Latest Posts from 2021 Biology Methmal Jayasekara (@methmalbiology2021) on Telegram

2021 Biology Methmal Jayasekara Telegram Posts

2021 Biology Methmal Jayasekara
1,599 Subscribers
372 Photos
10 Videos
Last Updated 12.03.2025 18:18

The latest content shared by 2021 Biology Methmal Jayasekara on Telegram

2021 Biology Methmal Jayasekara

16 Feb, 14:45

72

📚Biology - 2025 උසස් පෙළ දරුවන් සඳහා මේ වන විට,
🔴Unit 01
🟠Unit 02
🟡Unit 03
🟢Unit 04
🔵Unit 05

🧠 විෂය නිර්දේශයේ දැවැන්තම ඒකකය වන සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරීත්වය පාඩමද ඇතුළුව මුල් ඒකක පහට අදාළ සම්පූර්ණ සිද්ධාන්ත, දරුවන්ගේම අත් අකුරින් ලියවෙන අංගසම්පූර්ණ සටහනක් සමඟින් මේ වන විට අධ්‍ය‍යනය කර අවසන්! එම ඒකක වලට අදාළ සියලුම ප්‍රායෝගික පරීක්ෂණද, ප්‍රශ්න රටාවන්ද සාකච්ඡා කර අවසන්. පැය පහ - සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර ලියමින්, සතිපතා වැරදි අඩුපාඩු නිවැරදි කරගනිමින්, තම විභාග පුහුණුව උපරිමයෙන් ලබමින් විෂයේ විශිෂ්ටයන් බවට අපේ දරුවන් දැනටමත් පත්වී අවසන්... 📝

⚖️විෂයේ මුල මැද අග සමබරව සහ එක ලෙස ඉගෙනගන්න. අවසන් ඒකක වලට සම අවදානය දෙමින් නියමිත දැනුම නියමිත වේගයෙන් ලබාගන්න...

🚨අවසන් ඒකක ආරම්භය... (ප්‍රවේණි විද්‍යාව සහ පාරිසරික ජීව විද්‍යාවෙන් ආරම්භ වේ. ඉන්පසු අණුක ජීව විද්‍යාව, ක්ෂුද්‍ර ජීව විද්‍යාව සහ ව්‍යවහාරික ජීව විද්‍යාව...)

🍀Physical Classes
🔴Apex - මාතර
🧬Unit 06 - ප්‍රවේණි විද්‍යාව - පෙබරවාරි 23 ඉරිදා පෙ.ව. 7.30 - ප.ව. 12.00
🌳Unit 08 - පාරිසරික ජීව විද්‍යාව - පෙබරවාරි 18 අඟහරුවාදා පෙ.ව. 7.30 - ප.ව. 2.00
📝Paper class - සෑම සඳුදාම පෙ.ව. 7.30 - ප.ව. 2.00

🔴නැණාරා - තංගල්ල
🧬Unit 06 - ප්‍රවේණි විද්‍යාව - පෙබරවාරි 22 සෙනසුරාදා පෙ.ව. 7.30 - ප.ව. 12.00
🌳Unit 08 - පාරිසරික ජීව විද්‍යාව - පෙබරවාරි 25 අඟහරුවාදා පෙ.ව. 7.30 - ප.ව. 2.00
📝Paper class - සෑම බදාදාම පෙ.ව. 7.30 - ප.ව. 2.00

🍀Online class
🔴Apexonline.lk
🧬Unit 06 - ප්‍රවේණි විද්‍යාව - පෙබරවාරි 23 ඉරිදා පෙ.ව. 7.30 - ප.ව. 12.00
🌳Unit 08 - පාරිසරික ජීව විද්‍යාව - පෙබරවාරි 18 අඟහරුවාදා පෙ.ව. 7.30 - ප.ව. 2.00 (සඳුදා සවස 2.30ට Replay classද පැවැත්වේ.)
📝Paper class - සෑම අඟහරුවාදාම ප.ව. 7.00ට

💻Online දරුවන් සඳහා පහසු ඕනෑම වේලාවකදී Video පාඩම් වශයෙන් නැරඹීමේ පහසුකමද සළසාදී ඇත. 🖥
☎️සියළුම විමසීම් - 070 222 9 555
2021 Biology Methmal Jayasekara

