නිසදැස් 🍃⃟⃝🌼᭄ ᭄ ᭄ ࿔😌

@beautynisadas


නිසදැස් කියවන්න එන්න එකතු වෙන්න ❤️🥀

Owner - @Rashmi_sayuri


කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීමෙන් වලකින්න.... 👀🚫‼️


Since :- 2022.07.08 🌻

නිසදැස් 🍃⃟⃝🌼᭄ ᭄ ᭄ ࿔😌

12 Oct, 07:11


සංසාරේ පතාගෙන එන්නත් අපි කාට හරි බැදිලා ඉන්න එපැයි 🫀"💞

"
ඉතින් දැන් මම පරිණත ප්‍රේමවන්තියකි "


ආදරේ දැයි නිතර අසා දැන් මටත් හති
මගේ නේද කියලා ඇවිටිලි කරලම මට හරි මහන්සි
බලෙන් අල්ලන් ඉන්න බෑ කියලා මම මටම කිව්ව නිසා ලොකු විඩාවක් නෑ
මගේ නම් ඉදීවී නැතිනම් අත් හැරේවි හිතෙන තරමටම මම හරි පරිණතයි


ඉස්සර පිස්සුවෙන් වගේ පස්සෙන් ගිය මම දැන් හරි නිහඩයි
වෙලාවකට ඔයාගෙනුත් ප්‍රශ්න මොකද මම දැන් හරි වෙනස්
ඒ හැම ප්‍රශ්නෙකටම මට කලබලකාරී උත්තර නෑ
මොකද දැන් මම පරිණතයි



එදා වගේම අදත් කියන්න ම් මට මහ ලොකු දේවල් ඕනේ නෑ

මගේ නමට ඉන්න 😫💍💞




සචිනි රත්නායක ....✍️🍭🌻

නිසදැස් 🍃⃟⃝🌼᭄ ᭄ ᭄ ࿔😌

07 Oct, 07:56


මම ආදරේ දි හරි ආදරණීයයි 🫀💕


ආදරෙයි ආදරෙයි කෑ ගහලා කියන්න බැරි උනාට මගේ හිත හැමදාම හඩනැගුවා ඔයා ඉස්සරහට
නිතරම කතා කරන්න බැරි උනාට මගේ හිත හෙව්වේ ඔයාව විතරයි ඕනෙදෙයක් ඔට්ටුයි මගේ හෘද සාක්ෂියට
මම දන්නවා ඔයාට මහ ගොඩක් ආදරේ ඕනේ උනා වෙලාවකට මටම හරි බරයි ඔයාගේ ආදරේ ට
දන්නවා ද වටිනාකම තේරුම් යන්නේ අයිතිය තියෙද්දි නෙවෙයි අයිතිය නැති උනාමලු මට දැන් තේරෙනවා හොදට

දන්නවා ද ඔයා හරි පොඩි දේකින් සැනසුන ගෑනුළමයෙක් මම අත්දැක්කා ඒක
පොඩි මලක් ලස්සන පොතක් විතර යි ඕන උනේ ගේන්න හිනාවක් ඔය මුණට
කොච්චර ක් ආදරෙයි ද ඒත් මට බැරි උනා ඒ පොඩි දේකින් වත් ගේන්න හිනාවක් ඔයාට
මටම හරි පුදුමයි මට අතෑරෙද්දිත් ඔයා අල්ලන් ඉදියා මාව තදට

දන්නවා ද දරාගන්නම බැරි හැගීම මොකක්ද කියලා මට දැන් මේ දැනෙන ...?

" කියලා දේවල් ගන්නවා ට වඩා ආදරෙයි නම් හිතලා කරන්න ඕනෙයි "

දවසක් ඔයා හොරෙහින් කෙදිරුවා මගේ හිතට 🙂💞




සචිනි රත්නායක .......✍️🍭🌻

නිසදැස් 🍃⃟⃝🌼᭄ ᭄ ᭄ ࿔😌

27 Sep, 17:16


සමහර සිදුවීම් හරි පුදුමාකාරයි 🥺🥀😔

Rest in Peace 🥺💔

නිසදැස් 🍃⃟⃝🌼᭄ ᭄ ᭄ ࿔😌

24 Sep, 15:07


අහම්බෙන් උනත් මිනිස්සු පැටලෙන්නේ මිනිස්සුන්ට අයිතියක් දැනෙන තැනක !!


