න ඕනි පේපර් එකක්
මීට කලින් අවුරුදු වල Olympiad paper වල අහපු ප්‍රශ්ණ කෙලින්ම හරි ඉට අදාල සංකල්පය හරි Al biology පේපර් එකට දීලා තියනවා🍃

A කොටසෙන් mcq ප්‍රශ්න 40 ක්
B කොටසෙන් mcq 20 (abcd ප්‍රශ්ණ)


@guide_to_successs
@beyondthebio 🍃

GᵤᵢDₑ ₜₒ ₛᵤCCₑₛₛ 🌙

07 Nov, 17:36


2023-Biology. -Olympiad-Sinhal-Paper ⚠️

@guide_to_successs
@beyondthebio 🍃

GᵤᵢDₑ ₜₒ ₛᵤCCₑₛₛ 🌙

25 Oct, 13:20


මේක හැමෝටම වටින වැඩක් miss කරගන්නෙ නැතුව හැමෝම live ම එන්න ❤️

එක රැයෙන් ලකුනු 20ක්ම 🔥

GᵤᵢDₑ ₜₒ ₛᵤCCₑₛₛ 🌙

25 Oct, 13:19


දැන් වැඩේ පටන්ගන්නවා ළමයි. හැමෝම join වෙමු live එකට.
මේක තමයි night එක🔥

🔴Zoom link: https://zoom.us/j/91491997689?pwd=fecrWXopVpNszqTRyjhIequpZbtLpg.1

🔴Youtube link: https://www.youtube.com/live/9zlGBQdZAKo?si=7avO8E9bx9dkLi3G

🔴Telegram: https://t.me/echem24GR

GᵤᵢDₑ ₜₒ ₛᵤCCₑₛₛ 🌙

08 Oct, 06:27


Physics Practical Number 10

🎖 සරල අවලම්භය භාවිත කර ගුරුත්වජ ත්වරණය සෙවීම

මුලින්ම T= 2Π √ l/g සාමිකරණය ප්‍රස්තාරයක් අදින්න පුලුවන් වෙන්න ව්‍යුත්පන්න කර ගන්න ඕනි. ඒක සිද්ධාන්ත වල දීලා තියෙනවා. ඒක බලාගන්න ☺️


🔅 ස්වායක්ත විචල්‍ය - l
( තන්තුව ගැටගහලා තියන ලක්ශ්‍යයේ ඉදලා බට්ටාගේ ගුරුත්ව කේන්ද්‍රයට තියන දුර)
පරායක්ත විචල්‍ය - T²

🔅 මේකෙදි ලැබෙන්නේ y= mx ආකාරයේ ප්‍රස්තාරයක්. ප්‍රස්තාරයේ අනුක්‍රමනයෙන් ගුරුත්වජ ත්වරණය හොයාගන්න පුලුවන්

📌📌 දැන් බලමු මේ practical එකේ විශේශ කරුණු ටික

🖇 මේකෙදී යොදාගන්න තන්තුවට තියෙන්න ඕනි ලක්ශණ

1) සැහැල්ලු අවිතන්‍ය තන්තුවක් වෙන්න ඕනි.

2) අඹරා නැති තන්තුවක් වෙන්න ඕනි( තංගුස් නූල් වගේ )

අඹරා නැති තන්තුවක් පාවිච්චි කරන්නේ බට්ටා ගැටගැහුවාම භ්‍රමණය වෙන එක වළක්වන්න.


🖇 යොදාගන්න අවලම්බ බට්ටාට තියෙන්න ඕනි ලක්ෂණ

1) ගුරුත්ව කේන්ද්‍රයේ නිශ්චිතවම දන්න වස්තුවක් වෙන්න ඕනි.
🔎 හේතුව අපි l දුර කියලා මනින්නේ තන්තුව ගැටගහලා තියන ලක්ශ්‍යයේ ඉදලා බට්ටාගේ ගුරුත්ව කේන්ද්‍රයට තියන දුර. ඒ නිසා හරියටම ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ කොහෙද කියලා දැනගෙන ඉන්න ඕනි.

2) බට්ටාට බර වැඩි යකඩ වගේ ගෝලයක් පාවිච්චි කරන්න ඕනි.
🔎 හේතුව එතකොට දෝලන පරිමන්දනය නොවී වැඩි කාලයක් පවත්වාගන්න පුලුවන්.

