Anuruddha Bandara @anuruddhabandara Channel on Telegram

Anuruddha Bandara

@anuruddhabandara


Public Figure | Activist

Anuruddha Bandara Telegram Channel (English)

Welcome to the official Telegram channel of Anuruddha Bandara, a renowned Public Figure and Activist. Anuruddha Bandara uses this platform to connect with his supporters, share his thoughts on important social issues, and raise awareness about various causes he is passionate about. Whether you are interested in learning more about his activism work, following his latest projects, or simply engaging in meaningful discussions, this channel is the perfect place for you. Anuruddha Bandara's dedication to creating positive change in the world is truly inspiring, and by joining his Telegram channel, you can become a part of his journey towards making a difference. Stay updated on his upcoming events, campaigns, and initiatives by subscribing to the Anuruddha Bandara Telegram channel today!

Anuruddha Bandara

10 Sep, 12:20


https://www.facebook.com/share/p/xCPsEy8MhB2ynui7/?mibextid=oFDknk

Anuruddha Bandara

06 May, 08:57


https://www.facebook.com/share/v/vVDn66MF9md4k5Xq/?mibextid=oFDknk

Anuruddha Bandara

28 Mar, 17:50


https://www.facebook.com/share/p/4fD4s5bFSK4th57F/?mibextid=Nif5oz

Anuruddha Bandara

27 Mar, 17:48


ජාතිකවාදය , ජාතිවාදය සහ දේශප්‍රේමය
Full article -
https://www.facebook.com/share/p/CYSV37apdxgnWkqU/?mibextid=Nif5oz

Anuruddha Bandara

12 Mar, 14:31


ඉස්ලාම් බැතිමතුන් සිය රාමසාන් උපවාස කාලය අද (12) දිනයෙන් ආරම්භ වන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබෙනවා.

රාමසාන් සද බැලීමෙන් ආරම්භ වන මාසය ඉස්ලාමයේ අනුගාමිකයන් වන මුස්ලිම්වරුන් නිරාහාරව සිටීම, ස්වයං වින්ය පුහුණු කිරීම සහ යාච්ඤා කිරීමේ ශුද්ධ මාසයයි. ශ්‍රී ලංකිකකයන් විසින් මෙය නෝම්බු මාසය ලෙසද හදුන්වනවා. මෙහිදී අළුයම 4.30 පමණ සිට පස්වරු 6.30 පමණ වන පැය 14 ක කාලයක් නිරාහාරව ශීලයට මුල් තැන දී ගත කෙරෙනවා. කුසගින්න , පිපාසය ඉවසා ගැනීම, ආශාව ඉවසා ගැනීම මින් බලාපොරොත්තු වනවා.

මුස්ලිම්වරුන් සඳහා වූ ශුද්ධ ග්‍රන්ථය වන අල් කුර්ආනය පිළිබඳ මුහම්මද් තුමාණන්ට මුලික හෙළිදරව් කිරීම් ලැබුණු මාසය ලෙසද එය සමරනු ලබනවා.

ඔබ සියලුම දෙනාට ප්‍රීතිමත් රාමසාන් උත්සවයක් වේවා.

#Ramadan #lka

Anuruddha Bandara

17 Feb, 07:20


පොලිස් දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපයට අප්‍රසාදය පලකල ධාවකයාට පොලීසියෙන් හිංසා...
=====================

පොලිස් දෙපාර්තමේන්තුව විසින් ජනතාව වෙත මුදා හැර ඇති හිංසනයට අප්‍රසාදය පළකරමින් පසුගියදා පැවති P2P පාපැදි ධාවන තරගයේ 40න් පහල කාණ්ඩයේ දෙවන ස්ථානය ලබාගත් පරිඝණක මෘදුකාංග ඉංජිනේරුවරයකු වන චමීර විජේබන්ඩාර මහතා ඔහුට හිමි සම්මානය ජේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා වෙතින් ලබා ගැනීම් ප්‍රතික්ෂේප කලා. මෙහිදී ඔහු ඉතාමත් නිහතමානීව සහ වෘත්තීමය ලෙස එම ප්‍රතික්ෂේප කිරීම සිදු කල අතර ඉන් පසුව එහි අර්ථය පිළිබදවද ෆේස්බුක් සටහනක් තබා තිබුනා. මෙය කිසිදු පෞද්ගලික පදනමක් මත නොව සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුව මහජනතාව වෙත දියත් කර ඇති හිංසනයට විරෝධය දැක්වීමක් ලෙස ඔහු මෙම ක්‍රියාව විස්තර කර තිබුනා.මෙම සිදුවීමට විශාල මහජන ප්‍රසාදයක් හිමිව තිබුනා.

