أحدث المنشورات من Film Story (@filmstorys) على Telegram

منشورات Film Story على Telegram

Film Story
Buy Ads - https://telega.io/c/Filmstory2
19,074 مشترك
131 صورة
1 فيديو
آخر تحديث 08.03.2025 06:02

أحدث المحتوى الذي تم مشاركته بواسطة Film Story على Telegram

Film Story

07 Mar, 11:21

704

Fateh 2025
ඉතින් මේ ෆිල්ම් එක ගැන මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.. ඔයාලා ගොඩක් අය බලාගෙන ඉදපු ෆිල්ම් එකක් වෙන්න ඇති.. සෝනු සූද් වගේම ජැක්ලින් ප්‍රධාන චරිත වලින් රංගනයෙන් දායක වෙන මේ ෆිල්ම් එක ඇක්ෂන් කැටගරි එකට තමයි අයිති වෙන්නෙ..
ඉතින් කතාව ගැන කෙටියෙන් කියනවනම් සයිබර් මාෆියාවක් ගැන තමයි ෆිල්ම් එකේ ඇතුලත් වෙලා තියෙන්නෙ.. ඒ වගේම ඔයාලට හොද ඇක්ෂන් ටිකකුත් මේ ෆිල්ම් එකෙන් බලාගන්න ලැබෙයි
Film Story

07 Mar, 11:13

647

Sky Force 2025
ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් 1965 පාකිස්තානය වගේම ඉන්දියාව අතරෙ සිද්ද වුණ යුද්ධයේදි පාකිස්තානයට එරෙහිව ඉන්දියාව විසින් කල පළවෙනි ගුවන් ප්‍රහාරය එහෙමත් නැත්නම් සර්ගෝධා ඇටෑක් එක ගැන තමයි ෆිල්ම් එකේ ඇතුලත් වෙන්නෙ..
Film Story

07 Mar, 05:27

849

Vidaamuyarchi 2025
අර්ජුන් සහ කායල් කියන්නෙ අතීතයෙ දෙදෙනාගේ සිදු වූ සිත් තැවුල් නිසා එතරම් සතුටින් ඉන්න ජෝඩුවක් නෙවෙයි. විවාහ වෙලා අවුරුදු කිහිපයක් යද්දි කායල් ගර්භනී වෙනවා. නමුත් අවසානවකට දරුවා නැති වෙනවා. මේ හේතුව නිසාත්, අර්ජුන්ගේ කාර්යබහුල ජීවිකාව නිසා කායල් සිත් තැවුලෙන් ඉන්නේ. අර්ජුන්ට කායල් ගැන අවධානය දෙන්න වත් වෙලාවක් නැතිවෙනවා.
අකමැත්තෙන් වුණත් අර්ජුන් දික්කසාදය දෙන්න එකඟ වෙනවා. දික්කසාද ක්‍රියාපිළිවෙත් වෙනකම් කායල් අම්මලගේ ගෙදර යන්න ලෑස්ති වෙනවා. ඉතින් අර්ජුන් කියනවා මමම ඇරලවන්නම් කියලා. ඔහොම දිගුවක් ඔස්සෙ යද්දි තමයි අර්ජුන්ගෙ වාහනෙ කැඩෙන්නෙ. සිග්නල් ටිකක් වත් නැති පළාතක්. ඔහොම පාරේ ඉන්නකොට ට්‍රක් එකක් එනවා. එයාලත් ජෝඩුවක්. රක්ෂිත් සහ දීපිකා. රක්ෂිත් කියනවා කැෆේ එකක් තියෙ බජාර් කියලා එතනින් දාන්නම්. එතන ස්ථාවර දුරකථනයක් තියෙනවා. ඒකෙන් ඇදගෙන යන ට්‍රක් එකක් ගෙන්නගන්න කියනවා.
Film Story

