සැඟව එබිකම් කළ
ආගන්තුක දෙනෙත් මත
තබා යමි එක හාදුවක්
ජීවිතයට නවමු මංපෙත්
දොරටු විවර කර දුන් අතීතය
ගල කෙටූ අකුරක්
මෙන්ම නොමැකෙනු
ලෙසට මා මතකයෙහි ඇත මතු
විටෙක හිතුමත, නමුදු මෘදු හද
කතිකාවතකි ඔබ
රැයෙහි නිසසල
දොඩමලුව බස් තෙපුලමින් ගැයු
සොදුරු නිමේශය යළි වඩිනු මැන
හැතැම්මක් දුර ගෙවා ආවද
අහස් ගැබ අප එක් කරයි
රැ අහසෙ ඔබ තරු ගනින විට
මමත් ඒ තරු මැද ඉදයි
පෙම් හසුන් කවි සිනා කැන් මැද
මා තනිව ඔබ සිහිකරයි
සිහිය ඇත නැත සිහිවිකල් මෙනි
අඳුර තුළ ඔබෙ සුව විඳී
දුක සතුට දෙක උරුම වුව මුත්
ඔබේ සැනසුම මට දුරයි
කම් නැ සොඳුරිය මග බලමි මම
සරසවිය තුළ මා අසරණයි
සරසවි වරම් හිමි වූ ප්‍රේමවන්තයෙකුගෙන් පෙම්වතිය වෙතට ✍️🍂