Film Story

@filmstorys


Buy Ads - https://telega.io/c/Filmstory2

Film Story

21 Jan, 00:26


Love, Sitara 2024
ෆිල්ම් එකේ ස්ටෝරි එක ගැන කියනවනම් පන්ජාබ් චෙෆ් කෙනෙක් සහ මලයාලී කෙල්ලෙක් අතරෙ ඇතිවෙන ආදර කතාවක් ගැන තමයි තියෙන්නෙ..
මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

Film Story

21 Jan, 00:26


Ghost 2019
කතාව පටන් ගන්නේ බර්කා ඛන්නා කියන කාන්තාවක් තම කාමරයේ දී පළි ගැනීමේ අරමුණෙන් අවතාරයකින් ම රා දැමූ බව කියමින් . පසුව බ්‍රිතාන්‍යයේ දේශපාලන චරිතයක් වන ඇගේ සැමියා වන කරන් ඛන්නාත් මේක දකිනවා. ඊට පස්සේ ඔහුගේ බිරිඳ ඝාතනය කළා කියලා ලන්ඩන් පොලිසිය ඔහුව අත්අඩංගුවට ගන්නවා. මේ අතර, මානසික ආතතිය හා සම්බන්ධ ගැටළු වලින් පෙලෙන නීතීඳවරියක් වන සිම්රන්ගෙ පියා මෑතකදී අභාවප්‍රාප්ත වූ අතර ඇගේ පෙම්වතා ද ඇය එක්ක තරහා වෙනවා එතනින් එහාට මොකද වෙන්නේ? මේ කතාව බලලාම දැනගන්න

Film Story

21 Jan, 00:26


Dhadak 2018
හදගැස්ම.. ඒ තමයි මේ අරන් එන චිත්‍රපටයේ නමේ සිංහල අරුත. තවත් එක ආදර කතාවක්ද කියලා හිතෙයි. ඒත් මම සහතික වෙන්නම්. මේක නිකන්ම නිකන් ආදර කතාවක් නෙවෙයි. අතීතයෙත්, වර්තමානයේත් සමහර විට තවත් අවුරුදු ගණනාවක් අනාගතය වෙනතෙක් භාරතයේ ආදරවන්තයන්ට ගැහැණුන්ට, පිරිමින්ට.. දරුවන්ට අත්විඳින්නට වෙන යථාර්තයක් තමයි මේ චිත්‍රපටයෙන් කියාපාන්නේ. වැඩි දෙයක් කියන්නේ නැහැ.. ඇත්තටම නරඹන්න.. බොලඳ ආදර කතාවකට එහා ගියපු දෙයක් චිත්‍රපටය අවසානයේදී ඔබට අත්විඳින්නට ලැබේවි.

Film Story

21 Jan, 00:26


Adios Amigo 2024
අඩියෝස් අමීගෝ කියන්නෙ ස්පාඤ්ඤ බසින් මිතුරෙකුගෙන් කරන සමු ගැනීමක්. එකිනෙකාට හාත් පසින් වෙනස් පුද්ගලයො දෙන්නෙක් හදිසියේ එකට මුණ ගැසෙනවා. ඔවුන් එකට කරන චාරිකාවක අත්දැකීම් මේ කතාවට පාදක වෙනවා.ප්‍රධාන නළුවන් දෙපලගේ රැඟපෑම ඉතා ඉහළින් තිබෙන මේ කතාවේ අහසයි පොළවයි වගේ ඉන්න පුද්ගලයින් දෙදෙනා අතර සම්බන්ධය අපූරුවට ගලපලා තියෙනවා. හදිසියේ හමු වෙන ඔවුන් හදිසියේ සමු ගනීද?

