Neueste Beiträge von Study With Lindla & Candela (@studywithlindla) auf Telegram

Study With Lindla & Candela Telegram-Beiträge

Study With Lindla & Candela
🔰For Advertisements( Educational )✏️ @Advertisements8bot

🔰For Cross Promotions ✏️ @Advertisements8bot

Contact Owner /Admins 👉 @Lindla2bot
3,498 Abonnenten
2,109 Fotos
28 Videos
Zuletzt aktualisiert 01.03.2025 02:36

Der neueste Inhalt, der von Study With Lindla & Candela auf Telegram geteilt wurde.


කාලයක් ගතවෙලා, එයාගේ වාරය ආවහම , බෙල්ලේ තිබුන ලපය නිසා, මේ තමන්ගේ අම්මා කියලා හඳුනගන්න පුළුවන් වෙනවා. මුලින් ඉගෙන ගන්නේ upper limbs , අත පය ගැන, මාස ගානක් ගියාට පස්සේ තමා, පපුව, බඩ ගැන ඉගෙන්නෙ, මුළු අවුරුද්දක් පුරාවටම ඇඟේ කොටසින් කොටස ඉගෙන ගන්නවා.

දෙඇස් පියවිණි කඳුළු අතරින් පපුව දෙපසට වෙන්කරා
රුහීරු වියලුණු නහරවැල් ටික දුඹුරු පාටට හැරවිලා
දරාගෙන ලෝකයක කෙනෙහිලි ගැහැණු හදවත ගුලි වෙලා.
පොතේ නැති හුඟක් දේවල් පපුව ඇතුලේ ගොළු වෙලා.

දවස් ගානේ සිහින් පහරින් එකිනෙකා අපි කපද්දි
ලියූ මැල්ලුම් අහුරු වාගේ මස් කැබලි ඉකි බිඳිද්දි
පාඩමේ අවසාන අදියර ඇට ගොඩක් වී හිඳිද්දී
පොත වසා ඇස් පියා ගත්තෙමි නොකී රහසක් හඬද්දි

අවුරුද්ද ඉවර උනහම, ඇට විතරයි ඉතුරු වෙන්නේ, ඒ අස්ථිත් සමහර වෙලාවට වේලලා, පොලිෂ් කරලා, අස්ථි ගැන ඉගෙන ගන්න භාවිතා කරනවා, එහෙම නැත්නම් අවුරුද්ද අන්තිමේ, පාංශුකූලය දීලා, පිරිත් කියලා, තමයි ඉවත් කරන්නේ.

කැබලි එක්කල බහා පෙට්ටිය කර තබාගෙන පිටවුණා.
සුදු ඇඳන් පැන් වඩන මොහොතෙදි කාට කාටත් හැඬ වුණා.
කනත්තේ පස් ගොඩ ළඟදි මට නොහඩ ඉන්නට බැරි උනා.
මගේ අම්මා නිවන් දැක්කා කෑගහලා මට කියවුනා.

ඕනම කෙනෙකුට, තමන් මියගියහම, තමන්ගේ දේහ දන් දෙන්න ලියාපදිංචි වෙන්න පුළුවන්, මිය ගිහිල්ලත් අවුරුදු ගානක් පින් කරන්න පුළුවන්. ❤️ Share කරලා දැනුවත් කරන්න අනිත් අයවත්, ඔබේ දරුවන්ට ප්‍රතිකාර කරන්න, දක්ෂ වෛද්‍යවරුන් බිහිකරන්න, උදව්වක් වේවි.

කවිය ලියලා තියෙන්නේ, Athula Bandara මහතා (කුරුණෑගල ශික්‍ෂණ රෝහල )

සංවේදී හරී අපූරු නිර්මාණයක් 😓😓😓😓

වෛද්‍ය විද්‍යාලයට දන් දෙන සිරුරක්, අවුරුදු ගානක්ම පොමලින්වල දාලා තියෙනවා.
Anatomy ඉගෙන ගන්නකොට, දහ දෙනෙක් විතර ඉන්න ගෘප් එකකට, එක මළ සිරුරක් ගානේ හම්බෙනවා, අපි මේ ගෘප් එකට කියන්නේ body group කියලා, ඒ ගෘප් එක තමා ඒ සිරුරට අදාල අයිතිකාරයෝ, මුළු අවුරුද්දක් තිස්සේ , ඒ කණ්ඩායම, ඒ එකම මළ සිරුර කපලා ඉගෙන ගන්නවා.

