Latest Posts from Learn Bits (@learnbits) on Telegram

Learn Bits Telegram Posts

Learn Bits
Psychology 🧘‍♂ | Relationship 👩‍❤️‍👨

Knowldege 📚 | Facts 🎉

Life Tips 🕊 | Life Hacks 💡

Mythology 🔱 | Events 🎃

Sri Lanka 🇱🇰

Ask & Cross Promo : @DrgNo
1,391 Subscribers
426 Photos
39 Videos
Last Updated 12.03.2025 01:59

The latest content shared by Learn Bits on Telegram

Learn Bits

12 Feb, 05:15

408

ආදර ජීවිතය ගැන තිත්ත උනත් සත්‍ය කරුණු කීපයක්

🌷 අපේ ජීවිතයට සහයෝගිමත් සහකරුවෙක් අවශ්‍යයි. එහෙම නැත්තං සහකරුවෙක් නොසිටිය යුතුයි. චුට්ටක් හොඳ චුට්ටක් නරක කියල ඔප්ශන් එකක් අවශ්‍ය නෑ.

🌷 ඔයාගෙ සහකරුවට ඔහුගේම හෝ ඇයගේම අඩුපාඩු කියන්න තේරෙන්නැත්තං හෝ ඒව ගැන දැනුවත් නැත්තං, ඒ අයට ඔවුන් ගැනවත් නිසි අවබෝධයක් නෑ. එහෙම කෙනෙක්ගෙන් ඔයාව අවබෝධ කරගනී කියල බලාපොරොත්තු වෙන්න එපා.

🌷 හොඳම පළිගැනීමේ ක්‍රමවේදය තමයි, තවදුරටත් පළිගැනීම් ගැන තැකීමක් නොකරන තැනට පත් වීම.

🌷 සම්බන්ධතාවක් දිගු කාලයක් තිබ්බ පමණින් ඒක හොඳ සම්බන්ධතාවක් වෙන්නෙ නෑ. හැමදාම තියේවි කියල කියන්නත් බෑ.

🌷 ආත්මගරුත්වයක් ඇතිවෙන්නෙ ස්වයංපාලනය තුළින්.

🌷 ඔයාට හිතෙනව නං ඔයාගෙ සතුට තියෙන්නෙ වෙනත් තැනක කියල, ඔයා ඒ හිතන සතුට කවදාවත් ඔයා ගාවට එන්නෑ. මුලින් තමන්ගෙ ඇත්ත සතුට හොයාගෙන ඉන්න.

#Relationship_Tips
Learn Bits

11 Feb, 17:06

355

ජපානයේ ගොඩක් පාසල් වල, අධ්‍යාපන පද්ධතිය තුළ දෙවන ලෝක යුද්ධය ගැන උගන්නන්නෙ අතිශය සංස්කරණය කරපු තොරතුරු කීපයක් විතරයි.

සරලවම, 'යුද්ධය නරකයි' කියන සංකල්පය උලුප්පල පෙන්වනව මිසක් දෙවන ලෝක යුධ සමයේ ජපානයේ මැදිහත් වීම් බහුතරයක් ඒ රටේ සිසුන්ට පාසල් වලින් ඉගෙන ගන්න හැකියාවක් නෑ.

#Facts
Learn Bits

11 Feb, 11:00

333

මානසිකව සමබර පුද්ගලයන් තුළ දක්නට ලැබෙන ලක්ෂණ කීපයක්

- ඔවුන් අනිත් අයට ගරු කරනව. අන් අයගේ ජයග්‍රහණයන් පිළිබඳව

- ඔවුන්, ඔවුන් ගැනම පුරසාරම් දොඩවන්නෑ.

- ඔවුන් සෑමවිටම සැමටම සිනහවෙන් සංග්‍රහ කරනවා. සහ සතුටින් ජීවත් වෙනවා.

- ඔවුන් අනෙකාට කතා කරන්න ඉඩ ලබාදෙනවා. හොඳ සවන් දෙන්නන්.

- ඔවුන් තමන්ගේ සතුට වෙනුවෙන් වෙන යම් කෙනෙක්ට අගෞරව කිරීම්, පහතට හෙළා කතා කිරීම්, සමච්චල් කිරීම් කරන්නෙ නැහැ.