Film Story

21 Jan, 00:26


Saripodhaa Sanivaaram 2024
සුර්යා (නානි) කියන්නේ පොඩි කාලේ ඉදන් ගොඩක් තරහා ගන්න කෙනෙක්.. සුර්යාගේ අම්මාට තියෙන අසනිප තත්වයක් නිසා එයාට වැඩිකල් ජිවත් වෙන්න බැහැ කියලා දැනගන්නවා. නමුත් ඇයට මේ සුර්යාගේ ඉක්මන් කෙන්තිය ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඇය විසින් සුර්යාට පොඩි නිතියක් දානවා.. සුර්යාට සතියේ එක දවසක් විතරක් තමන්ගේ කෙන්තිය පිටකරන්න පුලුවන් වෙන්න පොරොන්දුවක්…ඒ තමයි සෙනසුරාදා දවස.. අම්මා වියෝඋනාට පස්සෙත් සුර්යා මේ අම්මාගේ පොරොන්දුව ඒ විදියටම ඉටු කරනවා. අනික් දවස් වල සුර්යාට මොන දේ කවුරු කලාත් කරබාගෙන ඉන්න ඔහු හැබැයි සෙනසුරාදා වෙද්දි මේ හැම කෙනෙක්ටම හොද පාඩමක් උගන්වනවා.. මේ පලාතේම ඉන්න එපාම කරපු පොලිසියේ කෙනෙක් තමයි එස් අයි දායා කියන්නේ.. දායා මහා හිතක් පපුවක් නැති කෙනෙක්. සුර්යා කොහොමද මේ දායා එක්ක පැටලෙන්නේ? සෙනසුරාදා විතරක් කෙන්ති ගන්න එක ඇත්තටම ප්‍රායෝගිකව කරන්න පුලුවන්ද?

Film Story

21 Jan, 00:26


Takkar 2023
ගුණසේකර් එහෙමත් නැත්නම් ගුන්ස් කියන්නේ සල්ලිකාරයෙක් වෙන්න හීන දකින කොල්ලෙක්. අපේ කොල්ලො වගේ තමයි ඉතින්. ඉතින් එයා රස්සාවක් හොයාගෙන ගොඩක් තැන් වලට යනවා, විවිධ රස්සාවල් කරනවා. හැබැයි මෙයාට පොඩි අවුලක් තියෙනවා , පොඩ්ඩක් ඇත්නම් තරහ යන එක. ඉතින් ඒක නිසා වැඩි කාලෙකට එකම තැනක රස්සාවක් කරන්න එයාට බැරි වෙනවා. අන්තිමට එයාට ලැබෙන්නේ ටැක්සි රස්සාවක්. එතනින් තමයි එයාගේ ජිවිතේ වෙනස් වෙන්නේ...
හා ඔය ඇති කතාවේ ඉතිරු ටික ඔයාලම බලන්නකෝ...

Film Story

21 Jan, 00:25


Conjuring Kannappan 2023
කනප්පන් කියන්නෙ අවුරුදු 30ක තරුනයෙක් .එයා ජීවත් වෙන්නේ අම්මයි,තාත්තයි, මාමයි එක්ක. කනප්පන් game creator කෙනෙක්.හැබැයි තාමත එයාට රස්සාවක් නම් නෑ. එයා කරන්නේ හැමදාම උදේ ඉදන් රෑ වෙනකන්ම රැකියා සම්මුඛ පරීක්ෂකන වලට යන එක .දවසක් මෙයා සම්මුඛ පරීක්ෂනයකට යන්න ලෑස්ති වෙනකොට ගෙදරට වතුර එන්නේ නෑ . සම්මුඛ පරීක්ෂක්ශනේට යන්න ඕන නිසා එයා ගෙදර වහලා තිබ්බ ලිද ඇරලා මූන සෝදගන්නවා.මේ ලිද ගොඩ කාලයක් තිස්සේ වහලා තිබිලා තියෙන්නේ. මේක ඇරියම කනප්පන්ට පරණ dream catcher (බිත්ති සැරසිල්ලක්) හම්බවෙනවා. මේක ගත්ත කනප්පන් ඒක එල්ලලා තිබ්බ පිහාටුවකුත් ගලවනවා.පිහාටුව ගලවපු දවසේ ඉදන් රෑට නින්ද ගියාම කනප්පන් හීනෙ ලෝකෙකට යනවා.ඒක මාලිගාවක් මේ හීන ලෝකේ තියෙන මාලිගාවේ ඉන්නේ හොල්මන් .කොහොම හරි මේ හැමදෙයක්ම වෙන්නේ අර dream catcher එක නිසා කියලා කනප්පන්ට තේරෙනවා.මේ ගැන දැනගන්න කනප්පන් යකැදුරෙක් ළගට යනවා. එතකොට කනප්පන් දැනගන්නවා drama catcher එකේ පිහාටු ගැලෙව්වම තමයි හීනෙන් මේ හොල්මන් ඉන්න මාලිගාවට යන්නේ කියලා. යකැදුරා කියන්නේ මේකෙන් බේරෙන්න නම් ඒ මාලිගාවෙ “සිහින යතුරක් ” තියෙනවා ඒක හොයාගන්න කියලා.කනප්පන් යකැදුරාට කියනවා එයාට තනියම යන්න බය නිසා යකැදුරාටත් dream catcher එකේ පිහාටුවක් ගලවලා එයා එක්ක එන්න කියලා.ඒත් යකැදුරා ඒකට කැමති වෙන්නේ නෑ. කොහොම හරි දන්නෙ ම නැතුව කනප්පන් එක්ක හොල්මන් ඉන්න හීන ලෝකේට යන්න කට්ටියක් එකතු වෙනවා.
මේ කට්ටියට මේ “සිහින යතුර” හොයාගෙන හොල්මනගෙන් බේරෙන්න පුලුවන් වෙයිද? ,
මේ රජ මාලිගාවේ හැංගිලා තියෙන තවත් රහස් දැනගන්න පුලුවන් වෙයිද? කියලා ෆිල්ම් එක බලලම දැනගන්න පුලුවන්.