ඔයා ආදරෙයි අහන හැමවෙලාවෙම මම නිහඩ උනා
අහ් දැන් ඔයා මට ආදරේ නෑනේද ප්‍රශ්නේ ඔයාම අහලා උත්තරෙත් ඔයාම හදාගත්තා
ගෑණු පපුව හරි ගැඹුරුයි ඒ ආදරේ හරි බරයි කවි උනත් ලියන්නේ ටික දෙනයි ඒ තරම් සංකීර්ණයි ඔයාට තේරුම් ගන්න බැරිව ඇති මම හිතින් හිතුවා

ඒයි කිස් එකක් දෙනවකෝ මම පොඩ්ඩක් හපන්නද
මේ පාරෙනේ කට්ටිය ගොඩයි කවුරුත් දැක්කොත් හරි නෑනේද
ඔයා මගේ නේද ඉතින් කවුරුත් දැක්කහම මොකද ඔය ලැජ්ජයිද
එයා හැමවෙලාවෙම මාව අසරණ කරා

ආදරෙයි නම් එහෙම කරන්නේ නෑ එතන තියෙන්නේ ආදරයක් නෙවෙයි කිව්වට ස්පර්ශයක් නැතිව ආදරේ රැදෙන් නෑ ගොඩක් වෙලාවට අතෑරුනා මම ඇස් දෙකෙන් දැක්කා

දන්නවා ද කවුරුම හරි කිව්වොත් අපෝ ඒකි හොද නෑ වටේ යනවා බන් මම කියන්නේ කෙල්ල විතරක් නෙවෙයි කොල්ලත් වැරදි
කොච්චර වැඩ තිබුනත් තමන්ට වටින මිනිස්සු වෙනුවෙන් ඕනෙම මිනිහෙක් ට වෙලාවක් තිබුනා

ලේබල් නොගහා ආදරේ කරන්න බෑ ආදරේටත් dead line වැදුනා 🙂🌻





සචිනි රත්නායක ......✍️🍭🌻

නිසදැස් 🍃⃟⃝🌼᭄ ᭄ ᭄ ࿔😌

20 Sep, 03:38


පපුව පුරවගෙන ඔයාගේ සුවදින්
කොච්චර ආදරේ කරත්
සමහර තැන් ජීවිතේ එනවා මොනා දේ උනත් අපි පාරවල් දෙකක යන්න ඕන

කොච්චර ක් නම් ආදරෙයි කිව්වත්
අපිට අපි නැතිව බැරි උනත්
අපිට වෙන් වෙන්න තැනක් එනවා.

ඉතින් අපි මේ අවුරුදු ගානට ආදරේ කියලා මොනවද දන්නේ ?
මොනාද ඉගෙන ගත්තේ ?
ඔයාලා මොනවද ආදරේ ගැන දන්නේ ?

ආදරේ පපුවේ හිරකරන් කටපුරා හිනා වෙලා ආදරේ නෑ පරිස්සමෙන් ඉන්න කියන්න මිනිහෙක්ට කොච්චර හයිය හිතක් ඕනේද ?


ආදරෙයි කියන්නේ අපේ ජීවිතේ සංවේදිම හරිය කිව්වොත් ඔයාලා පිලිගන්නවාද.... ?




සචිනි රත්නායක .........✍️🍭🌻

නිසදැස් 🍃⃟⃝🌼᭄ ᭄ ᭄ ࿔😌

19 Sep, 08:20


මම මහ අමුතු ළමයෙක් 😫🫀🩸

හැමෝටම කැමති පාටක් තියෙද්දි මට කවදාවත් කැමතිම පාටක් තිබුන් නෑ

හැමෝම කැමති කෑම ජාති හොයද්දි ඕනේ කෑමක් කන්න මම පුරුදු උනා

හැමෝටම හොදම යාලුවෙක් ඉද්දි හම්බවෙන හැමකෙනාම මගේ යාලුවෝ උනා

ගොඩක් අය යාලුවො එක්ක ඇවිදින්න යද්දි මම මම කැමති හැම ගමනක් ම තනියම ගියා

අනෙක් අය නිහඩ තැන් වලදි මම පිස්සෙක් වගේ කියෙව්වා

අනෙක් ගෑණු ළමයි එක එක ෆැශන් කරද්දි ගොඩක් වෙලාවට මම ඩෙනිමට බාටා දෙකක් දැම්මා

එක තැනකදි මම අනෙක් අයට වඩා සෑහෙන්න වෙනස් උනා

" ආදරේ කරද්දි මම පිස්සෙක් වගේ උනා, මගේ දේවල් බෙදාගන්න බැරි තරමටම මම පිස්සෙක් උනා පිස්සුවෙන් වගේ ආදරේ කලා "

දන්නවා ද හොදම දේ
මම මට වඩා හොදට මගේ දේවල් බලාගත්තා ගොඩක් අයට එච්චර ආදරය ක් දරාගන්න බැරි උනා 🙂🌻





සචිනි රත්නායක ......✍️🍭🌻

නිසදැස් 🍃⃟⃝🌼᭄ ᭄ ᭄ ࿔😌

15 Sep, 05:57


මොහාන් රාජ්මඩවල සර්ගේ පොත් ටිකේ pdf තියෙන් ළමයෙක් මට දෙන්න පුළුවන් ද... ?