28 Jan, 05:21

149

🏆2024 Biology Olympiad Results 🏆
🎯ජීව විද්‍යාව විෂය ධාරාවේ දිවයින පුරා විසිර සිටින සිසු දරුදැරියන් මුහුණ දෙන ජීව විද්‍යාව ඔලිම්පියාඩ් තරඟාවලිය 2024 වර්ෂය සඳහා පසුගිය නොවැම්බර් මස පැවතුන අතර එහි ප්‍රතිඵල මේ වන විට නිකුත්වී තිබෙනවා. පසුගිය සෑම වසරකදී මෙන්ම මෙවරත් අපගෙන් විෂය ප්‍රගුණ කල දරුවන් රැසක් පදක්කම් සහ සහතිකපත්‍ර ජයග්‍රහණය කර තිබෙනු දැකීම අපට ඉමහත් සතුටක්!

🥇Gold medal -
🔴උවිනි ජයෝද්‍යා - මාතර සුජාතා විද්‍යාලය

🥈Silver medals -
🔴අචින්ත උවසර - වීරකැටිය මධ්‍ය විද්‍යාලය
🔴චෙනුලි දිනයනී - වීරකැටිය මධ්‍ය විද්‍යාලය

🥉Bronze medals -
🔴සහන් දීඝායු රණතුංග - මාතර රාහුල විද්‍යාලය
🔴අචින්ත සඳරුවන් - දෙබරවැව ජාතික පාසල
🔴බිම්සර රවිශාන් - වලස්මුල්ල ජාතික පාසල

🎫Merit awards -
🔴දුලිත් වින්සුක - කොළඹ ආනන්ද විද්‍යාලය
🔴ගිත්මා හෂ්මින්දි - මාතර සුජාතා විද්‍යාලය
🔴පහන්මා අභිරුවී - මාතර සුජාතා විද්‍යාලය

🏆මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වල රන්, රිදී සහ ලෝකඩ යන සියලු පදක්කම් ජයග්‍රහණය කල සියලුම දරුවන් අපගේ පන්තියේ සාමාජිකයන් වීම අපට ඉමහත් සතුටක් සහ ආඩම්බරයකි!

🎖ගුරුවරු කොතෙක් ඇතත්, පන්ති කොතෙක් ඇතත්, ජීව විද්‍යාව විෂය සඳහා දිවයිනේ විශිෂ්ටයන් තෝරන විභාගයෙන් හොඳම ප්‍රතිඵල ලද, ප්‍රදේශයේ සියලුම දරුවන් එකම පන්තියක පමණක් වීම අහඹුවක්ද, විශිෂ්ටත්වයේ සලකුණක්ද යනවග තීරණය කිරීම ඔබ සතුයි...💐
2021 Biology Methmal Jayasekara

23 Nov, 19:09

320

🔴 2024 ජීව විද්‍යාව - රචනා ප්‍රශ්න
🩺 දිවයිනේ පළාත් නවයේම සහ ප්‍රධානතම පාසල් කිහිපයක 2024 අවසන් ප්‍රශ්න පත්‍රවල ලැබුණු රචනා ප්‍රශ්න, ප්‍රශ්න අංකය සහ ඒකකය අනුව වර්ගකර මෙහි දක්වා ඇත. අවසන් මොහොතේ රචනා ප්‍රශ්න සඳහා වැඩියෙන් අධ්‍ය‍යනය කලයුතු විෂය කොටස් පිලිබඳව ඉන් අදහසක් ලබාගන්න.
🚨 යහලුවන් සමඟ බෙදාගන්න.
2021 Biology Methmal Jayasekara

29 Oct, 02:32

477

🩺🦠🧬 ජීව විද්‍යාව විෂය තුළ විභාගයට ලැබිය හැකි සියලු ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න විභාගයට පෙර දකින්න...
ප්‍රශ්නය සහ ඊට ලිවිය යුතු නිරවද්‍ය පිළිතුර එකවිට එකවර පහසුවෙන් පාඩම් කරන්න...