Film Story

21 Jan, 00:25


Dreadful Chapters 2023
යාළුවෝ කට්ටියක් එකතුවෙලා එයාලා ඈත කැළයක් මැද තියෙන නිවාඩු නිකේතනයකට ට්‍රිප් එකක් යනවා..ඉතින් මෙයාලට මෙහෙට ගියාට පස්සේ ගොඩක් අමුතු දේවල් සිද්ධ වෙන්න ගන්නවා..මේ වෙන හැමදේකම සුළ මුළ හොයා ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..මේකේ වැඩිය කතාව කිව්වොත් කුතුහලයෙන් වැඩක් නැතුව යනවා.. 🫠

Film Story

21 Jan, 00:25


12th Fail 2023
මේ ඔබ ඔබේ ජීවිත කාලය තුළ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක්.හින්දි සිනමාපට එපාවෙලා තිබ්බ වෙලාවක ආපු මේ චිත්‍රපටය ගැන නම් ඇත්තටම කියන්න වචන නෑ. ඒ නිසා ආයෙත් කියනවා අනිවාර්යයෙන් බලන්න. කොළ බොක්කටම වදින නියම කතාවක්. මේක බැලුවම හිතට දැනෙන ගැම්ම ගැන කියන්න වචන නෑ. අවසානයේ හරිම ලස්සන පණිවිඩයක් අපේ ඔලුවට හලාගෙන යනවා නිරාසයෙන්ම. ඒ තමා ඉගෙන ගන්න එක තරම් වටින සම්පතක් තවත් නෑ කියන එක. එක එක්කෙනා කියයි අනේ ඉගෙන ගත්තට වැඩක් නෑ, උපාදියකින් පලක් නෑ, උපාධි ගත්තු අය අද අතන ඔය මුකුත් නැති මම අද එයාලට වඩා ගොඩක් ඉදිරියෙන් කියලා. කිසිම කනකට ගන්න එපා. කිසිම විදියකින් අධ්‍යාපන කියන දේ නවත්තන්න එපා කවදාහරි කොතනැක හරි ඒ දේ වැදගත්කම අපිට දැනෙනවා දැනෙනවාමයි. තවමත් නොවුණු නොලැබුණු දේවල් වෙනුවෙන් දිගටම වැඩ කරගෙන යමු. අතහරින්නේ නැතිව අල්ලගෙන ඉමු. චේතනාව යහපත් නම්, කාටවත් කරදරයක් නැත්නම් දවසක අනිවාර්යයෙන් කවුරුත් දිනනවාමයි.