😫🌻

නිසදැස් 🍃⃟⃝🌼᭄ ᭄ ᭄ ࿔😌

13 Sep, 08:06


කාලේ හරි ඉක්මනින් යනවා දැනෙන් නෑ නේද...😫🌻


යාලුවෝ විදිහට ගමන පටන් ගනිද්දි දැන් අවුරුදු 4ක් වෙලා අපේ ආදරණීය කතාවට
පුදුමයි නේද ඔයා තාමත් ඉස්සර වගේමයි හරි ආදරෙයි මෙමට

ප්‍රශ්න නම් ගොඩක් ආවා ඔව් මට මතකයි ඒ හැමදේම
දන්නවා ද ඒ හැම මොහොතම ඔයා හරි ආදරණීය විදිහට මාව පරිස්සම් කලා මම හරි ආදරෙයි ඔයාට

මේ ඒයි මේ අහන්න කෝ
පොඩ්ඩක් වත් මගේ හිත රිද්දන් නැතිව කෝම ඔයා ආදරේ කරනවද
අපි පේන මානෙක නොඉදියත් තනියක් නොදැනෙන්න හැමවෙලාවෙම මට දැනෙන්න අරින්නේ කෝමද


පුංචි පුංචි දේවලින් හරි ලස්සන ට ඔයා මාව සතුටු කරනකොට
මම කියෝන හැමදේම අහන් ඉදලා හරි ලස්සන ට මගේ හැම ප්‍රශ්නෙකටම උත්තර හොයන විදිය
මොනම වෙලාවෙදිවත් මගේ විස්වාසය නැති නොකරන ඔයාට
මේම ආදරේ කියලත් මදි මම දන්නවා ඒක


මගේ අනාගතේ ගැන මටත් වඩා හිතන ඔයා
ලස්සන දවස් වෙනුවෙන් කෝම ඉවසනවද මන්දා
බය වෙන්න එපා අමාරුයි කියලා හිතෙන හැමමොහොතකදිම මම ළඟින් ඉන්න හින්දා
අපි කෝම හරි දිනමු එතකන් මම ඉන්නවා ඔයා ළගින්ම හැමදා...


ආදරෙයි හරිද මම 😫🌻





සචිනි රත්නායක ....✍️🍭🌻




තනිකඩ මගෙන් මෙහෙම request කරද්දි දැනෙන feeling එක 😎😫🪻

නිසදැස් 🍃⃟⃝🌼᭄ ᭄ ᭄ ࿔😌

11 Sep, 10:34


:)😫🫀💐


මගේ නිසදැසක් වෙනුවෙන් මේ අවුරුදු දෙකට මට හම්බුන හොදම gift එක ✍️🍭🌻


Tnq 🥺🪻


Credit for "Prabhasini Sewwandi"


And she said ,

ලස්සන හිත්වලට හැමදාම ලස්සන දේවල් හම්බෙනව අක්කේ

I felt it

නිසදැස් 🍃⃟⃝🌼᭄ ᭄ ᭄ ࿔😌

11 Sep, 03:11


ජීවිතේ කවදමහරි ඔයාට අවස්ථාවක් ලැබිලා තියෙනවද, පරිණත පිරිමි ආත්මෙකට ප්‍රේම කරන්න ! ❤️

ඒක හරි ලස්සන හැඟීමක් !

මොකද,

එයාලා හරියට දළ ඇත්තු වගේ වැඩි මවාපෑම් නෑ !
වැඩි කතා සද්ද බද්ද නැ.

පැලෙන්න ආදරේ තමයි ඒත් පෙන්නන්නෙ නෑ...ඒ වගේ පිරිමි මොන්ටිසෝරි ටයිප් කෙල්ලන්ට ආස නෑ...උන් හොයන්නෙ
පොලවේ පය ගහල ඉන්න කෙල්ලො.