කෙසේ වෙතත් මේවන විට චමීර විජේබන්ඩාර මහතාට , ඔහුගේ දෙමාපියන්ට සහ ඔහු හදුනන පුද්ගලයින්ට පොලිසිය විසින් දෛනිකව තොරතුරු ඉල්ලමින් හිංසා කරන තත්වයක් ඇතිව තිබෙනවා.

මේ අනුව පසුගිය 15 දින වැලිමඩ පොලීසිය යැයි කියමින් දෙදෙනෙක් පැමිණ ප්‍රදේශවාසීන්ගෙන් ඔහු ගැන තොරතුරු ඉල්ලා ඇති අතර 16 දිනද පාර්ශව කීපයකින් ඔහු පිළිබදව තොරතුරු සොයා බලා තිබෙනවා.17 දින නැවතත් ග්‍රාම නිලධාරීවරයා හරහා ඔහුගේ තොරතුරු විමසා තිබෙනවා.

මෙම තත්වය තුල මෘදුකාංග ඉංජිනේරුවරයකු වන චමීරට ඔහුගේ දෛනික ව්‍යාපාර කටයුතු වලට පවා බාධා ඇතිව ඇති අතර මෙය ඔහුගේ දෙමාපියන් ටද දැඩි මානසික පීඩාවක් එල්ල කරමින් තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පුරවැසියෙක් වෙත ලබාදී ඇති සාමකාමී අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පවා පොලිස් දෙපාර්තමේන්තුව විසින් වාරණය කරමින් යන බවට මින් පෙනී යන අතර පොලිස් රාජ්‍යයක් නිර්මාණය කරමින් සාමාන්‍ය පුරවැසියන්ට එරෙහිව දියත්ව ඇති මෙම මර්දනයට එරෙහිව එක්වන මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටිමු .

Anuruddha Bandara

02 Feb, 10:36


කොහේ තියෙන නිදහසක් ද?
Are We Really Free?

#Freedom24

Anuruddha Bandara

01 Feb, 06:00


මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පනතට අද දින කතානායකවරයා සිය අත්සන තබා ඇති අතර ඒ අනුව අද සිට එම පනත බලාත්මක වේ.

එනම් අද සිට මෙය රටේ නීතිය ලෙස වලංගු වේ.

මේ පනත මගින් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මෙන්ම ඩිජිටල් ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල විය හැකි බව අපේක්ෂා කෙරේ.

#RepealOSB

Anuruddha Bandara

31 Jan, 14:38


#BreakingNews

ඖෂධ හොරා රජ ගෙදර
හොරු හෙලි කල ක්‍රියාකාරින් හිර ගෙදර

හොරු රකින රනිල් - කෙහෙලිය රකී
ක්‍රියාකාරීන් වහා නිදහස් කරනු

මහාපරිමාණ ඖෂධ වංචාව සහ බාල් ඖෂධ ගෙන්වා ජන ජිවිත හිතාමතා අනතුරේ දැමීම පිළිබදව ප්‍රමාණවත් සාක්ෂි තිබියදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු මහමොළකරුවන් අත් අඩංගුවට ගැනීම CID ය විසින් දිනෙන් දින පැහැර හරිමින් තිබෙනවා.

මීට එරෙහිව අද දින සිවිල් සංවිධාන කිහිපයක් විසින් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබූ අතර අද සවස පොලීසිය විසින් එම ක්‍රියාකාරීන් 15 දෙනාම අත් අඩංගුවට ගත්තේ නිතිය ක්‍රියාත්මක වීමේ අසමානතාවය යලි යලිත් පෙන්වා දෙමින්.

#ArrestKeheliya

Anuruddha Bandara

24 Jan, 09:36


අනුරුද්ධ බණ්ඩාර අපිට තර්ජනය කරනවා - පොහොට්ටු මන්ත්‍රී කියයි...

ඒ අනුව ස්ථාන තුනකදී මගේ නම සදහන් කරමින් එම මන්ත්‍රීවරයා මෙම කතාව සිදු කරන අතර ප්‍රථම ප්‍රකශයට අනුව ඊයේ දින මෙම පනත විවාදයට ගැනීමට පක්ෂව චන්දය දුන් අය පාර්ලිමේන්තු නියැවිය යුතු බව අනිවාර්යයෙන් ම විය යුත්තක් වන අතර ඒ වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටිමි.

