Latest Posts from නිසදැස් මැදුර 🌻🦋 (@nisadesmedura) on Telegram

නිසදැස් මැදුර 🌻🦋 Telegram Posts

නිසදැස් මැදුර 🌻🦋
නිසදැස් මැදුර 🌻🦋

හදවතට දැනෙන්න යමක්"🤍💫
4,054 Subscribers
278 Photos
18 Videos
Last Updated 01.03.2025 04:05

The latest content shared by නිසදැස් මැදුර 🌻🦋 on Telegram


නොසිතූ විරාමයක
සැඟව එබිකම් කළ
ආගන්තුක දෙනෙත් මත
තබා යමි එක හාදුවක්

ජීවිතයට නවමු මංපෙත්
දොරටු විවර කර දුන් අතීතය
ගල කෙටූ අකුරක්
මෙන්ම නොමැකෙනු
ලෙසට මා මතකයෙහි ඇත මතු

විටෙක හිතුමත, නමුදු මෘදු හද
කතිකාවතකි ඔබ
රැයෙහි නිසසල
දොඩමලුව බස් තෙපුලමින් ගැයු
සොදුරු නිමේශය යළි වඩිනු මැන

හැතැම්මක් දුර ගෙවා ආවද
අහස් ගැබ අප එක් කරයි
රැ අහසෙ ඔබ තරු ගනින විට
මමත් ඒ තරු මැද ඉදයි

පෙම් හසුන් කවි සිනා කැන් මැද
මා තනිව ඔබ සිහිකරයි
සිහිය ඇත නැත සිහිවිකල් මෙනි
අඳුර තුළ ඔබෙ සුව විඳී

දුක සතුට දෙක උරුම වුව මුත්
ඔබේ සැනසුම මට දුරයි
කම් නැ සොඳුරිය මග බලමි මම
සරසවිය තුළ මා අසරණයි

සරසවි වරම් හිමි වූ ප්‍රේමවන්තයෙකුගෙන් පෙම්වතිය වෙතට ✍️🍂

සක්වල ඇන්ඩ්‍රොමිඩන් ... 🪐💫

අඳුරු අවකාශ මන්දාකිණියක
ආලෝක දීප්තියෙහි සරනා  ,
නුබ වාමනයක
අධිරජුන් ද
මායාවෙ අසිපත් දැරූ " ඇන්ඩ්‍රොමිඩන් "

දිනෙක මෙදිනක නැත
එහෙත් දිනෙක ඔබ අප එකම
මන්දාකිණියක් !!
නමින්  " මිල්කොමිඩා "

එදින ඔබේ අසිපත
සිදේවී ප්‍රේමය නම්
අවකාශ හස්තය පුරා !

( ක්ෂීරපථයේ තරුවක   
සක්වලිය
🌀🌌 )

POV : අමුතු විදිහකට ලියල බැලුවා .

නිකන් හම්බ වෙන අය බලගන ඉන්න එපා ගිහින් ගන්න - https://s.binance.com/Nm8Pn7mc?utm_medium=web_share_copy

හැමදාමත් වගේ
අමතක උනේ නෑ මට
අද තමා නුබගේ උපන් දිනේ
සැමට කලියෙන්
අදත් පෙර දා වගේ
සුබ පැතුම් පතන්නම්
සොදුරිය මගේ..
සතුට සිනහව මුවගේ රැදෙනා
ආදරය සෙනෙහස හදේ උතුරනා
කදුලු සුසුමන් ලගට නොයෙනා
සුබ ම සුබ උපන් දිනයක් වේවා
මගේ මැණික...
(....)

අහස් කුසටත් හැඬුම් ඇවිත් ඔන්න....
ඉහිලුම් නොදෙනව ඇති මේ අදෝනාව ...

ගිනි ගන්න හිරුගෙ රශ්මි දාරාවෙන් පිච්චිලා ...
හුස්ම අතාරින්න හෝරාවලින්ම කීපයයි ලු ඉතුරු.....
ඉස්සර පාන්දරට හැඩවෙලා තිබ්බ,
සුදු පිච්ච මල් කුමාරිට.....

ඉවසාපන් තව ටිකක් ...,
මේ ඉඩෝරෙ ඉවරවෙන්නෙ....
ලස්සන වසන්ත කාලයක් කැන්දලා....