07 Mar, 04:47

906

Sankranthiki Vasthunam 2025
ලෝකේ ප්‍රමුඛ සමාගමක ප්‍රධාන විදායක නිලධාරියෙක් වන ආකෙල්ලා මහත්තය ඉන්දියාවට එනවා.. මෙයා මුලින්ම හම්බෙන්නේ ප්‍රාන්තේ මහා ඇමතිතුමාව.. මේ වෙලාවේ එක්තරා කල්ලියක් විසින් ආකෙල්ලව පැහැරගන්නවා.. ඒ කල්ලියේ ඉල්ලීම තමයි හිරගෙදර ඉන්න එයාලගෙ සහෝදරයව නිදහස් කරන්න කියන එක.. ආකෙල්ලා මහත්තයාගේ ආරක්ෂාව භාරව හිටියේ මීනාක්ෂි කියන පොලිස් නිලධාරිනිය.. දැන් මේ ආකෙල්ලව බේරා ගැනීමේ මෙහෙයුමට මහ ඇමතිට ඕන කරනවා පොලිසියේ හොද වැඩ කාරයෙක්.. එක්කෙනෙක් ඉන්නවා.. හැබැයි පොරගේ වැඩ තහනම් වෙලා.. මෑන් කවුරු කතා කරත් මේ වැඩේට නම් එන්නෑ..
ඒත් මීනාක්ෂි කතා කරොත් නම් එයි.. මොකද මීනාක්ෂි තමයි පොරගේ EX Girlfriend..
Breakup වෙනකොට මෑන් මීනාක්ෂිට පොරොන්දු වෙන්නෙ එයාගේ ජිවිතේ ආයෙ කිසිම කෙල්ලෙක්ට ඉඩ නෑ කියලා.. හැබැයි මෑන් කසාද බැදලා.. ඒ මදිවට අවුරුදු 6ට පොරට ළමයි 4 දෙනෙක්…
ඉතුරු විස්තරේ ඔයාලම බලන්නකෝ..
Film Story

07 Mar, 02:32

963

Rekhachithram 2025
අපි හැමදෙනාම මනුස්සයොනෙ මනුස්සයෙක් අපරාධයක් කලොත් ලැබෙන දායාදයක් නැතිනම් තමන්ටම ලැබෙන ස්වයං දඬුවම තමයි තමන්ට හෘද සාක්ෂියට එකඟව ජීවත් වෙන්න බැරි වෙන එක කොච්චර උත්සාහ කලත් තමන් කරපු වරද තමන් පස්සෙන් එද්දි දැනෙන වේදනාව සමහරවෙලාවට තමන්ගෙ ජීවිතෙ කනපිට හරවනවා නැත්තම් මරණයෙන් කෙලවර වෙනවා.
° හතලිස් වසරකට පෙරගිය…
° පොලොවට යට කල ළබැඳිය…
° කවුරුන්දෝ ළබැඳිය ??
° ඇටසැකිල්ලේ හිමිකාරිය….??
Film Story

22 Feb, 08:43

3,800

දැඩි ආගමානුකූලව ජීවත් වන මුස්ලිම් සමාජ පිරිසක් , තමන්ගේ ජීවන රටාව පිළිබිඹු වන ආකාරයේ චිත්‍රපටයක් නිර්මාණය කීරිමට දරන උත්සාහය සහා සමාජයේ මුස්ලිම් භක්තික පිරිස ගැන කතාබහක් ඇති කරන්න හදන උත්සහයක් කොහොම නමුත් නොයෙක් නොයෙක් බාධාවන් ඔස්සේ මේ චිත්‍රපටියේ රූපගතකිරිම් ඇරබෙනවා රසමුසු සිද්ධින් ගොඩාක් තියනවා චිත්‍රපටය පුරාවටම ආරාධනා කරනවා නරඹන්න කියලා
Film Story