- ඔවුන් අනිත් අයට උදව් කරනවා. ඔයාට උදව්වක් ඕනෙ උන ඕනෙම වෙලාවක, ඔවුන් ඔයා එක්ක ඉන්නවා.

- ඔවුන් අනිත් අයට දෙන උපදෙසක්, හිතල බලල සැලකිල්ලක් ඇතුව සහ වගකීමක් ඇතුව දෙන උපදෙස්.

- ඔවුන්, ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට අදාළ ගෞරවය ලබා දෙනවා.

- ඔවුන්, සාර්ථකත්වය අත් කරගැනීම සඳහා අනිත් අයවත් පොළඹවනවා.

#Psycho_Facts
Learn Bits

27 Jan, 05:47

556

මොකක්ද මේ Intranasal Tooth කියන්නෙ?

සරලවම, මේ කියන්නෙ 'නාස් මාර්ගය තුළ වර්ධන වූ දත්' ගැන. (බ්‍රවුසර් එකක මේ නම ගහල සර්ච් කරල image section එක බලන්න)

සමහරවෙලාවට, සමහර පුද්ගලයන්ගෙ නාස් කුහරය තුළටත් දත් වර්ධනය වෙනව. (සුලබ තත්වයක් නෙවෙයි).

මේ වගේ අසාමාන්‍ය ස්ථානයක දත් වර්ධනය වීමේ ප්‍රතිඵලයන් විදිහට, ස්වසනයට බාධා වීම්, මුහුණේ වේදනාවන්, හිසේ කැක්කුම්, නාසයෙන් රුධිරය ගැලීම්, නිරන්තරයෙන් නාස් කුහරයෙන් දියර ගැලීම් (සොටු ආදිය), වගේ තත්වයන් ඇති වෙන්න පුලුවන්.

සම්පූර්ණ ශල්‍යකර්ම මගින් මේ වගේ වර්ධනය වෙන දත් ඉවත් කිරීමෙ හැකියාවක් තියෙනව.

මේ තත්වයට නිශ්චිතම වන හේතුවක් තාම හොයාගෙන නැති උනත්, වාර්තාගත දත්ත අනුව ඒකට හේතුකාරක කීපයක් අඳුනගෙන තියෙනව.

ඒ, ජානමය ලක්ෂණ, කම්පනයන්, ශරීර පටක තුළින් ඇතිකරන අසාමාන්‍ය ප්‍රතිචාරයන්, දත් වර්ධන කාලසීමා තුළ වන බාධාවීම්, පැතළි තල්ලක් සහිත වීම, සාමාන්‍ය සංඛ්‍යාවට අමතරව වර්ධනය වෙන දත් ආදියයි.

Additional :
- ajnr.org
- edjent.org
- sciencepublishinggroup.com
- pubmedcentral

#Knowledge
Learn Bits

12 Dec, 12:15

1,091

Good morning, Good afternoon, Good evening, Good night. මේවා කියන්න ඕනෙ මොන වෙලාවල් වලටද?

Good morning - මධ්‍යහ්න 12 (දවල් 12) දක්වා භාවිත කරනවා.

Good afternoon - මධ්‍යහ්න 12 ඉඳල ඉර බැසගෙන යන වෙලාව දක්වා භාවිත කරනවා.

Good evening - ඉර බැස ගියාට පසුව භාවිත කරනවා.

Good night * - මේක පිළිගැනීමේ පාඨයක් නෙවෙයි. සමුදීමේ පාඨයක්. ඉර බැස ගියාට පස්සෙ (රෑට) යම් කෙනෙක්ට සමුදෙනකොට, යම් තැනකින් පිටත් වෙනකොට හෝ නිදාගන්න යනකොට භාවිත වෙනවා.

#English
Learn Bits

10 Dec, 00:47

1,159

සම්බන්ධයක් තුළදි, ඔබගේ සහකරුවා ඔබව පාලනය කරන්න හදනවද කියල දැනගන්නෙ කොහොමද?

🦉 එයාලා, ඔයාට දැනෙන වරදකාරී හැඟීම් උපයෝගී කරගෙන ඔයා ලවා විවිධ වැඩ කරගන්නවා.

🦉 එයාලා ඇත්තටම අදහස් නොකරන දේවල් කියලා ඔයාව වර්ණනා කරනවා.