නිතරම මැණික බාබා කියන්න කෝල් මැසේජ් ගන්න එයාලට වේලාවක් නෑ එයාල කරන රස්සාවත් එක්ක තමන් ආදරේ කරන කෙල්ලට අවධානය දෙන්නත් අමතක කරන්නේ නෑ වැඩ ඇරිල එද්දි කෙල්ල ආස කෑමක් උස්සන් එන්න අමතක කරන්නෙ නෑ.

නිතරම කෙල්ලගේ අතේ පයේ එල්ලිලා ඉන්නේ නෑ...

ඒත් පාරක් පනිද්දී අතින් අල්ලන් ආරක්ෂාකාරී හැඟීමක් දනවන්න අමතක කරන්නෙත් නෑ...වාහනේ යනකොට සීට් බෙල්ට් එක දාන්න, බයිසිකල් එකෙ යනකොට හෙල්මට් එක ආදරන් දාන්න අමතක කරන්නෙත් නෑ.

කොහෙ හරි යනවා කිවුවම හෝල්ට් එකෙන් හෝල්ට් එකට කෝල් අරගෙන වීඩියෝ කෝල් අරගෙන නටන්නේ නෑ location දාන්න කියල මැරෙන්නෙ නෑ.

ඒත්,

පරිස්සමෙන් ගිහින් එන්න කියන්න අමතක කරන්නේ නෑ ! රෑ උනොත් ගන්න එන්නද අහන්න අමතක කරන්නෙ නෑ.

කෙල්ලගේ ෆෝන් සෝශල් මීඩියා චෙක් කර කර අවිශ්වාස කරන්නේ නෑ !

ඒත්,

කෙල්ලට හොඳ නරක කියල දෙන්න අමතක කරන්නේ නෑ මේක කරොත් ප්‍රතිපලය මේකයි කියල කියනවා.

අත් නැති ඒව අදින්න එපා, අරහෙම අඳින්න මෙහෙම අඳින්න කියලා නීති දාන්නේ නෑ කෙල්ල හැඩට ඉන්නවනම් කොල්ලට කෝමත් සතුටුයිනේ !

ඒත් කෙල්ලගෙ ආත්මේ ගරුත්වය රකින්න පැකිලෙන්නේ නෑ !

අන්න එහෙමයි පිරිමියෙක් පරිණත පිරිමියෙක් වෙන්නෙ...හොයා ගන්න ටිකක් අමාරු උනත් එහෙම කොල්ලෙක් ලැබෙන්න කෙල්ලක් පින් කරන්න ඕනෙමයි ! ❤️

-🥹🪻-

නිසදැස් 🍃⃟⃝🌼᭄ ᭄ ᭄ ࿔😌

11 Sep, 03:11


*මාසයක් දෙකක් ඉවසීම ප්‍රගුණ කරලම ,*
*දැකපු තප්පරේම කෙල්ලව තුරුළු කරගෙන*
*නළලට හාදුවක් තවරන ආදරණීය පිරිමි දැකල තියනවද ?*

*මාසයක්ම නැහිලා ගන්න පඩිය අරං ඇවිත් ලෝභ නැතිව ආසම කෑම අරන් දෙන , ආසම තැන් වල ඇවිදින්න එක්කන් යන පිරිමි දැකලා තියනවද ?*

*පාරෙන් එහා පැත්තට තමන්ගෙ කෙල්ලව දාලා උරිස් වටේ එතෙන ඒ දරදඩු අතක ආරක්ෂාව කවදාකහරි දැනිලා තියනවද ?*

*මාසයක් , දෙකක් තිස්සෙම හිතේ හිර කරන් ඉදපු හැම දුකක්ම , පීඩනයක්ම කෙල්ලගෙ උකුලෙ ඔලුව තියන් නිදහස් කරගන්න අහිංසක පිරිමි දැකල තියනවද ?*

*" මටත් බෙදලා දෙන්න "*
*" මටත් කවන්න " කියල හුරතලේට ළග දැවටි දැවටි ආදරෙ හොයන දඩබ්බර පිරිමි දැකලා තියනවද ?*

*හම්බෙන පුංචි වෙලාවෙදිත් උපදෙස් කෝටියක් එක්ක පරිස්සම් වෙන්න උපදෙස් දෙන , ජීවිතෙ කියාදෙන හිතුවක්කාර පිරිමි ළමයි දැකලා තියනවද ?*

*දවසම ළග ඉදලා යන්න යද්දි නළල ඉඹලා තුරුළු කරගන්න ඒ පුංචි ආදරණීය* *මොහොතෙ දැනෙන ආදරේ කවදම හරි විදලා තියනවද ?*