මේ කවිය තියෙන්නේ, කලකට ඉහතදී මිය ගිය , අම්මගෙ මළ සිරුර තමන්ටම ඉගෙන ගන්න හම්බෙච්ච වෛද්‍ය ශිෂ්‍යාවකට දැනෙන හැඟීම.

පුරුදු ලෙස එකිනෙකා වට වී නොදත් පාඩම සොයන්න
මැද මේසේ මත මහලු මවකගේ සිරුර සතපා කපන්න
පළමු පියවර පුරුදු උනේ අපි පින් සිතින් ඈ වඳින්න 🙏❤️
දකුණු අත කපලා පටන් ගමු එකිනෙකින් තතු බලන්න

පොත බලාගෙන මම කියනකොට තව එකෙක් ඈ කපනවා
වට වෙලා සිටි හැම එකාටම වාරයක් මග තියෙනවා
සුදු පාට කෙස් වැටිය පරදන ස්නායු දැක එබෙනවා
එකින් එක කප කපා විමසන ගමන පෙරටම ඇදෙනවා.

හිස් කබල යට මොලය පුදුමය වම දකුණ ගැන හොයනවා
කඳුළු දරමින් ලොවක් පෙන්නු ඇස් උගුල්ලා බලනවා.
මගේ වාරය පිහිය අරගෙන ඇගේ පපුව වෙත එබෙනවා
දකුණු පැත්තේ බෙල්ල පහළින් ලපය මා නෙත් තෙමනවා

ජීවිතේ හීන හැබෑ කරගන්න නම්
ඕනාවට එපාවට අපේ ගමන ගිහින් බැහැ
මොකද ඒකට ඕනි වෙනවා සැලසුමක්


ලයිෆ් එකකදි ඉස්සරහට මිසක්
ආපස්සට යන්න මාර්ගයක් නෑ
ඉතින් අපි ගන්න තීරණ ගැන
හොදට හිතන්න වෙනවා....

Education කියන්නේ ජීවිතේ හරියට
ඉස්සරහටම අරන් යන්න මෙවලමක්
ඉතින් හදාගන්න හොද සැලසුමක්
මගේ ජීවිතේ මෙන්න මේ විදිහට
අරන් යනවා...
මගේ මේ ඉලක්කය, හීනය
මෙන්න මේ විදිහට පියවරෙන් පියවර යනවා කියලා
එවිට ඔයාගේ ජීවිතේ පියවරෙන් පියවර
දියුනු වෙන්න ගනීවී...

අධ්‍යාපනය හැමවෙලේම ජීවිතේ නොවුනත්
ජීවිතේ ඇතුලේ අධ්‍යාපනය තිබුනොත් තමයි
යන ගමන් ඉස්සරහටම යන්න පුලුවන් වෙන්නේ
මොකද මෝඩයෙකුට සල්ලි කෙතරම්ද
එය පරිස්සම් කරගන්න ඔවුන් දන්නේ නෑ
ඒ මිටිය වැඩි කරගන්න ඔවුන් දන්නේ නෑ
අධ්‍යාපනය වටින්නේ ඒකයි
ඉතින් වටිනම මෙවලම වෙන
අධ්‍යාපනය හරියට කරගන්න



හීන මත්තෙම නැහෙන උබලට වරදින්නේ නෑ ගේමක් ගහපල්ලා උබලට පුලුවන්... 😇💪


Gethmina Bandara |° ✍️



#Motivation_With_Gethmina💪

අලුත් වැඩක් ලමායි අද ඉදලා වොයිස් විදිහට මම ඔයාලට නිසදැස් දෙනවා...