🦉 ඔයා, එයාලා කරපු වැරැද්දක් ගැන ඇහුවම, එයාල ඒකට හේතු දැක්වීමක් හෝ සමාව ගැනීමක් නොකර, ඔයා අතීතයේ කරපු වැරැද්දක් අල්ලන් ප්‍රශ්නය මග හරිනවා.

🦉 එයාලා ඔයා කියන හැමදේම ඔයාට විරුද්ධව පාවිච්චි කරනවා. ඔයාගෙ කටින්, ඔයා ඇත්තටම අදහස් නොකරපු දෙයක් හදිසියේ පිට උනත්, එයාලා ඒ දේ අර්ථය විකෘති කරමින් ඔයාට විරුද්ධව පාවිච්චි කරනවා. අවසානයේ ඔයා වැරදිකාරයා වෙලා සමාව ඉල්ලනවා

🦉 ඔයා එයාලට ඕනෙ දේවල් කලේ නැත්තං එයාල හරි රළු විදිහට ඔයාව පැත්තකට කරනවා. සමහරවිට ඒ දේ දෙනකංම ඒක එහෙමම තියෙනව.

🦉 එයාලා ගොඩක් නරක දේවල් ඔයාට කියනවා. ඒත් පස්සෙ කියනවා විහිළුවට කිව්වෙ කියල. හෝ ඔයාගේ සංවේදිතාවට වැරද්ද පටවනවා. හෝ ඔයා එයාලව වැරදියට තේරුම් අරන් කියනවා.

#Relationship_Tips
Learn Bits

09 Dec, 14:39

569

පියයුරු පිළිකා, ආශ්‍රිත කරුණු ආදීය ගැන දැනගනිමු

හැඳින්වීම

පියයුරු පිළිකාවක් කියන්නෙ සරලවම, පියයුරු පටක වල ඇතිවෙන අසාමාන්‍ය සෛල වර්ධන තත්වයක්. සාමාන්‍යෙන් පිළිගන්න දේ තමයි, සම ආශ්‍රිත පිළිකා තත්ව වලට පස්සෙ ලෝකෙ වඩාත්ම සුලබ වෙන්නෙ මේ පියයුරු පිළිකා කියන කාරණය.

සහ මේක කාන්තාවන්ට විතරක් සීමා උන තත්වයක් නෙවේ. අපි හැමෝගෙම ලිංග භේදයකින් තොරවම පියයුරු පටක පිහිටනවා. ඉතින් ඕනෙම පුද්ගලයෙක්, පියයුරු පිළිකාවකට ගොදුරු වීමේ අවදානමක් තියෙනවා.

වර්තමානය වෙනකොට පියයුරු පිළිකා වලට දීලා තියෙන සුවිශේෂී අවධානය නිසා, මේ තත්වයෙන් මියයන අයගෙ සංඛ්‍යාව වේගයෙන් අඩු වෙමින් පවතිනවා. ලංකාව ඇතුලු ගොඩක් රටවල් වල, පියයුරු පිළිකා සම්බන්ධව මූලික දැනුවත් කිරීම් කිරීමත් ඒ හරහා රෝගී තත්වය කලින්ම හඳුනා ගැනීමත් යන කාරණා නිසා රෝගීන්ව මරණයෙන් බේරාගැනීමෙ හැකියාව වැඩිවෙලා තියෙනවා.


මේ තත්වය ආශ්‍රිත රෝග ලක්ෂණ

- අවට ප්‍රදේශ වලට වඩා වෙනස් ලෙස දැනෙන ගැටිත්තක් හෝ සමේ ඝන වූ පෙදෙස් පියයුරු ආශ්‍රිතව ඇතිවීම.

- තනපුඩු ගිලාබැසීම හෝ සමතලා තත්වයට පත් වී තිබීම.

- ඇඟේ අනිත් තැන් වල සමට වඩා පියයුරු වල සමේ පාට වෙනස් වී තිබීම. (සුදු සමක් සහිත අයගේ පියයුරු රෝස හෝ රතු පැහැ වීම. දුඹුරු හෝ කළු සමක් ඇති අයගේ පියයුරු, දම් හෝ තද රතු වැනි තද පැහැයට හැරීම.)