3) බට්ටා කුඩා වෙන්න ඕනි.
🔎 හේතුව මේකෙදි වස්තුව මත උඩුකුරු තෙරපුමක් ඇතිවෙන්න බෑ. මොකද දෝලනයේදී තියෙන්න ඕනි බට්ටගේ බරයි තන්තුවේ ආතතියයි විතරයි. වෙන බල තිබ්බොත් දෝශ වෙන්න පුලුවන්.

4) වාත ප්‍රතිරෝධය අවම වන පරිදි හැඩයක් තියන වස්තුවක් බට්ටාට යොදාගන්න ඕනි.


🖇 දෝලන ගනන් කරන්න පහසු වෙන්න, දෝලන ගානට අනුරූපව විරාම ඔරලෝකුව on/ off කරන්න ඕනි අවස්තාව හදුනගන්න නිවේශන කූරක්
යොදාගන්නවා

🖇 මේ නිවේශණ කූර සවි කරන්නේ අවලම්භයේ ගමන් පෙතේ පහළම පිහිටුමේ.

හෙතුව ඒ පිහිටුමේදී තමා අවලම්භයේ වේගය උපරිම වෙන්නේ.ඒ නිසා ඒ තැන නිවේශණ කූර සවි කලාම කාල මිනුමේ අවිනිශ්චිතතා දෝශය අඩු වෙනවා.
ඒ වගේම දෝලන පරිමන්දනය උනත් හැමවෙලේම පහළම පිහිටුම හරහා ගමන් කරන නිසා දෝලන ගනන් කරන එකේ ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ.

🖇 නිවේශන කූර ඉලක්ක කරගන්න ඕනි අවලම්බ බට්ටාට මදක් ඉහලින් තන්තුව පිටුපසට වෙන්න.

හේතුව එතකොට නිශ්චිතවම අවලම්බ බට්ටා නිවේශන කූර පහු කරන වෙලාව අදුරගන්න පුලුවන්.


🖇 මේකෙදී දෝලන 25 කට ගතවන කාලය මැනලා ඒ ඇසුරින් තමා දෝලන කාලය හොයන්නේ.

ඒකට හේතුව එතකොට කාලය මැනීමේ භාගික දෝෂය අඩු වෙන නිසා ආවර්ත කාලය මැනීමේ භාගික දෝෂයත් අඩු වෙනවා.

🖇 දෝලන 25 කට කාලය තුන් වතාවක් මනින එකෙන් දෝලන කාලයෙහි විශ්වාසනීයත්වය වැඩි කරගන්න පුලුවන්

🖇 මේ practical එකේදි ගුරුත්වජ තිවරණය හොයන්න ප්‍රස්තාරික ක්‍රමයක් අනුගමනය කරනවා. එහෙම කරන්නේ අහඹු දෝශ වල බලපෑම අවම කර ගන්න.


🖇 practical එක කරනකොට අවලම්භය අංශක 10ට වඩා අඩු කෝණ වලින් දෝලනය කරන්න ඕනි.

හේතුව මේ සමීකරණය ව්‍යුත්පන්න කරනකොට අනුගමනය කරපු විශේශ තත්ත්ව පරීක්ශනයේදිත් අනුගමනය කරන්න ඕනි වෙන නිසා.


🖇 දෝලන මනිනකොට දෝශ දෙකක් ඇති වෙන්න පුලුවන්

1) උපකරණයේ නිමානිත දෝශය
මේකට නිරපේක්ශ දෝශය කියලත් කියනවා. මේක නැති කරන්න බෑ කොහොමත්

2) පුද්ගලයාගේ ප්‍රතික්‍රියා දෝශය
මේකට නම් දෝලන ගනන් කරන්න කලින් 3, 2, 0, 1, 2... කියලා දෝලන ගනන් කරන්න පටන් ගන්න එකෙන් අපේ ශරීරය ඒ රටාවට පුරුදු වෙලා දෝශය අවම කරගන්න පුලුවන්


මට හිතෙන විදියට තමා මේ points ටික type කලේ. වැරද්දක් තියේ නම් කියන්න ☺️
තව special points තියේ නම් ඔයාලා මේකට එකතු කරගන්න 🙈🙈

දිනලා විතරක් ඉවර කරමු ❤️

GᵤᵢDₑ ₜₒ ₛᵤCCₑₛₛ 🌙

01 Oct, 18:30


මේ කලින් දාපු practical points ටිකක්. මේ ටිකත් ඕනි කෙනෙක් ඉන්නවනම් බලාගන්න පුලුවන් වෙන්න තමා ආපහු දැම්මේ 😁

ඔයාලට අනිත් practicals වලටත් මෙහෙම points වෙන් කරලා දාන්න ඕනි නම් කියන්න.
මන් පුලුවන් වෙලාවල්වලට type කරලා දාන්නම් ☺️🙈

GᵤᵢDₑ ₜₒ ₛᵤCCₑₛₛ 🌙

01 Oct, 18:27


බර යෙදූ පරීක්ශන නලයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම

මේකේ ප්‍රස්තාරය අදින්න හදාගන්න සමීකරනය හොදට බලාගන්න. ඒක ටිකක් දිගයි.


