💛 • 𝗔/𝗟 𝗠𝗘𝗗𝗜𝗔 𝗣𝗼𝗹𝗹𝘀 𝗚𝗿𝗼𝘂𝗽 • 💛 @media_mcqpolls Channel on Telegram

💛 • 𝗔/𝗟 𝗠𝗘𝗗𝗜𝗔 𝗣𝗼𝗹𝗹𝘀 𝗚𝗿𝗼𝘂𝗽 • 💛

@media_mcqpolls


Main Group 🌷- https://t.me/Sanniwedanaya

Quiz Store group 🌷 - https://t.me/Media_quiz

Note group 🌷-
https://t.me/ALmedia_note

MCQ Polls group 🌷 - https://t.me/Media_MCQPolls

💛 • 𝗔/𝗟 𝗠𝗘𝗗𝗜𝗔 𝗣𝗼𝗹𝗹𝘀 𝗚𝗿𝗼𝘂𝗽 • 💛 (English)

Welcome to the A/L Media Polls Group! Are you a student preparing for your Advanced Level exams in Media Studies? Do you want to test your knowledge and challenge yourself with fun and engaging quizzes? Look no further, as this Telegram channel is dedicated to providing you with a platform to participate in multiple-choice question (MCQ) polls related to media topics. Whether you are studying journalism, advertising, broadcasting, or any other aspect of media, our quizzes will help you review key concepts and improve your understanding of the subject. Join our Main Group for regular polls and discussions, visit our Quiz Store group for more quiz options, and don't forget to check out our Note group for additional study materials. Stay connected with other media students, share your knowledge, and enhance your learning experience with A/L Media Polls Group!

💛 • 𝗔/𝗟 𝗠𝗘𝗗𝗜𝗔 𝗣𝗼𝗹𝗹𝘀 𝗚𝗿𝗼𝘂𝗽 • 💛

20 Sep, 15:50


සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය පලාත් පේපර් 📚✍🏻📚

             ( 2024 )  📝


💛_ Media Note Group _💛


https://t.me/ALmedia_note/492

💛 • 𝗔/𝗟 𝗠𝗘𝗗𝗜𝗔 𝗣𝗼𝗹𝗹𝘀 𝗚𝗿𝗼𝘂𝗽 • 💛

30 Jan, 12:07


රචනා ප්‍රශ්න වලට උත්තර ලියද්දි ඔයාලා මතක තියා ගන්න ඕනේ ළමයි ඔයාලා පේපර් එක ලියන්නෙ මිඩියා කිසිම දෙයක් දන්නෙ නැති කෙනෙක්ට මිඩියා ගැන කියලා දෙනවා වගේ තමයි ඔයාලා පේපර් එකට උත්තර ලියන්න ඕනේ.

අනිත් එක ලියන පිටු ගාන ගත්තොත්,,

1 ප්‍රශ්නෙට උදාහරණයක් ගත්තොත් හැරල්ඩී ලැස්වෙල් මහතාගේ සන්නිවේදනය පිළිබඳ නිර්වචනය ලියන්න.එතකොට නිර්වචනය පැහැදිලිව අදාළ කරුණුත් එක්ක ලියන්න ඔනේ උපරිම රූල් 2 ක් යයි.