ඇත්තටම කීවොත් ස්ටේටස් වීඩියෝ එකක් විදිහට දෙනවා , ටෙක්ස් එකක් විදිහට දෙනවට අමතරව...

නිසදැස් විතරක් නෙමෙයි...
මෝටිවේෂන්
Study Tips
කවි වගේ ගොඩාක් දේවල් වීඩියෝ වලින් ද ඔයාලට දෙන්න හිතුනා...

ඉතින් ඒකට මට උදව් කරනවා FM Child anouncing කරන නංගි කෙනෙකුත් වොයිස් කරන වැඩේට

ඉතින් ඔන්න අපේ පලවෙනි වැඩේ බලන්නකෝ හොදයිද කියලා කොමෙන්ට් එකක් දෙන්න අනිවාරෙන්

එකතුවෙන්න මගේ චැනක් එකත් එක්ක
https://t.me/TheAuthorNaughty

මේ....
දඟකාර රචකයාගේ පන්හිඳ 🌼

ලෝකේ සාර්ථකත්වය හොයන් ගිය මිනිස්සු
ගොඩාක් තැන්වල පැරදිච්ච මිනිස්සු
ඔවුන් ඒ පැරදීම ඔවුන්ගේ ශක්තිය කරගත්තා
පාඩමක් කරගෙන ඒ දේවල්
ඉතින් ඔවුන් ඔවුන්ගේ හීන වලට
අයිතිය හිමි කරගත්තා බිද දමන්න බැරි තරම්
ශක්තිමත් පවුරක් විදිහට


Gethmina Bandara |° ✍️

අපි හිතන් ඉන්නවා
සමහර දේවල් වලින් අපි
පැරදෙනකොට
අත් හැරීම තමයි හරි කියලා
ඒත් සමහර මිනිස්සු ඉන්නවා
තමන්ගේ ඉරණම එක්කම
නොසෑහෙන්න තරඟ කරනවා
ඔවුන්ගේ ජීවිතවල ඔවුන් දකින
ඔවුන්ගේ හීන හැබෑකරගන්න
ඒකයි ඔවුන් මොනදේ අහිමි වුනත්
අත් හැරීම් නොකලේ
උත්සාහය විතරක්ම කරලා
දවසක.....
හීන හැබෑ කරගත්තා

අමාරු කාල ඒවී, ඉවසීමෙන් දරාගන්න
පුලුවන් උපරිමයෙන් කැපවෙන්න...♥️



Gethmina Bandara |° ✍️

Channel 👇 🦋
දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚


https://t.me/TheAuthorNaughty

https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J

ටාර්ගට් වල යන ගමනෙදි
නොසැලෙන ඉවසීමක් මෙන්ම
ලොකු දරාගැනීම් ශක්තියක්ද
තමන් තුලම ගොඩ නගා ගැනීම
හරිම වැදගත්
මොකද ටාර්ගට් කියන
ඒවට යන්න ලේසී නෑ
කදු පල්ලම් වගේම
වගුරුබිම් , වන දුර්ඝත් පහු කරන්න
ඔයාට සිද්ද වෙයි....

ගමනාන්තය සුන්දර වුනද
ඒ යන ගමන් මාර්ගය කටුකයි
ඒක සිහි තියාගෙනම
උත්සාහගන්න කැපවෙන්න
ඔයාගේ හීන වලට
එකින් එක ටාර්ගට් ඔස්සේ
ඒවා හැබෑ කරගන්න

සතුට තියෙන්නේ එතැන
තමන්ගේ හීන හැබෑ වුනු තැන...

මතක තියාගෙන ජීවිතේ විදින ගමන් හීන දිනන්න


Gethmina Bandara |° ✍️

#Motivation

කෑගල්ල , රංවල , අඹන්පිටියේ වගේ කට්ටිය ඉන්නවද මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න

පොඩි උදව්වක් ඉල්ලගන්න....
ඇත්තටම පොඩි විස්තරයක් දැනගන්න

@Naughty_CG