ආදරෙ මියෙදෙන හිත් වලටත්....
කාලෙකින් වැටෙන මේ අසෙනි වැහි,
ආශිවාදයක්ම වෙනවා නම්....❤️

                                           Sandu...💙

මටත් නොකියම වෙනත් හදකට
පෙම් කලා වූ වරදට.. 🥺

නුඹෙන් ඈතට යන්න දෝ මා
මගේ හදවත රැක ගෙන.. 🥀

නැවත රිද්දාගන්න නොහැකිය
අසරණයි දැන් මගෙ හද.. 🫀

ආදරේ මහ මුලාවක් බව
දැනුයි වැටහුණෙ මේ මට.. 💔


𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

අහස හැඩ කරන තරු කැටත් ....
මේ වෙද්දි හුස්ම අතෑරලා ඇති...
ඒත් , ආලෝක වර්ශ ගානක්
ඈත තියෙන හින්දා.....
අපිට ඒක දැනෙන් නෑ...

හරියට නිකන් ...,
ඔය මස්කාර ඇස් අස්සෙ ....
පෙරල පෙරල  මං ආදරේ හෙව්වත් ,
ඔයා ආදරේ නෑ වගේ....

කප්පරක් ආදරේ කරලා උඹව දන් දෙන්න....
මම වෙස්සන්තර කුලේ
ගෑනු ආත්මයක් නෙවේ බං....

* දන්නවද එක දෙයක්...,
පන ගැහෙන පපු කුරහ ,
ඕනවට වඩා රත් උනාම...,
ගෑනු පිරිමින්ව අතරිනවා...,
ඒ අත්හැරීම් හරි ප්‍රභලයි * ....

ආදරෙත් බෙහෙතක්ලු...,
ඔව් ඇත්ත,
බෙහෙතක් උනත් අධිමාත්‍රිකව
එන්නත් උනාම හරි විසයි.....
වැටෙන හුස්ම නවතින්නෙ
හීයක වේගෙන්.......

මටත් හිතන්න තිබ්බා.....
කිලෝ වොට් ගානක
ඔයාගෙ ආදරේ ,
පරිනාමකත් නැතුවම .....,
මට ලන්  කරගද්දි ....,
දවසක මගෙ භශ්මාවශේෂත් ,
හොයාගන්න බැරි වෙයි කියලහ්....🥀💔

                                      Sandu...💙

ලයන්නාවී...

වෙහෙසකරයි මට
පරණ කවියේ තාලය ගන්නට...

දිනකර !
සනසවන්නේ මන්ද
රළ චණ්ඩ සයුරු ගැබ ....

මුසුවෙන්නම් ගැඹරේ
නිසොල්මන් ගුප්ත බවට
විඩාවන් සුසුමෙන් ,
නිවාලන් "
අහස් කුස ' නුඹ වෙතට
ගෙන මම....🌕🥀

සේපාලිකා මලයි...
සුදු පාට මීදුමයි....
හරි ලස්සනයි සුදුයි...
ඇත්තටම ඔබ වගේ....🌸🤍

රෑට රෑට කාටත් හොරෙන් ,
කතාවක්ලු හඳත් එක්කහ් ...
එයා ,කවුද දන්නවද....
සේපාලිකා ....

සදසාවි එක්ක හරි හරියට....
මුකුළු කරනවලු...
හැමෝම එක්ක දොඩමලු වෙන්න...
අකමැති නිසාමයිලු ....
ඉර බැහැලා ගියාම ඇහැරෙන්නෙ...

ඔයා හරි චූටි මලක්...
ඔව් සේපාලිකා හ්...
ඒත් ඔයාගෙන් දැනෙන ඒ ආත්මීය සුවඳට .....
හිත් වශී වෙන්න ....
තප්පරයක්වත් නොයන තරම්....

රෑට හරි ලස්සනට ....
හඳ එක්ක හිනා වෙලාහ්....
සඳසාවි බැහැලා යද්දි....
සියුමැලි පෙති තැලුනත් .....
බිමට වැටෙන්නෙ ....
දුක දරාගන්න බැරි නිසාවත්ද....🥀💔

                                         Sandu...💙

කදුළු මල්

සන්සුන් හීන නුඹ ගෙනියද්දී,
මගෙ සිත කදුළින් නටගියද,
සඳලි රැයේ අඳුරු නිවන් සිඳ,
ඔබේ සෙරෙනි මට පමණක්මයි.

කීවේ කවදාවත් ගියා යන්නැයි,
ඒත් නුඹ ගියා... මට නොකියා,
අඳුරෙ මැකී හැඟුම් රැඳුණා,
කදුළු මල් මට හටගත්තා.

සිටියා නම් අදත් එළියේ,
සඳලි තෙරේ මා එක්ක,
නමුත් දැන් මම පමණි,
කදුළැලි මතකය සමඟ................ 🥀



ʝє𝖓ífє𝐫