2 ප්‍රශ්නේට උදාහරණයක් ගත්තොත් අන්තර්පුද්ගල හා ජන සන්නිවේදනයේ  වෙනස්කම් ලියන්න.එතකොට මුලින්ම අන්තර්පුද්ගල සන්නිවේදනයි ජන සන්නිවේදනයයි ගැන පැහැදිලි කරන්න ඒ කියන්නේ අන්තර්පුද්ගල සන්නිවේදනය කියන්නෙ පුද්ගලයන් දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු අතර සිදුවන සන්නිවේදනය ජන සන්නිවේදනය කියන්නෙ එකිනෙකා නොහදුනන විශාල පිරිසකට...... ඔහොම විස්තර කරන්න ඔයාලට පුලුවන් මෙතනදි විවිධ පුද්ගලයන් ඉදිරිපත් කරලා තියෙන නිර්වචන ලියන්න.( අන්තර් - ඩිෆ්ලුවර් හා ඩෙනිස්ගේ නිර්වචනය )  ඊටපස්සේ වෙනස්කම් වලට ප්‍රතිපෝෂණය ගැන ග්‍රාහක සංඛ්‍යාව ගැන තාක්ෂණික උපකරණ භාවිතය ගැන ඔය වගේ වෙනස්කම් 4 ක් ගැන පැහැදිලි කරාම ඇති අනිවාරෙන් උදාහරණත් එක්ක එතකොට මේ ප්‍රශ්නෙට අනිවාරෙන් ඔයාලට CR තනි පිටුවක් වගේ ලියන්න පුලුවන් අනිවාරෙන්.සමහර අය හිතයි එච්චර මොනා ලියන්නද කියලා.මන් එක කරුණක් විස්තර කරන්නම් දැන් අපි ප්‍රතිපෝෂණය ගැන ලිව්වොත් එතනදි අපිට පුලුවන්  ලියන්න අන්තර්පුද්ග සන්නිවේදනයේදී සන්නිවේදකයා හා ග්‍රාහකයා අහිමුඛව මෙම සන්නිවේදනය සිදුවන නිසා ග්‍රාහක ප්‍රතිපෝෂණය  ක්ෂණික ලබා ගත හැකි උදාහරණයක් ගත්තොත් ගුරුතුමිය විසින් අසන ප්‍රශ්න වලට ශිෂ්‍යයා පිළිතුරු දීම මෙම අවස්ථාවේදි ක්ෂණික ප්‍රතිපෝෂණයක් දැකිය හැක.නමුත් ජන සන්නිවේදනයේ දී අන්ත.. සන්.. වඩා ප්‍රමාදිත මෙන්ම ඉතාමත් සීමිත ප්‍රතිපෝෂණයක් දැකිය හැකි වේ එයට හේතුවනම් සන්නිවේදකයා හා ග්‍රාහකයා අභිමුඛව සන්නිවේදනයක් නොවන බැවිනි කියලා ඒකටත් උදා ලියන්න.මෙහෙම කරුණු 4 ක් විස්තර කරාම අනිවාරෙන් හැමෝටම CR පිටුවකට වඩා උත්තර ලියන්න පුලුවන්.

3 වෙනි ප්‍රශ්නේ ගත්තොත් ශ්‍රාම් ඕස්ගුඩ් හා ෂැනන් හා වීවර් ආකෘතියේ වෙනස්කම් කරුණු 4 කින් දක්වන්න.මේ ප්‍රශ්නේදී මුලින්ම ආකෘති දෙක ගැන පොඩි විස්තරයක් කරන්න ඊටපස්සේ වෙනම කරුණු 4 පැහැදිලි කරන්න උදාහරණත් එක්ක.මේකේදි ලියන්න පුලුවන් කරුණු තමා

*ශ්‍රාම් ඕස්ගුඩ් ආකෘතියේ ප්‍රතිපෝෂණය ගැන සදහන් වූවද ෂැනන් හා වීවර් ආකෘතියේ ප්‍රතිපෝෂණය ගැන සදහන් නොවිම
*බාධක පිළිබඳව වැඩි අවධානයක් ෂැනන් හා වීවර් ආකෘතියේ දැකිය හැකි වීම
*ෂැනන් හා වීවර් ආකෘතිය රේඛිය ආකෘතියක් වන අතර ශ්‍රාම් ඕස්ගුඩ් ආකෘතිය චක්‍රීය ආකෘතියක් වීම

ඔය කරුණු 4 උදාහරණත් එක්ක විස්තර කරාම ඔයාලට CR පිටු 1 භාගයක් හෝ ඊට වඩා කරුණු ලියන්න පුලුවන්.

