දෙඇස් පියවිණි කඳුළු අතරින් පපුව දෙපසට වෙන්කරා
රුහීරු වියලුණු නහරවැල් ටික දුඹුරු පාටට හැරවිලා
දරාගෙන ලෝකයක කෙනෙහිලි ගැහැණු හදවත ගුලි වෙලා.
පොතේ නැති හුඟක් දේවල් පපුව ඇතුලේ ගොළු වෙලා.
දවස් ගානේ සිහින් පහරින් එකිනෙකා අපි කපද්දි
ලියූ මැල්ලුම් අහුරු වාගේ මස් කැබලි ඉකි බිඳිද්දි
පාඩමේ අවසාන අදියර ඇට ගොඩක් වී හිඳිද්දී
පොත වසා ඇස් පියා ගත්තෙමි නොකී රහසක් හඬද්දි
✅ අවුරුද්ද ඉවර උනහම, ඇට විතරයි ඉතුරු වෙන්නේ, ඒ අස්ථිත් සමහර වෙලාවට වේලලා, පොලිෂ් කරලා, අස්ථි ගැන ඉගෙන ගන්න භාවිතා කරනවා, එහෙම නැත්නම් අවුරුද්ද අන්තිමේ, පාංශුකූලය දීලා, පිරිත් කියලා, තමයි ඉවත් කරන්නේ.
කැබලි එක්කල බහා පෙට්ටිය කර තබාගෙන පිටවුණා.
සුදු ඇඳන් පැන් වඩන මොහොතෙදි කාට කාටත් හැඬ වුණා.
කනත්තේ පස් ගොඩ ළඟදි මට නොහඩ ඉන්නට බැරි උනා.
මගේ අම්මා නිවන් දැක්කා කෑගහලා මට කියවුනා.
✅ ඕනම කෙනෙකුට, තමන් මියගියහම, තමන්ගේ දේහ දන් දෙන්න ලියාපදිංචි වෙන්න පුළුවන්, මිය ගිහිල්ලත් අවුරුදු ගානක් පින් කරන්න පුළුවන්. ❤️ Share කරලා දැනුවත් කරන්න අනිත් අයවත්, ඔබේ දරුවන්ට ප්‍රතිකාර කරන්න, දක්ෂ වෛද්‍යවරුන් බිහිකරන්න, උදව්වක් වේවි.
කවිය ලියලා තියෙන්නේ, Athula Bandara මහතා (කුරුණෑගල ශික්‍ෂණ රෝහල )