Film Story

21 Jan, 00:23


Visithiran 2022
මාගේ මර|ණ|ය හොයන්න පටන් ගත්ත වෙලාවෙම ake අනතුරක් නෙමේ මි|නී|මැ|රු|මක් කියලා හොයා ගත්තා ට ලාට වෙන මොකක් හරි කාරණාවක් නිසා ප්‍රශ්නයක් වෙලා තර්ජනයක් වෙන්න ඇති කියලා කියලා සැකයට තමයි මම පීටර් හම්බෙලා ඒ ගැන ඇහුවෙ නායක ම|ර|ණ|යටයි ඉස්පිරිතාලෙ දුන්න ප්‍රතිකාර වල ටයි walatai මොකක් හරි සම්බන්ධයක් තියෙනවද කියල හොයල බැලුවේ එහෙත් සැක හිතෙන විදිය මොකුත් හම්බුනේ නෑ මගේ බිරිඳ දුවයි 01 ම ඉස්පිරිතාලෙක මොලේ මි|ය|යෑ|මෙන් මිය|ගොස් මි|ය ගොස් ඇති නිසා ඒක තහවුරු කරගන්න මම මගේ දුවගේ ම|ර|ණය ගැනත් කරුණු සොයල බැලුවා එතකොට තමයි ඒ රෝහල කරන මග මගඩි ය මට තේරුනේ. කුතුහලෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක්

Film Story

21 Jan, 00:23


Siya 2022
උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ දේව්ගන්ජ් ගම්මානයේ 17 හැවිරිදි සියා පිරිමින් කණ්ඩායමක් විසින් දු|ශ|ණ|ය කර සතියකට වැඩි කාලයක් වහල්|භා|වයේ තබා ගන්නවා. ඇය බේරාගත් විට ඇයගේ නීති|ඥ|යාගේ සහ පවුලේ මිතුරාගේ උපකාරය ඇතිව යුක්තිය වෙනුවෙන් සටන් කිරීමට තීරණය කරයි.
අප|රා|ධක|රුවන් බලවත් වන අතර ඇයට ඔහුන්ට විරුද්ධව නීති|මය ක්‍රියාමාර්ග ගන්නවා ඇයගේ සටනින් ඇය ජයග්‍රහණය කරාද නැද්ද කියලා චිත්‍රපටය බලලම දැනගන්න

Film Story

21 Jan, 00:23


Meenakshi Sundareshwar 2021
කතාව ගැන නම් අමුතුවෙන් කියන්න මට තේරෙන්නේ නැහැ. නිකමට මෙහෙම කියන්නම්. මීනාක්ෂි කියන කෙල්ලගෙත් සුන්දරේෂ්වර් කියන කොල්ලගෙත් හමුවීම වෙන්නේ බොහොම අහඹු විදිහට. මේ හමුවීම බොහොම ඉක්මනට විවාහයකින් කෙලවර වෙනවා. ඒත් මේ විවාහ ජීවිතේ සාමන්‍ය විදිහට ගෙවිලා යන්න දෛවය නම් ඉඩක් තිබ්බේ නැහැ. කොහොමද මෙයාලගේ ජීවිතේ ගෙවිලා යන්නේ කියලා Meenakshi Sundareshwar අරගෙනම බලලා දැනගන්න.

Film Story

21 Jan, 00:23


Level Cross 2024
මේ චිත්‍රපටයෙ ප්‍රධාන වශයෙන් පෙනී සිටින්නෙ නළු නිළියන් තිදෙනෙක් පමණයි. අසිෆ් අලි. අමලා පෝල් සහ ශරාෆුඩීන් එම චරිත රඟපානවා. අසිෆ්ගේ රඟපෑම නම් ඉතා ඉහළ මට්ටමක තිබෙනව කියල කියන්න පුළුවන්.
ඉතා හුදෙකලා කතරක් හරහා දිවෙන රේල් පාරක්. එහි හරස් මගක ගේට්ටු මුරකරුවෙක්. දන්නා කාලෙක වාහන ගමනා ගමනයක් නැති පාරක් උනත් මේ හුදෙකලා චරිතය දිනපතා ඔහුගෙ රාජකාරිය ඉටු කරනවා. දිනක් ඔහුගෙ ජීවිතයට කඩා වදින්නෙ සුරූපි තරුණියක්. දුම්රියෙන් වැටෙන ඒ තරුණිය ගේට්ටු මුරකරුවාගේ ජීවිතය කෙසේ වෙනස් කරයිද?
මුරකරුට, තරුණියටට මෙන්ම ඇගේ සැමියාට කියන්න ලොකු කතා තියෙනවා. ඒවා කොතෙක් දුරට සත්‍යද? වැඩිය කියන්නෙ නෑ. මේ පිළිබඳ හොඳ විචාර සමාජ මාධ්‍යයේ දකින්න ලබෙයි.