22 Feb, 08:40

3,308

Engeyum Eppodhum 2011
(ජෙයම්) කිය්නනේ සල්ලිකාර බිස්නස් මෑන් කෙනෙක්. මෙයා නිවාඩුවක් ලැබුණ ගමන් පැරිස් වලට ඇවිත් කෙල්ලොත් එක්ක උපරිම ලෙස විනෝද වෙනවා. නමුත් මොහු ආදරය කරන්න කැමති නැහැ. කවුරුහරි කෙල්ලෙක් ආදරය කළොත් එයා එතනින් මාරු වෙනවා. එතකොට කයල් (හංසිකා) කියන්නේ පෞද්ගලික පරීක්ෂක වරයෙක් වන “රාජශේකර්” නැමති පුද්ගලයාගේ දියණියයි. රාජශේකර් ළඟට පුද්ගලයෙක් එනවා තමාගේ පෙම්වතිය මේ “කමල්” කියන පුද්ලගයා එක්ක රවුම් ගහනවාද කියලා දැනගන්න. පස්සේ එය සත්‍යයක් වන අතර, මොහු යනවා තමාගේ පෙම්වතිය හා කමල් හමුවෙන්න ලෑස්තිවෙලා ඉන්න හෝටල් කාමරයට එය තහවුරු කරගන්න. මේ අතර කයල් කමල්ව බේරගන්න ඒ හෝටල් කාමරයට යනවා. පස්සේ ඉතින් මොකද වුණේ ? අර සිද්ධිය මාට්ටු වුනාද ? කයල් විසින් කමල්ව බේර ගත්තාද ? ඊට පස්සේ මේ දෙන්නා අතර මොනවා සිද්ධ වෙයිද ? ඒ ටික ඉතින් ඔයාලම බලන්නකෝ.
Film Story

22 Feb, 08:27

3,057

කතාව පටන් ගන්නේ මිනීමැරුම සිද්ධ වුන තැනින්ම තමයි. ඒ කියන්නේ පොලිස් පරීක්ෂණ පටන් ගන්න තැනින්. කාර්තික් කියන්නේ චිත්‍රපට කතා ලේඛකයෙක්, වානි කියන්නේ, නිලියක්. ඉතින් මේ දෙන්නගේ යාළුකම සම්බන්ධයකට හැරිලා විවාහ ගිවිස ගන්න තැනට දක්වාම එනවා. හැබැයි ඉතිං වානිගේ චරිතය නම් එච්චර හොද එකක් නෙවෙයි. එයාට අහුවුන කෙනත් එක්ක සම්බන්ධකම් පවත්වන කෙනෙක්. හැබැයි මේ ගැන කිසිම දෙයක් කාර්තික් දැනගෙන හිටියේ නෑ. මේ ගැන කාර්තික්ට දැනගන්න ලැබෙන්නේ, විවාහ ගිවිස අරන් ඉවර වෙලා සාදය අතරමැදදී සිද්ධ වුන රණ්ඩුවකින්. ඉතින් ඊට පස්සේ, කාර්තික්ට වානි ගැන තිබුණ හැම විශ්වාසයක්ම නැති වෙලා යන්න වැඩි වෙලාවක් නම් ගත වෙන්නේ නෑ. ඒ අතරම කතාව වෙන පැත්තකටත් හැරෙනවා. ඒ තමයි කාර්තික් කලින් පෙම් සබඳතාව පවත්වපු, වාසුකී පැත්තට. කාර්තික් වාසුකිත් එක්ක සිද්ධ වුන රණ්ඩුවක් නිසා, එයාව අතාරින්න තීරණය කරනවා. ඒත් දැන් කාර්තික් එයාව දාලා ඇවිල්ලා අවුරුදු 12ක් විතර වෙනවා. මේ අතරතුරේ වාසුකිගේ සැමියත් එක්කත් වානිට සම්බන්ධකමක් තිබුණා. එතකොට මිනීමැරුම කරන්නේ කවුද? කතාවේ අතරමැද මැරෙන්නේ කවුද? වාසුකීගේ සැමියත් එක්ක වානිගේ සම්බන්ධය ගොඩනැගෙන්නේ කොහොමද?
Film Story