🧪 මේකට පාවිච්චි කරන නලය මොන වගේ එකක්ද ?

හරස්කඩ වර්ගපලය වැඩි කැකෑරුම් නලයක්
හරස්කඩ වර්ගපලය වැඩි වෙනකොට ගිලෙන උස අඩු වෙනවා. එතකොට වැඩි පාටාංක ප්‍රමානයක් ගන්න පුලුවන්.
ඒ වගේම හරස්කඩ වර්ගපලය වැඩි වෙනකොට උඩුකුරු තෙරපුම වැඩි වෙන නිසා ඝනත්වය අඩු ද්‍රවයක උනත් නලය පාකරන්න පුලුවන් වෙනවා.


🧪 පරීක්ශන නලයේ පතුලට ඊයම් බෝල දාලා අමතර බරක් යොදන්නේ ඇයි ?

ගුරුත්ව කේන්ද්‍රය උත්ප්ලවකතා කේන්ද්‍රයට වඩා පහලට ගෙන ඒමට. එවිට ස්තායි සමතුලිතතාවය පවත්වාගන්න පුලුවන්


🧪 මේකට හරස්කඩ වර්ගපලය ඉතා විශාල නලයක් පාවිච්චි කිරීම සුදුසුද ?

නැහැ.
එහෙම උනොත් එකතු කරන භාරයන්ට අදාලව ගිලෙන උස කුඩා වෙන නිසා සංවේදීතාවය අඩු වෙනවා.



පරීක්ශනය පුරාවටම උශ්නත්වය නියතව තියාගන්න ඕනි. මොකද උශ්නත්වය මත ඝනත්වය වෙනස් වෙන නිසා


භාරයන් එකතු කරනකොට තන්තු භාවිත කරලා සෙමින් එකතු කරන්න ඕනි


උස මැනීමේදී වෙන අසමපාත දෝශය අවම කරන්න මිනුම් සරාවේ ඉහල මට්ටමටම ද්‍රවය පුරවන්න ඕනි


නලයේ භාහිර විශ්කම්භය මනින්නේ වර්නියර් කැලිපරයෙ බාහිර හනු වලින්


කඩදාසි පරිමානය අලවන්නේ ඒ පරිමානයේ 0 ලකුන නලයේ සිලින්ඩරාකාර කොටසේ පහලම මට්ටමින් පටන් ගන්න විදියට. ඒ කියන්නේ ඉටි වල ඉවර වෙන මට්ටමෙන්


මට හිතෙන විදියට තමා ප්‍රශ්න හැදුවේ නිකන් කරුනු විතරක් පස්සෙ දැම්මේ ඒවා අහන විදිය හිතාගන්න බැරි නිසා 🙈

GᵤᵢDₑ ₜₒ ₛᵤCCₑₛₛ 🌙

01 Oct, 18:26


U නලය භාවිතා කර ද්‍රවයක සාපේක්ශ ඝනත්වය සෙවීම


ඇටවුම මතකයිනේ ඒක ඕනි නෑ ඒ නිසා 🌝

සිද්ධාන්තය
නොගලන අකණ්ඩ සමජාතිය තරලයක එකම තිරස් මට්ටමේ පීඩන සමානයි

මේකේන් සමීකරනය ව්‍යුත්පන්න කරලා y=mx ප්‍රස්තාරයක් එන විදියට හදාගන්න

( මන් ඒ ටික දාන්නේ නෑ. ඒ ටික මතකයිනේ. මතක තියාගන්න ඕනි විශේශ කරුනු ටික විතරක් කියන්නම් ☺️ )


01) නලය පිරිසිදු කරන්නේ කොහොමද?

ගොඩක් ප්‍රැක්ටිකල් වලදි නලය පිරිසිදු කරන්න ඕනි වෙනවා. එකම විදියට තමා හැම එකේදිම කරන්නේ.මෙතනින් මේක මතක තියාගමු හැම ප්‍රැක්ටිකල් එකකටම හරියන්න


පිලිවෙලින් තනුක භශ්මයකින් , තනුක අම්ලයකින් , ආස්‍රැත ජලයෙන් සෝදලා වියලි වාත ධාරාවක් නලය තුලින් යවලා නලය වියලා ගැනිම.