දෙවනුව මැයි 09 සම්බන්ධව මා හට කිසිම චෝදනාවක් හෝ අධිකරණ කටයුත්තක් නොමැති අතර එබැවින් එය අසත්‍ය ප්‍රකාශයකි.( එබැවින් මෙම පනතට අනුව මෙම මන්ත්‍රී වරයාගේ ප්‍රකාශය පාර්ලිමේන්තු වෙබ් පිටුවෙන්ද ඇතුකුව සියලු නාලිකා වලින් ඉවත් කල යුතුය)

තෙවනුව මා අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටී. ජනතාව වෙනුවෙන් සත්‍ය කතා කිරීමටත් සිරගත වීමටත් මාගේ බියක් නොමැති අතර හැකි නම් අත් අඩංගුවට ගන්නා ලෙස රජයට අභියෝග කරමි.

OSB පනත ගේන්නෙ ජනතාව වෙනුවෙන් නොව, දූෂිතයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් බවට මෙය හොදම සාක්ෂියක්. මොහු මෙම ප්‍රකාශයේ සදහන් කරන්නේ ජනතාව විසින් මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කල චෝදනා පිළිබදවයි.

ඊලග පාර මේ වගේ ජනතාවිරෝධී අසමත් නියෝජිතයින් පාර්ලිමේන්තු නොයන බවට වගබලාගන්න උපරිමයෙන් ක්‍රියා කරනවා.

අද පනතට අත ඔසවන දූෂිතයින් ගැන මැතිවරණයේදී බලාගමු.💪

(පොඩි පොඩි පසුපෙල මන්ත්‍රීවරුන් බිය කිරීම ට මා හට කාල වේලාවක් නැත)

( මෙම කතාවේ සම්පූර්ණ වීඩියෝව පාර්ලිමේන්තු සජීවී විකාශයෙන් ලබාගත හැක)

#WithdrawOSB

Video -

https://fb.watch/pMz2AXryg3/?mibextid=Nif5oz

Anuruddha Bandara

22 Jan, 18:46


වෙලාව නෑ - බලං ඉන්න
ජනතාවනි - පෙරට එන්න
තක්කඩි මැර - ආණ්ඩුවක්
මර්දනයක් - ගෙනෙයි මෙන්න

මෙන්න යකෝ - ආණ්ඩුවක්
අරුම පුදුම - ආණ්ඩුවක්
ජන මතයක් - අහලක නැති
බලෙන් ලගින - ආණ්ඩුවක්

කාලා ඇඳලා - ඉන්නත් නෑ
මේ බදු බර - දරන්න බෑ
ඉහට උඩින් - යයි බඩු මිල
පොකට් එකේ - හුළනුත් නෑ

රටේ ප්‍රශ්න - ටික අරගෙන
එනකොට අපි - මහ පාරට
කැරකෙනවා - නිල මැස්සෝ
වගෙ පොලිසිය - අපේ අවට

රනිල් රනිල් - මේ අහපං
ඔන්නොය බය - තියාගනිං
උඹ පන්නන - දවස ළඟයි
කොට්ට පැදුරු - අකුළ ගනිං

ATA - අරන් එනවා
පාර දිගේ - වෙඩි තියන්න
OSA - අරන් එන්නෙ
කට වට කර - වැට බඳින්න

පනත් ගෙනෙයි - ඔන්ලයින්
ප්‍රජාතන්ත්‍රෙ - ඔන් ගොයින්
කට ඇරියොත් - කතා කරොත්
යන්නත් බෑ - මග පයින්

මේ සෝෂල් - මීඩියා ටික
මර්දනයට - හපන්නෙ දත
ගොබ්බ රනිල් - මේ අහපං
එන්න එපා - තියන්න අත

පෝස්ට් එකක් - දාන්න බෑ
ආණ්ඩුවට - බනින්න බෑ
ගොබ්බ පනත - ගෙන ආවොත්
වචනවලට - නිදහස නෑ

ජනතාවම - බඩගින්නේ
කට වහගෙන - ඇයි ඉන්නේ
කතා කරන - ලියන කියන
අයිතියටයි - නියවන්නේ

ගනිව් ගනිව් - අකුළ ගනිව්
O.S.A- අකුල ගනිව්
ජනතාවගෙ - කට වහන්න
පනත් අපිට - එපා බොලව්

මර්දනයට - අපි බය නෑ
වෙඩි තිබ්බත් - අපි එනවා
පාලකයනි - ජන බලයෙන්

#WithdrawOSB #NoOSB
තොපේ ගෑස් - බස්සනවා

Anuruddha Bandara

14 Jan, 07:47


දූෂිත ජනාධිපතිවරයෙක්ගේ සෙවනේ වැඩෙන දූෂිත අමාත්‍යවරයෙක් ගේ ඖෂධ වංචාවට ජීවිත වලින් වන්දි ගෙවූ ජනතාවගේ කතාව....