22 Feb, 05:38

2,628

Aneethi 2023
(අර්ජුන්) කියන්නේ ෆුඩ් ඩිලිවරි බෝයි කෙනෙක්.. මෙයාට මානසික අසනීපයක් තියෙනවා.. ඒක තමයි දකින දකින හැමෝමව.. ඒවගේම එයාට හිරිහැර කරන හැමෝමව මරන්න හිතෙනවා.. ඒවගේම මෙයා එයාලව හිතින් මරනවා ඉතින් මෙයා මේකට බෙහෙත් ගන්න ගමන් තමයි ඉන්නේ.. ඔන්න එතකොට ගෙදරකට කෑම ඩිලිවරි කරන්න ගිහින් එතනින් මෙයාට කෙල්ලෙකුත් සෙට් වෙනවා.. පස්සේ බැලින්නම් ඒ කෙල්ල ඒ ගෙදර වැඩකාරී..එයාගෙ නම සුබ්බු.. මේ දෙන්නගේ ලව් එකත් ඔහොම යද්දී… ඒ ගෙදර අයිතිකාර ගෑනු කෙනා ගොඩක් වයසක ගෑනු කෙනෙක්.. නිතරම වගේ සුබ්බුට හිරිහැර කරදර කරනවා.. ඒ ගෑනු කෙනාගේ ළමයි පිටරට ජීවත් වෙන්නෙ.. ඔන්න ඔහොම යද්දී හදිස්සියේම මේ ගෑනු කෙනා මැරෙනවා… තිරූගෙ මානසික ප්‍රශ්නේ නිසාත්, ඒ ගෑනු කෙනාගේ හදිස්සි මරණය නිසාත් සුබ්බු පවා හිතන්නේ තිරූ තමයි මේ මිනීමැරුම කලේ කියලා… ඔන්න ඔතනින් තමයි තිරූට වදින්න ගිය දේවාලේ ඔලුවට කඩන් වැටෙන්නේ
Film Story

22 Feb, 04:19

2,704

Identity 2025
අනන්‍යතාව කියන්නෙ ඕනෙම කෙනෙකුට වැදගත් දෙයක්. කෙනෙක් හඳුන ගන්න මිනිහෙක්ගෙ තියෙන ප්‍රධානම අවයවය තමයි මුහුණ. මිනිහෙක්ගෙ මුහුණක තියෙන ඒ පුද්ගලයාට ආවේණික ලක්ෂණයක් හෝ ලක්ෂණ කිහිපයකින් තමයි ඔහු වෙනත් කෙනෙක් ගෙන් වෙන් කර හඳුන ගන්නෙ. ඒ නිසා අපරාධ ක්ෂේත්‍රයන්හිදි මුහුණ ඉතා වැදගත් වෙනවා. කෙනෙක්ගෙ හඳුනා ගැනීම උඩ තමයි ඕනෙම සිද්ධියක් රඳා පවතින්නෙ. ඉස්සර ඉඳල මේ හඳුනා ගැනීම සඳහා මතකය ඇසුරින් දළ සටහන් ඇඳල අවශ්‍ය පුද්ගලයා මතු කර ගන්න ක්‍රම භාවිතා කරනවා. අද නම් ඒ සඳහා නවීන තාක්ෂනය යොදා ගන්න පුළුවන්. ඒත් යම් සිද්ධියක් නිසා කෙනෙකුට මුහුණු මතකයේ රඳවා ගැනීමට අපහසු මානසික තත්වයක් ආවොත්?. මේ කතාවත් ඊට සම්බන්ධයි. ඒ වගේම කෙනෙකුගෙ නම කියන දේ මත අනන්‍යතාව රැඳෙන්නේ කොහොමද?
මේ ටිකත් එක්ක ලස්සන කතාවක් ගලා ගෙන යනවා. සොහොයුරෙක් සහ සොහොයුරියන් දෙදෙනෙකු මුහුණ දෙන අත් දැකීමක් සම්බන්ධයෙන්.