- පියයුරු වල හැඩය ප්‍රමාණය හෝ පෙනුම කෙටිකාලයක් තුළ වෙනස් වීම.

- පපුවේ සමෙහි විවිධ ගිලාබැසීම් වැනි පැල්ලම් ඇති වීම.

- පියයුරු වල සම කොරපොතු ආකාර වීම, සම ගැලවී යාම, සම ඝන වීම.


වෛද්‍ය උපදෙස් ලබාගන්න ඕනෙ මොන වගේ අවස්ථාවකදි ද?

ඔයාගෙ පියයුරු වල අසාමාන්‍ය ගැටිති ඇති වෙලා නම් හෝ ඉහත සඳහන් කලා වගේ යම්කිසි වෙනසක් පෙනෙන්නට තියෙන නං, හැකි ඉක්මනට වෛද්‍ය උපදෙස් ලබාගන්න යොමු වෙන්න. අවධානමට පෙර සූදානම කෝකටත් හොඳයි...!
Learn Bits

09 Dec, 12:30

487

ඔයා දන්නවද 1914 දි Charlotte May Pierstorff කියන කුඩා දැරිවියව, ඔවුන්ගේ දෙමව්පියන් විසින් පාර්සල් තැපෑල හරහා ඇයගේ මිත්තනියගේ ගෙදරට යැව්වා කියල..?

මේකට හේතුව ඒ කාලයේ, කෝච්චි ටිකට් එකක් අරන් ඒ ගමන යනවට වඩා පාර්සල් තැපෑල හරහා ඇයව ගමනාන්තයට යවන එක ගොඩක් ලාභදායි වෙලා තියෙනවා.

හැබැයි වැරදියට තේරුම් ගන්න එපා. ඇයව ලොකු පෙට්ටියක දාලා "බඩුවක්" වගේ නෙවෙයි තැපැල් කලේ. ඇය සාමාන්‍ය විදිහටම "ලියුමක්" ලෙස සලකල මුද්දරය ඇයගෙ කබායේ අලවල තියෙනව.

මේ සිදුවීමෙන් පස්සෙ, තැපැල් සේවාව හරහා මිනිසුන් හෝ සජීවි දේවල් මේ විදිහට තැපෑල හරහා ප්‍රවාහනය කිරීම තහනම් කරලා තියෙනවා. ඒත් ඒ කාලෙ කුකුළන්ට සහ මී මැස්සන් තැපෑල හරහා ප්‍රවාහනයට දිගටම අවසර ලැබිලා)

#History
Learn Bits

09 Dec, 03:12

417

🇱🇰 𝘼/𝙇 𝘽𝙞𝙤 𝘼𝙥𝙞🧬

25/26 අවුරුද්දේ BIO වලින් AL කරන Studentsල වෙනුවෙන්ම වෙන් වූ එකම Telegram චැනලය

23 ,24 A/L  කරපු  අයියලා අක්කලා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ඔයාලට උදව් කරන්න.


ඒ වගේම ඔයාලට අපේ Channel එකෙන් 👇

▫️️Class notes
▪️Quiz pool
▫️️Past Papers
▪️Resources Book
▫️️Study tips
▪️Motivation

වගේ දේවලුත් අපේ channel එකෙන් ගන්න පුලුවන්.

ඉතින්, ඔයාලත් අපිත් එක්ක Join වෙන්න කැමති නම් පහළ 👇👇තියෙන Linksවලින් Join වෙන්න.

1.Telegram Official Channel Link = https://t.me/+-syw5aJRWJQ2MmY1

2.Telegram Discussion Group Link =
https://t.me/Notes_By_Kavee_Discussion_Group
Learn Bits

08 Dec, 09:58

443

🕊️SeVeNWiNgS🪽

Subscribe to my channel. For those who subscribe to my channel.

මගේ චැනල් එකට සෙට් වෙන්න. මගේ චැනල් එකට සෙට් වෙන ඔයාට.

♥️Tiktok
☺️Whatsapp status
🥰New Romantic Movies
🤗Couple Wallpapers
😇Couple Photos

@SeVeNWiNgS24🪽
පහළ ලින්ක් එකෙන් ජොයින් වෙලා සෙට් වෙන්න.Join and join from the link below.