*විශ්වාස කරන්න.එහෙම පිරිමි තාමත් ඉන්නවා.වාසනාවන්ත ගැහැනුන්ට හමුවෙනවා.*

*වචන වලටම සීමා නොවුනු පිරිමි ආදරේකට පුළුවන් කෙල්ලෙක්ගෙ මුළු ජීවිතේම වෙනස් කරන්න....!❤️‍🩹*

-😫🌻-

නිසදැස් 🍃⃟⃝🌼᭄ ᭄ ᭄ ࿔😌

06 Sep, 15:53


මෙසේ ලියා තබමි ,

නුබව දුටු මුල් දිනේ
අමතක නෑ කිසි ලෙසේ
මතකයයි ගෙනෙන්නේ
නුබෙ ඒ සිනහවේ

ප්‍රේම කලා මා නුබ හට
ආස කලා නුබෙ සුවදට
පැතුමන් දැරුවා අධිකව
නුබ හා ජීවත් වන්නට

කෙතරම් දේවල් සිදු වුවද
මා තවමත් ප්‍රේම කරයි නුබට
සිනාසෙන්නට මා හට
තවත් හේතුන් කුමටද

ආදරෙයි කියා එදා නුබ කී වෙලේ
මට අද වාගෙ මතකයි සැම විටේ
ඉතින් එදා වාගෙම මතුභවේ
නුබෙ ආලය පතනිමේ

අත් අල්ලන් ඇවිදපු කාලෙ
කිසි ලෙස අමතක නොවේ
ආස කරන්නෙම නුබෙ උනුහුමේ
රැදී ඉන්නයි හැමදිනේ

ඉල්ලන්නම් එකම එක දෙයක්
ජීවිතය පුරාවට මට පමණක්
නුබේ ආලයෙ වී ඉදින්නට
අවසන් ප්‍රේමිය වී මතුවටත්


🌹❤️

🖇 kavindi

නිසදැස් 🍃⃟⃝🌼᭄ ᭄ ᭄ ࿔😌

04 Sep, 07:05


ආදරේ විතරක්ම ඉල්ලුව මහ අමුතු පිරිමි ළමයෙක් එයා 😫🫀🪻


ඒයි මේ අහන්න
අද හවස පොඩ්ඩක් ඇවිත් යන්න පුළුවන් ද ?
මාසෙකට සැරයක් එයා ඉල්ලන ඒ අහිංසක ඉල්ලීම
කොච්චරක් නම් වැඩ තිබුනත් මම දුවන් යන්නේ ඊට වඩා මට වටිනවා එයාව
මොන දේ තිබුනත් වෙලාවට වැඩ කරන ඒ ආඩම්බරකාරයව
බලන්න මම යන්නේ වෙනදටත් වඩා ලස්සනට
මොකද මම දන්නවා මාව කොච්චර බලන්න ඕනේ උනත් පොඩ්ඩක් හරි පරක්කු උනොත් මට හිස් අතින්ම හැරිලා එන්න වෙන බව

කවදාවත් මම මුකුත් ම ඉල්ලලා නෑ එයාගෙන්
හැබැයි එන හැමදාම කැලෑ මලක්, පොතක් වරදින් නෑ අතේ
මල කනෙන් රදවලා පොත අතට දුන්නම මට දැනෙන ඒ හැගීම් ලස්සන ට ඇති එයාගේ ෆෝන් එකේ ගැලරියේ

මම කොච්චර ඇහුවත් මොනවද මගෙන් ඕනේ අනේ
කටවහන් පොඩ්ඩක් ඔහොම ඉන්න පැත්තටත් අමුතු ලස්සනක් තියෙනවා තමුසෙගේ
ඉතින් ඔච්චරයි මුලු මාසෙම මගේ
ඕපදූප මම පැයෙන් කියෝනවනේ
මුකුත් කියන් නෑ ඔක්කොම හරි ආසාවෙන් අහන් ඉන්නවා හරි පුදුමයිනේ


මම ආසම එදා දවසේ අවසානෙට
මොකද එයා යන්න කලින් හැමදාම වගේ මිටි මගේ නළල ළගට නැම්ලා දෙන කිස් එකෙන් පස්සේ

" ඊළග මාසේ මම එනකන් හරි පරිස්සමෙන් ඉන්නෝනේ "

කියලා මාව ගන්නවා ඒ උනුසුමට වැරෙන්

මම හරි ආදරෙයි ඔයාට 🥺💐




සචිනි රත්නායක .......✍️🍭🌻

1,282

subscribers

982

photos

119

videos