来自 නිසදැස් මැදුර 🌻🦋 (@nisadesmedura) 的最新 Telegram 贴文

නිසදැස් මැදුර 🌻🦋 Telegram 帖子

නිසදැස් මැදුර 🌻🦋
නිසදැස් මැදුර 🌻🦋

හදවතට දැනෙන්න යමක්"🤍💫
4,054 订阅者
278 张照片
18 个视频
最后更新于 01.03.2025 04:05

නිසදැස් මැදුර 🌻🦋 在 Telegram 上分享的最新内容


වචන ගලපා ලියනු නොහැකිය
මාව දැන් වියපත් වෙලා...

තුරුණු වියෙහිදි බැදුණු ආලය
හිතේ තවමත් තියෙනවා...

බොහෝ කල් ගත වුවත් තවමත්
ආදරේ බව දන්නවා...

මාව හැරදා ගියද කම් නැත
මගෙත් කල් දැන් පැමිණිලා...

❤️🫶

𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

ආදරේ කියන්නේ
මහ පුදුමාකාර හැගීමක්
ඒ හැගීම සමහර වෙලාවට
අපිට අපිවම නැතිකරනවා
තවත් වෙලාවකට
අපිව ජීවත් කරනවා
ආදරේ කියන්නේම
බලාපොරොත්තු රහිතව
බලාහිදීමක්
ඒ හැගීම් ඇතුලේ
අපි විදිනවා විදවනවා
ඉතින් අපි හැමෝටම
මොහොතකට හරි
මුන ගැහෙන්න ඕනි
අපේ හැගීම් ජීවත් කරවන
ප්‍රේමනීය හදවතක්


kavi

ලැබුනොතින් වරම් සඳලි පෙරලුම්,
සන්සුන් අරුණෝදය අරන් එනුමුල්.
සීතල නළල් මත පිපුණු මලක් සේ,
සඳලි ආලෝකය සිතින් සිපගනුම්.

ලැබුනොතින් වරම් නෙතුන් දැකූ සිතුවිලි,
මන්දහාසයක රස මියැදෙනා විලි.
දැවටි මතකෙන් පියලි හද ගියත්,
නොමසුරු සිහිනයක් සිතින් රඳනු මියැදී..................... 🥀




ʝє𝖓ífє𝐫

*❤️ඔයාව මට වටිනවා මෑණික🥺*

ඔයා අහයි ඇයි එහෙම කියන්නේ කියලා ?
නෑ ඉතිං මම දන්නවා සාමාන්‍යයෙන් ජිවිත කාලෙටම වගකියන්න බැරි වෙන්න නම් මම ඔයාගේ ජිවිතෙට ඔයාට මෙහෙම මම.ලං වෙන්නේ නැ රත්තරං ❤️


මම දන්නවා මිනිස්සු ආදරේ කියන වචනේ කොච්චර විශ්වාස කරනවද කියලා එහෙම විශ්වාස කරලත් ඒ විශ්වාසේ බිදෙන තැන වල කොච්චර දුක් වෙනවද කියලා
ඒක තමයි මම ඔයාවත් මට මේ තරම්ම ලංකරගන්න කලින් හිතුවේ ඒක මම මෙච්චර කල් කිව්වේ නැ ඔයාට කියන්න හිටියේ මැණික❤️

ඔයා හිතනවද මං ඔයාට එච්චර ආදරයක් නැ කියලා නෑ ඔයා ඒ විදියට හිතනවනම් මං ඔයාට මෙච්චර ලං වෙන්න දෙන්නේ නැනේ එහෙනම් මම ඔයාට ආදරේ කරන එක නවත්තවනේ

මනුස්සයෙක්ගේ ඇස් දිහා බලපුවාම ඒ මනුස්සාය කියන්නේ ඇත්තක්ද බොරුවක්ද කියලා කියන්න පුළුවන් ඔයාට මගෙ ඇස් දිහා බලපුවාම ඒක ඔයාට තෙරෙන්න ඇතිනේ රත්තරං බැරිවෙලාවත් එදා මම බොරුවට ඔයාට ආදරේ කලානම් මනුස්සයෙක්ව විශ්වාස කරලා ඒ මනුස්සයට මනුස්සයා අනිත් ඒ විශ්වාස ඒ විශ්වාසය බිදුනොත් දුක් නොවී ඉන්න කාලයක් මගේ ජිවිතෙ නෑ මගෙ ජිවිතේ තියෙන්නේ ඇත්ත ආදරයක්



*බැරිවෙලාහරි ඔයා අතින් හරි මගෙ අතින් හරි එහෙම දෙයක් වුනොත් මං කොහොමහරි හිත හදාගනියි. ඒත් මගෙ හිත දන්නවා මම එහෙම කරන මනුස්සයෙක් නෙවෙයි කියලා. ඒකයි මගෙ ජීවිතේට මේ තරමටම සුදු මැණික මං ඔයාව ලංකරගත්තෙ රත්තරං හරි ආදරෙයි මම ළමයෝ❤️🥺💜*

මේ හඳුන්වීමක මියුරු රඟන,
සන්සුන් සුළඟේ සෙරෙන ගඟන.
සඳලි සිනාවක් සිත් අලුත් කර,
සන්සුන් රාත්‍රිය රූපය ගත්ද?.......🥀



ʝє𝖓ífє𝐫

🥀......

