Neueste Beiträge von BIO CHART AND TABLES👩‍⚕️👨‍⚕️ (@nissankasrbiochart) auf Telegram

BIO CHART AND TABLES👩‍⚕️👨‍⚕️ Telegram-Beiträge

BIO CHART AND TABLES👩‍⚕️👨‍⚕️
How to study biology
6,250 Abonnenten
1,890 Fotos
141 Videos
Zuletzt aktualisiert 01.03.2025 05:51

Ähnliche Kanäle

Aura Notes ✨
15,932 Abonnenten

Der neueste Inhalt, der von BIO CHART AND TABLES👩‍⚕️👨‍⚕️ auf Telegram geteilt wurde.


පාඩම් කරනකොට එන ලොකුම ප්‍රශ්න සහ ඒවට විසඳුම්...✨️

පාඩම් කරගෙන යනකොට ඔයාලට ලෝකෙ නැති ප්‍රශ්න එනවා. Phone එක ගන්න හිතෙනවා, නිදිමතයි, වෙන වෙන ඒවා ඇහෙනවා..... ඔය වගේ හුඟක් ප්‍රශ්න. ඔයාලගෙන් ආපු message, මගෙ අත්දැකීම්; ඔය ඔක්කොමත් එකතු කරලා මං හිතුවා මේ ගැන එක post එකක් ලියනවා කියලා.

ඉතින් අද අපි බලමු මොනාද මේ ප්‍රශ්න කියලා.

🔖01) Phone එක බලන්න හිතෙනවා.

මේ phone එක කිව්වහම හුඟක් දේවල් තියෙනවා.
- සමහරු FB එක පැත්තෙ පොඩ්ඩකට කියලා යනවා. හැබැයි එයා දන්නෙත් නැතුව හෙන වෙලාවක් ඔහේ wall එකේ උඩ පහළ ගිහින්
- නැත්නම් instagram
- එහෙමත් නැත්නම් YouTube එකේ ගිහින් වැඩකටම නැති වීඩියෝ ටිකක් බලලා
- Game එකක් ගහන්න ගිහින්, දන්නෙම නැතුව levels complete කරගෙන ගිහින්; පාඩම් වැඩ අතරමඟ
මට තේරුණ විදිහට phone එකෙන් ගොඩක්ම ලොකු හානියක් වෙන්නෙ ඔන්න ඔය දේවල් ටිකෙන්. ඇත්තටම වෙන්නෙ ඔයාටත් නොදැනීම ඔයාගෙ කාලය ගෙවෙන එක.

🔥විසඳුම;

- පාඩම් කරන වෙලාවට FB/instagram/YouTube යන්න එපා. ඒවට වෙනම වෙලාවක් තියාගන්න.
- Exam එකක් ළඟ එද්දි games uninstall කරන්න.
- Phone එක බලන්න targets දෙන්න. ඒ කියන්නෙ 1st chapter එක ඉවර වුණහම phone එක බලනවා. ආයිමත් 2nd chapter එක ඉවර වුණහම... අන්න ඒ වගේ (හැබැයි මෙතනදි ඒ කාලය මිනිත්තු 5කට සීමා කරගන්න අනිවාර්යයෙන්ම).
- Phone එකෙ පේන්නෙ නැති තැනකින් තියන්න. හුඟක් වෙලාවට ඒක ගන්න හිතෙන්නෙ දකිනකොටනෙ. ඒ නිසා පොත් මේසෙ ලාච්චුවකින්,  අල්මාරියකින්, ඇඳෙන්, පොත් රාක්කෙන් ඔයාගෙ phone එක තියලා තියන්න.

🔖02) නිදිමත.

පුදුම වැඩක් කියන්නෙ, පාඩම් කරන්න පටන් ගත්තහම ඔයාලට කොහෙවත් නැති නිදිමතක් එනවා. තව මේකෙ තියෙන විශේෂත්වය තමයි; පාඩම් කරන එක නවත්තලා වෙන වැඩක් කරනකොට මේ නිදිමත නැතිවෙන එක.

ඒකෙන්ම පේනවා මේක ඇත්තටම නිදිමතටත් වඩා එහා ගිය කම්මැලිකමක් කියලා. මොන දේ වුණත් මං හිතන්නෙ නෑ මේ දේ නිසා ඔයාලා ඔයාලගෙ අධ්‍යාපනය විනාශ කරගන්න ඕන කියලා.

🔥විසඳුම;

- පුළුවන් තරම් වතුර බොන්න. ළඟ වතුර බෝතලයක් තියාගෙන බොන්න. ඒකෙන් ඔයාලව fresh කරනවා. ඔයාලගෙ මතක ශක්තිය වැඩි කරනවා. ඒ වගේම ඒක ඔයාලගෙ සෞඛ්‍යයටත් හොඳටම හොඳයි.
- ඕනවට වඩා සැප පහසුව එපා. ඔයාලටත් මේ ලෙඩේ තියෙනවා නම්; කුෂන් පුටු, කැරකෙන පුටු, AC, fan (හුඟක්ම රස්නෙ නම් ඕන වෙනවා)... වගේ දේවල් හොයන්න එපා. මොකදා ඒකත් ඔයාලට නිදිමත දැනෙන්න එක හේතුවක්.
- ඇඳ පේන්නෙ නැති තැනක්. හුඟක් වෙලාවට ඇඳ පේනකොට නිකන් ඇඳ කතා කරනවා වගේ දැනෙනනවා නම්, නිදිමත වගේ වෙනවා නම් පොත් මේසෙ ඇඳ පේන්නෙ නැති විදිහට තියාගන්න.
- කෑමට පස්සෙ ටිකක් වෙලා ඉන්න. කාපු ගමන් පාඩම් කරන්න එන්න එපා. එහෙම එනවා නම් කෑම ටිකක් අඩුවෙන් කන්න. නැත්නම් ඔයාලට ඊළඟට එන්නෙ බුදිමත. ඒ නිසා කෑවට පස්සෙ ටිකක් ඇවිදලා, පොඩ්ඩක් දුවලා කරලා ආයිමත් පාඩම් කරන්න එන්න.