🔴 නවතම ප්‍රශ්න සහිතව, නව සම්පත් පොතට අනුව සංශෝධිත ආවර්ජනා ග්‍රන්ථ යුගළයම (12 ශ්‍රේණිය සහ 13 ශ්‍රේණිය) දැන් පහත දැක්වෙන ආයතනවලින් ලබාගත හැක 🔴

🟠 සැසිප් - නුගේගොඩ
🟡 Apex - මාතර
🟢 නැණාරා - තංගල්ල

🔵 එක් පොත මිල රු.1500කි.
🔵 දිවයිනේ ඕනෑම දරුවකුට 070 222 9 555 අංකය ඇමතීමෙන් ApexOnline store හරහා මෙම ග්‍රන්ථ නිවසටම ගෙන්වාගත හැක (තැපැල් ගාස්තු අදාළ වේ.)
2021 Biology Methmal Jayasekara

28 Oct, 14:37

352

🎯 ඕනෑම දරුවෙකුට නොමිලේ සහභාගි විය හැකි දිවයිනේ විශාලතම සහ විශිෂ්ටතම ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍ර අත්දැකීම! 🩺❤️

📝 බහුවරණ ප්‍රශ්න 50ක්, ව්‍යුහගත රචනා ප්‍රශ්න 4ක් සහ රචනා ප්‍රශ්න 6ක් වශයෙන් 100%ක්ම විභාගයට අනුරූප ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සපයා ඔබේ දැනුම මැන ගැනීමට, දිස්ත්‍රික් සහ දිවයිනේ කුසලතාවය දැනගැනීමට ලැබෙන මහඟු අවස්ථාව... 🥇🥈🥉

🚨📈 එකම දිනකදී, එකම වේලාවකට,
දිවයිනේ ප්‍රධාන නගර තුනක,
විභාග මධ්‍යස්ථාන ත්‍රිත්වයක සහ Online ලෙස!
🏆 විභාගයට පෙර විභාගය දකින්න හුරු කරවන,
දිවයිනේ විශාලතම ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍ර අත්දැකීම!

🔴 2025 A/L – Complete Assessment Test (CAT Exam 03) 🔴
🩺 ඔක්තෝම්බර් 31 - බ්‍රහස්පතින්දා (පාසල් නිවාඩු දිනයකි.)
පෙ.ව. 8.00 සිට ප.ව. 2.00 දක්වා 🩺
🧠 සැසිප් - නුගේගොඩ
🧠 Apex (ගුරුකුල ශාලාව) - මාතර
🧠 නැණාරා - තංගල්ල
🧠 Apexonline.lk

🔴 සියලු විස්තර සඳහා විමසන්න - 070 222 9 555

🔴 දැනට අපගේ 2025 Theory පන්ති සමඟ එක්වී සිටින දරුවන්ට මෙන්ම මෙම ප්‍රශ්න පත්‍රය සඳහා එක්වීමට බලාපොරොත්තු වන නවක දරුවන්ටද එම දිනයේදී අදාළ විභාග මධ්‍යස්ථානවලදී ප්‍රශ්න පත්‍රය ලිවීමට එක්විය හැක.

🟠 දැනට අප විසින් 2025 පන්තිය තුළ පස්වන ඒකකයේ ශ්වසන පද්ධතිය කොටස අවසන් වන තෙක් සිද්ධාන්ත අධ්‍ය‍යනය කර ඇති අතර ඒ දක්වා වන සියලු විෂය කොටස් මෙම ප්‍රශ්න පත්‍රයට අදාළ වේ.

නොවැම්බර් මස මුල් සතියේ සිට 🦠 ප්‍රතිශක්තිය 💉 - නව කොටස ඉගැන්වීම ආරම්භ වේ.

🔴 Please share with your friends 🔴
2021 Biology Methmal Jayasekara

20 Aug, 15:52

559

https://youtu.be/xwltYsk-Elc
2021 Biology Methmal Jayasekara

04 Jul, 17:39

759

🔴 පෙර මුද්‍රණ වාරයේ සියළුම පොත් ඉතා ඉක්මනින් අවසන් වීම නිසා ආවර්ජනා පොත් ලබා ගැනීමට නොහැකිවූ දරුවන්ට පහත දැක්වෙන ක්‍රම ඔස්සේ දැන් නැවතත් පොත් ලබාගත හැක.