Film Story

21 Jan, 00:23


Bloody Mary 2022
මේරි කියන්නේ අනාථ ගැහැණූ ළමයෙක්. එයාට තව පිරිමි යාළුවො දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නටත් ආබාධ දෙකක් තියෙනවා. ඉතිං මේ තුන් දෙනා කුඩා කල සිටම එකටම තමයි හැදී වැඩෙන්නෙ. ඒ වගේම මේ තුන් දෙනාට වෙන වෙනම හීන තුනක් තියෙනවා. මේ හීන හැබෑ කරගන්න දුවමින් සිටින මේ තුන් දෙනාගෙ ජීවිත එකපාරටම උඩු යටිකුරු වෙන්නේ යම් ඝාතණයක් නිසයි. ඉතිං එම ඝාතණයට මේ තුන් දෙනා හිර වෙනවා. ඉතිං මේ ඝාතණය පොළිසියේ සී.අයි සම්බන්ධව සිද්ධවෙන දෙයක් නිසා.. මොවුන්ව හොදටම හිරවෙනවා.. ඒ අතරෙ මොවුන් ශේකර් බාබු නම් අයෙක්ගෙන් උදව් ඉල්ලා යනවා.. එතැන් සිට කථාව කොහොම වෙයිද, මෙයාලට බේරෙන්න පුළුවන් වෙයිද කියලා ඔයාලම බලන්න.

Film Story

21 Jan, 00:23


Bheemante Vazhi 2021
කතාව ගැන කියනවනම්, බීමන් ( kunchakko boban) තමන්ගෙ ගමේ අත්‍යවශ්‍යතාවක් වුන පාරක් හදාගන්න දරන උත්සාහය තමයි තියෙන්නෙ, හැම ගමකම වගේ මේ ගමෙත් ඉන්නව වැඩේට අකුල් හෙලන කෙනෙක්, ඉතින් මේ කරදර මැද්දෙ බීමන්ට තමන්ගෙ ගමට යන පාර හදාගන්න පුලුවන් උනාද, ඇත්තටම මොකද උනේ, ඉතින් කතාව බලන එක ඔයාලට බාරයි ,

Film Story

21 Jan, 00:23


Ruslaan 2024
ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් රුස්ලාන් කියන්නෙ ත්‍රස්තවාදියෙක්ගෙ පුතෙක් කියලා හංවඩු ගැහුන කෙනෙක්.. මෙයාට ඕන වෙනවා ඒ නිසා තාත්තා ප්‍රස්තවාදියෙන් උන පලියට තමනුත් ත්‍රස්තවාදියෙක් නෙවෙයි කියලා රටටම ඔප්පු කරන්න.. ඉතින් මේ නිසා මෙයා RAW එකට බැදෙන්න තීරණය කරනවා.. ඉස්සරහට වෙන ටික ඔයාලටම බලන්න බාර කරනවා

මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

Film Story

21 Jan, 00:21


Bewakoofiyaan 2014
මෝහිත් සහ මයෙරා පෙම්වතුන්. දෙන්නම පෞද්ගලික ආයතනවල රැකියා කරන අය. මයෙරාගේ තාත්තට ඕන මයෙරාට පොහොසත් කෙනෙක් විවාහ කරලා දෙන්න. එයා වැඩිපුරම හිතන්නේ මනමාලයාගේ චරිත ලක්ෂණ නෙවෙයි වත්කම ගැන. ඉතින් මෝහිත් මයෙරාව විවාහ කරගන්න යෝජනාව මයෙරාගේ තාත්තට ඉදිරිපත් කළාම මයෙරාගේ තාත්තා එක්වරම අකමැති වෙනවා. මොකද මෝහිත් කියන්නේ මයෙරාටත් වඩා අඩු වැටුපක් ලබන කෙනෙක් නිසා. ඒත් මයෙරාගේ ඇවටිල්ල නිසාම තාත්තා මෝහිත්ව පරීක්ෂා කරලා තීරණය දෙන්නම් කියලා කියනවා. ඉතින් මේ පරීක්ෂණය කෙරීගෙන යනකොට, මෝහිත් තාත්තාගේ හිත දිනාගනිමින් ඉන්නකොට, මෝහිත් රැකියාව කරන සමාගම බංකොලොත් වෙලා මෝහිත් ඇතුළු ව්‍යවසායකයින් 1200 කට රැකියා අහිමි වෙනවා. මයෙරා මේක තාත්තගෙන හංගනවා.ඔය අතරේ මයෙරාගේ තාත්තට රැකියාවක් හොයන්නත් මෝහිත් උදවු කරනවා . (කලින් කියන්න බැරි වුණා මයෙරාගේ තාත්තා විශ්‍රාමික කෙනෙක් ) ඉතින් මෙහෙම තාත්තගේ කැමැත්ත ලැබෙන විදියට වැඩ කටයුතු සිද්ධ වෙනවා. මෝහිත් රැකියාවක් නැති නිසා මාස තුනක කාලයක් යැපෙන්නේ මයෙරාගේ මුදල් මත. මෙහෙම යනකොට මෝහිත් සහ මයෙරා අතර මුදල් නිසාම ප්‍රශ්නයක් ඇති වෙලා දෙදෙනා විරසක වෙනවා. මෝහිත් මයෙරාව අත්හැරලා යන්න යනවා . එයා රැකියාවක් නැති නිසා. කෝපි අවන්හලක අයකැමිවරයෙක් ලෙස කටයුතු කරනවා. ඔය විදියට ලොකු ලොකු සිද්ධි ගොඩක් වෙනවා. අන්තිමට මයෙරාවයි මෝහිත්වයි ආපහු එකතු වෙන්නේ කොහොමද ? එකතු කරන්නේ කවුද ? කියලා ඔයාලම බලන්න.

Film Story

21 Jan, 00:21


Bro Daddy 2022
කතාව පැත්තට හැරුනොත් කට්ටඩි ජෝන් සහ ඔහුගේ පවුල වටා තමයි මේ කතාව දිවෙන්නෙ, මෙයාලා තමන්ගෙ එකම පුතා උන ඊශෝට පෙලවහක් කරල දෙන්න ලෑස්ති වෙද්දි මෙයාලග් පවුලෙම පිදුම හිතෙන දෙයක් සිද්දවෙනවා , ඒ මොකක්ද , මීට වඩා කිසිම දෙයක් කියන්න බෑ කතාව කියන්නැතුව, ඒක ඔයාලම විදගන්න, ආරාදනා කරනවා

Film Story

21 Jan, 00:21


Khel Khel Mein 2024
කතාව ගැන කියනවනම් මෙයාලා නිකන් පටන්ගනිපු පොඩි සෙල්ලමකින් මෙයාලගෙ ජීවිත පවා පොඩි වෙලාවකින් හිතුවෙවත් නැති විදියට වෙනස් වෙලා යනවා..

ඉතින් වෙනදා වගේම මම ලිපියෙ පොඩි දෙයයි කිව්වෙ..

මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

Film Story

21 Jan, 00:21


CTRL 2024
මේක ගැන කියනවනම් Ai technology එක මුවාවෙන් කරගෙන යන මි|නී|මැ|රු|ම් දාම|යක් ගැන තමයි ඇතුලත් වෙලා තියෙන්නෙ.. ඒ වගේම මේ නිසා නෙලා කියන ගෑණු ලමයට ගොඩක් ප්‍රශ්න වලටත් මුහුණ දෙන්න සිද්ද වෙනවා
මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..