ඕනම් කියන්නෙ කේරලයේ ඉහළින්ම සමරන උත්සවය මෙන්ම දිගු නිවාඩුවක් එක්ක එන උත්සව කාලසීමාව නිසා ප්‍රේක්ශකයන් වැඩියෙන්ම සිනමාශාලා වෙත ඇඳෙන වැඩිම ආදායමක් ජනනය කෙරෙන සමයක් වනවා.
ශේන් නිගම් , ඇන්ටනී වර්ගීස් සමඟින් නීර්ජ් මාධව් රංගනයේ යෙදුන Action, Entertainer ශානරයට අයත් RDX චිත්‍රපටියත් ඕනම් කාලසීමාවේ තිරගතකරන බව නිවේදනය කරලා තිබුනා.
කාලයක පටන් හොඳට නටන්න පුලුවන් , හොඳට ක්‍රියාදාම ජවනිකා රඟදක්වන්න පුලුවන් ඇක්ශන් මසාලා චිත්‍රපටයක බර කරටගතහැකි නවක තරුවකගේ නැගී ඒමක් මලයාලම් ප්‍රේක්ශකයන් අපේක්ශා කරා.