02)U නලයේ බාහු සිරස් වෙන්න රදවන්න ඕනි ඇයි?

මේකේදී ගන්නේ ද්‍රවස්තිතික පීඩනයනේ. ද්‍රවස්තිතික පීඩනය ගන්නකොට වැදගත්වෙන්නේ ද්‍රවයේ සිරස් උස. ඒ නිසා පාටාංක විදියට ගන්නේසිරස් උසවල්. ඒහෙම ගන්න නම් නලයේ බාහු සිරස් වෙන්න ඕනි

03) හැම වෙලේම අතුරුමුහුනත නලයේ සිරස් කොටස තුලම තියාගන්න ඕනි ඇයි ?

පාටාංකය විදියට ගන්නේ සිරස් උස. වක්‍ර කොටසේ අතුරු මුහුනත තිබ්බොත් ද්‍රව කදන්වල සිරස් උස හරියටම මනින්න අපහසු වන නිසා හා එහෙම මනිනවිට ලැබෙන මිනුම් දෝශ සහිත විය හැකි නිසා


04) U නලයට මුලින්ම ඝනත්වය වැඩි ද්‍රවය දාන්නේ ඇයි ?

පලවෙනියටම ඝනත්වය අඩු ද්‍රවය දාලා පස්සේ ඝනත්වය වැඩි ද්‍රවය දැන්මොත් ඝනත්වය අඩු ද්‍රවය බාහු දෙකේම ව්‍යාප්ත වෙන්න පුලුවන්. එහෙම කලොත් ප්‍රැක්ටිකල් එක කරන්න බෑනේ. ඒ නිසා තමා මුලින්ම ඝනත්වය වැඩි ද්‍රවය දාන්නේ.


05) ප්‍රස්තාරික ක්‍රමයක් අනුගමනය කරන්නේ ඇයි?

අහඹු දෝශ වල බලපෑම අවම කරන්න.
( ගොඩක් ප්‍රැක්ටිකල් වලදි මෙහෙම ප්‍රස්තාරික ක්‍රමයක් අනුගමනය කරන්නේ ඇයි කියලා අහඹු දෝශ අවම කරගන්න කියලා ලියන්න. ගොඩක් ප්‍රැක්ටිකල් වල ප්‍රස්තාරික ක්‍රමයකට යන්නේ ඒකට තමා. නමුත් සමහර ප්‍රැක්ටිකල් තියෙනවා ප්‍රස්තාරික ක්‍රමේකට යන්නේ සත්‍යාපනය කරන ක්‍රමවේදය ලෙස කියලා. ඒම තියෙන්නෙ තාපය ප්‍රැක්ටිකල් වල චාල්ස් නියමයයි පීඩන නියමයයි සත්‍යාපනය කරන දෙකේ විතරයි මට මතක විදියට නම්. ඒ දෙක හැර වෙන එකක් ඇහුවොත් අහඹු දෝශය අවම කර ගන්න කියලා ලියන්න. )


06) ස්වායක්ත විචල්‍ය ලෙස ගන්නේ කවුද ? එයා තොඉර ගන්න හේතුව මොකක්ද ?

ස්වායක්ත විචල්‍ය විදියට ගන්නේ ඝනත්වය අඩු ද්‍රව කදේ උස
හේතුව - එකබාහුවක විතරයි එයා ව්‍යාප්ත වෙලා තියෙන්නේ එතකොට එයාගේ ද්‍රව මට්ටම වෙනස් කරනකොට අනිත් බාහුවෙත් ද්‍රව මට්ටම ඊට අනුරූපව වෙනස් වෙනවා.
ඝනත්වය වැඩි ද්‍රව කදේ උස ස්වායක්ත විචල්‍ය විදියට අරන් මේක කරන්න බෑ. මොකද එයා බාහු දෙකේම ව්‍යාප්ත වෙලානේ ඉන්නේ. එතකොට ද්‍රවය කොච්චර දැම්මත් බාහු දේම සමසේ බෙදිලා යනවා. අතුරුමුහුනතේ මට්ටමට සාපේක්ශව වෙනසක් වෙන්නේ නෑ.


07) මෙහිදී ඝනත්වය වැඩි ද්‍රවය ලෙස රසදිය පාවිච්චි කරන්න පුලුවන්ද?