🔖03) බාලගිරි දෝසෙ.

හුඟක් වෙලාවට ඔයාලා පාඩම් කරන්න හිතනවා, එහෙම නැත්නම් පාඩම් කරන්න පටන් ගන්නවා... ටික වෙලාවකින් හිතනවා 'ඔන්න ඔහෙ අදත් ඉඳලම, හෙට ඉඳන් සුපිරියටම පටන් ගන්නවා' කියලා. හැබැයි වැඩේ කියන්නෙ ඔය හෙට කවදාවත් එන්නෙ නැති එකයි.

ඉතින් මේ දේ නැති කරගන්න පුළුවන් ඔයාලටම තමයි. මොකද targets ඔයාගෙ නම්, ඒ වෙනුවෙන් වැඩ කරන්නත් ඕන ඔයාම තමයි. එහෙම කරන්නෙ නැති නිසා තමයි හුඟක් මිනිස්සුන්ට මහ හුඟක් හීන විතරක් තියෙන්නෙ. ඒ අයට කොච්චර හීන තිබ්බත්, ඒ වෙනුවෙන් වැඩ කරන්න බෑ. ඔයාලටත් පුළුවන් ඔය දෙකෙන් තේරීමක් කරන්න.
- හීන එක්ක මැරිලා යනවද දවසක??
- හීන වෙනුවෙන් මහන්සි වෙලා ඒ හීන හැබෑ කරගෙන මැරිලා යනවද???
කියලා තීරණය වෙන්නෙ ඔයා මතම තමයී.

🔥විසඳුම;

- Study plan එකක් හදාගන්න (හැදුවට වැඩක් නෑ, ඒකෙ තියෙන විදිහට වැඩ කරන්න).
- Timetable එකකට හැඩ ගැහෙන්න. එතකොට ආයාසයක් නැතුව ඔයාලට වැඩ ටික කරගෙන යන්න ඒකට හුරු වෙන්න පුළුවන්.
- ඔයාගෙ dream එක නිතර පේන තැනකින් ගහලා තියාගන්න.
- හිත හිත ඉන්නෙ නැතුව පටන් ගන්න.
- කල්දාන්න හිතෙන හැමවෙලේම කොහොමහරි අල්ලගෙන කරන්න.

ඉතින් මට තේරුණ විදිහට පොදුවෙ ඔයාලා හැමෝටම පාඩම් කරද්දි තියෙන ලොකුම ප්‍රශ්න 03 තමයි මේ. මේ post එකේ මොන දේ ලියලා තිබුණත්, ඔයා මේක කියෙව්වත්, මේ දේවල් කරන හෝ නොකරන එක ඔයාලගෙ අතේ තියෙන තේරීමක්. ඒ වගේම මේ දේවල් කරන්නෙ කොහොමද කියන එකත් ඔයාලම තීරණය කරන්න ඕන දෙයක්.

🧑‍🎓Targets ඔයාලගෙ නම්, ඒ වෙනුවෙන් මහන්සි වෙන්නත් ඕන ඔයාලම තමයී.. ඉතින් අදම පටන් ගන්න..

#motivation  #share
✍🏻 gimhani_senarathne

මේ හැම පාඩමකටම අදාල චැනල් එකේ වෙන වෙනම දාල තියනවා චාර්ට්ස්...

https://t.me/nissankasrbiochart/4

⭕️අමාරුයි මතක හිටින්නේ නෑ කියන බයෝ හොඳට මතක තියා ගන්න විදියක් තමා  චාර්ට් එකක් හදල රූපයක් ඔලුවෙ හදාන පාඩම් කරන එක ඒම හැම පාඩමකටම ලොකු අවබෝධයක් ගන්න පුලුවන් චාර්ට් වගු ගොඩක් තියේ මෙතන ඇවිල්ලම බලන්නකෝ☺️ BIO කරන අයට හුඟක් වැදගත් වෙයි🙃⭕️

මන් හිතන්නෙ 2025 , 2026 ලමයි මේකෙ අඩුයි... දන්න අඳුරන ලමයි ඉන්නව නම් ලින්ක් එක යවන්න... ඒත් එක්කම මන් චැනල් එකේ පලවෙනි මැසේජ් එකේ ලින්ක් එක දාන්නම් උඩ ඉඳල පහලට යනකම් චාර්ට් ඒම ගොඩක් තියනවා....

බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් වගේ 🙂

වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩිවන ආකාරය

ආධ්‍යාත්මික සුවය...😁

මේක නම් සිරා කතාව හැබැයි...😂

Never give up... sweet dreams
gunabusa..😽

ඇත්තටම මේ වන විට අපේ නිස්සංක සර්ගෙ දේසපාලන මතවාදය කලින් එකමද...?

කාටද සර් මේ දවස් වල බනින්නෙ ඒම😂