විසුල මල් පෙති මාවතක නොයන මේ කටුක ජීවිතේට ආදරය කියන්නෙ කතරට එක් දිය පොදක්..

හිනාව පොරවගෙන , දුක දරාගෙන පිය මනින මේ ජීවන ගැටපෙලට ,
අත්වාරුව වුනේ ආදරය..

පොඩිකාලෙ ඉදන් විවිධාකාරයෙන් ආදරය ලබන අපි ඒ හැගීමට හරි කෑදරයි..

දුක කොච්චර තිබ්බත්,මිනිස්සු නැවතුණේ තමන්ට දැනුණු තැන..

කටු කොච්චර ඇණුනත් අපි ආස කලේ රෝස මලට..

බැදීම දුකක් , බැදීම් වලින් වෙන් වෙන්න කිව්වට , කොහොම වෙන් වෙන්නද ......
අපි හොයන සැනසීම තියෙන්නෙත් මේ දුක අස්සෙමනම්..❤️ ❤️

Happy valentine's day ..💐❤️

𝔭𝔬𝔬𝔯𝔫𝔦♡

ඔබ ආයේ එනව නම් ....
මිහිදන් කල පෙම අරන්...
ආසයි ඔය නෙතු පියන්....
දෙස ආදරයෙන් බලන්...🥀

සීරුවට සිත්තම් කරපු අහසක ....
පිපුන පුංචිම පුංචි තරුවක් ඔයාහ්....
මගෙ සකුරා මල ,🌸

දන්නවද මැනික....
හිතේ හැමතැන් පුරාවට ...
ඔයාහ් තාමත් හැඩ වැටිලා...
ඒ ආදරේ සුවඳට ....
මම තාමත් ඔයාව හොයනවා...

මේ හිත පිරිලා ඉතිරෙන්නම ...
ආදරෙන් පුරෝපු ඔයාහ්....
යන්න ගිය අන්තිම තප්පරෙත් ,
මට කිව්වෙ සතුටින් ඉදින් කියලහ්....

මගෙ පනත් ඔයා වෙච්චි...,
ඉදින් කප්පරක් තරම්...
ආදරේ හිතෙන්න...
තවත් හේතු ඕනෙද....

ලස්සනට හැඩ වුනු...
මගෙ සකුරා මල ,
ආයෙත් මගෙ ලඟම පිපුනොත්....
සත්තයි රත්තරං ...
රකින්නම් සංසාරෙ පුරාවට....

ඉතින්...,

කොහේ හරි තැනක ....
නුඹ හොදින් ඉන්න...
එයයි මට උරුම...
අවසන් කැමත්ත.....❤️

# happy valentine ...🥀❤️

Sandu...💙✍️

අල්ලගත්තේ නුඹේ අත මා
ආදරෙන්..

බලා ගන්නට නුඹව සැමදා සෙනෙහසින්..

ළං වුණේ මා නුඹේ ආලෙට
කෑදරෙන්..

දමා යන්නට නොවේ කිසි දින
හදවතින්..
  🥺🫶🤎



𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

""බල හිදිමි මතු බවයක හෝ
පසු වදන ලියන්නට එතැයි කියා...🌼🥀 "" based

හෙමින් සැරේ සිත හැරී බලනවිට
සරා නෙතඟ මතකයක් වුණා...
ඔබේ නිසළ මුව එදා දුටුව දින
ලයේ හුස්ම නැවතී ගියා...🍂

සසල මගේ හිත
නිසල ඔබේ ළඟ
දැවි දැවී අළු වි ගියා
මතුයම් භවයක හෝ
දිගු විරාම නොගනින්
මුළු සිත මාගේ මෙලෙස තබා...🥀

( For Him RIP- 2023/04/16 🥺🙏
අනිද්දට ඔහුගෙ උපන්දිනය 😊)

ළං වුණේ ආදරෙන්මදැයි සිතෙනවා
තවමත්..

විදවන්න වේවිදෝ නිසා
ආදරයක්..

ඉක්මන් වැඩීදෝ අසනවා
මොළයත්..

හදවතයි මොළයයි අතර දරුණුම
සටනක්..
🫀 / 🧠



𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