බැහැ
රසදිය කියන්නේ ඝනත්වය අධික ද්‍රව්‍යක් නිසා රසදියවල කුඩා උස වෙනසක් ඇති කරන්නත් ඝනත්වය අඩු ද්‍රවය ඉතා විශාල ප්‍රමානයක් අවශ්‍ය වෙනවා. ඒ සදහා බාහුවල දිග ප්‍රමානවත් නොවෙන්න පුලුවන්. ප්‍රස්තාරයක් අදින්නත් බෑ ඒම උනොත්. අනික රසදිය භාවිත කලොත් පරායක්ත විචල්‍ය ගොඩාක් පොඩි වෙනවා. ඒ කියන්නෙ රසදිය ඉහල නගින උස ගොඩක් පොඩි කියන එක. එතකොට මිනුම් ගන්නකොට වෙන භාගික දෝශවල බලපෑම වැඩි වෙනවා.


08) U නලය ලෙස විශාල හස්‍රස්කඩක් ඇති නලයක් තෝරාගැනීම සුදුසුද ?

නැහැ. එවිට පරීක්ශනයට ලොකු ද්‍රව පරිමාවක් අවශ්‍ය වේ


09) U නලය ලෙස සිහින් හරස්කඩක් සහිත නලයක් තෝරාගැනීම සුදුසුද?

නැහැ. එතකොට පෘශ්ටික ආතතියේ බලපෑම වැඩි වෙනවා. අපි මේ ප්‍රැක්ටිකල් එකේදී පෘශ්ටික ආතතිය සලකන්නේ නෑනේ. ( ඒක සලකලා කරන්නත් පුලුවන්. ඒක අපිට නෑනේ )


10) මේ පරීක්ශනය වඩාත් සුදුසු කුමන ආකාරයේ ද්‍රවයන්ටද ?

එකිනෙක සමග මිශ්‍ර නොවන ද්‍රව දෙකකට


11) මේ පරීක්ශනය එකිනෙකට මිශ්‍ර වන ද්‍රව දෙකක සාපේක්ශ ඝනත්ව හොයන්න යොදාගන්න පුලුවන්ද ?
පුලුවන් නම් ඒක කරන්නේ කොහොමද ?

පුලුවන්
රසදිය වගේ ඝනත්වය වැඩි ද්‍රවයක් 3න් වන ද්‍රවය ලෙස යොදාගෙන කරන්න පුලුවන්.
මුලින්ම රසදිය ටික දාලා බාහු දෙකේම රසදිය මට්ටම එකම මට්ටමට ආවට පස්සේ බාහු දෙකට අනෙක් ද්‍රවයන් එකතු කරලා කලින් වගේම ප්‍රැක්ටිකල් එක කරනවා.


Practical එකේ විශේශ කරුනු ටික මතක් කරගන්න පොඩි ප්‍රශ්නයි උත්තරයි එක්කම සටහනක්. ☺️

මේකේ වැරැද්දක් තියේ නම් හරි තව එකතු වෙන්න ඕනි දේවල් තියේ නම් හරි කියන්න 😊

GᵤᵢDₑ ₜₒ ₛᵤCCₑₛₛ 🌙

01 Oct, 18:26


හෙයාර් උපකරණය භාවිත කර ද්‍රවයක සාපේක්ශ ඝනත්වය සෙවීම

මේකෙදී ද්‍රව මට්ටම් වල පීඩන වෙන වෙනම භාහිර වා.ගෝ.පී. ට සමාන කරලායි සම්බන්ධතාව ගන්නේ.



1⃣ හෙයාර් උපකරණයෙ තියෙන විශේශතම වාසිය මොකක්ද ?

එකිනෙකට මිශ්‍ර වන ද්‍රව දෙකක ඝනත්ව සැසදීමට හැකිවීම



2⃣ හෙයාර් උපකරනයේ බාහුවක අභ්‍යන්තර විශ්කම්භය කොපමනද?

0.4cm - 1 cm පමන



3⃣ මෙහිදී ද්‍රව මට්ටම් එකම තිරස් මට්ටමේ තිබීම අනිවාර්‍යද?

නැහැ.
භාජන දෙකේ පීඩන සමාන කරන්නේ වෙන වෙනම වායුගෝලීය පීඩනයට ඒ නිසා ද්‍රව මට්ටම් එකම මට්ටමේ තියෙන්න ඕනි නෑ.



4⃣ මේකේ ද්‍රව කදන් ස්තාපනය කර පවත්වා ගන්නේ කොහොමද ?

රබර් නලයේ ක්ලිප බුරුල් කර චූශනය කර ද්‍රව මට්ටම් ඉහලටම පැමිණි පසු ක්ලිප තද කිරීමෙන්



මේකෙදී ද්‍රව මට්ටමේ පාටාංක ගන්නකොට දර්ශකයක් පාවිච්චි කරනවා.