*මළ කෙ( හෙ)ළිය වීදි නාට්‍යය*

*ජනවාරි 16 උදෑසන 11.00 ට*

*කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශය අසල සිට කුරුදුවත්ත පොලිසිය දක්වා වීදි සංචාරය ආරම්භ කරයි*

මෙය නැරඹීමට එක්වන මෙන් සියලුම රටවැසියන්ට ආරාධනා කරන්නෙමු.

Anuruddha Bandara

08 Jan, 15:12


කැබිනට් මණ්ඩල ක්‍රියාපටිපාටිය පවා උල්ලංඝනය කරමින්
ඖෂධ නියාමන අධිකරියේ නියාමන පටිපාටියන් මගහැර *රුපියල් කෝටි 94 ක් වටිනා හියුමන් ඉමියුනිග්ලොබින් ප්‍රතිදේහය* ගෙන්වීමට අවසර ලබාදීම මෙන්ම හිටපු අමාත්‍යංශ ලේකම් වරයා සහ ඖෂධ සමාගමේ හිමිකරු පවා කෙහෙලිය රඹුක්වැල්ල මීට සම්බන්ධ බවට සාක්ෂි ලබාදෙද්දී කෙහෙලිය සැකකරුවකු ලෙස නම් කරමින් අත් අඩංගුවට ගැනීම පමා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.

*ජාතික ලේ බැංකුව නොමග යවමින් ඖෂධ නිශ්පාදනයට අවශ්‍ය ලේ ලබාගෙන ඇති අතර* නිපදවන ලද ඖෂධය කොසිදු ගුණාත්මක භාවයකින් තොර බව හා *HIV වැනි රෝගකාරක සහිත විය හැකි බව ඔප්පු වද්දී එය දැනටමත් රෝගීන් 2000 කට නිකුත් කර අවසන් ය.*

මීට සමගාමීව පිළිකාරෝගීන්ට ලබාදෙන Rituximab ඖෂධ ය මෙම සමාගමෙන් ම මිලට ගැනීමට රුපියල් ලක්ෂ 1027 ක් වියදම් කර ඇති අතර එයද ගුණාත්මක භාවයෙන් තොර බවට සාධක ඉදිරිපත් ඇති තිබේ.

පසුගිය කාලය පුරාවට ඖෂධ ආසාත්මිකතා බවට සැක සහිත මරණ රැසක් වාර්ථා වුවද කිසිවකුට තවමත් යුක්තිය ඉටුව නැත. ලැබුනේ අමාත්‍යවරයාගේ හාස්‍ය පමණි. ඒ අතරතුර *කෙහෙලිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින්නේ රනිල් වික්‍රමසිංහගේ නීති උපදේශක වරයෙකු මෙන්ම NMRA හි අධ්‍යක්ෂ වරයෙකි*. ජනතාවට කිසිදිනක යුක්තිය ඉටු නොවන බව ඉන් පැහැදිලිව පෙනී යයි.

ජනතාව වේලක් හැර වේලක් සපයාගනිමින් අනිසි බදු බරක් ගෙවා දමන්නේ මෙසේ මහජන ජීවිත විනාශ කරමින් බදු මුදල් වංචා කිරීමටද?

මෙම මහාපරිමාණ වංචාවට සහ ජීවිත වලට සෘජුව වගකිව යුතු අමාත්‍යවරයෙක් ලෙස කෙහෙලිය රඹුක්වැල්ල වහාම අත් අඩංගුවට ගත යුතුය. ජනතාවට යුක්තිය ඉටු විය යුතුය

ඒ සදහා බල කෙරෙමින් කෙරෙන සාමකාමී මහජන විරෝධතාවය

*ජනවාරි 09 දින පෙ.ව. 9 ට*
*කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී*
පැවැත්වේ

මේ සදහා සහයෝගය ලබාදෙන මෙන් යුක්තිය වෙනුවෙන් පෙනී සිටින සියලුම පුරවැසියන් , සිවිල් සංවිධාන , වෘත්තීය සමිති පක්ෂ වලින් ඉල්ලා සිටිමු.

#ArrestKeheliya