🩺🦠🧬 ජීව විද්‍යාව විෂය තුළ විභාගයට ලැබිය හැකි සියලු ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න විභාගයට පෙර දකින්න...
ප්‍රශ්නය සහ ඊට ලිවිය යුතු නිරවද්‍ය පිළිතුර එකම පොතකින්, පහසුවෙන් පාඩම් කරන්න...

🔴 නවතම ප්‍රශ්න සහිතව, නව සම්පත් පොතට අනුව සංශෝධිත ආවර්ජනා ග්‍රන්ථය දැන් පහත දැක්වෙන ආයතනවලින් ලබාගත හැක. පිටු 224කින් සමන්විත මෙම ග්‍රන්ථය 12 ශ්‍රේණියට අදාළ සියලුම ඒකක ආවරණය කරන අතර එවැනිම තවත් ග්‍රන්ථයකින් 13 ශ්‍රේණියේ සියලුම ඒකක ආවරණය කෙරෙනු ඇත. 🔴

🟠 සැසිප් - නුගේගොඩ
🟡 Apex - මාතර
🟢 නැණාරා - තංගල්ල

🔵 දිවයිනේ ඕනෑම දරුවකුට 070 222 9 555 අංකය ඇමතීමෙන් ApexOnline store හරහා මෙම ග්‍රන්ථය නිවසටම ගෙන්වාගත හැක.
🔵 ඔබ විසින් මුද්‍රණ වියදම් දැරීමේදී වැයවන මුදලට වඩා ඉතා අඩු මිලකට, එනම් රු.1200කට දැන් මෙම ග්‍රන්ථය ලබාගත හැක.
2021 Biology Methmal Jayasekara

25 Jun, 09:08

650

🚨📈 Biology Paper class 2024 - Complete Assessment Test - (CAT Exam) - 14 - *MCQ* paper ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැකි විභාග මධ්‍යස්ථාන සහ දිනයන් පහත පරිදි වේ.

🔴 සැසිප් - නුගේගොඩ ජුනි 28 සිකුරාදා ප.ව. 2.30

🔴 Apex - මාතර (ගුරුකුල ශාලාව) - ජුලි 01 සඳුදා ප.ව. 2.30

🔴 නැණාරා - තංගල්ල - ජුනි 26 බදාදා පෙ.ව. 8.00

🔴 ApexOnline.lk - ජුලි 01 සඳුදා ප.ව. 2.30 සිට ජුලි 02   අඟහරුවාදා ප.ව. 6.00 දක්වා ඕනෑම පැය දෙකකදී.

සියලු විමසීම් - 070 222 9 555
2021 Biology Methmal Jayasekara

18 Jun, 15:58

745

🚨📈 Biology Paper class 2023 - Complete Assessment Test - (CAT Exam) - 14 - 2nd paper ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැකි විභාග මධ්‍යස්ථාන සහ දිනයන් පහත පරිදි වේ.

🔴 සැසිප් - නුගේගොඩ - ජුනි 28 සිකුරාදා ප.ව. 2.30

(ජුනි 21 වන දිනට යෙදී ඇති පොසොන් පොහොය නිසා එදින පන්ති නොපැවැත්වේ)

🔴 Apex (ගුරුකුල ශාලාව) - මාතර - ජුනි 24 සඳුදා ප.ව. 2.15

🔴 නැණාරා - තංගල්ල - ජුනි 19  බදාදා පෙ.ව. 8.00

🔴ApexOnline.lk - ජුනි 24 සඳුදා ප.ව. 2.30 සිට 25 අඟහරුවාදා ප.ව. 6.00 දක්වා ඕනෑම පැය තුනකදී.

සියලු විමසීම් - 070 222 9 555
2021 Biology Methmal Jayasekara

12 Jun, 15:17

578

🔴 පන්තිය පිරෙන්න 2026 දරුවන්, Stage එක පිරෙන්න 2023 Ranks! 🩺❤️