නලය පිරිසිදු කිරීම කලින් එකේ වගේමය

ප්‍රස්තාරික ක්‍රමයක් අනුගමනය කරන්නේ අහඹු දෝශ වල බලපෑම අවම කරන්න.

ඒ වගේම ද්‍රව දෙක උඩට ඇද්දාම ආය නිකන්ම ද්‍රව මට්ටම් පහල වැටෙනවනම් ඒකට හේතු වෙන්න පුලුවන් ක්ලිප නිසි පරිදි තද නොවී තිබිම හෝ නලය පුපුරලා හෝ සිදුරක් තිබීම.

GᵤᵢDₑ ₜₒ ₛᵤCCₑₛₛ 🌙

01 Oct, 18:26


PRACTICAL NUMBER 05

බල සමාන්තරාස්‍ර නියමය සත්‍යාපනය කිරීම හා එය භාවිතයෙන් දෙන ලද වස්තුවක ස්කන්ධය සෙවීම



අවශ්‍ය උපකරණයි, පරීක්ශණ ඇටවුමයි, කරන විදියයි ඔයාලා දන්නවනේ. ඉතින් ඒ ටික දාන්නේ නැතුව ඉන්නම්. විශේශ කරුණු ටික විතරක් දාන්නම් 🙂


බල සමාන්තරාස්‍ර නියමය

ලක්ශ්‍යක් මත ක්‍රියාකරන බල දෙකක් විශාලත්වයෙන් හා දිශාවෙන් සමාන්තරාස්‍රයක බද්ධ පාද දෙකකින් විශාලත්වයෙන් හා දිශාවෙන් නිරූපනය කල හැකිනම්, එම සමාන්තරාස්‍රයේ බද්ධ පාද හමුවන ලක්ශ්‍ය හරහා ඇදි විකර්ණයේ විශාලත්වයෙන් හා දිශාවෙන් එම බල වල සම්ප්‍රයුක්තය නිරූපණය වේ.



1⃣ මේ පරීක්ශණයේදී යොදාගන්නේ සැහැල්ලු තන්තුද? බර තන්තුද? එහෙම යොදාගන්න හේතුව මොකක්ද?

සැහැල්ලු තන්තු
හේතුව - මේ practical එකේදි තන්තුවේ ආතතිය හැම තැනකම සමාන වෙන්න ඕන. තන්තු සැහැල්ලු නම් තමයි තන්තුවේ හැමතැනකම ආතතිය සමාන වෙන්නේ. බර තන්තු ගත්තොත් ආතතිය තැනින් තැනට වෙනස් වෙනවා.
( ප්‍රායෝගිකව සැහැල්ලු තන්තු හොයාගන්න බෑනේ ඒ නිසා පරීක්ශනයට ගන්න තන්තු අනවශ්‍ය පරිදි දිග වෙන්නේ නැති වෙන විදියට තෝරගන්න ඕන.)



2⃣ තන්තු සදහා ගන්නේ ඇඹරූ කෙදි සහිත තන්තුද?
නැහැ.
ඇඹරූ කෙදි සහිත තන්තු ගත්තොත් තුලා තැටි සම්බන්ධ කලාම භ්‍රමණය වෙන නිසා පද්ධතිය සමතුලිත කර ගන්න අපහසු වෙනවා.
ඒ නිසා මේ පරීක්ශනයට අඹරා නැති නූල් ( තංගුස් නූල්) තමා යොදාගන්නේ.



3⃣ කප්පි වල ස්වභාවය මොන වගේද? ඒ වගේ කප්පි භාවිත කරන්න හේතුව කුමක්ද?
සුමට කප්පි
හේතුව - කප්පිය දෙපස ආතති සමාන වෙන්න ඕනි නිසා.




4⃣ කප්පි සුමටයි කියලා තහවුරු කර ගන්නේ කොහොමද?

බල සමාන්තරාස්‍ර උපකරණය නියමිත පරිදි අටවාගෙන පද්ධතිය නිශ්චල වුනාට පස්සේ මැද තිබෙන තුලා තැටිය චුට්ටක් පහළට ඇදලා අත්හැරීම.ඒම කලාම ආපහු මුල් තිබ්බ පිහිටුමටම ඇවිත් නිශ්චලව සමතුලිත වෙනවා නම් කප්පි සුමටයි.