4 වෙනි ප්‍රශ්නෙට ජන සන්නිවේදනයේ ලක්ෂණ 4 ක් විස්තර කරන්න ඇහුවොත් මුලින්ම ජන සන්නිවේදනය හදුන්වන්න මොකක්ද ජන සන්නිවේදනය කියන්නෙ කියලා ලියනන් ජන සන්.. ගැන ඉදිරිපත් කරලා තියෙන නිර්වචන ලියන්න ඊටපස්සේ ලක්ෂණ 4 ක් වෙන වෙනම විස්තර කරන්න ඕනේ උදාහරණ අනිවාරෙන් දාලා.
එක කරුණක් ගත්තොත්

විශාල ග්‍රාහක පිරිසක් වෙත සිදුකරනු ලබයි.මේකේදි ඔයාලට ලියන්න පුලුවන් ඩිෆ්ලුවර් හා ඩෙනිස්ගේ නිර්වචනයේද සදහන් වන විශාල වූත් විවිධ වූත් ග්‍රාහක පිරිසක් ජන සන්නිවේදනයේ දී දැක ගත හැකිවේ.ජන සන්.. ග්‍රාහක ස්වභාවය විෂමජාතිය වේ.ජන සන්.. සංහතික සන්.. යන නමින්ද හැදින්වේ. ජන සන්.. පිළිබඳව ඉදිරිපත් කර ඇති HUB ආකෘතියේ සදහන් වන පරිදි ජන සන්.. ග්‍රාහක ස්වභාවය ජල තටාකයක දියරැලි කුඩාවී ක්‍රමයෙන් විශාල ප්‍රදේශයකට පැතිර යන සේ ජන සන්.. යේ ග්‍රාහක සංඛ්‍යාව ක්‍රමයෙන් විශාල වේ.උදාහරණත් එක්ක ඔයාලට ජන සන්නි.. ලක්ෂණ 4 CR පිටු 2 කට වඩා අනිවාරෙන්ම ලියන්න පුලුවන් ළමයි.

අනිත් ඒක අත්අකුරු ලස්සනට බෝල කර කර ලියනන් ඔනේනැ.පැහැදිලිව කියව ගන්න පුලුවන් විදියට ලියන්න ළමයි.

@Sanniwedanaya

💛 • 𝗔/𝗟 𝗠𝗘𝗗𝗜𝗔 𝗣𝗼𝗹𝗹𝘀 𝗚𝗿𝗼𝘂𝗽 • 💛

23 Dec, 03:00


🔴🔴 ලංකාවේ මාධ්‍ය නිදහසට සීමා බාධක පැනවූ අවස්ථා කිහිපයක්

1) 2018 මහනුවර බුදු පිළිම විනාශ කිරීමේ සිද්දියෙන් පසුව දින කිහිපයකට ෆේස් බුක් සමාජ මාධ්‍ය රජය විසින් අවහිර කිරීම

2 ) 2019 පාස්කු ප්‍රහාරයෙන් පසුව දින කිහිපයකට ෆේස් බුක් සමාජ මාධ්‍ය රජය විසින් අවහිර කිරීම

3)  2007- 2009 උතුරේ යුද්ධය පැවති සමයේ LTTE වෙබ් අඩවිය වූ Tamil Net රජය විසින් තහනම් කිරීම
.

💛 • 𝗔/𝗟 𝗠𝗘𝗗𝗜𝗔 𝗣𝗼𝗹𝗹𝘀 𝗚𝗿𝗼𝘂𝗽 • 💛

23 Dec, 02:50


ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිවාසිකම කඩ වූ අවස්ථා පිළිබඳ නඩු තීන්දු කිහිපයක් 👇🏻

1. හලාවත පෝස්ටර් නඩුව

(විපල්වවාදී කොමියුනිස්ට් සංගමයේ පෝස්ටර් ඇලවීම නිසා පොලිස් අත්තඩංගුවට පත් වීම)

2. ශක්තික සත්කුමාර ගොනු කළ නඩුව

(බුදුන්ගේ රස්තියාදුව නමැති කෙටිකතාව නිසා අත්තඩංගුවට පත් වීම)

3.දරමිටිගල රත්නසාර හිමි ගොනු කළ නඩුව

(පැවිදි හඬ සංවිධානයේ අත්පත්‍රිකා බෙදීම නිසා අත්තඩංගුවට පත් වීම )

2,181

subscribers

60

photos

1

videos