දැන් කාලෙ තාක්ෂණය සමග ජීවත් වෙන අපිට Fake News එකක් කියන්නෙ හුස්ම ගන්නව වගේ සාමාන්‍ය දෙයක්. මොකද රටේ ලෝකේ ඒ තරමටම මේ කියන Fake News නිර්මාණය වෙනවා.
ඒත් ඔයා හිතල බැලුවද මේ වගේ බොරු පුවත් වලින් ඔයාගෙ විනිශ්චය කිරීමේ හැකියාවට මොන වගේ බලපෑමක් කරනවද කියල? ඔයා කොච්චර තෝරලා බේරලා ඇත්ත දේවල් කියවන්න හැදුවත්, ඔයාට පුලුවන්ද බොරුවක් බොරුවක් විදිහටම එක පාර දකින්න?
ඉතින් අපි අද කතා කරමු ඒ ගැන. මේ පෝස්ට් එක පදනම් වෙන්නෙ මනෝවිද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද නවතම අධ්‍යයනයක් මතයි.
(දැන් එක පාරම ඒක පිළිගන්න එපා. පොඩ්ඩක් හොයල බලන්න ඒකත්)
මෙතනදි කරල තියෙන්නෙ, මිනිසුන් කීප දෙනෙක්ව කණ්ඩායම් දෙකට බෙදලා, ඒ කණ්ඩායම් දෙකට එකිනෙකට ප්‍රතිවිරුද්ධ (ධනාත්මක හා සෘණාත්මක) කරුණක් දැනුම් දීපු එකයි.
මෙහෙමයි මේ කරුණ සකස් වෙලා තිබ්බෙ. ජර්මන් රෝහලක් "අඩුම මරණ අනුපාතයක් ඇති" රෝහල හැටියට එක කණ්ඩායමකට දැනුම් දුන්නා. (කණ්ඩායම A)
අනිත් කණ්ඩායමට කිව්වා ඒ රෝහලම "ඉහළම මරණ අනුපාතයක් තියෙන ජර්මනියෙ සවුත්තුම රෝහල" කියලා. (කණ්ඩායම B)
දැන් ඔයාලට පේනවා A කණ්ඩායමට ධනාත්මක පුවතක් හා B කණ්ඩායමට සෘණාත්මක පුවතක් පරීක්ෂකයො විසින් ප්‍රකාශ කරල තියෙන්නෙ.
ඊළඟට, මේ කණ්ඩායම් දෙකටම පරීක්ෂකයො කිව්වා, "අපි ඔයාලට කලින් කිව්වෙ බොරු. මේ රෝහලේ ඇත්ත තත්වය, අපි ඔයාලට කිව්ව දේට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුධ දේයි" කියල.
දැන් මොකක්ද උනේ?
මේක හොඳ රෝහලක් කියල හිතන් හිටපු A කණ්ඩායම ඉක්මනට තමන්ගෙ මනස වෙනස් කරගත්තා මේක නරකම රෝහලක් කියල. (ධනාත්මක බොරු පුවතක්, සෘණාත්මක සත්‍ය පුවතක් උනා)
හැබැයි ප්‍රශ්නය උනේ ඊළඟ කණ්ඩායමෙයි. මේක නරකම රෝහලක් කියල හිතන් හිටපු B කණ්ඩායම, මේ රෝහල හොඳයි කියල පිළිගන්න එච්චර කැමති වෙලා නෑ. (සෘණාත්මක බොරු පුවතක්, ධනාත්මක සත්‍ය පුවතක් උනා/උනේ නෑ)
දැන් තේරෙනව නේද...!
සෘණාත්මක අසත්‍ය පුවතක් අපේ මනසට ඇතුළ් උනාට පස්සෙ, කොච්චර සත්‍ය කරුණු හමුවේ උනත් අපි ඒ සෘණාත්මක අදහස වෙනස් කරගන්න එච්චර කැමැත්තක් දක්වන්නෙ නෑ. මේ කාරණය අපේ විනිශ්චය දැක්වීමට සෘජුවම බලපාන දෙයක්.
සෘණාත්මක පුවතක් සාමාන්‍යෙන් ඉලක්ක කරන්නෙ මිනිස්සුන්ගෙ චිත්තවේග ආශ්‍රිත සිතුවිලි. ඒ නිසා, ඇත්ත කරුණු පෙන්නල දුන්නත් අපේම සිතුවිලි නිසා, ඒ සෘණාත්මක පුවතෙ බලපෑම සම්පූර්ණයෙන්ම නැති කරන්න හරි අමාරුයි.
අපිට කරන්න පුලුවන් එකම දේ, හැම දේම බැලන්ස් එකේ දකින අහන එක විතරයි. ඕනෙවට වඩා දේවල් විශ්වාස කරන්නවත්, අවිශ්වාස කරන්නවත් යන්න එපා. මනස ඒ තත්වයට දියුණු කරගන්නව කියන්නෙ, ඒක ලස්සන නිදහස් ජීවිතයකට හොඳ හැරවුම් ලක්ෂ්‍යයක් වේවි...!
#Psycho_Facts