මෙහෙම මුල් තැනටම එන්නේ නැත්නම් කප්පි රලුයි.ඒම වුනොත් කප්පි වල භ්‍රමන අක්ශයට ලිහිසි තෙල් දානවා.



5⃣ බල සමාන්තරාස්‍ර උපකරණයේ කප්පි සවි කරන විට සැලකිලිමත් විය යුතු දේවල් මොනවාද?

කප්පි තියන තලය අදින පුවරුවට සමාන්තරව තියෙන්න ඕනි.
එහෙම නැති උනෝතින් කප්පි මත අනවශ්‍ය තෙරපුම් බල ඇති වෙලා කප්පිවල භ්‍රමණය වීම සුමට නොවෙන්න පුලුවන්.

කප්පි දෙකම එකම තිරස් රේකාවක පැවතීම අත්‍යාවශ්‍ය නෑ.

තුලා තැටි අදින පුවරුව මත ස්පර්ශ නොවන පරිදි කප්පි හා අදින පුවරුව අතර සුදුසු පරතරයක් තියෙන්න විදියට කප්පි සවි කර ගන්න ඕන.



6⃣ පරීක්ශනය කරනකොට තන්තුවල පිහිටුම් ලකුනු කරන්න ආලෝක ප්‍රභවයක් භාවිත කරන එක සුදුසුද? එයට හේතුව කුමක්ද?

සුදුසු නෑ.
හේතුව - ආලොක ප්‍රභවයේ සුලු වෙනසක් වුනත් තන්තු වල පිහිටුම් වැරදෙන්න පුලුවන්.
ඒ වගේම ආලෝක ප්‍රභවය පිහිටන ආකාරය අනුව තන්තු අතර කෝණ නිවරදිව සටහන් කර ගනා බැරි වෙනවා. ඒ නිසා ආලෝක ප්‍රභවයක් භාවිත කරන එක සුදුසු නෑ.



7⃣ පරීක්ශනයේදී තන්තුවල පිහිටීම සලකුනු කර ගන්නේ කෙසේද?

තන්තුවට යටින් තල දර්පණ කැබැල්ලක් තබා තන්තුවයි තල දර්පණ කැබැල්ල තුලින් පේන තන්තුවේ ප්‍රතිබිම්භයත් එකමත එක පිහිටන විදියට තල දර්පණ කැබැල්ලේ දෙකෙලවර තන්තුවේ පිහිටීම සලකුනු කර ගැනීම.

එහෙමත් නැත්තම් විහිත චතුරස්‍රයක් පාවිච්චි කරලත් තන්තුවල පිහිටුම් සලකුනු කර ගන්න පුලුවන්



8⃣ මේ පරීක්ශනයෙන් බල සමාන්තරාස්‍ර නියමය සත්‍යයි කියලා ඔප්පු කරන්නේ කෝමද?

දන්නා භාරයන් තුලා තැටිවලට දාලා සමතුලිත වෙන්න ඇරලා තන්තුවල පිහිටුම් සුදු කඩදාසියේ සලකුනු කරගෙන බර අනුව සුදුසු පරිමානයක් තෝරගෙන බරට අනුරූපව තන්තුවල පිහිටුම් ලකුනු කරපු රේඛා ඡේදනය වෙන තෙක් දික් කරලා සමාන්තරාස්‍රය සම්පූර්න කර ගන්නවා.
ඊට පස්සේ අපි මුලින්ම සලකුනු කරගත්තු පාද දෙක හරහා යන විකර්ණය ඇදගෙන ඒ විකර්ණයේ දිග මැන ගන්නවා
පස්සේ ඒ දිගට අනුරූප බර බලනවා.
ඒ බර අපි මැද තියෙන බාරයට දාපු බරට සමානයිද, විකර්ණය සිරස්දැයි බලනවා.

මෙහෙම ඒ විකර්නයේ දිගට අනුරූපව ලැබෙන බර මැද තුලා තැටියේ තිබෙන භාරයේ බරට සමානයි නම් හා විකර්ණය සිරස්නම් බල සමාන්තරාස්‍ර නියමය සත්‍යයි කියලා තහවුරු වෙනවා.



9⃣ පරීක්ශනය අවසානයේදී අදින විකර්ණය සිරස් නොවීමට හේතු මොනවද?

කප්පි සුමට නොවීම.
තන්තු සැහැල්ලු හා අවිතන්‍ය නොවීම.
තුලා තැටි අදින පුවරුව සමග ස්පර්ශ වීම.
තුලා තැටිවලටත යම් බරක් තිබීම හා ඒ බර අදාල භාරයන්ට එකතු නොකිරීම.
තන්තු වල පිහිටුම් නිවරදිව සලකුනු නොකිරීම.
කප්පි ඒකතල නොවීම.


🔅තුලා තැටිවලටත් බරක් තිබේ නම් ඒවායේ බරත් අදාල භාරයන්ට එකතු කරන්න ඕනි.

නැත්නම් තුලා තැටි දාන්නේ නැතුව කෙලින්ම භාරයන් තන්තුවලට ගැට ගහන්නත් පුලුවන්.


🔅මේ පරීක්ශය යොදාගෙන ඝනවල හා ද්‍රව වල සාපේක්ශ ඝනත්වය හොයන්නත් පුලුවන්.


මට හිතෙන විදියට තමා ප්‍රශ්න ටික හැදුවේ. Practical එක කරන විදිය ඒම දැම්මේ නෑ. ඒ ටික මතකයිනේ.
තව special points තියේ නම් ඔයාලා මේකට එකතු කර ගන්න 🙈🙈

GᵤᵢDₑ ₜₒ ₛᵤCCₑₛₛ 🌙

01 Oct, 18:18


F2A plan එකේ mcq වලට ගිය අවුරුද්දේ ලියපු විවරණ වගයක් මේ channel එකේම තියෙනවා. අවශ්‍ය අය ඉන්නවනම් ඒවා බලන්න.
#phyF2A මේ tag එකෙන් ගියාම ඒ ටික ගන්න පුලුවන්. මන් ඒ දාපු ඔක්කෝටම වගේ මේ tag එක add කලා.(මගහැරුන ඒවා තියේද දන්නේ නෑ හැබැයි 🙈 )
අවශ්‍ය අය ඉන්නවනම් ඒවත් බලන්න.

තව mcq points එහෙම දාපුවත් තියෙනවා. ඒවා #phymcqpoints මේ tag එකෙන් ගන්න පුලුවන්.

#phymcq මේකෙන් ගියාමත් තව mcq විවරණ ටිකක් තියෙනවා.

මේ ඔක්කොම 23 revision එක කාලේ දාපුවා. මේ අවුරුද්දේ ඒවා නම් නෙවේ 🌝 ඔයාලට ඕනි නම් බලන්න තමා මේ ටික ආපහු දැම්මේ ☺️

GᵤᵢDₑ ₜₒ ₛᵤCCₑₛₛ 🌙

01 Oct, 18:09


🔴 පොදු රටාව මාතෘකා

GᵤᵢDₑ ₜₒ ₛᵤCCₑₛₛ 🌙

01 Oct, 14:40


මේ පාර exam කරන හැමෝම meeting එකට join වෙන්න. ඔයාලට ගොඩක් වටින meeting එකක් මේක 😌🔥

GᵤᵢDₑ ₜₒ ₛᵤCCₑₛₛ 🌙

01 Oct, 14:39


🔴 RAPID / MAIN Revision සහ 2024 Theory සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න.


අවසන් තුරුම්පුව | SPECIAL MEETING


🟡
https://us06web.zoom.us/j/84715711282?pwd=byJhfAS7Eny41JWI1bYJmfjXn8HUJJ.1

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

01/10/2024

GᵤᵢDₑ ₜₒ ₛᵤCCₑₛₛ 🌙

01 Oct, 14:39


🔴 අද අවසන් තුරුම්පුව

විභාගයට තව සති 8යි

🟡ඉතිරි කාලය නිවැරදිව කළමනාකරණය කිරීම

🟡ඕනෑම විෂයක් පොදු රටාව හදුනා ගැනීම | හැමදාම එන මාතෘකා

🟡ප්‍රශ්න පත්‍ර වලට සුදානම් වීමේ විශේෂ ක්‍රම

🟡 ප්‍රශ්න පත්‍ර  ලිවීමේදී අනුගමනය කල යුතු විශේෂ tricks -

🔴2024 A/L අනුමාන මාතෘකා දැනුම්දීම ‼️

🟡F->C |  S ->B | C->A | A,B ->Ranks සදහා  විශේෂ සැලැස්මවල් සමග

🔴 අද ඔක්තෝබර් 1 අගහරුවදා
රාත්‍රී 8 සිට 9 දක්වා

ලංකාවටම online ඔස්සේ  Youtube Live 💎

සියලු 2024 උසස්පෙළ දරුවන් සහභාගී වන්න  මිතුරන්ද දැනුවත් කරන්න

දිනලා විතරක් ඉවර කරන්න

💥💥💥💥💥💥💥💥

🔥🔥🔥🔥🔥🔥🔥